Showing posts with label Android. Show all posts
Showing posts with label Android. Show all posts

Thursday, December 26, 2013

ඔයාගේ Android දුරකතනයේ Add Block කරමුද.



ඔන්න ඉතින් නිදහසේ Phone එකට Game එකක් හරි App එකක් හරි දා ගත්තම ඒක අස්සෙන් Add දානව. එතකොට කරන්න යන වැඩේ නෙමේ කෙරෙන්නේ.. සමහර වෙලවට ඔබන්න යන තැන එක පාර මල හොල්මනක් වගේ ඇඩ් මතු වෙනව.. 



ඊට පස්සෙ ඔක්කොම වැඩ නවත්තල Browser එක Open වෙනව.. ඔයාලත් මේ දුක විදල ඇති Android පරිශීලකයෙක් නම්.. ඉතින් අද මම ඔයාලට පුංචිම පුංචි ඇප් එකක් ගේනව. මේක ඇවිත් Add Block කරන එකක්. නම තම AdAway. ඉතින් මමත් මේක තමා Use කරන්නේ.. දැනටනම් මම අව්ලක් දැක්කේ නෑ.. මෙතනදි කරන්නේ Add පෙන්නන Link ඔක්කොම එකතුකරල Host File එකට දාන එක. Host File ගැන දන්නවත් ඇති සමහරු. හරි ඒකෙන් වැඩක් නෑ.. කැමති කෙනෙක් ඉන්නව නම් Download කරගෙන phone එකට දාල Install කරල බලන්න.. හැබැයි ඉතින් මේක System එකේ host File එක Replace කරන නිසා Super User අවසරය නම් ඕන වෙනව.. තේරුනේ නැද්ද.. ඒ කියන්නේ Root කරපු Phone වලට විතරයි වැඩ. 

මීට පෙර මම Root කරනව කියන්නේ මොකක්ද, Root කරන්නේ කොහොමද කියල ඉතාම පැහැදිලිව කියල දුන්න මතක ඇති නොබලපු අය මෙතනින් ගිහින් බලන්න
…Root කිරීම යනු
Root කරන අයුරු 


 Download AdAway (2.5MB)
 

Thursday, December 19, 2013

gta 3 සිංහලෙන් android ෆෝන් එකේ සෙල්ලම් කරමු

අහා .. බොහොම කාලෙකින් බ්ලොගිය මතක් උනේ ..  ඔන්න ඉතින් මේ චින්තයියා ගේ බ්ලොගියේ මගේ දෙවැනි ලිපිය . මම ඔයාට කලින් ලිපියෙන් කියල දුන්නේ gta 3 ගේම් එක android  ෆෝන් එකේ සෙල්ලම් කරන්නෙ  කොහොමද කියලා . තව පොරොන්දුවකුත් උනානේ එකේ audio එක සිංහලෙන් යන විදිහට හදාගන්න පුළුවන් උනොත් කියල දෙන්නම් කියලා .අන්න එක තම මම අද ඔයාලට කියල දෙන්න හදන්නේ .එක කියල දෙන්න කලින් මම කියන්න ඕනේ . මේ audio  එකටනම් මට කිසිම අයිතියක් නැ . gta 3 ගේම් එකේ pc  verision  එකට හඬ කවපු අයට තමා එකේ පුර්ණ අයිතිය. හරි දැන් වැඩේට බහිමු .  ඉස්සර වේලාම මේක බා ගන්නකො
01 ). gta 3 sinhala audio ( මේ torrent  ෆයිල් එකක්  එක utorrent  එකට දා ගෙන අදාළ ෆයිල් එක බා ගත කරගන්න හොඳේ )
 මම ඔයාලට කලින් ලිපියේන් දුන්න නේද  gta 3 sd data කියල ෆයිල් එකක් එක ඔයාලගේ ළග තාම ඇති කියල හිතනවා . ඒ ෆයිල් එක unzip  කරගෙන  මෙන්න මේ පාත් එක ඔස්සේ යන්නකෝ      android> data > com.rockstar.gta3 > files > GTA3 ඔන්න ඔය පත් එක ඔස්සේ ගියහම ඔයාලට හම්බුවෙනවා ෆයිල් ගොඩාරියක්  ඒවගෙන්  audio  කියන ෆයිල් එක මකලා දාන්න දැන් මම ඔයාලට බාගන්න කියලා උඩ  දුන්නේ ෆයිල් එකක්  අන්න එක බා ගෙන unzip  කරලා  audio  කියන ෆයිල් එක අර කලින් එකේ ෆයිල් ගොඩාරියක් තිබ්බ තැනට  copy  කරන්න . ඊට පස්සේ කලින් ලිපියේ විදිහට .  ගේම් එක ෆෝන් එකට දාගෙන  සෙල්ලම් කරලා බලන්නකෝ ..

Wednesday, December 11, 2013

Android උපාංග ආරක්ෂිතව Root සහ Unroot කරන්න කියාපු බඩුව




Android සමග නිතර අපිට හමුවෙන වචනයක් තමා Root කිරීම කියන එක. Root කරලත් බෑ නොකරත් බෑ.. මේ Root කිරීම නිසා අදාල දුරකතන සමාගම ලබා දෙන වගකීම නැතිවෙනව.. :( නමුත් උපාංගයක් Root කිරීමෙන් ලබා ගන්න පුලුවන් වාසි නම් සුලුපටු නෑ.. ඒ නිසා බොහෝ දෙනෙක් (වැඩ දන්න අය) Android උපකරනයක් ලැබුන විගස Try කරන්නේ කොහොම හරි Root කරන්න.. මේක හරියට නොදැන කරන්න ගිහින් සමහරු Smart දුරකතනය සදා සොත්ති කරගත්තු අවස්තාත් එමටයි.. (ඒ අතර මමත් එක අයෙක් බව කරුනාවෙන් සලකන්න =)) )


ඒකෙන් වැඩක් නෑ.. බය නැතුව Android උපාංගයක් Root කරන්න පුලුවන් පට්ට Tool එකක් ලැබුන. ඒ තමා UnlockRoot Pro. මේකෙන් Root කරන්න වගේම Unroot කරන්නත් පුලුවන්. ඉතින් මීට පෙරත් මේ වගේම Tool එකක් ගෙනාව මතක ඇති.. ඒක 5MB තරම් Tool එකක්.. බැලුවේ නැති කට්ටිය මෙතනින් ගිහින් බලන්න. ඒ Post එක දාපු වෙලාවෙ බොහෝ දෙනෙක් Call කරල ඇහුවේ කොහොමද Unroot කරන්නේ කියල. දැන් මේකෙන් පුලුවන් අ වැඩේ කරගන්න..

https://mega.co.nz/#!okAGBIqb!ZovanzCHd3vui2NQZ6mhUjNG9d03sue3wSKjlVzNJQo
FILE SIZE: 37 MB

 

Sunday, December 1, 2013

Schoollk Android App එකක්


ආදරනීය Schoollk මිතුරනි.. ඔන්න ඔයාල Android දුරකතනයක් හෝ Android Tab එකක් පාවිච්චි කරනවද.. එහෙනම් මෙන්න Schoollk App එක ඔයාලගේ උපකරනයට දාගන්න.. අපේ නවතම තාක්ශනික ලිපි මේ App එක ඔස්සේ  ඔයාලට ලබා ගන්න පුලුවන්.



Saturday, November 2, 2013

Fake Samsung Galaxy SIV හදුනාගනිමු

කාලෙකට පස්සේ අලුත් post එකක් ලියන්න වෙලාවක් හම්බවුනා මේ ලගකදී අපේ group එකේ සහෝදරයෙක් අහපු ප්‍රශ්නයක් නිසා තමයි මේක ගැන ඉක්මනින් ලියන්න හිතුනේ හැබැයි මේක එයාට විතරක් නෙමේ මුළු ලංකාවේම ෆෝන් වලට ආස කරන අයට වැදගත් වෙයි මේක අලුතෙන්ම නිකුත් කරන ලද Samsung Galaxy S4 ගැන

ඒක ගැන ලියන්න හිතුනේ දැන් හැමතැනම අඩුවට කොරියන්,වියෙට්නාම් කියල  Samsung Galaxy S4 තියෙන හින්දා ඒවා ගැනයි මේ

කඩවල් වල අය කොරියන් වර්ෂන් එක කියල තමයි මේවා විකුනන්නේ රු 25000-30000 අතර මිලකට මේවා බැලූ බැල්මටම ඔරිජිනල් එකට සමානයි.ඒත් මෙන්න මේකයි ඇත්ත කතාව ඔරිජිනල් කොරියන් වර්ෂන් එකේ මොඩල් නම්බර් එන්නේ SHV-E300 K/S/L කියලා.මේ මොඩල් කොරියාවේ පාවිච්චියට හදපුවා. SIV එකේ Anycall Version එකක්නම් තාම දකින්න ලැබුනේ නෑ ඒත් ලංකාවෙ තියෙන්නේ මේ කොරියන් phones නෙමෙයි.ලංකාවේ තියෙන කලින් සදහන් කරපු ඒවාගේ මොඩල් නම්බර් එක එන්නේ GT I9500 ඒ කියන්නේ ඒවා original කොරියන් ඒවා නෙමෙයි  එහෙනම් මේවා මොනවද?? කියන ප්‍රශ්නය ඔයාලට දැන් එයි හරි එහෙනම් ඒවා ගැන දැනගමු

මේවා නිෂ්පාදනය කරන්නේ HDC කියන Chinese Company එකෙන් නිෂ්පාදනය කරන දුරකථන . ඔයගොල්ලෝ එකේ නිල වෙබ් අඩවියට මෙන්න මෙතනින් ගියොත් බලාගන්ඩ පුලුවන් මේවා ගැන. මේවා අඩු පිරිවැයකින් හා තත්වයෙන් උසස් නැති Hardware දාල හදන ජංගම දුරකථන නිසා තමයි මෙච්චර ගණන් අඩු.

අපි එහෙනං වැදගත්ම දේවල් ටික එකින් එක සාකච්චා කරමු

තිරය (Display) 



-Original-
 ඔරිජිනල් එකේ තියෙන්නේ Samsungලා විසින්ම නිර්මාණය කරන ලද super AMOLED වර්ගයේ තිරයක්. මේවට අඩු විදුලියකින් වැඩි වර්ණාවලියක් පෙන්නන්න පුළුවන්.Resolution එක 1920x1080 ක අගයක් තියෙන්නේ ඒ කියන්නේ Full HD තිරයක්.මේවායේ අගලකට ඇති පික්සල් අගය ඉතා වැඩි.තිරයේ ආරක්ෂාවට Corning සමාගමේ අලුත්ම Gorilla Glass 3 කියන ශක්තිමත් බවින් වැඩි වගේම සීරීම් වලට ඔරොත්තු දෙන ග්ලාස් එකකින් ආවරණය කරලයි තියෙන්නේ මේවා වෙළඳ පොලට නිකුත් කරන්නේ.


-Clone-


මේවා බොහෝ දුරට ස්වභාවික වර්ණ පෙන්නන්ඩ හැකියාව තියෙන තිර ජාතියක්. ඒත් තිරයේ විභේදනය ගොඩක් වෙලාවට 720x 1280ක වගේ HD අගයක් හරි ඊට වඩා අඩු අගයක් තමයි තියෙන්නේ. දැනට තියෙන පට්ටම copy එක තමයි HDC Galaxy S4 Legend කියන phone එක.මේකෙ තියෙන්නේ HD විභේදනයක් සහ  298ක  ppi  අගයක්. එකත් නරකම නෑ. හැබැයි තිරේ ආරක්ෂාවට නම් කිසිම දෙයක් නෑ. හූරගත්තොත් ඉතින් ඉවරයි. panel එක IPS උනාට Chinese කාරයෝ දාන touch sensor එක නම් quality නෑ. එකයි ටික කාලෙකින් display එක සංවේදී නැති වෙන්නේ. උඩ තියෙන පින්තූරෙ දැක්කම පේනවනේ තිර දෙකේ වෙනස. ඔරිජිනල් S4 එකේ Color Depth එක වැඩී Clone එකට වඩා.


ප්‍රොසෙසරය (Processor)




-Original-

ඔරිජිනල් S4 කීපයක්ම තියෙනවා මේවගෙන් ලංකාවේ ගොඩක් තියෙන්නේ GT-i9500 මොඩල් එක. මේ මොඩල් එකට කියන තවත් නමක් තමයි octa core S4. ඒකට හේතුව GT-i9500යෙ තියෙන්නේ Samsung ලාගේ Exynos 5410 කියන cores 8 ක් ඇති ප්‍රොසෙසර් එක. ආසියාවේ ගොඩක් රටවල් වල තවමත් හරි හැටි 4G LTE සේවාවන් නැති නිසා මේ මොඩල් එක තමයි ලංකාව වගේ ආසියාතික රටවල් වල තියෙන්නේ. මොකද කීවොත් Exynos 5410 චිප් එකේ 4G LTE receiver එකක් නැති නිසා. යුරෝපීය හා ඇමරිකා රටවල් වලට ගහපු මොඩල් එක තමයි 4G LTE පහසුකම් ඇති GT-i9505 phone එක. Qualcomm සමාගමේ Snapdragon 600 කියන cores 4ක් තියෙන ප්‍රොසෙසර් එක තමයි මේ මොඩල් එකේ තියෙන්නේ. විදුලිය පිරිමැස්මෙන් Exynos චිප් එකට වඩා ඉදිරියෙන් ඉන්නවා වගේම කාර්යක්ෂම බවින් එක හා සමාන තත්වෙක ක්‍රියා කරන්ඩ පුලුවන් හැකියාවක් snapdragon 600 ප්‍රොසෙසර් එකට තියෙනවා.


-Clone-

 ගොඩක් S4 Clone වල තියෙන්නේ MediaTek එකෙන් ගහන ප්‍රොසෙසර් තමයි. MT6589 කියන්නේ 1.2GHz වේගයක් ඇති cores 4ක් (Quad -Core) තියෙන චිප් එකක්. මේක හදලා තියෙන්නේ Cortex-A7 Architecture එකට නිසා ලොකු ගණනය කිරීම් වලට වඩා විදුලිය පිරිමහන එක තමා කරන්නේ. එදිනෙදා වැඩ කටයුතු වලට වරදක් නෑ. එත් පට්ට ගේම්ස් , එකවර ගොඩක් දේ කරන්ඩ(Multitask) නම් අමාරුයි. සමහර Clones වල MT6589 චිප් එකට වඩා පරන ඒවත් තියෙනවා.


 කැමරාව (Camera)

මේ ගැනනම් ගොඩාක් දේවල් පැහැදිලි කරන්න අවශ්‍ය නෑ සමහර clones වලත් මෙගා පික්සල් 13ක කැමරා තියෙනවා. එත් ඒවා image noise වැඩි තත්වයෙන් බාල පින්තූර තමයි දෙන්නේ. Samsung camera modes (Best Shot,HDR..etc) මේවගේ නෑ. 1080p වීඩියෝ රෙකෝඩ් කරන්ඩත් බෑ. එත් මේ කැමරාවත් නරකම නෑ


තවත් දැන ගන්න වැදගත් දේවල් කීපයක්ම තියෙනවා



  • එකක් තමා RAM එක මේවා 1GB හෝ 512MB තමා අන්තර්ගත වෙන්නේ. 1GB නම් ලොකු ප්‍රශ්නයක් නෑ.එත් එය විවිධ apps වලින් 2GB පෙන්නන විදිහට තමයි ගොඩක් හදලා තියෙන්නේ. මේ ලින්ක් එකට ගියාම දැනගන්න පුළුවන්. HDCmobiles.com/Galaxy S4
  •  තවත් එකක් තමා HDC එකෙන්ම කියනවා phone එකේ තියෙන්නේ 720x1280 HD තිරයක් එත් System එක 1080x1920 FHD තිරයක් තියෙනවා කියලා  පෙන්නන විදිහට හදල තියෙන්නේ කියලා. 
  • අනික Android version එක 4.2.9 කියල තියෙන්නේ. Google සමාගම එහෙම Android සංස්කරණයක් එළිදක්වා නෑ. 4.2 Jelly Bean සංස්කරණ මාලාවේ අන්තිම සංස්කරණය වුනේ 4.2.2 
  •  ඊලග එක තමයි ධාරිතාව පේනවනේ system එක 16GB කියල පෙන්නුවාට ඇත්තටම 4GB ධාරිතාවක් තියෙන්නේ එකෙනුත් අපේ පාවිච්චියට ගන්ඩ පුලුවන් වෙන්නේ 2GB වගේ තමයි.
  • ඊලග එක තමා මේවා වෙළඳ පොළට එන ඔරිජිනල් වගේම Samsung package එක.ගොඩ දෙනෙක් රැවටෙන තවත් හේතුවක් තමා ඒක. එත් Korean version කියන clones වල box ඇතුලෙ වැඩිපුර battery එකක්. flip casing එහෙම තියෙනවා.
  • ඊලග එක බැටරිය ඒක ගැන කියනවනම් 2600mAh ධාරිතාවයක් ඇති බැටරි තියෙනවද කියලත් බලන්ඩ. 2600mAh කියල ගහල තිබ්බට ඇත්තම ධාරිතාවද කියන ප්‍රශ්ණෙ එනවා
  •   මේ ෆෝන් වල  Home Button එක තියෙන්නේ screen එකෙන් ගොඩක් යට ඔරිජිනල් එකේ එහෙම නෑ.අනික උඩයි යටයි plastic bezel එකත් ලොකු වැඩී.

  • *#0*# මේක තමා අමාරුවේ වැටෙන අනිත් තැන ඒක තමා Samsung ෆෝන් වල LCD Test කරන code එක.මේ HDC Clones හදල තියෙන්නේ මේ code එක වැඩ කරන විදිහට. ඒක ගැනත් සැලකිලිමත් වෙන්න
  •  අනිත් කාරණය තමයි මේවගේ ඔරිජිනල් එකේ තියෙන හුගක් sensor තියෙනවා ඒවා මුලින්ම හොදින් වැඩ කරනවා හැබැයි අඩු වියදම් hardware යොදා සෑදීම නිසා මේවා දීර්ඝ කාලීනව ක්‍රියාත්මක වීම පිලිබදව ප්‍රශ්නයක් තියෙනවා

එහෙනම් ඔයාලා මේවා ගැන හොදින් අවබෝධ කරගන්න ඇති කියල මම හිතනවා අඩු ගානක් දීලා මාස ගානක් භාවිතා කරන්න මේවා ගන්න එපා ගත්තත් වැඩියේ ඇගේ තියා ගන්න එපා විශේෂයන් පිරිමි අය මොකද මේවගේ SAR අගය පිලිබදව කිසිම සදහනක් නැති නිසා අනාගතයේ දරු ඵල අහිමි වෙන්න පුළුවන් යැයි සැකයක් මේවා පිලිබදව පල වෙලා තියෙනවා


පහල තියෙන පින්තුරෙනුත් ඔයාලට මේවාගෙ වෙනස හොයාගන්න උදවු වෙයි




මේ වෙන කොට ලංකාවේ බොහෝ පිරිසක් මේ ව්‍යාජ දුරකතනයට රැවටී ඇති බවක් පෙනී යනව. ඒ නිසා මම මේ ලිපිය උපුටා ගන්නා ලදී..  
http://kavigajanayaka.blogspot.com/2013/09/fake-samsung-galaxy-siv.html



කාටත් ගැටලුවක් වූ Anycall



 
මොකක්ද මේ එනිකෝල්? අද අපි හැමෝටම තියන ප්‍රශ්නයක් මේ එනිකෝල්, සමහර අය හිතනවා එනිකෝල් කියන්නේ වටිනාකමක් නැති එහෙමත් නැත්නම් බාල වර්ගයේ ෆෝන් කියලා. තවත් අය හිතනවා එනිකෝල් කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් ඉෆෙක්ට් දාලා දුවන වැදගැම්මක් නැති දුරකතන කියලා. ඇත්තෙන්ම එනිකෝල් කියන්නේ සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික් ආයතනය මගින් පිහිටෙවු සහ ඔවුන්ගේම ආයතනයක්. එහෙමත් නැත්නම එනිකෝල් යනු සැම්සුන්ග් ආයතනයේ දුරකතන නාම සදහා නිපදවූ ආයතනයක් මෙම ආයතනය ඔවුන් විසින් පිහුටවන ලද්දේ 1993 වර්ශයේදීය. ඒ එවකට කොරියාවේ ආදිපත්‍ය පතුරුවාගෙන සිටි මෝටරෝලා සමාගම හා තරග කිරීමටය. කොරියාව යනු බෙහෙවින් කදු ශිඛර පිහිටා ඇති රටකි.මෙම කාලය වනවිට මෝටරෝලා ආයතනය වෙළද පොළ ආධිපත්‍ය දැරූමුත් ඔවුන් හට මෙම බාධාව ජය ගැනීමට අසීරු විය. ඒ ඔවුන්ගේ දුරකතන සිග්නල් බෙහෙවින් අඩුවීමය. මේ කාලය තුල සැම්සුන්ග් ආයතනය ඔවුන්ගේ දුරකතන එනිකෝල් යනුවෙන් නම් කර වෙලද පොල ආධිපත්‍ය තමන් සතුකර ගත්හ. ඔවුන් මෙම එනිකෝල් නාමය යොදා ගැනීමට හේතුව නම් සෑම ප්‍රදේශයකම, සෑම ස්තානයක, පොලවෙන් යටත මෙන්ම උඩු ගුවනේ සිට උවද තමන්ගේ දුරකතන පාවිච්චිකල හැකි බව දැන්වීමටය.(ඒ කියන්නේ ලොවෙත් සිග්නල් තියනවා)
මෙම අභියෝග සාර්තකව ජයගත් සැම්සුන්ග් ආයතනය තම දුරකතන කොරියාව තුල එනිකෝල් නාමය යටතේ නිකුත් කිරීමට පියවර ගත්හ. මෙම එනිකෝල් නාමය කෙතරම් ජනප්‍රිය වීදයත් සහ අනිකුත් දුරකතන ආයතන කොරියාව තුල තම දුරකතන එනිකෝල් නාමය යටතේ අලෙවි කිරීමට සැම්සුන්ග් ආයතන සමග ගිවිසුම් ඇතිකර ගත්හ.

තව එකක් අපේ රටවල් වල මිනිස්සු තමා හොද දේවල් පිටට දීලා නරක දේවල් අපිට දෙන්නේ. ඒත් මුන් එහෙම නෑ. උන් උන්ගේ රටට හොදම දේ නිර්මාණය කරනවා. ඒක ෆෝන් වල හාර්ඩ්වෙයාර් පැත්ත ගැන දන්න උන් දන්නවා, කොරියන් එනිකෝල් එකෙයි වෙනත් රටවලට නිර්මාණය කරන එකෙයි වෙනස. අනික කොර්යාවේ එවුන්ගේ මවු භාශාව කොරියන්. උන් උන්ගේ භාශාවට ගොඩාක් ආදරෙයි ගරු කරනවා, චීනේ, ඉතාලිය වගේ රටවල් වල අයත් එහෙමයි. ඉතින් ඒ හේතුව උඩ ඒ අය ඒ දුරකතන තමන්ගේ භාශාවලින් පාවිච්චි කිරීමට නිපදවන්නේ. අනික එනිකෝල් ලාභ වෙන්න හේතුවත් ඒ රටේ නිශ්පාදන තමුන්ගේ මිනිස්සුන්ට අඩුවට නිකුත් කරන නිසා (අපේ රටේ වගේ) එහේ කාර් උනත් පට්ට ලාභයි.
අනික අපේ කොල්ලෝ ගොඩාක් ඉන්නේ එහේ. උන් ගන්න ෆෝන් පොඩිගානක් තියන් විකුනන්නේ, ඒකයි මෙහේ ලාභ.තව එකක්, එනිකෝල් විතරක් නෙමෙයි කොරියාවට නිශ්පාදනය කරන හැම ෆෝන් එකකම ඇන්ටනාවක් තියනවා. ඒ අපිට වගේ ඉන්ටර්නෙට් කනෙක්ට් කරන් TV බල්න්න උන්ට සල්ලි නැති නිසා උන් නොමිලේ හැමෝටම TV බලන්න සලස්වලා තියනවා. ඉතාමත් දියුනු තාක්ශණයක්.(T-DMB, mean Terrestrial Digital Multimedia Broadcasting) ඒක සින්හලෙන් දන්නේ නෑ බන්.


Samsung is Korean name, :Sam" mean Three, "Sung" mean Star. Three Star. if U need Genuine Samsung phone originally made for them Use Anycall 
 
මම මගේ ජීවිත කාලය තුලදීත් Galaxy S Anycall දුරකතන 2ක් අවස්තා දෙකකදී බොහෝ කාලයක් භාවිතා කලා.. ඉතින් මට නම් කිසිම ගැටලුවක් උනේ නැහැ.. හැම දේම හොදින්.. ඉන් එක් දුරකතනයක් මම ගත්තු මුදලටම මාගේ හිතවත් සහෝදරියකට දුන්නු අතර ඇයත් දැන් වසරකට කිට්ටු වෙන්න එම දුරකතනය භාවිතා කරනවා.. කිසිම ගැටලුවක් නෑ.. එකම අව්ල SMS Text 80 කට සීමා කර තිබීම පමනමයි..  ඒකත් මම GO SMS App එක දාල හදල දුන්නා..
R.K.D Chinthaka Deshapriya
Admin: SCHOOLLK
මෙම ලිපිය Shown Veesly විසින් සම්පාදනය කරන ලද්දක් වන අතර කාලීන වටිනාකමක් ඇති නිසා Schoollk හරහා ඔබවෙත ගෙන එන ලදී..


Wednesday, October 23, 2013

gta android ෆෝන් එකෙන් ගහමු

ඔන්න අපේ චින්තයියගේ බ්ලොග් එකේ මගේ පලවෙනි ලිපිය . වැඩි පම්පෝරි නෑ  හරිද ..පලවෙනි ලිපිය නිසා. මම හිතුවා අපේ android use කරන අපේ කට්ටියට  පොඩි game එකක් දෙන්න. පොඩි කීවට පොඩිම නැ  ඉතින් 650 mb විතර තියනවා . game එක තමා gta 3 ෆුල් game එකම හොඳේ  චුට්ටක් නෙවේ එහෙනම් පහල තියන ස්ටෙප් වලට අනුව  ඔයාගේ 4න් එකට මේ game එක දා ගන්න . ඊට කලින් කියන්න ඕනේ මේකේ ප්ක game එක සිංහලට හඬ කවලා තියන්නේ .. මේකත් මම ට්‍රයි  කරා මොකක් හරි ජිල්මාට් පාරක් දාන්න හරි ගියේ නැ තව ට්‍රයි  කරන්නම් හරි ගියොත් ඔයාලටත් කියන්නම්කො ...



01). gta 3.apk 

උඩින් තියන apk ෆයිල් එක බාගෙන ඔයාගේ android 4න් එකට install කරගන්න ඊට පස්සේ ඔයාගේ sd කාඩ් එකේ Android > data > com.rockstar.gta3 > files > GTA3 කියන පාත් එකට zip  ෆයිල්  එකේ තියන data unzip  කර ගන්න . දැන් ඉතින් වැඩේ ඉවරයි . play කරලා බලන්නකෝ එහෙනම් .. මම නම් ටිකක් සෙල්ලම් කරා එල කිරි ආ .. මොකක් හරි අවුලක් ගියොත් cmnt එකක් දාන්නකෝ .. 

Thursday, October 3, 2013

ඕනම Android දුරකතනයක් Root කරන්න කියාපු බඩුව


 යාලුවනේ ගොඩ කාලෙකට පස්සෙ තමා මම මගේ බ්ලොග් එක පැත්තට ආවේ.. Call කලාට Massage කලාට වැඩක් නෑ ඉස්සෙල්ල රාජකාරිය, පස්සේ තමා මේ වැඩ ගැන බලන්න වෙන්නේ. තරහ නෑනේ. මන් දන්නව ඔයාල එහෙම තරහ වෙන්නේ නෑ.. හොදා හොදා.. 
මොකක්ද මන් අද ඔයාලට කියල දෙන්නේ කියල හිත හිත ඉන්න කොට තමා යාලුවෙක්ගෙන් Call එකක් ආවෙ එයා එයාගෙ 
Android Smart Phone එක Root කරන්න ගිහින් දැන් ඔන් වෙන්නේ නෑ කියල. ඉතින් මේක අපේ ගොඩක් යාලුවොන්නට් වෙලා තියෙනව. හරියට දන්නේ නැතුව Root කරන්න ගියාම ඔහොම වෙනව. සමහරු උඩ පැන පැන Root කරන්න හදනව.. "මොකක්ද බන් Root කරනව කියන්නේ " කියල ඇහුවම අහස පොලව ගැට ගහන්න කල්පනා කරනවා. සමහරු හිතන්නේ Root කරනවා කියන්නේ Sinhala Font දාන එකට කියල. Heee
මේව ඇහුවම සමහරුන්ට වෙන වෙන තැන් වලිනුත් හිනා යයි.. Lol.:P..
ROOT කරනව කියන එක ගැන තවම අවබෝදයක් නැති අය මේ ලිපිය ඉස්සෙල්ල කියවන්න   
READ
හරි එහෙම බෑ බොලව් දන්නේ නැති උන්ටයි දන්න උන්ටයි ඔක්කොටම ලේසියෙන්ම Phone එක Root කරන්න පුලුවන් Software කෑල්ලක් දෙන්නම් දැන්වත් වද දෙන්න එපා බන්.. අරක ඔන් වෙන්නෑ මේක ඔන් වෙන්නෑ කියල.. (Joke හොදේ) . :P




මේක තනිකර Korian භාශාවෙන් හදල තියෙන්නේ.. නමේ අස්සෙනුත් Koran කෑල්ලක් ගහල. මම Koran භාශාව දන්නේ නෑ.. ඒත් එකෙක් කිව්ව මේකෙ නම ROOT Master කියල. වෙන්න බැරි නෑ. නම වගේම තමා මෙයාගෙ වැඩ. 
දැන් කට්ටිය Koran Language ඉගෙන ගන්න ඕනේ නෑ. මේක ඕන කෙනෙක්ට තේරෙනව.. හරිම ලේසියෙන් භාවිත කරන්න පුලුවන්. ඇත්තම කිව්වොත් මේකෙ ක්‍රියාකාරිත්වය ගැන මම පැහැදිලි කරන්න යන්නේ නෑ. ඒ තරමටම සරලයි. හිතන්නේ මේ Software එක හෙන සයිස් කියල නේද.. පිස්සු හැදෙයි... 5MB He Heee

හැබැයි කිසිම වගකීමක් මම ගන්නේ නෑ හොදේ.. කරන නොකරන එක ඔයාලගේ වැඩක් 

5MB





මම මේ ක්‍රමේට Galaxy Y, Galaxy S සහ Alcatel එකක් Root කලා. ඉතින් මට අව්ලක් නම් ගියේ නෑ.. ඉතින් යාලුවනේ ඔයාල Root කරල හරි ගියාට පස්සේ නිකන් ඉන්න එපා.. පොඩ්ඩක් මේ පැත්තේ ඇවිත් Phone එකේ Model එක දාල ප්‍රතිචාරයක් දාන්න තරම් කාරුණික වෙන්න. මොකද තවත් ඔයාගේ වගේම දුරකතනයක් තියෙන කෙනෙක් මේක කරනවාද නැද්ද කියල බයෙන් ඉන්න පුලුවන්. ඔයාගේ සාර්තකත්වය දැක්කම එයාටත් බය නැතුව වැඩේට බහින්න පුලුවන්. ඒක ලොකු උදව්වක්. ප්‍රයෝජනයක් උනානම් මේ ලිපිය ප්‍රතිචාරයක් දාල යන්න අමතක කරන්න එපා..

Thursday, August 22, 2013

Android Phone වලට පට්ට PC Manager වැඩසටහනක්




දැන් මම ටිකක් Android පැත්තට බර කරල තමා පෝස්ට් ලියන්නේ. මොකද Android Device ඒ තරමටම අපේ ජීවිත ආක්‍රමනය කරල තියෙනවා. අද මම ඔයාලට ඉතාම වැදගත් මෘදුකාංගයක් හදුන්වලා දෙන්න තමා යන්නේ. මෙයාගේ නම තමයි "Mobogenie". 

මොකක්ද මේ Mobogenie කියන්නේ කියල බලමු. Mobogenie කියන්නේ ඔයාගේ Android Phone එක Computer එකට සම්බන්ද කරාම ඔයාගේ Phone එක පරිගනකය උපකාරයෙන් කලමණාකරනය(Manage) කරන්න උදව් කරන අපූරු වැඩසටහනක්. ඔයාට කරන්න තියෙන්නේ Data Cable එක අරගෙන Computer එකට ගහන එක විතරයි. 


ඉතුරු ටික Mobogenie බලා ගන්නවා. ඇත්තටම මේ Mobogenie  කියන තරම් වැඩ කාරයෙක්ද! අපි බලමු මෙයාට කරන්න පුලුවන් මොනාද කියල.
  1. ඔයාගේ Phone එකේ Tab එකේ File බලන්න පුලුවන්. (SD Data)
  2. ඉතා පහසුවෙන් Backup සහ Restore කිරීමේ පහසුකම. (Contact/Massage/Apps/Video/Music).
  3. ".APK" File පටිගනකය මගින් Install කිරීමේ පහසුකම.
  4. Contact No බැලීමට සහ ඒවා Manage කිරීමේ පහසුකම.
  5. SMS බලන්න සහ ඒවා Manage කිරීමේ පහසුකම.
  6. දැනට Install කරල තියෙන Application Update කරන්න, Uninstall කිරීමේ පහසුකම. මෙහිදී Mobile Data වලින් නෙමේ Update වෙන්නේ.
  7. Phone එකේ තියෙන Music/Videos බැලීමට සහ Manage කිරීමට හැකිවීම.
  8. පරිගනකය Internet වලට සම්බන්ද කර ඇත්නම් එම Data යොදාගෙන Games,Apps,Wallpapers ආදිය දුරකතනයට Install කර දීම.

…මේ වගේ වැඩ ගොඩම් මෙයා කරනවා. හරිම Smart Program එකක්. ඕන නොතේරෙන කෙනෙක්ට පහසුවෙන් තේරෙන්න හදපු වැඩසටහනක්. ඉතින් ඔයත් බල බල ඉන්නේ නැතුව මේක Install කර ගන්න. මේ වැඩසටහන 15MB වගේ පොඩි Software එකක්. එහෙනම් මම ගියා. ජය වේවා!.. 



Monday, August 12, 2013

මොකක්ද මේ Rooting කියන්නේ ?





ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි අද මම අවදානයට යොමු කලේ. ඔයත් Android Device එකක් භාවිතා කරපු කෙනෙක් නම් බොහෝ විට මේ ප්‍රශ්නය ඔබට එන්න ඇති. ඒ තමා Root කිරීම. ඇත්තටම මොකක්ද මේ Root කරනව කියන්නේ,මේකෙන් අත්වෙන වාසි සහ අවාසි මොනාද කියල අද මේ ලිපියෙන් මම කියන්නයි යන්නේ.

මොකක්ද මේ ROOT කියන්නේ

ඇත්තටම මේ වචනය අපට මුලින්ම හමුවෙන්නේ UNIX සහ LINUX කියන මෙහෙයුම් පද්ධති තුලයි.මේ යටතේ ඊලගට එන වචනය තමා "Super User" කියන වචනය.
අපි මේ දෙකම පැත්තකට  දාල හැරෙමු  පොඩ්ඩක් Windows පැත්තට. ඔයාල අපි හැමෝම දන්න දෙයක් තමා පරිගනකයක Administrator Account එකකින් Log වෙච්ච කෙනෙක්ට පරිගනකය තුල ඕන දෙයක් කරන්න පුලුවන් බල තලයක් ලැබෙන බව. ඉතින් ඔයාට Software Install කරන්න, File Delete කරන්න , File Move කරන්න, දැනට පවතින Accounts Delete කරන්න, Users Add කරන්න වගේ ගොඩක් දේවල්. නමුත් ඒ පරිගනකයේම Guest Account එකක් යටතේ Log වෙච්ච කෙනෙක්ට මේ හැමදේම කරන්න බලතල පරිගනකය මගින් ලබා දෙන්නෑ. ගොඩක් Internet Cafe වල තියෙන්නේ Guest Accounts වලින් Log වෙන්න.
හොදා දැන් ඔයාල බලනවා ඇති ROOT කිරීමයි User Account අතරෙයි සම්බන්දය මොකක්ද කියල. ඔයා සමහර විට නොදන්නව වුනාට ඔයාගේ Android Phone එක , TAB එක ඔයා මිලදී ගන්න විටම ඔයාට Guest Account එකකට සමාන බලතල තමා ලබා දෙන්නේ. ඔයාව යම්කිසි රාමුවකට හිර කරනවා. දැන් ඔයාට ඕන ඕනා විදියට Phone එකේ System File අතර සැරිසරන්න, ඒවා Edit කරන්න, වගේ දේවල් ඔයාට manufacturer වලදිම තහනම් කරනවා. දැන් අපි බලමු ඇයි එහෙම කලේ කියලා.අපි දන්නවා Phone එකක Hardware පැත්ත වගේම Software පැත්තකුත් තිබෙන විත්තිය. ඉතින් මේ දෙකෙන් එකක් හරි අවුලක් ගියොත් Phone එක හරියට වැඩකරන්නේ නැති වෙන්න පුලුවන්. බලන්න කවුරු හරි කෙනෙක්ට වැරදිලා හරි System File එකක Boot වීමට අවශය File එකක් Delete වුනොත් එහෙමත් නැත්නම් System එකේ ක්‍රියා කාරිත්වයට අවශය කුමක් හෝ File එකක්  Delete  වුනොත් ඒ Device එක වැඩකරන්නේ නැතුව යනව නේද ? , එහෙමත් නැත්නම් Virus එකක් මගින් File වලට බලපෑමක් එල්ල කිරීමේ අවදානමකුත් එනවා. සමහර Program වලට පුලුවන් System File වෙනස් කරන්න. මේ කරුනු නිසා ඇත්ටටම Phone එක ඔයාලගේ භාසාවෙන් කිව්වොත් කැඩෙන්න පුලුවන්. එහෙම ගියොත් නිශ්පාදකයින්ට හැමදාම වෙන්නේ Warranty දිදී ඉන්න තමා.

ඉතින් Root කිරීමෙන් අපට Super User Activate කරගන්න පුලුවන් වෙනවා. දැන් ලොක්ක ඔයා. තවදුරටත් Phone එකට සීමාවල් පනවන්න අයිතියක් නැහැ. ඔයාට ඕනා තරම් නිදහස තියෙනවා ඕන දෙයක් කරන්න.
මේ ලිපියේදී කොහොමද Root කරන්නේ කියල නම් කියන්න යන්නේ නැහැ.


Root කිරීමෙන් අපට අත්වෙන වාසි.

සිංහල Font උපකරනයට දාගන්න පුලුවන් වීම.
…ලාංකිකයෙක් විදියට මට Root කිරීමෙන් අත් වෙච්ච පලමු වාසිය තමා Phone එකට Sinhala Unicode හදාගන්න පුලුවන් වෙච්ච එක. මීට කලින් Opera Mini වගේ විකල්ප භාවිතා කරත් ඒ ඔක්කෝටම වඩා Font එකක් Install කිරීමෙන් Unicode හදා ගැනීම අතිසාර්තකයි. 


Custom Software (ROM’s) භාවිතය
ඇන්ඩ්‍රොයිඩ් උපකරනයක Read Only Memory එක තුල තමා ROM එකක් තැම්පත් කරල තියෙන්නේ. ඇත්තටම මේ ROM එකත් Software එකක් තමයි. ඔයාගේ Device එකේ ඇතුලත පෙනුම, ක්‍රියාකරිත්වය සහ හැකියාවල් පදනම් වන්නේ මේ Rom එක මතයි. ඉතින් ඔයාගේ Phone එක Root කලා නම් දැන් ඔයාට ලස්සන Rom භාවිතා කරන්න පුලුවන්. එමගින් මෙතෙක් ඔයා දැකපු පෙනුම සහ හැකියාවල් දියුනු කරගන්න පුලුවන් වෙනවා.





ඉතින් වැරදියට නම් වටහ ගන්න එපා ROM එකක් කියන්නේ Theme එකක් කියලා. Theme එකකට වඩා එහාට ගිය දෙයක් තමා ROM කියන්නේ. මෙතැනදී performance පවා වෙනස් වෙනවා. ඉතින් Custom Rom දාගන්න කැමති අය මේ Link එකට පිවිසෙන්න.

Kernel, speed, and battery

 සමහර Apps තියෙනවා Android Device සදහා, උපාංගයේ Speed එක වැඩි කරන්න, Batery Life එක වැඩි කරන්න, CPU Overclock කරන්න වගේ ගොඩක් Advance වැඩවලට. මේ Apps කියාත්මක වෙන්නේ Root කරපු උපකරන තුල පමනයි. ඉතින් ඔයා Root කරලනම් තියෙන්නේ ඔයාටත් පුලුවන් මේ පහසු කම අත් විදින්න. 

Custom Themes
මේකත් Custom ROM භාවිතා කරනව වගේ තමයි. සමහර Themes වැඩ කරන්නේ නැහැ Root නොකරපු උපකරන තුල.
Baseband
මේක නම් මම අත්හදා බලල නම් නැහැ. මේ කියන්නේ නම්, Root කරපු Phone එකක Signal Quality එක වැඩි කරගන්න පුලුවන් සිද්දියක්. ඉතින් කරපු කෙනෙක් ඉන්නවනම් මටත් කියල දෙන්න. Signal කිව්වේ Call signal වලටම විතරක් නෙමේ. Radio පවා මේ යටතට අයත්. 

Latest Versions of Android
බොහෝ වෙලාවට Android Phone වල Update සීමාකරනවා. එතකොට පරන අයට අලුත් Update ගැනීමේදී ගැටලුවක්. එත් Root කරපු Device වලට මේක අදාල වන්නේ නැහැ. 



Backup කිරීමේ පහසුකම  

ඔයාගේ උපකරනය Root කරලනම් තියෙන්නේ දැන් ඔයාට පුලුවන් ඔයාගේ Phone එකේ හැම දෙයක්ම Backup කරගන්න. ඔයාල කියයි ඕක කොහොමත් තියෙනවනේ කියලා . නමුත් මම මේ කියන ක්‍රමයේදී ඉතා ගැබුරින් වුනත් Backup කරන්න පුලුවන්. ගොඩක් Android market එකේ තියෙන්නේ උඩින් අතගාල Backup කරන Application. පුලුවන් නම් මේ සදහා Titanium Backup යොදා ගන්න. මේ Link එක මගින් එය ලබා ගන්න පුලුවන්

Unlocking Additional Features
Root කරපු උපකරනයක දැනට පවතින පහසුකම් වලට අමතරව වෙනත් පහසුකම් එක් කිරීමට හැකියාව තියෙනවා. මම සරල උදාහරන දෙකක් කියන්නම්. ඒ තමා WiFi and USB tethering කියන ක්‍රම දෙක. මොකක්ද මේ tethering. ඔයාට පුලුවන් ඔයාගේ පරිගනකයේ පවතින Internet Connection එක USB එක මාර්ගයෙන් Phone එකට ගන්න. ඇත්තටම මෙය කරන්න පුලුවන් Root කල දුරකතනයකම පමනයි. WiFi tethering එකේදී කරන්නේ මෙහෙම දෙයක්. ඔයාට පුලුවන් ඔයාගේ Phone එකේ Internet ඒ Phone එකේම WiFi යොදාගෙන අනිත් අයට ලබා දෙන්න. මරු නේ.. 



 Root කිරීමෙන් අත්වෙන අවාසි

Bricking'
මේක තමා අපිට අත්වෙන ලොකුම අවාසිය. ඒ තමා උපකරනයට ලැබෙන Warranty එක, Root කිරීම නිසා නැතිවෙනවා. ඉතින් මොනා හරි වෙලා Device එක කැඩුනොත් සොරි තමා.

උපාංගයේ ආයුකාලය අඩුවෙන්න පුලුවන්.
…Root කරපු හැම උපකරනයක්ම නෙමේ සමහර උපකරන Root කරල සම්මත තත්වයන්ගෙන් පිට ගිහින් Speed සහ Overclock කිරීම් හේතු කොටගෙන උපකරනයේ ආයුකාලය අඩුවෙන්න පුලුවන්. හැකිතාක් නිශ්පාදන ආයතන පනවල තියෙන සීමාවල් වලට එහා නොයන්න උත්සහ ගන්න.
නිශ්පාදන සමාහමට පුලුවන් ඕනෑනම් ඔයාගේ උපකරනය නිශ්පාදනයේදීම උපරිම වේගයකට ලක් කරල දෙන්න. නමුත් එය දිගුකල් පැවැත්මට නුසුදුසුයි. 

Security
Root කිරීමෙන් දුරකතනයේ හෝ උපකරනයේ ආරක්ශාව ගොඩක් අඩු වෙනවා. පුංචි Application එකකට උනත් පුලුවන් දැන් උපාංගයේ අන්තර්ගතයට පිවිසිලා සියල්ල විනාශ කරන්න. ඔයාගේ තොරතුරු පිට කරන්න.

Root කරන්නේ කොහොමද. 
ඇත්තටම කියන තරම් ලේසි නැහැ. හොද පලපුරුද්දක් නැතිකෙනෙක්ට මම තරයේ කියා සිටිනවා Root කිරීමෙන් වලකින ලෙස. Root කරනා ක්‍රමවේදය දුරකතන මාදිලිය අනුව වෙනස් වෙනවා. ඔයාට පුලුවන් XDA Developer Site එකෙන් ඔයාගේ දුරකතන මාදිලියට අදාලව Root කරන්නේ කොහොමද කියල දැන ගන්න. පිවිසෙන්න මේ Link එකට.තවදෙයක් කියන්න බැරි උනානේ. Root කරපු උපාංගයක් Unroot කරන්නත් පුලුවන්. 

ඉතින් මේ ලිපියේ තියෙනේ මගේ අදහස් සහ දැනුම. මේව ඉගෙන ගන්න සිංහල පත පොත නම් නැහැ හොදේ. මාත් Web කාල, කටු කාල ඉගෙන ගත්තු දේවල් වල සංශිප්තයක් තමා මේ දැම්මෙ. ඉතින් ප්‍රොයෝජනයක් උනානම් ප්‍රතිචාරයක් දක්වන්න අමතක කරන්න එපා හොදේ. අනිත් කරුන තමයි මේ ලිපි මගේ අවසර නැතුව ගෙඩි පිටින් Copy කරල දාන්න එපා කියල මම ඉතා කාරුනිකව ඉල්ලා සිටිනවා. 
ලිපියේ වරදක් ඇතොත් පහදා දෙන්න.