මේ වැඩිකාලයක් නෙමේ මගේ යාලුවෙක් පිටකොටුවෙන් Galaxy SIII එකක් අරන් ආව. මූට නම් මාර හැපී. ඇයි බන් SIII එකක් මූ අරගෙන තියෙන්නේ පෙට්ටි පිටින් 29 කට. මමත් හොල්මන්. එත් අතට අරන් ටිකක් ඔබල බැලුවම තෙරුනා මේක නම් ආතල් එකට ගහපු Chinis එකක් කියල.
මම ඉතින් ලේසියෙන් කොල්ලොන්ගේ මොරාල් එක කඩන එකෙක් නෙමේ. මට මොකෝ උට හොද නම්. මමත් ඉතින් බම්ප් එකක් දාල ෆට්ට කිව්ව. නැත්තන් ඌ හිතයි චින්තකය මහ ඉරිසියාකාරය කියල. මම දන්නෙ නැද්ද අපේ එව්න්ගෙ හැටි. හොදා මම අද ඔයාලට කියල දෙන්න යන්නේ මේ Phone එකක IME Code එකකින් කොහොමද එහි ගුනාත්මක භාවය තීරනය කරන්නේ කියලා.ඒ කියන්නේ එක Chines ද නැද්ද කියන එක.
ඇත්තටම ලෝකේ ඕනම නිශ්පාදනයකටම කාන්ඩ අංකයක් දීල තියෙනව. මම මේ කතාකරන්නේ ගමේ හදන ඉදිආප්ප මුල් ගැන නෙමේ හොදේ. ඉතින් මේ කාන්ඩ අංක, ඇග කහනවට දාපුව නෙමේ. හැම අංකයකටම හේතුවක් තියෙනව. අපි මේ ජංගම දුරකතන වල ගුනාත්මක භාවය හොයන්න යන්නේත් මේ කාන්ඩ අංක වල පිහිටෙන්. සාමන්යෙන් දුරකතනයක IMIE code එක ගත්තම අංක 15 කින් තමා හැදිල තියෙන්නේ.
1) Product code
2) Revision of Material
3) Code Type
4) IMEI
5) Date of Production
6) Location of P roduction
IMEI අංකය හොයා ගන්න පුලුවන් ක්‍රම දෙකක් තියෙනවා. පලමු ක්‍රමය තමයි බැටරිය ගලවල IMEI අංකය ලබා හැනීම,. ඒක කරදරයක් වගේ නම් *#06# Dial කරන්න
සාමන්යෙන් IMEI Code එකක් මේ වගේ කියල හිතමුකො
XXXXXXXXXXXXXXX
දැන් ඒකත් පහත ආකාරයට Grape කරන්න පුලුවන්
XX - XXXX - XX - XXXXXX - X 1 .......... 2 ....... 3 ........... 4 ....... 5
1 = No manufacturer
2 = Phone Type
3 = assembly code
4 = Serial No.
5 = Spare
මේ අංක වල 7 වන සහ 8 වන අංක වලින් කියවෙන්නේ දුරකතනය නිශ්පාදය කල රට හෝ Factory Original ද යන්න වග.
ඔයාගේ අංකයත් අරගෙන පහත ප්‍රමිතින්ගෙන් යුක්තයි නේද කියල බලන්න
00 නම් Factory Original හොදම බඩු ආයේ කතා දෙකක් නැහෑ
…01/10/07/70/19/91 Finland වඩා හොදයී
…02/20 නම් UAE ගුනාත්මක බවෙන් අඩුයි. චාටර්
…13 නම් භාවිතයට නුසුදුසුයි. පට්ට චාටර්
…03/30 නම් Korea සාමාන්‍ය හොදයි. අව්ලක් නෑ
…04/40 නම් China සාමාන්‍ය හොදයි.
…05/50 නම් Brazil,USA,Finland හොදයි (මන්ත්‍රී හොදයි ඇමති හොදායි :P)
06/60 නම් China, Mexico සාමාන්‍ය හොදයි.
…08/80 නම් Germany සාමාන්‍ය හොදයි.
මේ ක්‍රමය සෑම විටකම නිවැරදි නොවෙන්නත් පුලුවන්.
meka hari nehe machan
ReplyDelete
Delete"මේ ක්‍රමය සෑම විටකම නිවැරදි නොවෙන්නත් පුලුවන්.". මට හරි ගියා. මගේ යාලුවන් බොහෝදෙනෙක්ටත් හරි ගියා.