Showing posts with label Visual Basic. Show all posts
Showing posts with label Visual Basic. Show all posts

Saturday, December 28, 2013

VB.NET වලින් Animate වෙන Button එකක් හදමු


ඔන්න ගොඩ දවසකට පස්සෙ තමා vb.net වලට පාඩමක් හැදුවේ.. ඒ වගේම තමා ගොඩ දවසකට පස්සෙ මම Video එකක් කලේ. ඉතින් අපි හැමෝම දන්නවනේ සාමාන්‍ය Application එකකට භාවිතා කරන්නේ Windows ල විසින්ම දෙනු ලබන Button එකක් නේ.. නමුත් මේ වීඩියෝ එකෙන් ඔයාලට මම කියල දෙනව අපිට හිතේ හැටියට Button එකක් දා ගන්න හැටි.. ඇත්තටම මේක එක ක්‍රමයක් විතරයි. මීට වඩා දියුනු ක්‍රම තියෙනව.. UI Design කරන කොට.. මේක තමා මූලිකම අදියරය.. උත්සහ කරල බලන්න..


Surce Code: Download

ඔබේ අදහස් අපිට ලියන්න 

Saturday, July 27, 2013

Visual Basic මගින් File එකක් Copy/Past කරමු







මෙම පාඩමේදී ඔන්න මම ඔයාලට කියල දෙනවා File එකක් Copy කරල තව තැනකට අරන් යන්නේ කොහොමද කියල.


Friday, July 19, 2013

Visual Basic 6 Windows 7 වල දුවන කොට අව්ල්ද! මෙන්න විසදුම

R.K.D චින්තක දේශප්‍රිය විසින් ගෙන එන Visual Basic වීඩියෝ පාඩම් මාලාව


Visual Basic 6 පාඩම් 08

R.K.D චින්තක දේශප්‍රිය විසින් ගෙන එන Visual Basic වීඩියෝ පාඩම් මාලාව


සුපුරුදු විදියට ඔන්න VB වල තවත් වීඩියෝ එකක්. VB වලින් ගහන Program එකට Setup එකක් ගහන්නේ කොහොමද.. බලන්න මේ වීඩියෝ එක.


Visual Basic 6 පාඩම් 07

R.K.D චින්තක දේශප්‍රිය විසින් ගෙන එන Visual Basic වීඩියෝ පාඩම් මාලාව

Visual Basic 6 භාවිතා කරල ඉතාම ලේසියෙන් සරල වැඩසටහන් නිර්මානය කරන්න පුලුවන්. මේ වීඩියෝ එකෙන් කියල දෙන්නේ පරිගනකයේ තියෙන පිංතූර බලන වැඩසටහනක් නිර්මානය කරන ආකාරය. කැමතිනම් උත්සහ කරල බලන්න.


Visual Basic 6 පාඩම් 06

R.K.D චින්තක දේශප්‍රිය විසින් ගෙන එන Visual Basic වීඩියෝ පාඩම් මාලාව

VB වල Loop භාවිතා කරන අන්දම

 

Visual Basic 6 පාඩම් 05

R.K.D චින්තක දේශප්‍රිය විසින් ගෙන එන Visual Basic වීඩියෝ පාඩම් මාලාව

ඉතා සරලව Visual Basic 6 භාවිතා කරලා Calculator එකක් සාදන විදිය ඔන්න මම මේ වීඩියෝ එකෙන් පෙන්නල තියෙනවා.

Visual Basic 6 පාඩම් 04

R.K.D චින්තක දේශප්‍රිය විසින් ගෙන එන Visual Basic වීඩියෝ පාඩම් මාලාව
VB වලින් සංඛ‍යා 2 ක් එකතු කරන්න අඩු කරන්න වැඩිකරන්න බෙදන්න වගේ සීන් වලට මූලික Operators පිලිබද දැනුමක් අවශය. මේ ඒ පිලිබදව සැකසූවකි.

Visual Basic 6 පාඩම් 03

R.K.D චින්තක දේශප්‍රිය විසින් ගෙන එන Visual Basic වීඩියෝ පාඩම් මාලාව


VB වලදී Properties භාවිතා කරන අන්දම ගැන ඉතා හොද අවබෝදයක් මේ වීඩියෝ එක බැලුවනම් අනිව ඔයාලටත් තේරේවි

Visual Basic 6 පාඩම් 02

R.K.D චින්තක දේශප්‍රිය විසින් ගෙන එන Visual Basic වීඩියෝ පාඩම් මාලාව

ඔයාලගෙ පලමු Visual Basic වැඩසටහන "HELLO WORD!"  බලන්න මේ වීඩියෝව.


Visual Basic 6 පාඩම් 01

 R.K.D චින්තක දේශප්‍රිය විසින් ගෙන එන Visual Basic වීඩියෝ පාඩම් මාලාව.


Visual Basic 6.0 කොහොමද ඔයාලගෙ පරිගනකයට Install කර ගන්නේ. බලන්න මේ Video එක. 






Tuesday, October 23, 2012

අපේම කියල Chat කරන වැඩසටහනක් නිර්මානය කරමු.



ඔන්න කස්ටියට පිස්සු හැදෙන පාඩමක් කියාදෙන්න යන්නේ. මේ පාඩමෙන් මම නම් කියල දෙන්න යන්නේ සරල Chat Program එකක් හදා ගන්නා විදිය. නමුත් ටිකක් code එහෙ මෙහෙ කරල ඔනෙනම් Hacking වගේ ගේමක් උනත් දෙන්න පුලුවන්. ඒ කොහොමද කියල දැන ගන්නම ඔනි නම් මේ ලිපි පෙල ඉදිරියට කියවගෙන යන්න. 

Winsock සංකල්පය 
 පරිගණක භාවිතා කරනා ඔයාලා අපි හැමෝම පරිගණක මෘදුකාංග භාවිතා කරනවනේ.ඉතින් මේ අපි භාවිතා කරනා බොහෝ මෘදුකාංග ක්රියාත්මක වන්නට අවශය පරිසරය (Environment ) සකසා ගන්නේ අපේ පරිගනකය තුලමයි. මෙවැනි තනි පරිගනකයක ක්රියාත්මක වෙන standalone application වලට අමතරව දුරස්ත පරිගනකයක සිට ජාලගතව ක්රියාත්මක කල හැකි මෘදුකාංගත් අපි භාවිතා කරනවා. අපි භාවිතා කරන Skype, Teem viewer, Ammy වගේ වැඩසටහන් ඔයාලට මතකද. මේ මෘදුකාංග ජාලගතව තවත් පරිගනකයක් සමග සම්බන්ද වී යම් කාර්යයක් කිරීමට නිර්මාණය කල මෘදුකාංග. ඉතින් මේවගේ මෘදුකාංගයක් ඔයාලට නිර්මානය කරන්න පුලුවන්ද?.අනිවාර්යෙන්ම පුලුවන්. තාක්ශනික පැත්තෙන් ක්රම ගනනාවක් තිබුනත් මම ඔයාලට කියලා දෙන්නේ MS Winsock කියන ක්රමය. 

Winsock පාලකය 
WINSOCK යනු දුරස්තව පවතින පරිගනක දෙකක් හෝ ඊට වෑඩි ගනනක් අතර දත්ත සම්ප්රේශනය කිරීමට Microsoft සමාගම මගින් නිර්මානය කල Module එකකි. මෙහිදී winsock module එක දත්ත හුවමාරු කිරීමට යොදා ගන්නා ක්රම 2ක් තිබේ. 

 1. TCP (Transmission Control Protocol) TCP කියන ක්රමය බොහෝ සෙයින් සමාන වන්නේ දුරකතනයට. ඔබට කාට හෝ දුරකතන ඇමතුමක් ගැනීමට ප්රතම ඔබේ දුරකතනය දුරස්ත දුරකතනය සමග එකිනෙක සම්බන්ද කිටීමක් (Connection) එකක් ප්රතමයෙන් පිහිටුවා ගත යුතුයි. ඒ සදහා අපි අංකයක් භාවිතා කරනවා. අදාල සම්බන්දතාව නිසි පරිදි සැකසුනු පසු ඔබට කතා කිරීමට පුලුවන්. කොටින්ම කියනවනම් TCP කියන්නේ Connection පාදක කොටගත් ක්රියාවලියක්. 

2. UDP (User Datagram Protocol) මෙහිදී යම් දත්තයක් මුදා හැරීමට පලමුව Connection එකක් ගොඩනැගීමට අවශය නැහැ. පරිගනකවලට කැමති පරිදි දත්ත හුවමාරු කල හැක. 

 සරල Chat Application එකක් නිර්මානය කිරීම 
 ඔයාල හොදටම දන්නවනේ Skype මගින් කතා කරන ආකාරය. හොදයි, මගේ හොදම යාලුවෙක්ට මට කතා කරන්න ඔනෙ කියල හිතමුකො. ඒකට මම මගේ පරිගනකයට skype දා ගන්න ඔනේ. එහෙමයි කියල මට මගේ මිතුරට කතා කරන්න පුලුවන් වෙයිද. කවදාවත් නැහැ. මගේ මිතුරත් skype තම පරිගනකයට දා ගන්න ඕනේ. මෙතැනදී මට කියන්න ඕන වුනේ මෙම Skype වැඩසටහන් දෙකක් අතර පනිවිඩ හුවමාරු වන්නේ Server සහ Client කියන පිලිවෙල අනුව බවයි. 

එකිනෙකට දත්ත හුවමාරු වන වැඩසටහන් නිර්මානයේදී මේ server සහ client කියන පදනම මත තමයි අපි මෘදුකාංගය සංවර්දනය කරන්න ඔනේ. තවත් සරලව කිව්වොත් අපිට Application දෙකක් නිර්මානය කරන්න වෙනවා. මෙතැනදී Server application එකක් දුරස්ත පරිගනකයක් මත ක්රියාතමක කරන අතර එම application එකට Winsock port අංකයක් ලබා දෙනවා. එක හරියට නම් තබනවා වගේ වැඩක්. …ඔන්න දැන් එම වැඩසටහන ඇති පරිගනකය සොයාගෙන යන්න පුලුවන් Client Application එකක් තවත් පරිගනකයක ක්රියාත්මක කරනවා. ප්රතමයෙන් දුරස්ත ජාලගත පරිගනකය සොයා ගත යුතුයි. ඒකට අපි server එක සහිත පරිගනකයේ IP Address එක භාවිතා කරනවා.  

ඉතින් මට හිතුනා සරල Chat කිරීමේ වැඩසටහනක් සාදන ආකාරය මේ සමග අමුනන්න. ඇත්තටම මේ video එකේ තියෙන මෙම මූල දර්මය පාවිච්චි කරල දුරස්තව Hack කල හැකි වැඩසටහනක් උනත් හදන එක එච්චර අමාරු වැඩක් නෙමේ.  

මේක මම මෙම බ්ලොග් අඩවියෙන් පලකරන මගේ පලමු Video එක. ඒක නිසා අඩුපාඩු වගයක් තියෙයි. ගනන් ගන්න එපා. වීඩියෝ එක බලලා යාලුවොන්ටත් කියන්න මේ පැත්තේ ඇවිත් යන්න කියලා. ඉස්සරහට වැඩ ගොඩක් කරන්න තියෙනවා. ඔයාලට තියෙන්නේ බලන් ඉන්න විතරයි. මේ ලිපියේ ගුනදොස් තියෙනවනම් Comment එකකින් දන්වන්න. ගැටලු තියෙනවනම් ඒවත් ලියන්න. එහෙනම් ඔං මම ගියා ....







Thursday, October 4, 2012

VB ටිකක් Speed කරමුද


හොදා මගෙ යාලුවොන්ට ගොඩාක් කලෙකින් වීබී පාඩමක් කියා දෙන්නෙ බැරි උනා. එකට තරහ වෙන්න එපා. මට හිතුනා මෙ විදියට අපේ කට්ටියට වීබී උගන්වල වැඩක් නෑ කියල. මමත් මුලුන් හිතුවෙ වීබී මුල සිටම උගන් වන්න. නමුත් මම මෙ දාපු ලිපිත් එක්ක බලන කොට වීබී දන්නෙ නැති කෙනෙක්ට යම් අවබෝදයක් ලබා ගන්න පුලුවන් කියල මම හිතනවා. ඉතුරු ටිල ඔයාලගෙ අතේ තමා තියෙන්නේ. අද අන්තර්ජාලය ගත්තාම යම්තාක් දුරට සින්හලෙන් වීබී  මූලික පාඩම් හොදට ආවරනය කරපු අපේ සහෝදරයන් සිටිනවා. ඉතින් වීබී පිලිබදව හොදට මූලික කොටස් අල්ලා ගන්න ඔයාලට නිකන් ඉන්න ගමන් Google වල සිංහලෙන් වීබී මුල සිට කියා යෙදුමක් යෙදූ විට පහසුවෙන් සොයා ගන්න පුලුවන්.

නමුත් ඔයාල ඕනෑම වෙලාවක වීබී පිලිබදව ගැටලුවක් පැන නැගුනොත් මට ලියන්න. මම අනිවාර්යයෙන් ඒ ගැටලුවට පිලිතුරක් සහිත ලිපියක් පල කරන්න සූදානම්. අවශ‍ය නම් දුරකතනයෙන් උනත් සහය වෙන්න කැමතියි. ඒ ප්‍රසිද්ධියක් ගන්න නෙමේ. මට ඕනේ හැම විටම මම දන්න දෙයක් තියෙනවනම් ඔයාලට කියා දෙන එක.නමුත් ඉතින් දන්නවනෙ. දුරකතන අංකය එක වර ප්‍රසිද්ද කලොත් එක privet bus වලයි මහජනයා නිතරම ගැවසෙන ස්තාන වලයි ලියවෙයි. මම දන්නෙ නැද්ද අපේ සම "හරක්" ගේ වැඩ. විශේෂයෙන්ම මම මෙ කියන්නේ අ.පො.ස සා.පේ IT ලියන කට්ටියට. බොහෝ පාසැල් වල මම දන්නා තරමින් VB පිලිබදව පාඩමක් උගන්වන්නට ගුරුවරුන්ටත් බැහැ. අනේ එහෙම කිව්වට මාගෙත් එක්ක තරහා වෙන්න එපා. අඩුපාඩුවක් තියෙනවනම් හදාගන්න එක කොච්චරනම් වටිනවද. සමහර විට මේ වෙනකොට මෙ ලිපිය කියවන්නේ අපේ රත්තරන් ගුරුවරයෙක් වෙන්න පුලුවන්. ඔය ඕන කෙනෙක්ට මම විවුර්තව ආරාදනා කරනව අද සිට වීබී වල ඔබ මෙතෙක් නොදුටු හපන්කම් පෙන්නන්නට.තාක්ශනය දැන් ගොඩක් දියුනුවෙලා. එදා තනි computer එකක වැඩසටහනක් දුවල වැඩකලාට අද එහෙම නෑනේ. ජාලගතව ක්‍රීයාත්මක වෙන සමූහ මෘදුකාංගවලට ලොකු වටිනා කමක් තියෙනව. Skype ඊට හොද උදා හරනයක්. වැඩි කතා ඕනේ නෑ. ඉස්සරහට එන පාඩම් ඔක්කොම ලංකාවෙ කිසිම වෙබ් අඩවියක නැති ඉතා දුර්ලභ පාඩම් වනවා නිසැකයි.




Tuesday, June 5, 2012

Visual Basic 6 Portable


ගොඩ කාලෙකින් post එකක් දාන්නත් බැරි උනා. මේ දවස් වල මම ටිකක් කාර්ය බහුලව වැඩ කරන කාලයක්. මගේ blog එකේ මම මීට පෙර vb වලින් program ලියන්න ඉගෙන ගන්න කැමති අයට ඒ පිලිබද මූලිකම පාඩම් මාලාව අරගෙන ආව. ඒ ක තම ඉවර නැහැ. ඉස්සරහට මම කට්ටිය හොල්මන් වෙන program ටිකක් අරන් එන්න සූදානම් කරල තියෙන්නෙ. ඉතින් vb කරන අයට තිබ්බ ලොකුම අපහසු තාවයක් මම අද නැතිකරනවා. ඒ තම එයලට මම මගේ blog අඩවිය හරහා vb software එක ලබා දෙනවා. vb සාමන්ය‍යෙන් 160MB-600MB දක්වා ලොකු software එකක්. නමුත් මම් දෙන්නෙ ඔයාලට vb portable application එකක් විතරය් (5MB). මෙකෙ ගොඩාක් plugin,forms අඩුයි තමය්. ඒත් මේ පාඩම් මාලාවටත්, මූලික අද්ධ‍යන කටයුතු වලටත් මේක හොදටම සැහෙනව.

මිතුරෙකුගේ ඉල්ලීමක් පරිදි ඔන්න මම  Visual Basic 6.0 Enterprise Full Version එක භාගත කරගන්න පුලුවන් Link එකක් පහල දාල තියෙනවා. 126 MB විතර වෙනවා. 


Friday, April 6, 2012

Event සමග වැඩකරමු


ඔන්න මම තවත් ඉතාම වැදගත් පාඩමක් ඔයාලට අරගෙන ආවා. මේ පාඩමේදී මම ඔයාලට vb වල තියෙනා event ගැන කියාදෙන්න හිතුවා. event එකක්, එහෙමත් නැත්නම් අවස්තාවක්' අපි සාදනු ලබන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේදී ඔයා නිතර භාවිතාකල පොදු event එක ඔයාට මතකද. ඔයා බොත්තමක් mouse එකෙන් click කලා මතකද. එත කොට තමයි අපේ වැඩසටහන ක්‍රියාත්මක උනේ. එතනදී අපි යොදා ගත්තු event එක උනේ click event එක. නමුත් සංකීර්න software නිර්මානයේදී click event එකෙන් පමනක් වැඩකිරීමට නොහැක. ඔයාල සමහර විට දැකලත් ඇති සමහර වැඩසටහන් වලට යමක් ඇදගෙන ඇවිත් අත ඇරපුවහම ක්‍රියාත්මක වෙනවා. උදාහරනයක් විදියට මට ඔයාලා සිංදු අහනා ප්ලෙයර් එක (Windows Media Player)කියන්න පුලුවන්. සමහර විට ඔයාල දැකලා ඇති අපේ mouse pointer එක බොත්තමක් උඩට ගෙන ගිය විට එම බොත්තම දීප්තිමත් වෙනවා. උදා; windows වල තියෙන start බොත්තම හදුන්වන්න පුලුවන්. ඉතින් මේ විදියට තව ගොඩාක් event වර්ග තියෙනවා.
ඔයාල ඉස්සෙල්ලාම අලුත් project එකක් open කරගන්න. ඊට පස්සේ Form එක උඩ දෙපාරක් click කරලා View Code එක Open කරගනන. මෙතැනදී form එකට අදාල දැනට Select වෙලා තියෙනා event එක ඔයාලට දකුනුපසින් දකින්න පුලුවන්. ඒ අනුව Load කියන event එක තමයි select වෙලා තියෙන්නේ.

event එකක් තේරූ පසු ඊට අදාල Code ඉබේම Generate වෙලා තියෙන ආකාරය
පහත රූපය බලන්න


ඉහත රූපය දිහා බලපුවහම පේනව නේද තියෙන event ගොඩ. මේ මම පෙන්වලා තියෙන්නේ Frame එකට අදාල event විතරයි. ඔන්න මම පහල සරල වැඩසටහනක් නිර්මානය කරල තියෙනවා.


ඉහත වැඩසටහනට අදාල code පහත දැක්වේ.
Private Sub Command1_MouseMove(Button As Integer, Shift As Integer, X As Single, Y As Single)
Text1.Text = "E v e n t"
End Sub

Private Sub Form_MouseMove(Button As Integer, Shift As Integer, X As Single, Y As Single)
Text1.Text = ""
End Sub

කරලම බලන්න. අව්ලක් ගියොත් මට කියන්න.



Monday, April 2, 2012

Visual Basic වල තියෙන මූලික Operators හදුනා ගනිමු


Operators’ ගින් අපේ වැඩසටහනක අන්තර්ගත මෙතනදී මම යම්කිසි සංඛයාවක් ගන්නම්. අපිට සංඛයා 2ක් එකතු කරන්න අඩු කරන්න, වැඩි කරන්න සහ බෙදන්න උපයෝගී කරගන්න පුලුවන්. පහත වැඩ සටහනෙන් ඔයාලට ඒක තේරුම් ගන්න පුලුවන්.

Arithmetical
මෙවැනි සංකයා එකතු කිරීමට ගන්නා Operators’ වලට අපි පොදුවේ Arithmetical Operators’ කියා කියනවා.  

සංඛයා දෙකක් එකතු කරීම

ඉහත project එකට අදාල code

Private Sub Command1_Click()
txt3.Text = Val(txt1.Text) + Val(txt2.Text)
End Sub

Private Sub Command2_Click()
txt1.Text = ""
txt2.Text = ""
txt3.Text = ""
End Sub

සංඛයා දෙකක් අඩුකරීම

ඉහත project එකට අදාල code

Private Sub Command1_Click()
txt3.Text = Val(txt1.Text) + Val(txt2.Text)
End Sub

Private Sub Command2_Click()
txt1.Text = ""
txt2.Text = ""
txt3.Text = ""
End Sub

සංඛයා දෙකක් වැඩිකරීම

ඉහත project එකට අදාල code

Private Sub Command1_Click()
txt3.Text = Val(txt1.Text) + Val(txt2.Text)
End Sub

Private Sub Command2_Click()
txt1.Text = ""
txt2.Text = ""
txt3.Text = ""
End Sub

සංඛයා දෙකක් බෙදීම

ඉහත project එකට අදාල code

Private Sub Command1_Click()
txt3.Text = Val(txt1.Text) + Val(txt2.Text)
End Sub

Private Sub Command2_Click()
txt1.Text = ""
txt2.Text = ""
txt3.Text = ""
End Sub







Text Box හා Label එක්ක වැඩ කරමු 02


මේ යටතේ මම ඔයාලට කියන්න යන්නේ, කොහොමද Text Box දෙකක ඇති වචන 2ක් එක Text Box එකකට ගන්නේ කියලා.

මේ සදහා Text Box 3 ක්, Command Button 2 ක් ඔයාගේ විබී ප්රොජෙක්ට් එකට එකතු කර පහත ආකාරයට ප්රොපර්ටි වෙනස් කර ගන්න.

Text Box මේ ආකාරයට යොදන්නේ හිස්ව තැබීමටය1
            Name = txt1
            Text = “” (මේ ආකාරයට යොදන්නේ හිස්ව තැබීමටය)
Text Box මේ ආකාරයට යොදන්නේ හිස්ව තැබීමටය 2
            Name = txt2
            Text = ““
Text Box 3
            Name = txt3
            Text = ““
Command1
            Caption = Start
Command2
            Caption = Clear
ඔය පහත ආකාරයට ඔයාලත් ෆ්රරේම් එක නිර්මානය කරගන්න.


Start Button සදහා පහත ආකාරයට Code ඇතුලත් කරන්න.

Private Sub Command1_Click()
txt3.Text = txt1.Text + " " + txt2.Text
End Sub

Clear Button සදහා පහත ආකාරයට Code ඇතුලත් කරන්න.

Private Sub Command2_Click()
txt1.Text = ""
txt2.Text = ""
txt3.Text = ""
End Sub



මේ කේත ඉතා දීර්ගව විස්තර කිරීමට අවශ වෙන එකක් නැහැ. තරමටම ඉතා සරලයි. නමුත් පරිගනක ක්රමලේඛනයේ විවිධ උපක්රම ගැන ඔයාව දැනුවත් කිරීම ඉතාම වටිනවා. මෙතනදී මම යන txt3.Text = txt1.Text + " " + txt2.Text
 පේලියට අවදානය යොමුකරන්න හිතුවේ අන්න නිසයි.

මෙතැනදී මට අවශය කලේ txt1 හා txt2 වල ඇතුලත් කරන ලද වචන දෙකක්, txt3 තුල එක්කොට පෙන්වීමයි. මෙතනදී මම  txt1.text , txt2.textයන්නෙන් බලාපොරොත්තු වුනේ වලට අදාල property, මෙතෙන්ට අනුව නම් ඔයා Text box  තුලට ඇතුලත් කරන ලද වචන "+" ලකුනෙන් එක් කිරීමයි. මෙතනදී මම තවත් ප්රයෝගයක් යොදාගත්තා. තමා නිකන්ම txt1.Text + txt2.Text ලෙස ඇතුලත් නොකර txt1.Text + " " + txt2.Text, ලෙස ඇතුලත් කිරීම. එතකොට නම් දෙක අතර හිඩැසක් ලබා ගන්න පුලුවන්. 

Txt1.text = Visual
Txt2.text = Basic

  • txt1.Text + txt2.Text à  VisualBasic
  • txt1.Text + " " + txt2.Text à VisualBasic


Project එක මම පහල දාලතියෙනවා.