Saturday, December 28, 2013

VB.NET වලින් Animate වෙන Button එකක් හදමු


ඔන්න ගොඩ දවසකට පස්සෙ තමා vb.net වලට පාඩමක් හැදුවේ.. ඒ වගේම තමා ගොඩ දවසකට පස්සෙ මම Video එකක් කලේ. ඉතින් අපි හැමෝම දන්නවනේ සාමාන්‍ය Application එකකට භාවිතා කරන්නේ Windows ල විසින්ම දෙනු ලබන Button එකක් නේ.. නමුත් මේ වීඩියෝ එකෙන් ඔයාලට මම කියල දෙනව අපිට හිතේ හැටියට Button එකක් දා ගන්න හැටි.. ඇත්තටම මේක එක ක්‍රමයක් විතරයි. මීට වඩා දියුනු ක්‍රම තියෙනව.. UI Design කරන කොට.. මේක තමා මූලිකම අදියරය.. උත්සහ කරල බලන්න..


Surce Code: Download

ඔබේ අදහස් අපිට ලියන්න 

Thursday, December 26, 2013

ඔයාගේ Android දුරකතනයේ Add Block කරමුද.



ඔන්න ඉතින් නිදහසේ Phone එකට Game එකක් හරි App එකක් හරි දා ගත්තම ඒක අස්සෙන් Add දානව. එතකොට කරන්න යන වැඩේ නෙමේ කෙරෙන්නේ.. සමහර වෙලවට ඔබන්න යන තැන එක පාර මල හොල්මනක් වගේ ඇඩ් මතු වෙනව.. 



ඊට පස්සෙ ඔක්කොම වැඩ නවත්තල Browser එක Open වෙනව.. ඔයාලත් මේ දුක විදල ඇති Android පරිශීලකයෙක් නම්.. ඉතින් අද මම ඔයාලට පුංචිම පුංචි ඇප් එකක් ගේනව. මේක ඇවිත් Add Block කරන එකක්. නම තම AdAway. ඉතින් මමත් මේක තමා Use කරන්නේ.. දැනටනම් මම අව්ලක් දැක්කේ නෑ.. මෙතනදි කරන්නේ Add පෙන්නන Link ඔක්කොම එකතුකරල Host File එකට දාන එක. Host File ගැන දන්නවත් ඇති සමහරු. හරි ඒකෙන් වැඩක් නෑ.. කැමති කෙනෙක් ඉන්නව නම් Download කරගෙන phone එකට දාල Install කරල බලන්න.. හැබැයි ඉතින් මේක System එකේ host File එක Replace කරන නිසා Super User අවසරය නම් ඕන වෙනව.. තේරුනේ නැද්ද.. ඒ කියන්නේ Root කරපු Phone වලට විතරයි වැඩ. 

මීට පෙර මම Root කරනව කියන්නේ මොකක්ද, Root කරන්නේ කොහොමද කියල ඉතාම පැහැදිලිව කියල දුන්න මතක ඇති නොබලපු අය මෙතනින් ගිහින් බලන්න
…Root කිරීම යනු
Root කරන අයුරු 


 Download AdAway (2.5MB)
 

Sunday, December 22, 2013

හරියට Game එකක් Install කරන්න දන්නේ නැද්ද




අපේ Game ගහන අයියල මල්ලිල නංගිල අක්කිල ඔක්කෝටම ඔන්න අද මේ ලිපිය ගොඩාක් වැදගත් වෙයි. ඉස්සර නම් ඔය අපි පෙන්ටියන් 3 පරිගනක භාවිතා කරන සමයේ කඩෙන් CD එකක් උස්සන් ආව, Install කලාට දැන් තියෙන බොහෝ ගේම් DVD දෙක තුනේ දැවැන්ත ඒව. ඉතින් මේ ගේම් Install කරන්න පහසු නෑ.. අර tool ඉල්ලනව මේ Tools ඉල්ලනව.. මේ නිසා ගොඩාක් අය ටිකක් පැටලිල මේ සම්බන්දව.. ඔය අතර යම්තන් Game එක කොටල කොටල කනා ශොට් එකකින් දා ගන්න අයත් ඉන්නව.. දැම්මත් මොකද උනේ කියල එයල දන්නෙත් නෑ.. ඉතින් මේ ලිපියෙන් බලමු මේ ගැටලු සහගත තැන් නිරාකරනය කර ගන්න. 

ඇයි අද කාලේ පරිගනක ක්‍රීඩාවක් මෙතරම් විශාල ?


නම් වශයෙන් නොකිව්වාට සමහර අලුත් පරිගනක ක්‍රීඩා DVD දෙකේ හතරේ.. මහ දැවැන්ත අන්තර්ගතයක් තියෙන්නේ.. මේව Install කලාට පස්සේ පරිගනක දාරිතාවයෙන් 20GB සමහර විට ඊටත් වඩා වැඩි ඉඩ කඩක් ගන්න අවස්තා තියෙනව.. අද කාලේ පරිගනක තාක්ශනය වගේම භාවිතා කරන පරිගනක දෘඩාංග වල කාර්යක්ශම තාවය සහා ප්‍රමානාත්ම තාවය සැලකිය යුතු තරම් වැඩි වෙලා තියෙනව. හිතන්න ඉස්සර පරිගනකයක 20GB Hard Disc භාවිතා කල අතර අද වෙන විට එය 500GB 1TB 2TB වගේ වැඩි වෙලා.. පෙර පරිගනක වලට වඩා වේගයද දසගුනයකට වඩා වැඩියි.. ගැරැෆික් පැත්ත ගත්තත් මේ ගුනාත්මක දියුනුවක් තියෙනව.. මේ නිසා පරිගනක ක්‍රීඩා නිර්මානය කරන සමාගම් අද කාලෙට ගැලපෙන උසස් පරිගනක ක්‍රීඩා නිර්මානය කරන අතර ඒවායේ තාත්වික බව අනර්ගයි. ක්‍රීඩාවක තාත්වික බව වැඩි වෙන්න ඒවායේ භාවිතා වන Graphic වල ගුනාත්මක භාවය සහ ශබ්ද ආදී අමතර සම්පත් වල ගුනාත්මක භාවය වැඩි විය යුතු අතර, එසේ වැඩි කිරීමේදී ඒවායේ ප්‍රාමානාත්මකව වැඩි දාරිතාවයක් පරිගනකයෙන් අත්පත් කර ගන්නව. පොඩ්ඩකට අපි අතීතයට හැරිල බැලුවොත් IGI පරිගනක ක්‍රීඩාවේ භාවිතා වූ Graphic quality එකට වඩා සිය ගුනයක් වැඩි දියුනු කරපු Graphic quality එකක් තියෙනව Call Of Duty 4 වගේ ක්‍රීඩාවක.. ඉස්සර කාලේ පරිගනක ක්‍රීඩා වල මිනිස්සු කතා කරන කොට අදාල වචනය පිට කිරීමේදී භාවිතා වන මිනිස් මුහුනේ ඇතැන් අංග චලනයන් අද වන විට 100% ක් නිවැරදි කර තිබෙනව.. ඉතින් මේ සියල්ලටම දැවැන්ත දත්ත ප්‍රමානයක් දරා ගන්න ඕනේ.. ඒ නිසා වැඩි ඉඩ කඩක් පරිගනකයෙන් යනව.

දැන් තරමක අවබෝදය එන්න ඇති මේ හා සම්බන්දව.. ඉතින් බොහෝ විට පරිගනක නිර්මානය කරන සමාගම් මේව එලි දක්වන්නේ තනි DVD ලෙස.. නමුත් අපිට ලැබෙන කොට කොහොමද DVD දෙකක් හෝ කීපයක් වෙන්නේ.. දැන් ඒ ගැන පොඩ්ඩක් හොයල බලමු.

…ඇත්තටම මේ ක්‍රීඩා එන්නේ බොහෝ විට තනි DVD එකක් ලෙස. මේ DVD එකක් ගත්තම මේවා 8GB තරම් දාරිතාවයක් තියෙන Double layer DVD වෙනව. ඉතින් සාමාන්ය වෙලද පොලේ මේ වර්ගයේ DVD හොයන්න අමාරුයි. ඒ වගේමයි හොයා ගත්තත් මේව මිල වැඩියි.. අපේ අය්යල ඉතින් Game හොර පාරෙන් පන්නල අපිට දීල එයාලගේ ලාබේ හොයන්න ඉතින් පුලුවන් තරම් ලේසිම ක්‍රමයක් හොයා ගන්නව. ඒ නිසා තමා 4.7GB DVD කීපයකට මේ ක්‍රීඩාව Write කරන්නේ. සාමාන්යෙන් DVD තොග පිටින් ගන්න කොට එක DVD එකක ගාන වෙන්නේ රු. 15 ත් 19 ත් අතර මිලක්.


කොහොමද මෙයාල තනි 8GB DVD එකක් 4.7GB DVD දෙකකට කඩන්නේ කියල ඊලගට අපි බලමු. 

බොහෝ විට මම දැකල තියෙන්නේ Original DVD එකේ Image එකක් හදා ගන්න එක. මොකක්ද මේ Image සීන් එක.. ඒකත් කියල දෙන්නම්කො එහෙමනම්. ඔයාල දන්නවනේ DVD හෝ CD වල දත්ත තැම්පත් කරන්නේ ලේසර් කදම්බයක් මගින් ඇති කරන සියුම් කඩතොලු රටාවකින්. යලි ඒ රටාව කියවීමෙන් අදාල දත්තය ලබා ගන්න පුලුවන් වෙනව. ඉතින් අපිට පුලුවන් මේ Original DVD එකේ මේ කඩතොලු රටාව පිංතූරයක් ලෙස පරිගනකයේ තැම්පත් කර ගන්න. ඒකට තමා DVD Image එකක් කියන්නේ.. ගොඩක් වෙලාවට මේවායේ Format එක .ISO වගේ තමා තියෙන්නේ. 

දැන් සම්පූර්න DVD Image එක පරිගනකයට දා ගත්ත.. ඉතින් මේ Image එක බොහෝ විට 4GB ඉක්මවා යනව.. ඒ නිසා DVD එකකට ගහන්න බෑ.. ඉතින් අපි මොකද කරන්නේ මේ Image File එක කොටස් වලට කැබලි කරනව. අපි කියනව මේකට Split කරනව කියල. මේ සදහා Win-rar කියන වැඩසටහන යොදා ගන්නව.. Split කරන කොටත් ක්‍රම දෙකක් භාවිතා කරනව. අපි හිතමුකො DVD Image එක ඇවිත් 6GB වගේ File එකක් කියල.. ඉතින් අපිට පුලුවන් මේක එක පාර කොටස් දෙකකට කඩල DVD දෙකකට ගහන්න.. අනිත් කරුන තමා මුලු File එකම 20MB වගේ කුඩා කොටස් රාශියකට කඩන්න.. ගොඩක් වෙලාවට දෙවෙනි ක්‍රමය තමා භාවිතා කරන්නේ.. මොකද එත කොට හදිස්සියට DVD නැති වෙලාවක අපිට පොඩි PEN Drive එකකින් උනත් Data ටික දහපාරකට හරි ගෙනියන්න පුලුවන් නිසා.

මේ තියෙන්නේ ඒ වගේ කුඩා කොටස් වලට Split කරපු Game DVD එකක්.

කට්ටියට දැන් මම පැහැදිලි කරානේ මේ Game එකක් හොර පාරෙන් අපේ අතට ලැබෙන කොට මොන මොන වෙනස් කම්ද වෙන්නේ කියල

 කියවල තේරුනේ නැති අයට මේ පිංතූරෙ දෙසට අවදානය යොමු කරන්න 


 මූලික සිද්දාන්තය තේරුම් ගත්ත නම් ඊ ලගට මේ වගේ ක්‍රීඩාවක් Install කරන්න ඔයාටත් තනිවම පුලුවන්. ඉතින් Install කරන්න නම් ඔයා මොකද කරන්න ඔනේ.. මේ මම කියපු පියවර ටිකම අනිත් පැත්තට කරන්න.. ඒ අනුව ඉස්සෙල්ලාම කොටස් වශයෙන් කඩපු File වලින් Image එක ගොඩ නගා ගන්න වෙනව. ඉතින් මේ සදහා අපිට Winrar,7Zip වගේ වැඩසටහනක් භාවිතා කරන්න පුලුවන්.. මෙතනදි ගොඩාක් අයට මතුවන ප්‍රායෝගික ගැටලුව තමයි මොකක්ද මම File ගොඩක් අතරින් දිග හැරීම සදහා යොදා ගන්නේ කියල.. ගොඩක් වෙලාවට කුඩා File විදියට Split කරන කොට පිලිවෙලට a1.rar,a2.rar,a3.rar වගේ සංක්‍යාත්මක අගයකින් File නම් කරනු ලබනව.. ඉතින් ඔයා ඉස්සෙල්ලම දිග හරින්න ඕනේ පලවෙනිම අංකය තියෙන File එක.. එහෙම නොමැති වෙලාවට ඒ File අසලම ඊට වඩා වෙනස් File එකක් තියෙන්නත් පුලුවන්.. උදාහරනයක් ගත්තොත්.. a.rar a1.rar,a2.rar,a3.rar වගේ අවස්තාවක වෙනස්ම මාදිලියේ File එක වන්නේ a.rar. ඉතින් ඔයා Extract කරන්න ඕනේ අන්න ඒ File එක.. මේ විදියට File දිග හැරීමේදී එක්තරා අවස්තාවක දෙවන DVD එක ඉල්ලනව.. ඉතින් ඒක ලබා දෙන්න.. 

හොදා ඔන්න අපි DVD Image එක පරිගනකය තුල හදා ගත්ත කියමුකො.. දැන් මේ Image එක Read කලානම් Game එක Install කරගන්න පුලුවන් නේ.. මේ සදහා අපි Image mount කරන ඕනෑම වැඩසටහනක් යොදා ගන්න පුලුවන්. Image Mount කරන tool සමහර විට ඔයාල දන්නවත් ඇති. DAEMON-Tools, Alcohol 120%, Magic ISO ඉන් සමහරක්.. මේ වැඩසටහන් වලට පුලුවන් කෘතීම DVD Rom එකක් පරිගනකය තුල ගොඩ නගන්න.. අපි මේවට කියනව Virtual CD/DVD-ROM කියල.. ඉතින් මේ වැඩසටහනක් මගින් අපිට පුලුවන් අර Image එක virtual rom එක හරහා open කරන්න.. 

Game එක්ක මේ Tools බොහෝ විට ඔයාලට සපයනව. ඒත් හොදට මතක තියා ගන්න ඒ tools ම භාවිතා කරන්න කියල නියමයක් නෑ.. සිද්දාන්තය තේරුනානේ.. ඉතින් ඔයා 7zip වලින් Extract කලා කියල Game එක වැඩ කරන්නේ නැතුව යන්නේ නෑ.. ඒ වැඩේට Winrar ම ඔනේ නෑ.. ගොඩක් අය DAEMON-Tools ම භාවිතා කලාට Image එකක් Mount කරගන්න පුලුවන් ඕනෙම වැඩසටහනක් භාවිතා කරන්න පුලුවන්

ඊලගට ඔයා Game ගහන කෙනෙක් නම් නිරන්තරයෙන් ඔයාගේ පරිගනකය තුල අලුත්ම DerectX version එක ස්තාපිත කර ගන්න.. මොකද බොහෝ පරිගනක ක්‍රීඩා මේ DerectX තාක්ශනයට අනුකූලව නිර්ම්මානය කරන නිසා DerectX ඉතා වැදගත්.. 

http://support.microsoft.com/kb/179113


ඉතින් මම මෙතනදී සරල සිද්දාන්තයක් කියල දුන්නේ.. නොතේරෙන කෙනෙක්ට අවබෝද වෙන්න.. සාමාන්‍යෙන් මම නම් පරිගනක ක්‍රීඩා Play කරන්න එච්චරම කැමැත්තක් නම් නෑ.. 
ඉතින් හිතනව අපේ යාලුවොන්ට මේ ලිපිය වැදගත් වෙයි කියල. මේ පිලිබදව තව විස්තර දැන ගන්න හරි, මේ පිලිබද නොතේරෙන කෙනෙක් හරි ඉන්නවනම් මාව දුරකතනය ඔස්සේ සම්බන්ද කර ගන්න. 
(චින්තක දේශප්‍රිය : +94 75 760 694 3)

Thursday, December 19, 2013

gta 3 සිංහලෙන් android ෆෝන් එකේ සෙල්ලම් කරමු

අහා .. බොහොම කාලෙකින් බ්ලොගිය මතක් උනේ ..  ඔන්න ඉතින් මේ චින්තයියා ගේ බ්ලොගියේ මගේ දෙවැනි ලිපිය . මම ඔයාට කලින් ලිපියෙන් කියල දුන්නේ gta 3 ගේම් එක android  ෆෝන් එකේ සෙල්ලම් කරන්නෙ  කොහොමද කියලා . තව පොරොන්දුවකුත් උනානේ එකේ audio එක සිංහලෙන් යන විදිහට හදාගන්න පුළුවන් උනොත් කියල දෙන්නම් කියලා .අන්න එක තම මම අද ඔයාලට කියල දෙන්න හදන්නේ .එක කියල දෙන්න කලින් මම කියන්න ඕනේ . මේ audio  එකටනම් මට කිසිම අයිතියක් නැ . gta 3 ගේම් එකේ pc  verision  එකට හඬ කවපු අයට තමා එකේ පුර්ණ අයිතිය. හරි දැන් වැඩේට බහිමු .  ඉස්සර වේලාම මේක බා ගන්නකො
01 ). gta 3 sinhala audio ( මේ torrent  ෆයිල් එකක්  එක utorrent  එකට දා ගෙන අදාළ ෆයිල් එක බා ගත කරගන්න හොඳේ )
 මම ඔයාලට කලින් ලිපියේන් දුන්න නේද  gta 3 sd data කියල ෆයිල් එකක් එක ඔයාලගේ ළග තාම ඇති කියල හිතනවා . ඒ ෆයිල් එක unzip  කරගෙන  මෙන්න මේ පාත් එක ඔස්සේ යන්නකෝ      android> data > com.rockstar.gta3 > files > GTA3 ඔන්න ඔය පත් එක ඔස්සේ ගියහම ඔයාලට හම්බුවෙනවා ෆයිල් ගොඩාරියක්  ඒවගෙන්  audio  කියන ෆයිල් එක මකලා දාන්න දැන් මම ඔයාලට බාගන්න කියලා උඩ  දුන්නේ ෆයිල් එකක්  අන්න එක බා ගෙන unzip  කරලා  audio  කියන ෆයිල් එක අර කලින් එකේ ෆයිල් ගොඩාරියක් තිබ්බ තැනට  copy  කරන්න . ඊට පස්සේ කලින් ලිපියේ විදිහට .  ගේම් එක ෆෝන් එකට දාගෙන  සෙල්ලම් කරලා බලන්නකෝ ..

Tuesday, December 17, 2013

යු.පි.එස් ගැන සරල විස්රරයක් වගේම බැටරිය මාරුකිරීම. (How to Replace a UPS Battery)



UPS එකක් මතක් වෙන්නේ ඉතින් අපි Computer එකෙන් වැඩක් කර කර ඉන්න වෙලාවක Power Cut එකක් ගියාම.. ඒ නිසා බොහෝ දෙනෙක් UPS ගන්නව. නමුත් මේ මොන UPS එකත් පරිගනකයේ අනෙක් උපාංග හා සසදා බැලීමේදී ඉක්මනට සවුත්තු වෙලා යනව. ඒකට ප්‍රදානම හේතුව තමා මේවායේ ඇතුලේ තියෙන බැටරියක් තිබීම. බොහෝ විට මේ බැටරියක් වසර දෙකක් පමන තමා භාවිතා කරන්න පුලුවන් වෙන්නේ.. ඊට පස්සේ අර UPS එකට ඇත්තටම මොකද වෙන්නේ.. ගොඩ දෙනෙක් නම් ඕක විසි කරල අලුත් එකක් ගන්නව. මොකද ඔරලෝසුවකට බැටරි දානව වගේ පහසුවෙන් මේවායේ බැටරි මාරු කිරීමට නොහැකි වීමයි.. මේ වීඩියෝ එකෙන් UPS එකක බැටරිය මාරු කරන ආකාරය ඉතා සවිස්තරාත්මකව කියල දෙනව. මේ වීඩියෝ එක මම ලබා ගත්තේ Techකතා The Magazine වෙබ් අඩවියෙන්.. ඉතින් මේ වීඩියෝව නිර්මානය කල කාලිංග අය්යට ගොඩාක් ස්තූතිවන්ත වෙනව.


වීඩියෝ එක නිර්මානය කලේ Kalinga Athulathmudali
Facebook : https://www.facebook.com/groups/Tkatha/
Google Group : http://groups.google.com/group/techkatha
Twitter : http://twitter.com/kalinga

Wednesday, December 11, 2013

Android උපාංග ආරක්ෂිතව Root සහ Unroot කරන්න කියාපු බඩුව




Android සමග නිතර අපිට හමුවෙන වචනයක් තමා Root කිරීම කියන එක. Root කරලත් බෑ නොකරත් බෑ.. මේ Root කිරීම නිසා අදාල දුරකතන සමාගම ලබා දෙන වගකීම නැතිවෙනව.. :( නමුත් උපාංගයක් Root කිරීමෙන් ලබා ගන්න පුලුවන් වාසි නම් සුලුපටු නෑ.. ඒ නිසා බොහෝ දෙනෙක් (වැඩ දන්න අය) Android උපකරනයක් ලැබුන විගස Try කරන්නේ කොහොම හරි Root කරන්න.. මේක හරියට නොදැන කරන්න ගිහින් සමහරු Smart දුරකතනය සදා සොත්ති කරගත්තු අවස්තාත් එමටයි.. (ඒ අතර මමත් එක අයෙක් බව කරුනාවෙන් සලකන්න =)) )


ඒකෙන් වැඩක් නෑ.. බය නැතුව Android උපාංගයක් Root කරන්න පුලුවන් පට්ට Tool එකක් ලැබුන. ඒ තමා UnlockRoot Pro. මේකෙන් Root කරන්න වගේම Unroot කරන්නත් පුලුවන්. ඉතින් මීට පෙරත් මේ වගේම Tool එකක් ගෙනාව මතක ඇති.. ඒක 5MB තරම් Tool එකක්.. බැලුවේ නැති කට්ටිය මෙතනින් ගිහින් බලන්න. ඒ Post එක දාපු වෙලාවෙ බොහෝ දෙනෙක් Call කරල ඇහුවේ කොහොමද Unroot කරන්නේ කියල. දැන් මේකෙන් පුලුවන් අ වැඩේ කරගන්න..

https://mega.co.nz/#!okAGBIqb!ZovanzCHd3vui2NQZ6mhUjNG9d03sue3wSKjlVzNJQo
FILE SIZE: 37 MB

 

Sunday, December 1, 2013

Schoollk Android App එකක්


ආදරනීය Schoollk මිතුරනි.. ඔන්න ඔයාල Android දුරකතනයක් හෝ Android Tab එකක් පාවිච්චි කරනවද.. එහෙනම් මෙන්න Schoollk App එක ඔයාලගේ උපකරනයට දාගන්න.. අපේ නවතම තාක්ශනික ලිපි මේ App එක ඔස්සේ  ඔයාලට ලබා ගන්න පුලුවන්.



Wednesday, November 27, 2013

Windows XP දාන්න ඉගෙන ගමු (සිංහල Video)


මේ වීඩියෝ එක මගින් පරිගනකයකට Windows XP මෙහෙයුම් පද්දතිය දැමීම සිදුකරන ආකාරය සම්පූර්නයෙන් සිංහලෙන් කියල දේවි

Computer Hardware සිංහලෙන් ඉගෙන ගමු (Video)


මෙම වීඩියෝ එක මගින් ඔයාලට Computer Hardware ගැන හොද දැනුමක් ලබා ගන්න පුලුවන් වෙයි කියල හිතනව..

Monday, November 25, 2013

කොහොමද File එකක් Compress වෙන්නේ..


තාක්ශනය හරිම පුදුමාකාරයි. ඒත් මේ අරුම පුදුම තාක්ශනයේ පසුබිම සහ ක්‍රියාවලිය සොයා බැලුවම ඇත්තටම ඒතන පුදුම වෙන්න දෙයක් තියෙනවද කියලත් හිතෙන තරම්. අද මම ඔයාලට File Compress වීමේදී සිදුවන ක්‍රියාවලිය තරමක් දුරට පැහැදිල කරන්නයි යන්නේ.. ඉස්සෙල්ල බලමු මොකක්ද මේ Compress වීම කියන්නේ කියල.. ඔයාල දන්නවනේ ගොඩක් වෙලාවට අන්තර්ජාලයෙන් බාගත කරගන්න තියෙන File Zip හෝ RAR ආකාරයට පවතිනව.. ඕනෑම කෙනෙක් පුදුම කරන හැකියාවක් මේ ZIP හෝ RAR File වලට තියෙනව. ඒ තමා මේ File Extract එහෙමත් නැත්තන් දිග හැරූ විට මේ File එකට වඩා අන්තර්ගතය විශාල වීමයි.. ඒ කියන්නේ මේ තාක්ශනයට පුලුවන් දත්තවල සැබෑ ප්‍රමානයට වඩා හැකිලීමකට ලක් කරන්න.. ඉතින් පුදුම සහගත කරුන කියන්නේ ඇතැම් 4GB තරම් දැවැන්ත ගොනු 10MB වගේ වෙනකන් හැකිලූ වෙලාවල්.. අපිට දැක ගන්න පුලුවන්.. මම දැකපු එක්තරා File එකක් 10GB තරම් ගොනුවක් 100MB තරමට Compress කරල තිබ්බ.. ඉතින් මේව දැක්කම පුදුමත් හිතෙනව තමා..

පොදුවේ බොහෝ දෙනෙක් File compress කිරීමේ ක්‍රියාවලියෙන් බලාපොරොත්තු වෙන කරුනු 5ක් මම දැකල තියෙනව.

01.දත්ත Compress කිරීම
Email කරන්න Upload කරන්න විශාල File අපහසුයි.. මේ නිසා බොහෝ දෙනෙකු File ZIP  හෝ RAR කිරීමට හුරුවී සිටිනව.. ඒකත් නරකම නෑ..

02.File සහ Folder එකතු කර තනි ගොනුවක් බවට පත් කිරීමට
ඇතැම් අය Compress කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ දත්ත හැකිලීමට නෙමේ.. Folder සහ File තනි කට්ටලයක් සේ බැදල තියන්න.. මේක ගොඩාක් ප්‍රොයොජනවත් වෙන්නේ Upload කරන කොට.. ඕක හරියට මේ වගේ.. පාසල් ලමයි පොත් ටික අතේ අරන් යනවට වඩා බෑග් එකක දාල ගෙනියන කොට ගොඩක් පහසුයි නේ.. ආන්න ඒ වගේ.. දත්ත එහෙ මෙහෙ යවන කොට කෑලි හැලෙන්නේ නැතුව එක මිටියක් සේ බැදල ගන්න පුලුවන් උපක්ක්‍රමයක් විදියට Zip කිරීම සිදුකරනව..

03.දත්ත කොටස් කර කැඩීම (Split) කිරීමට..
ඔන්න ඔයා ලග තියෙනව 4GB තරම් දැවැන්ත File එකක්.. මේක වෙන Computer එකකට ඔයාට ගෙනියන්න ඕනේ.. ඒකට ඉතින් Pen Drive එකක් තිබ්බොත් ඇතිනේ.. කරුමෙ කියන්නේ ඔයා ලග තියෙන්නේ 2GB Pen එකක්.. මලා දැන් කොහොමද අර File එක දාන්නේ.. Split කිරීම එහෙමත් නැත්තන් දත්ත කැඩීම ඕන වෙන්නේ මෙන්න මෙතනදී..Split කිරීමේදී අදාල දත්තය කුඩා කොටස් වලට කැබලි කරනව.. එක කෑල්ලක Size එක ඔයාට කල් තියාම තීරනය කරන්න පුලුවන්.. ඒ අනුව ඔයා CD එකකට නම් 700MB වෙන්න ප්‍රධාන ගොනුව, උප කොටස් වලට කැබලි කරන්න පුලුවන්.. 2GB පෙන් එකක් නම් ආසන්න වශයෙන් 1.7 GB වෙන්න කඩන්න පුලුවන්.. ඒ අනුව [4GB / 1.7GB = File 3ක් (ආසන්න වශයෙන්)] අපිට ගන්න පුලුවන්.. දැන් මේ දැවැන්ත File එක අවස්තා 3 කින් අපිට ගෙනයන්න පුලුවන් වෙනව නේද.. ඉතින් සමහරු Data Compression මගින් Compress කිරීමට වඩා එහා ගිය දේවල් කරගන්න තවත් අවස්තාවක් හැටියට මේ ක්‍රමය පෙන්වා දෙන්න පුලුවන්.

04.දත්ත ආරක්ශා කිරීමට.
දත්ත Compress කල පසු එය යලි Extract කලාම කලින් තිබූ දත්තය ලබා ගන්න පුලුවන්.. ඒත් Compress කිරීමේදී අපිට රහස් අංකයක් මගින් මේ සමස්ත file එකම lock කරන්න පුලුවන්.. ඉතින් ඔයාලට අමුතුවෙන් Folder Lock ඕන වෙන්නේ නෑ.. මේ විදියට දත්ත ආරක්ශාකරන්න පුලුවන් බවත් මතා තියා ගන්න.

05.දත්ත virus වලින් ආරක්ශා කිරීමට.
…විශේෂයෙන්ම Software වගේ ගත්තම ඒවායේ  Setup file, පරිගනක තුල නිකරුනේ තියන් ඉන්න එක මම අනුමත කරන්නේ නෑ කිසිම වෙලාවක. මොකද සමහර Virus වර්ග තියෙනව exe file තුලට ඇතුලු වෙන.. එතැන් පටන් විශ්වාසනීය Setup file එක නොදැනුවත්වම Virus එකක් බවට පත් වෙනව.. හොදම දේ DVD වලට ගහල පරිස්සමෙන් තියා ගන්න එක. ඉතින් සමහරු exe  Setup File ZIP හෝ RAR බවට පත් කරනව, මේ Virus වලින් බේරෙන්න.. හ්ම්.. නරකමත් නෑ වැඩේ.. තවත් හොදයි Password එකක් දාලම Compress කලා නම්..

දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඇති මූලික වශයෙන් මේ දත්ත Compress කිරීම මගින් අපිට අත්වෙන වාසි.

 ඇත්තටම File Compress කිරීමෙන් පසු එහි දාරිතාව පෙරට වඩා අඩු වීමක් දැක ගන්න පුලුවන්. සමහර වෙලාවට අපි කොච්චර සෙල්ලම් දාල Compress කලත් අපිට සෑහීමකට පත් වෙන්න පුලුවන් තරමට එම File එක හැකිලීමකට ලක් වෙන්නේ නැහැ. මේ හැම දේකට පිලි තුරු ඔයාලට මේ ලිපියේ අවසානයේ දැන ගන්න පුලුවන් වේවි.

කොහොමද මෙහෙම දත්තයක ප්‍රාමානය, එයට හානියක් ඇති නොවන විදියට අඩු කරගන්නේ.. ඇත්තටම බොහෝ වෙලාවට අපේ File වල අනවශ්‍ය ආකාරයට තොරතුරු තැම්පත් කරල තියෙනව.. නමුත් ඒ තොරතුරු ඒ විදියටම තියෙන්න ඕනේ.. ඒත් ඒව අනවශයයි.. මොකක්ද මේ හතර බීරි කතාව.. මේ බලන්නකො..

KAMAL LIKE TO APPLE,NIMAL LIKE TO ORANGE, BUT APPLE AND ORANGE NOT VEGETABLE.

බලන්නකො ඉහලින් මම ලියල තියෙන වාක්‍ය දිහා පොඩ්ඩක්.. බැලූ බැල්මට අපිට මේ වාක්‍යයේ අනවශ්‍ය දත්තයක් කියල දෙයක් නොපෙනෙන්නේ.. එමගින් අපිට හරියටම තොරතුරක් දෙන නිසා.. නමුත් මේක පරිගනකය පැත්තෙන් බැලුවම අනවශ්‍ය දත්ත ගොඩාක් තියෙනව..

මේ බලන්නකො..

KAMAL LIKE TO APPLE,NIMAL LIKE TO ORANGE, BUT APPLE AND ORANGE NOT VEGETABLE.

Apple කියන වචනය දෙවතාවක් යෙදිල.. Orange කියන වචනයත් එලසමයි.. Like කියන වදනත් දෙවතාවක් යෙදිල.. පොඩ්ඩක් හිතල බලන්න.. අපිට මේක පහසුවෙන් කියවගෙන යන්න පුලුවන් වාක්‍යක් උනාට මේ හැම අකුරකටම byte ගනනක මතකයක් පරිගනකයෙන් වෙන් කර ගන්නව නේද කියල.. 
අකුරකට විතරක් නෙමේ.. තිත කොමාව.. ඇයි Space. හිතන්න Apple කියන වචනය පරිගනකයේ byte 5 ක මතකයක් තුල තැම්පත් වෙනව කියල.. හොදා Apple ගැනම ලිව්ව පිටු 200 ක විතර Document එකක නිකමට හිතන්න Apple කියන වචනය කීපාරක් යලි යලිත් යෙදෙයිද (Repeat) කියල.. අපි හිතමු උපකල්පනය කරල 10,000 ක් විතර කියල.. එතකොට byte 5 හේ ඒවා 10,000.. ක් !! ආසන්න වශයෙන් 48.82 Kb ප්‍රමානයක්.. Compress වීමේදී එකම දත්තය යලි යලිත් එම document එක තුල ලිවීම නතර කරල එම දත්ත වල පිහිටීම පමනක් තබා ගන්නව. එතකොට Apple කියල  වචන 10000 ක් නෙමේ එක වචනයක් පමනක් තියා ගන්නව. අනිත් සියලුම අතිරික්ත වචන හලනව.. ඒ නිසා ගොනුවේ බර චුට්ටක් අඩු වෙනව.. මේ Apple කතාවෙදි නම් 48Kb තරම් ප්‍රමානයක් අඩුවෙනව.. එක වචනයකින් 48kb කියන්නේ ඉතින් හැම වචනයකින්ම එකතු උනාම සමස්තය විශාල ප්‍රමානයක් අඩුකරගන්න පුලුවන් වෙනවනේ..

මේ මම ඔයාලට තේරුම් ගන්න පුලුවන් සරල උදාහරනයකින් Compress වීමේ යාන්ත්‍රනය කියල දුන්න .. ඉතින් Text Document එකක් දිහාම බලන්න එපා... අනෙකුත් Data වලදීත් Compress වීමේ යාන්ත්‍රනය මීට බොහෝ සෙයින් සමානයි..
ඉතින් මම හිතනව Compress වීම සම්බන්දව ඔයාලට තරමක අවබෝදයක් දැන් ලැබිල ඇති.. Compress වීමේදී ප්‍රදාන ක්‍රම දෙකක් උපයෝගී කරගන්නව.. අපි තව ටිකක් මේ මාතෘකාවට ගැබුරින් බැහැල කතා කරමු.

Lossless Compression 

මෙහිදී තියෙන දත්ත වලට හානි නොවන විදියට තමයි Compress වීම සිදුවෙන්නේ.. ඒ කියන්නේ.. දත්ත හැකිලූ පසු එහි ප්‍රමානය අඩු වෙනව.. නමුත් යලි දත්ත ලබා ගැනීමේදී එම දත්ත වලට කිසිදු හානියක් වෙන්නේ නෑ.. 

ඔන්න ඔය පින්තූරෙ දිහා පොඩ්ඩක් බලන්නකෝ.. Build-inbox වලින් තමා සීන් එක කියල දෙන්න යන්නෙ.. මෙතන කෑලි කීයක් තියෙනවද බලන්නකො.. 10ක් තියෙනව.. හොදා Loss less ක්‍රමේදි හරි අපූරු වැඩක් වෙන්නෙ.. මම ඉස්සෙල්ලම කියල දුන්නෙත් මේ වගේම සිද්දියක් තමා.. මතකනේ Apple කතාව.. යලි යලිත් Repeat වෙන කොට ඒවා හානි නොවන විදියට අඩු කරන්න පුලුවන් ක්‍රම වේදයක් තමා Loss less කියන්නේ.. 

ඒ අනුව
RED BOX = 2
YELLOW BOX = 5
BLUE BOX = 3

ක් තියෙනවනේ..

දැන් ඕකම මේ පල්ලෙහා පින්තූරයේ විදියට හදනව.. 


තනි රතුපාට කෑල්ලක් යොදාගෙන කී වරක් එය Repeat වෙන්න ඕනෙද කියල ලබා දෙනව..
…කහ පාට කෑලි පහක් වෙනුවට එකක් පමනක් යොදාගෙන.. කීවරක් යලි යෙදෙන්න ඕනෙද කියල විතරක් ලබා දෙනව.. පරිගනකය කියන්නේ හරි අපූරු යන්ත්‍රයක්.. Duplicate ගහන එක එයාට අමාරු වැඩක් නෙමේ.. ඉතින් Repeat වෙන්න ඕන එක හදුන ගත්ත ගමන් එයා අදාල දත්තය Duplicate කරල යලි ප්‍රතිසැකසුමක් සිදුකරල කලින් තිබූ දත්තය හදා ගන්නව..

…මේකත් බලන්නකො.. 

 ffffffffffmmmmmbb

මෙතැන අකුරු 17ක් තියෙනව.. මේ ටිකම මෙන්න මෙහෙම ලිව්වොත් ?

f10m5b2

දැන් අකුරු 7යි... අකුරු 17 මම 7 කට අඩු කලා.. 

තේරුනා නේ වෙච්ච වැඩේ.. Loss Less ගැන දැන් ඔයාලට තරමක් හරි අවබෝද වෙන්න ඇති..

Lossy Compression

මේ Compress කරන තවත් ක්‍රමයක්.. මෙතනදි නම් දත්තය Compress වීමේදී කෑලි හලනව.. ආයේ එම දත්තයම ලබා ගැනීමේදී අපිට පෙර තිබූ දත්තයම යලි ලබා ගන්න බෑ.. නමුත් පෙර තිබූ දත්තයට වඩා හැකිලීමක් සිදුවුනා නේ.. මේ වගේ Compress කිරීමක් බොහෝවිට අපි සිදුකරන්නේ පිංතූර වලයි.. විශේෂයෙන්ම Upload කිරීමේදී පිංතූරවල සැබෑ.. Size එකට වඩා අඩුවීම ගොඩක් වටිනව.. 

 පිලි වෙලින් බලාගෙන එන්නකො මේ පිංතූරය දිහා.. බලන්න වමේ සිට දකුනට යන කොට එන්න එන්න පිංතූරයේ පැහැදිලි බාවය අඩු වෙනව.. ඒකට හේතුව එහි දත්ත බොහෝ සෙයින් හැලීමකට ලක් කරනවා.. නමුත් මේ ඔනෑම පිංතූරයක් මනුස්සයෙක්ට පෙන්නුවොත් කියන්නේ.. කනුවක් උඩ පූසෙක් ඉදන් ඉන්නව.. ඌ කලු සහ සුදු වර්නයෙන් යුක්තයි කියල.. පරිගනකයෙන් දත්ත හැලුවට මනුස්සයෙක්ට එහි හදුනා ගන්න පුලුවන් දෘශ්‍ය කොටස් සියල්ලම තියෙනව.. ඉතින් මොකටද අපි දුක් වෙන්නේ.. Lossy Compress ක්‍රමයත් වරදක් නෑ.. 

අවසාන වශයෙන් කියන්න දේවල් ටිකක් තියෙනව.. මේක මැජික් එකක් නෙමේ.. මෙතනදි යම්කිසි යාන්ත්‍රනයක් තියෙනව.. මේ යාන්ත්‍රනයට හසු වෙන දත්ත පහසුවෙන් හැකිලෙනව වගේම තමා යාන්ත්‍රනයට හසු නොවන දත්ත හැකිලෙන්නේ නැති විත්තිය.. ඉතින් දවස් දෙකක් තිස්සෙ ඔන්න මම ලිපියක් ලිව්ව.. මම හිතනව මේක ගොඩාක් ප්‍රොයෝජනවත් වෙය් කියල ඔයාලට..


 

 

 

 



Tuesday, November 19, 2013

සැහැල්ලු ගුවන් යානා සැදීමේ තාක්ෂනය දැන් ඔබ හට..



ආදරනීය School lk මිතුරනි.. කවදත් අමුතුම වැඩ කරන්න උපන් හපන් අපි මෙදා සැරේ තවත් අමුතුම වැඩකට අත ගැහුව.. මොකක්ද මේ වැඩේ.. ඔන්න අපි ඔයාලට කියල දෙන්න යන්නේ සැහැල්ලු ගුවන් යානා නිර්මානය කිරීම පිලිබදව..  ඔයාල දන්නවනේ සරුන්ගල් හදන්න.. ඉතින් අපිත් පොඩි කාලේ සරුන්ගල් ඇරිය.. නමුත් සරල ගුවන් යානා ආකෘතියක් පියාසර කරවීම සරුංගලයක් පියාසර කරවීමට වඩා අසීරු කටයුත්තක්.. 

මේකේ ලොකු තාක්ශනික පැත්තක් ඔයාල දැන ගන්න ඕනේ.. ඉතින් සමහරු නම් තනිවම අත්හදා බලල.. ගොඩාක් කැපකිරීම් කරල ඔවුන් විසින්ම මේ තාක්ශනය මනාව අවබෝද කර ගන්නව.. ඉතින් ඒ විදියට මේ තාක්ශනය ගැන පාසල් අවදියේ සිටම පරීක්ශන කරමින් අද වෙන විට ලංකාව තුල සැහැල්ලු ගුවන් යානා නිර්මානය පිලිබද සුවිශේෂී දැනුමක් ඇති මිතුරෙකු මම ඔයාලට හදුන්වා දෙන්නයි යන්නේ.. නමින් ඔහු  එරංග දිල්ශාන්.. ඉතින් අපි දෙන්න එකතු වෙලා මේ අපූරු තාක්ශනය ඔයාලට කියල දෙන්න හිතුවා..

මේ එරංගගේ අදහස්..
මේක තනිකරම ප්‍රායෝගිකව යන්න ඕනේ වැඩපිලිවලක්.. අපිට Computer එකක් මාර්ගයෙන් කියල දෙන්න බෑ මේ වගේ තාක්ශනයක්.. මේකට විශේෂ ද්‍රව්‍ය, සැහැල්ලු කොටස්.. අපි පාවිච්චි කරනව.. ඒව අපි මිලදී ගන්න ඕනේ.. ඒ වගේම ප්‍රායෝගිකව මේව හදන්න මම කියල දෙනව.. ඔයාලගේ අනිත් යාලුවො පිට්ටනි වලට බැහැල සව්කොල සරුංගල් උඩ යවන කොට ඔයාට පුලුවන් සැහැල්ලු ගුවන් යානයක් පියාසර කරවන්න..  ඇත්තටම කැපිල පේන්න පුලුවන් අපූරු වැඩක්.. මොකද මේ තාක්ශනය ලංකාවට අලුත්.. මම උනත් පිට්ටනියක අත්හදා බැලීම් කරන කොට බොහෝ පිරිසක් මා වටා එක් රොක් වෙනවා.. ඇත්තටම ඒක හරිම අපූරු ඇත් දැකීමක්..

මේ නිසාම අපි Air Craft Sri Lanka නමින් සංගමයක් පටන් ගන්න තීරනය කලා..


මෙහිදී ඔයාලට
  • …සැහැල්ලු ගුවන් යානා නිර්මාණය කරවීම සහ එවා පියාසර කරවීම සම්බන්දව අවබොදයක් ලබා දීම
  • …සැහැල්ලු ගුවන් යානා පිලිබද 100% ක ප්‍රායෝගික අත්හදා බැලීම් සහ පරීක්ශන සිදු කිරීම
  • …ඔබ විසින් තනි තනිව නිර්මාන සිදු කරවීම
  • …නව නිපැයුම් කරිවන්ගේ තරග සදහා ඔබව යොමු කිරීම
  • …හොදම නිර්මාන සදහා සහතික පත් ලබා දීම
…වගේ ඉතා වැදගත් පැති ගොඩක් ආවරනය කරනව.. 

හිතන්න දින ගනන් පරිගනක ක්‍රීඩා කරල ඔයාල මොනාද ලබා ගත්තේ.. මේ තුලින් එන දැනුම කුසල තාවය අහක යන්නේ නෑ.. මේක විනොදාංශයක් වශයෙන් කරන්න හදන ඔයාලට පුදුමාකාර සතුටක් ලබන්න පුලුවන්.. එකමුතුව සහයෝගයෙන් වැඩ කරන්න අපිත් එක්ක එක් වෙන්න..

ඇත්තටම මිතුරනි මෙහිදී මුලින්ම ඔහු ඔයාලට කියල දෙන්නේ නිදහස් ආර ගුවන් යානයක් නිර්මානය කිරීම පිලිබදව.. ඒක යන්නේ හරියට අපි පොඩි කාලේ කඩදාසි රොකට් අරින විදියට.. ඊට පස්සේ රබර් පටි යොදාගෙන කැරකෙන තටු අඩංගු කරල ගුවන් යාන හදන්න කියල දෙනව.. ඉන් පසුව බැටරි සහ මෝටර් යොදාගෙන ප්‍රායෝගිකව අත්හදා බැලීම් වලට ඔයාලව යොමු කරනව.. මේ මෝටර්,බැටරි ඉතා සැහැල්ලු ඒ වගේම ප්‍රබල වේගයක් ඇති අතර මේව විශේෂයෙන්ම ඇනවුම් කරල ඔයාලට දෙනවා.. දුරස්ත පාලක යොදා ගෙන ගුවන් යානා හදන්න ඔයාල සූදානම් වෙලානම්  ඉන්නේ ඒවාට අවැසි කොටස් පවා ඔහුට සපයන්න පුලුවන්  උපාංග පවා ඔයාලට සැපයීමට ඔහු සූදානම්.. ඔහු කියන අන්දමට ටිකක් වියදම් කරන්න පුලුවන් අයට හොද ගුවන් යානයක් නිර්මානය කල හැකි බවයි.. ඒත් අනිත් අයට උනත් අවශය දැනුම දෙන නිසා නිර්මානය කිරීම ඔවුන්ගේ වග කීමක් බවයි එරන්ග වැඩිදුරට කියන්නේ.. 
Call for more details:-
07116 559 511
E.S Dilshan (Managing Director of Air Craft Society)

Thursday, November 14, 2013

ඉවත දමන CFL වලින් වැඩක් ගමුද..

හප්පේ.. පට්ට කාලෙකට පස්සෙ ඔන්න කොල්ල අයෙත් බ්ලොග් එකට ආව..  සොරි ඈ.. වැඩ බන්.. පැලෙන්න වැඩ නැතත් නිදහස ටිකක් අඩු උනා.. හොදා හොදා.. අද මොනද කියල දෙන්නේ කියල හිත හිත ඉන්න කොට මට මතක් උනා මම පොඩි දවස්වල පරීක්ෂනාත්මකව සොයා ගත්තු අපූරු දෙයක් කියල දෙන්න.. මට කොහොමත් ඉතින් IT මොලයක් වගේම දන්න කාලෙක ඉදන් ඉලෙක්ට්‍රොනික් පිස්සුවක් තිබ්බ සැරටම...
…ඔයාල දන්නව නේද CFL Bulb ගැන.. දන්නව කියහන්කො..! :P 

හරි දැන් ඒව ඔය ඉදල හිටල කූරිය ගහනවනේ.. warranty නැත්තන් ඔයාල මොකද කරන්නේ ඕව කොහෙට හරි විසි කරනව නේද.. ඒත් අද මම කියල දෙන්න යන්නේ ඒව වලින් වැඩක් ගන්න හැටි ගැන. 

පට්ට නේද.. ඔව් පට්ට.. මේ වැඩෙන් මම කරන්න යන්නේ.. වැඩකරන් නැතුව අයින් කරල දාපු Tube Light එකක් වැඩ කරන්නේ නැතුව අයින් කර්ල දාපු  CFL බල්බ් එකක් ආදාරයෙන් දල්වන්න.. හරිම ලේසියි.. එත් මට මේ  වෙලාවෙ ඔප්පු කරන්න නම් රූප මුකුත් නෑ.. මොකද පැන්ච කාලේ කරපු වැඩ.. දැන් ඒවයේ කෑලිත් නෑ..

මේ වැඩේට හැම CFL බල්බ් එකක්ම හරි යන්නේ නෑ.. අපිට මේ වැඩේදි ඕන කරන්නේ පරිපතයට හානි නොවී දැවී ගිය CFL බල්බ් එකක්.. එහෙම බල්බ් සොයන්න හරිම ලේසියි.. ඒවායේ වීදුරුව බල්බයේ බදට සම්බන්ද වෙන තැන කලු පාට වෙලා තියෙනව.. ඒ කියන්නේ Tube එක ඇතුලේ තියෙන සූත්‍රිකාව පිච්චිල තියෙන්නේ.. ඒත් ඔය අකුනු ගහල ගිය ඒවයේ ඇතුලේ ට්‍රාන්සිස්ටර් එහෙම කුඩේ කුඩු පට්ටම් වෙල තියෙනව.. ඒව හරි යන්නේ නෑ.. ඒව උනත් ගන්න පුලුවන් ඒ  එ කෑලි ගලවල අලුත් ඒව දාල..

ඉස්සෙල්ල බලමු CFL බල්බ් එකක් ගලවල.. 


ඇතුලෙ සැකැස්ම පේනවනේ.. ප්‍රධාන විදුලියට වයර් දෙකකින් සම්බන්ද වෙනව.. ඒ වගේමයි නැවත පරිපතයේ සිට Tube එකට වයර් 4 ක් යනව.. අපිට ඕනේ අන්න ඒ වයර් 4 ර.

දැන් අපිට මේ වැඩේට Tube ළිග්හ්ට් එකකුත් ඕනෙනේ.. හොද Tube Light එකක් ඔනේ නෑ.. පිච්චිච්ච එකක් ඇති.. :P

මේ බලන්නකො Tube Light එක..

Tube Light එකෙත් දෙපැත්තෙම තියෙනවනේ PIN දෙක ගානේ 4ක් අන්න ඒ පින් හතරට අපි CFL බල්බ් එකේ ඉදන් වයර් සම්බන්ද කරනව මේ විදියට

ඉතින් මේ පරිස්සමෙන් මේ වැඩේ අත්හදා බලන්න.. තෙරෙන්න ඇති කියල මම හිතනව.. අව්ලක් ගියොත් මට Call කරන්න කිසි අව්ලක් නෑ..


Sunday, November 10, 2013

Lion Dictionary Help Center

ඔන්න යාලුවනේ ගොඩ කාලෙකින් Lion Dictionary එක හා සම්බන්ද ලිපියක් දාන්නයි හදන්නේ.. මේ ලිපියෙන් මම බලාපොරොත්තු වෙන්නේ මෙම වැඩසටහන භාවිතා කිරීමේදී ඔයාලට මුහුන දෙන්න වෙච්ච ගැටලු පිලිබදව..
…මෙහෙමයි.. මේ වැඩසටහන මම නිර්මානය කලේ i5, Windows 7 32bit පරිගනකයක ඉදන්.. ඒ වගේම මේ පරිගනකයට පැය 24 ම අදිවේගී අන්තර්ජාල සම්බන්ද තාවයකුත් දීලයි තියෙන්නේ.. කොහොම නමුත් මම මේ වැඩසටහන නිර්මානය කලේ මගේ පරිගනකය සාපේක්ෂ කරගෙනයි.. ඒ කියන්නේ මම මේ වැඩසටහන හැදුවේ මගේ පරිගනකයේ සාදක උපයෝගී කරගෙනනේ.. සමහර වෙලාවට සමහර ගනනය කිරීම් සිදුවීමේදී වැඩසටහනේ සුලු හිරවීමක් සිදුවෙන්න පුලුවන් වගේ මට තේරුනා.. ඉතින් මගේ පරිගනකයේ සුලු හිරවීමක් කියන්නේ සමහර වෙලාවට මට වඩා අඩු ධාරිතාවක් තියෙන පරිගනකයක නම් වැඩසටහන නෙමේ මුලු පරිගනකයම Stuck කිරීමක් වෙන්න පුලුවන්..
පලමු අත්හදා බැලීම් සිදුකරන දවස් වලත් ඔය වගේම වැඩක් උනා.. 64bit Lap එකකට Install කලාම වැඩ කලේම නෑ.. දැන් බලන්නකො ඉතින් මම කොච්චර Plan කරල තිතට මේ Program එක හදන්න උත්සහ කලත් පරිගනක වල තියෙන විශමතා නිසා වැඩසටහනේ එක එක ගැටලු මතුවෙනව.. ඔයාල දන්නවනේ මේ වැඩසටහන ගොඩක් Advance විදියට මම හදල තියෙන්නේ.. ඉතින් ඇත්තම කිව්වොත් සමහර Code වලට දැන් මට අත තියන්නත් බයයි.. මොකද ඒ තරමටම ඒවායේ සංකීර්න තාර්කික ක්‍රම මම යොදා ගත්තේ.. මේ වැඩසටහන මම කොල කෑලිවල ලියාගෙන වත් Flow Chart ගහගෙනවත් නෙමේ හැදුවේ.. හිතට එන එන අදහස් අනුව ඔහේ ලියාගෙන ලියාගෙන ගියා..දැන් ඉතින් ආපස්සට හැරෙන්න බෑනේ.. පුරා මාස 7ක වැඩක්..

රටේ නැති ගැටලු මතු වෙන්නේ මට නෙමේ Users ලට.. ඉතින් එයාලගෙ යුතුකම තමයි මේ ගැන මට දැනුම් දෙන එක.. ඒ සදහා ඔයාලට එක්කො මට MSG (+94 75 760 694 3), Skype (chinthaka.fast) එකක් දාන්න පුලුවන්, නැත්තන් Facebook එකෙන් කියන්න පුලුවන්.. එහෙමත් නැත්තන් Lion Dictionary Report System එක හරහා දැනුම් දෙන්න පුලුවන්.. ඉතින් බොහෝ දෙනෙක් ඒ විදියට මට දැනුම් දුන්න.. එහෙම දැනුම් දුන්න.. ඒ විදියට ආපු Bugs අද ඉදන් මේ ලිපියට සැරින් සැරේ එකතු කරනව..



 ඉතින් ඔයාලටත් ඔය පහල දාල තියෙන පිංතූරවල වගේ Error එකක් ආවොත් බලමු හදන විදිය..



How to fix this Error

01. Download කරන්න මේ File එක.. ඉන්පසුව එක Winrar වලින් Extract කරගන්න.

https://www.dropbox.com/s/3tovljim592awme/Fix%20Lion.zip 2MB

02. දැන් මේකෙ ඇතුලෙ තියෙන සියෙලූම Files ඔයා Lion Dictionary එක Install කරපු Folder එකට Move කරන්න..(Replace All )

මතක තියා ගන්න එක දෙයක්.. මේ වැඩේ කරන කොට Lion Dictionary එක සම්පූර්නයෙන්ම Close කරල තියෙන්න ඕනේ..

එහෙනම් බලමුකො.. ඊලගට මොන මොන ගැටලු එයිද කියල..




Saturday, November 2, 2013

Fake Samsung Galaxy SIV හදුනාගනිමු

කාලෙකට පස්සේ අලුත් post එකක් ලියන්න වෙලාවක් හම්බවුනා මේ ලගකදී අපේ group එකේ සහෝදරයෙක් අහපු ප්‍රශ්නයක් නිසා තමයි මේක ගැන ඉක්මනින් ලියන්න හිතුනේ හැබැයි මේක එයාට විතරක් නෙමේ මුළු ලංකාවේම ෆෝන් වලට ආස කරන අයට වැදගත් වෙයි මේක අලුතෙන්ම නිකුත් කරන ලද Samsung Galaxy S4 ගැන

ඒක ගැන ලියන්න හිතුනේ දැන් හැමතැනම අඩුවට කොරියන්,වියෙට්නාම් කියල  Samsung Galaxy S4 තියෙන හින්දා ඒවා ගැනයි මේ

කඩවල් වල අය කොරියන් වර්ෂන් එක කියල තමයි මේවා විකුනන්නේ රු 25000-30000 අතර මිලකට මේවා බැලූ බැල්මටම ඔරිජිනල් එකට සමානයි.ඒත් මෙන්න මේකයි ඇත්ත කතාව ඔරිජිනල් කොරියන් වර්ෂන් එකේ මොඩල් නම්බර් එන්නේ SHV-E300 K/S/L කියලා.මේ මොඩල් කොරියාවේ පාවිච්චියට හදපුවා. SIV එකේ Anycall Version එකක්නම් තාම දකින්න ලැබුනේ නෑ ඒත් ලංකාවෙ තියෙන්නේ මේ කොරියන් phones නෙමෙයි.ලංකාවේ තියෙන කලින් සදහන් කරපු ඒවාගේ මොඩල් නම්බර් එක එන්නේ GT I9500 ඒ කියන්නේ ඒවා original කොරියන් ඒවා නෙමෙයි  එහෙනම් මේවා මොනවද?? කියන ප්‍රශ්නය ඔයාලට දැන් එයි හරි එහෙනම් ඒවා ගැන දැනගමු

මේවා නිෂ්පාදනය කරන්නේ HDC කියන Chinese Company එකෙන් නිෂ්පාදනය කරන දුරකථන . ඔයගොල්ලෝ එකේ නිල වෙබ් අඩවියට මෙන්න මෙතනින් ගියොත් බලාගන්ඩ පුලුවන් මේවා ගැන. මේවා අඩු පිරිවැයකින් හා තත්වයෙන් උසස් නැති Hardware දාල හදන ජංගම දුරකථන නිසා තමයි මෙච්චර ගණන් අඩු.

අපි එහෙනං වැදගත්ම දේවල් ටික එකින් එක සාකච්චා කරමු

තිරය (Display) 



-Original-
 ඔරිජිනල් එකේ තියෙන්නේ Samsungලා විසින්ම නිර්මාණය කරන ලද super AMOLED වර්ගයේ තිරයක්. මේවට අඩු විදුලියකින් වැඩි වර්ණාවලියක් පෙන්නන්න පුළුවන්.Resolution එක 1920x1080 ක අගයක් තියෙන්නේ ඒ කියන්නේ Full HD තිරයක්.මේවායේ අගලකට ඇති පික්සල් අගය ඉතා වැඩි.තිරයේ ආරක්ෂාවට Corning සමාගමේ අලුත්ම Gorilla Glass 3 කියන ශක්තිමත් බවින් වැඩි වගේම සීරීම් වලට ඔරොත්තු දෙන ග්ලාස් එකකින් ආවරණය කරලයි තියෙන්නේ මේවා වෙළඳ පොලට නිකුත් කරන්නේ.


-Clone-


මේවා බොහෝ දුරට ස්වභාවික වර්ණ පෙන්නන්ඩ හැකියාව තියෙන තිර ජාතියක්. ඒත් තිරයේ විභේදනය ගොඩක් වෙලාවට 720x 1280ක වගේ HD අගයක් හරි ඊට වඩා අඩු අගයක් තමයි තියෙන්නේ. දැනට තියෙන පට්ටම copy එක තමයි HDC Galaxy S4 Legend කියන phone එක.මේකෙ තියෙන්නේ HD විභේදනයක් සහ  298ක  ppi  අගයක්. එකත් නරකම නෑ. හැබැයි තිරේ ආරක්ෂාවට නම් කිසිම දෙයක් නෑ. හූරගත්තොත් ඉතින් ඉවරයි. panel එක IPS උනාට Chinese කාරයෝ දාන touch sensor එක නම් quality නෑ. එකයි ටික කාලෙකින් display එක සංවේදී නැති වෙන්නේ. උඩ තියෙන පින්තූරෙ දැක්කම පේනවනේ තිර දෙකේ වෙනස. ඔරිජිනල් S4 එකේ Color Depth එක වැඩී Clone එකට වඩා.


ප්‍රොසෙසරය (Processor)




-Original-

ඔරිජිනල් S4 කීපයක්ම තියෙනවා මේවගෙන් ලංකාවේ ගොඩක් තියෙන්නේ GT-i9500 මොඩල් එක. මේ මොඩල් එකට කියන තවත් නමක් තමයි octa core S4. ඒකට හේතුව GT-i9500යෙ තියෙන්නේ Samsung ලාගේ Exynos 5410 කියන cores 8 ක් ඇති ප්‍රොසෙසර් එක. ආසියාවේ ගොඩක් රටවල් වල තවමත් හරි හැටි 4G LTE සේවාවන් නැති නිසා මේ මොඩල් එක තමයි ලංකාව වගේ ආසියාතික රටවල් වල තියෙන්නේ. මොකද කීවොත් Exynos 5410 චිප් එකේ 4G LTE receiver එකක් නැති නිසා. යුරෝපීය හා ඇමරිකා රටවල් වලට ගහපු මොඩල් එක තමයි 4G LTE පහසුකම් ඇති GT-i9505 phone එක. Qualcomm සමාගමේ Snapdragon 600 කියන cores 4ක් තියෙන ප්‍රොසෙසර් එක තමයි මේ මොඩල් එකේ තියෙන්නේ. විදුලිය පිරිමැස්මෙන් Exynos චිප් එකට වඩා ඉදිරියෙන් ඉන්නවා වගේම කාර්යක්ෂම බවින් එක හා සමාන තත්වෙක ක්‍රියා කරන්ඩ පුලුවන් හැකියාවක් snapdragon 600 ප්‍රොසෙසර් එකට තියෙනවා.


-Clone-

 ගොඩක් S4 Clone වල තියෙන්නේ MediaTek එකෙන් ගහන ප්‍රොසෙසර් තමයි. MT6589 කියන්නේ 1.2GHz වේගයක් ඇති cores 4ක් (Quad -Core) තියෙන චිප් එකක්. මේක හදලා තියෙන්නේ Cortex-A7 Architecture එකට නිසා ලොකු ගණනය කිරීම් වලට වඩා විදුලිය පිරිමහන එක තමා කරන්නේ. එදිනෙදා වැඩ කටයුතු වලට වරදක් නෑ. එත් පට්ට ගේම්ස් , එකවර ගොඩක් දේ කරන්ඩ(Multitask) නම් අමාරුයි. සමහර Clones වල MT6589 චිප් එකට වඩා පරන ඒවත් තියෙනවා.


 කැමරාව (Camera)

මේ ගැනනම් ගොඩාක් දේවල් පැහැදිලි කරන්න අවශ්‍ය නෑ සමහර clones වලත් මෙගා පික්සල් 13ක කැමරා තියෙනවා. එත් ඒවා image noise වැඩි තත්වයෙන් බාල පින්තූර තමයි දෙන්නේ. Samsung camera modes (Best Shot,HDR..etc) මේවගේ නෑ. 1080p වීඩියෝ රෙකෝඩ් කරන්ඩත් බෑ. එත් මේ කැමරාවත් නරකම නෑ


තවත් දැන ගන්න වැදගත් දේවල් කීපයක්ම තියෙනවා



  • එකක් තමා RAM එක මේවා 1GB හෝ 512MB තමා අන්තර්ගත වෙන්නේ. 1GB නම් ලොකු ප්‍රශ්නයක් නෑ.එත් එය විවිධ apps වලින් 2GB පෙන්නන විදිහට තමයි ගොඩක් හදලා තියෙන්නේ. මේ ලින්ක් එකට ගියාම දැනගන්න පුළුවන්. HDCmobiles.com/Galaxy S4
  •  තවත් එකක් තමා HDC එකෙන්ම කියනවා phone එකේ තියෙන්නේ 720x1280 HD තිරයක් එත් System එක 1080x1920 FHD තිරයක් තියෙනවා කියලා  පෙන්නන විදිහට හදල තියෙන්නේ කියලා. 
  • අනික Android version එක 4.2.9 කියල තියෙන්නේ. Google සමාගම එහෙම Android සංස්කරණයක් එළිදක්වා නෑ. 4.2 Jelly Bean සංස්කරණ මාලාවේ අන්තිම සංස්කරණය වුනේ 4.2.2 
  •  ඊලග එක තමයි ධාරිතාව පේනවනේ system එක 16GB කියල පෙන්නුවාට ඇත්තටම 4GB ධාරිතාවක් තියෙන්නේ එකෙනුත් අපේ පාවිච්චියට ගන්ඩ පුලුවන් වෙන්නේ 2GB වගේ තමයි.
  • ඊලග එක තමා මේවා වෙළඳ පොළට එන ඔරිජිනල් වගේම Samsung package එක.ගොඩ දෙනෙක් රැවටෙන තවත් හේතුවක් තමා ඒක. එත් Korean version කියන clones වල box ඇතුලෙ වැඩිපුර battery එකක්. flip casing එහෙම තියෙනවා.
  • ඊලග එක බැටරිය ඒක ගැන කියනවනම් 2600mAh ධාරිතාවයක් ඇති බැටරි තියෙනවද කියලත් බලන්ඩ. 2600mAh කියල ගහල තිබ්බට ඇත්තම ධාරිතාවද කියන ප්‍රශ්ණෙ එනවා
  •   මේ ෆෝන් වල  Home Button එක තියෙන්නේ screen එකෙන් ගොඩක් යට ඔරිජිනල් එකේ එහෙම නෑ.අනික උඩයි යටයි plastic bezel එකත් ලොකු වැඩී.

  • *#0*# මේක තමා අමාරුවේ වැටෙන අනිත් තැන ඒක තමා Samsung ෆෝන් වල LCD Test කරන code එක.මේ HDC Clones හදල තියෙන්නේ මේ code එක වැඩ කරන විදිහට. ඒක ගැනත් සැලකිලිමත් වෙන්න
  •  අනිත් කාරණය තමයි මේවගේ ඔරිජිනල් එකේ තියෙන හුගක් sensor තියෙනවා ඒවා මුලින්ම හොදින් වැඩ කරනවා හැබැයි අඩු වියදම් hardware යොදා සෑදීම නිසා මේවා දීර්ඝ කාලීනව ක්‍රියාත්මක වීම පිලිබදව ප්‍රශ්නයක් තියෙනවා

එහෙනම් ඔයාලා මේවා ගැන හොදින් අවබෝධ කරගන්න ඇති කියල මම හිතනවා අඩු ගානක් දීලා මාස ගානක් භාවිතා කරන්න මේවා ගන්න එපා ගත්තත් වැඩියේ ඇගේ තියා ගන්න එපා විශේෂයන් පිරිමි අය මොකද මේවගේ SAR අගය පිලිබදව කිසිම සදහනක් නැති නිසා අනාගතයේ දරු ඵල අහිමි වෙන්න පුළුවන් යැයි සැකයක් මේවා පිලිබදව පල වෙලා තියෙනවා


පහල තියෙන පින්තුරෙනුත් ඔයාලට මේවාගෙ වෙනස හොයාගන්න උදවු වෙයි




මේ වෙන කොට ලංකාවේ බොහෝ පිරිසක් මේ ව්‍යාජ දුරකතනයට රැවටී ඇති බවක් පෙනී යනව. ඒ නිසා මම මේ ලිපිය උපුටා ගන්නා ලදී..  
http://kavigajanayaka.blogspot.com/2013/09/fake-samsung-galaxy-siv.html



කාටත් ගැටලුවක් වූ Anycall



 
මොකක්ද මේ එනිකෝල්? අද අපි හැමෝටම තියන ප්‍රශ්නයක් මේ එනිකෝල්, සමහර අය හිතනවා එනිකෝල් කියන්නේ වටිනාකමක් නැති එහෙමත් නැත්නම් බාල වර්ගයේ ෆෝන් කියලා. තවත් අය හිතනවා එනිකෝල් කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් ඉෆෙක්ට් දාලා දුවන වැදගැම්මක් නැති දුරකතන කියලා. ඇත්තෙන්ම එනිකෝල් කියන්නේ සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික් ආයතනය මගින් පිහිටෙවු සහ ඔවුන්ගේම ආයතනයක්. එහෙමත් නැත්නම එනිකෝල් යනු සැම්සුන්ග් ආයතනයේ දුරකතන නාම සදහා නිපදවූ ආයතනයක් මෙම ආයතනය ඔවුන් විසින් පිහුටවන ලද්දේ 1993 වර්ශයේදීය. ඒ එවකට කොරියාවේ ආදිපත්‍ය පතුරුවාගෙන සිටි මෝටරෝලා සමාගම හා තරග කිරීමටය. කොරියාව යනු බෙහෙවින් කදු ශිඛර පිහිටා ඇති රටකි.මෙම කාලය වනවිට මෝටරෝලා ආයතනය වෙළද පොළ ආධිපත්‍ය දැරූමුත් ඔවුන් හට මෙම බාධාව ජය ගැනීමට අසීරු විය. ඒ ඔවුන්ගේ දුරකතන සිග්නල් බෙහෙවින් අඩුවීමය. මේ කාලය තුල සැම්සුන්ග් ආයතනය ඔවුන්ගේ දුරකතන එනිකෝල් යනුවෙන් නම් කර වෙලද පොල ආධිපත්‍ය තමන් සතුකර ගත්හ. ඔවුන් මෙම එනිකෝල් නාමය යොදා ගැනීමට හේතුව නම් සෑම ප්‍රදේශයකම, සෑම ස්තානයක, පොලවෙන් යටත මෙන්ම උඩු ගුවනේ සිට උවද තමන්ගේ දුරකතන පාවිච්චිකල හැකි බව දැන්වීමටය.(ඒ කියන්නේ ලොවෙත් සිග්නල් තියනවා)
මෙම අභියෝග සාර්තකව ජයගත් සැම්සුන්ග් ආයතනය තම දුරකතන කොරියාව තුල එනිකෝල් නාමය යටතේ නිකුත් කිරීමට පියවර ගත්හ. මෙම එනිකෝල් නාමය කෙතරම් ජනප්‍රිය වීදයත් සහ අනිකුත් දුරකතන ආයතන කොරියාව තුල තම දුරකතන එනිකෝල් නාමය යටතේ අලෙවි කිරීමට සැම්සුන්ග් ආයතන සමග ගිවිසුම් ඇතිකර ගත්හ.

තව එකක් අපේ රටවල් වල මිනිස්සු තමා හොද දේවල් පිටට දීලා නරක දේවල් අපිට දෙන්නේ. ඒත් මුන් එහෙම නෑ. උන් උන්ගේ රටට හොදම දේ නිර්මාණය කරනවා. ඒක ෆෝන් වල හාර්ඩ්වෙයාර් පැත්ත ගැන දන්න උන් දන්නවා, කොරියන් එනිකෝල් එකෙයි වෙනත් රටවලට නිර්මාණය කරන එකෙයි වෙනස. අනික කොර්යාවේ එවුන්ගේ මවු භාශාව කොරියන්. උන් උන්ගේ භාශාවට ගොඩාක් ආදරෙයි ගරු කරනවා, චීනේ, ඉතාලිය වගේ රටවල් වල අයත් එහෙමයි. ඉතින් ඒ හේතුව උඩ ඒ අය ඒ දුරකතන තමන්ගේ භාශාවලින් පාවිච්චි කිරීමට නිපදවන්නේ. අනික එනිකෝල් ලාභ වෙන්න හේතුවත් ඒ රටේ නිශ්පාදන තමුන්ගේ මිනිස්සුන්ට අඩුවට නිකුත් කරන නිසා (අපේ රටේ වගේ) එහේ කාර් උනත් පට්ට ලාභයි.
අනික අපේ කොල්ලෝ ගොඩාක් ඉන්නේ එහේ. උන් ගන්න ෆෝන් පොඩිගානක් තියන් විකුනන්නේ, ඒකයි මෙහේ ලාභ.තව එකක්, එනිකෝල් විතරක් නෙමෙයි කොරියාවට නිශ්පාදනය කරන හැම ෆෝන් එකකම ඇන්ටනාවක් තියනවා. ඒ අපිට වගේ ඉන්ටර්නෙට් කනෙක්ට් කරන් TV බල්න්න උන්ට සල්ලි නැති නිසා උන් නොමිලේ හැමෝටම TV බලන්න සලස්වලා තියනවා. ඉතාමත් දියුනු තාක්ශණයක්.(T-DMB, mean Terrestrial Digital Multimedia Broadcasting) ඒක සින්හලෙන් දන්නේ නෑ බන්.


Samsung is Korean name, :Sam" mean Three, "Sung" mean Star. Three Star. if U need Genuine Samsung phone originally made for them Use Anycall 
 
මම මගේ ජීවිත කාලය තුලදීත් Galaxy S Anycall දුරකතන 2ක් අවස්තා දෙකකදී බොහෝ කාලයක් භාවිතා කලා.. ඉතින් මට නම් කිසිම ගැටලුවක් උනේ නැහැ.. හැම දේම හොදින්.. ඉන් එක් දුරකතනයක් මම ගත්තු මුදලටම මාගේ හිතවත් සහෝදරියකට දුන්නු අතර ඇයත් දැන් වසරකට කිට්ටු වෙන්න එම දුරකතනය භාවිතා කරනවා.. කිසිම ගැටලුවක් නෑ.. එකම අව්ල SMS Text 80 කට සීමා කර තිබීම පමනමයි..  ඒකත් මම GO SMS App එක දාල හදල දුන්නා..
R.K.D Chinthaka Deshapriya
Admin: SCHOOLLK
මෙම ලිපිය Shown Veesly විසින් සම්පාදනය කරන ලද්දක් වන අතර කාලීන වටිනාකමක් ඇති නිසා Schoollk හරහා ඔබවෙත ගෙන එන ලදී..


Thursday, October 24, 2013

නොමිලේ ජීවිත කාලයටම ඕනෑම Software එකක් තියා ගමු..


ඉතින් යාලුවනේ ඉදල ඉදල හිතුන හොද ලිපියක් ලියන්න ඕනේ කියල. මේ ලිපිය කියවන ඔයාලට අද ඉදන් සුපිරි හැකියාවක් ලැබෙනව. ඒ තමයි නොමිලේ ලෝකේ තියෙන ඕනෑම Software එකක් භාවිතාකිරීමේ හැකියාවක් ඔයාට ලැබෙනව. මෙතනදි මම ලැබූ අත්දැකීම් තමයි මම ඔයාලට දෙන්නේ.. ඒ වගේම තමයි මීට වඩා හොද ක්‍රම දන්න අයත් ඇති.. ඉතින් ඔය මුකුත්ම දන්නේ නැති අයට නම් මේ ලිපිය ගොඩක්ම වටිනව..

ඔයාල අපි හැමෝම දන්න දෙයක් තමයි පරිගනකයක වැඩ කරන්න නම් Software ඕන වෙනවා.. සිංදුවක් අහන්න Player එකක් ඕන වෙනවා.. එතකොට චිත්‍රයක් අදින්න MS Paint වගේ එකක්,, තව ගත්තොත් අකුරු මොනා හරි type කරගන්න Word Pad වගේ එකක්.. හ්ම්..... හොදයි එත් මේ Windows එක්ක දෙන Application වලට අමතරව, අපිට එහාට ගිය එහෙමත් නැත්තන් සාමාන්‍ය Windows පද්දතියෙන් කරගන්න බැරි කාර්යන් කර ගන්න අපිට අමතර Software's පරිගනකයට ස්තාපිත කර ගන්න වෙනව.. නමුත් Software අපි සල්ලි දීල ගන්න ඕනේ.. එත් මම දන්නේ නැද්ද අපේ අය ගන්න software.. 

ඇයි අපි Software සල්ලි දීල ගන්නේ.

සමහරු හිතන්නේ මේ Software කියන දේවල් ඉබේ අහසින් වැස්සත් එක්ක වැටෙන ඒව කියල.. මතක තියා ගන්න මේ Software නිර්මානය කරන්නෙත් අපි වගේම මිනිස්සු ටිකක්.. එයාලට මේ සදහා මහන්සි වෙන්න වෙනව.. යම් කාලයක් වැය කරන්න වෙනව. සමහර විට එක මෘදුකාංගයක් නිර්මානය කරන්නේ එක්කෙනෙක් දෙන්නෙක් නොවෙන්න පුලුවන්. ඊට වඩා වැඩි පිරිසක් එක්වෙලා හදනව වෙන්න පුලුවන්. ඉතින් එයාලගේ මහන්සියට අපි ගෙවන්න ඔනේ.. ඔන්න ඔය නිසයි මෘදුකාංග නිකන් අපිට දෙන්නේ නැත්තේ..

බොහෝ වෙලාවට මෙහෙම හදන මෘදුකාංග වල අත්හදා බැලීමේ සංස්කරන(Trial) නිකුත් කරනවා. ඒවා බොහෝ වෙලාවට නිශ්චිත කාල සීමාවක් හෝ දින සීමාවක් තුල පමනයි.. ගොඩක් වෙලාවට ස්තාපිත කරල දවස් 15 ක් හෝ 30 ක් තුල පමක් භාවිතා කරන්න දෙන්නේ.. සමහර මෘදුකාංග එහෙම දින ගනනකට යටත් නොකර ලබා දෙන සේවාවන් පමනක් සීමා කරන අවස්තාත් තියෙනව (demo version).. 

නොමිලේ දෙන Software නැද්ද. 

මොකද නැත්තේ.. ඕන තරම් තියෙනව.. මගේ Lion Dictionary එකත් ඒවගේනේ.. අපි මේවට Freeware කියල කියනව.. ඒ නොමිලේ දෙන නිසා.. ගොඩක් වෙලාවට ඉතින් මේ වගේ Software වල පහසුකම් අඩුයි.. අනික මේව නිකන් හදන නිසා Develop වීම ගොඩක් අඩුයි.

කොහොම නමුත් අපි ඉතින් දුප්පත් අයනේ.. අපිට කොහින්ද ඕව ගන්න සල්ලි.. ඒ නිසා ලංකාවේ ගොඩ සල්ලි දීල Software ගන්නේ නැහැ.. ඉතින් ගොඩක් වෙලාවට කරන්නේ හොර පාරෙන් ගිහින් Software ගන්න එකනේ..
…අන්තර්ජාලයෙන් පහසුවෙන් ඕනෑම Software එකක් සොයා ගන්න පුලුවන්.. නමුත් මේ Download කරන Software එක Activate කරගන්න ඕනේ.. නැත්තන් හැමදාටම තියා ගන්න බැරි වෙනව. ඉතින් කරන්න තියෙන හොදම එක තමයි Download කරන කොට Serial Numbers, Crack, Key-gen,Patch සමග Download කරන එක.


ඉතින්න මම ඔයාලව අද මෙහෙය වන්නේ අන්න ඒ විදියට Software එකක් සම්පූර්නයෙන්ම Download කරන්නේ කොහොමද කියන තැනට.. ඒ වගේම විවිද උපක්‍රම යොදාගෙන ඒ Software ජීවිත කාලයටම තියා ගන්නේ කොහොමද කියල කියල දෙන්න.

පුලුවන් තරම් හරි පාරෙන්ම ගන්න බලන්න! 

නිල වෙබ් අඩවියෙන් Download කිරීමේ ක්‍රමය. මෘදුකාංග හොර පාරෙන් ගන්න එක එක්තරා විදියක අවදානම් සහගත වැඩක්.. මේ මෘදුකාංග අපි අදාල සමාගමෙන් ගන්න එකක් නෙමේ.. ඒ නිසා අන්තර්ගතය පිලිබදව ඔයාට 100% ක් විශ්වාස කරන්න පුලුවන්ද.. අන්න ඒ නිසා ඉස්සෙල්ලම බලන්න මේ මෘදුකාංගය ඔයාට අදාල සමාගමේ නිල වෙබ් පිටුවෙන්ම Download කරගන්න පුලුවන්ද කියල. ඊට පස්සේ අදාල Serial No එක පමනක් වෙනමම සොයන්න උත්සහ කරන්න.. දන්නෙම නැතුව ඔයා Original Software එකක හිමිකාරයෙක් වෙනව නේද.. 

මම මේ විදියට Adobe Photoshop Avast වගේ මෘදුකාංග Download කරල තියෙනව .  ඊට පස්සේ කොහොමද Serial එක හොයා ගන්නේ.. මේ සදහා ඔයා ඉස්සෙල්ලම යන්න YouTube වලට. Google වල ගහන්න යන්න එපා අර software එකේ Serial no එක ඔනේ,, මේකෙ ඕනේ කියල. එතකොට ගොඩක් වෙලාවට ඔයා නොමග යන එක විතරය් වෙන්නේ.. මම දන්නව YouTube කියන්නේ Video ඇතුලත් වෙබ් අඩවියක්. කිසි කෙනෙක් මේ වෙබ් අඩවි වල Software Serial No වගේ දේවල් තියෙනව කියල විශ්වාස කරන්නේ නෑ.. ඒ උනාට තියෙනව. ගොඩක් අය Video එකට පහලින් Serial No සෙට් එකම දාල තියෙන වෙලාවල් තියෙනව.

Serial No ගැන කියන කොට තවත් රස්වත් දෙයක් තියෙනව කියන්න.. එච්චරම රස නැති උනත් මතක තියා ගන්න Serial No එක බොහෝ වෙලාවට අදාල Software එකේ Version එක මත රදා පවතිනව.. නිකන් හිතමු Avast 6.1.2 කියල.. ඒත් ඔයා හොයා ගත්ත Serial එක 6.1.0 උනොත් සමහර වෙලාවට වැඩ නැති වෙන්න පුලුවන්.. අ නිසා Serial හොයන කොට හරියටම Version එකට අනුව හොයන්න උත්සහ ගන්න.
නමුත් ඔය Adobe කට්ටිය එහෙම CS2,CS3-- CS6 වගේ තමයි Serial ලබා දෙන්නේ.. Corral සමාගමත් එහෙමයි.. X6,X7 විදියට තමයි දෙන්නේ.. ඔන්න ඉතින් ඒ කතාවත් ඉවරායි...

Blog සේවා මගින්
පලමුව මම කියල දුන්න ක්‍රමයට ඔයාට Software එක හොයා ගන්න බැරුව ගියාද. බය වෙන්න එපා.. අපි දෙවන ක්‍රමය දියත් කරමු. මගේ මිතුරනි,, ලොකේ හොර Software ලස්සනට Promote කරන ස්තාන අතරින් Blog අඩවි වලට හිමි වන්නේ සුවිශේෂී ස්තානයක්. ගොඩක් වෙලාවට Blog කරන අය Software එක විතරක් දාල නිකන් ඉන්නේ නෑ.. ඒ සමගම Serial No හෝ Activate කරන්න පුලුවන් මොකක් හරි දෙයක් ඇතුලත් කරල තමයි තමන්ගේ blog වලට දාන්නේ.. ඒ නිසා අපි දෙවනුව Blog වල  පිහිට පතමු. හිතන්න ඔයාට ඕන වෙන්නේ Internet Download Manager 7 කියල. යන්න Google වලට , සෙවීමේ විදානය මේ විදියට ඇතුලත් කරන්න."internet download manager full version free download blog ". ඔහොම දුන්නම අපේ Google දෙයියා අපි දුන්න යෙදුමට අනුකූල Blog site ටික ලස්සනටම දෙනව.. ඔයත් උත්සහ කරල බලන්න. full version free download blog කියන එක තමා ඇත්තටම එකතු කල යුතු කොටස..

4shared මගින්
ඊලගට ඔන්න මම ඔයාලට අපූරු වෙබ් අඩවියක් හදුන්වල දෙනව. නම 4shared. නමෙන්ම කිය වෙන්නේ ඔබ වෙනුවෙන් ලබා දුන්නු කියන අදහසනේ.. ඇත්තටම මේ වෙබ් අඩවිය මගින් මම ගොඩක් Software Download කරල තියෙනව. අනිවාර්යෙන්ම ඔයා හොයන දේ තියෙනව කියල මම කියන්නේ නෑ.. නමුත් බොහෝ දුරට තියෙන්න පුලුවන්. Android දුරකතන වලට පවා Apps මෙකෙ තියෙනව. උත්සහ කරල බලන්න.

Torrent සේවාව මගින්
Torrent භාවිතා කරන විදිය ගැන නම් කියල දෙන්න යන්නේ නෑ.. ඒත් ඇත්තටම Torrent කියන්නේ හොදම තැන Software Download කරන්න. 95% ක විතර සම්භාවිතාවයක් තියෙනව ඔයා සොයන Software එක ලබා දීමට. ඒ වගේම ඔයාට පලමු ක්‍රමයේදී සිදුකල Serial No සොයන්නත් මේ වැඩේ කරන්න පුලුවන්. කට්ටිය දැන් අහයි ඇයි ඉතින් ඕක කලින් දැම්මේ නැත්තේ කියල. ඇත්තටම මට ඕන උනේ Software එක Download කරන්න පුලුවන් ලේසිම ක්‍රමයක් කියල දෙන එක නෙමේ.. හොදම ක්‍රම ටික කියල දෙන එක. පලමු පියවර සිදු කලානම් ඔයාට Original ම Software එක ගන්න පුලුවන්. නමුත් torrent භාවිතා කලාම එහෙම කරන්න පුලුවන්ද. අනිත් කරුන බොහෝ දෙනෙකු torrent Use කරන්න දන්නේ නැහැ, තව කරුනක් තමයි Torrent වලින් යමක් Download වෙන කාලය අපිට විශ්වාස කරන්න බැහැ.. ඔන්න ඔය ප්‍රශ්න නිසා තමයි මම torrent මුලදිම දැම්මේ නැත්තේ.. 

මේ ඔක්කොම හරි ගියේ නැත්තන් මොකද කරන්නේ.

බොහොම කලාතුරකින් සිදුවෙන්න පුලුවන් කරුනක්. බොහෝ වෙලාවට මේ අපහසු තාවය ඇතිවෙන්නේ එච්චරම ප්‍රසිද්ද නැති Software සොයන්න යන වෙලාවට.. 

Expiry time එක දිග් ගැස්සවීම.
ඒ මොකක්ද අප්පේ.. අපිට පුලුවන් Software එකක් භාවිතා කරල Trial Software එකක කල් ඉකුත් වීමේ ක්‍රියාවලිය දිග්ගස්සන්න. මේ සදහා Time Stopper කියල පොඩි වැඩසටහනක් තියෙනව. ඒකෙන් පුලුවන් දින 30 කින් නැතිවෙලා යන Software එකේ ඒ කල් ඉකුත් වීමේ ක්‍රියා වලිය දිගු කරන්න. එක්කො නවත්තන්න. අව්ලකට තියෙන්නේ ඉතින් හැමදාම Trial Software එකක වැඩ කරන්න සිදුවීම.



Wednesday, October 23, 2013

gta android ෆෝන් එකෙන් ගහමු

ඔන්න අපේ චින්තයියගේ බ්ලොග් එකේ මගේ පලවෙනි ලිපිය . වැඩි පම්පෝරි නෑ  හරිද ..පලවෙනි ලිපිය නිසා. මම හිතුවා අපේ android use කරන අපේ කට්ටියට  පොඩි game එකක් දෙන්න. පොඩි කීවට පොඩිම නැ  ඉතින් 650 mb විතර තියනවා . game එක තමා gta 3 ෆුල් game එකම හොඳේ  චුට්ටක් නෙවේ එහෙනම් පහල තියන ස්ටෙප් වලට අනුව  ඔයාගේ 4න් එකට මේ game එක දා ගන්න . ඊට කලින් කියන්න ඕනේ මේකේ ප්ක game එක සිංහලට හඬ කවලා තියන්නේ .. මේකත් මම ට්‍රයි  කරා මොකක් හරි ජිල්මාට් පාරක් දාන්න හරි ගියේ නැ තව ට්‍රයි  කරන්නම් හරි ගියොත් ඔයාලටත් කියන්නම්කො ...



01). gta 3.apk 

උඩින් තියන apk ෆයිල් එක බාගෙන ඔයාගේ android 4න් එකට install කරගන්න ඊට පස්සේ ඔයාගේ sd කාඩ් එකේ Android > data > com.rockstar.gta3 > files > GTA3 කියන පාත් එකට zip  ෆයිල්  එකේ තියන data unzip  කර ගන්න . දැන් ඉතින් වැඩේ ඉවරයි . play කරලා බලන්නකෝ එහෙනම් .. මම නම් ටිකක් සෙල්ලම් කරා එල කිරි ආ .. මොකක් හරි අවුලක් ගියොත් cmnt එකක් දාන්නකෝ .. 

Tuesday, October 22, 2013

Software Serial Numbers මිලියනයක් Schoollk වෙතින්ම පමනයි.


ඉතින් යාලුවනේ ගොඩ දවසකට පස්සේ තමයි මම schoollk පැත්තට ආවේ.. ඉතින් හැම දාම වගේ වටින කියන දෙයක්, මගේම දෙයක්.. ටිකක් අමුතු දෙයක් දෙන්න ඔනේ කියල හිතුන. ඔන්න මම අද දෙන්න යන්නේ එසේ මෙසේ දෙයක් නෙමේ.. ලෝකයේ තියෙන විවිද මෘදුකාංග රැසක serial no මිලියනයක් ඔන්න මම ඔයාලට දෙන්නයි යන්නේ. ඉතින් මේ ෆයිල් එක මට ලැබුනේ නම් ගොඩක් ඉස්සර. ඒකත් කියන්න එපැයි. මට මතක හැටියට මම A/L ලියන කාලේ.. ඒ කියන්නේ 2008 වගේ.. ඉතින් මේ අද ඊයේ ආපු software වල Serial නැති වෙන්න පුලුවන්.. ඒ උනාට මට විටින් විට මේ ෆයිල් එක ඕන වෙච්ච වෙලාවල් නම් අනන්තයි.. එපා කියල අහක දාන්න එපා.. මේක එච්චර ලොකු File එකක් නෙමේ . ඉතින් කැමති අය Download කර ගන්න.


… …… … …

Monday, October 14, 2013

SCHOOLLK ලිපි 100 සම්පූර්න කල වගයි..



ඉතින් මගේ ආදරනීය මිතුරු මිතුරියනේ.. දන්නෙම නැතුව මගේ බ්ලොග් එකට මම ලිපි 100 ක් ඇතුලත් කරල... ඉතින් පුංචිම පුංචි ආඩම්බර කමක් සිතට නැගෙනව.. මම ආපු ගමන ගැන ආපසු හැරිල බැලුවම.
…Schoollk බ්ලොග් අඩවිය මම මුලින්ම ආරම්භ කලේ 2011 වසරේදී.. ඒ මගේ හොදම මිතුරෙකු වන එරන්ග සමග. එරන්ගත් වෙනමම බ්ලොග් එකක් හැදුව.. මමත් මගේ පාඩුවේ බ්ලොග් එකක් හැදුවා.. මම මුලින්ම මගේ බ්ලොග් එකට දාපු නම තමයි Nanosoft කියල.. කොහොමත් ඒ කාලේ ඉදන් මට සොෆ්ට්වෙයා හදන පිස්සුවක් තිබ්බ සැරටම.. ඉතින් මම විටින් විට නිර්මානය කරන මෘදුකාංග වලට පොඩි පබ්ලිශ් පාරක් දාගන්න තමයි මේ බ්ලොග් එක පටන් ගත්තේ.. බ්ලොග් එක පටන් අරගත්තු මුල් කාලය නම් හරිම උදාසීනයි.. ලිපි 10ක් 20ක් දානකන් එක Comment එකක් වත් ලැබුනේ නෑ.. කියන්න දුක හිතෙන අනිත් කතාව තමා මුල්ම කාලේ එක දිනකට නෙමේ මුලු මාසෙටම මගේ බ්ලොග් එකට ආපු ගනන එක අතක ඇගිලි ගානටත් වඩා අඩු වුනා.. ඒත් මම මගේ පාඩුවේ මගේ දැනුම පුලුවන් තරන් ලිපි බවට පත්කරමින් මගේ බ්ලොග් එක හරහා ප්‍රචාරය කලා.. 

මුල්ම comment එක මොකක්ද කියල මට හරියටම මතක නෑ.. නමුත් ඒක දැක්කම මට ලොකු සතුටක් නම් ඇති උනා කියල මතකයි.. 2012 වසරේදී අපහු මම නම වෙනස් කරල "ලොවෙත් නැහැ" කියල බ්ලොග් එක නම් කරනව.. මටත් පිස්සු බොලන්.. ලොවෙත් නැති බ්ලොග් එක නැගල යන්න පටන් ගත්ත.. නමුත් මට මේ නම ටික කාලයක් යන කොට හොද නෑ කියල තේරුන නිසා නම වෙනස් කල අද මේ ඔයාල දන්න SCHOOLLK බවට.
 
Schoollk blog එකට ලිපියක් ලියන්න ඉස්සෙල්ලා මම ඒ මාතෘකාව ගැන හොදට අද්‍යනය කරනවා.. සිංහලෙන් ලියපු බ්ලොග් දෙක තුනක් වත් කියවනව, ඉංග්‍රීසි වෙබ් අඩවියකට ගිහින් කියවල බලනව මම ලියන්න යන මාතෘකාව ගැන මම දන්න දේටත් වඩා එහා ගිය යමක් තියෙනවද කියල. ඊට පස්සේ මගේ හිතට වැදුන ටික, මම අවබෝද කර ගත්තු ටික මම නිදහසේ ලියන් යනවා.. මේව කොල කෑලි වල ලියල බලන් Type කරනේ නැහැ. ඉතින් බ්ලොග් එකත් හැදෙන ගමන් මම දන්නෙම නැතුව මගේ දැනුමත් වර්දනය වෙනව.
ඒ නිසයි මම හැමෝටම කියන්නේ.. තමන් මහන්සි වෙලා ලිපියක් ලියල දාන එක තරම් වටින්නේ නෑ.. තව කෙනෙක් කියපු දේවල් 100ක් දානවට වඩා තමන් අමාරුවෙන් ගලපල ලියන එක දෙයක් උනත් තමන්ගේ ජීවිතයට ගොඩක් වටිනව.. මමත් අවංකව කිව්වොත් ලිපි 10ක් විතර වෙන බ්ලොග් වලින් අරන් දාල තියෙනව.. ඒ මුල් කාලයේ කරපු දෙයක්.. නමුත් එහෙම ගන්න හැම ලිපියකම උපුටා ගැනීම සිදුකල තැන මම දානව.. සාරවත් වටිනා කියන ලිපි විතරයි මම එහෙම අරගත්තෙත්.. සමහර වෙලාවට එක ලිපියක් ලියන්න මට දින දෙක තුන යනව..
Schoollk කියන්නේ මගේ මිතුරෙක්,, මගේ ගුරුවරයෙක්.. මෙයා නිසා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. මට ගොඩක් යාලුවො ලැබුන.. සමහර යාලු කම් කොතරම් දුර දිග ගියාද කියනවනම් ඒව දුරකතන අමතුම්,, කෙටි පනිවිඩ සහ ආදරනීය මිතුරු හමුවීමක් දක්වා දුරදිග ගියා.. 
මගේ බ්ලොග් එක ලංකාවේ විතරක් නෙමේ ලෝකේ රටවල් ගනනාවකින්ම මේ වෙනකොට දිනකට 200 ත් 300 ත් අතර සහ එක මාසෙකට ආසන්න වශයෙන් 10000 ක් වත් බලනව.. බ්ලොග් එක ප්‍රසිද්ද වෙන්න බලපෑ තව කරුනක් තියෙනව. ඒ තමයි Lion Dictionary වැඩසටහන.. මේ වැඩසටහන නිසා මගේ බ්ලොග් එකට ලොකු ජවයක් ලැබුන කිව්වොත් මම නිවැරදියි.  
මම කිසිම වෙලාවක කියන්නේ නෑ.. මගේ බ්ලොග් එක තමයි හොදම බ්ලොග් එක කියල. වැරදි අඩුපාඩු ගැටලු නම් ඕන තරම් ඇති. ඒව පුලුවන් තරම් ඉදිරියේදි මම හදාගන්න කැමතියි.. 
මම දන්නේ මොනාද ඒ හැමදේම මම මට පුලුවන් විදියට ඔයාලට කියල දෙන්නම්.. ඉතින් මෙතෙක් කාලයක් මගේ බ්ලොග් එකත් සමග හිටිය හැමෝටම ස්තූතියි.. !

Sunday, October 13, 2013

Hack කරන්න ඉස්සෙල්ල Attack ඉගෙන ගන්න (HacKing with CrZy Prof Lesson 04)


හිතනව හැමෝම හොදින් ඉන්නව කියල.. ගියපාර කියල දුන්න Tricks එක කට්ටිය ඇනගත්තේ එහෙම නෑනේ.. හොදා හොදා .. කොහොම හරි අත්හදා බැලුව අයට full ආතල් ඇති නේ.. 
ඒව වැඩක් නෑ.. ඔන්න අද මම ක්‍රියාකාරකමක් අරන් එන්නේ නෑ.. නමුත් ඔයාලට වැදගත් කරුනු ටිකක් කියල දෙනවා.
…අද මම කියල දෙන්නේ Attack නැත්තන් පහරදීම් ගැන. 
මේව හැකින් නොවුනත් හැක් කිරීමේ මුල් අදියර වලදී හැක් කරන කෙනා විවිද Attack භාවිතා කරල Victim (ගොදුර) අඩපන කරනව.. ඊට පස්සේ හැකාට පුලුවන් වෙනවා එයාගේ ඉතුරු වැඩ ටික කරගන්න.. ඒව මොනාද කියල වැඩක් නෑ.. Attack ගැන දැනගමුකො එහෙනම්..

Hacking Attacks

මේ වෙනකොට Internet එක භාවිත කිරීම වැඩිවීම නිසා Networking ගැන දැනුමක් නොමැතිව උනත් සමහර Hacking Attacks දෙන්න පුළුවන් වෙලා තියෙනවා මොකද ඕන කෙනෙක්ට ඒවාට අදාල Tools Internet එකෙන් Free Download කරගන්න පුළුවන් නිසා.ඒ කියන්නේ Hacking Attack එකක් දෙන්න දැන් ප්‍රදාන වෙලා තියෙන්නේ දැනුමට වඩා Tools. එක නිසාම මේ වෙනකොට Attacks ප්‍රමාණය කවදාවත් නොවුන තරමට වැඩි වෙලා. එත් මේවගෙන් සාර්ථක වෙන්නේ හොද දැනුමක් සහිත කෙනෙක් කරන Attacks.
CCNS වලදී Hacking Attacks කොටස් 3 කට ප්‍රදාන වශයෙන් Categorize කරල තියෙනවා.

1.       Reconnaissance Attacks
2.       Access Attacks
3.       Denial of Service Attacks

Reconnaissance Attacks

කියල හදුන්වනේ, කෙනෙක් වෙනත් System එකක දත්ත අනවසරයෙන් නිරීක්ෂණය කරනවට. Hacking Attack එකක පලවෙනි පියවර විදියට හදුන්වන්නෙත් මේකමයි මොකද Attack කරන්න කලින් ඒ system එක ගැන තොරතුරු සොයා බැලීම අවශ්‍ය නිසා.
මේ ගණයට අධාල වෙන Techniques කිහිපයක් තියෙනවා.

  • Ping Sweep
  • Port Scan
  • Packet Sniffing
  • Internet Information Queries

මේ ක්‍රම වලින් කෙරෙන්නේ වෙනත් System එකක යම් යම් වැදගත් තොරතුරු සොයා බලන එක. අපි බලමු මේ එකින් එක අරගෙන මොනවද මේ කියන්නේ කියල.

Ping Sweep

Ping Sweep කියල කියන්නේ Attacker ICMP Request send කරලා එන Reply වලින් හදුනා ගන්නවා Network එකක Online ඉන්න Computers ගැන විස්තර. Ping Sweep වලදී Use කරන්න පුළුවන් සරලම Application එක තමයි Windows සහ Linux සමග එන Ping Command එක.


[CODE]Ping <Traget>[CODE]


ඒ විදියට අපිට පුළුවන් Trget එක Online ද කියල දැනගන්න. එත් මේ දේම කරන්න මිට වඩා Advanced Application තියෙනවා.
Ex: fping , nping , hping3 , nmap

Network එකක් Reconnaissance Attack එකකින් බෙරගන්නනම් කරන්න පුළුවන් දේ තමයි Firewall එකක් Use කරලා ICMP Request වලට Reply කිරීම නැවත්වීම.

Example Ping Sweep Attack

Port Scan

Ping sweep Attack එකකට පසුව එන තවත් ප්‍රදාන Attack එකක් තමයි Port Scan කියන්නේ. Online ඉන්න System Discover කරගත්තට පසුව ඒවාට Access කරන්නනම් පළමුවෙන්ම හොයාගන්න ඕන ඒවගේ Network එක හරහා Access කරන්න පුළුවන් Ports මොනවද කියල. Port Scan කියන්නේ මේවිදියට Target එකක Open Ports මොනවද කියල දැනගන්න එක. Open Port එකක් Computer එකේ Application එකක් හෝ Service එකක් සමග බැදිලා තියෙන්නේ. ඒ App එක හරි Service එක හරි Network එක හරහා Communicate කරන්නේ ඒ බැදිලා තියෙන Port එක හරහා.ඉතින් මේ Ports හදුනා ගත්තම ඒ හරහා අදාල Service එක හරි App එක හරි මෙහෙයවන්න හොද Attacker කෙනෙකුට පුළුවන්.
මේ වෙනකොට Internet එකේ මේ වගේ Port Scanning Tools ඕන තරම් free හොයාගන්න පුළුවන්. ජනප්‍රිය Port Scan Application එකක් තමයි Nmap කියන්නේ. මේවා Download කරන්න වගේම Online Tool විදියටත් තියෙනවා.
Port Scan එකකින්නම් බේරෙන්න නම් Untrusted IP වලින් එන Request වලට Respond කිරීම නවත්තන්න ඕන. මෙතෙන්දි මම Request කියල හැදින්වුවේ TCP SYN Request වගේ Connection Establish කරන්න එන Request.

Example Port Scan Attack

Packet Sniffing

යම් යම් ක්‍රම වලින් Attacker කෙනෙක්ට පුළුවන් Network එකක Traffic එක Attacker ගේ Computer එක හරහා අදාල Destination එකට යවන්න.එතකොට Network එකේ Users ල Network එකේ කරන කියන දේවල් Attacker විසින් Trace කරගන්නවා Packet Caputuring Software එකකින්. ඉන් පසුව Attacker ට පුළුවන් Users ල ගේ Conversation වල තිබ්බ වැදගත් තොරතුරු හොයාගන්න.
මුලින්ම Network Traffic එක තමන්ගේ PC එක හරහා යවාගන්න Use කරන විදිය තමයි ARP Spoofing කියන්නේ.Man in the Middle Attack කියලත් කියනවා. ඉන් පස්සේ Traffic Capture කරන්න Wireshark වගේ Software Use කරනවා.
මේ වගේ Attack එකකින් බේරෙන්න ලේසි නැහැ.කරන්න තියෙන දේ තමයි Network එකේ හැම PC එකකම Default Gateway එකේ ARP එක Statically Add කරන එක.


Example Packet Sniffing Attack with Man in the Middle Attack

Internet Information Queries

මම මුලදීම කිව්වා වගේ Internet එකේ ඕන තරම් Tool තියෙනවා Hacking සදහා. වෙනත් අයෙකු ගැන හරි System එකක් ගැන හරි Internet එකෙන් හොයාගන්න එක තමයි මේ විදියට හදුන්වන්නේ.
Website එකක තොරතුරු හොයාගන්න Use කරන Tool එකක් තමයි whois කියන්නේ.
මිට අමතරව Pishing,Key logger,spy ware වගේ ක්‍රමත් වැඩියෙන් භාවිත කරනවා මේ IIQ වලට.

Example Whois Discovery Attack

Access Attack

Access Attack කියල හදුන්වන්නේ Reconnaissance Attack වලින් හදුනා ගත් Target එකකට Access කිරීම. කලින්ම කිව්වා වගේ මේවටත් අවශ්‍ය කරන Tool හොයාගන්න පුළුවන් Internet එකෙන්. හොදම උදාහරණයක් තමයි Konboot වගේ OS වල Password bypass කරලා OS එකට Access කරන්න දෙන Software. User ට අවශ්‍ය වෙන්නේ කොහොමද Computer එකක් Pen එකකින් Boot කරන්නේ කියල දැනගන්න විතරයි.
Access Attack වලට බොහෝ දුරට System එකේ Owner වගකියන්න ඕන මොකද දුර්වල Password භාවිත කිරීම, Password ලියල තියාගන්න එක වගේ දේවල් නිසා Attacker කෙනෙක්ට ලේසියෙන්ම Access කරන්න පුළුවන් අදාල System එකට. Password Set කරනකොට Symbols, numerics, capital, simple digits වල Combination එකක් භාවිත කරල Strong Password use කරනවානම් Attacker කෙනෙකුට Password ලේසියෙන් Crack කරගන්න අමරුයි.
කලින් Reconnaissance Attack වලදී කිව්වා ක්‍රම වලින් පුළුවන් තමන්ගේ system එකේ තොරතුරු පිටට යන එක අඩු කරගන්න. එතකොට Access Attack බොහෝ දුරට වලක්වා ගන්න පුළුවන්.

Denial Of Service Attacks

කෙටියෙන් DOS කියල හදුන්වන මේ Attack එක Use කරන්නේ සාමාන්යෙන් Target System එකේ Members ලට Service එක ලබාදීම අත්හිටවන්න. ඒ කියන්නේ  Attacker විසින් ICMP හෝ TCP Protocol එක මගින් Service එක ලබාදෙන Server එකකට විශාල ප්‍රමාණයක් Request යවල Server එකේ Buffer overflow කිරීම හෝ Server එකේ Bandwidth එක waste කරලා Members ලට Service එක ලබාගන්න අපහසු කරන එක.

Attacks වර්ග කිහිපයක් තියෙනවා DOS වලට අයිති වෙන.

             DOS (Denial of Service)
             DDOS (Distribute Dinial of Service)
             Ping of Death
             Smurf Attack
             TCP SYN Flood

බලමු මේ එකින් එක කොහොමද වෙන්නේ කියල.

DOS

Attacker විසින් Target System එකක IP එකට විශාල ප්‍රමාණයක් ICMP echo Request යවල තමයි මේ Attack එක කරන්නේ. මේ විදියට විශාල ප්‍රමාණයක් Request ලැබෙද්දී server එක ඒ හැම එකකටම Reply කරනවා.එක නිසා Server එකේ Buffer Overflow වෙන්න පුළුවන්. ඊට අමතරව Bandwidth එක waste වෙනවා විශාල ප්‍රමාණයක්. ඒ වගේම Attacker ගේ දක්ෂතාවය අනුව එයට පුළුවන් Fake IP එකකින් මේ Request එවන්න ඒ කියන්නේ Attacker ව Trace කරගන්න අපහසු වෙන විදියට.
මේකෙන් බේරෙන්නනම් කරන්න පුළුවන් දෙයක් තමයි Firewall එකකින් ICMP Request වලට Reply කිරීම නැවත්වීම.


DDOS


මේකෙදි වෙන්නෙත් Server එකේ Buffer Overflow වීම වගේම Bandwidth waste වීම. එත් Attack එක දෙන විදිය වෙනස්. ඔයාල අහල ඇති Bottnet ගැන.Internet එකට Connect වෙන Computers වලට යම් යම් කණ්ඩායම් වලින් trojan horses අදාරයෙන් Computer එකේ සමහර දේවල් Handle කරන්න පුළුවන් Codes ඇතුලත් කරනවා.පසුව ඒ අයට පුළුවන් Internet Connect උනාම අර Computers හරහා තමන්ට අවශ්‍ය දේවල් කරගන්න.ඒ විදියට Handle කරන්න පුළුවන් PC හදුන්වනවා Zombies කියල. Bottnet කියන්නේ ඒ වගේ Zombies එකතුවක්. Handle කරන කෙනාට පුළුවන් Zombies වලින් Target එකට විශාල ප්‍රමාණයක් ICMP Request යවන්න. ඔය විදියට Bottnet එකක හැම Zombie කෙනෙක්ම Request යවනවා කියන්නේ විශාල Traffic එකක් Target System එක Down කරන එක.
මේකෙදි Hacker ට තියෙන තවත් වාසියක් තමයි Attacker ව Trace වෙන්නේ නැති එක.


Ping Of Death


Attacker විසින් Target System එකට සාමාන්‍ය විශාලත්වයට වඩා විශාල Packet size එකකින් packet යවල Target එකේ Buffer Overflow කිරීම තමයි Ping Of Death කියන්නේ.

Smurf Attack


 Attack කරන්න අවශ්‍ය Network එකේ Broadcast Address එකට Ping Request එකක් යවනවා Source IP එකට Target එකේ IP Address එක Set කරලා.එතකොට Ping Request එක Network එකේ හැම PC eඑකක්ම Receive කරලා ඒ හැම PC එකක්ම Request එකේ IP එකට ඒ කියන්නේ Target System එකේ IP එකට Reply කරනවා. එක නිසා Target එකේ Buffer Overflow සහ Bandwidth wastage වෙන්න පුළුවන්.

 TCP SYN Flood


TCP වලදී Connection එකක් Establish වෙන්නනම් මුලින්ම Client විසින් TCP Header එකේ SYN Flag එක set කරලා Server එකේ අදාල port එකට (ex: for http , port 80) Request එකක් යවනවා (TCP SYN Request).
ඊළගට Server එක Connection Request එක Accept කරනවානම් Client ට TCP Header එකේ SYN සහ ACK flag දෙකම set කරලා Reply කරනවා (TCP SYN-ACK Reply). Server එක Accespt කරන්නේ නැත්නම් Request එක Server එක RST flag එක (Reset) එක්ක Reply කරනවා.
Server එක SYN-ACK එකක් එව්වනම් ඒ කියන්නේ Connection Request එක Accept කලානම් Client ACK flag එක විතරක් set කරලා reply කරනවා. ඒතකොට Connection එක Established. ඔය Process එකට තමයි 3way handshake කියන්නේ.



Attack එකේදී වෙන්නේ Attacker TCP SYN request අදාල server එකේ අදාල Port එකට විශාල ප්‍රමාණයක් යැවීම.සමන්යෙන් SYN request වල Source IP එක  Fake IP එකක්. ඉතින් server එක මේ හැම Fake Request එකකටම Reply කරනවා වගේම Session එකකුත් Open කරනවා. එත් මේවා Fake Request නිසා Session සියල්ල අපතේ යනවා ඒ කියන්නේ Members ලට Session එකක් Open කරගන්න අපහසු වෙනවා.



Attack එකෙන් බේරෙන්නනම් SYN-ACK Spoofing Firewall එකක් භාවිත කරන්නම වෙනවා. මොකද Attacker Request එවන්නේ Server එක Service එක දෙන Port වලට එක නිසා ඒ port වහන්නත් බැහැ.



අන්තර්ජාලය තුල කරුනු පිරික්සීමේදී හමුවුන වටිනා ලිපියක් නිසා උපුටාගත්ත. උපුටා ගැනීම සිදුකල වෙබ් අඩවිය වන්නේ http://articles.org