Thursday, September 27, 2012

Torrent හි බලය IDM එකට පවරමුද.


පේ කස්ටිය ඉතින් film බාන්න, ලොකු ලොකු Software බාන්න හොයා ගන්න අපහසු files බාගන්න බහුලව භාවිතා කරන්නෙ ඉතින් torrent නෙ. torrent හොදා, නමුති ඉතින් ඔකෙ ඉන්න Trackers ලයි seeds ලයි එක්ක හැප්පෙන්න ගියාම file එක භාගන්න කාලේ හරියට කියන්න සක්කරයට වත් බැහැ. ඒක නිසා තමා මම මේ ලිපිය දාන්න හිතුවෙ. අපි හැමෝම දන්නා අදුනන IDM නැත්නම් Internet Downloader Manager මෘදුකාංගය භාවිතා කරල torrent භා ගන්න පුලුවන් කියල ඔයාල ජීවිතේටවත් හිතුවද ? ? .. එහෙම ක්‍රමයක් තියෙනව..

හොදා අපි බලමු මේක කරන්නෙ කොහොමද කියලා.
…ඉස්සෙල්ලාම ඔයාල ඔයාලට ඔන torrent file එක download කර ගන්න. ඔක download කරගන්න ඉතින් IDM ඔනෙ නැහැනේ.



ඔය මම උඩින් දාල තියෙන්නේ මම torrent file එක download කරපු පියවරවල් ටික. දන්නෙම නැති කෙනෙක්ට උනත් තෙරුම් ගන්න එක්ක.


ඉතින් මම file එක හොයා ගන්න ලේසි වෙන්නත් එක්ක desktop එකටම copy කරා. හොදා දැන් ඔයාල http://zbigz.com/  කියන වෙබ් අඩවියට ගිහින් අලුත් account එකක් හදා ගන්න. ඔය මම කහ පාටින් කොටු කරලා තියෙන්නේ. අන්න එතැනින්. ඊට පස්සෙ මම ඔය රතුපාටින් ඊතලයක් දාලා තියෙන තැනින් ඔයාලගෙ torrent file එක browse කරල දෙන්න.

කොහොමත් මෙතැනින් එහාට මහා වැඩක් නැහැ. ටිකක් වෙලා ඔනෙ නම් බලන් ඉන්න වෙවි අදාල file එක cach කරනකන්. ඊට පස්සේ කෙලින්ම download කරන link එක directly දෙනව. IDM එක install කරල තිබ්බොත් ගිනි කසය වගේ භාගන්න පුලුවන්, අයේ ලොවෙත් නැ කියල .. :))

තාම Windows 7 න් Genuine කලේ නැද්ද

අපේ මචන්ලා 90% ක් ම වගේ පාවිචි කරන්නේ හොර windows කොපිනේ.. XP නම් ඉතින් වැඩියෙ කරදරයක් නැති උනාට Windows 7 නම් හරිම දගයි. හෙන ගේමක් දෙන්න ඔනෙ Active කර ගන්න. ඉතින් මමත් windows 7 Genuine කර ගන්න ක්‍රම හොයද්දි තමා පුන්චි පහේ software එකක් හම්බුනේ. සමහර විට ඔයාලත් දැකල ඇති. ඔය පහලින් දාල තියෙන්නේ එකේ Image එකක්. ඔනෙනම් Download කරගන්න. ඔතන මම link එක දැම්ම.

 මෙතනින් ගන්න : http://www.mediafire.com/?63yca5rqpwyu76y

ඉතින් මම ඔකෙන් Desktop PC ගොඩක් Genuine කලා. ඉතින් මමත් හිතුව සෙවන් genuine කරන්න මීට වඩා ජගතෙක් නැ කියල. නමුත් මම වැරදියි. දවසක් ලැපක් උස්සන් ආපු මල්ලි කෙනෙක්ක්ට සෙවන් genuine කරන්න මේකට බැරි උනා. බැරිම තැන මම නෙට් එක පීරල පීරල භාන්ඩෙ හොයා ගත්තා. මම කියන්නෙ නැහැ ඔයාලට මේක download කරන්න කියල.  නමුත් windows 7 genuine කරගන්න තාමත් බැරුව desktop එක කලුකරගෙන ඉන්න අපේ මචන්ලා මේක try කරල බලන්න. මම මේව virus click කරල තමා Upload කරන්නේ. ඒ නිසා පොඩ්ඩක් වත් බය වෙන්න එපා. ප්‍රශ්නයක් උනොත් මට කියන්න. මම දුරකතනයෙන් උනත් ඔන කෙනෙකුට උපදෙස් දෙන්න සූදානම්.

මචන්ලා මතක ඇතුව comment එකක් දා ගෙන යන්න. අව්ලක් ගියොත් ලියන්න.