Showing posts with label Software. Show all posts
Showing posts with label Software. Show all posts

Saturday, March 1, 2014

maths සිංහලෙන්

කොහොමද යාලුවනේ  ඔන්න අයෙත් අලුත් පොස්ට් එකකක් අරගෙන අවා .අපේ චින්තයියා මට සෙට් උනේ programing ඉගෙන ගන්න තිබුන කුතුහලේ  ප්‍රතිපලයක් විදිහට . ඉතින් ඒ දවස්වල vb 6 වලින්  මම පොඩි පොඩි  softwear කැලි  ටිකක් හැදුවා . ඒ ඉතින් මගේ  subject  එකට අදාලව    ඉතින් ඒ ටික මම අද ඔයාලට දෙන්න හිතුවා . ගණිතය සම්බන්දව පොඩි පොඩි ( සිංහල ) softwear  කැලි  ටිකක් තමා මෙතන තියෙන්නේ එහෙනම් මෙතනින් එක බා ගෙන බලන්නකෝ ........

Monday, February 10, 2014

Folder එකේ Background එක මාරු කරන්න කියාපු බඩුව


අද අපි කතාකරන්න යන්නේ ලංකාවේ කෙනෙක් අතින් නිර්මාණය වු ඉතාමත් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් ගැනයි.   එය නමින් 7Folder  Background Changer|Ultimate.මේ නම දුටු සැනින් ඔබට මෙහි ක්‍රියාකාරීත්වය පිළිබදව අවබෝධයක් ලැබෙනු නොඅනුමානයි.ඇත්තෙන්ම මෙය නිර්මාණය කරලා තියෙන්නේ Windows7 මෙහෙයුම් පද්ධතිය ඉලක්ක කරගෙනයි.Windows7 මෙහෙයුම් පද්ධතිය භාවිතයට ගැනෙන ඕනෑම පරිගණකයක් තුළ නිර්මාණය කළ Folder වල අලංකාරය තව තවත් ඉහළ නංවා ගැනීමට මෙමගින් අපට අවස්ථාව හිමිවෙනවා. ඇත්තෙන්ම මේ කාරණයට අදාළව කොතෙකුත් මෘදුකාංග නිර්මාණය කර තිබුනත් ඒවායේ යම් යම් ගැටලුකාරී තත්වයන් දක්නට ලැබෙනවා.නමුත් මේ මෘදුකාංගය නිර්මාණය කිරීමේදී ඒ කරුණු ගැන ඉතා හොද අධ්‍යනයකින් පසුවයි නිර්මාණය කරලා තියෙන්නේ.  




ඉහත පින්තූරය මගින් ඔබට දකින්න පුළුවන් එහි වූ සරළ අතුරු මුහුණත. එමගින් ඉතාම කෙටි කාලයකින් ඔබට අවශ්‍ය කරන Folder වල පසුබිමට පින්තුරයක් එක් කිරීමට,අකුරු සදහා වර්ණයන් එක කිරීමට සහ Folder තුළ ඇති Folderසදහාත් එම වෙනස්කම් සමාන ලෙස දැක්වීමට පුළුවන්.
මම හිතනවා ඔයාලට මේ මෘදුකාංගය ගැන හොද අවබෝදයක් ලැබෙන්න ඇති කියලම.මම මේ ගැන දීර්ග හැදින්වීමක් නොකලේ මෙය ඕනෑම අයෙකුට තේරුම් ගෙන වැඩ කටයුතු කරගත හැකි ලෙස නර්මාණය කර ඇති නිසා.


(System Requirement)                                                                                                                                 
පද්ධති අවශ්‍යතා :
*System –   Vista/7/8                                                                                                                        *Processor- 1.5 GHz P4 
 *RAM      MIN (256MB) MAX (512MB)                                                                                     *.Net Framework – 3.5 or Highter
                                             File Size : 512 KB
https://dl.dropbox.com/s/6cjo86xzg8xxaac/7FBCU.zip

ඉතින් ඔයාලටත් පුලුවන් මේ ලාංකීය මෘදුකාංගය ඔයාලගේ Computer එකටත් දා ගන්න. මේකේ Size එක වෙන්නේ 512KB වගේ ප්‍රමානයක්. ඉතින් මේක නිර්මානය කරපු සුපුන් දිල්ශාන් ගමගේ  මිතුරාට අපේ ස්තූතිය පුද කරමු.  


Thursday, February 6, 2014

avast! PREMIER 2014 හැම දාටම තියාගන්න



හැම දාටම තියා ගන්න කිව්වට මට නම් කරදරයක් නැතුව මාස 6 ක් වැඩ කලත් ඇති. මොකද මම මාස 6න් 6ට Windows දානව .. ඒ මොකද කියල කියන්නේ නෑ.. ඒක රහසක්. ඇත්තටම මම දැන් ඉස්සර වගේ Software Pach කරන හැටි සහ Crack කරන හැටි තියෙන පෝස්ට් දාන්න පොදුවේ අකමැතියි. නමුත් Virus වලින් ඔයාලව බේරගන්න පුලුවන්නම් ඒක ගොඩක් වටිනව කියල හිතෙනව.

avast ගැන කියා දෙන්න නම් නමේ යන්නේ.. avast ගැන නොදන්න අය නෑ.. ඒ අනෙකුත් Virus Guard වලට වඩා බොහෝ දෙනෙකුගේ විශ්වාසය දිනා ගෙන සිටින නිසා. මෙයාල 2014 වසරේ මුලදීම එයාලගේ නවතම avast 9 (2014) සංස්කරනය නිකුත් කලා. එකක් නෙමේ වර්ග 3ක් එයාල Users ල සදහා නිකුත් කලා..

පහලින් මම දාල තියෙන්නේ එයාලගේ නවතම සංස්කරන ටික 



ඉතින් මේක බැලුව ඕන කෙනෙක්ට තේරෙනව avast VG එකෙත් මොඩල් 3ක් තියෙන බව සහ ඉන් හොදම එක avast Premier බව.. නමුත් avast Premier , Avast Free වගේ නිකන් නම් දෙන්නේ නෑ.. මෙක තනි පරිගනකයකට මිලදී ගන්නවනම් $39.99 ක් වෙනව..

ඉතින් මම ඔයාලට කියල දෙන්නම් මේ avast Premier 2014 සදාකාලික කරගන්න හැටි.  මෙතනදි අපි ඉස්සෙල්ලාම Virus Guard එක Download කරගන්න එපැයි. අපි Download කරගන්නේ ඔය එක එක අහවල් Web Site වලින් නෙමේ.. කෙලින්ම avast නිල වෙබ් අඩවියෙන් පට්ට Original Software එක තමා Download කරන්නේ.. ඒක මම හිතනව ඔයාලගේ හිතටත් හොදයි කියල.. ඊලගට මම ඔයාලට මේ පහල දාල තියෙන Video එකේ විදියට වැඩේ කරගෙන යන්න.. මේ Guard එක සුපිරියට වැඩකරයි. කිසි කරදරයක් නෑ..

>> මෙතනදි මම භාවිතා කරන තියරිය ඔයාලට පැහැදිලි කරන්නම් ඊලගට Video එක බැලුවම තවත් ඔයාලට පැහැදිලි වෙයි. 
ඉස්සර වගේ නෙමේ දැන් Virus Guard එක Internet තියෙන කොට Avast server එකත් සමග Data Communicate කරනව.. ඔය නිසා තමයි අපි මොන සෙල්ලම් දාල Key දුන්නත් සුලු මොහොතකින් මේ Virus Guard එක හොරට Activate කලා කියල අල්ලන්නේ.. නවතම Virus Guard එකේ මේ තියරිය සැරටම තියෙනව.. මේක නවත්තන්නේ කොහොමද.. හ්ම් ඒවට තමයි Firewall කියල එකක් තියෙන්නේ.. මම Firewall එකෙන් avast Software එකේ Outer Communication නැත්තන් Internet හරහා, භාහිරත් සමග කරන ගනුදෙනු Block කරනව.. හි හී..(lol) දැන් ඉතින් කැලේ මැදට ගිහින් අත ඇරිය වගේ තමයි.. ආයේ ජීවිතේට හොයන්න බෑ එයාලට අපි හැන. මේක Hostfile හරහා Block කරනවට වඩා සාර්තකයි. 

>> ඊලගට මම මේක Crack කරන්නයි යන්නේ.. මේ Crack එක Virus එකක් නම් නෙමේ.. මේකෙන් කරන්නේ මොනා හරි සෙල්ලමක් දාල program එකට බලෙන්ම key එකක් ඇතුල් කරන එක.. අවාසනාවට Avast Guard එකේ තියෙනව තාක්ශනයක් Self Defend Module කියල ක්‍රමයක්. හිතන්නකො ඔයා මොකක් හරි virus එකක් හොරෙන් ඉස්සෙල්ලම Virus Guard එකට ගේම දෙන්න හදනව කියල, අපි කියමුකො avast එකේ file Content එක delete කරන්න වගේ හදනව කියල.. avast එකට පුලුවන් මේ හොර වැඩේ හදුන ගන්න.. ඉතින් Crack කරන කොටත් මේ තියරියමයි සිද්ද වෙන්නේ.. ඒ නිසා ලේසියෙන් Guard එක Crack වෙන්නේ නෑ.. ඉතින් මම මොකද කලේ.. crack වෙනකන් තාවකාලිකව මේ Self Defend Option එක Disable කරන එක.ඉතින් Crack කලාට පස්සේ ආයෙත් ඒක Enable කරගන්න..

ඔච්චරයි මෙතන තියෙන සිද්දාන්තය.. පහල Video එක බලන්න. ඔයාට වැඩේ තේරෙයි එලකිරි වගේ.. 

Download Avast Primier 9 (2014)

Download Activator: 




ඉතින් ලිපිය වැදගත් කියල හිතෙනවනම් ප්‍රතිචාරයක් දාන්න

Sunday, December 1, 2013

Schoollk Android App එකක්


ආදරනීය Schoollk මිතුරනි.. ඔන්න ඔයාල Android දුරකතනයක් හෝ Android Tab එකක් පාවිච්චි කරනවද.. එහෙනම් මෙන්න Schoollk App එක ඔයාලගේ උපකරනයට දාගන්න.. අපේ නවතම තාක්ශනික ලිපි මේ App එක ඔස්සේ  ඔයාලට ලබා ගන්න පුලුවන්.



Thursday, October 24, 2013

නොමිලේ ජීවිත කාලයටම ඕනෑම Software එකක් තියා ගමු..


ඉතින් යාලුවනේ ඉදල ඉදල හිතුන හොද ලිපියක් ලියන්න ඕනේ කියල. මේ ලිපිය කියවන ඔයාලට අද ඉදන් සුපිරි හැකියාවක් ලැබෙනව. ඒ තමයි නොමිලේ ලෝකේ තියෙන ඕනෑම Software එකක් භාවිතාකිරීමේ හැකියාවක් ඔයාට ලැබෙනව. මෙතනදි මම ලැබූ අත්දැකීම් තමයි මම ඔයාලට දෙන්නේ.. ඒ වගේම තමයි මීට වඩා හොද ක්‍රම දන්න අයත් ඇති.. ඉතින් ඔය මුකුත්ම දන්නේ නැති අයට නම් මේ ලිපිය ගොඩක්ම වටිනව..

ඔයාල අපි හැමෝම දන්න දෙයක් තමයි පරිගනකයක වැඩ කරන්න නම් Software ඕන වෙනවා.. සිංදුවක් අහන්න Player එකක් ඕන වෙනවා.. එතකොට චිත්‍රයක් අදින්න MS Paint වගේ එකක්,, තව ගත්තොත් අකුරු මොනා හරි type කරගන්න Word Pad වගේ එකක්.. හ්ම්..... හොදයි එත් මේ Windows එක්ක දෙන Application වලට අමතරව, අපිට එහාට ගිය එහෙමත් නැත්තන් සාමාන්‍ය Windows පද්දතියෙන් කරගන්න බැරි කාර්යන් කර ගන්න අපිට අමතර Software's පරිගනකයට ස්තාපිත කර ගන්න වෙනව.. නමුත් Software අපි සල්ලි දීල ගන්න ඕනේ.. එත් මම දන්නේ නැද්ද අපේ අය ගන්න software.. 

ඇයි අපි Software සල්ලි දීල ගන්නේ.

සමහරු හිතන්නේ මේ Software කියන දේවල් ඉබේ අහසින් වැස්සත් එක්ක වැටෙන ඒව කියල.. මතක තියා ගන්න මේ Software නිර්මානය කරන්නෙත් අපි වගේම මිනිස්සු ටිකක්.. එයාලට මේ සදහා මහන්සි වෙන්න වෙනව.. යම් කාලයක් වැය කරන්න වෙනව. සමහර විට එක මෘදුකාංගයක් නිර්මානය කරන්නේ එක්කෙනෙක් දෙන්නෙක් නොවෙන්න පුලුවන්. ඊට වඩා වැඩි පිරිසක් එක්වෙලා හදනව වෙන්න පුලුවන්. ඉතින් එයාලගේ මහන්සියට අපි ගෙවන්න ඔනේ.. ඔන්න ඔය නිසයි මෘදුකාංග නිකන් අපිට දෙන්නේ නැත්තේ..

බොහෝ වෙලාවට මෙහෙම හදන මෘදුකාංග වල අත්හදා බැලීමේ සංස්කරන(Trial) නිකුත් කරනවා. ඒවා බොහෝ වෙලාවට නිශ්චිත කාල සීමාවක් හෝ දින සීමාවක් තුල පමනයි.. ගොඩක් වෙලාවට ස්තාපිත කරල දවස් 15 ක් හෝ 30 ක් තුල පමක් භාවිතා කරන්න දෙන්නේ.. සමහර මෘදුකාංග එහෙම දින ගනනකට යටත් නොකර ලබා දෙන සේවාවන් පමනක් සීමා කරන අවස්තාත් තියෙනව (demo version).. 

නොමිලේ දෙන Software නැද්ද. 

මොකද නැත්තේ.. ඕන තරම් තියෙනව.. මගේ Lion Dictionary එකත් ඒවගේනේ.. අපි මේවට Freeware කියල කියනව.. ඒ නොමිලේ දෙන නිසා.. ගොඩක් වෙලාවට ඉතින් මේ වගේ Software වල පහසුකම් අඩුයි.. අනික මේව නිකන් හදන නිසා Develop වීම ගොඩක් අඩුයි.

කොහොම නමුත් අපි ඉතින් දුප්පත් අයනේ.. අපිට කොහින්ද ඕව ගන්න සල්ලි.. ඒ නිසා ලංකාවේ ගොඩ සල්ලි දීල Software ගන්නේ නැහැ.. ඉතින් ගොඩක් වෙලාවට කරන්නේ හොර පාරෙන් ගිහින් Software ගන්න එකනේ..
…අන්තර්ජාලයෙන් පහසුවෙන් ඕනෑම Software එකක් සොයා ගන්න පුලුවන්.. නමුත් මේ Download කරන Software එක Activate කරගන්න ඕනේ.. නැත්තන් හැමදාටම තියා ගන්න බැරි වෙනව. ඉතින් කරන්න තියෙන හොදම එක තමයි Download කරන කොට Serial Numbers, Crack, Key-gen,Patch සමග Download කරන එක.


ඉතින්න මම ඔයාලව අද මෙහෙය වන්නේ අන්න ඒ විදියට Software එකක් සම්පූර්නයෙන්ම Download කරන්නේ කොහොමද කියන තැනට.. ඒ වගේම විවිද උපක්‍රම යොදාගෙන ඒ Software ජීවිත කාලයටම තියා ගන්නේ කොහොමද කියල කියල දෙන්න.

පුලුවන් තරම් හරි පාරෙන්ම ගන්න බලන්න! 

නිල වෙබ් අඩවියෙන් Download කිරීමේ ක්‍රමය. මෘදුකාංග හොර පාරෙන් ගන්න එක එක්තරා විදියක අවදානම් සහගත වැඩක්.. මේ මෘදුකාංග අපි අදාල සමාගමෙන් ගන්න එකක් නෙමේ.. ඒ නිසා අන්තර්ගතය පිලිබදව ඔයාට 100% ක් විශ්වාස කරන්න පුලුවන්ද.. අන්න ඒ නිසා ඉස්සෙල්ලම බලන්න මේ මෘදුකාංගය ඔයාට අදාල සමාගමේ නිල වෙබ් පිටුවෙන්ම Download කරගන්න පුලුවන්ද කියල. ඊට පස්සේ අදාල Serial No එක පමනක් වෙනමම සොයන්න උත්සහ කරන්න.. දන්නෙම නැතුව ඔයා Original Software එකක හිමිකාරයෙක් වෙනව නේද.. 

මම මේ විදියට Adobe Photoshop Avast වගේ මෘදුකාංග Download කරල තියෙනව .  ඊට පස්සේ කොහොමද Serial එක හොයා ගන්නේ.. මේ සදහා ඔයා ඉස්සෙල්ලම යන්න YouTube වලට. Google වල ගහන්න යන්න එපා අර software එකේ Serial no එක ඔනේ,, මේකෙ ඕනේ කියල. එතකොට ගොඩක් වෙලාවට ඔයා නොමග යන එක විතරය් වෙන්නේ.. මම දන්නව YouTube කියන්නේ Video ඇතුලත් වෙබ් අඩවියක්. කිසි කෙනෙක් මේ වෙබ් අඩවි වල Software Serial No වගේ දේවල් තියෙනව කියල විශ්වාස කරන්නේ නෑ.. ඒ උනාට තියෙනව. ගොඩක් අය Video එකට පහලින් Serial No සෙට් එකම දාල තියෙන වෙලාවල් තියෙනව.

Serial No ගැන කියන කොට තවත් රස්වත් දෙයක් තියෙනව කියන්න.. එච්චරම රස නැති උනත් මතක තියා ගන්න Serial No එක බොහෝ වෙලාවට අදාල Software එකේ Version එක මත රදා පවතිනව.. නිකන් හිතමු Avast 6.1.2 කියල.. ඒත් ඔයා හොයා ගත්ත Serial එක 6.1.0 උනොත් සමහර වෙලාවට වැඩ නැති වෙන්න පුලුවන්.. අ නිසා Serial හොයන කොට හරියටම Version එකට අනුව හොයන්න උත්සහ ගන්න.
නමුත් ඔය Adobe කට්ටිය එහෙම CS2,CS3-- CS6 වගේ තමයි Serial ලබා දෙන්නේ.. Corral සමාගමත් එහෙමයි.. X6,X7 විදියට තමයි දෙන්නේ.. ඔන්න ඉතින් ඒ කතාවත් ඉවරායි...

Blog සේවා මගින්
පලමුව මම කියල දුන්න ක්‍රමයට ඔයාට Software එක හොයා ගන්න බැරුව ගියාද. බය වෙන්න එපා.. අපි දෙවන ක්‍රමය දියත් කරමු. මගේ මිතුරනි,, ලොකේ හොර Software ලස්සනට Promote කරන ස්තාන අතරින් Blog අඩවි වලට හිමි වන්නේ සුවිශේෂී ස්තානයක්. ගොඩක් වෙලාවට Blog කරන අය Software එක විතරක් දාල නිකන් ඉන්නේ නෑ.. ඒ සමගම Serial No හෝ Activate කරන්න පුලුවන් මොකක් හරි දෙයක් ඇතුලත් කරල තමයි තමන්ගේ blog වලට දාන්නේ.. ඒ නිසා අපි දෙවනුව Blog වල  පිහිට පතමු. හිතන්න ඔයාට ඕන වෙන්නේ Internet Download Manager 7 කියල. යන්න Google වලට , සෙවීමේ විදානය මේ විදියට ඇතුලත් කරන්න."internet download manager full version free download blog ". ඔහොම දුන්නම අපේ Google දෙයියා අපි දුන්න යෙදුමට අනුකූල Blog site ටික ලස්සනටම දෙනව.. ඔයත් උත්සහ කරල බලන්න. full version free download blog කියන එක තමා ඇත්තටම එකතු කල යුතු කොටස..

4shared මගින්
ඊලගට ඔන්න මම ඔයාලට අපූරු වෙබ් අඩවියක් හදුන්වල දෙනව. නම 4shared. නමෙන්ම කිය වෙන්නේ ඔබ වෙනුවෙන් ලබා දුන්නු කියන අදහසනේ.. ඇත්තටම මේ වෙබ් අඩවිය මගින් මම ගොඩක් Software Download කරල තියෙනව. අනිවාර්යෙන්ම ඔයා හොයන දේ තියෙනව කියල මම කියන්නේ නෑ.. නමුත් බොහෝ දුරට තියෙන්න පුලුවන්. Android දුරකතන වලට පවා Apps මෙකෙ තියෙනව. උත්සහ කරල බලන්න.

Torrent සේවාව මගින්
Torrent භාවිතා කරන විදිය ගැන නම් කියල දෙන්න යන්නේ නෑ.. ඒත් ඇත්තටම Torrent කියන්නේ හොදම තැන Software Download කරන්න. 95% ක විතර සම්භාවිතාවයක් තියෙනව ඔයා සොයන Software එක ලබා දීමට. ඒ වගේම ඔයාට පලමු ක්‍රමයේදී සිදුකල Serial No සොයන්නත් මේ වැඩේ කරන්න පුලුවන්. කට්ටිය දැන් අහයි ඇයි ඉතින් ඕක කලින් දැම්මේ නැත්තේ කියල. ඇත්තටම මට ඕන උනේ Software එක Download කරන්න පුලුවන් ලේසිම ක්‍රමයක් කියල දෙන එක නෙමේ.. හොදම ක්‍රම ටික කියල දෙන එක. පලමු පියවර සිදු කලානම් ඔයාට Original ම Software එක ගන්න පුලුවන්. නමුත් torrent භාවිතා කලාම එහෙම කරන්න පුලුවන්ද. අනිත් කරුන බොහෝ දෙනෙකු torrent Use කරන්න දන්නේ නැහැ, තව කරුනක් තමයි Torrent වලින් යමක් Download වෙන කාලය අපිට විශ්වාස කරන්න බැහැ.. ඔන්න ඔය ප්‍රශ්න නිසා තමයි මම torrent මුලදිම දැම්මේ නැත්තේ.. 

මේ ඔක්කොම හරි ගියේ නැත්තන් මොකද කරන්නේ.

බොහොම කලාතුරකින් සිදුවෙන්න පුලුවන් කරුනක්. බොහෝ වෙලාවට මේ අපහසු තාවය ඇතිවෙන්නේ එච්චරම ප්‍රසිද්ද නැති Software සොයන්න යන වෙලාවට.. 

Expiry time එක දිග් ගැස්සවීම.
ඒ මොකක්ද අප්පේ.. අපිට පුලුවන් Software එකක් භාවිතා කරල Trial Software එකක කල් ඉකුත් වීමේ ක්‍රියාවලිය දිග්ගස්සන්න. මේ සදහා Time Stopper කියල පොඩි වැඩසටහනක් තියෙනව. ඒකෙන් පුලුවන් දින 30 කින් නැතිවෙලා යන Software එකේ ඒ කල් ඉකුත් වීමේ ක්‍රියා වලිය දිගු කරන්න. එක්කො නවත්තන්න. අව්ලකට තියෙන්නේ ඉතින් හැමදාම Trial Software එකක වැඩ කරන්න සිදුවීම.



Tuesday, October 22, 2013

Software Serial Numbers මිලියනයක් Schoollk වෙතින්ම පමනයි.


ඉතින් යාලුවනේ ගොඩ දවසකට පස්සේ තමයි මම schoollk පැත්තට ආවේ.. ඉතින් හැම දාම වගේ වටින කියන දෙයක්, මගේම දෙයක්.. ටිකක් අමුතු දෙයක් දෙන්න ඔනේ කියල හිතුන. ඔන්න මම අද දෙන්න යන්නේ එසේ මෙසේ දෙයක් නෙමේ.. ලෝකයේ තියෙන විවිද මෘදුකාංග රැසක serial no මිලියනයක් ඔන්න මම ඔයාලට දෙන්නයි යන්නේ. ඉතින් මේ ෆයිල් එක මට ලැබුනේ නම් ගොඩක් ඉස්සර. ඒකත් කියන්න එපැයි. මට මතක හැටියට මම A/L ලියන කාලේ.. ඒ කියන්නේ 2008 වගේ.. ඉතින් මේ අද ඊයේ ආපු software වල Serial නැති වෙන්න පුලුවන්.. ඒ උනාට මට විටින් විට මේ ෆයිල් එක ඕන වෙච්ච වෙලාවල් නම් අනන්තයි.. එපා කියල අහක දාන්න එපා.. මේක එච්චර ලොකු File එකක් නෙමේ . ඉතින් කැමති අය Download කර ගන්න.


… …… … …