ඔන්න ඉතින් අයෙමත් පොඩි ලිපි කට්ටක් ලියන්න හිතුනා . ඊයේ පෙරේදා අපේ චින්තයියගේ බ්ලොගියේ ෆෝල්ඩර් වල බැක්ග්‍රවුන්ඩ් එක මාරු කරන්න පොඩි සොෆ්ට්වෙර් කැල්ලක් දීලා තිබුනා නේද ? දේශීය නිෂ්පාදනයක් . මමත් එක බා ගෙනඑකේ ක්‍රියාවලිය ටිකක් අධ්‍යනය කරා එතකොට මට තේරුනා මේක සොෆ්ට්වෙර් එක නැතුව නෝට්පෑඩ් එක මගිනුත් කරන්න පුළුවන් කියලා . අන්න ඒ සිස්ටම් එක මම අද ඔයාලට කියල දෙන්න හදන්නේ .
එහෙනම් notepad එක open කොරෝලා මෙන්න මේ විදිහට ටයිප් කරන්න . ටයිප් කරන්න කම්මැලි වගේ නම් copy . pest කරන්න
[AveFolder]
IconArea_Image=bg_Image.jpg
Recursive=0
ShadowedText=0
TextR =0
TextG =0
TextB =0
දැන් මේ txt ෆයිල් එක save as ගිහින් desktop.ini කියලා නම ගහලා ඔයාට බැක්ග්‍රවුන්ඩ් එක දාන්න ඕන ෆයිල් එක ඇතුලට save කරන්න
දැන් බැක්ග්‍රවුන්ඩ් එක දාන්න ඕන ෆයිල් එක ඇතුලට ඔයාට බැක්ග්‍රවුන්ඩ් එක විදිහට දාන්න ඕන ෆොටෝ එක copy කරගන්න ඊට පස්සේ ඒ ෆොටෝ එක bg_Image කියලා rename කරන්න දැන් folder option ගිහින් hidden කරන්න. දැන් ඉතින් වැඩේ ඉවරයි දැන් ඒ ෆෝල්ඩර් එක
close කරලා යේ ඔපෙන් කරලා බලන්න වැඩේ හරි නේ ...
Showing posts with label Tricks. Show all posts
Showing posts with label Tricks. Show all posts
Friday, February 28, 2014
Sunday, February 23, 2014
sudoku හරි ලේසියි
ගොඩ කාලෙකින් බ්ලොගියට ලිපියක් ලියන්න හිතුවා . exam result ආවට පස්සේ මම හිතන්නේ මේ බ්ලොගියට ලිපියක් ලියනවමයි. result නම් ඉතින් මෙලෝ රහක් නැ .( බලාපොරොත්තු උන විදිහටම ) ඉතින් 2nd ෂයි එකට වැඩ ඇරඹුවා . එකයි වෙලාවක් නොතිබුනේ බ්ලොගියට ලිපියක් ලියන්න .මේ ලිපිය ලියන්න නිධාන කතාව උනේ මේකයි . මේ පාඩම් කරන අල්ල පනල්ලේ 4න් එක උඩ ඉඳගෙන ෆෝන් එකේ display එකත් ගියා. display එක නැතුව නිකන් පිස්සු වගේ , එක හින්දා අම්මට බර බරේ දාලා ගත්තා අලුතෙන්ම nokia 105 ෆෝන් එකක් . අපිට කොහෙන්ද ලොකු ලොකු ඒවා ගන්න සල්ලි . තියන සොච්චමෙන් එපයි හැම එකක්ක්ම කරන්න .. ෆෝන් එක ගත්තට පස්සේ ෆෝන් එකේ තියන හැම දෙයක්ම බලනවනේ ඉතින් කවුරුත් .. ඔහොම බල බල ඉන්න කොට හම්බු උනා ගේම් පොඩ්ඩක් . ගේම් එකේ නම sudoku try කොරෝලා බැලුවා බැලුවා ගහන්න තේරෙන්නෙම නැ .. ඕන දෙයක් වෙච්චාවේ කියලා ටිකක් හොයලා බැලුවා . බඩු අතේ මාට්ටු උනා ..ගේම් එක ගහන්න දැනගත්තාට පස්සේ ඉතින් ගහල බලන්න එපයි . ගහලත් බැලුවා . මට සුපිරියටම අල්ලලා ගිය නිසා ඔයාලටත් කියල දෙන්න හිතුනා . එකයි ලිපිය ලියන්න හිතුවේ . ඇත්තටම sudoku කියන්නේ කාගෙවත් අවදානෙට ලක් නොවුණු ( ලංකාව තුල ) සුපිරිම ගේම් එකක් . හිතන්න පුරුදුවෙන්න සුපිරිම බන්ඩිය.ගොඩක් කස්ටිය මේ ගේම් එකේ ruls දන්නේ නැති නිසා ගේම් එක සෙල්ලම් කරන්නේ නැ . එක නිසා මම අද ඔයාලට මේකේ ruls ටික කියල දෙන්නම් . ruls දන්නවා කියන්නේ මේ ගේම් එක සෙල්ලම් කරන්න දන්නවා කියන එක . හරි එහෙනම් වැඩේ පටාන් ගමු
ගේම් එක පටන් ගන්නකොටම තියෙන්නේ නිකන් කොටු ගොඩක් ඇතුලේ ඉලක්කම් ටිකක් මේ වගේ මෙන්නේ මේවයි මේකේ ruls
01).මේ ලොකු කොටුව ඇතුලේ තියන පුංචි කොටුවල තිරස් අතට එකම ඉලක්කම දෙපාරක් යොදන්න බැ
02).සිරස් අතට තියන පුංචි කොටුවලත් එකම ඉලක්කම දෙපාරක් යොදන්න බැ
03).ලොකු කොටුව ඇතුලේ හයිලයිට් කරලා තියන තරමක් ලොකු කොටු තියෙන්නේ අන්න ඒ කොටු ඇතුලෙත් එකම ඉලක්කම දෙපාරක් යොදන්න බැ
* නිකන් තේරුනේ නැ වගේ දැනෙනවානම් මේ වීඩියෝ එකත් බලලම ඉන්නකෝ .
ගේම් එක පටන් ගන්නකොටම තියෙන්නේ නිකන් කොටු ගොඩක් ඇතුලේ ඉලක්කම් ටිකක් මේ වගේ මෙන්නේ මේවයි මේකේ ruls
01).මේ ලොකු කොටුව ඇතුලේ තියන පුංචි කොටුවල තිරස් අතට එකම ඉලක්කම දෙපාරක් යොදන්න බැ
02).සිරස් අතට තියන පුංචි කොටුවලත් එකම ඉලක්කම දෙපාරක් යොදන්න බැ
03).ලොකු කොටුව ඇතුලේ හයිලයිට් කරලා තියන තරමක් ලොකු කොටු තියෙන්නේ අන්න ඒ කොටු ඇතුලෙත් එකම ඉලක්කම දෙපාරක් යොදන්න බැ
* නිකන් තේරුනේ නැ වගේ දැනෙනවානම් මේ වීඩියෝ එකත් බලලම ඉන්නකෝ .
Thursday, February 6, 2014
avast! PREMIER 2014 හැම දාටම තියාගන්න
හැම දාටම තියා ගන්න කිව්වට මට නම් කරදරයක් නැතුව මාස 6 ක් වැඩ කලත් ඇති. මොකද මම මාස 6න් 6ට Windows දානව .. ඒ මොකද කියල කියන්නේ නෑ.. ඒක රහසක්. ඇත්තටම මම දැන් ඉස්සර වගේ Software Pach කරන හැටි සහ Crack කරන හැටි තියෙන පෝස්ට් දාන්න පොදුවේ අකමැතියි. නමුත් Virus වලින් ඔයාලව බේරගන්න පුලුවන්නම් ඒක ගොඩක් වටිනව කියල හිතෙනව.
avast ගැන කියා දෙන්න නම් නමේ යන්නේ.. avast ගැන නොදන්න අය නෑ.. ඒ අනෙකුත් Virus Guard වලට වඩා බොහෝ දෙනෙකුගේ විශ්වාසය දිනා ගෙන සිටින නිසා. මෙයාල 2014 වසරේ මුලදීම එයාලගේ නවතම avast 9 (2014) සංස්කරනය නිකුත් කලා. එකක් නෙමේ වර්ග 3ක් එයාල Users ල සදහා නිකුත් කලා..
පහලින් මම දාල තියෙන්නේ එයාලගේ නවතම සංස්කරන ටික
ඉතින් මේක බැලුව ඕන කෙනෙක්ට තේරෙනව avast VG එකෙත් මොඩල් 3ක් තියෙන බව සහ ඉන් හොදම එක avast Premier බව.. නමුත් avast Premier , Avast Free වගේ නිකන් නම් දෙන්නේ නෑ.. මෙක තනි පරිගනකයකට මිලදී ගන්නවනම් $39.99 ක් වෙනව..
ඉතින් මම ඔයාලට කියල දෙන්නම් මේ avast Premier 2014 සදාකාලික කරගන්න හැටි. මෙතනදි අපි ඉස්සෙල්ලාම Virus Guard එක Download කරගන්න එපැයි. අපි Download කරගන්නේ ඔය එක එක අහවල් Web Site වලින් නෙමේ.. කෙලින්ම avast නිල වෙබ් අඩවියෙන් පට්ට Original Software එක තමා Download කරන්නේ.. ඒක මම හිතනව ඔයාලගේ හිතටත් හොදයි කියල.. ඊලගට මම ඔයාලට මේ පහල දාල තියෙන Video එකේ විදියට වැඩේ කරගෙන යන්න.. මේ Guard එක සුපිරියට වැඩකරයි. කිසි කරදරයක් නෑ..
>> මෙතනදි මම භාවිතා කරන තියරිය ඔයාලට පැහැදිලි කරන්නම් ඊලගට Video එක බැලුවම තවත් ඔයාලට පැහැදිලි වෙයි.
ඉස්සර වගේ නෙමේ දැන් Virus Guard එක Internet තියෙන කොට Avast server එකත් සමග Data Communicate කරනව.. ඔය නිසා තමයි අපි මොන සෙල්ලම් දාල Key දුන්නත් සුලු මොහොතකින් මේ Virus Guard එක හොරට Activate කලා කියල අල්ලන්නේ.. නවතම Virus Guard එකේ මේ තියරිය සැරටම තියෙනව.. මේක නවත්තන්නේ කොහොමද.. හ්ම් ඒවට තමයි Firewall කියල එකක් තියෙන්නේ.. මම Firewall එකෙන් avast Software එකේ Outer Communication නැත්තන් Internet හරහා, භාහිරත් සමග කරන ගනුදෙනු Block කරනව.. හි හී..(lol) දැන් ඉතින් කැලේ මැදට ගිහින් අත ඇරිය වගේ තමයි.. ආයේ ජීවිතේට හොයන්න බෑ එයාලට අපි හැන. මේක Hostfile හරහා Block කරනවට වඩා සාර්තකයි.
>> ඊලගට මම මේක Crack කරන්නයි යන්නේ.. මේ Crack එක Virus එකක් නම් නෙමේ.. මේකෙන් කරන්නේ මොනා හරි සෙල්ලමක් දාල program එකට බලෙන්ම key එකක් ඇතුල් කරන එක.. අවාසනාවට Avast Guard එකේ තියෙනව තාක්ශනයක් Self Defend Module කියල ක්‍රමයක්. හිතන්නකො ඔයා මොකක් හරි virus එකක් හොරෙන් ඉස්සෙල්ලම Virus Guard එකට ගේම දෙන්න හදනව කියල, අපි කියමුකො avast එකේ file Content එක delete කරන්න වගේ හදනව කියල.. avast එකට පුලුවන් මේ හොර වැඩේ හදුන ගන්න.. ඉතින් Crack කරන කොටත් මේ තියරියමයි සිද්ද වෙන්නේ.. ඒ නිසා ලේසියෙන් Guard එක Crack වෙන්නේ නෑ.. ඉතින් මම මොකද කලේ.. crack වෙනකන් තාවකාලිකව මේ Self Defend Option එක Disable කරන එක.ඉතින් Crack කලාට පස්සේ ආයෙත් ඒක Enable කරගන්න..
ඔච්චරයි මෙතන තියෙන සිද්දාන්තය.. පහල Video එක බලන්න. ඔයාට වැඩේ තේරෙයි එලකිරි වගේ..
Download Avast Primier 9 (2014)
Download Activator:
ඉතින් ලිපිය වැදගත් කියල හිතෙනවනම් ප්‍රතිචාරයක් දාන්න
Sunday, December 22, 2013
හරියට Game එකක් Install කරන්න දන්නේ නැද්ද
අපේ Game ගහන අයියල මල්ලිල නංගිල අක්කිල ඔක්කෝටම ඔන්න අද මේ ලිපිය ගොඩාක් වැදගත් වෙයි. ඉස්සර නම් ඔය අපි පෙන්ටියන් 3 පරිගනක භාවිතා කරන සමයේ කඩෙන් CD එකක් උස්සන් ආව, Install කලාට දැන් තියෙන බොහෝ ගේම් DVD දෙක තුනේ දැවැන්ත ඒව. ඉතින් මේ ගේම් Install කරන්න පහසු නෑ.. අර tool ඉල්ලනව මේ Tools ඉල්ලනව.. මේ නිසා ගොඩාක් අය ටිකක් පැටලිල මේ සම්බන්දව.. ඔය අතර යම්තන් Game එක කොටල කොටල කනා ශොට් එකකින් දා ගන්න අයත් ඉන්නව.. දැම්මත් මොකද උනේ කියල එයල දන්නෙත් නෑ.. ඉතින් මේ ලිපියෙන් බලමු මේ ගැටලු සහගත තැන් නිරාකරනය කර ගන්න.
ඇයි අද කාලේ පරිගනක ක්‍රීඩාවක් මෙතරම් විශාල ?
නම් වශයෙන් නොකිව්වාට සමහර අලුත් පරිගනක ක්‍රීඩා DVD දෙකේ හතරේ.. මහ දැවැන්ත අන්තර්ගතයක් තියෙන්නේ.. මේව Install කලාට පස්සේ පරිගනක දාරිතාවයෙන් 20GB සමහර විට ඊටත් වඩා වැඩි ඉඩ කඩක් ගන්න අවස්තා තියෙනව.. අද කාලේ පරිගනක තාක්ශනය වගේම භාවිතා කරන පරිගනක දෘඩාංග වල කාර්යක්ශම තාවය සහා ප්‍රමානාත්ම තාවය සැලකිය යුතු තරම් වැඩි වෙලා තියෙනව. හිතන්න ඉස්සර පරිගනකයක 20GB Hard Disc භාවිතා කල අතර අද වෙන විට එය 500GB 1TB 2TB වගේ වැඩි වෙලා.. පෙර පරිගනක වලට වඩා වේගයද දසගුනයකට වඩා වැඩියි.. ගැරැෆික් පැත්ත ගත්තත් මේ ගුනාත්මක දියුනුවක් තියෙනව.. මේ නිසා පරිගනක ක්‍රීඩා නිර්මානය කරන සමාගම් අද කාලෙට ගැලපෙන උසස් පරිගනක ක්‍රීඩා නිර්මානය කරන අතර ඒවායේ තාත්වික බව අනර්ගයි. ක්‍රීඩාවක තාත්වික බව වැඩි වෙන්න ඒවායේ භාවිතා වන Graphic වල ගුනාත්මක භාවය සහ ශබ්ද ආදී අමතර සම්පත් වල ගුනාත්මක භාවය වැඩි විය යුතු අතර, එසේ වැඩි කිරීමේදී ඒවායේ ප්‍රාමානාත්මකව වැඩි දාරිතාවයක් පරිගනකයෙන් අත්පත් කර ගන්නව. පොඩ්ඩකට අපි අතීතයට හැරිල බැලුවොත් IGI පරිගනක ක්‍රීඩාවේ භාවිතා වූ Graphic quality එකට වඩා සිය ගුනයක් වැඩි දියුනු කරපු Graphic quality එකක් තියෙනව Call Of Duty 4 වගේ ක්‍රීඩාවක.. ඉස්සර කාලේ පරිගනක ක්‍රීඩා වල මිනිස්සු කතා කරන කොට අදාල වචනය පිට කිරීමේදී භාවිතා වන මිනිස් මුහුනේ ඇතැන් අංග චලනයන් අද වන විට 100% ක් නිවැරදි කර තිබෙනව.. ඉතින් මේ සියල්ලටම දැවැන්ත දත්ත ප්‍රමානයක් දරා ගන්න ඕනේ.. ඒ නිසා වැඩි ඉඩ කඩක් පරිගනකයෙන් යනව.
දැන් තරමක අවබෝදය එන්න ඇති මේ හා සම්බන්දව.. ඉතින් බොහෝ විට පරිගනක නිර්මානය කරන සමාගම් මේව එලි දක්වන්නේ තනි DVD ලෙස.. නමුත් අපිට ලැබෙන කොට කොහොමද DVD දෙකක් හෝ කීපයක් වෙන්නේ.. දැන් ඒ ගැන පොඩ්ඩක් හොයල බලමු.
ඇත්තටම මේ ක්‍රීඩා එන්නේ බොහෝ විට තනි DVD එකක් ලෙස. මේ DVD එකක් ගත්තම මේවා 8GB තරම් දාරිතාවයක් තියෙන Double layer DVD වෙනව. ඉතින් සාමාන්ය වෙලද පොලේ මේ වර්ගයේ DVD හොයන්න අමාරුයි. ඒ වගේමයි හොයා ගත්තත් මේව මිල වැඩියි.. අපේ අය්යල ඉතින් Game හොර පාරෙන් පන්නල අපිට දීල එයාලගේ ලාබේ හොයන්න ඉතින් පුලුවන් තරම් ලේසිම ක්‍රමයක් හොයා ගන්නව. ඒ නිසා තමා 4.7GB DVD කීපයකට මේ ක්‍රීඩාව Write කරන්නේ. සාමාන්යෙන් DVD තොග පිටින් ගන්න කොට එක DVD එකක ගාන වෙන්නේ රු. 15 ත් 19 ත් අතර මිලක්.
කොහොමද මෙයාල තනි 8GB DVD එකක් 4.7GB DVD දෙකකට කඩන්නේ කියල ඊලගට අපි බලමු.
බොහෝ විට මම දැකල තියෙන්නේ Original DVD එකේ Image එකක් හදා ගන්න එක. මොකක්ද මේ Image සීන් එක.. ඒකත් කියල දෙන්නම්කො එහෙමනම්. ඔයාල දන්නවනේ DVD හෝ CD වල දත්ත තැම්පත් කරන්නේ ලේසර් කදම්බයක් මගින් ඇති කරන සියුම් කඩතොලු රටාවකින්. යලි ඒ රටාව කියවීමෙන් අදාල දත්තය ලබා ගන්න පුලුවන් වෙනව. ඉතින් අපිට පුලුවන් මේ Original DVD එකේ මේ කඩතොලු රටාව පිංතූරයක් ලෙස පරිගනකයේ තැම්පත් කර ගන්න. ඒකට තමා DVD Image එකක් කියන්නේ.. ගොඩක් වෙලාවට මේවායේ Format එක .ISO වගේ තමා තියෙන්නේ.
දැන් සම්පූර්න DVD Image එක පරිගනකයට දා ගත්ත.. ඉතින් මේ Image එක බොහෝ විට 4GB ඉක්මවා යනව.. ඒ නිසා DVD එකකට ගහන්න බෑ.. ඉතින් අපි මොකද කරන්නේ මේ Image File එක කොටස් වලට කැබලි කරනව. අපි කියනව මේකට Split කරනව කියල. මේ සදහා Win-rar කියන වැඩසටහන යොදා ගන්නව.. Split කරන කොටත් ක්‍රම දෙකක් භාවිතා කරනව. අපි හිතමුකො DVD Image එක ඇවිත් 6GB වගේ File එකක් කියල.. ඉතින් අපිට පුලුවන් මේක එක පාර කොටස් දෙකකට කඩල DVD දෙකකට ගහන්න.. අනිත් කරුන තමා මුලු File එකම 20MB වගේ කුඩා කොටස් රාශියකට කඩන්න.. ගොඩක් වෙලාවට දෙවෙනි ක්‍රමය තමා භාවිතා කරන්නේ.. මොකද එත කොට හදිස්සියට DVD නැති වෙලාවක අපිට පොඩි PEN Drive එකකින් උනත් Data ටික දහපාරකට හරි ගෙනියන්න පුලුවන් නිසා.
මේ තියෙන්නේ ඒ වගේ කුඩා කොටස් වලට Split කරපු Game DVD එකක්.
කියවල තේරුනේ නැති අයට මේ පිංතූරෙ දෙසට අවදානය යොමු කරන්න
මූලික සිද්දාන්තය තේරුම් ගත්ත නම් ඊ ලගට මේ වගේ ක්‍රීඩාවක් Install කරන්න ඔයාටත් තනිවම පුලුවන්. ඉතින් Install කරන්න නම් ඔයා මොකද කරන්න ඔනේ.. මේ මම කියපු පියවර ටිකම අනිත් පැත්තට කරන්න.. ඒ අනුව ඉස්සෙල්ලාම කොටස් වශයෙන් කඩපු File වලින් Image එක ගොඩ නගා ගන්න වෙනව. ඉතින් මේ සදහා අපිට Winrar,7Zip වගේ වැඩසටහනක් භාවිතා කරන්න පුලුවන්.. මෙතනදි ගොඩාක් අයට මතුවන ප්‍රායෝගික ගැටලුව තමයි මොකක්ද මම File ගොඩක් අතරින් දිග හැරීම සදහා යොදා ගන්නේ කියල.. ගොඩක් වෙලාවට කුඩා File විදියට Split කරන කොට පිලිවෙලට a1.rar,a2.rar,a3.rar වගේ සංක්‍යාත්මක අගයකින් File නම් කරනු ලබනව.. ඉතින් ඔයා ඉස්සෙල්ලම දිග හරින්න ඕනේ පලවෙනිම අංකය තියෙන File එක.. එහෙම නොමැති වෙලාවට ඒ File අසලම ඊට වඩා වෙනස් File එකක් තියෙන්නත් පුලුවන්.. උදාහරනයක් ගත්තොත්.. a.rar a1.rar,a2.rar,a3.rar වගේ අවස්තාවක වෙනස්ම මාදිලියේ File එක වන්නේ a.rar. ඉතින් ඔයා Extract කරන්න ඕනේ අන්න ඒ File එක.. මේ විදියට File දිග හැරීමේදී එක්තරා අවස්තාවක දෙවන DVD එක ඉල්ලනව.. ඉතින් ඒක ලබා දෙන්න..
හොදා ඔන්න අපි DVD Image එක පරිගනකය තුල හදා ගත්ත කියමුකො.. දැන් මේ Image එක Read කලානම් Game එක Install කරගන්න පුලුවන් නේ.. මේ සදහා අපි Image mount කරන ඕනෑම වැඩසටහනක් යොදා ගන්න පුලුවන්. Image Mount කරන tool සමහර විට ඔයාල දන්නවත් ඇති. DAEMON-Tools, Alcohol 120%, Magic ISO ඉන් සමහරක්.. මේ වැඩසටහන් වලට පුලුවන් කෘතීම DVD Rom එකක් පරිගනකය තුල ගොඩ නගන්න.. අපි මේවට කියනව Virtual CD/DVD-ROM කියල.. ඉතින් මේ වැඩසටහනක් මගින් අපිට පුලුවන් අර Image එක virtual rom එක හරහා open කරන්න..
Game එක්ක මේ Tools බොහෝ විට ඔයාලට සපයනව. ඒත් හොදට මතක තියා ගන්න ඒ tools ම භාවිතා කරන්න කියල නියමයක් නෑ.. සිද්දාන්තය තේරුනානේ.. ඉතින් ඔයා 7zip වලින් Extract කලා කියල Game එක වැඩ කරන්නේ නැතුව යන්නේ නෑ.. ඒ වැඩේට Winrar ම ඔනේ නෑ.. ගොඩක් අය DAEMON-Tools ම භාවිතා කලාට Image එකක් Mount කරගන්න පුලුවන් ඕනෙම වැඩසටහනක් භාවිතා කරන්න පුලුවන්
ඊලගට ඔයා Game ගහන කෙනෙක් නම් නිරන්තරයෙන් ඔයාගේ පරිගනකය තුල අලුත්ම DerectX version එක ස්තාපිත කර ගන්න.. මොකද බොහෝ පරිගනක ක්‍රීඩා මේ DerectX තාක්ශනයට අනුකූලව නිර්ම්මානය කරන නිසා DerectX ඉතා වැදගත්..
ඉතින් මම මෙතනදී සරල සිද්දාන්තයක් කියල දුන්නේ.. නොතේරෙන කෙනෙක්ට අවබෝද වෙන්න.. සාමාන්‍යෙන් මම නම් පරිගනක ක්‍රීඩා Play කරන්න එච්චරම කැමැත්තක් නම් නෑ..
ඉතින් හිතනව අපේ යාලුවොන්ට මේ ලිපිය වැදගත් වෙයි කියල. මේ පිලිබදව තව විස්තර දැන ගන්න හරි, මේ පිලිබද නොතේරෙන කෙනෙක් හරි ඉන්නවනම් මාව දුරකතනය ඔස්සේ සම්බන්ද කර ගන්න.
(චින්තක දේශප්‍රිය : +94 75 760 694 3)
Tuesday, December 17, 2013
යු.පි.එස් ගැන සරල විස්රරයක් වගේම බැටරිය මාරුකිරීම. (How to Replace a UPS Battery)
UPS එකක් මතක් වෙන්නේ ඉතින් අපි Computer එකෙන් වැඩක් කර කර ඉන්න වෙලාවක Power Cut එකක් ගියාම.. ඒ නිසා බොහෝ දෙනෙක් UPS ගන්නව. නමුත් මේ මොන UPS එකත් පරිගනකයේ අනෙක් උපාංග හා සසදා බැලීමේදී ඉක්මනට සවුත්තු වෙලා යනව. ඒකට ප්‍රදානම හේතුව තමා මේවායේ ඇතුලේ තියෙන බැටරියක් තිබීම. බොහෝ විට මේ බැටරියක් වසර දෙකක් පමන තමා භාවිතා කරන්න පුලුවන් වෙන්නේ.. ඊට පස්සේ අර UPS එකට ඇත්තටම මොකද වෙන්නේ.. ගොඩ දෙනෙක් නම් ඕක විසි කරල අලුත් එකක් ගන්නව. මොකද ඔරලෝසුවකට බැටරි දානව වගේ පහසුවෙන් මේවායේ බැටරි මාරු කිරීමට නොහැකි වීමයි.. මේ වීඩියෝ එකෙන් UPS එකක බැටරිය මාරු කරන ආකාරය ඉතා සවිස්තරාත්මකව කියල දෙනව. මේ වීඩියෝ එක මම ලබා ගත්තේ Techකතා The Magazine වෙබ් අඩවියෙන්.. ඉතින් මේ වීඩියෝව නිර්මානය කල කාලිංග අය්යට ගොඩාක් ස්තූතිවන්ත වෙනව.
වීඩියෝ එක නිර්මානය කලේ Kalinga Athulathmudali
Facebook : https://www.facebook.com/groups/Tkatha/
Google Group : http://groups.google.com/group/techkatha
Twitter : http://twitter.com/kalinga
Sunday, December 1, 2013
Schoollk Android App එකක්
ආදරනීය Schoollk මිතුරනි.. ඔන්න ඔයාල Android දුරකතනයක් හෝ Android Tab එකක් පාවිච්චි කරනවද.. එහෙනම් මෙන්න Schoollk App එක ඔයාලගේ උපකරනයට දාගන්න.. අපේ නවතම තාක්ශනික ලිපි මේ App එක ඔස්සේ ඔයාලට ලබා ගන්න පුලුවන්.
Download APK
Wednesday, November 27, 2013
Monday, November 25, 2013
කොහොමද File එකක් Compress වෙන්නේ..
තාක්ශනය හරිම පුදුමාකාරයි. ඒත් මේ අරුම පුදුම තාක්ශනයේ පසුබිම සහ ක්‍රියාවලිය සොයා බැලුවම ඇත්තටම ඒතන පුදුම වෙන්න දෙයක් තියෙනවද කියලත් හිතෙන තරම්. අද මම ඔයාලට File Compress වීමේදී සිදුවන ක්‍රියාවලිය තරමක් දුරට පැහැදිල කරන්නයි යන්නේ.. ඉස්සෙල්ල බලමු මොකක්ද මේ Compress වීම කියන්නේ කියල.. ඔයාල දන්නවනේ ගොඩක් වෙලාවට අන්තර්ජාලයෙන් බාගත කරගන්න තියෙන File Zip හෝ RAR ආකාරයට පවතිනව.. ඕනෑම කෙනෙක් පුදුම කරන හැකියාවක් මේ ZIP හෝ RAR File වලට තියෙනව. ඒ තමා මේ File Extract එහෙමත් නැත්තන් දිග හැරූ විට මේ File එකට වඩා අන්තර්ගතය විශාල වීමයි.. ඒ කියන්නේ මේ තාක්ශනයට පුලුවන් දත්තවල සැබෑ ප්‍රමානයට වඩා හැකිලීමකට ලක් කරන්න.. ඉතින් පුදුම සහගත කරුන කියන්නේ ඇතැම් 4GB තරම් දැවැන්ත ගොනු 10MB වගේ වෙනකන් හැකිලූ වෙලාවල්.. අපිට දැක ගන්න පුලුවන්.. මම දැකපු එක්තරා File එකක් 10GB තරම් ගොනුවක් 100MB තරමට Compress කරල තිබ්බ.. ඉතින් මේව දැක්කම පුදුමත් හිතෙනව තමා..
පොදුවේ බොහෝ දෙනෙක් File compress කිරීමේ ක්‍රියාවලියෙන් බලාපොරොත්තු වෙන කරුනු 5ක් මම දැකල තියෙනව.
01.දත්ත Compress කිරීම
Email කරන්න Upload කරන්න විශාල File අපහසුයි.. මේ නිසා බොහෝ දෙනෙකු File ZIP හෝ RAR කිරීමට හුරුවී සිටිනව.. ඒකත් නරකම නෑ..
02.File සහ Folder එකතු කර තනි ගොනුවක් බවට පත් කිරීමට
ඇතැම් අය Compress කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ දත්ත හැකිලීමට නෙමේ.. Folder සහ File තනි කට්ටලයක් සේ බැදල තියන්න.. මේක ගොඩාක් ප්‍රොයොජනවත් වෙන්නේ Upload කරන කොට.. ඕක හරියට මේ වගේ.. පාසල් ලමයි පොත් ටික අතේ අරන් යනවට වඩා බෑග් එකක දාල ගෙනියන කොට ගොඩක් පහසුයි නේ.. ආන්න ඒ වගේ.. දත්ත එහෙ මෙහෙ යවන කොට කෑලි හැලෙන්නේ නැතුව එක මිටියක් සේ බැදල ගන්න පුලුවන් උපක්ක්‍රමයක් විදියට Zip කිරීම සිදුකරනව..
03.දත්ත කොටස් කර කැඩීම (Split) කිරීමට..
ඔන්න ඔයා ලග තියෙනව 4GB තරම් දැවැන්ත File එකක්.. මේක වෙන Computer එකකට ඔයාට ගෙනියන්න ඕනේ.. ඒකට ඉතින් Pen Drive එකක් තිබ්බොත් ඇතිනේ.. කරුමෙ කියන්නේ ඔයා ලග තියෙන්නේ 2GB Pen එකක්.. මලා දැන් කොහොමද අර File එක දාන්නේ.. Split කිරීම එහෙමත් නැත්තන් දත්ත කැඩීම ඕන වෙන්නේ මෙන්න මෙතනදී..Split කිරීමේදී අදාල දත්තය කුඩා කොටස් වලට කැබලි කරනව.. එක කෑල්ලක Size එක ඔයාට කල් තියාම තීරනය කරන්න පුලුවන්.. ඒ අනුව ඔයා CD එකකට නම් 700MB වෙන්න ප්‍රධාන ගොනුව, උප කොටස් වලට කැබලි කරන්න පුලුවන්.. 2GB පෙන් එකක් නම් ආසන්න වශයෙන් 1.7 GB වෙන්න කඩන්න පුලුවන්.. ඒ අනුව [4GB / 1.7GB = File 3ක් (ආසන්න වශයෙන්)] අපිට ගන්න පුලුවන්.. දැන් මේ දැවැන්ත File එක අවස්තා 3 කින් අපිට ගෙනයන්න පුලුවන් වෙනව නේද.. ඉතින් සමහරු Data Compression මගින් Compress කිරීමට වඩා එහා ගිය දේවල් කරගන්න තවත් අවස්තාවක් හැටියට මේ ක්‍රමය පෙන්වා දෙන්න පුලුවන්.
04.දත්ත ආරක්ශා කිරීමට.
දත්ත Compress කල පසු එය යලි Extract කලාම කලින් තිබූ දත්තය ලබා ගන්න පුලුවන්.. ඒත් Compress කිරීමේදී අපිට රහස් අංකයක් මගින් මේ සමස්ත file එකම lock කරන්න පුලුවන්.. ඉතින් ඔයාලට අමුතුවෙන් Folder Lock ඕන වෙන්නේ නෑ.. මේ විදියට දත්ත ආරක්ශාකරන්න පුලුවන් බවත් මතා තියා ගන්න.
05.දත්ත virus වලින් ආරක්ශා කිරීමට.
විශේෂයෙන්ම Software වගේ ගත්තම ඒවායේ Setup file, පරිගනක තුල නිකරුනේ තියන් ඉන්න එක මම අනුමත කරන්නේ නෑ කිසිම වෙලාවක. මොකද සමහර Virus වර්ග තියෙනව exe file තුලට ඇතුලු වෙන.. එතැන් පටන් විශ්වාසනීය Setup file එක නොදැනුවත්වම Virus එකක් බවට පත් වෙනව.. හොදම දේ DVD වලට ගහල පරිස්සමෙන් තියා ගන්න එක. ඉතින් සමහරු exe Setup File ZIP හෝ RAR බවට පත් කරනව, මේ Virus වලින් බේරෙන්න.. හ්ම්.. නරකමත් නෑ වැඩේ.. තවත් හොදයි Password එකක් දාලම Compress කලා නම්..
දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඇති මූලික වශයෙන් මේ දත්ත Compress කිරීම මගින් අපිට අත්වෙන වාසි.
ඇත්තටම File Compress කිරීමෙන් පසු එහි දාරිතාව පෙරට වඩා අඩු වීමක් දැක ගන්න පුලුවන්. සමහර වෙලාවට අපි කොච්චර සෙල්ලම් දාල Compress කලත් අපිට සෑහීමකට පත් වෙන්න පුලුවන් තරමට එම File එක හැකිලීමකට ලක් වෙන්නේ නැහැ. මේ හැම දේකට පිලි තුරු ඔයාලට මේ ලිපියේ අවසානයේ දැන ගන්න පුලුවන් වේවි.
කොහොමද මෙහෙම දත්තයක ප්‍රාමානය, එයට හානියක් ඇති නොවන විදියට අඩු කරගන්නේ.. ඇත්තටම බොහෝ වෙලාවට අපේ File වල අනවශ්‍ය ආකාරයට තොරතුරු තැම්පත් කරල තියෙනව.. නමුත් ඒ තොරතුරු ඒ විදියටම තියෙන්න ඕනේ.. ඒත් ඒව අනවශයයි.. මොකක්ද මේ හතර බීරි කතාව.. මේ බලන්නකො..
KAMAL LIKE TO APPLE,NIMAL LIKE TO ORANGE, BUT APPLE AND ORANGE NOT VEGETABLE.
බලන්නකො ඉහලින් මම ලියල තියෙන වාක්‍ය දිහා පොඩ්ඩක්.. බැලූ බැල්මට අපිට මේ වාක්‍යයේ අනවශ්‍ය දත්තයක් කියල දෙයක් නොපෙනෙන්නේ.. එමගින් අපිට හරියටම තොරතුරක් දෙන නිසා.. නමුත් මේක පරිගනකය පැත්තෙන් බැලුවම අනවශ්‍ය දත්ත ගොඩාක් තියෙනව..
මේ බලන්නකො..
KAMAL LIKE TO APPLE,NIMAL LIKE TO ORANGE, BUT APPLE AND ORANGE NOT VEGETABLE.
Apple කියන වචනය දෙවතාවක් යෙදිල.. Orange කියන වචනයත් එලසමයි.. Like කියන වදනත් දෙවතාවක් යෙදිල.. පොඩ්ඩක් හිතල බලන්න.. අපිට මේක පහසුවෙන් කියවගෙන යන්න පුලුවන් වාක්‍යක් උනාට මේ හැම අකුරකටම byte ගනනක මතකයක් පරිගනකයෙන් වෙන් කර ගන්නව නේද කියල..
අකුරකට විතරක් නෙමේ.. තිත කොමාව.. ඇයි Space. හිතන්න Apple කියන වචනය පරිගනකයේ byte 5 ක මතකයක් තුල තැම්පත් වෙනව කියල.. හොදා Apple ගැනම ලිව්ව පිටු 200 ක විතර Document එකක නිකමට හිතන්න Apple කියන වචනය කීපාරක් යලි යලිත් යෙදෙයිද (Repeat) කියල.. අපි හිතමු උපකල්පනය කරල 10,000 ක් විතර කියල.. එතකොට byte 5 හේ ඒවා 10,000.. ක් !! ආසන්න වශයෙන් 48.82 Kb ප්‍රමානයක්.. Compress වීමේදී එකම දත්තය යලි යලිත් එම document එක තුල ලිවීම නතර කරල එම දත්ත වල පිහිටීම පමනක් තබා ගන්නව. එතකොට Apple කියල වචන 10000 ක් නෙමේ එක වචනයක් පමනක් තියා ගන්නව. අනිත් සියලුම අතිරික්ත වචන හලනව.. ඒ නිසා ගොනුවේ බර චුට්ටක් අඩු වෙනව.. මේ Apple කතාවෙදි නම් 48Kb තරම් ප්‍රමානයක් අඩුවෙනව.. එක වචනයකින් 48kb කියන්නේ ඉතින් හැම වචනයකින්ම එකතු උනාම සමස්තය විශාල ප්‍රමානයක් අඩුකරගන්න පුලුවන් වෙනවනේ..
මේ මම ඔයාලට තේරුම් ගන්න පුලුවන් සරල උදාහරනයකින් Compress වීමේ යාන්ත්‍රනය කියල දුන්න .. ඉතින් Text Document එකක් දිහාම බලන්න එපා... අනෙකුත් Data වලදීත් Compress වීමේ යාන්ත්‍රනය මීට බොහෝ සෙයින් සමානයි..
ඉතින් මම හිතනව Compress වීම සම්බන්දව ඔයාලට තරමක අවබෝදයක් දැන් ලැබිල ඇති.. Compress වීමේදී ප්‍රදාන ක්‍රම දෙකක් උපයෝගී කරගන්නව.. අපි තව ටිකක් මේ මාතෘකාවට ගැබුරින් බැහැල කතා කරමු.
ඒ අනුව
දැන් ඕකම මේ පල්ලෙහා පින්තූරයේ විදියට හදනව..
තනි රතුපාට කෑල්ලක් යොදාගෙන කී වරක් එය Repeat වෙන්න ඕනෙද කියල ලබා දෙනව..
පොදුවේ බොහෝ දෙනෙක් File compress කිරීමේ ක්‍රියාවලියෙන් බලාපොරොත්තු වෙන කරුනු 5ක් මම දැකල තියෙනව.
01.දත්ත Compress කිරීම
Email කරන්න Upload කරන්න විශාල File අපහසුයි.. මේ නිසා බොහෝ දෙනෙකු File ZIP හෝ RAR කිරීමට හුරුවී සිටිනව.. ඒකත් නරකම නෑ..
02.File සහ Folder එකතු කර තනි ගොනුවක් බවට පත් කිරීමට
ඇතැම් අය Compress කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ දත්ත හැකිලීමට නෙමේ.. Folder සහ File තනි කට්ටලයක් සේ බැදල තියන්න.. මේක ගොඩාක් ප්‍රොයොජනවත් වෙන්නේ Upload කරන කොට.. ඕක හරියට මේ වගේ.. පාසල් ලමයි පොත් ටික අතේ අරන් යනවට වඩා බෑග් එකක දාල ගෙනියන කොට ගොඩක් පහසුයි නේ.. ආන්න ඒ වගේ.. දත්ත එහෙ මෙහෙ යවන කොට කෑලි හැලෙන්නේ නැතුව එක මිටියක් සේ බැදල ගන්න පුලුවන් උපක්ක්‍රමයක් විදියට Zip කිරීම සිදුකරනව..
03.දත්ත කොටස් කර කැඩීම (Split) කිරීමට..
ඔන්න ඔයා ලග තියෙනව 4GB තරම් දැවැන්ත File එකක්.. මේක වෙන Computer එකකට ඔයාට ගෙනියන්න ඕනේ.. ඒකට ඉතින් Pen Drive එකක් තිබ්බොත් ඇතිනේ.. කරුමෙ කියන්නේ ඔයා ලග තියෙන්නේ 2GB Pen එකක්.. මලා දැන් කොහොමද අර File එක දාන්නේ.. Split කිරීම එහෙමත් නැත්තන් දත්ත කැඩීම ඕන වෙන්නේ මෙන්න මෙතනදී..Split කිරීමේදී අදාල දත්තය කුඩා කොටස් වලට කැබලි කරනව.. එක කෑල්ලක Size එක ඔයාට කල් තියාම තීරනය කරන්න පුලුවන්.. ඒ අනුව ඔයා CD එකකට නම් 700MB වෙන්න ප්‍රධාන ගොනුව, උප කොටස් වලට කැබලි කරන්න පුලුවන්.. 2GB පෙන් එකක් නම් ආසන්න වශයෙන් 1.7 GB වෙන්න කඩන්න පුලුවන්.. ඒ අනුව [4GB / 1.7GB = File 3ක් (ආසන්න වශයෙන්)] අපිට ගන්න පුලුවන්.. දැන් මේ දැවැන්ත File එක අවස්තා 3 කින් අපිට ගෙනයන්න පුලුවන් වෙනව නේද.. ඉතින් සමහරු Data Compression මගින් Compress කිරීමට වඩා එහා ගිය දේවල් කරගන්න තවත් අවස්තාවක් හැටියට මේ ක්‍රමය පෙන්වා දෙන්න පුලුවන්.
04.දත්ත ආරක්ශා කිරීමට.
දත්ත Compress කල පසු එය යලි Extract කලාම කලින් තිබූ දත්තය ලබා ගන්න පුලුවන්.. ඒත් Compress කිරීමේදී අපිට රහස් අංකයක් මගින් මේ සමස්ත file එකම lock කරන්න පුලුවන්.. ඉතින් ඔයාලට අමුතුවෙන් Folder Lock ඕන වෙන්නේ නෑ.. මේ විදියට දත්ත ආරක්ශාකරන්න පුලුවන් බවත් මතා තියා ගන්න.
05.දත්ත virus වලින් ආරක්ශා කිරීමට.
විශේෂයෙන්ම Software වගේ ගත්තම ඒවායේ Setup file, පරිගනක තුල නිකරුනේ තියන් ඉන්න එක මම අනුමත කරන්නේ නෑ කිසිම වෙලාවක. මොකද සමහර Virus වර්ග තියෙනව exe file තුලට ඇතුලු වෙන.. එතැන් පටන් විශ්වාසනීය Setup file එක නොදැනුවත්වම Virus එකක් බවට පත් වෙනව.. හොදම දේ DVD වලට ගහල පරිස්සමෙන් තියා ගන්න එක. ඉතින් සමහරු exe Setup File ZIP හෝ RAR බවට පත් කරනව, මේ Virus වලින් බේරෙන්න.. හ්ම්.. නරකමත් නෑ වැඩේ.. තවත් හොදයි Password එකක් දාලම Compress කලා නම්..
දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඇති මූලික වශයෙන් මේ දත්ත Compress කිරීම මගින් අපිට අත්වෙන වාසි.
ඇත්තටම File Compress කිරීමෙන් පසු එහි දාරිතාව පෙරට වඩා අඩු වීමක් දැක ගන්න පුලුවන්. සමහර වෙලාවට අපි කොච්චර සෙල්ලම් දාල Compress කලත් අපිට සෑහීමකට පත් වෙන්න පුලුවන් තරමට එම File එක හැකිලීමකට ලක් වෙන්නේ නැහැ. මේ හැම දේකට පිලි තුරු ඔයාලට මේ ලිපියේ අවසානයේ දැන ගන්න පුලුවන් වේවි.
කොහොමද මෙහෙම දත්තයක ප්‍රාමානය, එයට හානියක් ඇති නොවන විදියට අඩු කරගන්නේ.. ඇත්තටම බොහෝ වෙලාවට අපේ File වල අනවශ්‍ය ආකාරයට තොරතුරු තැම්පත් කරල තියෙනව.. නමුත් ඒ තොරතුරු ඒ විදියටම තියෙන්න ඕනේ.. ඒත් ඒව අනවශයයි.. මොකක්ද මේ හතර බීරි කතාව.. මේ බලන්නකො..
KAMAL LIKE TO APPLE,NIMAL LIKE TO ORANGE, BUT APPLE AND ORANGE NOT VEGETABLE.
බලන්නකො ඉහලින් මම ලියල තියෙන වාක්‍ය දිහා පොඩ්ඩක්.. බැලූ බැල්මට අපිට මේ වාක්‍යයේ අනවශ්‍ය දත්තයක් කියල දෙයක් නොපෙනෙන්නේ.. එමගින් අපිට හරියටම තොරතුරක් දෙන නිසා.. නමුත් මේක පරිගනකය පැත්තෙන් බැලුවම අනවශ්‍ය දත්ත ගොඩාක් තියෙනව..
මේ බලන්නකො..
KAMAL LIKE TO APPLE,NIMAL LIKE TO ORANGE, BUT APPLE AND ORANGE NOT VEGETABLE.
Apple කියන වචනය දෙවතාවක් යෙදිල.. Orange කියන වචනයත් එලසමයි.. Like කියන වදනත් දෙවතාවක් යෙදිල.. පොඩ්ඩක් හිතල බලන්න.. අපිට මේක පහසුවෙන් කියවගෙන යන්න පුලුවන් වාක්‍යක් උනාට මේ හැම අකුරකටම byte ගනනක මතකයක් පරිගනකයෙන් වෙන් කර ගන්නව නේද කියල..
අකුරකට විතරක් නෙමේ.. තිත කොමාව.. ඇයි Space. හිතන්න Apple කියන වචනය පරිගනකයේ byte 5 ක මතකයක් තුල තැම්පත් වෙනව කියල.. හොදා Apple ගැනම ලිව්ව පිටු 200 ක විතර Document එකක නිකමට හිතන්න Apple කියන වචනය කීපාරක් යලි යලිත් යෙදෙයිද (Repeat) කියල.. අපි හිතමු උපකල්පනය කරල 10,000 ක් විතර කියල.. එතකොට byte 5 හේ ඒවා 10,000.. ක් !! ආසන්න වශයෙන් 48.82 Kb ප්‍රමානයක්.. Compress වීමේදී එකම දත්තය යලි යලිත් එම document එක තුල ලිවීම නතර කරල එම දත්ත වල පිහිටීම පමනක් තබා ගන්නව. එතකොට Apple කියල වචන 10000 ක් නෙමේ එක වචනයක් පමනක් තියා ගන්නව. අනිත් සියලුම අතිරික්ත වචන හලනව.. ඒ නිසා ගොනුවේ බර චුට්ටක් අඩු වෙනව.. මේ Apple කතාවෙදි නම් 48Kb තරම් ප්‍රමානයක් අඩුවෙනව.. එක වචනයකින් 48kb කියන්නේ ඉතින් හැම වචනයකින්ම එකතු උනාම සමස්තය විශාල ප්‍රමානයක් අඩුකරගන්න පුලුවන් වෙනවනේ..
මේ මම ඔයාලට තේරුම් ගන්න පුලුවන් සරල උදාහරනයකින් Compress වීමේ යාන්ත්‍රනය කියල දුන්න .. ඉතින් Text Document එකක් දිහාම බලන්න එපා... අනෙකුත් Data වලදීත් Compress වීමේ යාන්ත්‍රනය මීට බොහෝ සෙයින් සමානයි..
ඉතින් මම හිතනව Compress වීම සම්බන්දව ඔයාලට තරමක අවබෝදයක් දැන් ලැබිල ඇති.. Compress වීමේදී ප්‍රදාන ක්‍රම දෙකක් උපයෝගී කරගන්නව.. අපි තව ටිකක් මේ මාතෘකාවට ගැබුරින් බැහැල කතා කරමු.
Lossless Compression
මෙහිදී තියෙන දත්ත වලට හානි නොවන විදියට තමයි Compress වීම සිදුවෙන්නේ.. ඒ කියන්නේ.. දත්ත හැකිලූ පසු එහි ප්‍රමානය අඩු වෙනව.. නමුත් යලි දත්ත ලබා ගැනීමේදී එම දත්ත වලට කිසිදු හානියක් වෙන්නේ නෑ..
ඔන්න ඔය පින්තූරෙ දිහා පොඩ්ඩක් බලන්නකෝ.. Build-inbox වලින් තමා සීන් එක කියල දෙන්න යන්නෙ.. මෙතන කෑලි කීයක් තියෙනවද බලන්නකො.. 10ක් තියෙනව.. හොදා Loss less ක්‍රමේදි හරි අපූරු වැඩක් වෙන්නෙ.. මම ඉස්සෙල්ලම කියල දුන්නෙත් මේ වගේම සිද්දියක් තමා.. මතකනේ Apple කතාව.. යලි යලිත් Repeat වෙන කොට ඒවා හානි නොවන විදියට අඩු කරන්න පුලුවන් ක්‍රම වේදයක් තමා Loss less කියන්නේ..
ඒ අනුව
RED BOX = 2
YELLOW BOX = 5
BLUE BOX = 3
ක් තියෙනවනේ..
දැන් ඕකම මේ පල්ලෙහා පින්තූරයේ විදියට හදනව.. තනි රතුපාට කෑල්ලක් යොදාගෙන කී වරක් එය Repeat වෙන්න ඕනෙද කියල ලබා දෙනව..
කහ පාට කෑලි පහක් වෙනුවට එකක් පමනක් යොදාගෙන.. කීවරක් යලි යෙදෙන්න ඕනෙද කියල විතරක් ලබා දෙනව.. පරිගනකය කියන්නේ හරි අපූරු යන්ත්‍රයක්.. Duplicate ගහන එක එයාට අමාරු වැඩක් නෙමේ.. ඉතින් Repeat වෙන්න ඕන එක හදුන ගත්ත ගමන් එයා අදාල දත්තය Duplicate කරල යලි ප්‍රතිසැකසුමක් සිදුකරල කලින් තිබූ දත්තය හදා ගන්නව..
මේකත් බලන්නකො..
ffffffffffmmmmmbb
මෙතැන අකුරු 17ක් තියෙනව.. මේ ටිකම මෙන්න මෙහෙම ලිව්වොත් ?
f10m5b2
දැන් අකුරු 7යි... අකුරු 17 මම 7 කට අඩු කලා..
තේරුනා නේ වෙච්ච වැඩේ.. Loss Less ගැන දැන් ඔයාලට තරමක් හරි අවබෝද වෙන්න ඇති..
Lossy Compression
මේ Compress කරන තවත් ක්‍රමයක්.. මෙතනදි නම් දත්තය Compress වීමේදී කෑලි හලනව.. ආයේ එම දත්තයම ලබා ගැනීමේදී අපිට පෙර තිබූ දත්තයම යලි ලබා ගන්න බෑ.. නමුත් පෙර තිබූ දත්තයට වඩා හැකිලීමක් සිදුවුනා නේ.. මේ වගේ Compress කිරීමක් බොහෝවිට අපි සිදුකරන්නේ පිංතූර වලයි.. විශේෂයෙන්ම Upload කිරීමේදී පිංතූරවල සැබෑ.. Size එකට වඩා අඩුවීම ගොඩක් වටිනව..
පිලි වෙලින් බලාගෙන එන්නකො මේ පිංතූරය දිහා.. බලන්න වමේ සිට දකුනට යන කොට එන්න එන්න පිංතූරයේ පැහැදිලි බාවය අඩු වෙනව.. ඒකට හේතුව එහි දත්ත බොහෝ සෙයින් හැලීමකට ලක් කරනවා.. නමුත් මේ ඔනෑම පිංතූරයක් මනුස්සයෙක්ට පෙන්නුවොත් කියන්නේ.. කනුවක් උඩ පූසෙක් ඉදන් ඉන්නව.. ඌ කලු සහ සුදු වර්නයෙන් යුක්තයි කියල.. පරිගනකයෙන් දත්ත හැලුවට මනුස්සයෙක්ට එහි හදුනා ගන්න පුලුවන් දෘශ්‍ය කොටස් සියල්ලම තියෙනව.. ඉතින් මොකටද අපි දුක් වෙන්නේ.. Lossy Compress ක්‍රමයත් වරදක් නෑ..
අවසාන වශයෙන් කියන්න දේවල් ටිකක් තියෙනව.. මේක මැජික් එකක් නෙමේ.. මෙතනදි යම්කිසි යාන්ත්‍රනයක් තියෙනව.. මේ යාන්ත්‍රනයට හසු වෙන දත්ත පහසුවෙන් හැකිලෙනව වගේම තමා යාන්ත්‍රනයට හසු නොවන දත්ත හැකිලෙන්නේ නැති විත්තිය.. ඉතින් දවස් දෙකක් තිස්සෙ ඔන්න මම ලිපියක් ලිව්ව.. මම හිතනව මේක ගොඩාක් ප්‍රොයෝජනවත් වෙය් කියල ඔයාලට..
Tuesday, November 19, 2013
සැහැල්ලු ගුවන් යානා සැදීමේ තාක්ෂනය දැන් ඔබ හට..
ආදරනීය School lk මිතුරනි.. කවදත් අමුතුම වැඩ කරන්න උපන් හපන් අපි මෙදා සැරේ තවත් අමුතුම වැඩකට අත ගැහුව.. මොකක්ද මේ වැඩේ.. ඔන්න අපි ඔයාලට කියල දෙන්න යන්නේ සැහැල්ලු ගුවන් යානා නිර්මානය කිරීම පිලිබදව.. ඔයාල දන්නවනේ සරුන්ගල් හදන්න.. ඉතින් අපිත් පොඩි කාලේ සරුන්ගල් ඇරිය.. නමුත් සරල ගුවන් යානා ආකෘතියක් පියාසර කරවීම සරුංගලයක් පියාසර කරවීමට වඩා අසීරු කටයුත්තක්..
මේකේ ලොකු තාක්ශනික පැත්තක් ඔයාල දැන ගන්න ඕනේ.. ඉතින් සමහරු නම් තනිවම අත්හදා බලල.. ගොඩාක් කැපකිරීම් කරල ඔවුන් විසින්ම මේ තාක්ශනය මනාව අවබෝද කර ගන්නව.. ඉතින් ඒ විදියට මේ තාක්ශනය ගැන පාසල් අවදියේ සිටම පරීක්ශන කරමින් අද වෙන විට ලංකාව තුල සැහැල්ලු ගුවන් යානා නිර්මානය පිලිබද සුවිශේෂී දැනුමක් ඇති මිතුරෙකු මම ඔයාලට හදුන්වා දෙන්නයි යන්නේ.. නමින් ඔහු එරංග දිල්ශාන්.. ඉතින් අපි දෙන්න එකතු වෙලා මේ අපූරු තාක්ශනය ඔයාලට කියල දෙන්න හිතුවා..
මේ එරංගගේ අදහස්..
මේක තනිකරම ප්‍රායෝගිකව යන්න ඕනේ වැඩපිලිවලක්.. අපිට Computer එකක් මාර්ගයෙන් කියල දෙන්න බෑ මේ වගේ තාක්ශනයක්.. මේකට විශේෂ ද්‍රව්‍ය, සැහැල්ලු කොටස්.. අපි පාවිච්චි කරනව.. ඒව අපි මිලදී ගන්න ඕනේ.. ඒ වගේම ප්‍රායෝගිකව මේව හදන්න මම කියල දෙනව.. ඔයාලගේ අනිත් යාලුවො පිට්ටනි වලට බැහැල සව්කොල සරුංගල් උඩ යවන කොට ඔයාට පුලුවන් සැහැල්ලු ගුවන් යානයක් පියාසර කරවන්න.. ඇත්තටම කැපිල පේන්න පුලුවන් අපූරු වැඩක්.. මොකද මේ තාක්ශනය ලංකාවට අලුත්.. මම උනත් පිට්ටනියක අත්හදා බැලීම් කරන කොට බොහෝ පිරිසක් මා වටා එක් රොක් වෙනවා.. ඇත්තටම ඒක හරිම අපූරු ඇත් දැකීමක්..
මේ නිසාම අපි Air Craft Sri Lanka නමින් සංගමයක් පටන් ගන්න තීරනය කලා..
මෙහිදී ඔයාලට
- සැහැල්ලු ගුවන් යානා නිර්මාණය කරවීම සහ එවා පියාසර කරවීම සම්බන්දව අවබොදයක් ලබා දීම
- සැහැල්ලු ගුවන් යානා පිලිබද 100% ක ප්‍රායෝගික අත්හදා බැලීම් සහ පරීක්ශන සිදු කිරීම
- ඔබ විසින් තනි තනිව නිර්මාන සිදු කරවීම
- නව නිපැයුම් කරිවන්ගේ තරග සදහා ඔබව යොමු කිරීම
- හොදම නිර්මාන සදහා සහතික පත් ලබා දීම
වගේ ඉතා වැදගත් පැති ගොඩක් ආවරනය කරනව..
හිතන්න දින ගනන් පරිගනක ක්‍රීඩා කරල ඔයාල මොනාද ලබා ගත්තේ.. මේ තුලින් එන දැනුම කුසල තාවය අහක යන්නේ නෑ.. මේක විනොදාංශයක් වශයෙන් කරන්න හදන ඔයාලට පුදුමාකාර සතුටක් ලබන්න පුලුවන්.. එකමුතුව සහයෝගයෙන් වැඩ කරන්න අපිත් එක්ක එක් වෙන්න..
ඇත්තටම මිතුරනි මෙහිදී මුලින්ම ඔහු ඔයාලට කියල දෙන්නේ නිදහස් ආර ගුවන් යානයක් නිර්මානය කිරීම පිලිබදව.. ඒක යන්නේ හරියට අපි පොඩි කාලේ කඩදාසි රොකට් අරින විදියට.. ඊට පස්සේ රබර් පටි යොදාගෙන කැරකෙන තටු අඩංගු කරල ගුවන් යාන හදන්න කියල දෙනව.. ඉන් පසුව බැටරි සහ මෝටර් යොදාගෙන ප්‍රායෝගිකව අත්හදා බැලීම් වලට ඔයාලව යොමු කරනව.. මේ මෝටර්,බැටරි ඉතා සැහැල්ලු ඒ වගේම ප්‍රබල වේගයක් ඇති අතර මේව විශේෂයෙන්ම ඇනවුම් කරල ඔයාලට දෙනවා.. දුරස්ත පාලක යොදා ගෙන ගුවන් යානා හදන්න ඔයාල සූදානම් වෙලානම් ඉන්නේ ඒවාට අවැසි කොටස් පවා ඔහුට සපයන්න පුලුවන් උපාංග පවා ඔයාලට සැපයීමට ඔහු සූදානම්.. ඔහු කියන අන්දමට ටිකක් වියදම් කරන්න පුලුවන් අයට හොද ගුවන් යානයක් නිර්මානය කල හැකි බවයි.. ඒත් අනිත් අයට උනත් අවශය දැනුම දෙන නිසා නිර්මානය කිරීම ඔවුන්ගේ වග කීමක් බවයි එරන්ග වැඩිදුරට කියන්නේ..
Call for more details:-
07116 559 511
E.S Dilshan (Managing Director of Air Craft Society)
07116 559 511
E.S Dilshan (Managing Director of Air Craft Society)
Thursday, November 14, 2013
ඉවත දමන CFL වලින් වැඩක් ගමුද..
හප්පේ.. පට්ට කාලෙකට පස්සෙ ඔන්න කොල්ල අයෙත් බ්ලොග් එකට ආව.. සොරි ඈ.. වැඩ බන්.. පැලෙන්න වැඩ නැතත් නිදහස ටිකක් අඩු උනා.. හොදා හොදා.. අද මොනද කියල දෙන්නේ කියල හිත හිත ඉන්න කොට මට මතක් උනා මම පොඩි දවස්වල පරීක්ෂනාත්මකව සොයා ගත්තු අපූරු දෙයක් කියල දෙන්න.. මට කොහොමත් ඉතින් IT මොලයක් වගේම දන්න කාලෙක ඉදන් ඉලෙක්ට්‍රොනික් පිස්සුවක් තිබ්බ සැරටම...
ඔයාල දන්නව නේද CFL Bulb ගැන.. දන්නව කියහන්කො..! :P
හරි දැන් ඒව ඔය ඉදල හිටල කූරිය ගහනවනේ.. warranty නැත්තන් ඔයාල මොකද කරන්නේ ඕව කොහෙට හරි විසි කරනව නේද.. ඒත් අද මම කියල දෙන්න යන්නේ ඒව වලින් වැඩක් ගන්න හැටි ගැන.
පට්ට නේද.. ඔව් පට්ට.. මේ වැඩෙන් මම කරන්න යන්නේ.. වැඩකරන් නැතුව අයින් කරල දාපු Tube Light එකක් වැඩ කරන්නේ නැතුව අයින් කර්ල දාපු CFL බල්බ් එකක් ආදාරයෙන් දල්වන්න.. හරිම ලේසියි.. එත් මට මේ වෙලාවෙ ඔප්පු කරන්න නම් රූප මුකුත් නෑ.. මොකද පැන්ච කාලේ කරපු වැඩ.. දැන් ඒවයේ කෑලිත් නෑ..
මේ වැඩේට හැම CFL බල්බ් එකක්ම හරි යන්නේ නෑ.. අපිට මේ වැඩේදි ඕන කරන්නේ පරිපතයට හානි නොවී දැවී ගිය CFL බල්බ් එකක්.. එහෙම බල්බ් සොයන්න හරිම ලේසියි.. ඒවායේ වීදුරුව බල්බයේ බදට සම්බන්ද වෙන තැන කලු පාට වෙලා තියෙනව.. ඒ කියන්නේ Tube එක ඇතුලේ තියෙන සූත්‍රිකාව පිච්චිල තියෙන්නේ.. ඒත් ඔය අකුනු ගහල ගිය ඒවයේ ඇතුලේ ට්‍රාන්සිස්ටර් එහෙම කුඩේ කුඩු පට්ටම් වෙල තියෙනව.. ඒව හරි යන්නේ නෑ.. ඒව උනත් ගන්න පුලුවන් ඒ එ කෑලි ගලවල අලුත් ඒව දාල..
ඉස්සෙල්ල බලමු CFL බල්බ් එකක් ගලවල..
ඇතුලෙ සැකැස්ම පේනවනේ.. ප්‍රධාන විදුලියට වයර් දෙකකින් සම්බන්ද වෙනව.. ඒ වගේමයි නැවත පරිපතයේ සිට Tube එකට වයර් 4 ක් යනව.. අපිට ඕනේ අන්න ඒ වයර් 4 ර.
දැන් අපිට මේ වැඩේට Tube ළිග්හ්ට් එකකුත් ඕනෙනේ.. හොද Tube Light එකක් ඔනේ නෑ.. පිච්චිච්ච එකක් ඇති.. :P
මේ බලන්නකො Tube Light එක..
Tube Light එකෙත් දෙපැත්තෙම තියෙනවනේ PIN දෙක ගානේ 4ක් අන්න ඒ පින් හතරට අපි CFL බල්බ් එකේ ඉදන් වයර් සම්බන්ද කරනව මේ විදියට
ඉතින් මේ පරිස්සමෙන් මේ වැඩේ අත්හදා බලන්න.. තෙරෙන්න ඇති කියල මම හිතනව.. අව්ලක් ගියොත් මට Call කරන්න කිසි අව්ලක් නෑ..
ඔයාල දන්නව නේද CFL Bulb ගැන.. දන්නව කියහන්කො..! :P
හරි දැන් ඒව ඔය ඉදල හිටල කූරිය ගහනවනේ.. warranty නැත්තන් ඔයාල මොකද කරන්නේ ඕව කොහෙට හරි විසි කරනව නේද.. ඒත් අද මම කියල දෙන්න යන්නේ ඒව වලින් වැඩක් ගන්න හැටි ගැන.
පට්ට නේද.. ඔව් පට්ට.. මේ වැඩෙන් මම කරන්න යන්නේ.. වැඩකරන් නැතුව අයින් කරල දාපු Tube Light එකක් වැඩ කරන්නේ නැතුව අයින් කර්ල දාපු CFL බල්බ් එකක් ආදාරයෙන් දල්වන්න.. හරිම ලේසියි.. එත් මට මේ වෙලාවෙ ඔප්පු කරන්න නම් රූප මුකුත් නෑ.. මොකද පැන්ච කාලේ කරපු වැඩ.. දැන් ඒවයේ කෑලිත් නෑ..
මේ වැඩේට හැම CFL බල්බ් එකක්ම හරි යන්නේ නෑ.. අපිට මේ වැඩේදි ඕන කරන්නේ පරිපතයට හානි නොවී දැවී ගිය CFL බල්බ් එකක්.. එහෙම බල්බ් සොයන්න හරිම ලේසියි.. ඒවායේ වීදුරුව බල්බයේ බදට සම්බන්ද වෙන තැන කලු පාට වෙලා තියෙනව.. ඒ කියන්නේ Tube එක ඇතුලේ තියෙන සූත්‍රිකාව පිච්චිල තියෙන්නේ.. ඒත් ඔය අකුනු ගහල ගිය ඒවයේ ඇතුලේ ට්‍රාන්සිස්ටර් එහෙම කුඩේ කුඩු පට්ටම් වෙල තියෙනව.. ඒව හරි යන්නේ නෑ.. ඒව උනත් ගන්න පුලුවන් ඒ එ කෑලි ගලවල අලුත් ඒව දාල..
ඉස්සෙල්ල බලමු CFL බල්බ් එකක් ගලවල..
ඇතුලෙ සැකැස්ම පේනවනේ.. ප්‍රධාන විදුලියට වයර් දෙකකින් සම්බන්ද වෙනව.. ඒ වගේමයි නැවත පරිපතයේ සිට Tube එකට වයර් 4 ක් යනව.. අපිට ඕනේ අන්න ඒ වයර් 4 ර.
දැන් අපිට මේ වැඩේට Tube ළිග්හ්ට් එකකුත් ඕනෙනේ.. හොද Tube Light එකක් ඔනේ නෑ.. පිච්චිච්ච එකක් ඇති.. :P
මේ බලන්නකො Tube Light එක..
Tube Light එකෙත් දෙපැත්තෙම තියෙනවනේ PIN දෙක ගානේ 4ක් අන්න ඒ පින් හතරට අපි CFL බල්බ් එකේ ඉදන් වයර් සම්බන්ද කරනව මේ විදියට
ඉතින් මේ පරිස්සමෙන් මේ වැඩේ අත්හදා බලන්න.. තෙරෙන්න ඇති කියල මම හිතනව.. අව්ලක් ගියොත් මට Call කරන්න කිසි අව්ලක් නෑ..
Thursday, October 24, 2013
නොමිලේ ජීවිත කාලයටම ඕනෑම Software එකක් තියා ගමු..
ඉතින් යාලුවනේ ඉදල ඉදල හිතුන හොද ලිපියක් ලියන්න ඕනේ කියල. මේ ලිපිය කියවන ඔයාලට අද ඉදන් සුපිරි හැකියාවක් ලැබෙනව. ඒ තමයි නොමිලේ ලෝකේ තියෙන ඕනෑම Software එකක් භාවිතාකිරීමේ හැකියාවක් ඔයාට ලැබෙනව. මෙතනදි මම ලැබූ අත්දැකීම් තමයි මම ඔයාලට දෙන්නේ.. ඒ වගේම තමයි මීට වඩා හොද ක්‍රම දන්න අයත් ඇති.. ඉතින් ඔය මුකුත්ම දන්නේ නැති අයට නම් මේ ලිපිය ගොඩක්ම වටිනව..
ඔයාල අපි හැමෝම දන්න දෙයක් තමයි පරිගනකයක වැඩ කරන්න නම් Software ඕන වෙනවා.. සිංදුවක් අහන්න Player එකක් ඕන වෙනවා.. එතකොට චිත්‍රයක් අදින්න MS Paint වගේ එකක්,, තව ගත්තොත් අකුරු මොනා හරි type කරගන්න Word Pad වගේ එකක්.. හ්ම්..... හොදයි එත් මේ Windows එක්ක දෙන Application වලට අමතරව, අපිට එහාට ගිය එහෙමත් නැත්තන් සාමාන්‍ය Windows පද්දතියෙන් කරගන්න බැරි කාර්යන් කර ගන්න අපිට අමතර Software's පරිගනකයට ස්තාපිත කර ගන්න වෙනව.. නමුත් Software අපි සල්ලි දීල ගන්න ඕනේ.. එත් මම දන්නේ නැද්ද අපේ අය ගන්න software..
ඇයි අපි Software සල්ලි දීල ගන්නේ.
සමහරු හිතන්නේ මේ Software කියන දේවල් ඉබේ අහසින් වැස්සත් එක්ක වැටෙන ඒව කියල.. මතක තියා ගන්න මේ Software නිර්මානය කරන්නෙත් අපි වගේම මිනිස්සු ටිකක්.. එයාලට මේ සදහා මහන්සි වෙන්න වෙනව.. යම් කාලයක් වැය කරන්න වෙනව. සමහර විට එක මෘදුකාංගයක් නිර්මානය කරන්නේ එක්කෙනෙක් දෙන්නෙක් නොවෙන්න පුලුවන්. ඊට වඩා වැඩි පිරිසක් එක්වෙලා හදනව වෙන්න පුලුවන්. ඉතින් එයාලගේ මහන්සියට අපි ගෙවන්න ඔනේ.. ඔන්න ඔය නිසයි මෘදුකාංග නිකන් අපිට දෙන්නේ නැත්තේ..
බොහෝ වෙලාවට මෙහෙම හදන මෘදුකාංග වල අත්හදා බැලීමේ සංස්කරන(Trial) නිකුත් කරනවා. ඒවා බොහෝ වෙලාවට නිශ්චිත කාල සීමාවක් හෝ දින සීමාවක් තුල පමනයි.. ගොඩක් වෙලාවට ස්තාපිත කරල දවස් 15 ක් හෝ 30 ක් තුල පමක් භාවිතා කරන්න දෙන්නේ.. සමහර මෘදුකාංග එහෙම දින ගනනකට යටත් නොකර ලබා දෙන සේවාවන් පමනක් සීමා කරන අවස්තාත් තියෙනව (demo version)..
නොමිලේ දෙන Software නැද්ද.
මොකද නැත්තේ.. ඕන තරම් තියෙනව.. මගේ Lion Dictionary එකත් ඒවගේනේ.. අපි මේවට Freeware කියල කියනව.. ඒ නොමිලේ දෙන නිසා.. ගොඩක් වෙලාවට ඉතින් මේ වගේ Software වල පහසුකම් අඩුයි.. අනික මේව නිකන් හදන නිසා Develop වීම ගොඩක් අඩුයි.
කොහොම නමුත් අපි ඉතින් දුප්පත් අයනේ.. අපිට කොහින්ද ඕව ගන්න සල්ලි.. ඒ නිසා ලංකාවේ ගොඩ සල්ලි දීල Software ගන්නේ නැහැ.. ඉතින් ගොඩක් වෙලාවට කරන්නේ හොර පාරෙන් ගිහින් Software ගන්න එකනේ..
අන්තර්ජාලයෙන් පහසුවෙන් ඕනෑම Software එකක් සොයා ගන්න පුලුවන්.. නමුත් මේ Download කරන Software එක Activate කරගන්න ඕනේ.. නැත්තන් හැමදාටම තියා ගන්න බැරි වෙනව. ඉතින් කරන්න තියෙන හොදම එක තමයි Download කරන කොට Serial Numbers, Crack, Key-gen,Patch සමග Download කරන එක.
ඉතින්න මම ඔයාලව අද මෙහෙය වන්නේ අන්න ඒ විදියට Software එකක් සම්පූර්නයෙන්ම Download කරන්නේ කොහොමද කියන තැනට.. ඒ වගේම විවිද උපක්‍රම යොදාගෙන ඒ Software ජීවිත කාලයටම තියා ගන්නේ කොහොමද කියල කියල දෙන්න.
පුලුවන් තරම් හරි පාරෙන්ම ගන්න බලන්න!
නිල වෙබ් අඩවියෙන් Download කිරීමේ ක්‍රමය. මෘදුකාංග හොර පාරෙන් ගන්න එක එක්තරා විදියක අවදානම් සහගත වැඩක්.. මේ මෘදුකාංග අපි අදාල සමාගමෙන් ගන්න එකක් නෙමේ.. ඒ නිසා අන්තර්ගතය පිලිබදව ඔයාට 100% ක් විශ්වාස කරන්න පුලුවන්ද.. අන්න ඒ නිසා ඉස්සෙල්ලම බලන්න මේ මෘදුකාංගය ඔයාට අදාල සමාගමේ නිල වෙබ් පිටුවෙන්ම Download කරගන්න පුලුවන්ද කියල. ඊට පස්සේ අදාල Serial No එක පමනක් වෙනමම සොයන්න උත්සහ කරන්න.. දන්නෙම නැතුව ඔයා Original Software එකක හිමිකාරයෙක් වෙනව නේද..
මම මේ විදියට Adobe Photoshop Avast වගේ මෘදුකාංග Download කරල තියෙනව . ඊට පස්සේ කොහොමද Serial එක හොයා ගන්නේ.. මේ සදහා ඔයා ඉස්සෙල්ලම යන්න YouTube වලට. Google වල ගහන්න යන්න එපා අර software එකේ Serial no එක ඔනේ,, මේකෙ ඕනේ කියල. එතකොට ගොඩක් වෙලාවට ඔයා නොමග යන එක විතරය් වෙන්නේ.. මම දන්නව YouTube කියන්නේ Video ඇතුලත් වෙබ් අඩවියක්. කිසි කෙනෙක් මේ වෙබ් අඩවි වල Software Serial No වගේ දේවල් තියෙනව කියල විශ්වාස කරන්නේ නෑ.. ඒ උනාට තියෙනව. ගොඩක් අය Video එකට පහලින් Serial No සෙට් එකම දාල තියෙන වෙලාවල් තියෙනව.
Serial No ගැන කියන කොට තවත් රස්වත් දෙයක් තියෙනව කියන්න.. එච්චරම රස නැති උනත් මතක තියා ගන්න Serial No එක බොහෝ වෙලාවට අදාල Software එකේ Version එක මත රදා පවතිනව.. නිකන් හිතමු Avast 6.1.2 කියල.. ඒත් ඔයා හොයා ගත්ත Serial එක 6.1.0 උනොත් සමහර වෙලාවට වැඩ නැති වෙන්න පුලුවන්.. අ නිසා Serial හොයන කොට හරියටම Version එකට අනුව හොයන්න උත්සහ ගන්න.
නමුත් ඔය Adobe කට්ටිය එහෙම CS2,CS3-- CS6 වගේ තමයි Serial ලබා දෙන්නේ.. Corral සමාගමත් එහෙමයි.. X6,X7 විදියට තමයි දෙන්නේ.. ඔන්න ඉතින් ඒ කතාවත් ඉවරායි...
Blog සේවා මගින්
පලමුව මම කියල දුන්න ක්‍රමයට ඔයාට Software එක හොයා ගන්න බැරුව ගියාද. බය වෙන්න එපා.. අපි දෙවන ක්‍රමය දියත් කරමු. මගේ මිතුරනි,, ලොකේ හොර Software ලස්සනට Promote කරන ස්තාන අතරින් Blog අඩවි වලට හිමි වන්නේ සුවිශේෂී ස්තානයක්. ගොඩක් වෙලාවට Blog කරන අය Software එක විතරක් දාල නිකන් ඉන්නේ නෑ.. ඒ සමගම Serial No හෝ Activate කරන්න පුලුවන් මොකක් හරි දෙයක් ඇතුලත් කරල තමයි තමන්ගේ blog වලට දාන්නේ.. ඒ නිසා අපි දෙවනුව Blog වල පිහිට පතමු. හිතන්න ඔයාට ඕන වෙන්නේ Internet Download Manager 7 කියල. යන්න Google වලට , සෙවීමේ විදානය මේ විදියට ඇතුලත් කරන්න."internet download manager full version free download blog ". ඔහොම දුන්නම අපේ Google දෙයියා අපි දුන්න යෙදුමට අනුකූල Blog site ටික ලස්සනටම දෙනව.. ඔයත් උත්සහ කරල බලන්න. full version free download blog කියන එක තමා ඇත්තටම එකතු කල යුතු කොටස..
4shared මගින්
ඊලගට ඔන්න මම ඔයාලට අපූරු වෙබ් අඩවියක් හදුන්වල දෙනව. නම 4shared. නමෙන්ම කිය වෙන්නේ ඔබ වෙනුවෙන් ලබා දුන්නු කියන අදහසනේ.. ඇත්තටම මේ වෙබ් අඩවිය මගින් මම ගොඩක් Software Download කරල තියෙනව. අනිවාර්යෙන්ම ඔයා හොයන දේ තියෙනව කියල මම කියන්නේ නෑ.. නමුත් බොහෝ දුරට තියෙන්න පුලුවන්. Android දුරකතන වලට පවා Apps මෙකෙ තියෙනව. උත්සහ කරල බලන්න.
Torrent සේවාව මගින්
Torrent භාවිතා කරන විදිය ගැන නම් කියල දෙන්න යන්නේ නෑ.. ඒත් ඇත්තටම Torrent කියන්නේ හොදම තැන Software Download කරන්න. 95% ක විතර සම්භාවිතාවයක් තියෙනව ඔයා සොයන Software එක ලබා දීමට. ඒ වගේම ඔයාට පලමු ක්‍රමයේදී සිදුකල Serial No සොයන්නත් මේ වැඩේ කරන්න පුලුවන්. කට්ටිය දැන් අහයි ඇයි ඉතින් ඕක කලින් දැම්මේ නැත්තේ කියල. ඇත්තටම මට ඕන උනේ Software එක Download කරන්න පුලුවන් ලේසිම ක්‍රමයක් කියල දෙන එක නෙමේ.. හොදම ක්‍රම ටික කියල දෙන එක. පලමු පියවර සිදු කලානම් ඔයාට Original ම Software එක ගන්න පුලුවන්. නමුත් torrent භාවිතා කලාම එහෙම කරන්න පුලුවන්ද. අනිත් කරුන බොහෝ දෙනෙකු torrent Use කරන්න දන්නේ නැහැ, තව කරුනක් තමයි Torrent වලින් යමක් Download වෙන කාලය අපිට විශ්වාස කරන්න බැහැ.. ඔන්න ඔය ප්‍රශ්න නිසා තමයි මම torrent මුලදිම දැම්මේ නැත්තේ..
මේ ඔක්කොම හරි ගියේ නැත්තන් මොකද කරන්නේ.
බොහොම කලාතුරකින් සිදුවෙන්න පුලුවන් කරුනක්. බොහෝ වෙලාවට මේ අපහසු තාවය ඇතිවෙන්නේ එච්චරම ප්‍රසිද්ද නැති Software සොයන්න යන වෙලාවට..
Expiry time එක දිග් ගැස්සවීම.
ඒ මොකක්ද අප්පේ.. අපිට පුලුවන් Software එකක් භාවිතා කරල Trial Software එකක කල් ඉකුත් වීමේ ක්‍රියාවලිය දිග්ගස්සන්න. මේ සදහා Time Stopper කියල පොඩි වැඩසටහනක් තියෙනව. ඒකෙන් පුලුවන් දින 30 කින් නැතිවෙලා යන Software එකේ ඒ කල් ඉකුත් වීමේ ක්‍රියා වලිය දිගු කරන්න. එක්කො නවත්තන්න. අව්ලකට තියෙන්නේ ඉතින් හැමදාම Trial Software එකක වැඩ කරන්න සිදුවීම.
Tuesday, October 22, 2013
Software Serial Numbers මිලියනයක් Schoollk වෙතින්ම පමනයි.
ඉතින් යාලුවනේ ගොඩ දවසකට පස්සේ තමයි මම schoollk පැත්තට ආවේ.. ඉතින් හැම දාම වගේ වටින කියන දෙයක්, මගේම දෙයක්.. ටිකක් අමුතු දෙයක් දෙන්න ඔනේ කියල හිතුන. ඔන්න මම අද දෙන්න යන්නේ එසේ මෙසේ දෙයක් නෙමේ.. ලෝකයේ තියෙන විවිද මෘදුකාංග රැසක serial no මිලියනයක් ඔන්න මම ඔයාලට දෙන්නයි යන්නේ. ඉතින් මේ ෆයිල් එක මට ලැබුනේ නම් ගොඩක් ඉස්සර. ඒකත් කියන්න එපැයි. මට මතක හැටියට මම A/L ලියන කාලේ.. ඒ කියන්නේ 2008 වගේ.. ඉතින් මේ අද ඊයේ ආපු software වල Serial නැති වෙන්න පුලුවන්.. ඒ උනාට මට විටින් විට මේ ෆයිල් එක ඕන වෙච්ච වෙලාවල් නම් අනන්තයි.. එපා කියල අහක දාන්න එපා.. මේක එච්චර ලොකු File එකක් නෙමේ . ඉතින් කැමති අය Download කර ගන්න.
Thursday, October 10, 2013
මොනවද මේ Driver කියන්නේ.. කියවලම බලන්නකෝ
ඉතින් කොහොමද යාලුවනේ.. හැකින් ගැන ලිපි ලියන එක චුට්ටකට නතර කරල සුපුරුදු පරිදි තාක්ශනික ලිපියක් පල කරන්නයි අද මම යන්නේ.. ඔයාල දන්නවනේ මගේ බ්ලොග් එකෙන් පුංචි දෙයක් ගැන උනත් ටිකක් බැහැල කතා කරනව කියල. ඇත්තටම මට ඕන උනේ පරිගනකයකට Drivers කොහොමද Install කරන්නේ කියල කියල දෙන්න. ඇත්තටම මට පෙනුන දෙයක් තමයි එතැන ඉගෙන ගන්න කියල මහ ලොකු දෙයක් නැති බව.. ඒ නිසා සියලු කරුනු ආවරනය කරල හිතුන ඉතාම වටිනා ලිපියක් ඔයාලට දෙන්න.
Drivers කියන්නේ මොකක්ද ?
Driver
Ele. එලවනය
Ele. එලවන්නා
Civ. දක්කුව
n. රථය පදවන්නා
n. රථාචාර්ය
n. රියැදුරා
st. සාරථි
Driver කියන වචනයේ තේරුම ඔන්න ඔය විදියට තමා පරිගනක ශබ්ධකෝෂයේ එන්නේ. නිකන් දන්නේ නැති අයට දැන ගන්න දැම්මේ..
කොහොම නමුත් අර්ත දැක්වීමේදී Computer Driver එකක් මෙන්න මේ විදියට මම සරලව ඔයාලට පැහැදිලි කරන්නම්.
සරලව කිව්වොත් යාලුවනේ Driver එකක් කියන්නේ පොඩි Software කෑල්ලක්. මේ කෑල්ලට පුලුවන්කමක් තියෙනව ඔයාගේ Computer එකේ තියෙන Hardware සහ operating system එක, සහ Software අතර අදහස් හුවමාරු කල යුත්තේ එහෙමත් නැත්තන් සම්බන්දතාවයක් ගොඩනගා ගත යුත්තේ කොහොමද කියල කියල දෙන්න.
Drivers නැත්තන් Software වලට සහ OS එකට අදාල Hardware කොටස හදුනා ගන්න බැරිවෙනව. ඒ නිසා එම Hardware එකෙන් අපට කරන සේවය අපිට දෙන්න බැරිව යනව..
Drivers නැතුව පරිගනකයක වැඩ කරන්නම බැරිද ?
හොද ප්‍රශ්නයක්.. එක මෙහෙයුම් පද්දතියයි,, Hardware ගොඩයි.. ඔව්..! අපි හැමෝම ඉතින් භාවිතා කරන්නේ Windows XP,7,8 වගේ මෙහෙයුම් පද්දතියක්.. මහ ගොඩක් නෑ.. ඒත් Hardware නම් රටේ නැති ජාති, එක එක නම් වලින් තියෙනව. ඒ නිසා එක මෙහෙයුම් පද්දතියකට පුලුවන් කමක් නෑ මුලු ලොකෙම තියෙන Hardware වල Drivers රදාවාගෙන ඉන්න. ඒක ප්‍රායෝගික නෑ.. නමුත් සම්මත කාලීන වැදගත් Driver මෙහෙයුම් පද්දතිය තුල රදවා තියෙනවා..
ඒ නිසා Hardware නිර්මානය කරන අය විසින් හැම විටම Drivers නිකුත් කරන්නේ නෑ.. හැම Device එකකටම.. දැකල තියෙනවද Mouse එකට Drivers එනව. දැකල තියෙනවද Keyboard එකට Drivers එනව.. ඒකට හේතුව ඒව නිර්මානය කරල තියෙන්නේ Stranded Drivers වලට ගැලපෙන විදියට.. නවීන පරිගනක මව්පුවරු නිශ්පාදනයේදිම අදාල OS එකෙන්ම Drivers ස්වයක්‍රීයවම ගන්න විදියට හදනව.. නමුත් ඒ සම්මත Drivers වලට කරන්න පුලුවන් සීමාවට වඩා එහා ගිය Hardware සහිත Motherboard එකක් නම් අනිවාර්යෙන්ම ඒ ඒ Hardware සදහා භාවිතා වන Drivers වෙන වෙනම ලබා දිය යුතුයි.
ඉතින් බොහෝවිට Drivers ගැටලුව මතු වෙන්නේ Windows අලුතෙන් දාපුවහම. සමහර වෙලාවට සමහර පරිගනක 100% ක් Drivers ඉබේම ගන්නව. නමුත් බොහෝ පරිගනක එහෙම නෑ.. ගොඩක්ම ප්‍රශ්නෙ එන්නේ Graphic Drivers වලට සහ Sound Drivers වලට.. මොකද අපිට ඉක්මනටම ඒ ගැටලුව හොදට පෙනෙන සහ දැනෙන නිසා. Graphic Drivers ගන්නේ නැති උනාම Display එක පේන්නෙම නැතුව යන්නෙ නෑ.. හොදට පේනව. නමුත් Window එකක් Move කරන කොට Sharp නෑ. System එකේ ගොඩක් Visual Effects සහය දක්වන්නේ නෑ.. සමහර විට Resolution අපිට අවශය ප්‍රමානයට හදාගන්න බෑ.. ඔය වගේ ගැටලු ගොඩයි.
තව Sound Drivers නැති නිසා පරිගනකයෙන් Sound එක ලබා නොදෙන්න පුලුවන්.. මේ තමා දරුනුම ගැටලු දෙක. ඊලගට අපිට අත් විදින්න පුලුවන් ලොකුම ගැටලුව තමා LAN Drivers නොමැති වීම නිසා අන්තර්ජාලයට පිවිසෙන්න බැරුව යනව.. සමහරු මම දන්නව Internet එකෙන් Drivers හොයා ගන්නම් කියල Windows දාල LAN Driver නැතුව ඇන ගන්න.. ඒ නිසා විශේෂයෙන්ම Desktop PC එකක් නම් "Ethernet Controller" එකේ Drivers එක හොයාගන්න මොකද මේක නැත්තන් Net යන්න බැරි වෙන නිසා.. හැබැයි Dongle වලින් යන අයට නම් ගැටලුවක් නෑ.. ඒකත් මම අවදාරනයෙන් කියා සිටිනව.
කොහොමද අපි Drivers හොයා ගන්නේ ?
හොයන්න ඉස්සෙල්ල බලන්න තමන් ලග තියෙන්නේ මොකක්ද කියල. ඔයාට Computer එකත් සමග බොහෝ විට Drivers CD / DVD ලැබෙනව. මීට අමතරම ඔයා TV card/VGA/Sound Card වගේ දේවල් Extra ගත්තනම් ඒවාටත් Drivers ලැබෙනව. ඉතින් ඒව ටික තියෙනව නම් අමුතුවෙන් බය වෙන්න ඩෙයක් නෑ..
නමුත් Laptop සහ Notebook භාවිතා කරන අය නම් ලොකු අපහසුවක වැටෙනව.. ඒ මොකද මම දන්න තරමින් කිසිම Lap එකකට Drivers CD හෝ DVD ලෙස ලබා දෙන්නේ නෑ.. ඒ නිසා ඔයා අලුතෙන් Lap එකක් ගන්නව නම් ඒ ගන්න අයගෙන් Drivers ටික ඉල්ල ගන්න. මොකද කවද හරි ඔයාට ඕන වෙන නිසා.. අනිත් වැදගත් කරුන තමයි කියන්න තියෙන Laptop හදන සමාගම විසින් තාක්ශනික සහයන් ලබා ගන්න පුලුවන් වෙන්න Website එකක් කරන් යනව.
ඉතින් ඔයාට Drivers හොයාගන්න පුලුවන් තවත් පහසුම ක්‍රමයක් තමයි මේ තාක්ෂනික වෙබ් අඩවියක සහය ලබා ගන්න එක. ඔන්න මම ඉතින් ලංකාවේ ගොඩ දෙනෙක් භාවිතාකරන Brands කීපයකට අදාල නිල වෙබ් අඩවි වල Links දාල තියෙනව.
![]() | |||
|---|---|---|---|
දැන් මෙතන ඔයාලගේ Lap එකේ Brand එක නැත්තන් දුක් වෙන්න එහෙම එපා.. මමත් මේ ක්ශනිකව Google වලින් හොයල ගත්තේ.. මම භාවිතා කලේ "HP Laptop Drivers" වගේ සරල Key word එකක්.
ඉතින් lap එකේ Drivers විතරක් නෙමේ Mother Board එකේ Drivers පවා මේ විදියට හොයන්න පුලුවන්. Mother B. එකේ Model එක On වෙන කොට පෙන්නනව. නැත්තන් සමහර විට Board එකේ ගහලත් තියෙනව.
Driver සොයන්න පුලුවන් දැනට තියෙන පහසුම ක්‍රමය තමා Driver සොයා දෙන මෘදුකාංගයක් භාවිතා කිරීම. පලමුව මේ වැඩසටහන මගින් Scan කිරීමක් සිදුකරනව ඔයාගේ පරිගනකයේ මොනාද තියෙන Hardware සහ Drivers අඩුපාඩු කම් තියෙන්නේ මොනවායේද කියල. ඒ අනුව මේ වැඩසටහන මගින් ඊලගට මෙයාලගේ දත්ත පද්දතියකට සම්බන්ද වෙනව. ඉතින් ඒ වැඩේට Internet ඕන වෙනව.. ඊට පස්සේ අඩුපාඩු Drivers ටික ඔයාට Download කරල දෙනව..
මීට අමතරව සමහර Software වලින් Drivers Back UP කිරීමේ පහසු කමක් සපයනව. ඉතින් ඒකත් ගොඩක් වටිනව. මොකද Windows දාන්න ඉස්සෙල්ල එහෙම Backup එකක් දාගත්තම වැඩේ ලේසියි..
ඔන්න ඔයාලට මම මේ වැඩේටම හරි යන වැඩසටහනක් ගෙනාව. කැමති අය Download කර ගන්න..
ZIP File Password: schoollk
Download :
ඉතින් මේ ලිපිය මම දින දෙක තුනක් තිස්සේ ලියන්නේ හෙමින් සීරුවේ.. මටත් ඉතින් වැඩ ගොඩක් තියෙනව.. ඒ අස්සේ තමා මේ හැම දේම සිදු කරන්නේ.. ඒ වගේම තමයි ඕනම කෙනෙක්ට පුලුවන් මගේ Mobile No. එකට කතාකරල මේ සම්බන්දව මතුවන ගැටලු සාකච්චාකරන්න.
මේ ලිපිය වටිනව කියල හිතෙනව නම් Comment එකක් දන්න අමත කරන්න එපා.
Thursday, October 3, 2013
ඕනම Android දුරකතනයක් Root කරන්න කියාපු බඩුව
යාලුවනේ ගොඩ කාලෙකට පස්සෙ තමා මම මගේ බ්ලොග් එක පැත්තට ආවේ.. Call කලාට Massage කලාට වැඩක් නෑ ඉස්සෙල්ල රාජකාරිය, පස්සේ තමා මේ වැඩ ගැන බලන්න වෙන්නේ. තරහ නෑනේ. මන් දන්නව ඔයාල එහෙම තරහ වෙන්නේ නෑ.. හොදා හොදා..
මොකක්ද මන් අද ඔයාලට කියල දෙන්නේ කියල හිත හිත ඉන්න කොට තමා යාලුවෙක්ගෙන් Call එකක් ආවෙ එයා එයාගෙ
Android Smart Phone එක Root කරන්න ගිහින් දැන් ඔන් වෙන්නේ නෑ කියල. ඉතින් මේක අපේ ගොඩක් යාලුවොන්නට් වෙලා තියෙනව. හරියට දන්නේ නැතුව Root කරන්න ගියාම ඔහොම වෙනව. සමහරු උඩ පැන පැන Root කරන්න හදනව.. "මොකක්ද බන් Root කරනව කියන්නේ " කියල ඇහුවම අහස පොලව ගැට ගහන්න කල්පනා කරනවා. සමහරු හිතන්නේ Root කරනවා කියන්නේ Sinhala Font දාන එකට කියල. Heee
මේව ඇහුවම සමහරුන්ට වෙන වෙන තැන් වලිනුත් හිනා යයි.. Lol.:P..
හරි එහෙම බෑ බොලව් දන්නේ නැති උන්ටයි දන්න උන්ටයි ඔක්කොටම ලේසියෙන්ම Phone එක Root කරන්න පුලුවන් Software කෑල්ලක් දෙන්නම් දැන්වත් වද දෙන්න එපා බන්.. අරක ඔන් වෙන්නෑ මේක ඔන් වෙන්නෑ කියල.. (Joke හොදේ) . :P
මේක තනිකර Korian භාශාවෙන් හදල තියෙන්නේ.. නමේ අස්සෙනුත් Koran කෑල්ලක් ගහල. මම Koran භාශාව දන්නේ නෑ.. ඒත් එකෙක් කිව්ව මේකෙ නම ROOT Master කියල. වෙන්න බැරි නෑ. නම වගේම තමා මෙයාගෙ වැඩ.
දැන් කට්ටිය Koran Language ඉගෙන ගන්න ඕනේ නෑ. මේක ඕන කෙනෙක්ට තේරෙනව.. හරිම ලේසියෙන් භාවිත කරන්න පුලුවන්. ඇත්තම කිව්වොත් මේකෙ ක්‍රියාකාරිත්වය ගැන මම පැහැදිලි කරන්න යන්නේ නෑ. ඒ තරමටම සරලයි. හිතන්නේ මේ Software එක හෙන සයිස් කියල නේද.. පිස්සු හැදෙයි... 5MB He Heee
හැබැයි කිසිම වගකීමක් මම ගන්නේ නෑ හොදේ.. කරන නොකරන එක ඔයාලගේ වැඩක්
5MB
මම මේ ක්‍රමේට Galaxy Y, Galaxy S සහ Alcatel එකක් Root කලා. ඉතින් මට අව්ලක් නම් ගියේ නෑ.. ඉතින් යාලුවනේ ඔයාල Root කරල හරි ගියාට පස්සේ නිකන් ඉන්න එපා.. පොඩ්ඩක් මේ පැත්තේ ඇවිත් Phone එකේ Model එක දාල ප්‍රතිචාරයක් දාන්න තරම් කාරුණික වෙන්න. මොකද තවත් ඔයාගේ වගේම දුරකතනයක් තියෙන කෙනෙක් මේක කරනවාද නැද්ද කියල බයෙන් ඉන්න පුලුවන්. ඔයාගේ සාර්තකත්වය දැක්කම එයාටත් බය නැතුව වැඩේට බහින්න පුලුවන්. ඒක ලොකු උදව්වක්. ප්‍රයෝජනයක් උනානම් මේ ලිපිය ප්‍රතිචාරයක් දාල යන්න අමතක කරන්න එපා..
Thursday, August 22, 2013
Android Phone වලට පට්ට PC Manager වැඩසටහනක්
දැන් මම ටිකක් Android පැත්තට බර කරල තමා පෝස්ට් ලියන්නේ. මොකද Android Device ඒ තරමටම අපේ ජීවිත ආක්‍රමනය කරල තියෙනවා. අද මම ඔයාලට ඉතාම වැදගත් මෘදුකාංගයක් හදුන්වලා දෙන්න තමා යන්නේ. මෙයාගේ නම තමයි "Mobogenie".
මොකක්ද මේ Mobogenie කියන්නේ කියල බලමු. Mobogenie කියන්නේ ඔයාගේ Android Phone එක Computer එකට සම්බන්ද කරාම ඔයාගේ Phone එක පරිගනකය උපකාරයෙන් කලමණාකරනය(Manage) කරන්න උදව් කරන අපූරු වැඩසටහනක්. ඔයාට කරන්න තියෙන්නේ Data Cable එක අරගෙන Computer එකට ගහන එක විතරයි.
ඉතුරු ටික Mobogenie බලා ගන්නවා. ඇත්තටම මේ Mobogenie කියන තරම් වැඩ කාරයෙක්ද! අපි බලමු මෙයාට කරන්න පුලුවන් මොනාද කියල.
- ඔයාගේ Phone එකේ Tab එකේ File බලන්න පුලුවන්. (SD Data)
- ඉතා පහසුවෙන් Backup සහ Restore කිරීමේ පහසුකම. (Contact/Massage/Apps/Video/Music).
- ".APK" File පටිගනකය මගින් Install කිරීමේ පහසුකම.
- Contact No බැලීමට සහ ඒවා Manage කිරීමේ පහසුකම.
- SMS බලන්න සහ ඒවා Manage කිරීමේ පහසුකම.
- දැනට Install කරල තියෙන Application Update කරන්න, Uninstall කිරීමේ පහසුකම. මෙහිදී Mobile Data වලින් නෙමේ Update වෙන්නේ.
- Phone එකේ තියෙන Music/Videos බැලීමට සහ Manage කිරීමට හැකිවීම.
- පරිගනකය Internet වලට සම්බන්ද කර ඇත්නම් එම Data යොදාගෙන Games,Apps,Wallpapers ආදිය දුරකතනයට Install කර දීම.
මේ වගේ වැඩ ගොඩම් මෙයා කරනවා. හරිම Smart Program එකක්. ඕන නොතේරෙන කෙනෙක්ට පහසුවෙන් තේරෙන්න හදපු වැඩසටහනක්. ඉතින් ඔයත් බල බල ඉන්නේ නැතුව මේක Install කර ගන්න. මේ වැඩසටහන 15MB වගේ පොඩි Software එකක්. එහෙනම් මම ගියා. ජය වේවා!..
Subscribe to:
Posts (Atom)


































