Wednesday, November 27, 2013

Windows XP දාන්න ඉගෙන ගමු (සිංහල Video)


මේ වීඩියෝ එක මගින් පරිගනකයකට Windows XP මෙහෙයුම් පද්දතිය දැමීම සිදුකරන ආකාරය සම්පූර්නයෙන් සිංහලෙන් කියල දේවි

Computer Hardware සිංහලෙන් ඉගෙන ගමු (Video)


මෙම වීඩියෝ එක මගින් ඔයාලට Computer Hardware ගැන හොද දැනුමක් ලබා ගන්න පුලුවන් වෙයි කියල හිතනව..

Monday, November 25, 2013

කොහොමද File එකක් Compress වෙන්නේ..


තාක්ශනය හරිම පුදුමාකාරයි. ඒත් මේ අරුම පුදුම තාක්ශනයේ පසුබිම සහ ක්‍රියාවලිය සොයා බැලුවම ඇත්තටම ඒතන පුදුම වෙන්න දෙයක් තියෙනවද කියලත් හිතෙන තරම්. අද මම ඔයාලට File Compress වීමේදී සිදුවන ක්‍රියාවලිය තරමක් දුරට පැහැදිල කරන්නයි යන්නේ.. ඉස්සෙල්ල බලමු මොකක්ද මේ Compress වීම කියන්නේ කියල.. ඔයාල දන්නවනේ ගොඩක් වෙලාවට අන්තර්ජාලයෙන් බාගත කරගන්න තියෙන File Zip හෝ RAR ආකාරයට පවතිනව.. ඕනෑම කෙනෙක් පුදුම කරන හැකියාවක් මේ ZIP හෝ RAR File වලට තියෙනව. ඒ තමා මේ File Extract එහෙමත් නැත්තන් දිග හැරූ විට මේ File එකට වඩා අන්තර්ගතය විශාල වීමයි.. ඒ කියන්නේ මේ තාක්ශනයට පුලුවන් දත්තවල සැබෑ ප්‍රමානයට වඩා හැකිලීමකට ලක් කරන්න.. ඉතින් පුදුම සහගත කරුන කියන්නේ ඇතැම් 4GB තරම් දැවැන්ත ගොනු 10MB වගේ වෙනකන් හැකිලූ වෙලාවල්.. අපිට දැක ගන්න පුලුවන්.. මම දැකපු එක්තරා File එකක් 10GB තරම් ගොනුවක් 100MB තරමට Compress කරල තිබ්බ.. ඉතින් මේව දැක්කම පුදුමත් හිතෙනව තමා..

පොදුවේ බොහෝ දෙනෙක් File compress කිරීමේ ක්‍රියාවලියෙන් බලාපොරොත්තු වෙන කරුනු 5ක් මම දැකල තියෙනව.

01.දත්ත Compress කිරීම
Email කරන්න Upload කරන්න විශාල File අපහසුයි.. මේ නිසා බොහෝ දෙනෙකු File ZIP  හෝ RAR කිරීමට හුරුවී සිටිනව.. ඒකත් නරකම නෑ..

02.File සහ Folder එකතු කර තනි ගොනුවක් බවට පත් කිරීමට
ඇතැම් අය Compress කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ දත්ත හැකිලීමට නෙමේ.. Folder සහ File තනි කට්ටලයක් සේ බැදල තියන්න.. මේක ගොඩාක් ප්‍රොයොජනවත් වෙන්නේ Upload කරන කොට.. ඕක හරියට මේ වගේ.. පාසල් ලමයි පොත් ටික අතේ අරන් යනවට වඩා බෑග් එකක දාල ගෙනියන කොට ගොඩක් පහසුයි නේ.. ආන්න ඒ වගේ.. දත්ත එහෙ මෙහෙ යවන කොට කෑලි හැලෙන්නේ නැතුව එක මිටියක් සේ බැදල ගන්න පුලුවන් උපක්ක්‍රමයක් විදියට Zip කිරීම සිදුකරනව..

03.දත්ත කොටස් කර කැඩීම (Split) කිරීමට..
ඔන්න ඔයා ලග තියෙනව 4GB තරම් දැවැන්ත File එකක්.. මේක වෙන Computer එකකට ඔයාට ගෙනියන්න ඕනේ.. ඒකට ඉතින් Pen Drive එකක් තිබ්බොත් ඇතිනේ.. කරුමෙ කියන්නේ ඔයා ලග තියෙන්නේ 2GB Pen එකක්.. මලා දැන් කොහොමද අර File එක දාන්නේ.. Split කිරීම එහෙමත් නැත්තන් දත්ත කැඩීම ඕන වෙන්නේ මෙන්න මෙතනදී..Split කිරීමේදී අදාල දත්තය කුඩා කොටස් වලට කැබලි කරනව.. එක කෑල්ලක Size එක ඔයාට කල් තියාම තීරනය කරන්න පුලුවන්.. ඒ අනුව ඔයා CD එකකට නම් 700MB වෙන්න ප්‍රධාන ගොනුව, උප කොටස් වලට කැබලි කරන්න පුලුවන්.. 2GB පෙන් එකක් නම් ආසන්න වශයෙන් 1.7 GB වෙන්න කඩන්න පුලුවන්.. ඒ අනුව [4GB / 1.7GB = File 3ක් (ආසන්න වශයෙන්)] අපිට ගන්න පුලුවන්.. දැන් මේ දැවැන්ත File එක අවස්තා 3 කින් අපිට ගෙනයන්න පුලුවන් වෙනව නේද.. ඉතින් සමහරු Data Compression මගින් Compress කිරීමට වඩා එහා ගිය දේවල් කරගන්න තවත් අවස්තාවක් හැටියට මේ ක්‍රමය පෙන්වා දෙන්න පුලුවන්.

04.දත්ත ආරක්ශා කිරීමට.
දත්ත Compress කල පසු එය යලි Extract කලාම කලින් තිබූ දත්තය ලබා ගන්න පුලුවන්.. ඒත් Compress කිරීමේදී අපිට රහස් අංකයක් මගින් මේ සමස්ත file එකම lock කරන්න පුලුවන්.. ඉතින් ඔයාලට අමුතුවෙන් Folder Lock ඕන වෙන්නේ නෑ.. මේ විදියට දත්ත ආරක්ශාකරන්න පුලුවන් බවත් මතා තියා ගන්න.

05.දත්ත virus වලින් ආරක්ශා කිරීමට.
…විශේෂයෙන්ම Software වගේ ගත්තම ඒවායේ  Setup file, පරිගනක තුල නිකරුනේ තියන් ඉන්න එක මම අනුමත කරන්නේ නෑ කිසිම වෙලාවක. මොකද සමහර Virus වර්ග තියෙනව exe file තුලට ඇතුලු වෙන.. එතැන් පටන් විශ්වාසනීය Setup file එක නොදැනුවත්වම Virus එකක් බවට පත් වෙනව.. හොදම දේ DVD වලට ගහල පරිස්සමෙන් තියා ගන්න එක. ඉතින් සමහරු exe  Setup File ZIP හෝ RAR බවට පත් කරනව, මේ Virus වලින් බේරෙන්න.. හ්ම්.. නරකමත් නෑ වැඩේ.. තවත් හොදයි Password එකක් දාලම Compress කලා නම්..

දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඇති මූලික වශයෙන් මේ දත්ත Compress කිරීම මගින් අපිට අත්වෙන වාසි.

 ඇත්තටම File Compress කිරීමෙන් පසු එහි දාරිතාව පෙරට වඩා අඩු වීමක් දැක ගන්න පුලුවන්. සමහර වෙලාවට අපි කොච්චර සෙල්ලම් දාල Compress කලත් අපිට සෑහීමකට පත් වෙන්න පුලුවන් තරමට එම File එක හැකිලීමකට ලක් වෙන්නේ නැහැ. මේ හැම දේකට පිලි තුරු ඔයාලට මේ ලිපියේ අවසානයේ දැන ගන්න පුලුවන් වේවි.

කොහොමද මෙහෙම දත්තයක ප්‍රාමානය, එයට හානියක් ඇති නොවන විදියට අඩු කරගන්නේ.. ඇත්තටම බොහෝ වෙලාවට අපේ File වල අනවශ්‍ය ආකාරයට තොරතුරු තැම්පත් කරල තියෙනව.. නමුත් ඒ තොරතුරු ඒ විදියටම තියෙන්න ඕනේ.. ඒත් ඒව අනවශයයි.. මොකක්ද මේ හතර බීරි කතාව.. මේ බලන්නකො..

KAMAL LIKE TO APPLE,NIMAL LIKE TO ORANGE, BUT APPLE AND ORANGE NOT VEGETABLE.

බලන්නකො ඉහලින් මම ලියල තියෙන වාක්‍ය දිහා පොඩ්ඩක්.. බැලූ බැල්මට අපිට මේ වාක්‍යයේ අනවශ්‍ය දත්තයක් කියල දෙයක් නොපෙනෙන්නේ.. එමගින් අපිට හරියටම තොරතුරක් දෙන නිසා.. නමුත් මේක පරිගනකය පැත්තෙන් බැලුවම අනවශ්‍ය දත්ත ගොඩාක් තියෙනව..

මේ බලන්නකො..

KAMAL LIKE TO APPLE,NIMAL LIKE TO ORANGE, BUT APPLE AND ORANGE NOT VEGETABLE.

Apple කියන වචනය දෙවතාවක් යෙදිල.. Orange කියන වචනයත් එලසමයි.. Like කියන වදනත් දෙවතාවක් යෙදිල.. පොඩ්ඩක් හිතල බලන්න.. අපිට මේක පහසුවෙන් කියවගෙන යන්න පුලුවන් වාක්‍යක් උනාට මේ හැම අකුරකටම byte ගනනක මතකයක් පරිගනකයෙන් වෙන් කර ගන්නව නේද කියල.. 
අකුරකට විතරක් නෙමේ.. තිත කොමාව.. ඇයි Space. හිතන්න Apple කියන වචනය පරිගනකයේ byte 5 ක මතකයක් තුල තැම්පත් වෙනව කියල.. හොදා Apple ගැනම ලිව්ව පිටු 200 ක විතර Document එකක නිකමට හිතන්න Apple කියන වචනය කීපාරක් යලි යලිත් යෙදෙයිද (Repeat) කියල.. අපි හිතමු උපකල්පනය කරල 10,000 ක් විතර කියල.. එතකොට byte 5 හේ ඒවා 10,000.. ක් !! ආසන්න වශයෙන් 48.82 Kb ප්‍රමානයක්.. Compress වීමේදී එකම දත්තය යලි යලිත් එම document එක තුල ලිවීම නතර කරල එම දත්ත වල පිහිටීම පමනක් තබා ගන්නව. එතකොට Apple කියල  වචන 10000 ක් නෙමේ එක වචනයක් පමනක් තියා ගන්නව. අනිත් සියලුම අතිරික්ත වචන හලනව.. ඒ නිසා ගොනුවේ බර චුට්ටක් අඩු වෙනව.. මේ Apple කතාවෙදි නම් 48Kb තරම් ප්‍රමානයක් අඩුවෙනව.. එක වචනයකින් 48kb කියන්නේ ඉතින් හැම වචනයකින්ම එකතු උනාම සමස්තය විශාල ප්‍රමානයක් අඩුකරගන්න පුලුවන් වෙනවනේ..

මේ මම ඔයාලට තේරුම් ගන්න පුලුවන් සරල උදාහරනයකින් Compress වීමේ යාන්ත්‍රනය කියල දුන්න .. ඉතින් Text Document එකක් දිහාම බලන්න එපා... අනෙකුත් Data වලදීත් Compress වීමේ යාන්ත්‍රනය මීට බොහෝ සෙයින් සමානයි..
ඉතින් මම හිතනව Compress වීම සම්බන්දව ඔයාලට තරමක අවබෝදයක් දැන් ලැබිල ඇති.. Compress වීමේදී ප්‍රදාන ක්‍රම දෙකක් උපයෝගී කරගන්නව.. අපි තව ටිකක් මේ මාතෘකාවට ගැබුරින් බැහැල කතා කරමු.

Lossless Compression 

මෙහිදී තියෙන දත්ත වලට හානි නොවන විදියට තමයි Compress වීම සිදුවෙන්නේ.. ඒ කියන්නේ.. දත්ත හැකිලූ පසු එහි ප්‍රමානය අඩු වෙනව.. නමුත් යලි දත්ත ලබා ගැනීමේදී එම දත්ත වලට කිසිදු හානියක් වෙන්නේ නෑ.. 

ඔන්න ඔය පින්තූරෙ දිහා පොඩ්ඩක් බලන්නකෝ.. Build-inbox වලින් තමා සීන් එක කියල දෙන්න යන්නෙ.. මෙතන කෑලි කීයක් තියෙනවද බලන්නකො.. 10ක් තියෙනව.. හොදා Loss less ක්‍රමේදි හරි අපූරු වැඩක් වෙන්නෙ.. මම ඉස්සෙල්ලම කියල දුන්නෙත් මේ වගේම සිද්දියක් තමා.. මතකනේ Apple කතාව.. යලි යලිත් Repeat වෙන කොට ඒවා හානි නොවන විදියට අඩු කරන්න පුලුවන් ක්‍රම වේදයක් තමා Loss less කියන්නේ.. 

ඒ අනුව
RED BOX = 2
YELLOW BOX = 5
BLUE BOX = 3

ක් තියෙනවනේ..

දැන් ඕකම මේ පල්ලෙහා පින්තූරයේ විදියට හදනව.. 


තනි රතුපාට කෑල්ලක් යොදාගෙන කී වරක් එය Repeat වෙන්න ඕනෙද කියල ලබා දෙනව..
…කහ පාට කෑලි පහක් වෙනුවට එකක් පමනක් යොදාගෙන.. කීවරක් යලි යෙදෙන්න ඕනෙද කියල විතරක් ලබා දෙනව.. පරිගනකය කියන්නේ හරි අපූරු යන්ත්‍රයක්.. Duplicate ගහන එක එයාට අමාරු වැඩක් නෙමේ.. ඉතින් Repeat වෙන්න ඕන එක හදුන ගත්ත ගමන් එයා අදාල දත්තය Duplicate කරල යලි ප්‍රතිසැකසුමක් සිදුකරල කලින් තිබූ දත්තය හදා ගන්නව..

…මේකත් බලන්නකො.. 

 ffffffffffmmmmmbb

මෙතැන අකුරු 17ක් තියෙනව.. මේ ටිකම මෙන්න මෙහෙම ලිව්වොත් ?

f10m5b2

දැන් අකුරු 7යි... අකුරු 17 මම 7 කට අඩු කලා.. 

තේරුනා නේ වෙච්ච වැඩේ.. Loss Less ගැන දැන් ඔයාලට තරමක් හරි අවබෝද වෙන්න ඇති..

Lossy Compression

මේ Compress කරන තවත් ක්‍රමයක්.. මෙතනදි නම් දත්තය Compress වීමේදී කෑලි හලනව.. ආයේ එම දත්තයම ලබා ගැනීමේදී අපිට පෙර තිබූ දත්තයම යලි ලබා ගන්න බෑ.. නමුත් පෙර තිබූ දත්තයට වඩා හැකිලීමක් සිදුවුනා නේ.. මේ වගේ Compress කිරීමක් බොහෝවිට අපි සිදුකරන්නේ පිංතූර වලයි.. විශේෂයෙන්ම Upload කිරීමේදී පිංතූරවල සැබෑ.. Size එකට වඩා අඩුවීම ගොඩක් වටිනව.. 

 පිලි වෙලින් බලාගෙන එන්නකො මේ පිංතූරය දිහා.. බලන්න වමේ සිට දකුනට යන කොට එන්න එන්න පිංතූරයේ පැහැදිලි බාවය අඩු වෙනව.. ඒකට හේතුව එහි දත්ත බොහෝ සෙයින් හැලීමකට ලක් කරනවා.. නමුත් මේ ඔනෑම පිංතූරයක් මනුස්සයෙක්ට පෙන්නුවොත් කියන්නේ.. කනුවක් උඩ පූසෙක් ඉදන් ඉන්නව.. ඌ කලු සහ සුදු වර්නයෙන් යුක්තයි කියල.. පරිගනකයෙන් දත්ත හැලුවට මනුස්සයෙක්ට එහි හදුනා ගන්න පුලුවන් දෘශ්‍ය කොටස් සියල්ලම තියෙනව.. ඉතින් මොකටද අපි දුක් වෙන්නේ.. Lossy Compress ක්‍රමයත් වරදක් නෑ.. 

අවසාන වශයෙන් කියන්න දේවල් ටිකක් තියෙනව.. මේක මැජික් එකක් නෙමේ.. මෙතනදි යම්කිසි යාන්ත්‍රනයක් තියෙනව.. මේ යාන්ත්‍රනයට හසු වෙන දත්ත පහසුවෙන් හැකිලෙනව වගේම තමා යාන්ත්‍රනයට හසු නොවන දත්ත හැකිලෙන්නේ නැති විත්තිය.. ඉතින් දවස් දෙකක් තිස්සෙ ඔන්න මම ලිපියක් ලිව්ව.. මම හිතනව මේක ගොඩාක් ප්‍රොයෝජනවත් වෙය් කියල ඔයාලට..


 

 

 

 



Tuesday, November 19, 2013

සැහැල්ලු ගුවන් යානා සැදීමේ තාක්ෂනය දැන් ඔබ හට..



ආදරනීය School lk මිතුරනි.. කවදත් අමුතුම වැඩ කරන්න උපන් හපන් අපි මෙදා සැරේ තවත් අමුතුම වැඩකට අත ගැහුව.. මොකක්ද මේ වැඩේ.. ඔන්න අපි ඔයාලට කියල දෙන්න යන්නේ සැහැල්ලු ගුවන් යානා නිර්මානය කිරීම පිලිබදව..  ඔයාල දන්නවනේ සරුන්ගල් හදන්න.. ඉතින් අපිත් පොඩි කාලේ සරුන්ගල් ඇරිය.. නමුත් සරල ගුවන් යානා ආකෘතියක් පියාසර කරවීම සරුංගලයක් පියාසර කරවීමට වඩා අසීරු කටයුත්තක්.. 

මේකේ ලොකු තාක්ශනික පැත්තක් ඔයාල දැන ගන්න ඕනේ.. ඉතින් සමහරු නම් තනිවම අත්හදා බලල.. ගොඩාක් කැපකිරීම් කරල ඔවුන් විසින්ම මේ තාක්ශනය මනාව අවබෝද කර ගන්නව.. ඉතින් ඒ විදියට මේ තාක්ශනය ගැන පාසල් අවදියේ සිටම පරීක්ශන කරමින් අද වෙන විට ලංකාව තුල සැහැල්ලු ගුවන් යානා නිර්මානය පිලිබද සුවිශේෂී දැනුමක් ඇති මිතුරෙකු මම ඔයාලට හදුන්වා දෙන්නයි යන්නේ.. නමින් ඔහු  එරංග දිල්ශාන්.. ඉතින් අපි දෙන්න එකතු වෙලා මේ අපූරු තාක්ශනය ඔයාලට කියල දෙන්න හිතුවා..

මේ එරංගගේ අදහස්..
මේක තනිකරම ප්‍රායෝගිකව යන්න ඕනේ වැඩපිලිවලක්.. අපිට Computer එකක් මාර්ගයෙන් කියල දෙන්න බෑ මේ වගේ තාක්ශනයක්.. මේකට විශේෂ ද්‍රව්‍ය, සැහැල්ලු කොටස්.. අපි පාවිච්චි කරනව.. ඒව අපි මිලදී ගන්න ඕනේ.. ඒ වගේම ප්‍රායෝගිකව මේව හදන්න මම කියල දෙනව.. ඔයාලගේ අනිත් යාලුවො පිට්ටනි වලට බැහැල සව්කොල සරුංගල් උඩ යවන කොට ඔයාට පුලුවන් සැහැල්ලු ගුවන් යානයක් පියාසර කරවන්න..  ඇත්තටම කැපිල පේන්න පුලුවන් අපූරු වැඩක්.. මොකද මේ තාක්ශනය ලංකාවට අලුත්.. මම උනත් පිට්ටනියක අත්හදා බැලීම් කරන කොට බොහෝ පිරිසක් මා වටා එක් රොක් වෙනවා.. ඇත්තටම ඒක හරිම අපූරු ඇත් දැකීමක්..

මේ නිසාම අපි Air Craft Sri Lanka නමින් සංගමයක් පටන් ගන්න තීරනය කලා..


මෙහිදී ඔයාලට
  • …සැහැල්ලු ගුවන් යානා නිර්මාණය කරවීම සහ එවා පියාසර කරවීම සම්බන්දව අවබොදයක් ලබා දීම
  • …සැහැල්ලු ගුවන් යානා පිලිබද 100% ක ප්‍රායෝගික අත්හදා බැලීම් සහ පරීක්ශන සිදු කිරීම
  • …ඔබ විසින් තනි තනිව නිර්මාන සිදු කරවීම
  • …නව නිපැයුම් කරිවන්ගේ තරග සදහා ඔබව යොමු කිරීම
  • …හොදම නිර්මාන සදහා සහතික පත් ලබා දීම
…වගේ ඉතා වැදගත් පැති ගොඩක් ආවරනය කරනව.. 

හිතන්න දින ගනන් පරිගනක ක්‍රීඩා කරල ඔයාල මොනාද ලබා ගත්තේ.. මේ තුලින් එන දැනුම කුසල තාවය අහක යන්නේ නෑ.. මේක විනොදාංශයක් වශයෙන් කරන්න හදන ඔයාලට පුදුමාකාර සතුටක් ලබන්න පුලුවන්.. එකමුතුව සහයෝගයෙන් වැඩ කරන්න අපිත් එක්ක එක් වෙන්න..

ඇත්තටම මිතුරනි මෙහිදී මුලින්ම ඔහු ඔයාලට කියල දෙන්නේ නිදහස් ආර ගුවන් යානයක් නිර්මානය කිරීම පිලිබදව.. ඒක යන්නේ හරියට අපි පොඩි කාලේ කඩදාසි රොකට් අරින විදියට.. ඊට පස්සේ රබර් පටි යොදාගෙන කැරකෙන තටු අඩංගු කරල ගුවන් යාන හදන්න කියල දෙනව.. ඉන් පසුව බැටරි සහ මෝටර් යොදාගෙන ප්‍රායෝගිකව අත්හදා බැලීම් වලට ඔයාලව යොමු කරනව.. මේ මෝටර්,බැටරි ඉතා සැහැල්ලු ඒ වගේම ප්‍රබල වේගයක් ඇති අතර මේව විශේෂයෙන්ම ඇනවුම් කරල ඔයාලට දෙනවා.. දුරස්ත පාලක යොදා ගෙන ගුවන් යානා හදන්න ඔයාල සූදානම් වෙලානම්  ඉන්නේ ඒවාට අවැසි කොටස් පවා ඔහුට සපයන්න පුලුවන්  උපාංග පවා ඔයාලට සැපයීමට ඔහු සූදානම්.. ඔහු කියන අන්දමට ටිකක් වියදම් කරන්න පුලුවන් අයට හොද ගුවන් යානයක් නිර්මානය කල හැකි බවයි.. ඒත් අනිත් අයට උනත් අවශය දැනුම දෙන නිසා නිර්මානය කිරීම ඔවුන්ගේ වග කීමක් බවයි එරන්ග වැඩිදුරට කියන්නේ.. 
Call for more details:-
07116 559 511
E.S Dilshan (Managing Director of Air Craft Society)

Thursday, November 14, 2013

ඉවත දමන CFL වලින් වැඩක් ගමුද..

හප්පේ.. පට්ට කාලෙකට පස්සෙ ඔන්න කොල්ල අයෙත් බ්ලොග් එකට ආව..  සොරි ඈ.. වැඩ බන්.. පැලෙන්න වැඩ නැතත් නිදහස ටිකක් අඩු උනා.. හොදා හොදා.. අද මොනද කියල දෙන්නේ කියල හිත හිත ඉන්න කොට මට මතක් උනා මම පොඩි දවස්වල පරීක්ෂනාත්මකව සොයා ගත්තු අපූරු දෙයක් කියල දෙන්න.. මට කොහොමත් ඉතින් IT මොලයක් වගේම දන්න කාලෙක ඉදන් ඉලෙක්ට්‍රොනික් පිස්සුවක් තිබ්බ සැරටම...
…ඔයාල දන්නව නේද CFL Bulb ගැන.. දන්නව කියහන්කො..! :P 

හරි දැන් ඒව ඔය ඉදල හිටල කූරිය ගහනවනේ.. warranty නැත්තන් ඔයාල මොකද කරන්නේ ඕව කොහෙට හරි විසි කරනව නේද.. ඒත් අද මම කියල දෙන්න යන්නේ ඒව වලින් වැඩක් ගන්න හැටි ගැන. 

පට්ට නේද.. ඔව් පට්ට.. මේ වැඩෙන් මම කරන්න යන්නේ.. වැඩකරන් නැතුව අයින් කරල දාපු Tube Light එකක් වැඩ කරන්නේ නැතුව අයින් කර්ල දාපු  CFL බල්බ් එකක් ආදාරයෙන් දල්වන්න.. හරිම ලේසියි.. එත් මට මේ  වෙලාවෙ ඔප්පු කරන්න නම් රූප මුකුත් නෑ.. මොකද පැන්ච කාලේ කරපු වැඩ.. දැන් ඒවයේ කෑලිත් නෑ..

මේ වැඩේට හැම CFL බල්බ් එකක්ම හරි යන්නේ නෑ.. අපිට මේ වැඩේදි ඕන කරන්නේ පරිපතයට හානි නොවී දැවී ගිය CFL බල්බ් එකක්.. එහෙම බල්බ් සොයන්න හරිම ලේසියි.. ඒවායේ වීදුරුව බල්බයේ බදට සම්බන්ද වෙන තැන කලු පාට වෙලා තියෙනව.. ඒ කියන්නේ Tube එක ඇතුලේ තියෙන සූත්‍රිකාව පිච්චිල තියෙන්නේ.. ඒත් ඔය අකුනු ගහල ගිය ඒවයේ ඇතුලේ ට්‍රාන්සිස්ටර් එහෙම කුඩේ කුඩු පට්ටම් වෙල තියෙනව.. ඒව හරි යන්නේ නෑ.. ඒව උනත් ගන්න පුලුවන් ඒ  එ කෑලි ගලවල අලුත් ඒව දාල..

ඉස්සෙල්ල බලමු CFL බල්බ් එකක් ගලවල.. 


ඇතුලෙ සැකැස්ම පේනවනේ.. ප්‍රධාන විදුලියට වයර් දෙකකින් සම්බන්ද වෙනව.. ඒ වගේමයි නැවත පරිපතයේ සිට Tube එකට වයර් 4 ක් යනව.. අපිට ඕනේ අන්න ඒ වයර් 4 ර.

දැන් අපිට මේ වැඩේට Tube ළිග්හ්ට් එකකුත් ඕනෙනේ.. හොද Tube Light එකක් ඔනේ නෑ.. පිච්චිච්ච එකක් ඇති.. :P

මේ බලන්නකො Tube Light එක..

Tube Light එකෙත් දෙපැත්තෙම තියෙනවනේ PIN දෙක ගානේ 4ක් අන්න ඒ පින් හතරට අපි CFL බල්බ් එකේ ඉදන් වයර් සම්බන්ද කරනව මේ විදියට

ඉතින් මේ පරිස්සමෙන් මේ වැඩේ අත්හදා බලන්න.. තෙරෙන්න ඇති කියල මම හිතනව.. අව්ලක් ගියොත් මට Call කරන්න කිසි අව්ලක් නෑ..


Sunday, November 10, 2013

Lion Dictionary Help Center

ඔන්න යාලුවනේ ගොඩ කාලෙකින් Lion Dictionary එක හා සම්බන්ද ලිපියක් දාන්නයි හදන්නේ.. මේ ලිපියෙන් මම බලාපොරොත්තු වෙන්නේ මෙම වැඩසටහන භාවිතා කිරීමේදී ඔයාලට මුහුන දෙන්න වෙච්ච ගැටලු පිලිබදව..
…මෙහෙමයි.. මේ වැඩසටහන මම නිර්මානය කලේ i5, Windows 7 32bit පරිගනකයක ඉදන්.. ඒ වගේම මේ පරිගනකයට පැය 24 ම අදිවේගී අන්තර්ජාල සම්බන්ද තාවයකුත් දීලයි තියෙන්නේ.. කොහොම නමුත් මම මේ වැඩසටහන නිර්මානය කලේ මගේ පරිගනකය සාපේක්ෂ කරගෙනයි.. ඒ කියන්නේ මම මේ වැඩසටහන හැදුවේ මගේ පරිගනකයේ සාදක උපයෝගී කරගෙනනේ.. සමහර වෙලාවට සමහර ගනනය කිරීම් සිදුවීමේදී වැඩසටහනේ සුලු හිරවීමක් සිදුවෙන්න පුලුවන් වගේ මට තේරුනා.. ඉතින් මගේ පරිගනකයේ සුලු හිරවීමක් කියන්නේ සමහර වෙලාවට මට වඩා අඩු ධාරිතාවක් තියෙන පරිගනකයක නම් වැඩසටහන නෙමේ මුලු පරිගනකයම Stuck කිරීමක් වෙන්න පුලුවන්..
පලමු අත්හදා බැලීම් සිදුකරන දවස් වලත් ඔය වගේම වැඩක් උනා.. 64bit Lap එකකට Install කලාම වැඩ කලේම නෑ.. දැන් බලන්නකො ඉතින් මම කොච්චර Plan කරල තිතට මේ Program එක හදන්න උත්සහ කලත් පරිගනක වල තියෙන විශමතා නිසා වැඩසටහනේ එක එක ගැටලු මතුවෙනව.. ඔයාල දන්නවනේ මේ වැඩසටහන ගොඩක් Advance විදියට මම හදල තියෙන්නේ.. ඉතින් ඇත්තම කිව්වොත් සමහර Code වලට දැන් මට අත තියන්නත් බයයි.. මොකද ඒ තරමටම ඒවායේ සංකීර්න තාර්කික ක්‍රම මම යොදා ගත්තේ.. මේ වැඩසටහන මම කොල කෑලිවල ලියාගෙන වත් Flow Chart ගහගෙනවත් නෙමේ හැදුවේ.. හිතට එන එන අදහස් අනුව ඔහේ ලියාගෙන ලියාගෙන ගියා..දැන් ඉතින් ආපස්සට හැරෙන්න බෑනේ.. පුරා මාස 7ක වැඩක්..

රටේ නැති ගැටලු මතු වෙන්නේ මට නෙමේ Users ලට.. ඉතින් එයාලගෙ යුතුකම තමයි මේ ගැන මට දැනුම් දෙන එක.. ඒ සදහා ඔයාලට එක්කො මට MSG (+94 75 760 694 3), Skype (chinthaka.fast) එකක් දාන්න පුලුවන්, නැත්තන් Facebook එකෙන් කියන්න පුලුවන්.. එහෙමත් නැත්තන් Lion Dictionary Report System එක හරහා දැනුම් දෙන්න පුලුවන්.. ඉතින් බොහෝ දෙනෙක් ඒ විදියට මට දැනුම් දුන්න.. එහෙම දැනුම් දුන්න.. ඒ විදියට ආපු Bugs අද ඉදන් මේ ලිපියට සැරින් සැරේ එකතු කරනව..



 ඉතින් ඔයාලටත් ඔය පහල දාල තියෙන පිංතූරවල වගේ Error එකක් ආවොත් බලමු හදන විදිය..



How to fix this Error

01. Download කරන්න මේ File එක.. ඉන්පසුව එක Winrar වලින් Extract කරගන්න.

https://www.dropbox.com/s/3tovljim592awme/Fix%20Lion.zip 2MB

02. දැන් මේකෙ ඇතුලෙ තියෙන සියෙලූම Files ඔයා Lion Dictionary එක Install කරපු Folder එකට Move කරන්න..(Replace All )

මතක තියා ගන්න එක දෙයක්.. මේ වැඩේ කරන කොට Lion Dictionary එක සම්පූර්නයෙන්ම Close කරල තියෙන්න ඕනේ..

එහෙනම් බලමුකො.. ඊලගට මොන මොන ගැටලු එයිද කියල..




Saturday, November 2, 2013

Fake Samsung Galaxy SIV හදුනාගනිමු

කාලෙකට පස්සේ අලුත් post එකක් ලියන්න වෙලාවක් හම්බවුනා මේ ලගකදී අපේ group එකේ සහෝදරයෙක් අහපු ප්‍රශ්නයක් නිසා තමයි මේක ගැන ඉක්මනින් ලියන්න හිතුනේ හැබැයි මේක එයාට විතරක් නෙමේ මුළු ලංකාවේම ෆෝන් වලට ආස කරන අයට වැදගත් වෙයි මේක අලුතෙන්ම නිකුත් කරන ලද Samsung Galaxy S4 ගැන

ඒක ගැන ලියන්න හිතුනේ දැන් හැමතැනම අඩුවට කොරියන්,වියෙට්නාම් කියල  Samsung Galaxy S4 තියෙන හින්දා ඒවා ගැනයි මේ

කඩවල් වල අය කොරියන් වර්ෂන් එක කියල තමයි මේවා විකුනන්නේ රු 25000-30000 අතර මිලකට මේවා බැලූ බැල්මටම ඔරිජිනල් එකට සමානයි.ඒත් මෙන්න මේකයි ඇත්ත කතාව ඔරිජිනල් කොරියන් වර්ෂන් එකේ මොඩල් නම්බර් එන්නේ SHV-E300 K/S/L කියලා.මේ මොඩල් කොරියාවේ පාවිච්චියට හදපුවා. SIV එකේ Anycall Version එකක්නම් තාම දකින්න ලැබුනේ නෑ ඒත් ලංකාවෙ තියෙන්නේ මේ කොරියන් phones නෙමෙයි.ලංකාවේ තියෙන කලින් සදහන් කරපු ඒවාගේ මොඩල් නම්බර් එක එන්නේ GT I9500 ඒ කියන්නේ ඒවා original කොරියන් ඒවා නෙමෙයි  එහෙනම් මේවා මොනවද?? කියන ප්‍රශ්නය ඔයාලට දැන් එයි හරි එහෙනම් ඒවා ගැන දැනගමු

මේවා නිෂ්පාදනය කරන්නේ HDC කියන Chinese Company එකෙන් නිෂ්පාදනය කරන දුරකථන . ඔයගොල්ලෝ එකේ නිල වෙබ් අඩවියට මෙන්න මෙතනින් ගියොත් බලාගන්ඩ පුලුවන් මේවා ගැන. මේවා අඩු පිරිවැයකින් හා තත්වයෙන් උසස් නැති Hardware දාල හදන ජංගම දුරකථන නිසා තමයි මෙච්චර ගණන් අඩු.

අපි එහෙනං වැදගත්ම දේවල් ටික එකින් එක සාකච්චා කරමු

තිරය (Display) 



-Original-
 ඔරිජිනල් එකේ තියෙන්නේ Samsungලා විසින්ම නිර්මාණය කරන ලද super AMOLED වර්ගයේ තිරයක්. මේවට අඩු විදුලියකින් වැඩි වර්ණාවලියක් පෙන්නන්න පුළුවන්.Resolution එක 1920x1080 ක අගයක් තියෙන්නේ ඒ කියන්නේ Full HD තිරයක්.මේවායේ අගලකට ඇති පික්සල් අගය ඉතා වැඩි.තිරයේ ආරක්ෂාවට Corning සමාගමේ අලුත්ම Gorilla Glass 3 කියන ශක්තිමත් බවින් වැඩි වගේම සීරීම් වලට ඔරොත්තු දෙන ග්ලාස් එකකින් ආවරණය කරලයි තියෙන්නේ මේවා වෙළඳ පොලට නිකුත් කරන්නේ.


-Clone-


මේවා බොහෝ දුරට ස්වභාවික වර්ණ පෙන්නන්ඩ හැකියාව තියෙන තිර ජාතියක්. ඒත් තිරයේ විභේදනය ගොඩක් වෙලාවට 720x 1280ක වගේ HD අගයක් හරි ඊට වඩා අඩු අගයක් තමයි තියෙන්නේ. දැනට තියෙන පට්ටම copy එක තමයි HDC Galaxy S4 Legend කියන phone එක.මේකෙ තියෙන්නේ HD විභේදනයක් සහ  298ක  ppi  අගයක්. එකත් නරකම නෑ. හැබැයි තිරේ ආරක්ෂාවට නම් කිසිම දෙයක් නෑ. හූරගත්තොත් ඉතින් ඉවරයි. panel එක IPS උනාට Chinese කාරයෝ දාන touch sensor එක නම් quality නෑ. එකයි ටික කාලෙකින් display එක සංවේදී නැති වෙන්නේ. උඩ තියෙන පින්තූරෙ දැක්කම පේනවනේ තිර දෙකේ වෙනස. ඔරිජිනල් S4 එකේ Color Depth එක වැඩී Clone එකට වඩා.


ප්‍රොසෙසරය (Processor)




-Original-

ඔරිජිනල් S4 කීපයක්ම තියෙනවා මේවගෙන් ලංකාවේ ගොඩක් තියෙන්නේ GT-i9500 මොඩල් එක. මේ මොඩල් එකට කියන තවත් නමක් තමයි octa core S4. ඒකට හේතුව GT-i9500යෙ තියෙන්නේ Samsung ලාගේ Exynos 5410 කියන cores 8 ක් ඇති ප්‍රොසෙසර් එක. ආසියාවේ ගොඩක් රටවල් වල තවමත් හරි හැටි 4G LTE සේවාවන් නැති නිසා මේ මොඩල් එක තමයි ලංකාව වගේ ආසියාතික රටවල් වල තියෙන්නේ. මොකද කීවොත් Exynos 5410 චිප් එකේ 4G LTE receiver එකක් නැති නිසා. යුරෝපීය හා ඇමරිකා රටවල් වලට ගහපු මොඩල් එක තමයි 4G LTE පහසුකම් ඇති GT-i9505 phone එක. Qualcomm සමාගමේ Snapdragon 600 කියන cores 4ක් තියෙන ප්‍රොසෙසර් එක තමයි මේ මොඩල් එකේ තියෙන්නේ. විදුලිය පිරිමැස්මෙන් Exynos චිප් එකට වඩා ඉදිරියෙන් ඉන්නවා වගේම කාර්යක්ෂම බවින් එක හා සමාන තත්වෙක ක්‍රියා කරන්ඩ පුලුවන් හැකියාවක් snapdragon 600 ප්‍රොසෙසර් එකට තියෙනවා.


-Clone-

 ගොඩක් S4 Clone වල තියෙන්නේ MediaTek එකෙන් ගහන ප්‍රොසෙසර් තමයි. MT6589 කියන්නේ 1.2GHz වේගයක් ඇති cores 4ක් (Quad -Core) තියෙන චිප් එකක්. මේක හදලා තියෙන්නේ Cortex-A7 Architecture එකට නිසා ලොකු ගණනය කිරීම් වලට වඩා විදුලිය පිරිමහන එක තමා කරන්නේ. එදිනෙදා වැඩ කටයුතු වලට වරදක් නෑ. එත් පට්ට ගේම්ස් , එකවර ගොඩක් දේ කරන්ඩ(Multitask) නම් අමාරුයි. සමහර Clones වල MT6589 චිප් එකට වඩා පරන ඒවත් තියෙනවා.


 කැමරාව (Camera)

මේ ගැනනම් ගොඩාක් දේවල් පැහැදිලි කරන්න අවශ්‍ය නෑ සමහර clones වලත් මෙගා පික්සල් 13ක කැමරා තියෙනවා. එත් ඒවා image noise වැඩි තත්වයෙන් බාල පින්තූර තමයි දෙන්නේ. Samsung camera modes (Best Shot,HDR..etc) මේවගේ නෑ. 1080p වීඩියෝ රෙකෝඩ් කරන්ඩත් බෑ. එත් මේ කැමරාවත් නරකම නෑ


තවත් දැන ගන්න වැදගත් දේවල් කීපයක්ම තියෙනවා



  • එකක් තමා RAM එක මේවා 1GB හෝ 512MB තමා අන්තර්ගත වෙන්නේ. 1GB නම් ලොකු ප්‍රශ්නයක් නෑ.එත් එය විවිධ apps වලින් 2GB පෙන්නන විදිහට තමයි ගොඩක් හදලා තියෙන්නේ. මේ ලින්ක් එකට ගියාම දැනගන්න පුළුවන්. HDCmobiles.com/Galaxy S4
  •  තවත් එකක් තමා HDC එකෙන්ම කියනවා phone එකේ තියෙන්නේ 720x1280 HD තිරයක් එත් System එක 1080x1920 FHD තිරයක් තියෙනවා කියලා  පෙන්නන විදිහට හදල තියෙන්නේ කියලා. 
  • අනික Android version එක 4.2.9 කියල තියෙන්නේ. Google සමාගම එහෙම Android සංස්කරණයක් එළිදක්වා නෑ. 4.2 Jelly Bean සංස්කරණ මාලාවේ අන්තිම සංස්කරණය වුනේ 4.2.2 
  •  ඊලග එක තමයි ධාරිතාව පේනවනේ system එක 16GB කියල පෙන්නුවාට ඇත්තටම 4GB ධාරිතාවක් තියෙන්නේ එකෙනුත් අපේ පාවිච්චියට ගන්ඩ පුලුවන් වෙන්නේ 2GB වගේ තමයි.
  • ඊලග එක තමා මේවා වෙළඳ පොළට එන ඔරිජිනල් වගේම Samsung package එක.ගොඩ දෙනෙක් රැවටෙන තවත් හේතුවක් තමා ඒක. එත් Korean version කියන clones වල box ඇතුලෙ වැඩිපුර battery එකක්. flip casing එහෙම තියෙනවා.
  • ඊලග එක බැටරිය ඒක ගැන කියනවනම් 2600mAh ධාරිතාවයක් ඇති බැටරි තියෙනවද කියලත් බලන්ඩ. 2600mAh කියල ගහල තිබ්බට ඇත්තම ධාරිතාවද කියන ප්‍රශ්ණෙ එනවා
  •   මේ ෆෝන් වල  Home Button එක තියෙන්නේ screen එකෙන් ගොඩක් යට ඔරිජිනල් එකේ එහෙම නෑ.අනික උඩයි යටයි plastic bezel එකත් ලොකු වැඩී.

  • *#0*# මේක තමා අමාරුවේ වැටෙන අනිත් තැන ඒක තමා Samsung ෆෝන් වල LCD Test කරන code එක.මේ HDC Clones හදල තියෙන්නේ මේ code එක වැඩ කරන විදිහට. ඒක ගැනත් සැලකිලිමත් වෙන්න
  •  අනිත් කාරණය තමයි මේවගේ ඔරිජිනල් එකේ තියෙන හුගක් sensor තියෙනවා ඒවා මුලින්ම හොදින් වැඩ කරනවා හැබැයි අඩු වියදම් hardware යොදා සෑදීම නිසා මේවා දීර්ඝ කාලීනව ක්‍රියාත්මක වීම පිලිබදව ප්‍රශ්නයක් තියෙනවා

එහෙනම් ඔයාලා මේවා ගැන හොදින් අවබෝධ කරගන්න ඇති කියල මම හිතනවා අඩු ගානක් දීලා මාස ගානක් භාවිතා කරන්න මේවා ගන්න එපා ගත්තත් වැඩියේ ඇගේ තියා ගන්න එපා විශේෂයන් පිරිමි අය මොකද මේවගේ SAR අගය පිලිබදව කිසිම සදහනක් නැති නිසා අනාගතයේ දරු ඵල අහිමි වෙන්න පුළුවන් යැයි සැකයක් මේවා පිලිබදව පල වෙලා තියෙනවා


පහල තියෙන පින්තුරෙනුත් ඔයාලට මේවාගෙ වෙනස හොයාගන්න උදවු වෙයි




මේ වෙන කොට ලංකාවේ බොහෝ පිරිසක් මේ ව්‍යාජ දුරකතනයට රැවටී ඇති බවක් පෙනී යනව. ඒ නිසා මම මේ ලිපිය උපුටා ගන්නා ලදී..  
http://kavigajanayaka.blogspot.com/2013/09/fake-samsung-galaxy-siv.html



කාටත් ගැටලුවක් වූ Anycall



 
මොකක්ද මේ එනිකෝල්? අද අපි හැමෝටම තියන ප්‍රශ්නයක් මේ එනිකෝල්, සමහර අය හිතනවා එනිකෝල් කියන්නේ වටිනාකමක් නැති එහෙමත් නැත්නම් බාල වර්ගයේ ෆෝන් කියලා. තවත් අය හිතනවා එනිකෝල් කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් ඉෆෙක්ට් දාලා දුවන වැදගැම්මක් නැති දුරකතන කියලා. ඇත්තෙන්ම එනිකෝල් කියන්නේ සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික් ආයතනය මගින් පිහිටෙවු සහ ඔවුන්ගේම ආයතනයක්. එහෙමත් නැත්නම එනිකෝල් යනු සැම්සුන්ග් ආයතනයේ දුරකතන නාම සදහා නිපදවූ ආයතනයක් මෙම ආයතනය ඔවුන් විසින් පිහුටවන ලද්දේ 1993 වර්ශයේදීය. ඒ එවකට කොරියාවේ ආදිපත්‍ය පතුරුවාගෙන සිටි මෝටරෝලා සමාගම හා තරග කිරීමටය. කොරියාව යනු බෙහෙවින් කදු ශිඛර පිහිටා ඇති රටකි.මෙම කාලය වනවිට මෝටරෝලා ආයතනය වෙළද පොළ ආධිපත්‍ය දැරූමුත් ඔවුන් හට මෙම බාධාව ජය ගැනීමට අසීරු විය. ඒ ඔවුන්ගේ දුරකතන සිග්නල් බෙහෙවින් අඩුවීමය. මේ කාලය තුල සැම්සුන්ග් ආයතනය ඔවුන්ගේ දුරකතන එනිකෝල් යනුවෙන් නම් කර වෙලද පොල ආධිපත්‍ය තමන් සතුකර ගත්හ. ඔවුන් මෙම එනිකෝල් නාමය යොදා ගැනීමට හේතුව නම් සෑම ප්‍රදේශයකම, සෑම ස්තානයක, පොලවෙන් යටත මෙන්ම උඩු ගුවනේ සිට උවද තමන්ගේ දුරකතන පාවිච්චිකල හැකි බව දැන්වීමටය.(ඒ කියන්නේ ලොවෙත් සිග්නල් තියනවා)
මෙම අභියෝග සාර්තකව ජයගත් සැම්සුන්ග් ආයතනය තම දුරකතන කොරියාව තුල එනිකෝල් නාමය යටතේ නිකුත් කිරීමට පියවර ගත්හ. මෙම එනිකෝල් නාමය කෙතරම් ජනප්‍රිය වීදයත් සහ අනිකුත් දුරකතන ආයතන කොරියාව තුල තම දුරකතන එනිකෝල් නාමය යටතේ අලෙවි කිරීමට සැම්සුන්ග් ආයතන සමග ගිවිසුම් ඇතිකර ගත්හ.

තව එකක් අපේ රටවල් වල මිනිස්සු තමා හොද දේවල් පිටට දීලා නරක දේවල් අපිට දෙන්නේ. ඒත් මුන් එහෙම නෑ. උන් උන්ගේ රටට හොදම දේ නිර්මාණය කරනවා. ඒක ෆෝන් වල හාර්ඩ්වෙයාර් පැත්ත ගැන දන්න උන් දන්නවා, කොරියන් එනිකෝල් එකෙයි වෙනත් රටවලට නිර්මාණය කරන එකෙයි වෙනස. අනික කොර්යාවේ එවුන්ගේ මවු භාශාව කොරියන්. උන් උන්ගේ භාශාවට ගොඩාක් ආදරෙයි ගරු කරනවා, චීනේ, ඉතාලිය වගේ රටවල් වල අයත් එහෙමයි. ඉතින් ඒ හේතුව උඩ ඒ අය ඒ දුරකතන තමන්ගේ භාශාවලින් පාවිච්චි කිරීමට නිපදවන්නේ. අනික එනිකෝල් ලාභ වෙන්න හේතුවත් ඒ රටේ නිශ්පාදන තමුන්ගේ මිනිස්සුන්ට අඩුවට නිකුත් කරන නිසා (අපේ රටේ වගේ) එහේ කාර් උනත් පට්ට ලාභයි.
අනික අපේ කොල්ලෝ ගොඩාක් ඉන්නේ එහේ. උන් ගන්න ෆෝන් පොඩිගානක් තියන් විකුනන්නේ, ඒකයි මෙහේ ලාභ.තව එකක්, එනිකෝල් විතරක් නෙමෙයි කොරියාවට නිශ්පාදනය කරන හැම ෆෝන් එකකම ඇන්ටනාවක් තියනවා. ඒ අපිට වගේ ඉන්ටර්නෙට් කනෙක්ට් කරන් TV බල්න්න උන්ට සල්ලි නැති නිසා උන් නොමිලේ හැමෝටම TV බලන්න සලස්වලා තියනවා. ඉතාමත් දියුනු තාක්ශණයක්.(T-DMB, mean Terrestrial Digital Multimedia Broadcasting) ඒක සින්හලෙන් දන්නේ නෑ බන්.


Samsung is Korean name, :Sam" mean Three, "Sung" mean Star. Three Star. if U need Genuine Samsung phone originally made for them Use Anycall 
 
මම මගේ ජීවිත කාලය තුලදීත් Galaxy S Anycall දුරකතන 2ක් අවස්තා දෙකකදී බොහෝ කාලයක් භාවිතා කලා.. ඉතින් මට නම් කිසිම ගැටලුවක් උනේ නැහැ.. හැම දේම හොදින්.. ඉන් එක් දුරකතනයක් මම ගත්තු මුදලටම මාගේ හිතවත් සහෝදරියකට දුන්නු අතර ඇයත් දැන් වසරකට කිට්ටු වෙන්න එම දුරකතනය භාවිතා කරනවා.. කිසිම ගැටලුවක් නෑ.. එකම අව්ල SMS Text 80 කට සීමා කර තිබීම පමනමයි..  ඒකත් මම GO SMS App එක දාල හදල දුන්නා..
R.K.D Chinthaka Deshapriya
Admin: SCHOOLLK
මෙම ලිපිය Shown Veesly විසින් සම්පාදනය කරන ලද්දක් වන අතර කාලීන වටිනාකමක් ඇති නිසා Schoollk හරහා ඔබවෙත ගෙන එන ලදී..