Thursday, March 29, 2012

Bluetooth මගින් තවත් දුරකතනයක් Hack කිරීම


සිරාම ආතල් එකක් ගන්න පුලුවන් මැක්සා වැඩක් තමයි මම අද ඔයාලට අරගෙන අවේ. හැක් කරන්න ඉතින් ගොඩක් කස්ටිය හරිම ආසයිනේ. ඉතින් මම දන්නව අපේ යාලුවොනම් ඉතින් මේවා කරන්නේ ජොලොයටනේ. හොදයි.  බ්ලූ ටූත් හරහා තවත් දුරකතනයක ට ඇතුලුවෙන්න පුලුවන් පුංචි 5හේ ඇප්ලිකේශන් එකක් මට හම්බුනා. මාර ෆන් මචාලා. . . සමහර අයනම් මේ ගැන දන්නවත් ඇති. ඉතින් මෙක හරියන්නේ ඔයාලගේ ජංගම දුරකතනයට විතරයි. නතුව කොම්. එකට දාල වැඩ කරන්නේ නැහැ කියල මට කියන්න එපා

මෙතනින් බාගන්න

Sunday, March 25, 2012

ඩොන්ගල් එකෙන් Call,MMS,Video Call,GPS ගමුද



Dongle එකෙන් Viedo/Audio Calls ගන්න පුළුවන් නම් මරු නේද ?.
ඒ විතරක් නෙවෙයි MMS යවන්නත් පුළුවන් ක්‍රමයක් මම හොයි ගත්ත. තව දේවල් ගොඩක් කරන්න පුලූවන්.
මේකයි රහස. සරලවම කියන්නම්.
අපි HSPA මොඩම් 1ක් ගන්න කොට ​මොන හේතුවකටද මන්ද ​බොහොමයක් ඩොන්ගල් වල මේ පහසුකම් තිබිබත් ඒව හංගල තියෙන්නෙ. ඉතින් හංගපුව එළියට ඈදල අළුතෙන් වෙනස් කිරීම් කීපයනට ලක් කළාම මේ පහසුකම් සියල්ල භාවිත කරන්න පුළුවන්. ඔයාල ඒව මුකුත් කරන්න ඔන නැ දැන් මම දෙන්න යන ගැජට් එක දා ගත්තම කිසි කරදරයක් නැතුව ඩොන්ගල් එකෙන් Video/Audio Call  වගේම ඉහත කියපු පහසුකම් සහ තවත් පහසුකම් රාශියක් ඔබේ ඩොන්ගල් එකෙන් ඔබට ලබා ගන්න පුළුවන්.
Download

තව දෙයක් කිව යුතුයි. මම මේක පරීක්ෂා කරල බැලුවෙ මගේ HUAWEI   E153 ඩොන්ගල් එකට. ඒකෙ නම් හොදට වැඩ කරනව. Mobile Patner තමයි එකේ නම. මේක Customize  කරපු එකක් තමයි මම දීල තියෙන්නෙ. මුල් නිෂ්පාදනය HUWAWEI ආයතනය සතුයි. මේක ඉන්ස්ටොල් කලාම Call  කියල 1ක් එනව.ඒකේ තමයි Video Call තියෙන්නෙත්. ඉතින් බා ගෙන Install කරල ගුණදොස් ලියලම යන්නකො.

අඩුවට විදේශීය ඇමතුම් ගන්



http://www.google.com/googlevoice/about.html#

ගූගල් වල තිබ්බ ගූගල් වෙයිස් කියන සේවාවෙන් දැන් ජාත්‍යන්තර ඇමතුම් ගැනීමේ හැකියාව තියනව. මේකෙන් දැනට දේශීය ජාල වලින් දෙන ගාස්තු වලට වඩා අඩුවට විදේශීය ඇමතුම් ගන්න පුලුවන්. ස්කයිප් වලට ත් වඩා අඩුයි. ඒ වගේම තමා සමහර රටවලට නොමිලේ ඇමතුම් දෙනව කියල දාල තියනේනෙ.


අපි ඇමතුම් ගන්න විතරක් නෙවේ, සමහර රටවලින් අපේ රටට ඇමතුම් ගද්දි අපි ගන්නවට වඩා වැඩි මුදලක් ඒ රටවලින් අයකරනව. ඒත් ගූගල් වලින් මේ අයට දේශීය ජාලවලට ගන්න පුලුවන්. අඩුවට
ඇමතුම් ගාස්තු විස්තරය https://www.google.com/voice/rates


හැබැයි මේ අයගෙ අයකිරීම් විනාඩියට 

Skype Trick Part1


යාලුවනේ ඔන්න මම අයෙමත් අවා ඔයාලට නියම News එකක් අරගෙන. මෙන්න මේකයි කතාව අද මම ඔයාලට කියන්න යන්නේ GSM Network වලින් ඒ කියන්නේ අපි සාමාන්යයෙන් පාවිච්චි කරන Mobile Phone එකෙන් Skype Call ගන්න විදිය. එහෙනම් ඉස්සරහට යමුකෝ මේක කොහොමද කරන්නේ කියලා බලන්න. ආ.....

ඔයාලා හැමෝම දන්නවානේ Skype කියන්නේ මොකක්ද කියලා මම නම් දන්න තරමින් ලෝකයේ සිටින බොහෝ දෙනා තමන්ගේ Personal හෝ Buisness ආදී ඕනෑම අව්ස්තාවකදී සන්නිවේදන මාධ‍ය වශයෙන් යොදා ගන්නේ Skype ය. මෙවැනි Communication Software ගොඩාක් තිබුනද මෙය ජනප්‍රිය වීමට හේතුව වුයේ මෙහි ඇති User Friendly බවයි. ඉතින් ඔයාලා තවම Skype ගැන දන්නේ නැත්තම් හරි අලුත්ම Verson එක බාගන්න ඕනේ නම් මෙන්න මෙතනින් ගිහින් ඒ වැඩේ කරගන්නකෝ ඉස්සෙල්ලාම.

ඉතින් මේ Software එක Use කරන්න මේකේ අපිට Register වෙන්න ඕනෙනේ ඉතින් ඔයාලා අලුත් නම් මේකේ Register වෙන්න අනිත් අය ඔයාලගේ Account එකට log in වෙන්න. දැන් ඔයාලට ඔයාගේ Skype Use කරන යාලුවන්ව ඔයාගේ Friend List එකට දාගන්න පුලුවන් එයලගේ Email එක හරි Skype Name එක හරි ගහලා එයාලව add කර ගන්න. ඉතින් මම දැන් මේ ආවේ ගැන එකක් දෙන්න නෙවෙයිනේ. හරි මම කියන්නම්.

ඉතින් මම අද කියන්න යන්නේ ඔයාලට Internet එකේ Skype Log in වෙන්නේ නැතුව Skype Friend List එකේ ඉන්න යාලුවන්ට Skype Call කරන්න පුලුවන් විඩියක් ගැන. මේක හැබැයි අදාල වෙන්නේ Dialog සහ Etisalat Use කරන අපේ යාලුවන්ට විතරයි. මේක ඉස්සෙල්ලාම Introduce කරේ Etisalat දැන් Dialog එකත් වැඩේ පටන් අරන් අනේ අපිට කමක් නෑ අපි Hutch නේ.

හරි ඕවා ඉතින් මම කීවාට වැඩක් නෑනේ ඔයාලම ගිහින් බලන්න මේක කොහොමද කරන්නේ කියලා එයාලගේ Official වෙබ් සයිට් වලින්ම. මෙන්න පල්ලෙහා තියනවා Link දෙක ඔයාලට අදාල එකට ගිහින් වැඩ කැල්ල ඉගෙන ගන්නකෝ. එහෙනම් අපි ගියා. ඔබට ජය.

අපේ Etisalat පාවිච්චි කරන අය මෙතනින් ගිහින් වැඩේට Set වෙන්න.

අපේ Dialog පාවිච්චි කරන අය මෙතනින් ගිහින් වැඩේට Set වෙන්න.

Wednesday, March 14, 2012

Sony Ericsson දුරකතන වල සැගවුනු Folders බලාගමු

ඉතින් යාලුවනේ අද මම ගෙනාවා ඔයාලට මැක්සා වැඩක්. මේ යටතේ මම ඉදිරියේදී ලිපි පෙලක් ඔයාලට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මාතෘකාවෙන්ම තේරෙනව ඇතිනේ මේ වැඩේ මොකක්ද කියලා. ඇත්තටම මම ඔයාලට කියල දෙන්න යන්නේ කොහොමද ඔයාගේ ජංගම දුරකතනයේ අන්තර්ගත මෙහෙයුම් පද්දතියට අදාල සියලුම ගොනු/ෆයිල් දැක බලා ගන්නා ආකාරය.ඔයාල හොදටම දන්නවනේ ඔයාලගෙ ජංගම දුරකතනය පරිගනකයට සම්භන්ද කල විට පෙන්නන ෆයිල් සහ ෆොල්ඩර්. ඉතින් ඒවා ගැන නෙමේ මම කියන්නේ. මම කියන ෆයිල් ඔයාලට එච්චර ලෙසියෙන් දැක බලා ගන්න බැහැ. ඒවට විවිද ක්‍රම තියෙනව. ඉතින් මෙක දැනගත්තම මොකක්ද ඔයාලට තියෙන ප්‍රයොජන.
  1. ඔයාලට ඔයාලගේ දුරකතනය කැමති විදියකට වෙනස් කර ගන්න පුලුවන්.
  2. ආයෙ ඉතින් සොෆ්ට්වෙයා යන සීන් වලට පොඩ්ඩක් වත් බය වෙන්න එපා.ඒව දාන එක සිම්පල්.
  3. අන්ලොක් කරන්නත් පුලුවන් වෙනව(Flash)
  4. ඔයාගෙ දුරකතනයේ තියෙන වැඩ කැලි තව වැඩිකරගන්න පුලුවන් වෙනවා.
  5. ඔයාට කැමති විදියට දුරකතනයේ අකුරු රටාව වෙනස් කරගන්නත් පුලුවන්.
ඉතින් මම හිතනවා මේ ලිපිය ඔයාලට ගොඩාක් වැදගත් කියල. ඉතින් මේවැඩේට මොනාද ඔනා කරන්නේ.
  • ඔයාගේ පැත්තෙන්.
ඔයා බොහොම ඉවසිල්ලෙන් කටයුතු කරන්න ඔනේ. කලබලේට උඩින් පල්ලෙන් මේ දාල තියෙන පොස්ට් කියවලා ගිගින් මගදි ඇන ගත්තොත් ඉතින් ඔන්න මං නැහැ.

ඔයා පරිගනකයට තවමත් ආදුනිකද?. මෙන්න වැන්ද දැන්ම මේ වැඩේ අත අරින්න පුතො!.

ඔයා අවදානම් ගන්න ඔනෙ. නැතුව මේක ඉගෙන ගන්න බැහැ. ඉතින් ඔයා අවදානමක් ගන්න බැරිනම් මට මුකුත් කියන්න එපා. එක ඔයාගෙ කැමැත්ත. මේ වැඩේ නොකර ඉන්න.

  • ඔයා භාවිතා කරන දුරකතනය හා අනිකුත් මෘදුකාංග.
චීනයේ නිශ්පාදිත දුරකතන තියෙන අයට මේ වැඩේ කරන්න බැහැ.

මම මෙතනදී යොදා ගත්තේ Sony Ericsson මාදිලියේ ජංගම දුරකතන. Nokia,Samsung,LG වලට කොහොම සෙට් වෙයිද කියල කියන්න බැහැ.

Download This Software

Far Manager with sefp
USB Flash Driver

Other

DC 60 Sony Ericsson Data cable 


තව ඔය ටච් ෆොන් වලට මේ වැඩේ සෙට් වෙයිද කියන්න  බැහැ.
  • මගෙ පැත්තෙන්.
මගෙන් ඔයාලට ලැබෙන්නේ පොඩි මග පෙන්වීමක් පමනයි. මේ පොඩි දේ ඉගෙන ගෙන ඔයා අහස අල්ලන්න එහෙම යන්න එපා. ඔයා තව තව දේවල් අන්තර්ජාලයෙන් සොයන්න. පුලුවන්නම් ඒව අප අතරේ බෙදන්න ඔයාට පුලුවන්. ඔයාට මම නැවතත් අවදාරනය කරන්නේ මේකෙ යම් අවදානම්ක් තියෙනවා.ඒ නිසා ඔයාලගෙ අතින් සිදුවන වැරදි අඩුපාඩු හො, මේ මම දක්වා ඇති තොරතුරු වලට පිටින් ගිහින් වැඩ වරද්ද ගත්තොත් ඉතින් මට වගකියන්න බැහැ. ඒ වගේමය් මුලු ක්‍රියාවලියේ අවසන් වන තුරු පරිගනකය එක දිගට ක්‍රියාකරිත්වයක තබා ගත යුතුයි.අබලන් හා ඉතා මන්දගාමී පරිගනක, Virus ඇති පරිගනක මේ ක්‍රියාවලිය යම් අවදානමකට ගෙනයන වග හොදින් මතක තියා ගන්න.

අපි එහෙනම් පටන් ගමු

ඉතින් මම හිතනවා ඔයාල ඔය මම උඩින් දාල තියන සොෆ්ට්2 බාගන්න ඇති කියලා. මේ වැඩේට මම යොදා ගන්නේ Sony Ericsson C902

  
ඉහත සොෆ්ට්.වෙ ටික ඔය විදියට ගන්න බැරි උනොත් Google වලට ගිහින් හොයල බලන්න.  FarManager මෘදුකාංගය බාද්දී SEFP කියන ප්ලගින් එක තියෙන එකක් ගන්න.

මුලින්ම ඔයා කරන්න ඔනෙ ඔයගෙ ෆොන් එක ඔෆ් කරන්න. මෙමරි කාඩ්, සිම් එහෙම තියෙනවනම් ගලවල දාන්න. ආපහු බැටරිය ෆොන් එකට දාන්න හැබැයි ඔන් කරන්න එපා. 

සාමාන්යෙන් Sony Ericsson මාදිලියේ දුරකතනවල කී පැඩ් එකේ තියෙනවා "C" නමින් බොත්තමක්. අපි Massage ලියන කොට අකුරු මකන්න යොදා ගන්නේ මේ බොත්තම තමයි.පහත ඇත්තේ Sony ericsson C902 ෆොන් එකට අදාල KeyPad එකයි.හොදින් පරික්ෂා කරල බලන්න ඔයාලගෙ Sony ericsson එකෙත් එහෙම තියෙනවද කියල.
ඉතින් මම හිතනව ඔයාල හොයා ගත්තා කියලා. හොදයි දැන් ඉතින් තියෙන්නේ ඔය බොත්තම ඔබා ගෙන ෆොන් එකේ ඩේටා කේබල් (DC 60) එක සම්බන්ද කිරීමයි.
 මතක තියා ගන්න "C" බොත්තම අත අරින්න එපා. එතකොට අලුත් Device එකක් ඔයාලගේ පරිගනකය විසින් හදුනා ගන්නවා.

එතනදී ඔයාල අර බාපු  එක USB Flash Driver එක මෙතෙන්ට ලබා දෙන්න ඔනේ. මෙක ඉතා සරල ක්‍රියා වලියක් බැවි මම ඉතා සංශිප්තව කරුනු දක්වන්නේ. ඔබට මේ පිලිබදව ගැටලුවක් ඇත්නම් ප්‍රවීනයෙක්ගෙන් සහය ගන්න.

ඉතින් ඔය මම ඉහත කී ක්‍රියාවලිය නිසියාකාරව සිදු නොවේ නම් ඔයා භාවිතා කරන ඩේටා කේබල් එකේ හො, පරිගනකයේ USB Port එකේ හරි ඔයා ගේ අතින් සුලු අතපසු වීමක් හො වෙන්න පුලුවන්. නැවත හොදින් පරික්ෂා කරන්න.කොහොම හරි වෙන්න ඔනෙ අවසානයේ ඔයා එක පරිගනකයට ස්තාපිත කිරීමයි. සියල්ල අවසානයේ ඩේටා කේබල් එකෙන් ෆොන් එක ගලවන්න.

දැන් ඔයා Far Manager මෘදුකාංගය ක්‍රියාත්මක කරවන්න. ඉන්පසු ALT+F2 හො F11 මගින් පහත ආකාරයට මෙනු එකක් කරගන්න.

එහි ඔයාලට දැකගන්න පුලුවන් වෙයි SEFP නමින් තොරාගත හැකි යමක් ඇති බව. ඔයා ඒක තොරන්න. මතක තියා ගන්න ඔයාගේ මෘදුකාංගයේ එහෙම එකක් නැතිනම් ඔයා බාල තියෙන්නේ sefp ප්ලගින් එක නැති FarManager එකක්.

ඔයාල හරියට තේරුවානම් මේ පහල තියෙන ආකරයේ ඔයාට දැකගන්න පුලුවන්.

තේරෙනවනේ කියල තියෙන දේ. ඔයා ෆොන් එක ඔෆ් කරලා "C" බොත්තම ඔබාගෙන ඩේට කේබල් එක නැවත වරක් සම්බන්ද කරන්න

එවිට ටික වෙලාවකින් ලොඩ් වෙයි ඔයාගේ සැගවුන ෆයිල් සියල්ල.
ඉතින් ඔන්න මම ඔයාලට මේ ලිපියෙන් මම කියා දුන්නේ දුරකතනයේ සිස්ටම් ෆයිල් බලා ගන්න ආකාරය. මීට පසුව ගෙන එන ලිපි වලින් මම කියා දෙන්නම් කොහොමද මේ ෆයිල් පරිගනකයට කොපි කර ගන්නේ හා මොඩ් පැක් භාවිතා කරල දුරකතනය වෙනස් කර ගන්නා ආකාරය.

ලගදීම ඔබ වෙත

ඔබේ අදහස් මා දිරිමත් කරනා වග ඔබ දන්නවාද?දාන්න පුංචි කොමින්ටුවක්.