Showing posts with label ජොලි කතා පෙට්ටිය. Show all posts
Showing posts with label ජොලි කතා පෙට්ටිය. Show all posts

Saturday, April 7, 2012

අපේ කාලයේ කෙල්ලෙක් සහ කොල්ලෙක්


 

  ලස්සන පුංචි කෙල්ලෙකුයි , අහිංසක පාට කොල්ලෙකුයි OPD එකට ආවා..... මමත් සුපුරුදු විදියල හිනා වෙලා ඒ දෙන්නව පිළිගත්තා.කොහොමත් මම කැමතියි මගෙ වයසට ගැලපෙන කට්ටිය එනවට බේත් ගන්න....‍ෆිට් එකේ කතා කරන්නවත් පුලුවන්නෙ.. (මගෙ වයසෙ කිවුවට මොකද ඒ දෙන්නගෙයි මගෙයි වයස පරතරය අවුරුදු පහක් හයක් විතර... )
 දෙන්නම ටිකක් ලැජ්ජාවෙන් වගේ....
 "මොකද මේ පැත්තේ...?" මම ඇහුවෙ නෑ.. ඒ වගේ බැලුවා. ඒත් තවමත් ඒ දෙන්නම නිශ්ශ්බ්දයි.
මොනව කරන්නද..මම මගෙ හිතේ තිබුන ප්‍රශ්නය වචන වලට හැරෙවුවා......
 "මම ප්‍රෙග්නන්ට් ද කියල බලාගන්න ඕනා මට.." කෙල්ල බිම බලාගෙන උත්තර දුන්නා. ඒ වෙලාවෙයි මට තෙරුනේ මේ දෙන්නාගේ ලැජ්ජාවට හේතුව. කොහොමත් පළවෙනි බබා ගැන දැනගන්න එනකොට අම්මලා ටිකක් මේ වගේ ලැජ්ජා වෙනවා මට අමුතු දෙයක් නෙමෙයි...
ඒත් ඉතින් අදාල පරීක්ෂණ වලින් කියවුනේ එයා ප්‍රෙග්නන්ට් නැහැ කියලා...මට ටිකක් විතර දුකත් හිතුනා.. බලපොරොත්තු වුන සතුට ඒ දෙන්නට දෙන්න නොලැබුන එක ගැන....
"ම්ම්ම්.... මේකෙ විදියට නම් පරීක්ෂනය නෙගෙටිව්...කමක් නෑ ඔයාලාට තව ඕනා තරම් කල් තියනවානෙ..." මම එහෙම කිවුවා.ඔන්න එතකොට තමයි අර කෙල්ලගෙ මූනට එලියක් වැ‍ටුනෙ.. ඇත්තමයි එලියක් වැ‍ටුනා. කොල්ලාත් සැනසුම් සුසුමක් හෙලුවා... මොකද මේ වෙන්නෙ.. මට හිතා ගන්නත් අමාරුයි වගේ..
"මේ ටෙස්ට් එක නෙගටිව් කියන්නෙ මම ප්‍රෙග්නන්ට් නෙමේ කියන එක ද?" කෙල්ල ආයෙමත් අහනවා සැකයෙන් වගේ.. ඔන්න ඒ වෙලාවෙ නම් මටත් පුංචි සැකයක් වගේ එකක් මතු වුණා....
"පොඩ්ඩක් ඉන්න.. ඔයාලා බැඳලා නැද්ද??? "
එහෙම අහනකොටම මම දැක්කා කොල්ලා ගෙ කරේ එල්ලාගෙන හිටිය ක්ලාස් ගෙනියන බෑග් එකයි, අතේ තිබුනු ෆයිල් කවරෙ තිබුන ටියුට්ස් ටිකයි... ඉතින් තව වෙන මොන කතා ද... මට ඒ දෙනාට කියන්න දෙයක් හිතා ගන්න ටිකක් අමාරු වුනා...
"ඔයාලා ආයෙ මේ වගේ වැඩ කරන්න එපා" කියන්නද? එහෙම කියන එක හරිද වැරදිද කියන එකටත් වඩා මට හිතුනෙ එහෙම කියලා වැඩක් තියනවාද කියන එකයි...
කොහොම හරි මම අන්තිමට කිවුවෙ "ආයෙමත් මේ වගේ දෙයක් වෙනවා නම් පරිස්සම් වෙන්න.. ඒ වගේම පැය 72ක් ඇතුලත ගන්න බේත් පෙත්තක් තියනවා...ඒක ගන්න....."
ඒ දෙන්නා සතුටින් (?) ආපහු ගියා.
මම තවමත් කල්පනා කරනවා මම දුන්න උපදෙස හරිද කියලා... ලංකාව වගේ රටකට මේ වගේ උපදෙසක් දෙන එක හොඳ මදි කියලා කාට හරි හිතෙන්නත් පුළුවන්
...ඒත් ලංකාව කියලා මේ වගේ දේවල් සිද්ද නොවී තියෙන්නෙත් නෑනෙ.. ඒ නිසා ආයෙත් වෙන වැරදීමකින් ඒ කෙල්ලගෙ ජීවිතේම අඳුරු වෙනවා ට වඩා,ඒකෙන් මොකක් හරි හොඳක් වෙයිනෙ..


 මොනවා වුනත් මම සතු‍ටු වෙනවා "ඔයා ෆෝලික් ඇසිඩ් බොන්න පටන් ගන්න... ක්ලිනික් එකේ රෙජිස්ටර් වෙන්න.. ඒ සේරටම කලින් ගෙවල් වලට කියලා බඳින්න" කියලා කියන්න සිද්ධ නොවුනු එක ගැන නම්..


ඒ මොනවා වුනත් ආදරේ එක්කම පැටලෙන මේ වගේ දේවල් වලින් අපේ පුංචි කෙල්ලන්ගෙ කොල්ලන්ගෙ ජීවිත බේරාගන්න මොකක් හරි සාර්ථක ක්‍රමයක් තියෙනවා නම් හොඳයි කියලා මට හිතෙනවා..

ඉහත ලිපිය මම ගත්තේ http://lokayekonaka.blogspot.com යන සබැදියෙන්. ඔයාලත් ගිහිල්ලා බලන්න. මොකද හිතෙන්නේ මේ ලිපිය ගැන. මට ඔයාලගේ අදහස් දැන ගන්න කැමතියි

Thursday, April 5, 2012

නුවන්ගේ පලමු පෙම


නුවන් A/L ලියල ගෙදර හිටියේ හරිම පාලුවෙන්. තමන්ගේ මිතුරු මිතුරියන්ගෙන් එක වර වෙන්වී සිටීමට සිදුවීම විටෙක නුවන්ට ටිකක් දරාගන්න බැරිඋනා. ඒ නිසා තමයි නුවන් පාලුව මකා ගන්න Qeep වලට සෙට් වුනේ. Facebook Account එකක් තිබ්බත් ඒවායේ නිතරම යාලුවෝ නැහැනේ. ඒ නිසා තමයි Qeep එයාගේ ෆෝන් එකට දා ගත්තේ. ගිනුම සාදා එයට තමාගේ ලස්සන ෆොටෝ එකකුත් දාන්න නුවන් අමතක කලේ නැහැ. සෙමින් සෙමින් නුවන් අලුත් මිතුරියන් සමග කීප විටකදීම Chat කලා. ඒක ඉස්කෝලේ යනවට වඩා හොදා කියල පස්සේ නුවන්ට හිතුනා. දැන් වෙනදා වගේ නෙමේ. නුවන් උදේ නැගිට්ට ගමන් qeep වලට ලොග් වෙනවා එයාගේ ෆෝන් එකෙන්. එතැන් පටන් නුවන් රෑ 121 විතර වෙනකම්ම කලේ Qeep වලම එල්ලිලා සිටීම. ටිකෙන් ටික කාලයත් ගත උනා. තමන්ගේ ගිනුමේ මිතුරන්ට වඩා මිතුරියන් සිටිනා බව දැක්කාම නුවන්ට ලොකු ආඩම්බරයකුත් ආවා. qeep වල තමත් එක්ක chat කරනා මිතුරියන් අතරේ තමාගේ සිත් ගත් මිතුරියක් විය. ඇයට තිබ්බේ අමුතුම ඉංග්‍රීසි හුරුවක් ගත්තු නමක්. ඒ තමා ශෙනීලියා. ඒ නම නම්  නියම නමක්. විටෙක නුවන්ට හිතුනා. ඉතින් නුවන් ඇයත් සමග කීප වරක්ම අදහස් හුවමාරු කර ගත්තා. ඇය නුවන් එක්ක chat කලේ ඉංග්‍රීසියෙන්. ඉතා තියුනු කඩු පහරවල් මෙන් ඉතා සංකීර්න ලොවෙත් නැති ඉංග්‍රීසි වලින් නුවන් එක්ක ඇය චැට් කලා. නුවනුත් අනේ! ඉතින් මලලසේකරයයි, මදුරටයි පිං සිදුවෙන්න යන්තම් කඩ්ඩේන් නොකැපී බේරුනේ අනූ නවයෙන්. දැන් වෙනදා වගේ නෙමේ, ශෙනීලියා නුවන් ගැන ටිකක් වැඩි පුර හොයනවා වගේ නුවන්ට දැනුනා. ඉස්සර දවසට වදන් 1ක් 2ක් කියපු ශෙනී දැන් රෑ 12 ටත් ඔන්ලයින් චැට්. දවසක් ශෙනීගෙන් ආපු මැස්සේජ් එක උනේ “I Love U Nuwan” කියාය. මේක දැකපු නුවන්ගේ ඇග සීතල වෙලා ගියා. හදවතේ රිද්මය වෙනස් වෙලා හිටපු තැනම ගල් ගැහුනා. කියලා තිබුනු කරුනු කාරනා හොදින් පැහැදිලි උනත් ඉක්මනට qeep වලට log උනා. ඒ වෙන කොටත් ශෙනී ඔන්ලයින් ඇවිත්. "ශෙනී ඔයා එවපු මැස්සේජ් එක මට හරියට පැහැදිලි නැහැ. . " නුවන් එහෙම ශෙනීට යැව්වේ ශෙනීගේ කටින්ම ඒක දැනගන්න ඕනි නිසා. "ඔව් මගෙ පැටියො,ඔයාට මම ගොඩාක් ආදරෙයි..." කියලා ඇයගේ ජංගම දුරකතන අංකය ත් එවලා තිබ්බා. වහා ක්‍රියාත්මක උනු නුවන් තම දුරකතනයෙන් ශෙනීට කෝල් කලා. නමුත් ශෙනී ඒක ගත්තේ නැහැ. නැවත උත්සහ කලත් ඒකත් වැරදුනා. පැය භාගයකට පස්සේ නුවන්ට ඔන්න එනවා ශෙනීලියාගෙන් කෝල් එකක්. නුවන් ඇයට කතා කලා. ඇය ඉතා දරුනු ඉංග්‍රීසි වදන් වලින් මොන මොනාදෝ කිව්වත් ඒ එකක් වත් නුවන්ට තේරුනේ නැහැ. ඉංග්‍රීසියෙන් වැඩිදුර යන්න බැහැකියල තේරුනු නුවන් අපි සිංහලෙන් කතා කරමුද කියලා ඇයට කිව්වා. ඇයත් එයට එකග උනා. දැන්නම් නියෙමයි. ඇයට හොදට සිංහල පුලුවන්. නුවන් ඇයගෙන් ඇය ගැන තොරතුරු ඇහුවා.ඇය ඉතා පොහොසත් පවුලක සිටින එකම දරුවා කියා ඇය කියද්දී නුවන්ගේ ඇස් ඉදිරියේ රුපියල් ශත මැවි මැවී පෙනුනා. ඇගේ තාත්තා කැනඩාවල රත්තරන් පතලක ඉංජිනේරුවෙක්ලු. ගෙදර ඉන්නේ ඇයයි අම්මයි ගෙදර මුර කාර අංකලුයි,ආය අම්මා විතරලු. ඇයගේ පාලුව තනිකම මකන්න ඉන්නේ පුංචි බලු පැටියෙක්ලු. මෙහෙම කියද්දී නුවන්ගේ ඇස් දෙක උඩ ගියා. තමා පෙර ආත්මයක ලොකු පිනක් කරල තියෙනවා කියලා නුවන්ට හිතුනා. නැත්තන් මේ වගේ සල්ලි කන්දක් මට හම්බවෙයිද.නුවන් තනිවම හිතුවා. දැන් පැය භාගෙන් භාගෙට ශෙනීලියාගෙන් කෝල්. එකත් මරු. නුවන්ගේ සල්ලි යන්නෙත් නැහැනේ. මේ සල්ලි කාර කෙල්ල කොච්චර ලස්සන ඇත්ද. නුවන්ට ඊලගට ආපු ලොකුම ගැටලුව උනා. කොහොම හරි ඇයගේ පොටෝ එකක් MMS කරගන්න ඔනි. නුවන්ට හිතුනා. කොහොම හරි නුවන් ඇයට කියල ම්ම්ස් එකක් එවා ගත්තා. ඇත්තටම ඇය එකක් නෙමේ 5ක් 6ක් ම එව්වා. එම පොටෝ දැක්ක නුවන්ගේ ඇස් දෙක දෙවෙනි වතාවටත් උඩ ගියා. තමා මෙතෙක් දැකපු ලස්සනම කෙල්ලගේ පොටෝ එක තමයි ඒ. දිගු කොන්ඩය, සුදුම සුදු පැහැපත් රූ සපුව, සිහින් ඉග පෙදෙස, රතු තොල්පෙති, තමාදෙස බලාසිටින්නාක් වැනි රාගී දෙනුවන්, මේවා දැක්කාම නුවන්ගේ ඇග ගල් ගැහුනා. නුවන් බොහෝ වේලාවක් ඒ දෙසම බලාගෙන හිටියා. ඇයගේ ඊලග පොටෝ වල තිබ්බේ ඇය නිවස ඇතුලේ පඩි පෙලක් උඩ වාඩි වෙලා ගත්තු පොටෝ එකක්. දෙයියනේ.මේ කෙල්ලට තියෙන්නේ තට්ටු දෙකේ ගෙයක්. නුවන් ඊලග පොටෝ එකත් බැලුවා, ඒක දැක්කම නුවන් හිටපු තැනම බිම ඉද ගත්තා. ඒ පොටෝ එකේ තිබ්බේ ශෙනීලියා අලුත්ම හයිබ්‍රිඩ් කාර් එකක දොර ඇරගෙන ඇතුලට නගින්න මොහොතකට පෙර ගත් රූපයක්. අනිත් පොටෝ එකේ තිබ්බේ ඇය ව‍යායාම  කරන අවස්තාවක ගත්තු රූපයක්. බැලූ බැල්මට ජිම් එකක වගේ , නුවන්ට හිතුනා. තමාගේ මුලු ලොකෙම ගොඩ ගියා කියලා නුවන්ට තේරුනා. නමුත් පැය කීපයක් තුල හදුනා ගත් මේ ආගන්තුක කෙල්ල කරන්නේ බොරුවක් දෝ කියනා සැකය නුවන්ගේ සිත් තුල තිබ්බා. ඒ නිසා තමයි නුවන් ඇයගේ FB Account එක ඉල්ලුවේ. ශෙනීලියා ඇසූ පමනකින්ම ඒය ලබා දුන්නේ Password සහිතවමය. ඒකෙන්ම ඔහුට ශෙනීලියා කරන්නේ ඇත්තක් කියලා වැටහී ගියා. තමාට දුන්නු හැම පොටෝ එකක්ම අඩු නැතිව ඇයගේ ගිනුමේ තිබ්බා. ඇයට මිතුරන් 2000ක් ඉක්මවා සිටිනවා දුටු නුවන්ට ලොකු භයක් දැනුනා. තමාට ආපු මේ චාංස් එක කාටවත් හම්බෙන්න දෙන්න හොද නැහැ. ඔහු හිතුවා. ඒ නිසාම ඔහු ශෙනීට Facebook ලොග් නොවෙන ලෙස දන්වා සිටියා. ශෙනී නුවන් කියපු දේ හිස් මුදුනින්ම පිලි ගත්තා.
දැන් ඉතින් love එක හොදට නැගලා යනවා. ඒ අතරේ ශෙනී කිව්වා මට ඔයාව හබෙන්න ඕනා කියලා. ඒකට ඇය තොරා ගත්තේ මීගමුව බස් නැවතුම් පල. අත මිට මුදල් නැතත් නුවන් ඇයව කොහොම හරි හම්බෙන්න යන්න ඕනා කියන මතයේ හිටියා. මේ සදහා මුදල් සපයා ගන්න ඔහු තමන්ගේ හොදම මිතුරා වන ජනකව හම්බෙන්න ගියා. සියලු විස්තර එකදු අකුරක් නෑර නුවන් ජනකට  කිව්වා. ජනකත් මේකට උදව් කරන්න එකෙන්ම කැමති උනා. මුදල් පමනක් නෙමේ ජනකගෙන් නුවන්ට හොද අවවාද ටිකකුත් ලැබුනා. කෝකටත් පෙර සූදානම ගොඩක් වටිනවා. ජනක කියපු හැටියට නුවන් ගිය ගමන් බස් නැවතුම් පලේ සැගවී ඇය පැමින සිටිනවා කියූ ස්තානය දෙස දුර සිටම නිරීක්ශනය කල යුතුයි. එතකොට ඇය මොන වගේද කියලා හිතා ගන්න පුලුවන්. දවස ආව. නුවන් ශෙනීට 8.30 වෙද්දී මීගමුවට එන්න කියලා එයා 8.00 වෙද්දී මීගමුවට ගිහින් සුදුසු තැනක සැගවී සිටියා. එතැන සිට නුවන්ට ඇය 8.30 වෙන විට පැමින සිටිනවා කියා පැවසූ ස්තානය හොදට පේනවා. කාලය ත්ත්පරයෙන් තත්පරය, මිනිත්තුවෙන් මිනිත්තුව ගෙවී ගියා. නුවන් බිත්තියකට මුවා වෙලා සැගවී ඇය එන තුරා බලා ගෙන හිටියා. 8.30 ත් පහු උනා ඇය පැමිනියේ නැත. නුවන් එපා වෙලාවගේ පිටිපස්ස හැරිලා බලද්දී කෙල්ලෙක් නුවන්ගේ පිටි පස්සේ. එක වරම නුවන්ට අදහා ගන්න බැරුව ගියා. නැවත වරක් නුවන් ඇය එනවා කියපු තැන බැලුවට ඇය හිටියේ නැහැ. "මම මම පැටියෝ . .  " එක වර නුවන්ගේ පිටිපස්සේ හිටපු කෙල්ල කිව්වා. නුවන්ගේ දෙලෝ රත් උනා . .  මේ මොන මර ගාතයක්ද මේ නුවන් සෙමින් තමන්ට හැසෙනා පරිදි මිමිනුවා. ඒ කෙල්ල පොහොසත් පව්ලක ලගින්වත් තියන්න බැරි කෙල්ලෙක් බව නුවන්ට හැගී ගියා. ඇරත් තමන්ට එවා තිබූ පොටෝ වල හිටපු කෙල්ලගේ ලගින්වත් යන්නේ නැහැ. කලුයි. නා දල්ල වාගේ රතු තොල් පෙති වෙනුවට කලුම කලු මහත තොල් විය. කෙසග සිරුර, දිගු වරලස වෙනුවට කවදාකවත් නොපීරූ, අද පමනක් පීරූ අවුල් කොන්ඩයක් ඇයට තිබුනි. කව්ද තමුසේ. නුවන් ඉතා තරහෙන් ඇයගෙන් ඇසුවා. "ඇයි අනී ඔයාට ඒ ටිකට මාව අමතක උනාද, මම ශෙනී. .  ". තමුසෙට පිස්සුද ඕයි. තමුසේ ශෙනීගේ ලගින්වත් තියන්න බැහැ. නුවන් දැඩ් කෝපයෙන් හා ලැජ්ජාවෙන් වට පිට සෙනග ඉන්නවාදැයි බලමින් ඇයට කිව්වා. "මම ඒ එව්වේ මගේ යාලුවෙක්ගේ පොටෝ" ඇය කිව්වා. ඇයි තමුසෙ මට බොරු කලේ. ඇත්ත කිව්වනම් මම තමුසෙට සමාව දෙන්න තිබ්බා. බලනවා අද මගේ කාලෙත් අපරාදේ . . "මම හිතුව ඔයා මගේ පොටෝ නරක විදියට පාවිච්චි කරයි කියලා. . " , නුවන්ට තරහත් සමග සිනහව ආවා . . මො .  මොනවා . . තමුසෙගේ පොටෝ හදල මට විකුනන් කන්නද . . තමුසෙ මාර කෙල්ලෙක්නේ ඕයි. නුවන් එහෙම කියද්දී ඇයගේ ඇස් වලින් කදුලු ආවා. ඇය අඩමින් මොන මොනාද තරහින් කිව්වා. ඔයා නුවන් යාලු වෙද්දී නම් කිව්වේ මට ඔයාගේ සල්ලි වැඩක් නැහැ. ඔය රූපෙ තාවකාලිකයි. ඒත් අපේ ආදරේ සදා කාලිකයි කියලනේ. .  ඇය ඒවා කිව්වේ ඉන්න තැන අමතක කරලා. .  බස් එකක කොන්දොස්තර කෙනෙක්ටත් ඒක ඇහුනා. තව ටිකකින් තවත් කට්ටිය මෙතෙන්ට එයි. එහෙම උනොත් නම් මම ඉවරයි. නුවන්ට හිතුනා. හරි හරි . . දැන් ඔය ඇඩිල්ල නවත්තනව . .. ඇය අතේ ගුලිකරගෙන තිබ්බ ලේන්සුව අරගෙන කදුලු පිසදා ගත්තා. කියනවා තමුසේ කව්ද?. මට ඇත්ත නම කියනවා. ඇය ටික වෙලාවක් ගියාට පස්සේ ශානිකා කියල කිව්වා. බලනවා. .  තමුසේ තාම ඉස්කෝලේ යනවා නේද. දැන්ම මේවා කරන්න හොද නැහැ. නමුත් ඇය එය පිලි ගන්නා බවක් නම් පෙන්නුවෙ නැහැ. ඒ අස්සේ කොහෙවත් නැති පරන යාලුවෙක් නුවන්ට සෙට් උනා. "හා ලෝ මචන්. .  කොහොමද?". .  නුවන්ගේ වෙලාව නුවන් හෙමීට මිතුරා දෙසට ගියා. ශෙනී නොහොත් ශානිකා ඈතට වෙලා හිටියා. "ආ . . කව්ද බන් අර කෑල්ලද. . ". පිස්සුද බන් .  ඒ නංගි මගෙන් ඇහුවා කොලඹට යන බස් එක ගැන. නුවන් හෙමින් කියමින් ටිකෙන් ටික ඇගෙන් දුරස් වී යාලුවත් එක්ක කතා කරකර එහාට ගියා. දැන් නුවන්ට ඕනේ මේ මරාලෙන් මාරුවෙන්න. මචන් මම එහෙනම් යනවා කියල නුවන් බස් නැවතුම් පලේ ඉදන් නන්නාදුනන මහා මාර්ගයේ ඉදිරියට ඇවිද්දා. ඒ අතරේ නුවන් හොර ඇහින් සැකේට වගේ පිටි පස්සේ බැලුවා. නුවන්ගේ ඇග සීතල වෙලා ගියා. .  ඇය මීටර කීපයක් ඈති තමා පසු පස කුඩයකුත් ඉහලගෙන එනවා දැක්කා. මේ නම් මම පූරුවේ කරපු පවක් පඩිසන් දෙන්න යන්නේ . . කියමින් නුවන් තමාටම කියා ගෙන පය ඉක්මන් කලා ගියා. යනකොට ඉස්සරහා වම් වැත්තට පොඩි අතුරු පාරක් තියෙනවා දැකලා ඒ පැත්තට ගියා. එහෙම ටික දුරක් ගිහින් කඩයක් ඉස්සරහා නැවතුනා. දැන්නම් අරකිට ශුවර් එකට මාව හොයා ගන්න බැරුව ගෙදර යන්න ඇති. නුවන්ට සිතුනා. ඒ අතරේ තම දුරකතනය නාදවෙනවා.  . ඒ පාර කව්ද. .  ඒ වෙන කවුරුත් නෙමේ ශෙනීලියා. නුවන් කට් කරන්න බැරි කමට ඉස්සුවා. "නුවන් කොහෙද අනේ ඔයා ගියේ," මම මේ යාලුවෙක්ගේ ගෙදරකට යන ගමන්. නුවන් කිව්වා. "මම දැක්කා ඔයා වෙන පාරක ට හැරෙනවා. . " හරි හරි මම ඉක්මනට එන්නම්කො . .  මලා . .  මේකි මම හැරෙන පාරත් දැකලා. දැන් ඉති ආපහු ගියොත් ඔය පැත්තට අනිවා මාට්ටු. ඕන දෙයක් උනාවේ . මේ පාර දිගේ ඉස්සරහට යනවා, කියා සිතූ නුවන් විනාඩි පහලොවක් තිස්සේ ඉදිරියටම ගියා. ටික දුරක් යනකොට හතරමන් හන්දියක් හමු උනා.. එතැන ත්‍රීවිල් පාක් එකක් තිබ්බා. නුවන් එක ත්‍රීවිල්  එකක් ලගට ගියා. අය්යා  . .  මීගමුව බස් නැවතුම්පලට යන්නේ කොහොමද. . ? නුවන් ත්‍රී විල් එකක් ඇතුලේ හිටපු ටිකක් මැදි වියේ කෙනෙක්ගෙන් ඇහුවා. ඇයි මල්ලි. .  ඔයා ඔයා ආපු පාර පැත්තටම ආපහු යන්න. .  එතකොට හම්බෙනවා. "අපෝ ඒ පැත්තෙන් නම් යන්න බැහැ. . " ත්‍රී විල් එක ඇතුලේ හිටපු මිනිහා තුශ්නිම්බූත වී  ටිකක් බලාගෙන ඉදලා, එහෙනම් මෙතැනින් දකුනට හැරිලා ඉස්සරහටයද්දී කෝ විලක් හම්බෙනවා. ඒක පාස් කලාට පස්සේ ආපහු දකුනට පාරක් තියෙනවා. කෙලින්ම මේන් රෝඩ් එකට වැටෙන්නේ. "ස්තූතියි අය්යා" කියූ නුවන් කියපු විදියටම ඉස්සරහට ගියා. එය පැයක පමන පාගමනක් උනා. ඒ අතරේ ශෙනීගෙන් ඇමතුම් එක පිට එක. නුවන් තම සිම් පත ගලවලා දෙකට කඩලා පාරේ අයිනේ තිබ්බ කානුවට විසිකලා. දුශ්කර ගමනකින් පසුව මහ පාරට වැටුනා. එතැනින්ම කොලඹ බස් එකකට අත දාලා නැගගත් නිමල් තමන්ට සිදු වූ අකර තැබ්බ ගැන සිතුවා. නුවන්ට ශානිකා ගැන දුකකුත් ආවා. ඒත් ශානිකා තමන්ව රවට්ටපු තරම් මතක් වෙන තරමට ඔහුට ඇය පිලිබද තරහවක් වගේම තමන් පිලිබද ලොකු ලජ්ජාවකුත් ආවා. ගෙදර ගිය පසු නුවන් Qeep එක ෆෝන් එකෙන් මකලා දැම්මා. ඇයට තව හොද පාඩමක් උගන්වන්න ඔනේ කියල ඇගේ එක FB Account එක මකා දමන්න යනකොට තමා ඔහු දැක්කේ ඇය එහි Password එක වෙනස් කර ඇති ආකාරය.

Wednesday, April 4, 2012

ටිකක් හිනාවෙමුද?

පේනවනේ නටන නැටිල්ල . . .



ඇහ් . .  මොකද උනේ . . 




පැත්තකට වෙලා ඉන්නව . .





මම ඉවරෝ . . . . . 






Monday, April 2, 2012

අමුතු බෝලයක්


කාසියේ වාසිය


බඩු නැතිවෙලා


දෙගුනයක් ඉක්මන්



ඇහැ නිසා


සිරියාවතී


ලස්සන හැසිරීම


මරු පාර


සිංහල Love SMS වල කෙටි යෙදුම්


සිංහල Love SMS වල කෙටි යෙදුම් ටිකක් ලැබුනා. ඉති මම හිතුවා ඔයාලට මේවා ඕන වෙයි කියලා. පුංචි ආතල් වැඩවලට පට්ට . .


හැබැයි පුතෝ බැරි වෙලාවත් AB කියලනම් ගහන්න එපා . .