Saturday, April 7, 2012

අපේ කාලයේ කෙල්ලෙක් සහ කොල්ලෙක්


 

  ලස්සන පුංචි කෙල්ලෙකුයි , අහිංසක පාට කොල්ලෙකුයි OPD එකට ආවා..... මමත් සුපුරුදු විදියල හිනා වෙලා ඒ දෙන්නව පිළිගත්තා.කොහොමත් මම කැමතියි මගෙ වයසට ගැලපෙන කට්ටිය එනවට බේත් ගන්න....‍ෆිට් එකේ කතා කරන්නවත් පුලුවන්නෙ.. (මගෙ වයසෙ කිවුවට මොකද ඒ දෙන්නගෙයි මගෙයි වයස පරතරය අවුරුදු පහක් හයක් විතර... )
 දෙන්නම ටිකක් ලැජ්ජාවෙන් වගේ....
 "මොකද මේ පැත්තේ...?" මම ඇහුවෙ නෑ.. ඒ වගේ බැලුවා. ඒත් තවමත් ඒ දෙන්නම නිශ්ශ්බ්දයි.
මොනව කරන්නද..මම මගෙ හිතේ තිබුන ප්‍රශ්නය වචන වලට හැරෙවුවා......
 "මම ප්‍රෙග්නන්ට් ද කියල බලාගන්න ඕනා මට.." කෙල්ල බිම බලාගෙන උත්තර දුන්නා. ඒ වෙලාවෙයි මට තෙරුනේ මේ දෙන්නාගේ ලැජ්ජාවට හේතුව. කොහොමත් පළවෙනි බබා ගැන දැනගන්න එනකොට අම්මලා ටිකක් මේ වගේ ලැජ්ජා වෙනවා මට අමුතු දෙයක් නෙමෙයි...
ඒත් ඉතින් අදාල පරීක්ෂණ වලින් කියවුනේ එයා ප්‍රෙග්නන්ට් නැහැ කියලා...මට ටිකක් විතර දුකත් හිතුනා.. බලපොරොත්තු වුන සතුට ඒ දෙන්නට දෙන්න නොලැබුන එක ගැන....
"ම්ම්ම්.... මේකෙ විදියට නම් පරීක්ෂනය නෙගෙටිව්...කමක් නෑ ඔයාලාට තව ඕනා තරම් කල් තියනවානෙ..." මම එහෙම කිවුවා.ඔන්න එතකොට තමයි අර කෙල්ලගෙ මූනට එලියක් වැ‍ටුනෙ.. ඇත්තමයි එලියක් වැ‍ටුනා. කොල්ලාත් සැනසුම් සුසුමක් හෙලුවා... මොකද මේ වෙන්නෙ.. මට හිතා ගන්නත් අමාරුයි වගේ..
"මේ ටෙස්ට් එක නෙගටිව් කියන්නෙ මම ප්‍රෙග්නන්ට් නෙමේ කියන එක ද?" කෙල්ල ආයෙමත් අහනවා සැකයෙන් වගේ.. ඔන්න ඒ වෙලාවෙ නම් මටත් පුංචි සැකයක් වගේ එකක් මතු වුණා....
"පොඩ්ඩක් ඉන්න.. ඔයාලා බැඳලා නැද්ද??? "
එහෙම අහනකොටම මම දැක්කා කොල්ලා ගෙ කරේ එල්ලාගෙන හිටිය ක්ලාස් ගෙනියන බෑග් එකයි, අතේ තිබුනු ෆයිල් කවරෙ තිබුන ටියුට්ස් ටිකයි... ඉතින් තව වෙන මොන කතා ද... මට ඒ දෙනාට කියන්න දෙයක් හිතා ගන්න ටිකක් අමාරු වුනා...
"ඔයාලා ආයෙ මේ වගේ වැඩ කරන්න එපා" කියන්නද? එහෙම කියන එක හරිද වැරදිද කියන එකටත් වඩා මට හිතුනෙ එහෙම කියලා වැඩක් තියනවාද කියන එකයි...
කොහොම හරි මම අන්තිමට කිවුවෙ "ආයෙමත් මේ වගේ දෙයක් වෙනවා නම් පරිස්සම් වෙන්න.. ඒ වගේම පැය 72ක් ඇතුලත ගන්න බේත් පෙත්තක් තියනවා...ඒක ගන්න....."
ඒ දෙන්නා සතුටින් (?) ආපහු ගියා.
මම තවමත් කල්පනා කරනවා මම දුන්න උපදෙස හරිද කියලා... ලංකාව වගේ රටකට මේ වගේ උපදෙසක් දෙන එක හොඳ මදි කියලා කාට හරි හිතෙන්නත් පුළුවන්
...ඒත් ලංකාව කියලා මේ වගේ දේවල් සිද්ද නොවී තියෙන්නෙත් නෑනෙ.. ඒ නිසා ආයෙත් වෙන වැරදීමකින් ඒ කෙල්ලගෙ ජීවිතේම අඳුරු වෙනවා ට වඩා,ඒකෙන් මොකක් හරි හොඳක් වෙයිනෙ..


 මොනවා වුනත් මම සතු‍ටු වෙනවා "ඔයා ෆෝලික් ඇසිඩ් බොන්න පටන් ගන්න... ක්ලිනික් එකේ රෙජිස්ටර් වෙන්න.. ඒ සේරටම කලින් ගෙවල් වලට කියලා බඳින්න" කියලා කියන්න සිද්ධ නොවුනු එක ගැන නම්..


ඒ මොනවා වුනත් ආදරේ එක්කම පැටලෙන මේ වගේ දේවල් වලින් අපේ පුංචි කෙල්ලන්ගෙ කොල්ලන්ගෙ ජීවිත බේරාගන්න මොකක් හරි සාර්ථක ක්‍රමයක් තියෙනවා නම් හොඳයි කියලා මට හිතෙනවා..

ඉහත ලිපිය මම ගත්තේ http://lokayekonaka.blogspot.com යන සබැදියෙන්. ඔයාලත් ගිහිල්ලා බලන්න. මොකද හිතෙන්නේ මේ ලිපිය ගැන. මට ඔයාලගේ අදහස් දැන ගන්න කැමතියි

Friday, April 6, 2012

Event සමග වැඩකරමු


ඔන්න මම තවත් ඉතාම වැදගත් පාඩමක් ඔයාලට අරගෙන ආවා. මේ පාඩමේදී මම ඔයාලට vb වල තියෙනා event ගැන කියාදෙන්න හිතුවා. event එකක්, එහෙමත් නැත්නම් අවස්තාවක්' අපි සාදනු ලබන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේදී ඔයා නිතර භාවිතාකල පොදු event එක ඔයාට මතකද. ඔයා බොත්තමක් mouse එකෙන් click කලා මතකද. එත කොට තමයි අපේ වැඩසටහන ක්‍රියාත්මක උනේ. එතනදී අපි යොදා ගත්තු event එක උනේ click event එක. නමුත් සංකීර්න software නිර්මානයේදී click event එකෙන් පමනක් වැඩකිරීමට නොහැක. ඔයාල සමහර විට දැකලත් ඇති සමහර වැඩසටහන් වලට යමක් ඇදගෙන ඇවිත් අත ඇරපුවහම ක්‍රියාත්මක වෙනවා. උදාහරනයක් විදියට මට ඔයාලා සිංදු අහනා ප්ලෙයර් එක (Windows Media Player)කියන්න පුලුවන්. සමහර විට ඔයාල දැකලා ඇති අපේ mouse pointer එක බොත්තමක් උඩට ගෙන ගිය විට එම බොත්තම දීප්තිමත් වෙනවා. උදා; windows වල තියෙන start බොත්තම හදුන්වන්න පුලුවන්. ඉතින් මේ විදියට තව ගොඩාක් event වර්ග තියෙනවා.
ඔයාල ඉස්සෙල්ලාම අලුත් project එකක් open කරගන්න. ඊට පස්සේ Form එක උඩ දෙපාරක් click කරලා View Code එක Open කරගනන. මෙතැනදී form එකට අදාල දැනට Select වෙලා තියෙනා event එක ඔයාලට දකුනුපසින් දකින්න පුලුවන්. ඒ අනුව Load කියන event එක තමයි select වෙලා තියෙන්නේ.

event එකක් තේරූ පසු ඊට අදාල Code ඉබේම Generate වෙලා තියෙන ආකාරය
පහත රූපය බලන්න


ඉහත රූපය දිහා බලපුවහම පේනව නේද තියෙන event ගොඩ. මේ මම පෙන්වලා තියෙන්නේ Frame එකට අදාල event විතරයි. ඔන්න මම පහල සරල වැඩසටහනක් නිර්මානය කරල තියෙනවා.


ඉහත වැඩසටහනට අදාල code පහත දැක්වේ.
Private Sub Command1_MouseMove(Button As Integer, Shift As Integer, X As Single, Y As Single)
Text1.Text = "E v e n t"
End Sub

Private Sub Form_MouseMove(Button As Integer, Shift As Integer, X As Single, Y As Single)
Text1.Text = ""
End Sub

කරලම බලන්න. අව්ලක් ගියොත් මට කියන්න.



Thursday, April 5, 2012

නුවන්ගේ පලමු පෙම


නුවන් A/L ලියල ගෙදර හිටියේ හරිම පාලුවෙන්. තමන්ගේ මිතුරු මිතුරියන්ගෙන් එක වර වෙන්වී සිටීමට සිදුවීම විටෙක නුවන්ට ටිකක් දරාගන්න බැරිඋනා. ඒ නිසා තමයි නුවන් පාලුව මකා ගන්න Qeep වලට සෙට් වුනේ. Facebook Account එකක් තිබ්බත් ඒවායේ නිතරම යාලුවෝ නැහැනේ. ඒ නිසා තමයි Qeep එයාගේ ෆෝන් එකට දා ගත්තේ. ගිනුම සාදා එයට තමාගේ ලස්සන ෆොටෝ එකකුත් දාන්න නුවන් අමතක කලේ නැහැ. සෙමින් සෙමින් නුවන් අලුත් මිතුරියන් සමග කීප විටකදීම Chat කලා. ඒක ඉස්කෝලේ යනවට වඩා හොදා කියල පස්සේ නුවන්ට හිතුනා. දැන් වෙනදා වගේ නෙමේ. නුවන් උදේ නැගිට්ට ගමන් qeep වලට ලොග් වෙනවා එයාගේ ෆෝන් එකෙන්. එතැන් පටන් නුවන් රෑ 121 විතර වෙනකම්ම කලේ Qeep වලම එල්ලිලා සිටීම. ටිකෙන් ටික කාලයත් ගත උනා. තමන්ගේ ගිනුමේ මිතුරන්ට වඩා මිතුරියන් සිටිනා බව දැක්කාම නුවන්ට ලොකු ආඩම්බරයකුත් ආවා. qeep වල තමත් එක්ක chat කරනා මිතුරියන් අතරේ තමාගේ සිත් ගත් මිතුරියක් විය. ඇයට තිබ්බේ අමුතුම ඉංග්‍රීසි හුරුවක් ගත්තු නමක්. ඒ තමා ශෙනීලියා. ඒ නම නම්  නියම නමක්. විටෙක නුවන්ට හිතුනා. ඉතින් නුවන් ඇයත් සමග කීප වරක්ම අදහස් හුවමාරු කර ගත්තා. ඇය නුවන් එක්ක chat කලේ ඉංග්‍රීසියෙන්. ඉතා තියුනු කඩු පහරවල් මෙන් ඉතා සංකීර්න ලොවෙත් නැති ඉංග්‍රීසි වලින් නුවන් එක්ක ඇය චැට් කලා. නුවනුත් අනේ! ඉතින් මලලසේකරයයි, මදුරටයි පිං සිදුවෙන්න යන්තම් කඩ්ඩේන් නොකැපී බේරුනේ අනූ නවයෙන්. දැන් වෙනදා වගේ නෙමේ, ශෙනීලියා නුවන් ගැන ටිකක් වැඩි පුර හොයනවා වගේ නුවන්ට දැනුනා. ඉස්සර දවසට වදන් 1ක් 2ක් කියපු ශෙනී දැන් රෑ 12 ටත් ඔන්ලයින් චැට්. දවසක් ශෙනීගෙන් ආපු මැස්සේජ් එක උනේ “I Love U Nuwan” කියාය. මේක දැකපු නුවන්ගේ ඇග සීතල වෙලා ගියා. හදවතේ රිද්මය වෙනස් වෙලා හිටපු තැනම ගල් ගැහුනා. කියලා තිබුනු කරුනු කාරනා හොදින් පැහැදිලි උනත් ඉක්මනට qeep වලට log උනා. ඒ වෙන කොටත් ශෙනී ඔන්ලයින් ඇවිත්. "ශෙනී ඔයා එවපු මැස්සේජ් එක මට හරියට පැහැදිලි නැහැ. . " නුවන් එහෙම ශෙනීට යැව්වේ ශෙනීගේ කටින්ම ඒක දැනගන්න ඕනි නිසා. "ඔව් මගෙ පැටියො,ඔයාට මම ගොඩාක් ආදරෙයි..." කියලා ඇයගේ ජංගම දුරකතන අංකය ත් එවලා තිබ්බා. වහා ක්‍රියාත්මක උනු නුවන් තම දුරකතනයෙන් ශෙනීට කෝල් කලා. නමුත් ශෙනී ඒක ගත්තේ නැහැ. නැවත උත්සහ කලත් ඒකත් වැරදුනා. පැය භාගයකට පස්සේ නුවන්ට ඔන්න එනවා ශෙනීලියාගෙන් කෝල් එකක්. නුවන් ඇයට කතා කලා. ඇය ඉතා දරුනු ඉංග්‍රීසි වදන් වලින් මොන මොනාදෝ කිව්වත් ඒ එකක් වත් නුවන්ට තේරුනේ නැහැ. ඉංග්‍රීසියෙන් වැඩිදුර යන්න බැහැකියල තේරුනු නුවන් අපි සිංහලෙන් කතා කරමුද කියලා ඇයට කිව්වා. ඇයත් එයට එකග උනා. දැන්නම් නියෙමයි. ඇයට හොදට සිංහල පුලුවන්. නුවන් ඇයගෙන් ඇය ගැන තොරතුරු ඇහුවා.ඇය ඉතා පොහොසත් පවුලක සිටින එකම දරුවා කියා ඇය කියද්දී නුවන්ගේ ඇස් ඉදිරියේ රුපියල් ශත මැවි මැවී පෙනුනා. ඇගේ තාත්තා කැනඩාවල රත්තරන් පතලක ඉංජිනේරුවෙක්ලු. ගෙදර ඉන්නේ ඇයයි අම්මයි ගෙදර මුර කාර අංකලුයි,ආය අම්මා විතරලු. ඇයගේ පාලුව තනිකම මකන්න ඉන්නේ පුංචි බලු පැටියෙක්ලු. මෙහෙම කියද්දී නුවන්ගේ ඇස් දෙක උඩ ගියා. තමා පෙර ආත්මයක ලොකු පිනක් කරල තියෙනවා කියලා නුවන්ට හිතුනා. නැත්තන් මේ වගේ සල්ලි කන්දක් මට හම්බවෙයිද.නුවන් තනිවම හිතුවා. දැන් පැය භාගෙන් භාගෙට ශෙනීලියාගෙන් කෝල්. එකත් මරු. නුවන්ගේ සල්ලි යන්නෙත් නැහැනේ. මේ සල්ලි කාර කෙල්ල කොච්චර ලස්සන ඇත්ද. නුවන්ට ඊලගට ආපු ලොකුම ගැටලුව උනා. කොහොම හරි ඇයගේ පොටෝ එකක් MMS කරගන්න ඔනි. නුවන්ට හිතුනා. කොහොම හරි නුවන් ඇයට කියල ම්ම්ස් එකක් එවා ගත්තා. ඇත්තටම ඇය එකක් නෙමේ 5ක් 6ක් ම එව්වා. එම පොටෝ දැක්ක නුවන්ගේ ඇස් දෙක දෙවෙනි වතාවටත් උඩ ගියා. තමා මෙතෙක් දැකපු ලස්සනම කෙල්ලගේ පොටෝ එක තමයි ඒ. දිගු කොන්ඩය, සුදුම සුදු පැහැපත් රූ සපුව, සිහින් ඉග පෙදෙස, රතු තොල්පෙති, තමාදෙස බලාසිටින්නාක් වැනි රාගී දෙනුවන්, මේවා දැක්කාම නුවන්ගේ ඇග ගල් ගැහුනා. නුවන් බොහෝ වේලාවක් ඒ දෙසම බලාගෙන හිටියා. ඇයගේ ඊලග පොටෝ වල තිබ්බේ ඇය නිවස ඇතුලේ පඩි පෙලක් උඩ වාඩි වෙලා ගත්තු පොටෝ එකක්. දෙයියනේ.මේ කෙල්ලට තියෙන්නේ තට්ටු දෙකේ ගෙයක්. නුවන් ඊලග පොටෝ එකත් බැලුවා, ඒක දැක්කම නුවන් හිටපු තැනම බිම ඉද ගත්තා. ඒ පොටෝ එකේ තිබ්බේ ශෙනීලියා අලුත්ම හයිබ්‍රිඩ් කාර් එකක දොර ඇරගෙන ඇතුලට නගින්න මොහොතකට පෙර ගත් රූපයක්. අනිත් පොටෝ එකේ තිබ්බේ ඇය ව‍යායාම  කරන අවස්තාවක ගත්තු රූපයක්. බැලූ බැල්මට ජිම් එකක වගේ , නුවන්ට හිතුනා. තමාගේ මුලු ලොකෙම ගොඩ ගියා කියලා නුවන්ට තේරුනා. නමුත් පැය කීපයක් තුල හදුනා ගත් මේ ආගන්තුක කෙල්ල කරන්නේ බොරුවක් දෝ කියනා සැකය නුවන්ගේ සිත් තුල තිබ්බා. ඒ නිසා තමයි නුවන් ඇයගේ FB Account එක ඉල්ලුවේ. ශෙනීලියා ඇසූ පමනකින්ම ඒය ලබා දුන්නේ Password සහිතවමය. ඒකෙන්ම ඔහුට ශෙනීලියා කරන්නේ ඇත්තක් කියලා වැටහී ගියා. තමාට දුන්නු හැම පොටෝ එකක්ම අඩු නැතිව ඇයගේ ගිනුමේ තිබ්බා. ඇයට මිතුරන් 2000ක් ඉක්මවා සිටිනවා දුටු නුවන්ට ලොකු භයක් දැනුනා. තමාට ආපු මේ චාංස් එක කාටවත් හම්බෙන්න දෙන්න හොද නැහැ. ඔහු හිතුවා. ඒ නිසාම ඔහු ශෙනීට Facebook ලොග් නොවෙන ලෙස දන්වා සිටියා. ශෙනී නුවන් කියපු දේ හිස් මුදුනින්ම පිලි ගත්තා.
දැන් ඉතින් love එක හොදට නැගලා යනවා. ඒ අතරේ ශෙනී කිව්වා මට ඔයාව හබෙන්න ඕනා කියලා. ඒකට ඇය තොරා ගත්තේ මීගමුව බස් නැවතුම් පල. අත මිට මුදල් නැතත් නුවන් ඇයව කොහොම හරි හම්බෙන්න යන්න ඕනා කියන මතයේ හිටියා. මේ සදහා මුදල් සපයා ගන්න ඔහු තමන්ගේ හොදම මිතුරා වන ජනකව හම්බෙන්න ගියා. සියලු විස්තර එකදු අකුරක් නෑර නුවන් ජනකට  කිව්වා. ජනකත් මේකට උදව් කරන්න එකෙන්ම කැමති උනා. මුදල් පමනක් නෙමේ ජනකගෙන් නුවන්ට හොද අවවාද ටිකකුත් ලැබුනා. කෝකටත් පෙර සූදානම ගොඩක් වටිනවා. ජනක කියපු හැටියට නුවන් ගිය ගමන් බස් නැවතුම් පලේ සැගවී ඇය පැමින සිටිනවා කියූ ස්තානය දෙස දුර සිටම නිරීක්ශනය කල යුතුයි. එතකොට ඇය මොන වගේද කියලා හිතා ගන්න පුලුවන්. දවස ආව. නුවන් ශෙනීට 8.30 වෙද්දී මීගමුවට එන්න කියලා එයා 8.00 වෙද්දී මීගමුවට ගිහින් සුදුසු තැනක සැගවී සිටියා. එතැන සිට නුවන්ට ඇය 8.30 වෙන විට පැමින සිටිනවා කියා පැවසූ ස්තානය හොදට පේනවා. කාලය ත්ත්පරයෙන් තත්පරය, මිනිත්තුවෙන් මිනිත්තුව ගෙවී ගියා. නුවන් බිත්තියකට මුවා වෙලා සැගවී ඇය එන තුරා බලා ගෙන හිටියා. 8.30 ත් පහු උනා ඇය පැමිනියේ නැත. නුවන් එපා වෙලාවගේ පිටිපස්ස හැරිලා බලද්දී කෙල්ලෙක් නුවන්ගේ පිටි පස්සේ. එක වරම නුවන්ට අදහා ගන්න බැරුව ගියා. නැවත වරක් නුවන් ඇය එනවා කියපු තැන බැලුවට ඇය හිටියේ නැහැ. "මම මම පැටියෝ . .  " එක වර නුවන්ගේ පිටිපස්සේ හිටපු කෙල්ල කිව්වා. නුවන්ගේ දෙලෝ රත් උනා . .  මේ මොන මර ගාතයක්ද මේ නුවන් සෙමින් තමන්ට හැසෙනා පරිදි මිමිනුවා. ඒ කෙල්ල පොහොසත් පව්ලක ලගින්වත් තියන්න බැරි කෙල්ලෙක් බව නුවන්ට හැගී ගියා. ඇරත් තමන්ට එවා තිබූ පොටෝ වල හිටපු කෙල්ලගේ ලගින්වත් යන්නේ නැහැ. කලුයි. නා දල්ල වාගේ රතු තොල් පෙති වෙනුවට කලුම කලු මහත තොල් විය. කෙසග සිරුර, දිගු වරලස වෙනුවට කවදාකවත් නොපීරූ, අද පමනක් පීරූ අවුල් කොන්ඩයක් ඇයට තිබුනි. කව්ද තමුසේ. නුවන් ඉතා තරහෙන් ඇයගෙන් ඇසුවා. "ඇයි අනී ඔයාට ඒ ටිකට මාව අමතක උනාද, මම ශෙනී. .  ". තමුසෙට පිස්සුද ඕයි. තමුසේ ශෙනීගේ ලගින්වත් තියන්න බැහැ. නුවන් දැඩ් කෝපයෙන් හා ලැජ්ජාවෙන් වට පිට සෙනග ඉන්නවාදැයි බලමින් ඇයට කිව්වා. "මම ඒ එව්වේ මගේ යාලුවෙක්ගේ පොටෝ" ඇය කිව්වා. ඇයි තමුසෙ මට බොරු කලේ. ඇත්ත කිව්වනම් මම තමුසෙට සමාව දෙන්න තිබ්බා. බලනවා අද මගේ කාලෙත් අපරාදේ . . "මම හිතුව ඔයා මගේ පොටෝ නරක විදියට පාවිච්චි කරයි කියලා. . " , නුවන්ට තරහත් සමග සිනහව ආවා . . මො .  මොනවා . . තමුසෙගේ පොටෝ හදල මට විකුනන් කන්නද . . තමුසෙ මාර කෙල්ලෙක්නේ ඕයි. නුවන් එහෙම කියද්දී ඇයගේ ඇස් වලින් කදුලු ආවා. ඇය අඩමින් මොන මොනාද තරහින් කිව්වා. ඔයා නුවන් යාලු වෙද්දී නම් කිව්වේ මට ඔයාගේ සල්ලි වැඩක් නැහැ. ඔය රූපෙ තාවකාලිකයි. ඒත් අපේ ආදරේ සදා කාලිකයි කියලනේ. .  ඇය ඒවා කිව්වේ ඉන්න තැන අමතක කරලා. .  බස් එකක කොන්දොස්තර කෙනෙක්ටත් ඒක ඇහුනා. තව ටිකකින් තවත් කට්ටිය මෙතෙන්ට එයි. එහෙම උනොත් නම් මම ඉවරයි. නුවන්ට හිතුනා. හරි හරි . . දැන් ඔය ඇඩිල්ල නවත්තනව . .. ඇය අතේ ගුලිකරගෙන තිබ්බ ලේන්සුව අරගෙන කදුලු පිසදා ගත්තා. කියනවා තමුසේ කව්ද?. මට ඇත්ත නම කියනවා. ඇය ටික වෙලාවක් ගියාට පස්සේ ශානිකා කියල කිව්වා. බලනවා. .  තමුසේ තාම ඉස්කෝලේ යනවා නේද. දැන්ම මේවා කරන්න හොද නැහැ. නමුත් ඇය එය පිලි ගන්නා බවක් නම් පෙන්නුවෙ නැහැ. ඒ අස්සේ කොහෙවත් නැති පරන යාලුවෙක් නුවන්ට සෙට් උනා. "හා ලෝ මචන්. .  කොහොමද?". .  නුවන්ගේ වෙලාව නුවන් හෙමීට මිතුරා දෙසට ගියා. ශෙනී නොහොත් ශානිකා ඈතට වෙලා හිටියා. "ආ . . කව්ද බන් අර කෑල්ලද. . ". පිස්සුද බන් .  ඒ නංගි මගෙන් ඇහුවා කොලඹට යන බස් එක ගැන. නුවන් හෙමින් කියමින් ටිකෙන් ටික ඇගෙන් දුරස් වී යාලුවත් එක්ක කතා කරකර එහාට ගියා. දැන් නුවන්ට ඕනේ මේ මරාලෙන් මාරුවෙන්න. මචන් මම එහෙනම් යනවා කියල නුවන් බස් නැවතුම් පලේ ඉදන් නන්නාදුනන මහා මාර්ගයේ ඉදිරියට ඇවිද්දා. ඒ අතරේ නුවන් හොර ඇහින් සැකේට වගේ පිටි පස්සේ බැලුවා. නුවන්ගේ ඇග සීතල වෙලා ගියා. .  ඇය මීටර කීපයක් ඈති තමා පසු පස කුඩයකුත් ඉහලගෙන එනවා දැක්කා. මේ නම් මම පූරුවේ කරපු පවක් පඩිසන් දෙන්න යන්නේ . . කියමින් නුවන් තමාටම කියා ගෙන පය ඉක්මන් කලා ගියා. යනකොට ඉස්සරහා වම් වැත්තට පොඩි අතුරු පාරක් තියෙනවා දැකලා ඒ පැත්තට ගියා. එහෙම ටික දුරක් ගිහින් කඩයක් ඉස්සරහා නැවතුනා. දැන්නම් අරකිට ශුවර් එකට මාව හොයා ගන්න බැරුව ගෙදර යන්න ඇති. නුවන්ට සිතුනා. ඒ අතරේ තම දුරකතනය නාදවෙනවා.  . ඒ පාර කව්ද. .  ඒ වෙන කවුරුත් නෙමේ ශෙනීලියා. නුවන් කට් කරන්න බැරි කමට ඉස්සුවා. "නුවන් කොහෙද අනේ ඔයා ගියේ," මම මේ යාලුවෙක්ගේ ගෙදරකට යන ගමන්. නුවන් කිව්වා. "මම දැක්කා ඔයා වෙන පාරක ට හැරෙනවා. . " හරි හරි මම ඉක්මනට එන්නම්කො . .  මලා . .  මේකි මම හැරෙන පාරත් දැකලා. දැන් ඉති ආපහු ගියොත් ඔය පැත්තට අනිවා මාට්ටු. ඕන දෙයක් උනාවේ . මේ පාර දිගේ ඉස්සරහට යනවා, කියා සිතූ නුවන් විනාඩි පහලොවක් තිස්සේ ඉදිරියටම ගියා. ටික දුරක් යනකොට හතරමන් හන්දියක් හමු උනා.. එතැන ත්‍රීවිල් පාක් එකක් තිබ්බා. නුවන් එක ත්‍රීවිල්  එකක් ලගට ගියා. අය්යා  . .  මීගමුව බස් නැවතුම්පලට යන්නේ කොහොමද. . ? නුවන් ත්‍රී විල් එකක් ඇතුලේ හිටපු ටිකක් මැදි වියේ කෙනෙක්ගෙන් ඇහුවා. ඇයි මල්ලි. .  ඔයා ඔයා ආපු පාර පැත්තටම ආපහු යන්න. .  එතකොට හම්බෙනවා. "අපෝ ඒ පැත්තෙන් නම් යන්න බැහැ. . " ත්‍රී විල් එක ඇතුලේ හිටපු මිනිහා තුශ්නිම්බූත වී  ටිකක් බලාගෙන ඉදලා, එහෙනම් මෙතැනින් දකුනට හැරිලා ඉස්සරහටයද්දී කෝ විලක් හම්බෙනවා. ඒක පාස් කලාට පස්සේ ආපහු දකුනට පාරක් තියෙනවා. කෙලින්ම මේන් රෝඩ් එකට වැටෙන්නේ. "ස්තූතියි අය්යා" කියූ නුවන් කියපු විදියටම ඉස්සරහට ගියා. එය පැයක පමන පාගමනක් උනා. ඒ අතරේ ශෙනීගෙන් ඇමතුම් එක පිට එක. නුවන් තම සිම් පත ගලවලා දෙකට කඩලා පාරේ අයිනේ තිබ්බ කානුවට විසිකලා. දුශ්කර ගමනකින් පසුව මහ පාරට වැටුනා. එතැනින්ම කොලඹ බස් එකකට අත දාලා නැගගත් නිමල් තමන්ට සිදු වූ අකර තැබ්බ ගැන සිතුවා. නුවන්ට ශානිකා ගැන දුකකුත් ආවා. ඒත් ශානිකා තමන්ව රවට්ටපු තරම් මතක් වෙන තරමට ඔහුට ඇය පිලිබද තරහවක් වගේම තමන් පිලිබද ලොකු ලජ්ජාවකුත් ආවා. ගෙදර ගිය පසු නුවන් Qeep එක ෆෝන් එකෙන් මකලා දැම්මා. ඇයට තව හොද පාඩමක් උගන්වන්න ඔනේ කියල ඇගේ එක FB Account එක මකා දමන්න යනකොට තමා ඔහු දැක්කේ ඇය එහි Password එක වෙනස් කර ඇති ආකාරය.

Wednesday, April 4, 2012

ටිකක් හිනාවෙමුද?

පේනවනේ නටන නැටිල්ල . . .



ඇහ් . .  මොකද උනේ . . 




පැත්තකට වෙලා ඉන්නව . .





මම ඉවරෝ . . . . . 






Monday, April 2, 2012

බුදු රදුන් දෙසු ලෝක විෂය දෙස විදු ඇසින් බලමු

කොළඹ විශ්ව විද්‍යාලයයේ භෞතික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නවීන තාක්‍ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ අභ්‍යවකාශ යෙදුම් හා තාරකා විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක, විද්‍යා කීර්තී,ආචාර්ය චන්දන ජයරත්න මහතා විසින් පලකල ලිපියක් කාලින මාතෘකා ඔස්සේ මම මෙලෙස මගේ බ්ලොග් අඩවියෙන් පලකරන්නේ හුදෙක් අද සමාජයේ බොහො දෙනෙකුගේ අවදානය දිනාගත් මාතෘකාවක් ලෙස "ලෝක විනාශය පවතින" බැවිනි. 





අද ඇතැම් පිරිස් විද්‍යාව හා බුදුදහම එකිනෙකට සැසඳීම පිළිබඳව යම් චකිතයක් දක්වනවා. මේ පිළිබඳ ඔබගේ ආකල්පය කුමක්ද?
එලෙස චකිතයක් දක්වන්නේ විද්‍යානුකූල කරුණු වෙනස් වුවහොත් බුදුදහමට එයින් යම් හානියක් වේයැයි ඇති බොරු බිය නිසයි. මෙම බුදුදහම පිළිබඳ මනා වැටහීමක් නැති අය විසින් ඇති කරගත් වැරැදි අදහසක්.
විද්‍යාත්මකව සොයා ගන්නා කරුණු වලින් සියට 50 ක් පමණ වසර 15 කට වරක් වෙනස් වෙනවා. මෙහිදී සිදුවන්නේ කලින් දැනගත් දත්ත බොරු කිරීමකට වඩා එම දැනුම තවත් පුළුල් කිරීමයි. උදාහරණයක් ලෙස චන්ද්‍රයා පෘථිවිය වටාත් පෘථිවිය ඇතුළු අනෙක් ග්‍රහයින් සූර්යා වටාත් ගමන් කරන බව කියන සංසිද්ධිය කොතරම් දියුණු වුවත් බොරු කළ නොහැකියි. මෙහිදී සිදුවන්නේ ඒ විෂය පිළිබඳ විස්තර නවීන විද්‍යා පර්යේෂණ මගින් තව තවත් සොයා ගැනීම පමණයි.
තාරකා විද්‍යාවෙන් සොයා ගෙන ඇති දේවල් රාශියක් එයට බොහෝ කාලයකට පෙර බුදුරජාණන් වහන්සේ දේශනා කර තියෙනවා. නවීන පර්යේෂණ මඟින් පවා ඒවා තව තවත් සනාථ වෙනවා. ඉතින් මේ පිළිබඳ විස්තර කියවන ජනතාව වේගයෙන් බුදුදහම වෙත ඇදී එනවා. පසුගිය වසර 10 – 20 කාලය තුළ ඇමරිකාවේ පමණක් බෞද්ධයෝ මිලියන 18 ක් ගොඩනැඟී තියෙනවා. ඒ අයට තේරෙනවා බුදුදහමේ තියෙන විශ්වසනීයත්වය හා සත්‍යය.

එසේනම් විද්‍යාව බුදුන් සරණ ගියේ ද?
මෙහිදී සරණ යාමකට වඩා අප කථා කළ යුත්තේ සැසඳීමක් පිළිබඳව. කාලාම සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ යමක් කියූ පමණින් පිළිගන්නේ නොමැතිව එය ප්‍රඥාගෝචර යැයි වැටහේ නම් පමණක් පිළිගන්න කියායි. ඉතින් විමර්ශනය සඳහා සැසඳීමෙන් බුදුදහමේ බොහෝ දේවල් නවීන සංකල්පය මගින් අපට අවබෝධ කර ගැනීමේ පහසුවක් ඇතිවෙනවා. ඒ විතරක් නොවෙයි 2550 වන විට විද්‍යාව නමැති කුළුගෙඩියෙන් ගසා විනාශ කරන්නට බැරිව ඉතුරුවෙන එකම දහම බුදුදහම ලෙස ආතර්සී ක්ලාක් මහතා සිය ගැඹුරු මුහුද නමැති කෘතියේ පෙන්වා දී තිබෙනවා.
බෞද්ධ විශ්ව විද්‍යාව යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?
බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර ගණනාවක විශ්වය පිළිබඳ විවිධ කරුණු අන්තර්ගත වෙනවා. බුදුරජාණන් වහන්සේ විවිධ ස්ථාන වලදී බෞද්ධ සූත්‍ර 20,000 කට ආසන්න ප්‍රමාණයක් දේශනා කළා. මෙයින් සූත්‍ර 53 ක පමණ ලෝක විෂය හෙවත් අප අද කථා කරන විශ්ව විද්‍යාව පිළිබඳව පැහැදිලි කර තිබෙනවා.
ඒ අනුව මේ විෂය බෞද්ධ විශ්ව විද්‍යාව (Buddhist Cosmology) ලෙස හඳුන්වනවා. එහි ඇතුළත් කරුණුත් අද නවීන විද්‍යාවෙන් විවිධ පරීක්‍ෂණ කර සොයා ගන්නා කරුණුත් අතර ඉතා කිට්ටු සම්බන්ධතාවක් පවතිනවා. එපමණක් නොවෙයි මෙම බෞද්ධ විශ්ව විද්‍යාවෙහි ඇතුළත් සමහර කරුණු තවමත් නවීන විද්‍යාවෙන් පවා සොයා ගෙන නොමැති බැව් විශේෂයෙන් සඳහන් කළ යුතු යි.
එදත් අදත් අපේ ජනතාව අතර හිරු, සඳු, පොළව ආදිය පිළිබඳවත් සෞර්යග්‍රහ පද්ධතිය පිළිබඳවත් බැලුවේ මහත් කුතුහලයකින් යුතුවයි. අප ජීවත්වෙන පෘථිවිය තියෙන්නේ කොහේද?, රාත්‍රියේ දකින අහස තරු සහිත විශ්වය අනන්තද නැද්ද, පරිමිතද, අපරිමිතද, විශ්වයට කෙළවරක් තිබේද, මිනිසා බිහිවූයේ කෙසේද, මේ විශ්වයේ සිටින දියුණු ජීවීන් අප පමණ ද, යනාදි ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට සැමදාම ඔවුන් උත්සුක වුණා.
මේ ප්‍රශ්න බුද්ධ කාලයේ දී ද පැවතියා. චුල්ල මාලුංක්‍ය පුත්‍ර සූත්‍රයට අනුව මාලුක්‍ය පුත්ත තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් මෙවැනි ප්‍රශ්න විමසීමෙන් ම ඒ බව මනාව පෙනී යනවා. මෙයට බුදුරජාණන් වහන්සේ දුන් පිළිතුර වූයේ බඹයක් පමණ වූ ශරීරය පිළිබඳව බැලීමෙන් මේවාට විසඳුම් සොයා ගත හැකි බවයි. එනම් විදර්ශනා භාවනා කළ යුතුය යන්නයි.
ඒවගේම සප්ත සූරියෝද්ගමන සූත්‍රය, අග්ගඤ්ඤ සූත්‍රය, ප්‍රථම කෝසල සූත්‍රය, දක්‍ෂිණ විභංග සූත්‍රය එම සූත්‍ර අතර ප්‍රධාන වෙනවා. මෙම සූත්‍ර දේශනා මගීන් විශ්වයේ ආරම්භය, ලෝකය බිහිවීම, ලෝක විනාශය, ජීවයේ සම්භවය හා ව්‍යාප්තිය පිළිබඳ විශාල කරුණු ප්‍රමාණයක් පෙන්වා දී තිබෙනවා.
මීට අමතරව අංගුත්ත නිකායේ භූමිචාල සූත්‍රයේ භූමිකම්පා පිළිබඳව විස්තර වී තිබෙනවා. මේ සූත්‍රවල සඳහන් බොහෝ කරුණු නවීන තාරකා විද්‍යාව මගින් තහවුරු කරන අතරම විශ්වය පිළිබඳ බුදුදහම මගින් විස්තර කරන තවත් සමහර කරුණු නවීන විද්‍යාව මගින් මෙතෙක් සොයා ගෙන නෑ.
මින් පෙනී යන්නේ බුදුදහමේ විශ්වය පිළිබඳව සඳහන් වන කරුණු තවමත් ඡ්දරු වියේ පසුවන නවීන විද්‍යාවේ එන විශ්වය පිළිබඳ කැරණු වලට වඩා ඉදිරියෙන් සිටින බවයි. බුදුදහම හැර විශ්වය පිළිබඳව විග්‍රහ කළ මෙවැනි වෙනත් ආගමක් නැහැ.



ජීවයේ සම්භවය පිළිබඳව මෑතකදී සොයා ගත් කරුණු හා බුදුදහමේ අග්ගඤ්ඤ සූත්‍රයේ එන කරුණු අතරත් යම් සමාන කමක් දැකිය නොහැකි ද?
මුල් කාලයේ පෘථිවියේ ප්‍රාථමික සුපය කියලා එකක් ඇමයිනෝ අම්ල වලින් සැදිලා තියෙනවා. ඒක අකුණු ගැසීම නිසා මුල් කාලයේ පැවති ඇමයිනෝ වායු සමඟ හැදෙන්න ඇති. ඇතැම් විද්වතුන් කියනවා පිටතින් ආපු ජීවීන් ඇවිල්ලා, ඒ තුළ සිදු වූ පරිණාමයත් සමඟ වර්ධනය වුණා කියලා. තවත් අය කියනවා එම ජීවීන් එහිම හැදුනා කියලා නමුත් එසේ ඉබේ ජීවීන් හටගන්නැති බව දැන් පර්යේෂණ වලින් සනාථ වෙලා තියෙනවා. මොකද ඇමයිනෝ අම්ලය සැදුනත් එතන ජීවයක් හටගන්නේ නෑ.
නමුත් බුදුදහමේ අග්ගඤ්ඤ සූත්‍රයෙන් කියවෙන්නේ ආභස්සර බ්‍රහ්මලෝකයේ ඉඳලා ආපු මනෝමය ශරීරයක් තියෙන, දිලිසෙන ශරීරයක් තියෙන, අහසින් යාමේ හැකියාව ඇති කිහිප දෙනෙක් ඇවිත් පහළට බැහැලා අර රස පොළව පොඩිකර කාලා බලපුවහම රස නිසා එය දිගටම කාලා තියෙනවා. එයින් පසු තෘෂ්ණාව ඔවුන් තුළ වැඩිවෙලා මේ අයට අහසින් යාමේ හැකියාව නැතිවෙලා තියෙනවා. එතැන් සිට දීර්ඝ විස්තරයක් එම සූත්‍රයේ සඳහන් වෙනවා.
මේ ප්‍රාථමික සුපය ගැනම බුදුරජාණන් වහන්සේ වෙනත් විදිහකට මෙසේ දේශනා කරනවා. වෙඩරු බඳු ය. ගිතෙල් බඳු ය, පිලවුන් නැති මීවදයක් බඳුය, උණුකළ කිරිමත සෑදෙන යොදය බඳුය කියලා. දැන් විද්‍යාවේ දී කියන්නේ මේ ප්‍රාථමික සුපය ඇමයිනෝ අම්ල වලින් සැදුණු දෙයක් කියලා. වෙඬරු කියන්නේ මොනවද, ගිතෙල් කියන්නේ මොනවද, යොදය කියන්නේ මොනවද මේ සියල්ල ඇමයිනෝ අම්ල එතකොට මේ කථා කරලා තියෙන්නේ එක දෙයක් පිළිබඳව නේද?. එදා ඒ ඇමයිනෝ අම්ල කියන වචනය වෙනුවට මිනිසුන්ට තේරුම් ගන්න පුළුවන් වචන භාවිතා කරලා එය දේශනා කරලා තියෙනවා.
ත්‍රිපිටකයට අයත් සූත්‍ර ධර්මයක, මහා මේඝ වර්ෂාවක් මගින් වා දූලි පටලයක් කැටිගැසීමෙන් සෞරග්‍රහ මණ්ඩලය ඇති වූ බැව් පෙන්වා දෙනවා. මේ පිළිබඳ ඔබ දරන මතය කුමක්ද?
තාරකා විද්‍යාවට අනුව සෞරග්‍රහ මණ්ඩලයේ සම්භවය සිදු වූයේ මීට වසර මිලියන 4500 කට පෙර. මුල් කාලයේ දී ඇති වූ සැම ග්‍රහ ලෝකයක් වටා ම දූලි වලා පටලයක් වැසී තිබුණා. දූලි වල්ගයක් ද ඒවාට තිබීම විශේෂත්වයක් වුණා.
මෙම දූලි වලිගය ඉන් වසර මිලියන කිහිපයකට පසුව සූර්යයාගේ ආලෝකයේ පීඩනය - හේතු කොට ගෙන ඉවත් වී ගොස් ඇති බව නවීන විද්‍යාව පෙන්වා දෙනවා. මින් හැඟෙන්නේ මුල් කාලයේ දී සඳ හිරු හෝ කිසිදු තරුවක් පෘථිවියේ සිට බැලූ විට නොපෙනුනු බවයි. මෙලොව සත්ත්වයාගේ හටගැනීම සඳහන් වන දීඝනිකායේ පටික වර්ගයේ අග්ගඤ්ඤ සූත්‍රය, සමස්ත විශ්ව ක්‍රියාවලිය පිළිබඳව සාරාංශයක් ලෙස ගත හැකියි.
පෘථිවියේ බිහිවීම පිළිබඳව කථා කරන විට මහා මේඝ වර්ෂාවක් පිළිබඳව බුදුදහමේ සඳහන් වූවත් විශ්වයේ සම්භවය සිදුවන විට වා දූලි වලා පටලවල මෙවැනි වර්ෂාවක් ඇති වීමට ඉඩ තිබේ දැයි මෑතක් වන තුරුම මාහට සැකයක් තිබුණා. නමුත් මීට වසර 3 – 4 කට පෙර ඔරායන් නිහාරිකාවේ ජලය තිබෙන බවටත් එහි ඇති හයිඩ්‍රජන් හා ඔක්සිජන් එකතු වී එක් දිනකදී අපේ ලෝකයේ සාගරවල ඇති ජලය මෙන් 300 ප්‍රමාණයක් ජලය සෑදෙන බවටත් විද්‍යාඥයන් සොයා ගත්තා.
ඒ අනුව අපට පැහැදිලි වෙනවා බුදු දහමේ එන මහා මේඝ වර්ෂාව වැනි සංසිද්ධි නව සෞරග්‍රහ මණ්ඩලයක් සෑදීමේ දී සිදුවන බව.
එවගේම මීට වසර 2552 කට පෙරාතුව අප බුදුරජාණන් වහන්සේ දේශනා කළ ලෝක විෂයය පිළිබඳ කරුණු තවමත් නවීන විද්‍යාව මගීන් සුළු වශයෙන් සොයා ගනිමින් සිටින බව මේ අනුව අපට කිව හැකියි.
සහස්සී ලෝක ධාතුව ලෙස බුදුදහමේ විග්‍රහ වී ඇති දේ නවීන තාරකා විද්‍යාඥයින් හඳුනාගෙන ඇත්තේ කවර ආකාරයකටද?
හිරු - සඳු එකලෙසම ගමන් කරන බව බුදුදහමේ සඳහන් වැදගත් කරුණක්. හිරු හා සඳු යම්තාක් දුර බබළවමින් ගමන් කරයි ද ඒතාක් දුර ප්‍රමාණය සහස්සි ලෝක ධාතුව ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. මේ බව අංගුත්තර නිකායේ සප්ත සුරියොද්ගමන සූත්‍රයේ හා සංයුක්ත නිකායේ අරුණවති සූත්‍රයේ සඳහන් වෙනවා. මේ ආකාරයට සහස්සී ලෝක ධාතුව ලෙස බුදුදහමේ හැඳින් වූ දේ අද නවීන විද්‍යාවේ මන්දාකිනිය බව අද තාරකා විද්‍යාඥයෝ පිළිගෙන තිබෙනවා.
මීට වසර 2552 කට පෙර බුදුරජාණන් වහන්සේ දේශනා කළ තවත් සුවිශේෂී කරුණක් වූයේ මේ සහස්සි ලෝක ධාතු 1000 ක් එකතු වී පොකුරක් සෑදෙන බවයි. එය ද්විසහස්සි ලෝක ධාතු 1000 ක් එකතු වී ත්‍රිසහස්සි ලෝක ධාතුව සැදී ඇති බවද බෞද්ධ සූත්‍ර ධර්ම වල සඳහන් වෙනවා. ඉන් අනතුරුව එම ත්‍රිසහස්සි ලෝක ධාතුව මගින් විශ්වය සැදී ඇති බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා.
අද නවීන විද්‍යාවට අනුවද මන්දාකිනි ගණනාවක් එක් වී මන්දාකිනි පොකුරක් (Cluster of galaxies) සෑදෙන බව සොයා ගෙන තිබෙනවා.ඊට පසු ඒ පොකුරු එක් වී සුපිරි මන්දාකිනි පොකුරක් (Super Cluster)  සැදී ඇති බවද ඒවා එකතු වී විශ්වය සෑදී ඇති බව ද තාරකා විද්‍යා නිරීක්‍ෂණ වලින් දැන් සොයා ගෙන තිබෙනවා. මේ සුපිරි මන්දාකිනි පොකුරු තාරකා විද්‍යාඥයින් විසින් සොයා ගනු ලැබුවේ මීට වසර කිහිපයකට පෙර බව මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුයි.
බුදුදහමේ සඳහන් සහස්සී ලෝක ධාතුව මේ අනුව නවීන විද්‍යාවේ මන්දාකිනියකට සමාන බවත්, බුදුදහමේ එන ද්වීසහස්සි ලෝක ධාතුව නවීන විද්‍යාවේ මන්දාකිනි පොකුරුවලට සමාන බවත්, බුදුදහමේ එන ත්‍රිසහස්සි ලෝක ධාතුව මීට වසර කිහිපයකට පෙර සොයාගත් සුපිරි මන්දාකිනි පොකුරු වලට සමාන බව මේ අනුව පැහැදිලි වෙනවා.
මහා සිංහනාද සූත්‍රයේ දිව්‍යලෝක හයක් ඇති බැව් සඳහන්. මේ දිව්‍යලෝක අපේ සෞරග්‍රහ මණ්ඩලයට එහායින් ඇති ග්‍රහලෝක විය නොහැකිද?
බුදුදහමට අනුව එක් ඉරකින් හා එක් සඳකින් ආලෝකවත් වන භූමි ප්‍රමාණය, ‘චූලනිකා’ ලෝක ධාතුව ලෙස හඳුන්වනවා. ‘චූලනිකා’ ලෝක ධාතුවෙහි මනුෂ්‍ය ලෝකය හා තිරිසන් ලෝකය ඇතුළුව ලෝක 31 ක් තිබෙන බවද සඳහන්. එහි මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 4200 ක් ගිය තැන දිව්‍යලෝක හා බ්‍රහ්ම ලෝක පිහිටන අයුරු පිළිබඳවද විස්තර කර තිබෙනවා.
මේ ලෝක සොයා ගැනීමට තරම් තවම විද්‍යාව සමත් වී නැ. මේ විස්තරය අනුව මට පෙනී යන්නේ ඉහත දැක් වූ ලෝක පෘථිවිය වටා පිහිටි ගෝලාකාර තල කිහිපයක් වශයෙන් යොදුන් 42,000 – 42,000 උඩින් පිහිටලා ඇතැයි යන්නයි. එහෙත් ඒවා සෙනසුරු, අඟහරු වැනි ග්‍රහ ලෝක නම් නොවෙයි.
අන්තරීක්‍ෂ වර්ෂය හා කල්පය පිළිබඳ ඔබගේ විග්‍රහය කුමක්ද?, එසේම එහි සංඛ්‍යා විද්‍යාත්මක වටිනාකම කෙබඳුද?
බුදුරජාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂණයක් පෙරුම් පිරුවා. එසේම අනාගතයේ ලොවට පහළ වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ සොළොස් අසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම් පුරමින් සිටිනවා. නවීන විද්‍යාවට අනුවත් බුදුහාමුදුරුවන් පැවසූ කරුණු අනුවත් මන්දාකිනිය වටා සූර්යයා පමණක් නොවෙයි සම්පූර්ණ සෞරග්‍රහ මණ්ඩලය ම ගමන් කරනවා.එහි වේගය තත්පරයට කිලෝමීටර් 275 ක් බවද හෙළි වී තිබෙනවා.
මන්දාකිනිය වටා එක් වටයක් සම්පූර්ණ කිරීමට හිරුට ගතවන කාලය තාරකා විද්‍යාවේ හඳුන්වනු ලබන්නේ අන්තරීක්‍ෂ වර්ෂය ලෙසයි. නමුත් අන්තරීක්‍ෂ වර්ෂයක් යනු භාවිත වර්ෂ මිලියන 225 ක් බවයි. කලින් සඳහන් කර තිබුණේ ඒත් අලුත්ම ගණනය කිරීම් වලට අනුව වසර මිලියන 240 ක් බව සොයා ගෙන තිබෙනවා.
පුරාණ ඡ්‍යොතිෂයට අනුව කල්පය ලෙස හඳුන්වන කාලයට මහා යුග 71 ක් තිබෙනවා. මහා යුගයක් උප යුග 4 කින් සමන්විතයි. එහි පළමුවැන්න කෘත උප යුගයයි. එයට අයත් කාලය වසර 17 ලක්‍ෂ විසිඅට දහසයි. දෙවැන්න වූ ත්‍රෙතා උපයුගයට අයත් වන කාලය වසර 12 ලක්ෂ අනුග්‍රහය දහසයි. ඊළඟ උප යුගය ද්විපර යුගයයි. එයට වසර අට ලක්‍ෂ හැට දහසක් අයත් වෙනවා. කලී උප යුගය ඊළඟ උප යුගයයි. එයට ගතවන කාලය වසර හාරලක්‍ෂ තිස් දෙදහසයි. මෙම මුළු එකතුව වසර හතළිස් තුන් ලක්‍ෂ විසිදහසයි.
මේ මහ යුගයට ඇති කාලය 71 න් වැඩි කළ විට ලැබෙන අගය කල්පයට ඇති වසර ගණනයි. එය වසර 3.07 x 108ක්. නවීන විද්‍යාවේ අප පහදා දුන් අත්තරීක්‍ෂ වර්ෂයට ගතවන කාලය වසර 2.4 x 10 8 ක් වෙනවා. එකම ගණයේ පිහිටි මේ කාල පරාස දෙක ආසන්න වශයෙන් සමාන ලෙස ගත හැකියි. නවීන විද්‍යාඥයින්ගේ දියුණුවත් සමඟ අන්තරීක්‍ෂ වසරට යන කාලය ක්‍රමයෙන් වැඩිවෙමින් පවතිනවා. මේ අනුව අනාගතයේ දී මේ අගයන් දෙක බොහෝ දුරට සමාන විය හැකියි.
මෙහිදී දැකිය හැකි විශේෂත්වය වන්නේ අපේ අතීත මුතුන් මිත්තන් එදා කල්පය නම්කර ඇත්තේ යම් පදනමක පිහිටලා යන්නයි. එනම් පෘථිවිය හිරුවටා යාමට ගතවන කාලය වසරක් හා හිරුට මන්දාකිනියක් වටා ගමන් කිරීමට ගතවන කාලය කල්පයක් යන තේරුම ඇතිවයි. නවීන විද්‍යාත්මක සොයා ගැනීම් වලට අනුවත් සෞරග්‍රහ මණ්ඩලය සමඟ හිරු, බුදුරජාණන් වහන්සේ මීට වසර 2552 කට පෙර දේශනා කළ ආකාරයට මන්දාකිනිය (චක්‍රාවාටය) වටා ගමන් ගත්තා බව දැන් තහවුරු වී තිබෙනවා. අංගුත්තර නිකායේ ආනන්ද වග්ගයේ දසවෙනි සූත්‍රයේ සහස්සී ලෝක ධාතුවට අයත් ලෝකද දක්වා තිබෙනවා.
අද නවීන විද්‍යාවේ විශාලතම ඉලක්කම ලෙස අප හඳුන්වන්නේ ඇව ගාඩ්රෝ සංඛ්‍යාවයි. එනම්, 6.02 x 10 23නමුත් තුන්තරා බෝධියකින් නිවන් මග පතන බෞද්ධයින් පාරමිතා 1000 ක් සම්පූර්ණ කිරීමට සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම් පිරිය යුතු බව ධර්මයේ තිබෙනවා. ගණිත විද්‍යානුකූලව බලන විට මේ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් යනු අවුරුදු 4x10140 x 3.07x10 8 x 10000 වැනි සංඛ්‍යාවක් පැරණි පොත් පත් වලට අනුව අසංඛ්‍ය යනු 10140 ප්‍රමාණය බව සඳහන්. අද තාරකා විද්‍යාවේදී හා භෞතික විද්‍යාවේ දී භාවිතා වන සංඛ්‍යා වලට වඩා එදා අපේ අතීත මුතුන් මිත්තන් ආගමික කටයුතු වලදී භාවිතා කළ එම සංඛ්‍යා ගණිතමය අගයෙන් ඉහළ මට්ටමක තිබූ බව මින් මනාව පැහැදිලි වෙනවා.
නවීන තාරකා විද්‍යාව හා සැසඳීමේ දී බුදුදහම ඊට වඩා ඉදිරියෙන් සිටිනවා නේද?
ක්‍රි.පූ. 640 දී තේල්ස් තමයි කිව්වේ පොළව යනු මුහුදේ ඉන්න තල්මස්සු තුන් දෙනෙකුගේ පිටේ පාවෙන බන්දේශියක් වාගේ පැතලි තැටියක් කියලා. එතකොටත් පොළව රවුම් කියලා දැනගෙන සිටියේ නෑ. පසුව මතයක් ආවා ඉබ්බෙකුගේ පිටේ ඉන්න අලි තුන්දෙනක් අර්ධ ගෝලාකාර රවුමක් උස්සගෙන ඉන්නවා. මෙය තමයි පෘථිවිය කියලා.
බුද්ධ කාලය වන විට බටහිර තාරකා විද්‍යාව පොළව රවුම් ද කියලවත් සොයා ගෙන තිබුණේ නෑ. ඔය වගේ තත්ත්වයක් බටහිර තියෙද්දී පෘථිවිය ගෝලාකාරයි කියලා ඇරිස්ටෝටල් කිව්වේ ක්‍රි.පූ. 384 දී. මේ වන විට බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ පහළ වෙලා විශ්වයේ ආරම්භය, ලෝකයේ හට ගැනීම එහි විනාශය ආදී සියල්ලම සඳහන් කරලා අවසන්.
බොහොමයක් බුදුදහමේ සඳහන් මේ තොරතුරු අරගෙන තමයි බටහිර විද්‍යාඥයින් අද අප දන්නා තාරකා විද්‍යාවේ සංකල්ප දියුණු කරලා තියෙන්නේ.
කනගාටුව තියෙන්නේ අපේ රටවල බුදුදහමින් මේවා අරගෙන නොබෙල් ත්‍යාගය දක්වා දියුණු කර ගෙන යාමේ හැකියාව නෑ. එවැනි දෙයක් ගැන සලකන්නට ගියොත් අපේ අය ඒ දිහා බලන්නේ අවඥා සහගතව. බටහිරින් ආවොත් තමා අගය තියෙන්නේ.
එවගේම විශ්වයේ ප්‍රසාරණය පිළිබඳව, සෞරග්‍රහ මණ්ඩලයට පරිබාහිර සිටින දියුණු ජීවීන් පිළිබඳව, කළු කුහර පිළිබඳව මෙතෙක් නවීන විද්‍යාවෙන් සොයා ගත් හා සොයා නොගත් විස්තර රැසක් බුදුදහමේ සූත්‍රවල අන්තර්ගතව තිබෙනවා.
උදාහරණයක් ලෙස කළු කුහර පිළිබඳව මහායාන බුදුදහමෙහි ගාර්ලන්ද සූත්‍රයේ ඉතා හොඳට පැහැදිලි කර දී තිබෙනවා.
අපේ පුරාණ ලංකාවේ මිහිඳුමාහිමියන් වැඩවසන කාලයේ දේවානම්පියතිස්ස රජුගේ මහ ඇමැතිගේ විනෝදාංශය වූයේ තාරකා විද්‍යාවයි. බටහිර පොත් පත් වල සඳහන් නොවුනාට එදා සිටම තාරකා විද්‍යාව ලංකාව තුළ දියුණු වෙලා පැවතුණා. එයට පදනම බුදුදහමින් ලැබෙන්නට ඇති.
මේ සියලු කරුණු එක් රැස් කොට ගත්කල අපට කිවහැක්කේ පැහැදිලිවම බුදුදහම අද පවතින නවීන තාරකා විද්‍යාවට වඩා ඉදිරියෙන් සිටින බවයි. නමුත් බුදුරජාණන් වහන්සේ නිවනට පිටුවහලක් නොවන නිසා ලෝක විෂය, විශ්වය ගැන එතරම් ලොකු වැදගත් කමක්දී නෑ. එවැනි තත්ත්වයක තමයි බුදුදහම මෙතරම් ඉදිරියෙන් සිටින්නේ.


අමුතු බෝලයක්


කාසියේ වාසිය


බඩු නැතිවෙලා


දෙගුනයක් ඉක්මන්



ඇහැ නිසා


සිරියාවතී


ලස්සන හැසිරීම


මරු පාර


සිංහල Love SMS වල කෙටි යෙදුම්


සිංහල Love SMS වල කෙටි යෙදුම් ටිකක් ලැබුනා. ඉති මම හිතුවා ඔයාලට මේවා ඕන වෙයි කියලා. පුංචි ආතල් වැඩවලට පට්ට . .


හැබැයි පුතෝ බැරි වෙලාවත් AB කියලනම් ගහන්න එපා . . 

අදිවේගෙන් නෙට් යන්න මෙන්න හොදම එක



COMODO  අලුත්ම web browser එක. මේක හරියට

Google Chrome වගේමයි. හැබැයි ඊට වඩා වේගවත්. පරිගනකයේ අඩු දාරිතවක් තමා ගන්නේ.


මම මේ කියන්නේ බොරුවක්ද කියලා ඔයාලට මේක Download කරලම බලන්න පුලුවන්. ආරක්ශාවත් හොදට පවත්වගෙන යන නිසා ඔයාට බයවෙන්න දේකුත් නැ .  ගිහිල්ලම බලන්න


Jolicloud


Joli OS කියන්නේ නවතම cloud තාක්ෂනය යොදා ගෙන නිර්මානය කර ඇති අපූරු පද්දතියක්. ඔයාලගෙ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ ඇතුලත් සැම දෙයක්ම මෙහි අඩංගුයි. cloud තාක්ෂනයේදී ඔයාගේ පරිගනකය අනිවාර්යයෙන්ම ඉන්ටර්නෙට් හා සම්බන්දව තිබිය යුතුයි. ඒ නිසා හොද අන්තර්ජාල සබදතාවක් නැති අයට මම කියන්නේ මේක දැනුවත් කිරීමක් හැටියට තියා ගන්න කියලා. Unlimited connection එකක් තියෙන අය ට්‍රයි කරලා බලන්න . .

මෙතැනින් යන්න

Notepad වලින් Computer එක පිස්සු වට්ටමු


ඔන්න මම අද ගෙනාව පොඩි code වගයක්. ඔයාලට ඔයාලගෙ යලුවන්ව සිරාවටම බයකරන්න පුලුවන්. මේවා notepad වල type කරන්න. ඊට පස්සේ .vbs extensio යන නමින් සේව් කරල run  කරන්න. නවත්තන්න ඕනේ නම් විතරක් කරන්න. Task Manager වල Process වල wscript.exe select කරල endprocess button එක click කරන්න.


CapLock Key on off කරන්න

Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
loop

type කරන හැම පාරම backspace එකක් ගස්සවන්න

MsgBox “Let’s rock and roll”
Set wshShell =wscript.CreateObject(“WScript.Shell”)
do
wscript.sleep 100
wshshell.sendkeys “{bs}”
loop

Machine එක Shutdown කරවන්න (මේකනම් මම කරල බැලුවෙ නෑ)

@echo off
msg * I don’t like you
shutdown -c “Hahahah You are Doomed” -s

CD/DVD drive eject කරවන්න

Set oWMP = CreateObject(“WMPlayer.OCX.7″)
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count – 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count – 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop

යන ගමන් comment  එකක් දාල යනවද . . 

කට්ටියට ලස්සන Wallpaper ගන්න පුලුවන් තැනක්


 

ඔන්න මම ඔයාලට ගෙනාව පට්ට Wallpaper  බාගන්න පුලුවන් සයිට් එකක් . .  සුපිරි . . . ගිහිල්ලම බලන්න .
.  කොමින්ටුවක් දාන්න

මෙතැනින් යන්න

Visual Basic වල තියෙන මූලික Operators හදුනා ගනිමු


Operators’ ගින් අපේ වැඩසටහනක අන්තර්ගත මෙතනදී මම යම්කිසි සංඛයාවක් ගන්නම්. අපිට සංඛයා 2ක් එකතු කරන්න අඩු කරන්න, වැඩි කරන්න සහ බෙදන්න උපයෝගී කරගන්න පුලුවන්. පහත වැඩ සටහනෙන් ඔයාලට ඒක තේරුම් ගන්න පුලුවන්.

Arithmetical
මෙවැනි සංකයා එකතු කිරීමට ගන්නා Operators’ වලට අපි පොදුවේ Arithmetical Operators’ කියා කියනවා.  

සංඛයා දෙකක් එකතු කරීම

ඉහත project එකට අදාල code

Private Sub Command1_Click()
txt3.Text = Val(txt1.Text) + Val(txt2.Text)
End Sub

Private Sub Command2_Click()
txt1.Text = ""
txt2.Text = ""
txt3.Text = ""
End Sub

සංඛයා දෙකක් අඩුකරීම

ඉහත project එකට අදාල code

Private Sub Command1_Click()
txt3.Text = Val(txt1.Text) + Val(txt2.Text)
End Sub

Private Sub Command2_Click()
txt1.Text = ""
txt2.Text = ""
txt3.Text = ""
End Sub

සංඛයා දෙකක් වැඩිකරීම

ඉහත project එකට අදාල code

Private Sub Command1_Click()
txt3.Text = Val(txt1.Text) + Val(txt2.Text)
End Sub

Private Sub Command2_Click()
txt1.Text = ""
txt2.Text = ""
txt3.Text = ""
End Sub

සංඛයා දෙකක් බෙදීම

ඉහත project එකට අදාල code

Private Sub Command1_Click()
txt3.Text = Val(txt1.Text) + Val(txt2.Text)
End Sub

Private Sub Command2_Click()
txt1.Text = ""
txt2.Text = ""
txt3.Text = ""
End Sub