Showing posts with label Mobile. Show all posts
Showing posts with label Mobile. Show all posts

Thursday, October 3, 2013

ඕනම Android දුරකතනයක් Root කරන්න කියාපු බඩුව


 යාලුවනේ ගොඩ කාලෙකට පස්සෙ තමා මම මගේ බ්ලොග් එක පැත්තට ආවේ.. Call කලාට Massage කලාට වැඩක් නෑ ඉස්සෙල්ල රාජකාරිය, පස්සේ තමා මේ වැඩ ගැන බලන්න වෙන්නේ. තරහ නෑනේ. මන් දන්නව ඔයාල එහෙම තරහ වෙන්නේ නෑ.. හොදා හොදා.. 
මොකක්ද මන් අද ඔයාලට කියල දෙන්නේ කියල හිත හිත ඉන්න කොට තමා යාලුවෙක්ගෙන් Call එකක් ආවෙ එයා එයාගෙ 
Android Smart Phone එක Root කරන්න ගිහින් දැන් ඔන් වෙන්නේ නෑ කියල. ඉතින් මේක අපේ ගොඩක් යාලුවොන්නට් වෙලා තියෙනව. හරියට දන්නේ නැතුව Root කරන්න ගියාම ඔහොම වෙනව. සමහරු උඩ පැන පැන Root කරන්න හදනව.. "මොකක්ද බන් Root කරනව කියන්නේ " කියල ඇහුවම අහස පොලව ගැට ගහන්න කල්පනා කරනවා. සමහරු හිතන්නේ Root කරනවා කියන්නේ Sinhala Font දාන එකට කියල. Heee
මේව ඇහුවම සමහරුන්ට වෙන වෙන තැන් වලිනුත් හිනා යයි.. Lol.:P..
ROOT කරනව කියන එක ගැන තවම අවබෝදයක් නැති අය මේ ලිපිය ඉස්සෙල්ල කියවන්න   
READ
හරි එහෙම බෑ බොලව් දන්නේ නැති උන්ටයි දන්න උන්ටයි ඔක්කොටම ලේසියෙන්ම Phone එක Root කරන්න පුලුවන් Software කෑල්ලක් දෙන්නම් දැන්වත් වද දෙන්න එපා බන්.. අරක ඔන් වෙන්නෑ මේක ඔන් වෙන්නෑ කියල.. (Joke හොදේ) . :P




මේක තනිකර Korian භාශාවෙන් හදල තියෙන්නේ.. නමේ අස්සෙනුත් Koran කෑල්ලක් ගහල. මම Koran භාශාව දන්නේ නෑ.. ඒත් එකෙක් කිව්ව මේකෙ නම ROOT Master කියල. වෙන්න බැරි නෑ. නම වගේම තමා මෙයාගෙ වැඩ. 
දැන් කට්ටිය Koran Language ඉගෙන ගන්න ඕනේ නෑ. මේක ඕන කෙනෙක්ට තේරෙනව.. හරිම ලේසියෙන් භාවිත කරන්න පුලුවන්. ඇත්තම කිව්වොත් මේකෙ ක්‍රියාකාරිත්වය ගැන මම පැහැදිලි කරන්න යන්නේ නෑ. ඒ තරමටම සරලයි. හිතන්නේ මේ Software එක හෙන සයිස් කියල නේද.. පිස්සු හැදෙයි... 5MB He Heee

හැබැයි කිසිම වගකීමක් මම ගන්නේ නෑ හොදේ.. කරන නොකරන එක ඔයාලගේ වැඩක් 

5MB





මම මේ ක්‍රමේට Galaxy Y, Galaxy S සහ Alcatel එකක් Root කලා. ඉතින් මට අව්ලක් නම් ගියේ නෑ.. ඉතින් යාලුවනේ ඔයාල Root කරල හරි ගියාට පස්සේ නිකන් ඉන්න එපා.. පොඩ්ඩක් මේ පැත්තේ ඇවිත් Phone එකේ Model එක දාල ප්‍රතිචාරයක් දාන්න තරම් කාරුණික වෙන්න. මොකද තවත් ඔයාගේ වගේම දුරකතනයක් තියෙන කෙනෙක් මේක කරනවාද නැද්ද කියල බයෙන් ඉන්න පුලුවන්. ඔයාගේ සාර්තකත්වය දැක්කම එයාටත් බය නැතුව වැඩේට බහින්න පුලුවන්. ඒක ලොකු උදව්වක්. ප්‍රයෝජනයක් උනානම් මේ ලිපිය ප්‍රතිචාරයක් දාල යන්න අමතක කරන්න එපා..

Tuesday, August 13, 2013

ඔයාගෙ Phone එක අත්තටම Original ද ?


මේ වැඩිකාලයක් නෙමේ මගේ යාලුවෙක් පිටකොටුවෙන් Galaxy SIII එකක් අරන් ආව. මූට නම් මාර හැපී. ඇයි බන් SIII එකක් මූ අරගෙන තියෙන්නේ පෙට්ටි පිටින් 29 කට. මමත් හොල්මන්. එත් අතට අරන් ටිකක් ඔබල බැලුවම තෙරුනා මේක නම් ආතල් එකට ගහපු Chinis එකක් කියල. 

මම ඉතින් ලේසියෙන් කොල්ලොන්ගේ මොරාල් එක කඩන එකෙක් නෙමේ. මට මොකෝ උට හොද නම්. මමත් ඉතින් බම්ප් එකක් දාල ෆට්ට කිව්ව. නැත්තන් ඌ හිතයි චින්තකය මහ ඉරිසියාකාරය කියල. මම දන්නෙ නැද්ද අපේ එව්න්ගෙ හැටි. හොදා මම අද ඔයාලට කියල දෙන්න යන්නේ මේ Phone එකක IME Code එකකින් කොහොමද එහි ගුනාත්මක භාවය තීරනය කරන්නේ කියලා.ඒ කියන්නේ එක Chines ද නැද්ද කියන එක.
ඇත්තටම ලෝකේ ඕනම නිශ්පාදනයකටම කාන්ඩ අංකයක් දීල තියෙනව. මම මේ කතාකරන්නේ ගමේ හදන ඉදිආප්ප මුල් ගැන නෙමේ හොදේ. ඉතින් මේ කාන්ඩ අංක, ඇග කහනවට දාපුව නෙමේ. හැම අංකයකටම හේතුවක් තියෙනව. අපි මේ ජංගම දුරකතන වල ගුනාත්මක භාවය හොයන්න යන්නේත් මේ කාන්ඩ අංක වල පිහිටෙන්. සාමන්යෙන් දුරකතනයක IMIE code එක ගත්තම අංක 15 කින් තමා හැදිල තියෙන්නේ. 




1) Product code
2) Revision of Material
3) Code Type
4) IMEI
5) Date of Production
6) Location of P roduction


IMEI අංකය හොයා ගන්න පුලුවන් ක්‍රම දෙකක් තියෙනවා. පලමු ක්‍රමය තමයි බැටරිය ගලවල IMEI අංකය ලබා හැනීම,. ඒක කරදරයක් වගේ නම් *#06# Dial කරන්න  

සාමන්යෙන් IMEI Code එකක් මේ වගේ කියල හිතමුකො 

XXXXXXXXXXXXXXX

දැන් ඒකත් පහත ආකාරයට Grape කරන්න පුලුවන්

XX - XXXX - XX - XXXXXX - X 1 .......... 2 ....... 3 ........... 4 ....... 5

1 = No manufacturer

2 = Phone Type

3 = assembly code

4 = Serial No.

5 = Spare


මේ අංක වල 7 වන සහ 8 වන අංක වලින් කියවෙන්නේ දුරකතනය නිශ්පාදය කල රට හෝ Factory Original ද යන්න වග. 

 ඔයාගේ අංකයත් අරගෙන පහත ප්‍රමිතින්ගෙන් යුක්තයි නේද කියල බලන්න 

00 නම් Factory Original                    හොදම බඩු ආයේ කතා දෙකක්         නැහෑ
…01/10/07/70/19/91 Finland                 වඩා හොදයී
…02/20 නම් UAE                                   ගුනාත්මක බවෙන් අඩුයි. චාටර්
…13 නම්                                                  භාවිතයට නුසුදුසුයි. පට්ට චාටර්
…03/30 නම් Korea                                 සාමාන්‍ය හොදයි. අව්ලක් නෑ
…04/40 නම් China                                 සාමාන්‍ය හොදයි.
…05/50 නම්  Brazil,USA,Finland         හොදයි (මන්ත්‍රී  හොදයි ඇමති හොදායි :P)
06/60 නම් China, Mexico                   සාමාන්‍ය හොදයි.
…08/80 නම් Germany                            සාමාන්‍ය හොදයි.


මේ ක්‍රමය සෑම විටකම නිවැරදි නොවෙන්නත් පුලුවන්.




Sunday, October 21, 2012

ඔනෑම Dongle එකක් Unlock කිරීම.


අදාල ක්‍රියාකාරකම් කිරීමට ප්‍රතම සම්පූර්න ලිපිය හොදින් කියවන ලෙස ඉල්ලා සිටිමි!
ද මම ඔයාලට කියල දෙන්න යන්නේ ඉතාම සවිස්තරාත්මකව ඔනෑම Dongle එකක් Unlock කරන්න පුලුවන් ආකාරය ගැන. සාමානයයෙන් ඩොගක් unlock කරන්න ක්‍රම ගොඩාක් තියෙනවා. සමහර ඒවා හරිම ලේසියි. තවත් එවා ටිකක් අමාරුයි. නමුත් ගොඩාක් web,blog අඩවි වල තියෙන්නේ එක ක්‍රමයක් විතරයි. එතකොට මොකද වෙන්නේ.. කට්ටියකට ඒ Trix එක එල කිරි වගේ වැඩ කරද්දී තවත් කට්ටියකට ඒක කර ගන්න බැරිව යනවා. ඉතින් මම මේ ලිපියෙන් කියලා දෙන්න බලා පොරොත්තු වෙන්නේ දන්නෙම නැත් කෙනෙක්ට උනත් පහසුවෙන් ඩොගක් Unlock කරන්න පුලුවන් ක්‍රම කීපයක්. මේ ක්‍රම තමා දැනට ලෝකේ මම දන්න තරමින් පරිගනකයක් යොදා ගෙන Dongle unlock කරන්න පුලුවන් හොදම ක්‍රම ටික.
DC-Unlocker  මගින් Unlock කිරීම 


DOWNLOAD 5.84MB
 DC-Unlocker + Crack (Install කල පසු Crack කරන්න)


          මේකෙන් ඉතාම පහසුවෙන් ඔයාට dongle එකක් unlock කරන්න පුලුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. ඉස්සෙල්ලාම Dongle එකේ දැනට කියාත්මක තත්වයේ පවතින SIM කාඩ් එක ගලවලා වෙනත් SIM එකක් ඇතුලු කරල පරිගනකයට සම්බන්ද කරන්න. දැන් ඔන්න හුටු ගාලා Mobile Partner එක Open වේවි. බලන්න මොකක් හරි Unlock කෝඩ් එකක් ඉල්ලනවද කියලා. නැත්තම් Massage එකක් වැටෙනවද මොකක් හරි. (ඔන්න සමහර අයගෙනම් දන්නෙම නැතුව connect වේවි. ඒ Unlock වෙච්ච හින්ද නම් නෙමේ එයාගේ Dongle එක unlock කරන්න ඔනේ නැති එකක් නිසා. :-D) අර මම ඉස්සෙල්ලා කියපු Massage කතාව ආපු අයට තමා මම මේ කියන්නේ. දැන් Mobile Partner එක Close කරලා දාන්න. Close වුනාට පස්සේ DC-Unlocker Software එක open කරන්න. දැන් එතන තියෙන අත් කාචයක ස්වරූපය ඇති බොත්තම ඔබන්න. එතකොට ඔයාගේ dongle එක සවංක්‍රීයවම එයා සොයා ගනී. (එසේ සොයා ගැනීමට නොහැකි උනොත් ඔයාට මේ ක්‍රමයෙන් ඉදිරියට යෑම නිශ්පල විය හැකියි.) කෝකටත් කියලා මේ ක්‍රමය අත්හදා බලන්න ඉස්සෙල්ලා මේ වෙබ් සයිට් එකට පොඩ්ඩක් ගිහින් බලන්න ඔයාගේ Dongle එක DC-Unlocker Device list එකේ තියෙනවද කියලා.
http://www.dc-unlocker.com/supported_models_1/huawei_1 
හරි මම හිතනවා ඔයාගේ එක හොයා ගත්තා කියලා. දැන් දකුනු පැත්තේ ඉහලින්ම තියෙන Unlock කියන Tab එක යටතේ තියෙන Unlock කියන බොත්තම මත Click කරන්න. එත කොට ඔය මම ඉහත රූපයේ දාලා තියෙන විදියට Text වගයක් ඉහලට යනවා ඔයාට දැක ගන්න පුලුවන් වෙයි. වැඩේ ගොඩ ගියොත් අදාල Text Box එකේ පහලට වෙන්න SIM Lock Status : Unlocked කියල වැටේවි. බැරිවෙලාවත් Unlock Error කියල වගේ පෙන්නුවොත් ඔයා අඩන්න එහෙම එපා :-D. අපි එතකොට පහත ක්‍රමය ඒකියන්නේ Firmware Update කරමු.


වඩාත් පැහැදිලි වෙන්න මේ Video එක බලන්න 






Firmware Update කිරීම මගින් Unlock කිරීම  





 ඉස්සෙල්ලා මම කියල දෙන්නම්කො මේ Firmware (ෆ'ර්ම් වෙයා) කියන්නේ මොකක්ද කියලා. මේක හරියට අපි පරිගනකයේ භාවිතා කරන්නා Windows Operating System එක වගේ තමා. එහෙම කිව්වට එච්චර ලොකු එකක් නම් නෙමේ. firmware එක තියෙන්නේ හැම තිස්සෙම ROM එකක් ඇතුලේ. ඒකියන්නේ පුංචි Chip එකක් ඇතුලේ. මේවා Real-time විදියට Process වෙන්න හදලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ වෙලාවට කරන්න තියෙන දේ ඒ වෙලාවට කරන එකයි. ඉතින් අපේ ඩොන්ගල් ඇතුලෙත් 15Mb විතර පුංචි firmware එකක් තියෙනවා. වැරදියට එහෙම වටහා ගන්න එපා. Mobile Partner එක Firmware එකක් කියලා. ඒක ඇවිත් User,Computer සහ Dongle එක අතර සම්භන්දය ගොඩ නගන්න නිර්මානය කල Software එකක් විතරයි. ඔය Mobile Phone වලට හම්බෙන PC Suite CD එක වගේ. 

මේ Update වීම සදහා සාමාන්යෙන් විනාඩියක් විතර යනවා. ඉතින් ඔය අතර කාලයේ ඔයාගේ Computer එක Off වෙලා,Restart වෙලා හරි Lap එකක් නම් Battery බැස්සොත් හැරි Dongle එක ගල් වෙනවා. ඒක මේ Flash වැඩ කරන අය අතර තියෙන කට වචනයක්. ඒ කියන්නේ අයේ භාවිතයට ගන්න බැරි වෙන්නම Software පැත්තෙන් විනාශ වෙලා යනවාට.  අන්න ඒ අවදානමත් හිතේ තියාගෙනම වැඩේට බහින්න.  Lap එකක් නම් හොදට Charge කරල Desktop PC එකක් නම් UPS එකක් පාවිචි කරලා ඔය මුකුත් නැති අය විනාඩියකට විතර පොඩි අවදානමක් අරගෙන තමා මේ වැඩේට බහින්න ඔනේ.  Computer එකට Software Install කරනවා වගේ Dongle වලට Firmware Update කරන්න බැහැ. මෙතනදි ඇත්තටම සිදුවෙන්නේ Flash කිරීමක්. ඒ කියන්නේ හරියට Pen එකක් Format කරලා මොකක් හරි ඇතුලත් කරනවා වගේ වැඩක්. නමුත් අපිට හිතුමනාපෙට මේවා Update කරන්න බැරි වෙන විදියට අදාල නිශ්පාදක සමාගම Chip එකට Flash Code එකක් දීලා තියෙනවා. ඒ code එක නැත්නම් ඒ Chip එක මත අපිට කිසිවක් ලියන්න දෙන්නේ නැහැ. එහෙනම් ඉස්සෙල්ලා මේ Code එක හොයා ගනිමු. ඒකට අපිට Dongle එකේ IMEI අංකය ඔන වෙනවා. IMEI අංකය Dongle එකේ Box එකේ සහ Dongle එකේ පියන විවුර්ත කල විට දකින්න පුලුවන්.  
  

 ඒකත් කල් තියාම Notepad එකේ ලියාගෙන ඉන්න. දැන් මේ IMEI අංකයේ ගණනය කලාම අපිට Flash Code එක ලබා ගන්න පුලුවන්. ඉතින් අපි දන්නේ නැහැනේ ගනනය කරන්නේ කොහොමද කියලා. අන්න ඒ නිසා අපි මේකට Calculate Software එකක් යොදා ගන්නවා. මම මේ සදහා යොදා ගන්නේ Universal Master Code කියන පුංචි Tool එක. ඉතින් ඔය පහල දාලා තියෙන්නේ ඒක Download කරන්න පුලුවන් Link එක 

 DOWNLOAD 243.71 KB



ඉතින් මේක Run කරද්දි Dongle එක ගහලම තියෙන්න ඔනේ නැහැ. මොකද මෙතන වෙන්නේ Calculate වීමක්නේ. කරන්න ඔනේ උඩින්ම තියෙන Tab 6න් ඔයාගේ Dongle එකට අදාල Tab එක තෝරල පහලින් තියෙන IMEI කියන තැනට ඔයාගේ Dongle එකේ IMEI අංකය දීල Calculate කියන බොත්තම ඔබන එක විතරයි. ටික වේලාවකින් FLASH : කියන තැනටයි Result කියන Text Box එකටයි Code එක ඒවි. දැන් Flash Code එකත් කොහේ හරි ලියා ගෙන වෙනත් SIM එකක් ඇතුල් කරලා Mobile Partner එහෙම Open උනාට පස්සේ Close කරලා Firmware එක Update කරමු. මලා. එතකොට කෝ මේ firmware එක. දෙන්නම් දෙන්නම්. මේ තියෙන්නේ Dialog 2990 ඩොන්ග්ලෙ එකේ (Huawei E153U) Firmware එක.



 මම මේක දෙන්න හේතුව ලංකාවේ ගොඩ දෙනෙක්ට ඔය Unlock කර ගන්න බැරිත් ඔය Dongle එකම නිසා. Dialog මුදියන්සේ තුමා කොල්ලොන්ට ඔකේ ලොක් කඩන්න  බැරිවෙන්නම ලොක්කරල විතරක් නෙමේ උන්ම හදාපු Mobile Partner එකක් ඇතුල්කරලා. එක Spam program එකක්. නිතරම උන්ගේ Add ඒකේ වැටෙනවා. ඒකත් නැති කරන විදිය මම ඉදිරි ලිපියක ලියන්නම්කො. 
 E153U Dongle එකට අදාල firmware එක මෙතැනින් ලබා ගන්න 7.44 MB

 හොදා මම අර උඩින්ම කියල තිබ්බ ටික කරා නම් දැන් අපි Update කරන්න පටන් ගමු. බැරි වෙලාවත් ඔයාගේ Dongle එක E153U වර්ගයේ එකක් නෙමේ නම් ඒ වර්ගයට අදාල firmware එක Google වල Search කරලා  බාගෙනම වැඩේ පටන් ගන්න. මහ දෙයක් නැහැ. අදාල File එක හරියට Setup File එකක් වගේමයි.
නමුත් මේක Run කරන කොට Windows 7 භාවිතා කරන කෙනෙක් නම් Right Click කරලා Run Administrator ලබා දෙන්න.

 ඊට පස්සේ සාමානය Wizard එකක් වගේම තමා ඉස්සරහට යන්න.





 වඩාත් පැහැදිලි වෙන්න මේ Video එක බලන්න 



බැරිවෙලාවත් Error එකක් එහෙම ආවොත් Computer එක Restart කරලා ආපහු වැඩේ පටන් ගන්න ඉස්සරහට යනකොට ඉල්ලයි එක තැනකදී Password කියලා ඉල්ලයි අන්න එතැනට ඔයා කල්තියාම සොයා ගත්තු ඔයාගේ dongle එකේ IMEI අංකයට අදාල Flash Code එක ලබාදෙන්න. දැන් ඔතැන ඉදන් විනාඩියක් විතර යයි. ටික වෙලාවකින් ඔයාට Unlock වෙච්ච Dongle එකක් හම්බවෙයි.



!!! මෙ වැඩෙ ටිකක් විතර අවදානමක් තියෙනව. ඒ නිසා හොද අවදානයක් මේ සදහා ලබා දෙන්න. Unlock කිරීමෙන් අදාල Dongle එකේ Warranty නැති වෙනවා !!!

ඉතින් මම හිතනවා කාලෙකින් මම ලියපු හොද ලිපියක් කියලා. මා දන්නා හැම තොරතුරක්ම වගේ මෙතැනදී මම ලියල තියෙනවා. ඒ වගේම තමයි මම මේ ලිපිය ඔහේ ලියන්නම් වගේ ලිව්වේ නැහැ. සමහර තොරතුරු web site වලට හිහින් හොයා ගත්තු ඒවා. ඒ නිසා මේ ලිපිය මට හදන්න පැය 4 කට වඩා ගත උනා. මම හිතනවා Dongle Unlock කිරීම ගැන ලියපු හොදම ලිපිය කියලා. ඔයාලත් එහෙම හිතනවානම් දාන්න පොඩි Comment එකක් මාව දිරි ගන්වන්නත් එක්ක. තව දෙයක් මීට වඩා හොද ක්‍රමයක් වෙනස් ක්‍රමයක්  ඔයා දන්නවනම් මට කියන්න. ඔයා කැමතිනම් විතරයි.

Thursday, March 29, 2012

Bluetooth මගින් තවත් දුරකතනයක් Hack කිරීම


සිරාම ආතල් එකක් ගන්න පුලුවන් මැක්සා වැඩක් තමයි මම අද ඔයාලට අරගෙන අවේ. හැක් කරන්න ඉතින් ගොඩක් කස්ටිය හරිම ආසයිනේ. ඉතින් මම දන්නව අපේ යාලුවොනම් ඉතින් මේවා කරන්නේ ජොලොයටනේ. හොදයි.  බ්ලූ ටූත් හරහා තවත් දුරකතනයක ට ඇතුලුවෙන්න පුලුවන් පුංචි 5හේ ඇප්ලිකේශන් එකක් මට හම්බුනා. මාර ෆන් මචාලා. . . සමහර අයනම් මේ ගැන දන්නවත් ඇති. ඉතින් මෙක හරියන්නේ ඔයාලගේ ජංගම දුරකතනයට විතරයි. නතුව කොම්. එකට දාල වැඩ කරන්නේ නැහැ කියල මට කියන්න එපා

මෙතනින් බාගන්න

Wednesday, March 14, 2012

Sony Ericsson දුරකතන වල සැගවුනු Folders බලාගමු

ඉතින් යාලුවනේ අද මම ගෙනාවා ඔයාලට මැක්සා වැඩක්. මේ යටතේ මම ඉදිරියේදී ලිපි පෙලක් ඔයාලට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මාතෘකාවෙන්ම තේරෙනව ඇතිනේ මේ වැඩේ මොකක්ද කියලා. ඇත්තටම මම ඔයාලට කියල දෙන්න යන්නේ කොහොමද ඔයාගේ ජංගම දුරකතනයේ අන්තර්ගත මෙහෙයුම් පද්දතියට අදාල සියලුම ගොනු/ෆයිල් දැක බලා ගන්නා ආකාරය.ඔයාල හොදටම දන්නවනේ ඔයාලගෙ ජංගම දුරකතනය පරිගනකයට සම්භන්ද කල විට පෙන්නන ෆයිල් සහ ෆොල්ඩර්. ඉතින් ඒවා ගැන නෙමේ මම කියන්නේ. මම කියන ෆයිල් ඔයාලට එච්චර ලෙසියෙන් දැක බලා ගන්න බැහැ. ඒවට විවිද ක්‍රම තියෙනව. ඉතින් මෙක දැනගත්තම මොකක්ද ඔයාලට තියෙන ප්‍රයොජන.
  1. ඔයාලට ඔයාලගේ දුරකතනය කැමති විදියකට වෙනස් කර ගන්න පුලුවන්.
  2. ආයෙ ඉතින් සොෆ්ට්වෙයා යන සීන් වලට පොඩ්ඩක් වත් බය වෙන්න එපා.ඒව දාන එක සිම්පල්.
  3. අන්ලොක් කරන්නත් පුලුවන් වෙනව(Flash)
  4. ඔයාගෙ දුරකතනයේ තියෙන වැඩ කැලි තව වැඩිකරගන්න පුලුවන් වෙනවා.
  5. ඔයාට කැමති විදියට දුරකතනයේ අකුරු රටාව වෙනස් කරගන්නත් පුලුවන්.
ඉතින් මම හිතනවා මේ ලිපිය ඔයාලට ගොඩාක් වැදගත් කියල. ඉතින් මේවැඩේට මොනාද ඔනා කරන්නේ.
  • ඔයාගේ පැත්තෙන්.
ඔයා බොහොම ඉවසිල්ලෙන් කටයුතු කරන්න ඔනේ. කලබලේට උඩින් පල්ලෙන් මේ දාල තියෙන පොස්ට් කියවලා ගිගින් මගදි ඇන ගත්තොත් ඉතින් ඔන්න මං නැහැ.

ඔයා පරිගනකයට තවමත් ආදුනිකද?. මෙන්න වැන්ද දැන්ම මේ වැඩේ අත අරින්න පුතො!.

ඔයා අවදානම් ගන්න ඔනෙ. නැතුව මේක ඉගෙන ගන්න බැහැ. ඉතින් ඔයා අවදානමක් ගන්න බැරිනම් මට මුකුත් කියන්න එපා. එක ඔයාගෙ කැමැත්ත. මේ වැඩේ නොකර ඉන්න.

  • ඔයා භාවිතා කරන දුරකතනය හා අනිකුත් මෘදුකාංග.
චීනයේ නිශ්පාදිත දුරකතන තියෙන අයට මේ වැඩේ කරන්න බැහැ.

මම මෙතනදී යොදා ගත්තේ Sony Ericsson මාදිලියේ ජංගම දුරකතන. Nokia,Samsung,LG වලට කොහොම සෙට් වෙයිද කියල කියන්න බැහැ.

Download This Software

Far Manager with sefp
USB Flash Driver

Other

DC 60 Sony Ericsson Data cable 


තව ඔය ටච් ෆොන් වලට මේ වැඩේ සෙට් වෙයිද කියන්න  බැහැ.
  • මගෙ පැත්තෙන්.
මගෙන් ඔයාලට ලැබෙන්නේ පොඩි මග පෙන්වීමක් පමනයි. මේ පොඩි දේ ඉගෙන ගෙන ඔයා අහස අල්ලන්න එහෙම යන්න එපා. ඔයා තව තව දේවල් අන්තර්ජාලයෙන් සොයන්න. පුලුවන්නම් ඒව අප අතරේ බෙදන්න ඔයාට පුලුවන්. ඔයාට මම නැවතත් අවදාරනය කරන්නේ මේකෙ යම් අවදානම්ක් තියෙනවා.ඒ නිසා ඔයාලගෙ අතින් සිදුවන වැරදි අඩුපාඩු හො, මේ මම දක්වා ඇති තොරතුරු වලට පිටින් ගිහින් වැඩ වරද්ද ගත්තොත් ඉතින් මට වගකියන්න බැහැ. ඒ වගේමය් මුලු ක්‍රියාවලියේ අවසන් වන තුරු පරිගනකය එක දිගට ක්‍රියාකරිත්වයක තබා ගත යුතුයි.අබලන් හා ඉතා මන්දගාමී පරිගනක, Virus ඇති පරිගනක මේ ක්‍රියාවලිය යම් අවදානමකට ගෙනයන වග හොදින් මතක තියා ගන්න.

අපි එහෙනම් පටන් ගමු

ඉතින් මම හිතනවා ඔයාල ඔය මම උඩින් දාල තියන සොෆ්ට්2 බාගන්න ඇති කියලා. මේ වැඩේට මම යොදා ගන්නේ Sony Ericsson C902

  
ඉහත සොෆ්ට්.වෙ ටික ඔය විදියට ගන්න බැරි උනොත් Google වලට ගිහින් හොයල බලන්න.  FarManager මෘදුකාංගය බාද්දී SEFP කියන ප්ලගින් එක තියෙන එකක් ගන්න.

මුලින්ම ඔයා කරන්න ඔනෙ ඔයගෙ ෆොන් එක ඔෆ් කරන්න. මෙමරි කාඩ්, සිම් එහෙම තියෙනවනම් ගලවල දාන්න. ආපහු බැටරිය ෆොන් එකට දාන්න හැබැයි ඔන් කරන්න එපා. 

සාමාන්යෙන් Sony Ericsson මාදිලියේ දුරකතනවල කී පැඩ් එකේ තියෙනවා "C" නමින් බොත්තමක්. අපි Massage ලියන කොට අකුරු මකන්න යොදා ගන්නේ මේ බොත්තම තමයි.පහත ඇත්තේ Sony ericsson C902 ෆොන් එකට අදාල KeyPad එකයි.හොදින් පරික්ෂා කරල බලන්න ඔයාලගෙ Sony ericsson එකෙත් එහෙම තියෙනවද කියල.
ඉතින් මම හිතනව ඔයාල හොයා ගත්තා කියලා. හොදයි දැන් ඉතින් තියෙන්නේ ඔය බොත්තම ඔබා ගෙන ෆොන් එකේ ඩේටා කේබල් (DC 60) එක සම්බන්ද කිරීමයි.
 මතක තියා ගන්න "C" බොත්තම අත අරින්න එපා. එතකොට අලුත් Device එකක් ඔයාලගේ පරිගනකය විසින් හදුනා ගන්නවා.

එතනදී ඔයාල අර බාපු  එක USB Flash Driver එක මෙතෙන්ට ලබා දෙන්න ඔනේ. මෙක ඉතා සරල ක්‍රියා වලියක් බැවි මම ඉතා සංශිප්තව කරුනු දක්වන්නේ. ඔබට මේ පිලිබදව ගැටලුවක් ඇත්නම් ප්‍රවීනයෙක්ගෙන් සහය ගන්න.

ඉතින් ඔය මම ඉහත කී ක්‍රියාවලිය නිසියාකාරව සිදු නොවේ නම් ඔයා භාවිතා කරන ඩේටා කේබල් එකේ හො, පරිගනකයේ USB Port එකේ හරි ඔයා ගේ අතින් සුලු අතපසු වීමක් හො වෙන්න පුලුවන්. නැවත හොදින් පරික්ෂා කරන්න.කොහොම හරි වෙන්න ඔනෙ අවසානයේ ඔයා එක පරිගනකයට ස්තාපිත කිරීමයි. සියල්ල අවසානයේ ඩේටා කේබල් එකෙන් ෆොන් එක ගලවන්න.

දැන් ඔයා Far Manager මෘදුකාංගය ක්‍රියාත්මක කරවන්න. ඉන්පසු ALT+F2 හො F11 මගින් පහත ආකාරයට මෙනු එකක් කරගන්න.

එහි ඔයාලට දැකගන්න පුලුවන් වෙයි SEFP නමින් තොරාගත හැකි යමක් ඇති බව. ඔයා ඒක තොරන්න. මතක තියා ගන්න ඔයාගේ මෘදුකාංගයේ එහෙම එකක් නැතිනම් ඔයා බාල තියෙන්නේ sefp ප්ලගින් එක නැති FarManager එකක්.

ඔයාල හරියට තේරුවානම් මේ පහල තියෙන ආකරයේ ඔයාට දැකගන්න පුලුවන්.

තේරෙනවනේ කියල තියෙන දේ. ඔයා ෆොන් එක ඔෆ් කරලා "C" බොත්තම ඔබාගෙන ඩේට කේබල් එක නැවත වරක් සම්බන්ද කරන්න

එවිට ටික වෙලාවකින් ලොඩ් වෙයි ඔයාගේ සැගවුන ෆයිල් සියල්ල.
ඉතින් ඔන්න මම ඔයාලට මේ ලිපියෙන් මම කියා දුන්නේ දුරකතනයේ සිස්ටම් ෆයිල් බලා ගන්න ආකාරය. මීට පසුව ගෙන එන ලිපි වලින් මම කියා දෙන්නම් කොහොමද මේ ෆයිල් පරිගනකයට කොපි කර ගන්නේ හා මොඩ් පැක් භාවිතා කරල දුරකතනය වෙනස් කර ගන්නා ආකාරය.

ලගදීම ඔබ වෙත

ඔබේ අදහස් මා දිරිමත් කරනා වග ඔබ දන්නවාද?දාන්න පුංචි කොමින්ටුවක්.

Sunday, December 18, 2011

යන එන ගමන් බිමන් වලදී ඔයාගේ ජංගම දුරකතනය සිතියමකට පරිවර්තනය කරගන්නා හැටි



අප අතර නිතර ගැවෙසෙන ජංගම දුරකතනය ලොව තිබෙන ප්රබල සිතියමක් බවට සැනින් පත්කරගත හැකි බව ඔබ දන්නවාද. සැබවින්ම එය අපූරු අත්දැකීමක් වනු නිසැකයි.
මේ සදහා මිල අදික ජංගම දුරකතනයක් අවශ් වෙන්නෙ නැ.සාමාන් එකක් හොදටෝම ප්රමානවත්. එය පහත අවශ් තා සපුරා තිබීම පමනයි අවශ්.
  • භාවිත ජංගම දුරකතනයේ GPRS හෝ 3G පහසුකම තිබිය යුතු අතර එය Active තත්වයේ තිබිය යුතුයි. එසේ නොමැතිනම් පාරිභෝගික ඇමතුම් ජාලය හා සම්භන්ද වෙලා GPRS Setting ඉල්ලගන්න ඔනේ.
  • භාවිත දුරකතනය Java ඇප්ලිකේශන් මෙහෙය වීමට හැකියාවක් තිබිය යුතුයි. මෙවැනි හැකියාවක් ඇති දුරකතන වලට අන්තර්ජාලය ඔස්සේ විවිද ක්රීඩා ඇතුලු කල හැකි වනු ඇත.නමුත් චීනයේ නිශ්පාදිත දුරකතන වල මෙය කල නොහැකි නම් විතරක් දැන්ම මෙම අත්හදා බැලීමෙන් බැහැරවන්න.( ඇතැම් චීනයේ නිශ්පාදිත නව දුරකතන මෙම ඇප්ස් රන් කල හැක)
  • Google Map ඇප්ලිකේශන් එක ඔයාගේ දුරකතනයට ස්ථාපිත කොට තිබිය යුතුය. මෙහිදී ඔයාට පරිගනකයෙන් හෝ කෙලින්ම දුරකතනය ඔස්සේ වුවද ස්තාවනය කරගත ගැක. www.getjar.com හෝ www.mobile9.com යන වෙබ් අඩවි 2න් කැමති එකකට ගිහින් බාගත කර ගන්න.
 වැඩි විස්තර මෙතැනින් http://www.google.com/mobile/maps/

මෙම සිතියමෙන් ගත හැකි ප්‍රොයෝජන
    1. හිතන්න ඔයාට ඔයා ඉන්න තැන මොකක්ද කියල ආසන්න වශයෙන් හොයන්න ඔනෙ කියල එහෙනම් 0 බොත්තම  මෙම ඇප් එක ක්රියාත්මක කර ඔබන්න. නිල්පාට රව්මකින් ඔයා ඉන්නා ප්රදේශය ගැන ඔයාට අවබෝදයක් ගන්න පුලුවන්.
    2. චන්ද්රිකා ඡායා රූප ඔස්සේ සිතියම් නිරීක්ශනය කිරීමේ හැකියාවක්ද මේ සතුව පවතිනවා. කියන්නේ ඔයාලගෙ  නිවස පාසල  ඉහල අහසේ සිට නිරීක්ශනය කිරීමේ හැකියාවක් ලැබෙනවා.
    3. හිතන්න ඔයා නොදන්න පැත්තකට චාරිකාවක් යන්න හදනවා කියල. ඔයා ඉන්න තැනයි, යා යුතු තැනයි ලබා දුන් සැනින් ඔයාට එම ස්තානයට යා හැකි කෙටිම මාර්ගය පෙන්වනවා. එයත් අදියර තුනක් යටතේ ඔයාලට ක්රියාත්මක කරන්න පුලුවන්. ඔයා පයින්ම යනවානම් යාමට සුදුසු මාර්ගය, ඔයා වාහනයකින් යනවානම් සුදුසු කුමන මාර්ගයද යන්න මෙමගින් සොයාගත හැක.
    4. ඔයා යම් කිසි ගමනක් යන්නේනම් ගමන සදහා ඇති මුලු දුර ප්රමානය හා ගමනට ගතවන කාලය ආසන්න වශයෙන් මෙයින් සෙවිය හැක. එනිසා කාලය කලමනා කරගත හැක.
    5. ඉතා නිවැරදි සිතියම් බැවින් ගමනකදී ඔබට හමුවන පන්සල්, ගුවන් පාලම්, රෝහල්,පාසැල්,ගංගා ආදී බොහෝ දෑ මෙමගින් සොයා ගත හැක.
ඉතින් වරක් මෙම සිතියම ඔයා භාවිතා කලොත් ඔයා කවදාවත් මෙය ප්රතික්ශේප කරන්නේ නැහැ. මෙම ලිපිය ලියපු මමත් අදටත් මෙම සේවයෙන් උපරිම ප්‍රොයෝජන ගන්නවා.

Sunday, December 4, 2011


ජංගම දුරකතනයකින් සිංහල වෙබ් පිටු අතර සැරිසරමු.

තමන්ගෙම මව් බසින් අන්තර්ජාලය පමනක් නොව පරිගනකය පවා පරිහරනය කල හැකිනම් කොතරම් පහසුවක්ද. කඩ්ඩෙන් දෙක තුන දුන්නත් අනේ! බොක්කට හොදට වදින්නේ සිංහලනෙ. මටත් මෙ ගැටලුව ගොඩ කාලෙක ඉදන් තියෙන්නේ. ඉතින් මම මේ ගැන ටිකක් බැහැල හොයද්දී තමා මේක දැක්කේ.
සිංහ UNICODE සහිත වෙබ් අඩවියකට ඔයා ඇතුලු උනොත් පහසුවෙන්ම සිංහල අකුරු දැක බලා ගැනීමට පුලුවන්. ඉස්පිලි පාපිලි නම් ටිකක් මොංගල් විදියට පෙනුනත් කියවන්න නම් පුලුවන්.
මෙකට ඉතින් ඉස්සෙල්ලම කරන්න ඔනේ Opera mini Mobile Application එක ඔයාගෙ Phone එකට Install කර ගන්න. මෙක Web Browser එකක්. www.operamini.com වෙබ් අඩවියෙන් බාගත කර ගන්න.




ඉහත පෙනෙනුයේ මගෙ දුරකතනයට Install කරල තියෙන Opera mini App එක.
මෙහි Address Bar එක තුල " config: " යනුවෙන් type කරන්න.


ඊට පස්සේ ඔන්න ඔය පහල තියෙන විදියට ඔයාලට දැක ගන්න පුලුවන්. එම පිටුවේ පහලටම යන විට Use bitmap font complex scripts යනුවෙන් සදහන් ඇති තැනක් හමුවේ. එහි ඉස්සරහ " No " යනුවෙන් සදහන්ව ඇත. එයට " Yes " යනුවෙන් ලභාදෙන්න. ඉන්පසුව පහල වම් පැත්තේ තියේවි Save යනුවෙන් බොත්තමක්. එය ක්රියත්මක කරන්න


 දැන් Back යන්න. බලන්න සිංහල වෙබ් පිටුවකට ගිහින්. ඔන්න ඉතින් මාත් ඉස්සෙල්ලාම
මගෙ Blog අඩවියට ඇතුලු උනා. ඔය පහල තියෙන්නේ අපූරුවට. ඉතින් යද්දී Comment එකකුත් දාගෙනම යන්න. ඒක මට සෑහෙන්න වටිනවා.