Tuesday, August 27, 2013

Lion Dictionary Update

Lion Dictionary V 1.1.0.1 UPDATE 
නව සංස්කරනය පිලිබදව 


 Lion Dictionary පලමු සංස්කරනය වන V 1.1.0.0 ඔබ අතට පත් කරන්නේ ඉමහත් සතුටකින්. මේ සංස්කරනයේදී පලමු වැඩසටහනේ මා විසින් හදුනා ගත් අඩුපාඩු සහ Lion පරිශීලකයන්ගේ නව අදහස් සහ යෝජනා මත වැඩි දියුනු කර ඇත. ඔබට ඇහුම් කන් දෙන සමහර විට ලංකාවේ තියෙන ප්‍රතම වැඩසටහන වන්නේ Lion Dictionary..!
අලුත් විශේෂාංග 




…පලමු නිර්මාණයට වඩා මෙම වැඩසටහනේ සෙවීමේ හැකියාව තවත් වැඩිදියුනු කලා. එහි මම දැක්ක සමහර Bugs සහ Errors වලට විසදුම් ලබා දුන්නා. ඒ අනුව විශේෂයෙන්ම බහු සෙවීමේ(Multi Search) කුසලතාවය වැඩිදියුනු කලා. තනි වචනයක අගට එක Space එකක් හෝ තිබූවිට පෙර වැඩහටහනේ ඒම වචනය සෙවීමට ලක් නොකිරීම හෝ Multi Search එකක් ලෙස හදුනා ගත්තද මෙම වැඩසටහනේ වැඩි දියුනු කිරීමත් සමග ඒ අඩුපාඩුව මම ඉවත් කලා. 

Undo Step
…ඇත්තටම සෙවීමක් සිදුකර Resual List එකේ වචනයක් තේරූ කල ඒ වචනය Select වී අර්ථය පෙන්වනවා. නමුත් එවන් අවස්ථාවකදී යලි පෙර තත්වයට නැත්තන් UNDO කිරීමට හැකියාවක් තිබුනේ නැහැ. මෙය මා විසින් හදුනාගත් අඩුපාඩුවක්. ඒ නිසා තමයි පියවරක් යලි පසු පසට යන්න පුලුවන් පොඩි බොත්තමක් එකතු කලේ. 

Esc Clear
රීලග කරුන තමයි Keyboard එකේ Esc බොත්තම මගින් Clear කිරීමට හැකි ලෙස මම වැඩි දියුනු කලා. මේක Report කර අදහසක්. 

Report Form Update


Report Form එක වැඩි දියුනු කලා. පෙර තිබූ Report Form එකේදී සිදුකලේ liondictionary@gmail.com එකට එම Email එක භාවිතයෙන්ම Report එවීමක්. මේ නිසා මට අවාසි දෙකක් සිදු උනා. එකක් තමයි Report කරන්නගේ වැඩි දුර තොරතුරු මට නොලැබී යාම. අඩුම තරමේ ඒ කෙනාගේ Email එකවත් තියෙනව නම් මට වටිනව. ඊලග එක තමයි එකම වේලාවකදී රටවල් කීපයකින් Report කිරීම සිදුවන විට Google එකෙන් මගේ Account එකට අනවසරයෙන් ඇතුල් වෙන කතාවක් කියනව. 
ඉතින් මේ නිසා මම Report Form එකට ඔයාලගේ Email එක භාවිතයෙන්ම මට Report ලබා ගන්න පුලුවන් ක්‍රමයක් හැදුව. මෙතැනදී ඔයාලගේ Email එකේ Password එක දෙන්න ඕනේ. බය වෙන්න එපා. මම කාගෙවත් රහස්‍ය අංක සොරා ගන්නේ නැහැ. මේ තාක්ෂනික ක්‍රමවේදයේදී එය අවශය නිසා තමා එය ඉල්ලන්නේ. නැත්තන් මම ඕක දාන්නෙත් නැහැ. ඊට පස්සෙ කැමතිනම් දුරකතන අංකය සහ Skype Name ඇතුලත් කරන්න පුලුවන් Text Field දෙකකුත් එකතු කලා. දැන් නම් Report එක අංග සම්පූර්ණයි.

Quick Open from F6
මතකද පලමු Version එකේදී L key එක ඔබාගෙන තත්පර දෙකක් ඉන්න කොට Program එක Open වෙන්න හැදුව. බලන් ගියාම ඒක මහ එපා කරපු වැඩක්. ඒ නිසා මම එක පාරින්ම ගන්න පුලුවන් විදියට F6 බොත්තමට මේ හැකියාව ලබා දුන්නා. 

ලැබෙන Result එකේ එන වචනයක් මත දෙවරක් Click කිරීමෙන් එහි අර්ථය ලබාදෙන විදියට වැඩි දියුනු කලා. ඒ වගේමයි ඒ Resualt එකටම Pop Up Menu එකක් මම ඇතුලත් කලා. මේකත් මට කල ඉල්ලීමක් මත එකතු කරපු දෙයක්. 

මීට අමතරව මම නොකියපු අඩුපාඩු කීපයක් මම හැදුව.
ඉතින් Lion Dictionary පිලිබද ඔයාලගේ අදහස් යෝජනා චෝදනා මේ ඕනම දේකට මම සූදානම්. 

මම කවදත් ඔයාලට ඇහුම්කන් දෙනව යාලුවනේ. Version 1.1.0.0  වල බොහෝ  වෙනස් කම් සිදුකලේ මේ මට එවපු Report එක නිසා. 

 Eshan Dio Rango
ඔයාට ගොඩක් ස්තූතියි මට අඩුපාඩුව පෙන්නුවට.  




Lion Dictionary යාවත්කාලීන කරීමට ස්තූතියි.

 අවවාදයයි..!  
මෙය යාවත්කාලීන (UPDATE) ගොනුවක් පමනි. ඔබ මීට පෙර Lion Dictionary වැඩසටහන ස්තාපනය (Install) කර නැතිනම් මෙය භාගත (DOWNLOAD) කිරීමෙන් වලකින්න. දැනටමත් Lion Dictionary භාවිතා කරන අය මෙය භාවිතා කිරීමෙන් පහසුවෙන් Update කරගත හැක. Update කිරීමේදී වැඩසටහන Run වේ නම් එය Close කරන්න.


5MB ZIP File


මම
R.K.D Chinthaka Deshapriya
LION SOFTWARE Developer

Monday, August 26, 2013

Phone 3 ක් එක පාර වට්ටමු Galaxy S4 vs iPhone 5 vs Galaxy S3 (Schoollk සමග DROP TEST)


මේ වීඩියෝ එකෙන් පෙන්නන්නේ ලෝකයේ මිල අදිකම සහ හොදම Smart Phone මාදිලි 3ක් වන Galaxy S4 , Galaxy S3 සහ Apple iPhone 5 කියන දුරකතන බිමට අත හැර පෙන්වීම


Galaxy Note 2 එකක් බිමට අත හරිමු. (Schoollk සමග DROP TEST)





වර්ගය: Samsung Galaxy Note 2 N7100
උපකරනය පිලිබද විස්තර :  http://www.gsmarena.com/samsung_galaxy_note_ii_n7100-4854.php

ලංකාවේ මුදලින් : Price Range : Rs. 67,900 to Rs. 99,990 

Sunday, August 25, 2013

Apple i Phone 4S එකක් සහ Samsung Galaxy S3 එකක් බිමට අතහැරීම. (Schoollk සමග DROP TEST)


ඔන්න අද ඉදන් මම අමුතුම වැඩක් පටන් ගන්න යන්නේ. මම හිතන්නේ ලංකාවේ පලමු වරට තමා මේ වගේ ලිපි පෙලක් අරගෙන එන්නේ. මේකේ ලියනවට වඩා බලන් ඉන්න තමා තියෙන්නේ. මට හිතුනා ඔයාලට Drop Test කරන Video සෙට් එකක් අරන් එන්න. මේව මම ගන්නෙත් YouTube වලින් තමා. ඒත් මට ඕනේ මේකෙන් මගෙ බ්ලොග් එකට එන අයට විනෝදයක් ලබා දෙන්න. ඇත්තටම Drop Test කරල Phone ගන්න තරම් අපිට සල්ලි නැහැ. ඒත් YouTube වල ඕන තරම් Video තියෙනව Drop Test කරන. Drop Test කරනව කියන්නේ උපකරනයක් බිමට අත ඇරල සිදුවන හානිය ගැන තක්සේරුවක් ගැනීම. මේ තමා මගේ පලමු වීඩියෝව. මේ අක්ක බිමට අත අරින්න යන්නේ පැකින් කඩපු අලුත්ම Phone දෙකක්. දෙකම ලෝකය හොල්ලපු Smart Phone 2 ක්. එකක් Apple iPhone 4S, අනෙක තමා Samsung Galaxy S3. ඉතින් බලන්නකො මොකද වෙන්නේ කියල. 


Thursday, August 22, 2013

Android Phone වලට පට්ට PC Manager වැඩසටහනක්




දැන් මම ටිකක් Android පැත්තට බර කරල තමා පෝස්ට් ලියන්නේ. මොකද Android Device ඒ තරමටම අපේ ජීවිත ආක්‍රමනය කරල තියෙනවා. අද මම ඔයාලට ඉතාම වැදගත් මෘදුකාංගයක් හදුන්වලා දෙන්න තමා යන්නේ. මෙයාගේ නම තමයි "Mobogenie". 

මොකක්ද මේ Mobogenie කියන්නේ කියල බලමු. Mobogenie කියන්නේ ඔයාගේ Android Phone එක Computer එකට සම්බන්ද කරාම ඔයාගේ Phone එක පරිගනකය උපකාරයෙන් කලමණාකරනය(Manage) කරන්න උදව් කරන අපූරු වැඩසටහනක්. ඔයාට කරන්න තියෙන්නේ Data Cable එක අරගෙන Computer එකට ගහන එක විතරයි. 


ඉතුරු ටික Mobogenie බලා ගන්නවා. ඇත්තටම මේ Mobogenie  කියන තරම් වැඩ කාරයෙක්ද! අපි බලමු මෙයාට කරන්න පුලුවන් මොනාද කියල.
  1. ඔයාගේ Phone එකේ Tab එකේ File බලන්න පුලුවන්. (SD Data)
  2. ඉතා පහසුවෙන් Backup සහ Restore කිරීමේ පහසුකම. (Contact/Massage/Apps/Video/Music).
  3. ".APK" File පටිගනකය මගින් Install කිරීමේ පහසුකම.
  4. Contact No බැලීමට සහ ඒවා Manage කිරීමේ පහසුකම.
  5. SMS බලන්න සහ ඒවා Manage කිරීමේ පහසුකම.
  6. දැනට Install කරල තියෙන Application Update කරන්න, Uninstall කිරීමේ පහසුකම. මෙහිදී Mobile Data වලින් නෙමේ Update වෙන්නේ.
  7. Phone එකේ තියෙන Music/Videos බැලීමට සහ Manage කිරීමට හැකිවීම.
  8. පරිගනකය Internet වලට සම්බන්ද කර ඇත්නම් එම Data යොදාගෙන Games,Apps,Wallpapers ආදිය දුරකතනයට Install කර දීම.

…මේ වගේ වැඩ ගොඩම් මෙයා කරනවා. හරිම Smart Program එකක්. ඕන නොතේරෙන කෙනෙක්ට පහසුවෙන් තේරෙන්න හදපු වැඩසටහනක්. ඉතින් ඔයත් බල බල ඉන්නේ නැතුව මේක Install කර ගන්න. මේ වැඩසටහන 15MB වගේ පොඩි Software එකක්. එහෙනම් මම ගියා. ජය වේවා!.. 



Wednesday, August 21, 2013

Microsoft තුල වටහා ගැනීමට නොහැකි වූ රහස්


ඔයාල අපි දන්නේ නැති බොහෝ අභිරහස් මේ ලොකේ තියෙනවා. සමහර අභිරහස් තවම විසදිලා නැහැ. ඒවා සදාකාලික අභිරහස් සේ යටපත්ව පවතිනවා. ඉතින් මම ඔයාලව අද ටිකක් පුදුම කරන්න යන්නේ. මේ ලිපිය කියවල විතරක් මදි. කියල තියෙන ක්‍රියාකාරකම් ඒ විදියට කරලත් බලන්න. එතකොට තමයි ගැම්මක් එන්නේ. 


  • Microsoft හි සැගවුනු පලමු රහස. 

 
ඔයා දන්නවද ඔයාගේ පරිගනකය තුල "CON" කියල නම් කරල Folder හදන්න බැරි විත්තිය. පුලුවන්නම් Try කරල බලන්න. Folder එකේ නම වෙනුවට CON කියල දාල බලන්න මොකද වෙන්නේ කියල.

 මොකද උනේ !!! :-P

  •  Microsoft හි සැගවුනු දෙවන රහස 
    දැන් ඔයා Open කරගන්නකෝ MS Word. Open කර ගත්තු අය මේ =rand (200,99)  ලෙසට  Type කරල Enter Key එක ඔබන්න.(කලොත් තමා හොද Copy Past කරනවට වඩා. )

    Microsoft හි සැගවුනු තුන්වන රහස 



    ඔයාල දන්නවද නැත්ද මම දන්නෑ... Q33N දරන ගුවන් යානය තමයි වරක් ඇමරිකාවේ ලෝක වෙලද මද්‍යස්ථානයට ප්‍රහාරයක් එල්ල කලේ. ඉතින් ඔයා Notepad Open කරල Type කරන්න Q33N කියල. ඊට පස්සේ Font එක 72 ට විශාල කරන්න. හොදා. ඊට පස්සේ Font එක මාරුකරන්න Wingdings වලට. පුදුමයි නේ.

    • Microsoft හි සැගවුනු හතරවන රහස

    මේක නම් Windows XP වල තමා වැඩ කරන්නේ. Notepad Open කරල මේ විදියට Type කරන්න
    bush hid the facts දැන් කැමති නමකින් Save කරල Close කරල Save කරපු File එක Open කරල බලන්න..



    • Microsoft හි සැගවුනු පස්වන රහස

     මේකත් 7 වල වැඩ කරන එකක් නෑ. Notepad Open කරල මේ විදියට Type කරන්න this app can break 
    දැන් කැමති නමකින් Save කරල Close කරල Save කරපු File එක Open කරල බලන්න..



    • Microsoft හි සැගවුනු හයවන රහස

    …මේක නම් ඕන එකකට වැඩ. Open කරන්න Notepad.
    Type කරන්න .LOG කියල
    …දැන් කැමතිනමක් ගහල අවසානයේ  .save කියල (Magic.save) ලබාදීල Save කරන්න. File එක Close කරල ආයෙත් Open කරල බලන්නකෝ!


    පුදුමයක් සහ විනෝදයක් ලැබුනනම් Comment පාරක් දාන්න අමතක කරන්නත් එපා.

    Sunday, August 18, 2013

    SCHOOL LK වෙතින් ඔයාටත් පුංචි අවස්ථාවක්



    2011 වසරේදී පොඩියට පටන් ගත්තු Schoollk බ්ලොග් අඩවිය මේ වෙනකොට දිනටට ආසන්න වශයෙන් දහසකට ආසන්න පිරිසක් ගොඩ වදින බව මා කියන්නේ ඉතා සතුටින්. ඉතින් මට හිතුනා ඔයාලටත් පොඩි අවස්තාවක් දෙන්න. කැමති කෙනෙක්ට පුලුවන් එයාලගේ දැනුම schoollk හරහා බෙදා දෙන්න. ඔයාලට තියෙන්නේ ඔයාලගේ Post මට Email කරන්න. මේක මට ලකුනු දාගන්න කරන වැඩක් නම් නෙමේ. ඒ නිසා අනිවාර්යෙන්ම ඔයා Post එකත් සමග ඔයාගේ පිංතූරයකුත් මට Attach කරල එවන්න. 

    තව දෙයක්.. ඔයාල සමහර විට පරිගනක වැඩසටහන් වැනි නිර්මාන කරන අයෙක් වෙන්න පුලුවන්. ඉතින් ඒ වගේ හොද නිර්මාණ වලටත් මම අවස්තාවක් දෙන්න කැමතියි. ඒ අයට පුලුවන් ඒ අයගේ මෘදුකාංග සහ නිර්මාණ මගේ බ්ලොග් එක හරහා ලබා දෙන්න. ඔයාලට addfly බැරිනම් ඕන විදියකට මට ලබා දුන්නට කමක් නැහැ. ඉතින් මේ අවස්තාවෙන් ප්‍රොයෝජනයක් ගන්න එක ඔයාලට බාරයි.

    ඔයාලගේ Post තේරෙන භාෂාවෙන් Type කරල මට එවන්න. පුලුවන් නම් WordPad File එකක් උනත් කමක් නෑ. පොස්ට් එක එන්න ඕන විදිය මට තේරෙන විදියට ආවොත් ඇති. ඔය මම පල්ලෙහා දාල තියෙනවා පොඩි උදාහරනයක්. 


    To: crzychinthaka@gmail.com
    Subject: SCHOOLLK POST (ඔයාගේ Post එකේ Title එක)

    අවසානයේ ඔයාගේ පොඩි පොටෝ කෑල්ලකුත් අමුනලා නමයි වයසයි නම් අනිවාර්යෙන් ඕනේ , ඔයා කැමතිනම් විතරක් ඔයාගේ Phone No. Email, Skype අනම් මනම් ඕන දෙයක් ලියල එවන්න. මම ඒව පල කරන්නම් 

    Wednesday, August 14, 2013

    Data Recover කිරීමේ තාක්ෂනික පැතිකඩ


    ඔන්න මම තවත් අලුත් තාක්ෂනික ලිපියක් අරගෙන ආව. මෙතැනදී මම කියල දෙන්න යන්නේ මැකූ දත්තයක් යලි ලබා ගැනීම පිලිබදව ඉතා ගැබුරින් විමසා බලන්න. මටත් ඕනෙනම් පුලුවන් කොහෙන් හරි Software එකකුයි Serial No එකකුයි හොයල ඒ Upload කරපු Link එක ඔන්න බාගනිල්ලා කියල දෙන්න.ඒත් ගැටලුවට පිලිතුර විසදුනාට එතැනින් ඔයා ඉගෙන ගත්තු දෙයක් නැහැ. මම හැම විටම උත්සහ ගන්නවා යම් දෙයක් සිදු වෙන්නේ කොහොමද කියල හොයා ගන්න.  මම අද කියල දෙන්න යන්නේ දත්තයක් මැකුනම ඒක ඇත්තටම ගන්න පුලුවන්ද.. මොකක්ද මේක මැජික් එකක්වත්ද. අපි බලමු මේක මැජික් එකක්ද නැත්තන් විද්‍යාවක්ද කියල. 


     අපි කවුරුත් දන්නව දත්ත දැම්පත් කරන්න ක්‍රම ගොඩක් තියෙනවා. පරිගනකයක නම් දත්ත තැම්පත් කර ගන්නේ Hard Disc එකේ කියල. මීට අමතරව අපි Flash Memory භාවිතා කරනවා. ඔය Pen Drive සහ  Memory Card වල තියෙන්නේ Flash මතකයක්. හොදයි දැන් මම කෙලින්ම හැරෙන්නේ Hard Disc එකක් පැත්තට. 

     Hard Disc එකක දත්ත තැම්පත් වෙන්නේ එහි පිහිටා තිබෙන Sectors වල. ඔච්චර ඕනේ නැහැ. පොඩි එකෙක්ට උනත් තේරෙන්න මම ඔන්න පල්ලෙහා දාල තියේන රූපය පොඩ්ඩක් බල්ලන්නකෝ..

     හිතා ගන්නකො ඔය රවුම Hard Disc එකේ ලෝහ තැටිය කියල. මේ තැටිය මත තමා දත්ත තැම්පත් කරන්නේ. ඒක හරියට කැසට් පටලයක ගීතයක් තැම්පත් කිරීමට බොහෝදුරට සමානයි. මෙහිදී චුම්භක ක්ශේත්‍රයක් පදනම් කරගෙන තමා දත්ත සහ තොරතුරු Hard Disk එකක තැම්පත් කරන්නේ. ප්‍රභල චුම්භක ක්ශෙත්‍රයකට පුලුවන් එක පාර උනත් මුලු තැටියෙම තියෙන ගිගාබයිට් ගානක තොරතුරු විනාෂකරන්න. ඒ අමතර කරුනක් හොදේ!.

    බලන්නකෝ මම මගේ Hard Disc එකේ දාල තියෙන දේවල්. ඔය කහ පාටින් පෙනෙන්නේ මම ඊයේ Download කරපු ඉංග්‍රීසි Move එකක්. මොකක්ද කියල කියන්නේ නැහැ. කොල පාටින් පේන්නේ මම office එකේ හදපු Document එකක්. එතකොට ලා නිල්පාටින් පේන්නේ මගේ කෑල්ලත් එක්ක ගත්තු Photo එකක්. ඉතින් මම හොරෙන් කරන  ලව් එක නිසා Image ටික Delete කරන්න කියල හදන්නේ. Recycle Bin එකටත් නොයන්න කියල මම Shift + Delete කරන්න හදනව. යකෝ දන්නේ නැතුව Delete උනේ Document එක. මල් හතයි. ... (අඩෝ අපිට මොන කෑලිද )

    දැන් බලමු Hard Disk එකේ තැටිය දිහා පොඩ්ඩ. මේක Imported Hard Disk එකක් තැම්පත් කරන Data ඇස් දෙකටත් පේනව :-P


    බලන්නකො ඉහත රූපය දිහා. දත්තය මැකුවා. කොම්පූටර් එකේ පේන්නත් නැහැ.. ඒත් තාම Hard Disk එකේ නම් තියෙනවා. ඇත්තටම මොකද උනේ. ඈ..

    …තාක්ශනිකව ගත්තම දතයක් ලිවීම සිදුවන්නේ චුම්භක ක්ශෙත්‍ර වෙනස් කිරීමකින්. එතකොට දත්තයක් මකන්න ඕනෙත් ඒ විදියටනේ. නමුත් මේ වැඩේට යම් කිසි කාලයක් වැය වෙනවා. ඔයා හොදට දැකල ඇති පරිගනකයක දත්තයක් Copy කරනවට වඩා ඉක්මනට ඒ දත්තය Delete කරන්න පුලුවන්. මෙතැනදී දත්තය Delete කරනවා කියල කියන්නේ ඒ දත්තය ඒ මොහොතේ සිට එම ස්තානයේ නොමැත කියල Hard Disk එක විසින් හිතා ගන්නවා. ඒ අනුව Hard Disk එක එතැන පවතින දත්ත අපට පෙන්නන්නෙත් නෑ. ආන්න එතකොට තමා අපි හිතන්නේ Data ටික Delete වෙලා කියල. පරිගනක නිර්මානය කල අය මෙවැනි දෙයක් කලේ පරිගනකයේ වේගය වැඩිකර ගන්න. හිතන්නකො මේ ක්‍රම වේදය භාවිතා කලේ නැත්නම් Delete කිරීමත් Copy කරනව වගේම මහ කම්මැලි වැඩක් වෙනවා.


    ඉතින් Data Recover කිරීමේදී ඒ දුර්වලතාවය තමා අපේ වාසියට හරව ගන්නේ. ඒ මකපු දත්ත යලි සොයා ප්‍රතිස්ථාපය කරනවා. මරුනේ.. 

    හොදා එහෙනම් මේ පල්ලෙහා රූපයත් පොඩ්ඩක් බලන්නකෝ..



    හොදා මම අර Data වගයක් මැකුව ඔයාලට මතකනේ. ඉතින් මම මැකුවට පස්සේ තව File වගයක් ඒ Hard Disc එකටම Copy කලා. මේ තාක්ශනය හරිම පුදුමයි. කොච්චර Space තිබ්බත් Hard එකේ හොයන්නෙම මීට කලින් Data Delete කරල ඉතුරු වෙච්ච තැන්මයි. ඒක හරියට මිනී කනත්තක කොච්චර ඉඩ තිබ්බත් මීට කලින් වල දාපු තැනක්ම හාරනව වගේ වැඩක්. ( මේ උපමා ගැන නම් මුකුත් හිතන්න එපා ) . හොදා දැන් කියන්න බලන්න මම Delete කරපු Document එක මට ගන්න පුලුවන්ද කියලා.  බැහැ නේ.. දැනටමත් ඒ දත්තයෙන් 70% ක්ම විනාශ වෙලා. ඉතින් Recover Software නෙමේ මොන සක්කරය ආවත් දැන්නම් බඩු ගන්නව බොරු. 

    ඉතින් මට කියන්න ඕන උනේ මොකක් හරි දත්තයක් මැකුනු සැනින් ඒ දත්තය ඔයා Recover කරන්න හිතන් ඉන්නව නම් ඒ Hard Disc එකට කිසිම දෙයක් Copy කිරීමෙන් වලකින්න ඕනේ. ඔයා Delete කලේ Local Disc D එකේ දත්තයක් නම් ඒ Partition එකට කිසිම දෙයක් නොදැමිය යුතුයි. ඒ වගේම ඉතා කුඩා මම මේ කියන්නේ 4KB වගේ පොඩි File recover කිරීම සමහර විට බොරු වැඩක් වෙන්නත් පුලුවන්. ඒ වගේ තමයි Recover කරන File එක තිබුනේ C Drive එකේ නම් (ගොඩක් අය Windows දාන එකේ) , Recover කරන දත්තයේ යලි ලබා ගැනීමේ සම්භාවිතාවය අඩුවෙනවා. මොකද අපිට නොපෙනුනත් System එකේ Background File Write වීම් නිරතුරුව වෙන නිසා. 


    මෙතන තියෙනවා කරදරයක් නැතුව Recover කරගන්න පුලුවන් Software එකක්. කැමති කෙනෙක් Download කරගන්නකො. 


    4MB (Mediafire)
    DOWNLOAD

    මේ ලිපිය වටිනව කියල හිතුනනම් පොඩි Comment පාරක් දාන්නත් අමතක කරන්න එපා හොදේ.


     

    නොම්බර් නැතුව SMS යවමුද? Joke එකට විතරයි හොදේ.



    ඔයාට පුලුවන්ද කාට හරි SMS එකක් යවන්න 119 එකෙන් වගේ. එහෙමත් නැත්තන් Mssage එක ලැබෙන කෙනාට කෙලින්න්ම අපිට හිතෙන ඕනම නමක් Type කරල කැමති දෙයක් SMS එකක් මගින් යවන්න. උදාහරනයක් කිව්වොත් මට පුලුවන් ඔයාට මහසෝන වගේ MSG එවන්න. එහෙමත් නැත්තන් Airtel, Dialog, Mobitel ඕන මගුලක්. එහෙමත් නැත්තන් පිට රටකින් එනව වගේ Massage එකක් යවන්නත් පුලුවන්. හිතන්නකො, මෙහෙම Massage යවල ගන්න පුලුවන් Fun එක ගැන. ඒ මොනාද කියල මම කියන්න යන්නේ නම් නැහැ. 

    මේ වැඩේට තියෙනවා Web site එකක්. ඉතින් ඔයාට තියෙන්නේ ඒ Site එකට ගිහින් Register වෙන එක විතරයි. මේ වැඩේට සල්ලි ගත්තත් Massage 25 ක් නොමිලේ යවන්න දෙනවා. ඉතින් අපි ඒ SMS 25 න් උපරිම ප්‍රොයෝජනයක් ගමු

    …මෙන්න Site එක https://www.smsglobal.com/


    පියවර 









    ඉතින් Fun එකක් ගත්තු අය Comment පාරක් දාන්න අමතක කරන්න එපා.

    Tuesday, August 13, 2013

    ඔයාගෙ Phone එක අත්තටම Original ද ?


    මේ වැඩිකාලයක් නෙමේ මගේ යාලුවෙක් පිටකොටුවෙන් Galaxy SIII එකක් අරන් ආව. මූට නම් මාර හැපී. ඇයි බන් SIII එකක් මූ අරගෙන තියෙන්නේ පෙට්ටි පිටින් 29 කට. මමත් හොල්මන්. එත් අතට අරන් ටිකක් ඔබල බැලුවම තෙරුනා මේක නම් ආතල් එකට ගහපු Chinis එකක් කියල. 

    මම ඉතින් ලේසියෙන් කොල්ලොන්ගේ මොරාල් එක කඩන එකෙක් නෙමේ. මට මොකෝ උට හොද නම්. මමත් ඉතින් බම්ප් එකක් දාල ෆට්ට කිව්ව. නැත්තන් ඌ හිතයි චින්තකය මහ ඉරිසියාකාරය කියල. මම දන්නෙ නැද්ද අපේ එව්න්ගෙ හැටි. හොදා මම අද ඔයාලට කියල දෙන්න යන්නේ මේ Phone එකක IME Code එකකින් කොහොමද එහි ගුනාත්මක භාවය තීරනය කරන්නේ කියලා.ඒ කියන්නේ එක Chines ද නැද්ද කියන එක.
    ඇත්තටම ලෝකේ ඕනම නිශ්පාදනයකටම කාන්ඩ අංකයක් දීල තියෙනව. මම මේ කතාකරන්නේ ගමේ හදන ඉදිආප්ප මුල් ගැන නෙමේ හොදේ. ඉතින් මේ කාන්ඩ අංක, ඇග කහනවට දාපුව නෙමේ. හැම අංකයකටම හේතුවක් තියෙනව. අපි මේ ජංගම දුරකතන වල ගුනාත්මක භාවය හොයන්න යන්නේත් මේ කාන්ඩ අංක වල පිහිටෙන්. සාමන්යෙන් දුරකතනයක IMIE code එක ගත්තම අංක 15 කින් තමා හැදිල තියෙන්නේ. 




    1) Product code
    2) Revision of Material
    3) Code Type
    4) IMEI
    5) Date of Production
    6) Location of P roduction


    IMEI අංකය හොයා ගන්න පුලුවන් ක්‍රම දෙකක් තියෙනවා. පලමු ක්‍රමය තමයි බැටරිය ගලවල IMEI අංකය ලබා හැනීම,. ඒක කරදරයක් වගේ නම් *#06# Dial කරන්න  

    සාමන්යෙන් IMEI Code එකක් මේ වගේ කියල හිතමුකො 

    XXXXXXXXXXXXXXX

    දැන් ඒකත් පහත ආකාරයට Grape කරන්න පුලුවන්

    XX - XXXX - XX - XXXXXX - X 1 .......... 2 ....... 3 ........... 4 ....... 5

    1 = No manufacturer

    2 = Phone Type

    3 = assembly code

    4 = Serial No.

    5 = Spare


    මේ අංක වල 7 වන සහ 8 වන අංක වලින් කියවෙන්නේ දුරකතනය නිශ්පාදය කල රට හෝ Factory Original ද යන්න වග. 

     ඔයාගේ අංකයත් අරගෙන පහත ප්‍රමිතින්ගෙන් යුක්තයි නේද කියල බලන්න 

    00 නම් Factory Original                    හොදම බඩු ආයේ කතා දෙකක්         නැහෑ
    …01/10/07/70/19/91 Finland                 වඩා හොදයී
    …02/20 නම් UAE                                   ගුනාත්මක බවෙන් අඩුයි. චාටර්
    …13 නම්                                                  භාවිතයට නුසුදුසුයි. පට්ට චාටර්
    …03/30 නම් Korea                                 සාමාන්‍ය හොදයි. අව්ලක් නෑ
    …04/40 නම් China                                 සාමාන්‍ය හොදයි.
    …05/50 නම්  Brazil,USA,Finland         හොදයි (මන්ත්‍රී  හොදයි ඇමති හොදායි :P)
    06/60 නම් China, Mexico                   සාමාන්‍ය හොදයි.
    …08/80 නම් Germany                            සාමාන්‍ය හොදයි.


    මේ ක්‍රමය සෑම විටකම නිවැරදි නොවෙන්නත් පුලුවන්.




    Monday, August 12, 2013

    මොකක්ද මේ Rooting කියන්නේ ?





    ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි අද මම අවදානයට යොමු කලේ. ඔයත් Android Device එකක් භාවිතා කරපු කෙනෙක් නම් බොහෝ විට මේ ප්‍රශ්නය ඔබට එන්න ඇති. ඒ තමා Root කිරීම. ඇත්තටම මොකක්ද මේ Root කරනව කියන්නේ,මේකෙන් අත්වෙන වාසි සහ අවාසි මොනාද කියල අද මේ ලිපියෙන් මම කියන්නයි යන්නේ.

    මොකක්ද මේ ROOT කියන්නේ

    ඇත්තටම මේ වචනය අපට මුලින්ම හමුවෙන්නේ UNIX සහ LINUX කියන මෙහෙයුම් පද්ධති තුලයි.මේ යටතේ ඊලගට එන වචනය තමා "Super User" කියන වචනය.
    අපි මේ දෙකම පැත්තකට  දාල හැරෙමු  පොඩ්ඩක් Windows පැත්තට. ඔයාල අපි හැමෝම දන්න දෙයක් තමා පරිගනකයක Administrator Account එකකින් Log වෙච්ච කෙනෙක්ට පරිගනකය තුල ඕන දෙයක් කරන්න පුලුවන් බල තලයක් ලැබෙන බව. ඉතින් ඔයාට Software Install කරන්න, File Delete කරන්න , File Move කරන්න, දැනට පවතින Accounts Delete කරන්න, Users Add කරන්න වගේ ගොඩක් දේවල්. නමුත් ඒ පරිගනකයේම Guest Account එකක් යටතේ Log වෙච්ච කෙනෙක්ට මේ හැමදේම කරන්න බලතල පරිගනකය මගින් ලබා දෙන්නෑ. ගොඩක් Internet Cafe වල තියෙන්නේ Guest Accounts වලින් Log වෙන්න.
    හොදා දැන් ඔයාල බලනවා ඇති ROOT කිරීමයි User Account අතරෙයි සම්බන්දය මොකක්ද කියල. ඔයා සමහර විට නොදන්නව වුනාට ඔයාගේ Android Phone එක , TAB එක ඔයා මිලදී ගන්න විටම ඔයාට Guest Account එකකට සමාන බලතල තමා ලබා දෙන්නේ. ඔයාව යම්කිසි රාමුවකට හිර කරනවා. දැන් ඔයාට ඕන ඕනා විදියට Phone එකේ System File අතර සැරිසරන්න, ඒවා Edit කරන්න, වගේ දේවල් ඔයාට manufacturer වලදිම තහනම් කරනවා. දැන් අපි බලමු ඇයි එහෙම කලේ කියලා.අපි දන්නවා Phone එකක Hardware පැත්ත වගේම Software පැත්තකුත් තිබෙන විත්තිය. ඉතින් මේ දෙකෙන් එකක් හරි අවුලක් ගියොත් Phone එක හරියට වැඩකරන්නේ නැති වෙන්න පුලුවන්. බලන්න කවුරු හරි කෙනෙක්ට වැරදිලා හරි System File එකක Boot වීමට අවශය File එකක් Delete වුනොත් එහෙමත් නැත්නම් System එකේ ක්‍රියා කාරිත්වයට අවශය කුමක් හෝ File එකක්  Delete  වුනොත් ඒ Device එක වැඩකරන්නේ නැතුව යනව නේද ? , එහෙමත් නැත්නම් Virus එකක් මගින් File වලට බලපෑමක් එල්ල කිරීමේ අවදානමකුත් එනවා. සමහර Program වලට පුලුවන් System File වෙනස් කරන්න. මේ කරුනු නිසා ඇත්ටටම Phone එක ඔයාලගේ භාසාවෙන් කිව්වොත් කැඩෙන්න පුලුවන්. එහෙම ගියොත් නිශ්පාදකයින්ට හැමදාම වෙන්නේ Warranty දිදී ඉන්න තමා.

    ඉතින් Root කිරීමෙන් අපට Super User Activate කරගන්න පුලුවන් වෙනවා. දැන් ලොක්ක ඔයා. තවදුරටත් Phone එකට සීමාවල් පනවන්න අයිතියක් නැහැ. ඔයාට ඕනා තරම් නිදහස තියෙනවා ඕන දෙයක් කරන්න.
    මේ ලිපියේදී කොහොමද Root කරන්නේ කියල නම් කියන්න යන්නේ නැහැ.


    Root කිරීමෙන් අපට අත්වෙන වාසි.

    සිංහල Font උපකරනයට දාගන්න පුලුවන් වීම.
    …ලාංකිකයෙක් විදියට මට Root කිරීමෙන් අත් වෙච්ච පලමු වාසිය තමා Phone එකට Sinhala Unicode හදාගන්න පුලුවන් වෙච්ච එක. මීට කලින් Opera Mini වගේ විකල්ප භාවිතා කරත් ඒ ඔක්කෝටම වඩා Font එකක් Install කිරීමෙන් Unicode හදා ගැනීම අතිසාර්තකයි. 


    Custom Software (ROM’s) භාවිතය
    ඇන්ඩ්‍රොයිඩ් උපකරනයක Read Only Memory එක තුල තමා ROM එකක් තැම්පත් කරල තියෙන්නේ. ඇත්තටම මේ ROM එකත් Software එකක් තමයි. ඔයාගේ Device එකේ ඇතුලත පෙනුම, ක්‍රියාකරිත්වය සහ හැකියාවල් පදනම් වන්නේ මේ Rom එක මතයි. ඉතින් ඔයාගේ Phone එක Root කලා නම් දැන් ඔයාට ලස්සන Rom භාවිතා කරන්න පුලුවන්. එමගින් මෙතෙක් ඔයා දැකපු පෙනුම සහ හැකියාවල් දියුනු කරගන්න පුලුවන් වෙනවා.





    ඉතින් වැරදියට නම් වටහ ගන්න එපා ROM එකක් කියන්නේ Theme එකක් කියලා. Theme එකකට වඩා එහාට ගිය දෙයක් තමා ROM කියන්නේ. මෙතැනදී performance පවා වෙනස් වෙනවා. ඉතින් Custom Rom දාගන්න කැමති අය මේ Link එකට පිවිසෙන්න.

    Kernel, speed, and battery

     සමහර Apps තියෙනවා Android Device සදහා, උපාංගයේ Speed එක වැඩි කරන්න, Batery Life එක වැඩි කරන්න, CPU Overclock කරන්න වගේ ගොඩක් Advance වැඩවලට. මේ Apps කියාත්මක වෙන්නේ Root කරපු උපකරන තුල පමනයි. ඉතින් ඔයා Root කරලනම් තියෙන්නේ ඔයාටත් පුලුවන් මේ පහසු කම අත් විදින්න. 

    Custom Themes
    මේකත් Custom ROM භාවිතා කරනව වගේ තමයි. සමහර Themes වැඩ කරන්නේ නැහැ Root නොකරපු උපකරන තුල.
    Baseband
    මේක නම් මම අත්හදා බලල නම් නැහැ. මේ කියන්නේ නම්, Root කරපු Phone එකක Signal Quality එක වැඩි කරගන්න පුලුවන් සිද්දියක්. ඉතින් කරපු කෙනෙක් ඉන්නවනම් මටත් කියල දෙන්න. Signal කිව්වේ Call signal වලටම විතරක් නෙමේ. Radio පවා මේ යටතට අයත්. 

    Latest Versions of Android
    බොහෝ වෙලාවට Android Phone වල Update සීමාකරනවා. එතකොට පරන අයට අලුත් Update ගැනීමේදී ගැටලුවක්. එත් Root කරපු Device වලට මේක අදාල වන්නේ නැහැ. 



    Backup කිරීමේ පහසුකම  

    ඔයාගේ උපකරනය Root කරලනම් තියෙන්නේ දැන් ඔයාට පුලුවන් ඔයාගේ Phone එකේ හැම දෙයක්ම Backup කරගන්න. ඔයාල කියයි ඕක කොහොමත් තියෙනවනේ කියලා . නමුත් මම මේ කියන ක්‍රමයේදී ඉතා ගැබුරින් වුනත් Backup කරන්න පුලුවන්. ගොඩක් Android market එකේ තියෙන්නේ උඩින් අතගාල Backup කරන Application. පුලුවන් නම් මේ සදහා Titanium Backup යොදා ගන්න. මේ Link එක මගින් එය ලබා ගන්න පුලුවන්

    Unlocking Additional Features
    Root කරපු උපකරනයක දැනට පවතින පහසුකම් වලට අමතරව වෙනත් පහසුකම් එක් කිරීමට හැකියාව තියෙනවා. මම සරල උදාහරන දෙකක් කියන්නම්. ඒ තමා WiFi and USB tethering කියන ක්‍රම දෙක. මොකක්ද මේ tethering. ඔයාට පුලුවන් ඔයාගේ පරිගනකයේ පවතින Internet Connection එක USB එක මාර්ගයෙන් Phone එකට ගන්න. ඇත්තටම මෙය කරන්න පුලුවන් Root කල දුරකතනයකම පමනයි. WiFi tethering එකේදී කරන්නේ මෙහෙම දෙයක්. ඔයාට පුලුවන් ඔයාගේ Phone එකේ Internet ඒ Phone එකේම WiFi යොදාගෙන අනිත් අයට ලබා දෙන්න. මරු නේ.. 



     Root කිරීමෙන් අත්වෙන අවාසි

    Bricking'
    මේක තමා අපිට අත්වෙන ලොකුම අවාසිය. ඒ තමා උපකරනයට ලැබෙන Warranty එක, Root කිරීම නිසා නැතිවෙනවා. ඉතින් මොනා හරි වෙලා Device එක කැඩුනොත් සොරි තමා.

    උපාංගයේ ආයුකාලය අඩුවෙන්න පුලුවන්.
    …Root කරපු හැම උපකරනයක්ම නෙමේ සමහර උපකරන Root කරල සම්මත තත්වයන්ගෙන් පිට ගිහින් Speed සහ Overclock කිරීම් හේතු කොටගෙන උපකරනයේ ආයුකාලය අඩුවෙන්න පුලුවන්. හැකිතාක් නිශ්පාදන ආයතන පනවල තියෙන සීමාවල් වලට එහා නොයන්න උත්සහ ගන්න.
    නිශ්පාදන සමාහමට පුලුවන් ඕනෑනම් ඔයාගේ උපකරනය නිශ්පාදනයේදීම උපරිම වේගයකට ලක් කරල දෙන්න. නමුත් එය දිගුකල් පැවැත්මට නුසුදුසුයි. 

    Security
    Root කිරීමෙන් දුරකතනයේ හෝ උපකරනයේ ආරක්ශාව ගොඩක් අඩු වෙනවා. පුංචි Application එකකට උනත් පුලුවන් දැන් උපාංගයේ අන්තර්ගතයට පිවිසිලා සියල්ල විනාශ කරන්න. ඔයාගේ තොරතුරු පිට කරන්න.

    Root කරන්නේ කොහොමද. 
    ඇත්තටම කියන තරම් ලේසි නැහැ. හොද පලපුරුද්දක් නැතිකෙනෙක්ට මම තරයේ කියා සිටිනවා Root කිරීමෙන් වලකින ලෙස. Root කරනා ක්‍රමවේදය දුරකතන මාදිලිය අනුව වෙනස් වෙනවා. ඔයාට පුලුවන් XDA Developer Site එකෙන් ඔයාගේ දුරකතන මාදිලියට අදාලව Root කරන්නේ කොහොමද කියල දැන ගන්න. පිවිසෙන්න මේ Link එකට.තවදෙයක් කියන්න බැරි උනානේ. Root කරපු උපාංගයක් Unroot කරන්නත් පුලුවන්. 

    ඉතින් මේ ලිපියේ තියෙනේ මගේ අදහස් සහ දැනුම. මේව ඉගෙන ගන්න සිංහල පත පොත නම් නැහැ හොදේ. මාත් Web කාල, කටු කාල ඉගෙන ගත්තු දේවල් වල සංශිප්තයක් තමා මේ දැම්මෙ. ඉතින් ප්‍රොයෝජනයක් උනානම් ප්‍රතිචාරයක් දක්වන්න අමතක කරන්න එපා හොදේ. අනිත් කරුන තමයි මේ ලිපි මගේ අවසර නැතුව ගෙඩි පිටින් Copy කරල දාන්න එපා කියල මම ඉතා කාරුනිකව ඉල්ලා සිටිනවා. 
    ලිපියේ වරදක් ඇතොත් පහදා දෙන්න.


    Wednesday, August 7, 2013

    Office 2013 Direct බාගන්න (100% ORIGINAL )


    මෙන්න තියෙනවා Office 2013. නව විශේෂාංග රැක් සමගින් ඔබවෙත එන Microsoft Office 2013 කෙලින්ම Download කරගන්න. ඔන්න මම පල්ලෙහා දාල තියෙන්වා. 

     -[මේ දෙකම CD Image දෙකක්. ඒ නිසා Download කලාට පස්සේ එක්කො CD එකකට Burn කර ගන්න. එහෙමත් නැත්තන් IMG File එක Extract කරල හරි Mount කරල හරි මොන සෙල්ලමක් දාල හරි Install කර ගන්න. ]-


    32 Bit (667Mb)
     
    64 Bit (769Mb)
    For Activate : DOWNLOAD

    Tuesday, August 6, 2013

    Software නැතුව YOUTUBE වීඩියෝ DOWNLOAD කරන රහස. (ජංගම දුරකතන වලට වීශේෂයි)


    YouTube ගැන මම අමුතුවෙන් කියන්න ඕනා නෑනේ. ඉතින් ගොඩක් අයට තියෙන ගැටලුව තමයි කොහොමද මේ YouTube වල වීඩියෝ එකක් Download කරන්නේ කියල. මම YouTube වීඩියෝ එකක් බාගන්න බැරුව ෆෝන් එකේ කැම් එකෙන් රෙකෝර්ඩ් කරපු අයත් දැකල තියෙනවා. :-P . හරි හරි.. ඕව පැත්තකට දාමුකො.
    …ගොඩක් දෙනෙක් youtube Download කරන්න IDM හරි AddOne වගේ Extention තමා Use කරන්නේ. මම අද කියල දෙන්නේ ඔය එකක්වත් නැතුව YouTube වීඩියෝ Download කරන ක්‍රමයක්. මේ ක්‍රමය මම මගේ Android දුරකතනයෙනුත් සාර්තකව අත්හදා බැලුවා. වාසිය කියන්නේ අපි Download කරන File එක ජංගම දුරකතන වල සිට පරිගනක දක්වා ගැලපෙන විදියට විවිද Size වලට හදල දෙන එක. වීඩියෝ ඕනා නැත්තන් MP3 එක උනත් ගන්න පුලුවන්. මෙන්න පියවර.

    පියවර 1. 
    YouTube ගිහින් ඔයාලට Download කරන්න ඕනා කරන වීඩියෝ එක සොයා ගෙන Play කරන්න. Play වෙන විට YouTube Player එක මත Right Click කර "Copy Video URL" යන්න මත Click කරන්න.


    පියවර 2.
    ඔයාගේ Web Browser එකේ Address Bar එකේ "www.10youtube.com" ලෙස ලබා දෙන්න. 


    පියවර 3. 
    ඔයා දැන් 10youtube site එකට ගියානම් URL එක ලබා දෙන තැනක් පහත රූපයේ ලෙස දකින්න පුලුවන්. එතැනට දැනට ඔයා අර කලින් Copy කර ගත්තු URL එක Past කරන්න. 


    පියවර 4.


    තත්පර 5ක් ඇතුලත ඉහත විදියට Download Page එක ලැබෙයි. සියලු විස්තර ඇතුලත්. කැමති Size එකට Download කර ගනන. 


    ඔයාගේ Phone එකේ youtube VIDEO URL එක Copy කරන්න පුලුවන්නම් Phone එකෙත් මේ වැඩේ කරන්න පුලුවන්. 

    මීටත් වඩා ලේසි ක්‍රමයක් ඔන්න අපේ යාලුවෙක් පල්ලෙහා දාල තියෙනවා Comment වල. එතනදී ඔයා YouTube වීඩියෝ එක බලන ගමන් Address Bar එකේ www. වලට පසුව ss අකුරු දෙකක් එකතු කරන්න ඕනේ.
    උදා: http://www.youtube.com/watch?v=gjxy51vSn0M
    ඔය ඉහලින් තියෙන්නේ මම Youtube වල Vedio එක බලන විට Address Bar එකේ තියෙන Link එක.
    …ඔයා මේකේ www. එකට පසුව ss දෙකක් එක්කරල Enter කරන්න

    …http://www.ssyoutube.com/watch?v=gjxy51vSn0M

    නරක නෑ.මේකත් ගොඩක් සාර්තක ක්‍රමයක්. දෙකම උත්සහ කරල බලන්න. අවසානයේ වැඩේ වෙනවනම් එච්චරයි.