Thursday, October 24, 2013

නොමිලේ ජීවිත කාලයටම ඕනෑම Software එකක් තියා ගමු..


ඉතින් යාලුවනේ ඉදල ඉදල හිතුන හොද ලිපියක් ලියන්න ඕනේ කියල. මේ ලිපිය කියවන ඔයාලට අද ඉදන් සුපිරි හැකියාවක් ලැබෙනව. ඒ තමයි නොමිලේ ලෝකේ තියෙන ඕනෑම Software එකක් භාවිතාකිරීමේ හැකියාවක් ඔයාට ලැබෙනව. මෙතනදි මම ලැබූ අත්දැකීම් තමයි මම ඔයාලට දෙන්නේ.. ඒ වගේම තමයි මීට වඩා හොද ක්‍රම දන්න අයත් ඇති.. ඉතින් ඔය මුකුත්ම දන්නේ නැති අයට නම් මේ ලිපිය ගොඩක්ම වටිනව..

ඔයාල අපි හැමෝම දන්න දෙයක් තමයි පරිගනකයක වැඩ කරන්න නම් Software ඕන වෙනවා.. සිංදුවක් අහන්න Player එකක් ඕන වෙනවා.. එතකොට චිත්‍රයක් අදින්න MS Paint වගේ එකක්,, තව ගත්තොත් අකුරු මොනා හරි type කරගන්න Word Pad වගේ එකක්.. හ්ම්..... හොදයි එත් මේ Windows එක්ක දෙන Application වලට අමතරව, අපිට එහාට ගිය එහෙමත් නැත්තන් සාමාන්‍ය Windows පද්දතියෙන් කරගන්න බැරි කාර්යන් කර ගන්න අපිට අමතර Software's පරිගනකයට ස්තාපිත කර ගන්න වෙනව.. නමුත් Software අපි සල්ලි දීල ගන්න ඕනේ.. එත් මම දන්නේ නැද්ද අපේ අය ගන්න software.. 

ඇයි අපි Software සල්ලි දීල ගන්නේ.

සමහරු හිතන්නේ මේ Software කියන දේවල් ඉබේ අහසින් වැස්සත් එක්ක වැටෙන ඒව කියල.. මතක තියා ගන්න මේ Software නිර්මානය කරන්නෙත් අපි වගේම මිනිස්සු ටිකක්.. එයාලට මේ සදහා මහන්සි වෙන්න වෙනව.. යම් කාලයක් වැය කරන්න වෙනව. සමහර විට එක මෘදුකාංගයක් නිර්මානය කරන්නේ එක්කෙනෙක් දෙන්නෙක් නොවෙන්න පුලුවන්. ඊට වඩා වැඩි පිරිසක් එක්වෙලා හදනව වෙන්න පුලුවන්. ඉතින් එයාලගේ මහන්සියට අපි ගෙවන්න ඔනේ.. ඔන්න ඔය නිසයි මෘදුකාංග නිකන් අපිට දෙන්නේ නැත්තේ..

බොහෝ වෙලාවට මෙහෙම හදන මෘදුකාංග වල අත්හදා බැලීමේ සංස්කරන(Trial) නිකුත් කරනවා. ඒවා බොහෝ වෙලාවට නිශ්චිත කාල සීමාවක් හෝ දින සීමාවක් තුල පමනයි.. ගොඩක් වෙලාවට ස්තාපිත කරල දවස් 15 ක් හෝ 30 ක් තුල පමක් භාවිතා කරන්න දෙන්නේ.. සමහර මෘදුකාංග එහෙම දින ගනනකට යටත් නොකර ලබා දෙන සේවාවන් පමනක් සීමා කරන අවස්තාත් තියෙනව (demo version).. 

නොමිලේ දෙන Software නැද්ද. 

මොකද නැත්තේ.. ඕන තරම් තියෙනව.. මගේ Lion Dictionary එකත් ඒවගේනේ.. අපි මේවට Freeware කියල කියනව.. ඒ නොමිලේ දෙන නිසා.. ගොඩක් වෙලාවට ඉතින් මේ වගේ Software වල පහසුකම් අඩුයි.. අනික මේව නිකන් හදන නිසා Develop වීම ගොඩක් අඩුයි.

කොහොම නමුත් අපි ඉතින් දුප්පත් අයනේ.. අපිට කොහින්ද ඕව ගන්න සල්ලි.. ඒ නිසා ලංකාවේ ගොඩ සල්ලි දීල Software ගන්නේ නැහැ.. ඉතින් ගොඩක් වෙලාවට කරන්නේ හොර පාරෙන් ගිහින් Software ගන්න එකනේ..
…අන්තර්ජාලයෙන් පහසුවෙන් ඕනෑම Software එකක් සොයා ගන්න පුලුවන්.. නමුත් මේ Download කරන Software එක Activate කරගන්න ඕනේ.. නැත්තන් හැමදාටම තියා ගන්න බැරි වෙනව. ඉතින් කරන්න තියෙන හොදම එක තමයි Download කරන කොට Serial Numbers, Crack, Key-gen,Patch සමග Download කරන එක.


ඉතින්න මම ඔයාලව අද මෙහෙය වන්නේ අන්න ඒ විදියට Software එකක් සම්පූර්නයෙන්ම Download කරන්නේ කොහොමද කියන තැනට.. ඒ වගේම විවිද උපක්‍රම යොදාගෙන ඒ Software ජීවිත කාලයටම තියා ගන්නේ කොහොමද කියල කියල දෙන්න.

පුලුවන් තරම් හරි පාරෙන්ම ගන්න බලන්න! 

නිල වෙබ් අඩවියෙන් Download කිරීමේ ක්‍රමය. මෘදුකාංග හොර පාරෙන් ගන්න එක එක්තරා විදියක අවදානම් සහගත වැඩක්.. මේ මෘදුකාංග අපි අදාල සමාගමෙන් ගන්න එකක් නෙමේ.. ඒ නිසා අන්තර්ගතය පිලිබදව ඔයාට 100% ක් විශ්වාස කරන්න පුලුවන්ද.. අන්න ඒ නිසා ඉස්සෙල්ලම බලන්න මේ මෘදුකාංගය ඔයාට අදාල සමාගමේ නිල වෙබ් පිටුවෙන්ම Download කරගන්න පුලුවන්ද කියල. ඊට පස්සේ අදාල Serial No එක පමනක් වෙනමම සොයන්න උත්සහ කරන්න.. දන්නෙම නැතුව ඔයා Original Software එකක හිමිකාරයෙක් වෙනව නේද.. 

මම මේ විදියට Adobe Photoshop Avast වගේ මෘදුකාංග Download කරල තියෙනව .  ඊට පස්සේ කොහොමද Serial එක හොයා ගන්නේ.. මේ සදහා ඔයා ඉස්සෙල්ලම යන්න YouTube වලට. Google වල ගහන්න යන්න එපා අර software එකේ Serial no එක ඔනේ,, මේකෙ ඕනේ කියල. එතකොට ගොඩක් වෙලාවට ඔයා නොමග යන එක විතරය් වෙන්නේ.. මම දන්නව YouTube කියන්නේ Video ඇතුලත් වෙබ් අඩවියක්. කිසි කෙනෙක් මේ වෙබ් අඩවි වල Software Serial No වගේ දේවල් තියෙනව කියල විශ්වාස කරන්නේ නෑ.. ඒ උනාට තියෙනව. ගොඩක් අය Video එකට පහලින් Serial No සෙට් එකම දාල තියෙන වෙලාවල් තියෙනව.

Serial No ගැන කියන කොට තවත් රස්වත් දෙයක් තියෙනව කියන්න.. එච්චරම රස නැති උනත් මතක තියා ගන්න Serial No එක බොහෝ වෙලාවට අදාල Software එකේ Version එක මත රදා පවතිනව.. නිකන් හිතමු Avast 6.1.2 කියල.. ඒත් ඔයා හොයා ගත්ත Serial එක 6.1.0 උනොත් සමහර වෙලාවට වැඩ නැති වෙන්න පුලුවන්.. අ නිසා Serial හොයන කොට හරියටම Version එකට අනුව හොයන්න උත්සහ ගන්න.
නමුත් ඔය Adobe කට්ටිය එහෙම CS2,CS3-- CS6 වගේ තමයි Serial ලබා දෙන්නේ.. Corral සමාගමත් එහෙමයි.. X6,X7 විදියට තමයි දෙන්නේ.. ඔන්න ඉතින් ඒ කතාවත් ඉවරායි...

Blog සේවා මගින්
පලමුව මම කියල දුන්න ක්‍රමයට ඔයාට Software එක හොයා ගන්න බැරුව ගියාද. බය වෙන්න එපා.. අපි දෙවන ක්‍රමය දියත් කරමු. මගේ මිතුරනි,, ලොකේ හොර Software ලස්සනට Promote කරන ස්තාන අතරින් Blog අඩවි වලට හිමි වන්නේ සුවිශේෂී ස්තානයක්. ගොඩක් වෙලාවට Blog කරන අය Software එක විතරක් දාල නිකන් ඉන්නේ නෑ.. ඒ සමගම Serial No හෝ Activate කරන්න පුලුවන් මොකක් හරි දෙයක් ඇතුලත් කරල තමයි තමන්ගේ blog වලට දාන්නේ.. ඒ නිසා අපි දෙවනුව Blog වල  පිහිට පතමු. හිතන්න ඔයාට ඕන වෙන්නේ Internet Download Manager 7 කියල. යන්න Google වලට , සෙවීමේ විදානය මේ විදියට ඇතුලත් කරන්න."internet download manager full version free download blog ". ඔහොම දුන්නම අපේ Google දෙයියා අපි දුන්න යෙදුමට අනුකූල Blog site ටික ලස්සනටම දෙනව.. ඔයත් උත්සහ කරල බලන්න. full version free download blog කියන එක තමා ඇත්තටම එකතු කල යුතු කොටස..

4shared මගින්
ඊලගට ඔන්න මම ඔයාලට අපූරු වෙබ් අඩවියක් හදුන්වල දෙනව. නම 4shared. නමෙන්ම කිය වෙන්නේ ඔබ වෙනුවෙන් ලබා දුන්නු කියන අදහසනේ.. ඇත්තටම මේ වෙබ් අඩවිය මගින් මම ගොඩක් Software Download කරල තියෙනව. අනිවාර්යෙන්ම ඔයා හොයන දේ තියෙනව කියල මම කියන්නේ නෑ.. නමුත් බොහෝ දුරට තියෙන්න පුලුවන්. Android දුරකතන වලට පවා Apps මෙකෙ තියෙනව. උත්සහ කරල බලන්න.

Torrent සේවාව මගින්
Torrent භාවිතා කරන විදිය ගැන නම් කියල දෙන්න යන්නේ නෑ.. ඒත් ඇත්තටම Torrent කියන්නේ හොදම තැන Software Download කරන්න. 95% ක විතර සම්භාවිතාවයක් තියෙනව ඔයා සොයන Software එක ලබා දීමට. ඒ වගේම ඔයාට පලමු ක්‍රමයේදී සිදුකල Serial No සොයන්නත් මේ වැඩේ කරන්න පුලුවන්. කට්ටිය දැන් අහයි ඇයි ඉතින් ඕක කලින් දැම්මේ නැත්තේ කියල. ඇත්තටම මට ඕන උනේ Software එක Download කරන්න පුලුවන් ලේසිම ක්‍රමයක් කියල දෙන එක නෙමේ.. හොදම ක්‍රම ටික කියල දෙන එක. පලමු පියවර සිදු කලානම් ඔයාට Original ම Software එක ගන්න පුලුවන්. නමුත් torrent භාවිතා කලාම එහෙම කරන්න පුලුවන්ද. අනිත් කරුන බොහෝ දෙනෙකු torrent Use කරන්න දන්නේ නැහැ, තව කරුනක් තමයි Torrent වලින් යමක් Download වෙන කාලය අපිට විශ්වාස කරන්න බැහැ.. ඔන්න ඔය ප්‍රශ්න නිසා තමයි මම torrent මුලදිම දැම්මේ නැත්තේ.. 

මේ ඔක්කොම හරි ගියේ නැත්තන් මොකද කරන්නේ.

බොහොම කලාතුරකින් සිදුවෙන්න පුලුවන් කරුනක්. බොහෝ වෙලාවට මේ අපහසු තාවය ඇතිවෙන්නේ එච්චරම ප්‍රසිද්ද නැති Software සොයන්න යන වෙලාවට.. 

Expiry time එක දිග් ගැස්සවීම.
ඒ මොකක්ද අප්පේ.. අපිට පුලුවන් Software එකක් භාවිතා කරල Trial Software එකක කල් ඉකුත් වීමේ ක්‍රියාවලිය දිග්ගස්සන්න. මේ සදහා Time Stopper කියල පොඩි වැඩසටහනක් තියෙනව. ඒකෙන් පුලුවන් දින 30 කින් නැතිවෙලා යන Software එකේ ඒ කල් ඉකුත් වීමේ ක්‍රියා වලිය දිගු කරන්න. එක්කො නවත්තන්න. අව්ලකට තියෙන්නේ ඉතින් හැමදාම Trial Software එකක වැඩ කරන්න සිදුවීම.



Wednesday, October 23, 2013

gta android ෆෝන් එකෙන් ගහමු

ඔන්න අපේ චින්තයියගේ බ්ලොග් එකේ මගේ පලවෙනි ලිපිය . වැඩි පම්පෝරි නෑ  හරිද ..පලවෙනි ලිපිය නිසා. මම හිතුවා අපේ android use කරන අපේ කට්ටියට  පොඩි game එකක් දෙන්න. පොඩි කීවට පොඩිම නැ  ඉතින් 650 mb විතර තියනවා . game එක තමා gta 3 ෆුල් game එකම හොඳේ  චුට්ටක් නෙවේ එහෙනම් පහල තියන ස්ටෙප් වලට අනුව  ඔයාගේ 4න් එකට මේ game එක දා ගන්න . ඊට කලින් කියන්න ඕනේ මේකේ ප්ක game එක සිංහලට හඬ කවලා තියන්නේ .. මේකත් මම ට්‍රයි  කරා මොකක් හරි ජිල්මාට් පාරක් දාන්න හරි ගියේ නැ තව ට්‍රයි  කරන්නම් හරි ගියොත් ඔයාලටත් කියන්නම්කො ...



01). gta 3.apk 

උඩින් තියන apk ෆයිල් එක බාගෙන ඔයාගේ android 4න් එකට install කරගන්න ඊට පස්සේ ඔයාගේ sd කාඩ් එකේ Android > data > com.rockstar.gta3 > files > GTA3 කියන පාත් එකට zip  ෆයිල්  එකේ තියන data unzip  කර ගන්න . දැන් ඉතින් වැඩේ ඉවරයි . play කරලා බලන්නකෝ එහෙනම් .. මම නම් ටිකක් සෙල්ලම් කරා එල කිරි ආ .. මොකක් හරි අවුලක් ගියොත් cmnt එකක් දාන්නකෝ .. 

Tuesday, October 22, 2013

Software Serial Numbers මිලියනයක් Schoollk වෙතින්ම පමනයි.


ඉතින් යාලුවනේ ගොඩ දවසකට පස්සේ තමයි මම schoollk පැත්තට ආවේ.. ඉතින් හැම දාම වගේ වටින කියන දෙයක්, මගේම දෙයක්.. ටිකක් අමුතු දෙයක් දෙන්න ඔනේ කියල හිතුන. ඔන්න මම අද දෙන්න යන්නේ එසේ මෙසේ දෙයක් නෙමේ.. ලෝකයේ තියෙන විවිද මෘදුකාංග රැසක serial no මිලියනයක් ඔන්න මම ඔයාලට දෙන්නයි යන්නේ. ඉතින් මේ ෆයිල් එක මට ලැබුනේ නම් ගොඩක් ඉස්සර. ඒකත් කියන්න එපැයි. මට මතක හැටියට මම A/L ලියන කාලේ.. ඒ කියන්නේ 2008 වගේ.. ඉතින් මේ අද ඊයේ ආපු software වල Serial නැති වෙන්න පුලුවන්.. ඒ උනාට මට විටින් විට මේ ෆයිල් එක ඕන වෙච්ච වෙලාවල් නම් අනන්තයි.. එපා කියල අහක දාන්න එපා.. මේක එච්චර ලොකු File එකක් නෙමේ . ඉතින් කැමති අය Download කර ගන්න.


… …… … …

Monday, October 14, 2013

SCHOOLLK ලිපි 100 සම්පූර්න කල වගයි..



ඉතින් මගේ ආදරනීය මිතුරු මිතුරියනේ.. දන්නෙම නැතුව මගේ බ්ලොග් එකට මම ලිපි 100 ක් ඇතුලත් කරල... ඉතින් පුංචිම පුංචි ආඩම්බර කමක් සිතට නැගෙනව.. මම ආපු ගමන ගැන ආපසු හැරිල බැලුවම.
…Schoollk බ්ලොග් අඩවිය මම මුලින්ම ආරම්භ කලේ 2011 වසරේදී.. ඒ මගේ හොදම මිතුරෙකු වන එරන්ග සමග. එරන්ගත් වෙනමම බ්ලොග් එකක් හැදුව.. මමත් මගේ පාඩුවේ බ්ලොග් එකක් හැදුවා.. මම මුලින්ම මගේ බ්ලොග් එකට දාපු නම තමයි Nanosoft කියල.. කොහොමත් ඒ කාලේ ඉදන් මට සොෆ්ට්වෙයා හදන පිස්සුවක් තිබ්බ සැරටම.. ඉතින් මම විටින් විට නිර්මානය කරන මෘදුකාංග වලට පොඩි පබ්ලිශ් පාරක් දාගන්න තමයි මේ බ්ලොග් එක පටන් ගත්තේ.. බ්ලොග් එක පටන් අරගත්තු මුල් කාලය නම් හරිම උදාසීනයි.. ලිපි 10ක් 20ක් දානකන් එක Comment එකක් වත් ලැබුනේ නෑ.. කියන්න දුක හිතෙන අනිත් කතාව තමා මුල්ම කාලේ එක දිනකට නෙමේ මුලු මාසෙටම මගේ බ්ලොග් එකට ආපු ගනන එක අතක ඇගිලි ගානටත් වඩා අඩු වුනා.. ඒත් මම මගේ පාඩුවේ මගේ දැනුම පුලුවන් තරන් ලිපි බවට පත්කරමින් මගේ බ්ලොග් එක හරහා ප්‍රචාරය කලා.. 

මුල්ම comment එක මොකක්ද කියල මට හරියටම මතක නෑ.. නමුත් ඒක දැක්කම මට ලොකු සතුටක් නම් ඇති උනා කියල මතකයි.. 2012 වසරේදී අපහු මම නම වෙනස් කරල "ලොවෙත් නැහැ" කියල බ්ලොග් එක නම් කරනව.. මටත් පිස්සු බොලන්.. ලොවෙත් නැති බ්ලොග් එක නැගල යන්න පටන් ගත්ත.. නමුත් මට මේ නම ටික කාලයක් යන කොට හොද නෑ කියල තේරුන නිසා නම වෙනස් කල අද මේ ඔයාල දන්න SCHOOLLK බවට.
 
Schoollk blog එකට ලිපියක් ලියන්න ඉස්සෙල්ලා මම ඒ මාතෘකාව ගැන හොදට අද්‍යනය කරනවා.. සිංහලෙන් ලියපු බ්ලොග් දෙක තුනක් වත් කියවනව, ඉංග්‍රීසි වෙබ් අඩවියකට ගිහින් කියවල බලනව මම ලියන්න යන මාතෘකාව ගැන මම දන්න දේටත් වඩා එහා ගිය යමක් තියෙනවද කියල. ඊට පස්සේ මගේ හිතට වැදුන ටික, මම අවබෝද කර ගත්තු ටික මම නිදහසේ ලියන් යනවා.. මේව කොල කෑලි වල ලියල බලන් Type කරනේ නැහැ. ඉතින් බ්ලොග් එකත් හැදෙන ගමන් මම දන්නෙම නැතුව මගේ දැනුමත් වර්දනය වෙනව.
ඒ නිසයි මම හැමෝටම කියන්නේ.. තමන් මහන්සි වෙලා ලිපියක් ලියල දාන එක තරම් වටින්නේ නෑ.. තව කෙනෙක් කියපු දේවල් 100ක් දානවට වඩා තමන් අමාරුවෙන් ගලපල ලියන එක දෙයක් උනත් තමන්ගේ ජීවිතයට ගොඩක් වටිනව.. මමත් අවංකව කිව්වොත් ලිපි 10ක් විතර වෙන බ්ලොග් වලින් අරන් දාල තියෙනව.. ඒ මුල් කාලයේ කරපු දෙයක්.. නමුත් එහෙම ගන්න හැම ලිපියකම උපුටා ගැනීම සිදුකල තැන මම දානව.. සාරවත් වටිනා කියන ලිපි විතරයි මම එහෙම අරගත්තෙත්.. සමහර වෙලාවට එක ලිපියක් ලියන්න මට දින දෙක තුන යනව..
Schoollk කියන්නේ මගේ මිතුරෙක්,, මගේ ගුරුවරයෙක්.. මෙයා නිසා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. මට ගොඩක් යාලුවො ලැබුන.. සමහර යාලු කම් කොතරම් දුර දිග ගියාද කියනවනම් ඒව දුරකතන අමතුම්,, කෙටි පනිවිඩ සහ ආදරනීය මිතුරු හමුවීමක් දක්වා දුරදිග ගියා.. 
මගේ බ්ලොග් එක ලංකාවේ විතරක් නෙමේ ලෝකේ රටවල් ගනනාවකින්ම මේ වෙනකොට දිනකට 200 ත් 300 ත් අතර සහ එක මාසෙකට ආසන්න වශයෙන් 10000 ක් වත් බලනව.. බ්ලොග් එක ප්‍රසිද්ද වෙන්න බලපෑ තව කරුනක් තියෙනව. ඒ තමයි Lion Dictionary වැඩසටහන.. මේ වැඩසටහන නිසා මගේ බ්ලොග් එකට ලොකු ජවයක් ලැබුන කිව්වොත් මම නිවැරදියි.  
මම කිසිම වෙලාවක කියන්නේ නෑ.. මගේ බ්ලොග් එක තමයි හොදම බ්ලොග් එක කියල. වැරදි අඩුපාඩු ගැටලු නම් ඕන තරම් ඇති. ඒව පුලුවන් තරම් ඉදිරියේදි මම හදාගන්න කැමතියි.. 
මම දන්නේ මොනාද ඒ හැමදේම මම මට පුලුවන් විදියට ඔයාලට කියල දෙන්නම්.. ඉතින් මෙතෙක් කාලයක් මගේ බ්ලොග් එකත් සමග හිටිය හැමෝටම ස්තූතියි.. !

Sunday, October 13, 2013

Hack කරන්න ඉස්සෙල්ල Attack ඉගෙන ගන්න (HacKing with CrZy Prof Lesson 04)


හිතනව හැමෝම හොදින් ඉන්නව කියල.. ගියපාර කියල දුන්න Tricks එක කට්ටිය ඇනගත්තේ එහෙම නෑනේ.. හොදා හොදා .. කොහොම හරි අත්හදා බැලුව අයට full ආතල් ඇති නේ.. 
ඒව වැඩක් නෑ.. ඔන්න අද මම ක්‍රියාකාරකමක් අරන් එන්නේ නෑ.. නමුත් ඔයාලට වැදගත් කරුනු ටිකක් කියල දෙනවා.
…අද මම කියල දෙන්නේ Attack නැත්තන් පහරදීම් ගැන. 
මේව හැකින් නොවුනත් හැක් කිරීමේ මුල් අදියර වලදී හැක් කරන කෙනා විවිද Attack භාවිතා කරල Victim (ගොදුර) අඩපන කරනව.. ඊට පස්සේ හැකාට පුලුවන් වෙනවා එයාගේ ඉතුරු වැඩ ටික කරගන්න.. ඒව මොනාද කියල වැඩක් නෑ.. Attack ගැන දැනගමුකො එහෙනම්..

Hacking Attacks

මේ වෙනකොට Internet එක භාවිත කිරීම වැඩිවීම නිසා Networking ගැන දැනුමක් නොමැතිව උනත් සමහර Hacking Attacks දෙන්න පුළුවන් වෙලා තියෙනවා මොකද ඕන කෙනෙක්ට ඒවාට අදාල Tools Internet එකෙන් Free Download කරගන්න පුළුවන් නිසා.ඒ කියන්නේ Hacking Attack එකක් දෙන්න දැන් ප්‍රදාන වෙලා තියෙන්නේ දැනුමට වඩා Tools. එක නිසාම මේ වෙනකොට Attacks ප්‍රමාණය කවදාවත් නොවුන තරමට වැඩි වෙලා. එත් මේවගෙන් සාර්ථක වෙන්නේ හොද දැනුමක් සහිත කෙනෙක් කරන Attacks.
CCNS වලදී Hacking Attacks කොටස් 3 කට ප්‍රදාන වශයෙන් Categorize කරල තියෙනවා.

1.       Reconnaissance Attacks
2.       Access Attacks
3.       Denial of Service Attacks

Reconnaissance Attacks

කියල හදුන්වනේ, කෙනෙක් වෙනත් System එකක දත්ත අනවසරයෙන් නිරීක්ෂණය කරනවට. Hacking Attack එකක පලවෙනි පියවර විදියට හදුන්වන්නෙත් මේකමයි මොකද Attack කරන්න කලින් ඒ system එක ගැන තොරතුරු සොයා බැලීම අවශ්‍ය නිසා.
මේ ගණයට අධාල වෙන Techniques කිහිපයක් තියෙනවා.

  • Ping Sweep
  • Port Scan
  • Packet Sniffing
  • Internet Information Queries

මේ ක්‍රම වලින් කෙරෙන්නේ වෙනත් System එකක යම් යම් වැදගත් තොරතුරු සොයා බලන එක. අපි බලමු මේ එකින් එක අරගෙන මොනවද මේ කියන්නේ කියල.

Ping Sweep

Ping Sweep කියල කියන්නේ Attacker ICMP Request send කරලා එන Reply වලින් හදුනා ගන්නවා Network එකක Online ඉන්න Computers ගැන විස්තර. Ping Sweep වලදී Use කරන්න පුළුවන් සරලම Application එක තමයි Windows සහ Linux සමග එන Ping Command එක.


[CODE]Ping <Traget>[CODE]


ඒ විදියට අපිට පුළුවන් Trget එක Online ද කියල දැනගන්න. එත් මේ දේම කරන්න මිට වඩා Advanced Application තියෙනවා.
Ex: fping , nping , hping3 , nmap

Network එකක් Reconnaissance Attack එකකින් බෙරගන්නනම් කරන්න පුළුවන් දේ තමයි Firewall එකක් Use කරලා ICMP Request වලට Reply කිරීම නැවත්වීම.

Example Ping Sweep Attack

Port Scan

Ping sweep Attack එකකට පසුව එන තවත් ප්‍රදාන Attack එකක් තමයි Port Scan කියන්නේ. Online ඉන්න System Discover කරගත්තට පසුව ඒවාට Access කරන්නනම් පළමුවෙන්ම හොයාගන්න ඕන ඒවගේ Network එක හරහා Access කරන්න පුළුවන් Ports මොනවද කියල. Port Scan කියන්නේ මේවිදියට Target එකක Open Ports මොනවද කියල දැනගන්න එක. Open Port එකක් Computer එකේ Application එකක් හෝ Service එකක් සමග බැදිලා තියෙන්නේ. ඒ App එක හරි Service එක හරි Network එක හරහා Communicate කරන්නේ ඒ බැදිලා තියෙන Port එක හරහා.ඉතින් මේ Ports හදුනා ගත්තම ඒ හරහා අදාල Service එක හරි App එක හරි මෙහෙයවන්න හොද Attacker කෙනෙකුට පුළුවන්.
මේ වෙනකොට Internet එකේ මේ වගේ Port Scanning Tools ඕන තරම් free හොයාගන්න පුළුවන්. ජනප්‍රිය Port Scan Application එකක් තමයි Nmap කියන්නේ. මේවා Download කරන්න වගේම Online Tool විදියටත් තියෙනවා.
Port Scan එකකින්නම් බේරෙන්න නම් Untrusted IP වලින් එන Request වලට Respond කිරීම නවත්තන්න ඕන. මෙතෙන්දි මම Request කියල හැදින්වුවේ TCP SYN Request වගේ Connection Establish කරන්න එන Request.

Example Port Scan Attack

Packet Sniffing

යම් යම් ක්‍රම වලින් Attacker කෙනෙක්ට පුළුවන් Network එකක Traffic එක Attacker ගේ Computer එක හරහා අදාල Destination එකට යවන්න.එතකොට Network එකේ Users ල Network එකේ කරන කියන දේවල් Attacker විසින් Trace කරගන්නවා Packet Caputuring Software එකකින්. ඉන් පසුව Attacker ට පුළුවන් Users ල ගේ Conversation වල තිබ්බ වැදගත් තොරතුරු හොයාගන්න.
මුලින්ම Network Traffic එක තමන්ගේ PC එක හරහා යවාගන්න Use කරන විදිය තමයි ARP Spoofing කියන්නේ.Man in the Middle Attack කියලත් කියනවා. ඉන් පස්සේ Traffic Capture කරන්න Wireshark වගේ Software Use කරනවා.
මේ වගේ Attack එකකින් බේරෙන්න ලේසි නැහැ.කරන්න තියෙන දේ තමයි Network එකේ හැම PC එකකම Default Gateway එකේ ARP එක Statically Add කරන එක.


Example Packet Sniffing Attack with Man in the Middle Attack

Internet Information Queries

මම මුලදීම කිව්වා වගේ Internet එකේ ඕන තරම් Tool තියෙනවා Hacking සදහා. වෙනත් අයෙකු ගැන හරි System එකක් ගැන හරි Internet එකෙන් හොයාගන්න එක තමයි මේ විදියට හදුන්වන්නේ.
Website එකක තොරතුරු හොයාගන්න Use කරන Tool එකක් තමයි whois කියන්නේ.
මිට අමතරව Pishing,Key logger,spy ware වගේ ක්‍රමත් වැඩියෙන් භාවිත කරනවා මේ IIQ වලට.

Example Whois Discovery Attack

Access Attack

Access Attack කියල හදුන්වන්නේ Reconnaissance Attack වලින් හදුනා ගත් Target එකකට Access කිරීම. කලින්ම කිව්වා වගේ මේවටත් අවශ්‍ය කරන Tool හොයාගන්න පුළුවන් Internet එකෙන්. හොදම උදාහරණයක් තමයි Konboot වගේ OS වල Password bypass කරලා OS එකට Access කරන්න දෙන Software. User ට අවශ්‍ය වෙන්නේ කොහොමද Computer එකක් Pen එකකින් Boot කරන්නේ කියල දැනගන්න විතරයි.
Access Attack වලට බොහෝ දුරට System එකේ Owner වගකියන්න ඕන මොකද දුර්වල Password භාවිත කිරීම, Password ලියල තියාගන්න එක වගේ දේවල් නිසා Attacker කෙනෙක්ට ලේසියෙන්ම Access කරන්න පුළුවන් අදාල System එකට. Password Set කරනකොට Symbols, numerics, capital, simple digits වල Combination එකක් භාවිත කරල Strong Password use කරනවානම් Attacker කෙනෙකුට Password ලේසියෙන් Crack කරගන්න අමරුයි.
කලින් Reconnaissance Attack වලදී කිව්වා ක්‍රම වලින් පුළුවන් තමන්ගේ system එකේ තොරතුරු පිටට යන එක අඩු කරගන්න. එතකොට Access Attack බොහෝ දුරට වලක්වා ගන්න පුළුවන්.

Denial Of Service Attacks

කෙටියෙන් DOS කියල හදුන්වන මේ Attack එක Use කරන්නේ සාමාන්යෙන් Target System එකේ Members ලට Service එක ලබාදීම අත්හිටවන්න. ඒ කියන්නේ  Attacker විසින් ICMP හෝ TCP Protocol එක මගින් Service එක ලබාදෙන Server එකකට විශාල ප්‍රමාණයක් Request යවල Server එකේ Buffer overflow කිරීම හෝ Server එකේ Bandwidth එක waste කරලා Members ලට Service එක ලබාගන්න අපහසු කරන එක.

Attacks වර්ග කිහිපයක් තියෙනවා DOS වලට අයිති වෙන.

             DOS (Denial of Service)
             DDOS (Distribute Dinial of Service)
             Ping of Death
             Smurf Attack
             TCP SYN Flood

බලමු මේ එකින් එක කොහොමද වෙන්නේ කියල.

DOS

Attacker විසින් Target System එකක IP එකට විශාල ප්‍රමාණයක් ICMP echo Request යවල තමයි මේ Attack එක කරන්නේ. මේ විදියට විශාල ප්‍රමාණයක් Request ලැබෙද්දී server එක ඒ හැම එකකටම Reply කරනවා.එක නිසා Server එකේ Buffer Overflow වෙන්න පුළුවන්. ඊට අමතරව Bandwidth එක waste වෙනවා විශාල ප්‍රමාණයක්. ඒ වගේම Attacker ගේ දක්ෂතාවය අනුව එයට පුළුවන් Fake IP එකකින් මේ Request එවන්න ඒ කියන්නේ Attacker ව Trace කරගන්න අපහසු වෙන විදියට.
මේකෙන් බේරෙන්නනම් කරන්න පුළුවන් දෙයක් තමයි Firewall එකකින් ICMP Request වලට Reply කිරීම නැවත්වීම.


DDOS


මේකෙදි වෙන්නෙත් Server එකේ Buffer Overflow වීම වගේම Bandwidth waste වීම. එත් Attack එක දෙන විදිය වෙනස්. ඔයාල අහල ඇති Bottnet ගැන.Internet එකට Connect වෙන Computers වලට යම් යම් කණ්ඩායම් වලින් trojan horses අදාරයෙන් Computer එකේ සමහර දේවල් Handle කරන්න පුළුවන් Codes ඇතුලත් කරනවා.පසුව ඒ අයට පුළුවන් Internet Connect උනාම අර Computers හරහා තමන්ට අවශ්‍ය දේවල් කරගන්න.ඒ විදියට Handle කරන්න පුළුවන් PC හදුන්වනවා Zombies කියල. Bottnet කියන්නේ ඒ වගේ Zombies එකතුවක්. Handle කරන කෙනාට පුළුවන් Zombies වලින් Target එකට විශාල ප්‍රමාණයක් ICMP Request යවන්න. ඔය විදියට Bottnet එකක හැම Zombie කෙනෙක්ම Request යවනවා කියන්නේ විශාල Traffic එකක් Target System එක Down කරන එක.
මේකෙදි Hacker ට තියෙන තවත් වාසියක් තමයි Attacker ව Trace වෙන්නේ නැති එක.


Ping Of Death


Attacker විසින් Target System එකට සාමාන්‍ය විශාලත්වයට වඩා විශාල Packet size එකකින් packet යවල Target එකේ Buffer Overflow කිරීම තමයි Ping Of Death කියන්නේ.

Smurf Attack


 Attack කරන්න අවශ්‍ය Network එකේ Broadcast Address එකට Ping Request එකක් යවනවා Source IP එකට Target එකේ IP Address එක Set කරලා.එතකොට Ping Request එක Network එකේ හැම PC eඑකක්ම Receive කරලා ඒ හැම PC එකක්ම Request එකේ IP එකට ඒ කියන්නේ Target System එකේ IP එකට Reply කරනවා. එක නිසා Target එකේ Buffer Overflow සහ Bandwidth wastage වෙන්න පුළුවන්.

 TCP SYN Flood


TCP වලදී Connection එකක් Establish වෙන්නනම් මුලින්ම Client විසින් TCP Header එකේ SYN Flag එක set කරලා Server එකේ අදාල port එකට (ex: for http , port 80) Request එකක් යවනවා (TCP SYN Request).
ඊළගට Server එක Connection Request එක Accept කරනවානම් Client ට TCP Header එකේ SYN සහ ACK flag දෙකම set කරලා Reply කරනවා (TCP SYN-ACK Reply). Server එක Accespt කරන්නේ නැත්නම් Request එක Server එක RST flag එක (Reset) එක්ක Reply කරනවා.
Server එක SYN-ACK එකක් එව්වනම් ඒ කියන්නේ Connection Request එක Accept කලානම් Client ACK flag එක විතරක් set කරලා reply කරනවා. ඒතකොට Connection එක Established. ඔය Process එකට තමයි 3way handshake කියන්නේ.



Attack එකේදී වෙන්නේ Attacker TCP SYN request අදාල server එකේ අදාල Port එකට විශාල ප්‍රමාණයක් යැවීම.සමන්යෙන් SYN request වල Source IP එක  Fake IP එකක්. ඉතින් server එක මේ හැම Fake Request එකකටම Reply කරනවා වගේම Session එකකුත් Open කරනවා. එත් මේවා Fake Request නිසා Session සියල්ල අපතේ යනවා ඒ කියන්නේ Members ලට Session එකක් Open කරගන්න අපහසු වෙනවා.



Attack එකෙන් බේරෙන්නනම් SYN-ACK Spoofing Firewall එකක් භාවිත කරන්නම වෙනවා. මොකද Attacker Request එවන්නේ Server එක Service එක දෙන Port වලට එක නිසා ඒ port වහන්නත් බැහැ.



අන්තර්ජාලය තුල කරුනු පිරික්සීමේදී හමුවුන වටිනා ලිපියක් නිසා උපුටාගත්ත. උපුටා ගැනීම සිදුකල වෙබ් අඩවිය වන්නේ http://articles.org

Thursday, October 10, 2013

මොනවද මේ Driver කියන්නේ.. කියවලම බලන්නකෝ


ඉතින් කොහොමද යාලුවනේ.. හැකින් ගැන ලිපි ලියන එක චුට්ටකට නතර කරල සුපුරුදු පරිදි තාක්ශනික ලිපියක් පල කරන්නයි අද මම යන්නේ.. ඔයාල දන්නවනේ මගේ බ්ලොග් එකෙන් පුංචි දෙයක් ගැන උනත් ටිකක් බැහැල කතා කරනව කියල. ඇත්තටම මට ඕන උනේ පරිගනකයකට Drivers කොහොමද Install කරන්නේ කියල කියල දෙන්න. ඇත්තටම මට පෙනුන දෙයක් තමයි එතැන ඉගෙන ගන්න කියල මහ ලොකු දෙයක් නැති බව.. ඒ නිසා සියලු කරුනු ආවරනය කරල හිතුන ඉතාම වටිනා ලිපියක් ඔයාලට දෙන්න.


Drivers කියන්නේ මොකක්ද ?

Driver
Ele.    එලවනය
Ele.    එලවන්නා
Civ.    දක්කුව
n.    රථය පදවන්නා
n.    රථාචාර්ය
n.    රියැදුරා
st.    සාරථි

Driver කියන වචනයේ තේරුම ඔන්න ඔය විදියට තමා පරිගනක ශබ්ධකෝෂයේ එන්නේ. නිකන් දන්නේ නැති අයට දැන ගන්න දැම්මේ..

කොහොම නමුත් අර්ත දැක්වීමේදී Computer Driver එකක් මෙන්න මේ විදියට මම සරලව ඔයාලට පැහැදිලි කරන්නම්.

සරලව කිව්වොත් යාලුවනේ Driver එකක් කියන්නේ පොඩි Software කෑල්ලක්. මේ කෑල්ලට පුලුවන්කමක් තියෙනව ඔයාගේ Computer එකේ තියෙන Hardware සහ  operating system එක, සහ Software අතර අදහස් හුවමාරු කල යුත්තේ එහෙමත් නැත්තන් සම්බන්දතාවයක් ගොඩනගා ගත යුත්තේ කොහොමද කියල කියල දෙන්න.
…Drivers නැත්තන් Software වලට සහ OS එකට අදාල Hardware කොටස හදුනා ගන්න බැරිවෙනව. ඒ නිසා එම Hardware එකෙන් අපට කරන සේවය අපිට දෙන්න බැරිව යනව..

Drivers නැතුව පරිගනකයක වැඩ කරන්නම බැරිද ?
හොද ප්‍රශ්නයක්.. එක මෙහෙයුම් පද්දතියයි,, Hardware ගොඩයි.. ඔව්..! අපි හැමෝම ඉතින් භාවිතා කරන්නේ Windows XP,7,8 වගේ මෙහෙයුම් පද්දතියක්.. මහ ගොඩක් නෑ.. ඒත් Hardware නම් රටේ නැති ජාති, එක එක නම් වලින් තියෙනව. ඒ නිසා එක මෙහෙයුම් පද්දතියකට පුලුවන් කමක් නෑ මුලු ලොකෙම තියෙන Hardware වල Drivers රදාවාගෙන ඉන්න. ඒක ප්‍රායෝගික නෑ.. නමුත් සම්මත කාලීන වැදගත් Driver මෙහෙයුම් පද්දතිය තුල රදවා තියෙනවා..
ඒ නිසා Hardware නිර්මානය කරන අය විසින් හැම විටම Drivers නිකුත් කරන්නේ නෑ.. හැම Device එකකටම.. දැකල තියෙනවද Mouse එකට Drivers එනව. දැකල තියෙනවද Keyboard එකට Drivers එනව.. ඒකට හේතුව ඒව නිර්මානය කරල තියෙන්නේ Stranded Drivers වලට ගැලපෙන විදියට.. නවීන පරිගනක මව්පුවරු නිශ්පාදනයේදිම අදාල OS එකෙන්ම Drivers ස්වයක්‍රීයවම ගන්න විදියට හදනව.. නමුත් ඒ සම්මත Drivers වලට කරන්න පුලුවන් සීමාවට වඩා එහා ගිය Hardware සහිත Motherboard එකක් නම් අනිවාර්යෙන්ම ඒ ඒ Hardware සදහා භාවිතා වන Drivers වෙන වෙනම ලබා දිය යුතුයි.

ඉතින් බොහෝවිට Drivers ගැටලුව මතු වෙන්නේ Windows අලුතෙන් දාපුවහම.  සමහර වෙලාවට සමහර පරිගනක 100% ක් Drivers ඉබේම ගන්නව. නමුත් බොහෝ පරිගනක එහෙම නෑ.. ගොඩක්ම ප්‍රශ්නෙ එන්නේ Graphic Drivers වලට සහ Sound Drivers වලට.. මොකද අපිට ඉක්මනටම ඒ ගැටලුව හොදට පෙනෙන සහ දැනෙන නිසා. Graphic Drivers ගන්නේ නැති උනාම Display එක පේන්නෙම නැතුව යන්නෙ නෑ.. හොදට පේනව. නමුත් Window එකක් Move කරන කොට Sharp නෑ. System එකේ ගොඩක් Visual Effects සහය දක්වන්නේ නෑ.. සමහර විට Resolution අපිට අවශය ප්‍රමානයට හදාගන්න බෑ.. ඔය වගේ ගැටලු ගොඩයි.
තව Sound Drivers නැති නිසා පරිගනකයෙන් Sound එක ලබා නොදෙන්න පුලුවන්.. මේ තමා දරුනුම ගැටලු දෙක. ඊලගට අපිට අත් විදින්න පුලුවන් ලොකුම ගැටලුව තමා LAN Drivers නොමැති වීම නිසා අන්තර්ජාලයට පිවිසෙන්න බැරුව යනව.. සමහරු මම දන්නව Internet එකෙන් Drivers හොයා ගන්නම් කියල Windows දාල LAN Driver නැතුව ඇන ගන්න.. ඒ නිසා විශේෂයෙන්ම Desktop PC එකක් නම් "Ethernet Controller" එකේ Drivers එක හොයාගන්න මොකද මේක නැත්තන් Net යන්න බැරි වෙන නිසා.. හැබැයි Dongle වලින් යන අයට නම් ගැටලුවක් නෑ.. ඒකත් මම අවදාරනයෙන් කියා සිටිනව.

කොහොමද අපි Drivers හොයා ගන්නේ ?

හොයන්න ඉස්සෙල්ල බලන්න තමන් ලග තියෙන්නේ මොකක්ද කියල. ඔයාට Computer එකත් සමග බොහෝ විට Drivers CD / DVD ලැබෙනව. මීට අමතරම ඔයා TV card/VGA/Sound Card වගේ දේවල් Extra ගත්තනම් ඒවාටත් Drivers ලැබෙනව. ඉතින් ඒව ටික තියෙනව නම් අමුතුවෙන් බය වෙන්න ඩෙයක් නෑ..
නමුත් Laptop සහ Notebook භාවිතා කරන අය නම් ලොකු අපහසුවක වැටෙනව.. ඒ මොකද මම දන්න තරමින් කිසිම Lap එකකට Drivers CD හෝ DVD ලෙස ලබා දෙන්නේ නෑ.. ඒ නිසා ඔයා අලුතෙන් Lap එකක් ගන්නව නම් ඒ ගන්න අයගෙන් Drivers ටික ඉල්ල ගන්න. මොකද කවද හරි ඔයාට ඕන වෙන නිසා..…අනිත් වැදගත් කරුන තමයි කියන්න තියෙන Laptop හදන සමාගම විසින් තාක්ශනික සහයන් ලබා ගන්න පුලුවන් වෙන්න Website එකක් කරන් යනව.
ඉතින් ඔයාට Drivers හොයාගන්න පුලුවන් තවත් පහසුම ක්‍රමයක් තමයි මේ තාක්ෂනික වෙබ් අඩවියක සහය ලබා ගන්න එක. ඔන්න මම ඉතින් ලංකාවේ ගොඩ දෙනෙක් භාවිතාකරන Brands කීපයකට අදාල නිල වෙබ් අඩවි වල Links දාල තියෙනව. 











දැන් මෙතන ඔයාලගේ Lap එකේ Brand එක නැත්තන් දුක් වෙන්න එහෙම එපා.. මමත් මේ ක්ශනිකව Google වලින් හොයල ගත්තේ.. මම භාවිතා කලේ "HP Laptop Drivers" වගේ සරල Key word එකක්.

ඉතින් lap එකේ Drivers විතරක් නෙමේ Mother Board එකේ Drivers පවා මේ විදියට හොයන්න පුලුවන්. Mother B. එකේ Model එක On වෙන කොට පෙන්නනව. නැත්තන් සමහර විට Board එකේ ගහලත් තියෙනව. 



Driver සොයන්න පුලුවන් දැනට තියෙන පහසුම ක්‍රමය තමා Driver සොයා දෙන මෘදුකාංගයක් භාවිතා කිරීම. පලමුව මේ වැඩසටහන මගින් Scan කිරීමක් සිදුකරනව ඔයාගේ පරිගනකයේ මොනාද තියෙන Hardware සහ Drivers අඩුපාඩු කම් තියෙන්නේ මොනවායේද කියල. ඒ අනුව මේ වැඩසටහන මගින් ඊලගට මෙයාලගේ දත්ත පද්දතියකට සම්බන්ද වෙනව. ඉතින් ඒ වැඩේට Internet ඕන වෙනව.. ඊට පස්සේ අඩුපාඩු Drivers ටික ඔයාට Download කරල දෙනව.. 
මීට අමතරව සමහර Software වලින් Drivers Back UP කිරීමේ පහසු කමක් සපයනව. ඉතින් ඒකත් ගොඩක් වටිනව. මොකද Windows දාන්න ඉස්සෙල්ල එහෙම Backup එකක් දාගත්තම වැඩේ ලේසියි..
…ඔන්න ඔයාලට මම මේ වැඩේටම හරි යන වැඩසටහනක් ගෙනාව. කැමති අය  Download කර ගන්න.. 


ZIP File Password: schoollk



 Download  : 








ඉතින් මේ ලිපිය මම දින දෙක තුනක් තිස්සේ ලියන්නේ හෙමින් සීරුවේ.. මටත් ඉතින් වැඩ ගොඩක් තියෙනව.. ඒ අස්සේ තමා මේ හැම දේම සිදු කරන්නේ.. ඒ වගේම තමයි ඕනම කෙනෙක්ට පුලුවන් මගේ Mobile No. එකට කතාකරල මේ සම්බන්දව මතුවන ගැටලු සාකච්චාකරන්න.


මේ ලිපිය වටිනව කියල හිතෙනව නම් Comment එකක් දන්න අමත කරන්න එපා.

Tuesday, October 8, 2013

Facebook සහ Gmail හැක් කරමු (HacKing with CrZy Prof Lesson 03)


මෙය අද්‍යාපනික දැන ගැනීම සදහා පමනක් ලියවෙන ලිපියක් වන අතර සිදුවන අපහසුතා සම්බන්දව වගකීමක් භාරගනු නොලැබේ!!!!!!!!!!!!!!

ගොඩක් දෙනෙක්ට තියෙන පිස්සුවක් තමයි කාගෙ හරි FB එකක් හෝ Gmail එකක් හැක් කිරීමට උත්සහ කරන එක. ඇත්තටම මම දන්න තරමින් Facebook,Gmail වගේ එකක් හැක් කරනව කියන්නේ ඇත්තටම හීනයක්. මොකද ඒතරමටම මේවායේ Security එක වැඩියි. අනික මේවගේ Website හදන්නේ පාරවල් වල ඉබාගාතේ රස්තියාදු ගහන හාල්පාරුවො නෙමේ.. එහෙම මම ජෝක් එකට වගේ කිව්වට ඇත්ත ඒකයි. නමුත් මම දන්න එක දෙයක් තියෙනව.. මේ ආරක්ශක පද්දති හදන්නෙත් මිනිස්සු ඒ වගේම   මේව කඩන්නෙත් මිනිස්සු බව.

එහෙනම් මම මේ මොකක්ද කියන්න යන්නේ.. ඇත්තටම යාලුවනේ ගොඩක් අය Facebook හැක් කර ගන්නේ මේ Facebook පද්දතියේ තියෙන දුර්වල තා නිසා නෙමේ. තමන්ගේ තියෙන දුර්වල තා නිසයි.. ඉතින් මම මේ කරන්න යන්නේ Facebook වල Security එකට ගේමක් දෙන්න නෙමේ..,, ඒක පට්ට සීරියස් වැඩක් බව මට දැන් තේරිල තියෙන්නේ. මම ගේම දෙන්නේ user ට. මම එයාගෙ security එක කඩනව.. එයාව මම ගොනාට අන්දවනවා. මේ වගේ ක්‍රම වලට එක එක නම් කියනව .. අනේ මට ඕව වැඩක් නෑ.. වැඩේ වෙනව නම් එච්චරයි.. He Heeee

හිතන්න ඔන්න ඔයාගෙ යාලුවෙක් ඉන්නව හැකින් පිස්සුව ඉහට ගහපු. ඔන්න මම දැන් ඒ වගේ එකෙක්ට තමා ගේම දෙන්න යන්නේ.. ඔයා හැක් කරන්න ඉලක්ක කරන පුද්ගලයාගේ චරිත ලන්ශන අනුව ඔයා මේ ක්‍රමවේදය ඉතාම ශූක්ෂම ලෙස වෙනස් කරන්න තරම් නුවනක්කාර විය යුතුයි.. ඉස්සෙල්ල මෙන්න මේ මම නිර්මානය කරපු සරල වැඩසටහන පොඩ්ඩක් බලන්නකො.


මොකද හිතෙන්නේ මේක දැක්කම.. FB හැක්කරල password එක අතටම ගෙනත් දෙන වැඩසටහනක් වගේ පේනව නේද.. හිතන්න අර වගේ ගොන් හැකර් කෙනෙක්ට මේ Program එක ලැබුනොත් ඌ ඉස්සෙල්ලම මොකද කරන්නේ.. ඉක්මනට කාමරේ දොරත් වහ ගෙන කාගේ හරි අහින්සකයෙක්ගේ FB ID එක Massage එකක් හරි දාල ඉල්ල ගන්නව. ඊට පස්සෙ වැඩසටහනේ ඉල්ලන පරිදි ඇත්තම තොරතුරු මේකට දාල Fill කරනව. ඒ කියන්නේ හැකා හැකාගෙම FB User ID එකයි Password එකයි මෙතනට ලබා දෙනව.. ඊලගට මොකද වෙන්නේ.. මේ රූපය පොඩ්ඩක් බලන්නකො


මේ වැඩසටහනට පුලුවන් කමක් නැහැ කිසිම විටෙක කාගෙවත් User Name එකක් දුන්න පලියට Password එක ඔයාගෙ අතටම ගෙනත් දෙන්න. ඇත්තටම මේක වියාජ වැඩසටහනක්. ඒත් ඉතින් අන්දන එකත් සුපිරියටම අන්දන්න ඔනේ නිසා Cannot connect to server වගේ පොඩි ටෝකක් දානව.  ඊලගට මෙහෙමත් කියනව.. You inserted a wrong information වගේ සීන් එකක්.. එහෙම දැම්මේ සමහර ආදුනිකයො පලමු වතාවට තමන්ගේ User Name සහ Password දෙන්නේ වියාජ ඒව.. දැන් මේවගේ Massage එකක් දැක්කම මිනිහ හිතනව මේ වැඩසටහන මට ඕන වැඩේ කරල දුන්නේ නැත්තේ මගේ සත්‍ය තොරතුරු නොදුන්න නිසා කියල. ඒ නිසා නැවත වරක් ඇත්තම තොරතුරු දීල ගොනාට ඇන්ද වීමක් සිදුවෙනව. 

ඊලගට මොකද වෙන්නේ.... 

මේ වැඩසටහන මම Program කරල තියෙන්නේ Hack It බොත්තම එබූ සැනින් Text Box වල Fill කරල තියෙන Data ඔයාගේ Email එකට එවන විදියටයි.. මරුනේ.. මේ තියෙන්නේ පල්ලෙහා මම Image එකක් දාල.



ඉතින් මොකද හිතන්නේ මේ ගැන.. ඔයාලට මේ වගේ Tools ඕන තරම් අන්තර්ජාලය තුල හොයා ගන්න පුලුවන්. ඒත් ගොඩක් ඒවා Virus වලින් පුරෝලා. ඉතින් අපි අපේම වැඩසටහනක් හදල කලාම අපිටත් ඇගට හොදයි..
…මේ මම කියල දුන්න තියරියටම Gmail එකක් හැක් කරන්න බැරිද.. පුලුවන්. පුලුවන්.. මෙතනදි ඔයා මොන තරම් කපටි වෙන්න ඕනේද... ඒ තරමටම ඔයා සාර්තක වෙනවා.. කෙල්ලෙක්ගෙ FB එකක් මේ ක්‍රමේට හැක් කරන්න ටිකක් අමාරුයි.. මොකද කෙල්ලොන්ට එච්චරම අමාරුවක් නෑ Account Hack කරන්න. උන්ව අන්දන්න පුලුවන් ඕක තව ටිකක් වෙනස් කරල.. ඒ කොහොමද.. ඔයාලට පුලුවන් මේකට ලස්සන Love Meeter එකක් Set කරන්න.කෙල්ලො හරි ආසයි ඒ වගේ ඒවට. කොල්ලගෙ නමයි කෙල්ලගෙ නමයි දීල බොත්තම එබුවම එයාගේ FB User Name And Password එක ඉල්ලනව. ඊට පස්සෙ මොකක් හරි 1-100 ත් අතර අසම්භාවී විදියට අංකයක් Generate කරල ඒක percentage එකක් විදියට ලබා දෙනවා.. Hee hee . ඒ අස්සෙ ඉතින් මොකද වෙන්නේ කියල දන්නවනේ..


 මම දන්නේ නෑ මේ ලියපු දේවල් කීයෙන් කී දෙනාට තේරෙන්න ඇත්ද කියල.. මේ වැඩසටහනට අදාල සියලුම කේතයන් නොමිලේ මම ඔයාලට දෙනව. හැබැයි මම මේව දෙන්නේ ඔයාලට ඉගෙන ගන්න විතරයි.. නැතුව වැරදි දේවල් වලට යොදාගන්න එපා. එහෙම යොදාගෙන මාව අල්ලල දෙන්නත් එපා. ඔයාට මේ Source Code සම්බන්දයෙන් අපැහැදිලි තැනක් තියෙනව නම් Comment වලින් විතරක් අහන්න. නැතුව මේව ප්‍රසිද්දියේ Call කරල අහන්න එපා.. එහෙම ඒවට මම උත්තර දෙන්නෙත් නෑ.. Programing පිලිබදව ඉගෙන ගන්න කැමති අයට මම හැමදාම කියනව වගේ මගේ Tutorial Pack එක ගන්න කිසි ප්‍රශනයක් නෑ මුල ඉදන්ම තියෙනව. හොදා.. ඔන්න ඉතින් මේ වගේ ලිපියක් අයේ ඉතින් ලොවෙත් නෑ.. මොකද තනිකරම මගේ අදහස් තමා මෙතන තියෙන්නේ. අඩුපාඩු ඇති.. ඒත් කමක් නෑ.. මම කියල තියෙන සිද්දාන්තය තේරුම් ගත්තොත් හොදටම ඇති... 

මෙම වැඩසටහනට අදාල Code VB.NET


Download Project 1MB
http://www.mediafire.com/download/xeddnd9vmzunjed/Facebook%20Hack.zip

Password: crzyprof

වටිනව කියල හිතනවානම් Comment එකක් දාන්න අමතක කරන්න එපා..

ඔයාත් හැකර් කෙනෙක්ද?.. මොන ගොඩේද ඉන්නේ. (HacKing with CrZy Prof Lesson 02)


ඔන්න මම ඔයාලට හැකින් පිලිබදව දිග හරින දෙවන ලිපිය.. යන්නේ කොහෙද ඇහුවම මල්ලෙ පොල් කියල හරියනවද.. ඔයා හැකර් කෙනෙක් වෙනව නම් ඔයා ඒ සදහා යන මාර්ගය ඉස්සෙල්ලා දැන ගන්න ඕනේ.. එහෙම නැත්තන් වෙන්නේ බාගෙට භාවනා කරල සමහර උපාසක සීයල සෝවාන් වෙන්නේ .. ආන්න ඒ වගේ තමා.. පොඩ්ඩක් උඩින් පල්ලෙන් අතගාල මම තමා සිරා හැකර් කිය කිය ලෝකෙට පේන්න කෑ ගහල චාටර් වෙන්න තමා වෙන්නේ.

මම මෙතනදි හැකර් කෙනෙක් ගේ නිර්මාන අවදිය ගැන කියන්න යන්නේ. කිසිම හැකර් කෙනෙක් මව් කුසෙන් එලියට ආපු ගමන් හැකර් කෙනෙක් වෙන්නේ නැහැ. මේවාට සමාජ වටපිටාව සහ ඔහුගේ පල පුරුද්ධ හැම විටම බලපානව. හැකර් කෙනෙක්ගේ අද්‍යන අවදිය මම මේ පහල දාල තියෙන්නේ.

Script kiddie (හැකින් වලට අත්පොත් තබන්නා)



මෙන්න ඉන්නව හැකින් වලට බැහැපු කට්ටිය. වැරදියට හිතන්න එපා.. හිතේ හැකින් තිබ්බට මේ ගොඩට වැටෙන්නේ නැ.. මෙයාලට හැකින් පිලිබදව ලොකු දැනුමක් නෑ.. නමුත් කුතුහලය සහ ආසාව මේ අය ලග නිතරම තියෙනවා . ඒ නිසා නිතර වෙබ් අඩවි වල හැකින් ගැන ලියවෙන ලිපි ආදිය සහ YouTube වගේ ඒවයේ පාඩම් වගේ දේවල් බලල අත්හදා බැලීම් කරන අය. ගොඩක් වෙලාවට මෙයා තව කව්රු හරි හදපු Application තමයි භාවිතා කරන්නේ. ඇයි ලොකු දැනුමක් නෑනේ. ඔයාගෙ යාලුවෙකුත් මේ ගොඩේ කියල හිතෙනව නම් පොඩ්ඩක් පරිස්සම් වෙන්න. මොකද මෙයාල අත්හදා බැලීම් කටයුතු සදහා නිතර තම ලගම මිතුරන්ව තමා භාවිතා කරන්නේ හැක් කරන්න . තේරුනානේ.. සමහර විට මෙයාලට පොඩි Programing දැනුමකුත් තියෙන්න පුලුවන්. එයාලට ඉක්මනටම ඊලග අදියරයට පත් වෙන්න පුලුවන්. ගොඩක් වෙලාවට අපේ සමාජයේ හැකින් දන්නව කියල කෑ ගහන්නේ මේ වගේ අය. ඔන්න මම නම් හැකින් දන්නේ නෑ හොදේ.. මම මේ කියල දෙනව විතරයි. 




Intermediate hackers (මද්‍යම හැකර් වරු )




අනිවාර්යෙන්ම මේවගේ කෙනෙක් ලග Programing,Networking වගේ දේවල් ගැන දැනුමක් තියෙනව. ගොඩක් වෙලාවට මෙයාලට මෙයාලගේම කියල සරල Application එකක් හදාගන්නව. අර Script කොලු ගැටයොන්ට වඩා ඉදිරියෙන්. ඒත් ලොකු දෙයක් කරන්න නම් තාම බැහැ. නිතර අත්හදා බැලීම් කරනව. මොකද තාම මෙයාලත් ඉගෙන ගන්න නිසා.


Elite Hackers (විශිෂ්ඨ හැකර් වරු)






මෙන්න ඉන්නව සිරා හැකර්ල. මෙයාලට එයාලටම ආවේනික හැකින් ක්‍රමවේදයක් තියෙනව. ඒවගේමයි මෙයාල එක එක Tools හදනව Hack කරන්න පුලුවන් වෙන්න. මෙයාලට System එකක් උනත් Crash කරල දාන්න පුලුවන්. අපිත් මේ වගේ තැනකට තමා එන්න ඕනේ. නැතුව Script Kiddie කෙනෙක් වෙලා "මමයි හැකර්" කියල කෑ ගහන එකනම් චාටර්. තව දෙයක් මෙයාලට හොද තාර්කික හැකියාවක් තියෙනව. හරිම කපටියි.. ඒ වගේම උපායශීලියි. දෙයක් කරන්න ඉස්සෙල්ල හොදට Plan කරනව. ආයෙ දෙයක් කලොත් ආපු පාරක් වත් හොයා ගන්න බැරි වෙන්න. 


ඉතින් මේ කරුනු ටික කිව්වෙ ඔයාලට මේ ගැන යම් අවබෝදයක් ලබා දෙන්න මිසක් කිසි කෙනෙක්ව අවතක්සේරුවට පත් කරන්න නෙමේ.. දැන් ඔයාලටම තේරෙනව ඇතිනේ තමන් ඉන්නේ මේ මොන ගොඩේද කියල. මොන ගොඩේ හිටියත් උත්සහය සහ කැපපීම මත ඕන කෙනෙක්ට හැකර් කෙනෙක් වෙන්න පුලුවන්..

…ඔයා මේ විශයට කැමතිනම් හැකිතාක් කියවන්න මේ විශය සම්බන්දව, ඒ වගේම නිතර අත්හදාබැලීම් වල නිරත වෙන්න.. තේරෙනවනේ Programing ගැන දැනුමක් නැතිව මේවට බහින්න එපා. ගොඩ යෑමක් නම් නැහැ. ඒ නිසා ඉස්සෙල්ලම Programing ගැන පොඩ්ඩ පොඩ්ඩ හරි ඉගෙන ගන්න. YouTube සහ වෙබ් අඩවි තියෙනව මේ සදහා. 


ඒ වගේමයි අපේ අයට Programing ඉගෙන ගන්න පුලුවන් තව හොදම ක්‍රමයක් මම හදුන්වල දීල තියෙනව.. ඒ තමා මම ඉගෙන ගත්තු සෑම Video Tutorial එකක්ම මම ඔයාලට සහන මුදලකට දෙන්නේ.ඔක්කොම.. වීඩියෝ 690 පැනල. මේ ලිපිය කියවන්න . . 



ඒවායේ මම ඇතුලත් කරල තියෙනව Programing වලට ඕනේ නවීනතම මෘදුකාංග කට්ටලයකුත්.. මේ ඔක්කොම ඔයාට ගෙදරටම දින දෙකක් ඇතුලත ගෙනත් දෙනව ඔයාගෙ අතටම.
හොදා බල කරන්නේ නෑ.. පුලුවන් අය ගන්න.. 

…ඒවගේමයි.. මේ ලිපිය ඔයාට වැදගත් උනා නම් Comment කරන්න අමතක කරන්නත් එපා.. 


හැකින් ගැන තවත් පාඩමක් ඊලග ලිපියෙන් බලාපොරොත්තු වෙන්න.



Monday, October 7, 2013

නොදන්න Hacking දන්න සිංහලෙන් (HacKing with CrZy Prof Lesson 01)



ඔන්න එකෝමත් එක කාලෙක ලංකාවෙ චින්තක කියල කොල්ලෙක් හිටිය. මූ කරන දේවල් උගේ යාලුවොන්ට තේරෙන්නේ නැති නිසා හැමදාම යාලුවො මූට කිව්වෙ පිස්ස කියල. ඒකට ඉතින් ඉංග්‍රීසියෙන් Crazy කියල කියන නිසා ආදරේටත් එක්ක යාලුවො එහෙම කතා කලා. Crazy හැමොටම IT පැත්තෙන් උදව් කලා. Crazy වත් දන්නේ නැහැ ඒ දැනුම කොහෙන් ආවද කියල. වැඩි කලක් යන්න ඉස්සෙල්ල යාලුවො මූට ප්‍රොෆා කිව්ව. පිස්සු ප්‍රොෆා.. මේ Crazy ගේ Story එකයි!!!

ගොඩ දෙනෙක්ට වගේ කාලයක් මටත් Hacking පිස්සුවක් තිබ්බ. හෙව්වා හෙව්වා Hacking ගැන අන්තර්ජාලය තුල සෑහෙන්න. සමහර වෙලාවට දැනුමක් ලැබුන. සමහර වෙලාවට වුනේ දවසේ කාලය කා දැමීමක් විතරයි. වසර තුන හතරක් මම පරිගනකයත් සමග හැප්පුන. ඒ කියන්නෙ ගේම් ගහල කාලේ කන එකට නම් නෙමේ.. හැම වෙලාවෙම හිතට අවේ මේ මෙහෙයුම් පද්දතියක් ක්‍රියාකරන්නේ කොහොමද කියල. දැනුම ටික ටික වැඩි උනා. පරිගනකයකට විදුලිය ඇවිත් On වෙන අවස්තාව දක්වා ක්‍රියාවලිය වටහා ගන්න මට ටික කාලයක් ගියා.. දවසක් හිතුන මේ computer එක On නොවෙන්න හදන්න ඕනේ කියල. ඉතින් මම කලේ System File ටිකක් නිකම්ම Delete කරල Computer එක Restart කිරීම වගේ සරල දෙයක්.  Computer එක On වෙන්නේ නැහැ. මගේ උත්සහය සාර්තකයි. ආපහු මගේ CD ගොඩේ තිබ්බ Windows XP CD එක අරගෙන Windows දැම්ම. යලිත් විනාඩි 45 කට පස්සෙ මට මෙහෙම හිතුන.. මම Manual File Delete කරල මගේ Computer එක කැඩුවනම් මට බැරිද මේ වැඩේ Automatic කරගන්න. මම ඒ වෙනකොට VB ට්කක් දන්නව..තව Bach Coding ටිකකුත් දන්නව. Notepad Open කරල 

Del C:\windows\System32\*.* 

ලෙස මම Notepad එකේ ලියල .bat file එකක් ලෙස Save කලා. දැන් බලමු Run කරල.. මම හරිම ආසයි Bat File Run වෙනකොට බලන්න. කලුපාට පසුබිමක සුදුපාට මොනාදෝමන්ද අකුරු ටිකක් ටික වෙලාවක් ගියා. පස්සෙ මම නැවත පරිගනකය Restart කලා. මගේ උත්සහය සාර්තකයි. Computer එක On වෙන්නේ නැහැ. ආපහු මම Windows දැම්ම.. මට පොඩ්ඩක්වත් එපාවෙන්නේ නෑ මෙවගේ දේවල් කලාට .. කම්මැලිකමක් වත් නිදිමතක්වත් එන්නේ නෑ.. ඇත්තටම Notepad තරම් බලගතු tool එකක්නම් මම දැකල නෑ ඒකාලේ..

මගේ යාලුවනේ.. මේ හැකින් නම් නෙමේ.. මට කියන්න ඕන වුනේ හැකින් කියන්නේ මම දකින විදියට තමන්ම ගොඩනගා ගන්නා විශිෂ්ට කුසලතාවයක් කියලයි.. එහෙම නැතුව තව කෙනෙක් සොයාගත්තු ක්‍රමයක් අනුගමනය කරන එක නෙමේ.. මම පොඩ්ඩ පොඩ්ඩ පරිගනක ගැන දැනුම වැඩිකර ගන්න කොට ඉබේම මම තේරුම් ගත්තු දෙයක් තමා මේ පරිගනක පද්දති තුලත් විවිද දුර්වල තැන් තියෙනව නේද කියල. ඒමොනාද කියල මම කියන්න යන්නේ නෑ.. එකක් කියන්නම්කො.. Windows XP මෙහෙයුම් පද්දති වලට Password එකක් දැම්මට Administrator Password එකක් ගොඩ දෙනෙක් දාන්න පුලුදු වෙලා නැහැ. ඉතින් Login Password එක ඉල්ලන තැනට ගිහින් Alt+Ctrl+Del දෙපාරක් ගහල Username එක වෙනුවට Administrator කියල ගහල Log වෙන්න පුලුවන්. මේක ගොඩ දෙනෙක් දන්නව. සමහරු හිතන්නේ ඇත්තටම මේක System එකට Log වෙන්න පුලුවන් හොදම මාර්ගයක් කියලයි. ඒත් දන්න එකා දන්නව මේක මේ Admin Pass එකක් නොදුන්නු නිසා Log වෙන්න පුලුවන් උනේ කියල. ඇත්තටම Admin Pass එකත් තිබ්බොත් ඊලගට මොකද කරන්නේ.. මම නම් කියන්නේ නෑ.. හොයා ගන්න. මට මේ කියන්න ඕනේ හැකර් කෙනෙක් වෙන්න හිතන්න ඕන විදිය ගැන.

ඊලග කරුන. මට ඕනේ නෑ ඔයාලට හැකින් ඉතිහාසයේ ඉදන්ම කියල දෙන්න. ඒවගේම ලොකේ ඉන්න හැකර් වරු ප්‍රදාන වශයෙන් කාන්ඩ කරල හරියට එක වසරෙ පන්තියේ වගේ කියල දෙන්න ඔනේ නෑ.. ඔයාට මම කියල දෙන දේවල් තේරුම් ගන්න බැරියි වගේ තේරුනානම් ඇත්තටම ඔයා තාම හැකින් වලට ලාබාල වැඩියි. මම ඔයාව අදයිරිමත් කරන්නේ නෑ කිසිම වෙලාවක.. මම කියන්නේ තවත් අද්‍යනය කරල මේ වැඩේට බහින්න කියල.

ඇත්තටම පරිගනක පද්දතියකට හොරෙන් රිංගන එකනේ මේ හැකින් කියන්නේ.. ඇත්තටම එහෙම පුලුවන්ද පරිගනකයකට ඇතුල් වෙන්න.. ?
පුලුවන්.. ?
හොදා එහෙමනම් ඔයා මේ දැන් මගේ පරිගනකයට ඇතුලුවෙන්න..
 හ්ම් පුලුවන්ද?
බෑ නේද..! එක තමයි.. 

ඇත්තටම පරිගනකයකට හොරෙන් ඇතුල් වෙන  එක ම නෙමේ Hacking කියන්නේ.. Hack කරන්න පුලුවන් විදියට Software එකක් හරි Device එකක් හරි ඔයාට හදන්න පුලුවන්නම්, අන්න එතැනයි හැකින් තියෙන්නේ. තේරුනේ නෑ නේද.. මටනම් පුලුවන් මේ මොහොතේ ලොකේ ඕනම තැනක තියෙන පරිගනකයක් මගේ අනට කීකරු කරගන්න. ලොකු කමකට නෙමේ කියන්නේ.. නමුත් ඒ සදහා මම කරන්නේ පොඩි දෙයක්.. ඒ අදාල පරිගනකය හා සම්බන්ද වෙන්න පුලුවන් පොඩි Program එකක් හදනව.. ඊට පස්සේ කුමන හෝ ක්‍රමයකට මම මේ Program එක එයාගේ පරිගනකයට දානව.. දැන් මම මෙහෙ ඉදන් අන්තර්ජාලය භාවිතාකරල මම දෙන Command අනුව එම පරිගනකය ක්‍රියාකරවන්න පුලුවන්. ඒත් මම දෙන Command වලට ක්‍රියාත්මක වෙන්න පුලුවන් විදියට මම කලින්ම සැලසුම් කරපු වැඩසටහනක් තමයි මම අර පරිගනකයට දාන්නේ.. එහෙම නැතුව වැඩසටහන් දැම්ම පලියට මුලු ලෝකෙම අතට ගන්න බෑ.. උදාහරනයක් ගමු.. මට ඕනේ ඒ පරිගනකය Shutdown කරන්න නම් මම අර හොරාට රිංගවන වැඩසටහනට පුලුවන් වෙන්න ඕනේ Shutdown කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලබාගන්න නොලැබෙන features  මට  access කරන්න පුලුවන්.

මම නිර්මාණය කරපු Lion Dictionary වැඩසටහනේ Update එක වැඩ කරන්නේ මේ හා සමාන ක්‍රමවේදයක් යොදාගෙන. දැන් කට්ටිය බය වෙන්න එපා.. මට ඔයාලව හැක් කරල මොනා කරන්නද.. ඇත්තටම මම වැඩසටහන නිර්මාණය කලේ නව Update එකක් සැකසූ පසු එය දැනුම් දෙන්න පුලුවන් විදියට . ඒකෙන් කාටවත් හානියක් වෙන්නේ නෑ.. ලොකේ කොහේ හිටියත් අන්තර්ජාලයට සම්බන්ද උන සැනින් මට පුලුවන් හැමෝටම මේ ගැන දැනුම් දෙන්න. මගේ චේතනාව මෙතනදී යහපත්.. ඒනිසා හානියක් නෑ..

දැන් එතකොට මොකක්ද මේ Device එකක් හදන කතාව. හැක් කරන්න සමහරු පොඩි පොඩි ගැජට් හදනව. සරල උදාහරනයක් කිව්වොත් සමහරු දන්නේ නැතුව ඇති සමහර උපකරන නිර්මානය කරන්න පුලුවන් Keyboard එකේ එන දත්ත ලබා ගන්න පුලුවන් විදියේ.




Keyboard එක එන Cable එක මෙවැනි උපකරනයකට සම්බන්ද කිරීම පමනක් සෑහෙනව. ඊට පස්සේ ඒ උපකරනය හරහා තමයි පරිගනකයට සම්භන්ද වෙන්නේ. කව්ද පරිගනකයකින් වැඩකරන්න ඉස්සෙල්ල මේ වයර් බලන්න යන්නේ. ඔහේ වැඩ කරගෙන යනවනේ.. දැන් ඉතින් Login Password, FB,Gmail මේ හැම දේම අන්සතු වෙනව. 

හැකින්..
 ඔව් තවත් එක වීරක්‍රියාවක් කියල හිතන්න එපා.. මෙව දැනුමක් පමනක් කර ගන්න. නැතුව කාටවත් හිංසාවක් කරන එක නිවට කමක්.. ඉගෙන ගන්න කාලේ පොඩි පොඩි ආතල් ගත්තට කමක් නෑ.. හැබැයි ඇස් රතුවෙන විහිලු කරන්න නම් එපා.. මේ මගේ Style එක.. මම හොයාගත්තු ක්‍රමවේදයක්. නැතුව මට අහවල් කැම්පස් එකකින් හෝ පොත පතකින් ලැබුනු දැනුමක් නැහැ.. 
මේවාට යොදාගන්න තාක්ශනික නම් වත් මම දන්නේ නැහැ.. මට ඒව වැඩක් නෑ.. මම මගේ පාඩුවේ මටම ආවේනික දැනුමක් ගොඩනගාගන්න උත්සහ දරන කෙනෙක් විතරමයි. මම කිසිම තැනකදි විශිෂ්ට නැහැ..
මේ දැනුමත් උදේ ඉදන් රෑ වෙනකන් විවිද වෙබ් අඩවි කියවල , කල්පනා කරල, මා විසින්ම අවබෝද කරගත්තු දෙයක්. අපි ඊලග ලිපියෙන් මේ මාතෘකාව තවත් ඉදිරියට ගෙන යමු. රැදී සිටින්න.


Thursday, October 3, 2013

ඕනම Android දුරකතනයක් Root කරන්න කියාපු බඩුව


 යාලුවනේ ගොඩ කාලෙකට පස්සෙ තමා මම මගේ බ්ලොග් එක පැත්තට ආවේ.. Call කලාට Massage කලාට වැඩක් නෑ ඉස්සෙල්ල රාජකාරිය, පස්සේ තමා මේ වැඩ ගැන බලන්න වෙන්නේ. තරහ නෑනේ. මන් දන්නව ඔයාල එහෙම තරහ වෙන්නේ නෑ.. හොදා හොදා.. 
මොකක්ද මන් අද ඔයාලට කියල දෙන්නේ කියල හිත හිත ඉන්න කොට තමා යාලුවෙක්ගෙන් Call එකක් ආවෙ එයා එයාගෙ 
Android Smart Phone එක Root කරන්න ගිහින් දැන් ඔන් වෙන්නේ නෑ කියල. ඉතින් මේක අපේ ගොඩක් යාලුවොන්නට් වෙලා තියෙනව. හරියට දන්නේ නැතුව Root කරන්න ගියාම ඔහොම වෙනව. සමහරු උඩ පැන පැන Root කරන්න හදනව.. "මොකක්ද බන් Root කරනව කියන්නේ " කියල ඇහුවම අහස පොලව ගැට ගහන්න කල්පනා කරනවා. සමහරු හිතන්නේ Root කරනවා කියන්නේ Sinhala Font දාන එකට කියල. Heee
මේව ඇහුවම සමහරුන්ට වෙන වෙන තැන් වලිනුත් හිනා යයි.. Lol.:P..
ROOT කරනව කියන එක ගැන තවම අවබෝදයක් නැති අය මේ ලිපිය ඉස්සෙල්ල කියවන්න   
READ
හරි එහෙම බෑ බොලව් දන්නේ නැති උන්ටයි දන්න උන්ටයි ඔක්කොටම ලේසියෙන්ම Phone එක Root කරන්න පුලුවන් Software කෑල්ලක් දෙන්නම් දැන්වත් වද දෙන්න එපා බන්.. අරක ඔන් වෙන්නෑ මේක ඔන් වෙන්නෑ කියල.. (Joke හොදේ) . :P




මේක තනිකර Korian භාශාවෙන් හදල තියෙන්නේ.. නමේ අස්සෙනුත් Koran කෑල්ලක් ගහල. මම Koran භාශාව දන්නේ නෑ.. ඒත් එකෙක් කිව්ව මේකෙ නම ROOT Master කියල. වෙන්න බැරි නෑ. නම වගේම තමා මෙයාගෙ වැඩ. 
දැන් කට්ටිය Koran Language ඉගෙන ගන්න ඕනේ නෑ. මේක ඕන කෙනෙක්ට තේරෙනව.. හරිම ලේසියෙන් භාවිත කරන්න පුලුවන්. ඇත්තම කිව්වොත් මේකෙ ක්‍රියාකාරිත්වය ගැන මම පැහැදිලි කරන්න යන්නේ නෑ. ඒ තරමටම සරලයි. හිතන්නේ මේ Software එක හෙන සයිස් කියල නේද.. පිස්සු හැදෙයි... 5MB He Heee

හැබැයි කිසිම වගකීමක් මම ගන්නේ නෑ හොදේ.. කරන නොකරන එක ඔයාලගේ වැඩක් 

5MB





මම මේ ක්‍රමේට Galaxy Y, Galaxy S සහ Alcatel එකක් Root කලා. ඉතින් මට අව්ලක් නම් ගියේ නෑ.. ඉතින් යාලුවනේ ඔයාල Root කරල හරි ගියාට පස්සේ නිකන් ඉන්න එපා.. පොඩ්ඩක් මේ පැත්තේ ඇවිත් Phone එකේ Model එක දාල ප්‍රතිචාරයක් දාන්න තරම් කාරුණික වෙන්න. මොකද තවත් ඔයාගේ වගේම දුරකතනයක් තියෙන කෙනෙක් මේක කරනවාද නැද්ද කියල බයෙන් ඉන්න පුලුවන්. ඔයාගේ සාර්තකත්වය දැක්කම එයාටත් බය නැතුව වැඩේට බහින්න පුලුවන්. ඒක ලොකු උදව්වක්. ප්‍රයෝජනයක් උනානම් මේ ලිපිය ප්‍රතිචාරයක් දාල යන්න අමතක කරන්න එපා..