Monday, January 28, 2013

2MB වලට හකුලපු Windows XP File එකක්


Developer
Microsoft Corporation
Website
Releases
October 25, 2001; 11 years ago [info]
5.1 (Build 2600: Service Pack 3) (April 21, 2008; 4 years ago) [info]
Source model
Kernel type
Update method
Platform support
Preceded by
Succeeded by
Support status

Mainstream support
Ended on April 14, 2009[2]
Extended support
Extended Support until April 8, 2014 for Windows XP with Service Pack 3 and Windows XP x64 Edition with Service Pack 2[2]
Downgrade support
Available until end of Windows 7 lifecycle[3]

ඔන්න මම මේ දෙන්න හදන දේ දැකල කගෙවත් ඔලුව පිස්සු වට්ට ගන්නව එහෙම නෙවෙයි. මොකද මම අද ඔයාලට දෙන්නේ Windows XP SP2 iso image එකක්. දැන් ඔයාල මට කියයි, ආ ඕකට ඔලුව පිස්සු වැටෙනවද හලෝ කියල. පිස්සු වැටෙනව තමා. සාමාන්යයෙන් Windows XP iso image file එකක් 667 MB පමන වෙනව. මම මෙතැනදි ඔයාලට දෙන මේ Windows XP file එක 2 Mb වලට Compress කරල තියෙන්නේ. පුදුමයි නේ.. 667Mb --> 2Mb ... :D. දැන් ලංකාවේ ඕනම කෙනෙක්ට මේක කැත නැතුව බා ගන්න පුලුවන්.  දිගටම මාත් එක්ක ඉන්න. එහෙනම් මම ගියා.. :-D

1.24 MB 
Windows XP SP II With Key 
 

Sunday, January 27, 2013

ඩොන්ගල් එකේ Mobile Partner එක අපිට ඔන විදියට වෙනස් කරමුද?


               මීට පෙර ඔයාලට මතක ඇති මම සුම්ම ලිපියක් ලිව්වා Dongle එකක් Unlok කරන ක්‍රම ඇතුලත් කරලා. ඔය ඒක බලපු නැති අය මෙතැනින් ගිහින් ඒ ලිපිය කියවන්න. එතැනදී මම ඉතා සවිස්තරාත්මකව කියල දීල තියෙනවා Unlock කරන විදි ගැන. ඉතින් ඊට සමගාමීව මේ ලිපියත් ඔයාලට ඉතාම වැදගත් වෙයි කියල හිතුනු නිසා ඔන්න දැම්මා.
…ඔය Dialog ඩොන්ගල් වල ලොක් කැඩුව කට්ටියට ඊලගට මුහුන දෙන ගැටලුව තමා Mobile Partner එක වෙනස් නොවීම. ගැටලුව තමා Dialog ලාගේ Mobile partner එක මගින් Connect උන ගමන්ම එයාලගේ මෙලෝ රහක් නැති ඇඩ් Mobile Partner එක හරහා පෙන්නන්න පටන් ගන්නවා. මොනතරම් බොලද වගේම කැත වැඩක්ද. මුන් හිතන් ඇති අපි Dongle එක පිනට ගත්තා කියල (lol). අනික ඔය Play වෙන හැම Add එකකටම වැය වෙන්නේ අපේ පොකට් එකෙන්. යන්තම් සිග්නල් වදින වෙලාවකට නෙට් ගියොත් ඉතින් සොරිම තමා. මොකද Google ලෝඩ් නොවී උන්ගේ රෙද්දවල් ලෝඩ් වෙනවනේ. සමහරෙක් දන්නවා හෝ නොදන්නවා ඇති ඔනෑම Dongle එකකින් Call ගන්න පුලුවන් විත්තිය. මම කියන්නේ 3G Call උනත් ගන්න පුලුවන් අදාල අවශයතා සැපිරුවොත්. නමුත් මුන් Mobile Partner එකේ XML File වල කේත වෙනස් කරල ඒක Disable කරල. කලින් මොබිටෙල් අය්යලත් ඔය පාර්ට් අපිට දැම්ම. ඒත් එයාලම තේරුම් ගත්තා ලංකාවෙ උන් එක්ක මේ සෙල්ලම කරන්න බැරි විත්තිය. ඒ නිසා ඔන්න උපහාර පැකේජ් එකට දෙන ඩොගේ Mobile Partner එකේ Call Active කරලා. ඒ නිසා එයාලට අපේ උපහාර.

ඔන්න මේ Mobile Partner එකට කැමති කට්ටිය අත් දෙක උස්සල ඔලුවෙ අං ඇවිල්ලද බලන්ඩෝ . . .



කැමති නැති කට්ටියට තමා මේ වෙලුම දිග හරින්නේ. ඇත්තටම අපි Mobile Partner කිය කිය උඩ පැන්නට ඇත්තටම මෙකට කියන්නේ Dongle එකේ Dashboard එක කියල. අපිට ඕන විදියට මේ Dashboard එක වෙනස් කරන්න පුලුවන් වගේම ඒක Dongle එක ඇතුලට රින්ගවන්නත් පුලුවන්. ඒ සදහා ඔයාල Custom Dashboard එකක් Google වලින් Download කර ගන්න. ඔන්න මම පල්ලෙහා ඒ විදියේ Dashboard 1 ක් ඔයාලට Download කරන්න පුලුවන් වෙන්න දැම්මා.


# පලමු ක්‍රමය
 19 MB (mediafire)
 Download File

භාවිතා කරන ආකාරය: 
  1. ඔයාගේ Dongle එකේ SIM එක සහ SD card එකක් ඇත්නම් එයද ගලවා පරිගනකයට සම්භන්ද කරන්න.
  2. දැන් සුටුස් ගාල පරන Mobile Partner එක Open වේවි. එහෙම නැත්නම් Setup එක Install කිරීමට අදාල පනිවිඩයක් එයි ඒ සියල්ල Close කරන්න 
  3. ඔය මම දුන්නු File එක මත Right Click කරල Run Administrator යන්න ලබා දෙන්න. හැබැයි Windows XP පාවිච්චි කරන කට්ටියනම් Double Click කරල Open කරන්න. ඊට පස්සේ එන කව්ලු ටික මම ඔන්න පල්ලෙහාට වෙන්න දාල තියෙනවා. 







සීන් කෝන් ඔහොම වෙලා ඉවර වුනාට පස්සේ ආපහු ඩොග ගලවලා ගහල බලන්න. හැබැයි සිම් එකක් දාල. ආ.. එකක් අමතක උනා කියන්න. අර පරන Mobile Partner එක කොම් එකෙන් මක බෑවිලා යන්න කියල Uninstall කරන්න. හරි දැන් ඉතින් වෙනදා දකින කුකුල පෙන්න නැහැ. ඩොගේ අයිකොන් එකත් වෙනස් වෙලා තියෙනවා.! :P ඉතින් බලන් ඉන්නෙ නැතිව අලුත් Mobile Partner එක කොම් එකට Install කරගන්න. ඔක්කොම කරල ඉවර උනානම් අපේ අලුත් M. Partner එක ඔන්න ඔය පහල මම දාල තියෙන විඩියෙට එනවා.




හික්ස්.. දැන් Dialog උන්ට මල් හතට මල පනිනව. මේ කට්ටියට මම අන්තිමට කියනවා මේක මම අත්හදා බැලුවෙ Huawei E173u-1 කියන මොඩල් එකට. ඔය ඩිගොලා අහ් වැරඩුනා Dialog ල දෙන ඔන එකකට මේ වැඩේ ඔට්ටුයි.

 # දෙවන ක්‍රමය

බොලව් මෙක ටිකක් Advance. මේ සදහා අපි Dash board Writer එකක් භාවිතා කරල කෙලින්ම ලියන්නයි යන්නේ. ඔන Dongle එකකට ඔට්ටුයි. මේ සදහා මම DTHuaweiDashboardWriter_v10 කියන Tool එක භාවිතා කරනවා. මීට අමතරව Mobile Partner එක ඇතුලත් කර නිර්මානය කරපු CD Image File එකක් භාවිතා කරනවා. ඔය අඩුම කුඩුම ඔක්කොම මම මෙ පහල link එකේ දාල තියෙනවා. 

 Sim එක ගලවල ඩොග කොම් එකට Connect කරන්න

01.Open DTHuaweiDashboardWriter_v10 

Load කියන Option එක තෝරන්න. මම ඔන්න ඔය උඩ Image එකේ කැතට ඇදලත් තියෙනවා. 

02.දෙවන ස්ථානයෙන් ඔයාලට මම මේ සමග එවල තියෙන Huawei.iso file එක ලබා දෙන්න. 

03.තෙවන ස්ථානයේ පෙන්වා ඇති Update බොත්තම මත Click කරන්න 

ටික වෙලාවකින් Update වෙයි. පරන Mobile Partner එක Uninstall කරල Dongle එක Connect කොරන්නකො. දැන් අපි ඇලුත් එක Install කරන්නයි යන්නේ. මතක ඇතුව Internet යන්න අලුත් Profile එකක් හදන්න හොදේ..

ශා . . . .  ලාස්සනයි . . . . නෙ!  :P



හැබැයි කට්ටිය මේ මම කියල තියෙන විස්තර වලට එපිටින් ගිහින් ඩොන්ගල් එක මොංගල් කරගෙන එහෙම ගහනව නෙමේ කමෙන්ට්. 



Thursday, January 24, 2013

Arduino පිලිබද පොඩි හැදින් වීමක්.


ඔන්න ඉතින් මම 2013 වසරේ මගේ බ්ලොග් එකට දාන පලවෙනිම පෝස්ට් එක. හිතුන Arduino ගැන මම දන්න ටිකක් ලියන්න. මේ ලිපියෙන් මම මේ පිලිබදව ගැබුරින් කියන්න යන්නේ නැහැ. මොකද මමත් තාම ආදුනිකයෙක්. ඉස්සෙල්ල බලමු මේ "ARDUINO" කියන්නේ මොකක්ද කියලා. Arduino කියල කියන්නේ පොඩි සර්කිට් එකක් කියල කිව්වොත් මම නිවැරදියි. බැලූ බැල්මට PIN 28 ක  IC එකක් සහ සරල ඉලෙක්ට්‍රොනික උපකරන ඉතා සුලු ප්‍රමානයක් එක් කරලා තමයි මේක හදලා තියෙන්නේ. ඇත්තටම IC එකක් කිව්වට වරදවා හිතන්න එපා. මේක  Atmel AVR වර්ගයේ  පොඩි මයික්‍රොකොන්ට්‍රෝලර් එකක්. හරියට පරිගනකයකට සමානයි. ඒකට 0.5KB ඉදන් 512KB දක්වා මතකයක් තියා ගන්න පුලුවන්. සිරාවටම කිව්වොත් මේ AVR එකෙත වර්ග තියෙනවා. tinyAVR, megaAVR,XMEGA වශයෙන්. 

Basic families

AVRs are generally classified into six broad groups:
  • tinyAVR — the ATtiny series
    • 0.5–16 kB program memory
    • 6–32-pin package
    • Limited peripheral set
    • Current lineup
  • megaAVR — the ATmega series
    • 4–512 kB program memory
    • 28–100-pin package
    • Extended instruction set (Multiply instructions and instructions for handling larger program memories)
    • Extensive peripheral set
  • XMEGA — the ATxmega series
    • 16–384 kB program memory
    • 44–64–100-pin package (A4, A3, A1)
    • Extended performance features, such as DMA, "Event System", and cryptography support.
    • Extensive peripheral set with DACs
  • Application-specific AVR
    • megaAVRs with special features not found on the other members of the AVR family, such as LCD controller, USB controller, advanced PWM, CAN, etc.
  • FPSLIC (AVR with FPGA)
    • FPGA 5K to 40K gates
    • SRAM for the AVR program code, unlike all other AVRs
    • AVR core can run at up to 50 MHz [5]
  • 32-bit AVRs

ඉතින් ඒ වර්ග අනුව තබා ගත හැකි මතක පරාසය වෙනස්වෙනව විතරක් නෙමේ වේගය සහ එහි මිලත් ඉතින් වැඩි වෙනවා. මම ඉස්සෙල්ලා කියපු අර සර්කිට් එකේ තියෙන අනෙකුත් උපාංග වලින් සිදුකරන්නේ AVR එකට විදුලිය නිසියාකාරව සැපයීම හා අපිට එය Program කරන්න අවශය කරන කොටස්. 








මේ සම්පූර්න සර්කිට් එකේ ඩිසයින් එක ගත්තාම Open Surce ගනයට තමා වැටෙන්නේ. ඒ කියන්නේ ඔනෑම කෙනෙක්ට මේ ඩිසයින් එක තමාට රිසි සේ භාවිතා කරන්න පුලුවන්. ඒ නිසා Arduino කියන්නේ ඇත්තටම Open Surce Hardware එකක්. මේක Program කිරීමට යොදා ගන්නේ C++ කියන භාශාව. 
ඉතින් ඔයාට මේ ගැජට් එක තියෙනවා නම් ඇත්තටම තාක්ශනික ලොකයේ කරන්න බැරි වැඩක් නැහැ. අවශය පුහුනුව සහ හැකියාව පමනයි. සමහර අයට රොබෝ කෙනෙක් හදනව කියන්නේ සිහිනයක්නේ. මෙන්න ඒකට හොදම විසදුම. දැන් කියයි ඔයාල අපිට ලොකු දැනුමක් නැහැ ඕව හදන්න කියල. ඇත්තටම Arduino නිර්මානය කලේ සිරා PIC Programers ලට භාවිතා කරන්න නෙමේ. මේ සාමානය අයට භාවිතා කරන්න. ඒ නිසා මේකේ Programin පැත්ත ගැන වැඩියෙ හිතන්න ඔනේ නැහැ. අනික මෙයාලගේ වෙබ් සයිට් එකට ගියාම පෙර සකස් කල කේත නොමිලේම ලබා ගන්න පුලුවන්. මමත් තවම මේ විශයට ආදුනිකයි. ඒ නිසා ලිපියේ යම් යම් අඩු පාඩු තියෙන්න පුලුවන්. ඒ කොහොම නමුත් මෙක නම් Computer ගේම් ගහල කාලෙ කනෝට වඩා සිරා වැඩක්. 


විවිද වර්ගයේ Arduino පුවරු

Tuesday, January 22, 2013

05 - HTML Style

<html>
<body style="background-color:yellow;">
<h2 style="background-color:red;">School LK</h2>
<p style="background-color:green;">Sri Lanka></p>
</body>
</html>


body style - මෙහිදී පසුබිම(සම්පුර්ණ වෙබ් පිටුව) කහ වර්ණය යොදන ලෙස කියා ඇත.
h2 style   - ඔබ ලියන මාතෘකාවට රතු වර්ණය යොදන ලෙස කියා ඇත.
p style    - ජේදයේ පසුබිම කොළ වර්ණය යොදන ලෙස කියා ඇත.


දෙවෙනි  උදාහරණය 

<html>

<body>
<h1 style="font-family:verdana;">UCSC</h1>
<p style="font-family:arial;color:red;font-size:20px;">sri lanka,the miracle of asia.</p>
</body>

</html>
 
Output:

UCSC

sri lanka,the miracle of asia.

තුන්වන  උදාහරණය 

<html>

<body>
<h1 style="text-align:center;">Sri lanka</h1>
<p>Sri lanka is a beautiful country.</p>
</body>
</html>

Output:

Sri lanka

Sri lanka is a beautiful country.

මෙහිදී සිදු කර ඇත්තේ මෙහි මාතෘකාව වෙබ් පිටුවේ මැදට ගැනීමයි.මිට අමතරව ඕනෑම වාක්‍යක්,වචනයක්,පින්තුරයක් හෝ වෙනත් දෑ වෙබ් පිටුවේ මැදට ගැනීමට <center> යන tag එක යොදා ගත හැක. නමුත් දැන් ඒවා භාවිතයෙන් ඉවත් කර ඇත.

    <center>< img src="images/sd/lanka.gif /></center>

මෙහි දක්වා ඇත්තේ .gif ගනයේ පින්තුරයක් වෙබ් පිටුවේ මැදට ගන්න ආකාරයයි.
තුන්වන  උදාහරණයේ  ප්‍රතිපලය පහත වේ.


 
 

04- HTML Text Formatting



දැන් අපි HTML වල තියෙන Text Formatting පිලිබදව ටිකක් හොයල බලමු.

මෙහි ප්‍රතිපලය පහත වේ:

Sri lanka
Sri lanka
Sri lanka
Sri lanka
Sri lanka
Sri lanka
our Sri lanka one Sri lanka

මෙහි ප්‍රතිපලය පහත වේ:

  University Of Colombo

03 - HTML Elements


Start tag * Element content End tag *
<p> This is a paragraph </p>
<a href="default.htm" > This is a link </a>
<br />

අපි දැන් සරල උදාහරනයක් සලකමු .

<html>

<title> Sri lanka </title>

<body>

<hr/>

<h3>Colombo</h3>

<p>colomo is the main city of sri lanka.<br/>It is so beautiful.</p>   

<br/>

For more details<a href="http://www.srilanka.com">Click Here</a>

<hr/>

</body>

</html>

මෙහි ප්‍රතිපලය පහත වේ.

____________________________________

Colombo

colomo is the main city of sri lanka.
It is so beautiful.

For more detailsClick Here

 ____________________________________

ඉහත ඇති එක එක හදුනාගමු.

1. <title> - ඔබේ වෙබ් අඩවියට title එකක් ලබාදේ.

2. <body>  - වෙබ් අඩවියේ වැදගත්ම කොටසයි.මෙම tag එක භාවිතා නොකළ මුත් කිසි වෙනසක් සිදු නොවුනත් වඩා හරවත්ව ලිවීමේදී  යොදා ගනී. 

3. <hr/>   - මෙමගින් සරල රේඛාවක් ඇදීමට හැක.

4. <br/>   - පේලියක් පන්නා print කිරීමට මෙම යොදාගනී.

 

·       Comment කිරීම.

HTML වල පහත ලෙස comment කල හැක.

           <!-- This is a comment -->

 

 

02. HTML TAGS

අපි දැන් <html> tag ගැන කතා කරමු.

·        HTML Headings(<h> tag)
<h1> University Of Colombo </h1>
<h2> University Of Colombo </h2>
<h3> University Of Colombo </h3>

<h1> සිට <h6> දක්වා භාවිත කල හැක. එවිට අකුරු වල ප්‍රමාණයන් වෙනස් වේ.

h1>h2>h3>h4>h5>h6


·        HTML Paragraphs(<p> tag)

<p> University Of Colombo <p>
<p> University Of Colombo <p>
<p> tag ජේදයක් ලිවීමට යොදා ගනී.


·        HTML Links(<a> tag)

<a href="http://www.ucsc.lk"> UCSC </a>

Link කිරීම මගින් වෙනත් වෙබ් පිටුවකට පිවිසීම සිදුකල හැක.

·        HTML Images(<img> tag)

<img src="ucsc.jpg" width="104" height="142" />
 
 මෙමගින් පින්තුරය ඇති ස්ථානය දැක්වේ.  පින්තුරයේ ප්‍රමාණය  අවශ්‍ය පරිදි වෙනස් කල හැකිය.


සිතන්න ඔබ ලියු code එක save කලේ desktop එකේ ucsc නම්  folder එකේ නම් පින්තුරයද එහිම විය යුතු නැත.ඔබ නිවැරදිව පින්තුරය ඇති තැන ලබාදෙන්න.නමුත් පින්තුර වලට ucsc folder තුලම images නමින්  folder එකක් සදා එහි තැන්පත් කරන්න.මන්ද එවිට ඔබේ වැඩ කටයුතු වලට පහසු වනු ඇත.
ඔබ පින්තුරය ucsc folder එක තුල තැන්පත් කලේ නම්, 

<img src="images/ucsc.jpg" width="104" height="142" />

ඔබ වෙනත් වෙබ් අඩවියකින් පින්තුරයක් උපුටා ගනීනම් එහි එක නිවැරදිව ලබාදෙන්න.

<img src="www.cricmore.com/images/csn.jpg" />

පින්තුරයේ ප්‍රමාණය වෙනස් කලයුතුනම්   width=" " height=" " යොදාගනී.අනවශ්‍ය නම් එය භාවිතා නොකරන්න.