Showing posts with label Free Post. Show all posts
Showing posts with label Free Post. Show all posts

Monday, October 14, 2013

SCHOOLLK ලිපි 100 සම්පූර්න කල වගයි..



ඉතින් මගේ ආදරනීය මිතුරු මිතුරියනේ.. දන්නෙම නැතුව මගේ බ්ලොග් එකට මම ලිපි 100 ක් ඇතුලත් කරල... ඉතින් පුංචිම පුංචි ආඩම්බර කමක් සිතට නැගෙනව.. මම ආපු ගමන ගැන ආපසු හැරිල බැලුවම.
…Schoollk බ්ලොග් අඩවිය මම මුලින්ම ආරම්භ කලේ 2011 වසරේදී.. ඒ මගේ හොදම මිතුරෙකු වන එරන්ග සමග. එරන්ගත් වෙනමම බ්ලොග් එකක් හැදුව.. මමත් මගේ පාඩුවේ බ්ලොග් එකක් හැදුවා.. මම මුලින්ම මගේ බ්ලොග් එකට දාපු නම තමයි Nanosoft කියල.. කොහොමත් ඒ කාලේ ඉදන් මට සොෆ්ට්වෙයා හදන පිස්සුවක් තිබ්බ සැරටම.. ඉතින් මම විටින් විට නිර්මානය කරන මෘදුකාංග වලට පොඩි පබ්ලිශ් පාරක් දාගන්න තමයි මේ බ්ලොග් එක පටන් ගත්තේ.. බ්ලොග් එක පටන් අරගත්තු මුල් කාලය නම් හරිම උදාසීනයි.. ලිපි 10ක් 20ක් දානකන් එක Comment එකක් වත් ලැබුනේ නෑ.. කියන්න දුක හිතෙන අනිත් කතාව තමා මුල්ම කාලේ එක දිනකට නෙමේ මුලු මාසෙටම මගේ බ්ලොග් එකට ආපු ගනන එක අතක ඇගිලි ගානටත් වඩා අඩු වුනා.. ඒත් මම මගේ පාඩුවේ මගේ දැනුම පුලුවන් තරන් ලිපි බවට පත්කරමින් මගේ බ්ලොග් එක හරහා ප්‍රචාරය කලා.. 

මුල්ම comment එක මොකක්ද කියල මට හරියටම මතක නෑ.. නමුත් ඒක දැක්කම මට ලොකු සතුටක් නම් ඇති උනා කියල මතකයි.. 2012 වසරේදී අපහු මම නම වෙනස් කරල "ලොවෙත් නැහැ" කියල බ්ලොග් එක නම් කරනව.. මටත් පිස්සු බොලන්.. ලොවෙත් නැති බ්ලොග් එක නැගල යන්න පටන් ගත්ත.. නමුත් මට මේ නම ටික කාලයක් යන කොට හොද නෑ කියල තේරුන නිසා නම වෙනස් කල අද මේ ඔයාල දන්න SCHOOLLK බවට.
 
Schoollk blog එකට ලිපියක් ලියන්න ඉස්සෙල්ලා මම ඒ මාතෘකාව ගැන හොදට අද්‍යනය කරනවා.. සිංහලෙන් ලියපු බ්ලොග් දෙක තුනක් වත් කියවනව, ඉංග්‍රීසි වෙබ් අඩවියකට ගිහින් කියවල බලනව මම ලියන්න යන මාතෘකාව ගැන මම දන්න දේටත් වඩා එහා ගිය යමක් තියෙනවද කියල. ඊට පස්සේ මගේ හිතට වැදුන ටික, මම අවබෝද කර ගත්තු ටික මම නිදහසේ ලියන් යනවා.. මේව කොල කෑලි වල ලියල බලන් Type කරනේ නැහැ. ඉතින් බ්ලොග් එකත් හැදෙන ගමන් මම දන්නෙම නැතුව මගේ දැනුමත් වර්දනය වෙනව.
ඒ නිසයි මම හැමෝටම කියන්නේ.. තමන් මහන්සි වෙලා ලිපියක් ලියල දාන එක තරම් වටින්නේ නෑ.. තව කෙනෙක් කියපු දේවල් 100ක් දානවට වඩා තමන් අමාරුවෙන් ගලපල ලියන එක දෙයක් උනත් තමන්ගේ ජීවිතයට ගොඩක් වටිනව.. මමත් අවංකව කිව්වොත් ලිපි 10ක් විතර වෙන බ්ලොග් වලින් අරන් දාල තියෙනව.. ඒ මුල් කාලයේ කරපු දෙයක්.. නමුත් එහෙම ගන්න හැම ලිපියකම උපුටා ගැනීම සිදුකල තැන මම දානව.. සාරවත් වටිනා කියන ලිපි විතරයි මම එහෙම අරගත්තෙත්.. සමහර වෙලාවට එක ලිපියක් ලියන්න මට දින දෙක තුන යනව..
Schoollk කියන්නේ මගේ මිතුරෙක්,, මගේ ගුරුවරයෙක්.. මෙයා නිසා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. මට ගොඩක් යාලුවො ලැබුන.. සමහර යාලු කම් කොතරම් දුර දිග ගියාද කියනවනම් ඒව දුරකතන අමතුම්,, කෙටි පනිවිඩ සහ ආදරනීය මිතුරු හමුවීමක් දක්වා දුරදිග ගියා.. 
මගේ බ්ලොග් එක ලංකාවේ විතරක් නෙමේ ලෝකේ රටවල් ගනනාවකින්ම මේ වෙනකොට දිනකට 200 ත් 300 ත් අතර සහ එක මාසෙකට ආසන්න වශයෙන් 10000 ක් වත් බලනව.. බ්ලොග් එක ප්‍රසිද්ද වෙන්න බලපෑ තව කරුනක් තියෙනව. ඒ තමයි Lion Dictionary වැඩසටහන.. මේ වැඩසටහන නිසා මගේ බ්ලොග් එකට ලොකු ජවයක් ලැබුන කිව්වොත් මම නිවැරදියි.  
මම කිසිම වෙලාවක කියන්නේ නෑ.. මගේ බ්ලොග් එක තමයි හොදම බ්ලොග් එක කියල. වැරදි අඩුපාඩු ගැටලු නම් ඕන තරම් ඇති. ඒව පුලුවන් තරම් ඉදිරියේදි මම හදාගන්න කැමතියි.. 
මම දන්නේ මොනාද ඒ හැමදේම මම මට පුලුවන් විදියට ඔයාලට කියල දෙන්නම්.. ඉතින් මෙතෙක් කාලයක් මගේ බ්ලොග් එකත් සමග හිටිය හැමෝටම ස්තූතියි.. !

Sunday, August 18, 2013

SCHOOL LK වෙතින් ඔයාටත් පුංචි අවස්ථාවක්



2011 වසරේදී පොඩියට පටන් ගත්තු Schoollk බ්ලොග් අඩවිය මේ වෙනකොට දිනටට ආසන්න වශයෙන් දහසකට ආසන්න පිරිසක් ගොඩ වදින බව මා කියන්නේ ඉතා සතුටින්. ඉතින් මට හිතුනා ඔයාලටත් පොඩි අවස්තාවක් දෙන්න. කැමති කෙනෙක්ට පුලුවන් එයාලගේ දැනුම schoollk හරහා බෙදා දෙන්න. ඔයාලට තියෙන්නේ ඔයාලගේ Post මට Email කරන්න. මේක මට ලකුනු දාගන්න කරන වැඩක් නම් නෙමේ. ඒ නිසා අනිවාර්යෙන්ම ඔයා Post එකත් සමග ඔයාගේ පිංතූරයකුත් මට Attach කරල එවන්න. 

තව දෙයක්.. ඔයාල සමහර විට පරිගනක වැඩසටහන් වැනි නිර්මාන කරන අයෙක් වෙන්න පුලුවන්. ඉතින් ඒ වගේ හොද නිර්මාණ වලටත් මම අවස්තාවක් දෙන්න කැමතියි. ඒ අයට පුලුවන් ඒ අයගේ මෘදුකාංග සහ නිර්මාණ මගේ බ්ලොග් එක හරහා ලබා දෙන්න. ඔයාලට addfly බැරිනම් ඕන විදියකට මට ලබා දුන්නට කමක් නැහැ. ඉතින් මේ අවස්තාවෙන් ප්‍රොයෝජනයක් ගන්න එක ඔයාලට බාරයි.

ඔයාලගේ Post තේරෙන භාෂාවෙන් Type කරල මට එවන්න. පුලුවන් නම් WordPad File එකක් උනත් කමක් නෑ. පොස්ට් එක එන්න ඕන විදිය මට තේරෙන විදියට ආවොත් ඇති. ඔය මම පල්ලෙහා දාල තියෙනවා පොඩි උදාහරනයක්. 


To: crzychinthaka@gmail.com
Subject: SCHOOLLK POST (ඔයාගේ Post එකේ Title එක)

අවසානයේ ඔයාගේ පොඩි පොටෝ කෑල්ලකුත් අමුනලා නමයි වයසයි නම් අනිවාර්යෙන් ඕනේ , ඔයා කැමතිනම් විතරක් ඔයාගේ Phone No. Email, Skype අනම් මනම් ඕන දෙයක් ලියල එවන්න. මම ඒව පල කරන්නම්