Monday, February 10, 2014

Folder එකේ Background එක මාරු කරන්න කියාපු බඩුව


අද අපි කතාකරන්න යන්නේ ලංකාවේ කෙනෙක් අතින් නිර්මාණය වු ඉතාමත් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් ගැනයි.   එය නමින් 7Folder  Background Changer|Ultimate.මේ නම දුටු සැනින් ඔබට මෙහි ක්‍රියාකාරීත්වය පිළිබදව අවබෝධයක් ලැබෙනු නොඅනුමානයි.ඇත්තෙන්ම මෙය නිර්මාණය කරලා තියෙන්නේ Windows7 මෙහෙයුම් පද්ධතිය ඉලක්ක කරගෙනයි.Windows7 මෙහෙයුම් පද්ධතිය භාවිතයට ගැනෙන ඕනෑම පරිගණකයක් තුළ නිර්මාණය කළ Folder වල අලංකාරය තව තවත් ඉහළ නංවා ගැනීමට මෙමගින් අපට අවස්ථාව හිමිවෙනවා. ඇත්තෙන්ම මේ කාරණයට අදාළව කොතෙකුත් මෘදුකාංග නිර්මාණය කර තිබුනත් ඒවායේ යම් යම් ගැටලුකාරී තත්වයන් දක්නට ලැබෙනවා.නමුත් මේ මෘදුකාංගය නිර්මාණය කිරීමේදී ඒ කරුණු ගැන ඉතා හොද අධ්‍යනයකින් පසුවයි නිර්මාණය කරලා තියෙන්නේ.  




ඉහත පින්තූරය මගින් ඔබට දකින්න පුළුවන් එහි වූ සරළ අතුරු මුහුණත. එමගින් ඉතාම කෙටි කාලයකින් ඔබට අවශ්‍ය කරන Folder වල පසුබිමට පින්තුරයක් එක් කිරීමට,අකුරු සදහා වර්ණයන් එක කිරීමට සහ Folder තුළ ඇති Folderසදහාත් එම වෙනස්කම් සමාන ලෙස දැක්වීමට පුළුවන්.
මම හිතනවා ඔයාලට මේ මෘදුකාංගය ගැන හොද අවබෝදයක් ලැබෙන්න ඇති කියලම.මම මේ ගැන දීර්ග හැදින්වීමක් නොකලේ මෙය ඕනෑම අයෙකුට තේරුම් ගෙන වැඩ කටයුතු කරගත හැකි ලෙස නර්මාණය කර ඇති නිසා.


(System Requirement)                                                                                                                                 
පද්ධති අවශ්‍යතා :
*System –   Vista/7/8                                                                                                                        *Processor- 1.5 GHz P4 
 *RAM      MIN (256MB) MAX (512MB)                                                                                     *.Net Framework – 3.5 or Highter
                                             File Size : 512 KB
https://dl.dropbox.com/s/6cjo86xzg8xxaac/7FBCU.zip

ඉතින් ඔයාලටත් පුලුවන් මේ ලාංකීය මෘදුකාංගය ඔයාලගේ Computer එකටත් දා ගන්න. මේකේ Size එක වෙන්නේ 512KB වගේ ප්‍රමානයක්. ඉතින් මේක නිර්මානය කරපු සුපුන් දිල්ශාන් ගමගේ  මිතුරාට අපේ ස්තූතිය පුද කරමු.  


3 comments:

  1. saho meka niyama vadak. eth meka mage win.8.1 ekka vada karanne nane..help krnna pulwnda? me vage folder brackground daganna mama ful try krla thyanwa eth hari giye na..program compaitabilty valinuth check kala eth hari giye na... :-(

    ReplyDelete
  2. Friend mama thamai me software eka Develop kale.Me tool eka target karala thiyenne Windows7 OS ekata vitharai.A nisa Win8 OS eke me tool eka Run unath Folder Background Change karanna be.Idiriyata mama balaporoththu wenawa me tool eka Windows 8 Compatible karanna.

    ReplyDelete