Monday, October 7, 2013

නොදන්න Hacking දන්න සිංහලෙන් (HacKing with CrZy Prof Lesson 01)



ඔන්න එකෝමත් එක කාලෙක ලංකාවෙ චින්තක කියල කොල්ලෙක් හිටිය. මූ කරන දේවල් උගේ යාලුවොන්ට තේරෙන්නේ නැති නිසා හැමදාම යාලුවො මූට කිව්වෙ පිස්ස කියල. ඒකට ඉතින් ඉංග්‍රීසියෙන් Crazy කියල කියන නිසා ආදරේටත් එක්ක යාලුවො එහෙම කතා කලා. Crazy හැමොටම IT පැත්තෙන් උදව් කලා. Crazy වත් දන්නේ නැහැ ඒ දැනුම කොහෙන් ආවද කියල. වැඩි කලක් යන්න ඉස්සෙල්ල යාලුවො මූට ප්‍රොෆා කිව්ව. පිස්සු ප්‍රොෆා.. මේ Crazy ගේ Story එකයි!!!

ගොඩ දෙනෙක්ට වගේ කාලයක් මටත් Hacking පිස්සුවක් තිබ්බ. හෙව්වා හෙව්වා Hacking ගැන අන්තර්ජාලය තුල සෑහෙන්න. සමහර වෙලාවට දැනුමක් ලැබුන. සමහර වෙලාවට වුනේ දවසේ කාලය කා දැමීමක් විතරයි. වසර තුන හතරක් මම පරිගනකයත් සමග හැප්පුන. ඒ කියන්නෙ ගේම් ගහල කාලේ කන එකට නම් නෙමේ.. හැම වෙලාවෙම හිතට අවේ මේ මෙහෙයුම් පද්දතියක් ක්‍රියාකරන්නේ කොහොමද කියල. දැනුම ටික ටික වැඩි උනා. පරිගනකයකට විදුලිය ඇවිත් On වෙන අවස්තාව දක්වා ක්‍රියාවලිය වටහා ගන්න මට ටික කාලයක් ගියා.. දවසක් හිතුන මේ computer එක On නොවෙන්න හදන්න ඕනේ කියල. ඉතින් මම කලේ System File ටිකක් නිකම්ම Delete කරල Computer එක Restart කිරීම වගේ සරල දෙයක්.  Computer එක On වෙන්නේ නැහැ. මගේ උත්සහය සාර්තකයි. ආපහු මගේ CD ගොඩේ තිබ්බ Windows XP CD එක අරගෙන Windows දැම්ම. යලිත් විනාඩි 45 කට පස්සෙ මට මෙහෙම හිතුන.. මම Manual File Delete කරල මගේ Computer එක කැඩුවනම් මට බැරිද මේ වැඩේ Automatic කරගන්න. මම ඒ වෙනකොට VB ට්කක් දන්නව..තව Bach Coding ටිකකුත් දන්නව. Notepad Open කරල 

Del C:\windows\System32\*.* 

ලෙස මම Notepad එකේ ලියල .bat file එකක් ලෙස Save කලා. දැන් බලමු Run කරල.. මම හරිම ආසයි Bat File Run වෙනකොට බලන්න. කලුපාට පසුබිමක සුදුපාට මොනාදෝමන්ද අකුරු ටිකක් ටික වෙලාවක් ගියා. පස්සෙ මම නැවත පරිගනකය Restart කලා. මගේ උත්සහය සාර්තකයි. Computer එක On වෙන්නේ නැහැ. ආපහු මම Windows දැම්ම.. මට පොඩ්ඩක්වත් එපාවෙන්නේ නෑ මෙවගේ දේවල් කලාට .. කම්මැලිකමක් වත් නිදිමතක්වත් එන්නේ නෑ.. ඇත්තටම Notepad තරම් බලගතු tool එකක්නම් මම දැකල නෑ ඒකාලේ..

මගේ යාලුවනේ.. මේ හැකින් නම් නෙමේ.. මට කියන්න ඕන වුනේ හැකින් කියන්නේ මම දකින විදියට තමන්ම ගොඩනගා ගන්නා විශිෂ්ට කුසලතාවයක් කියලයි.. එහෙම නැතුව තව කෙනෙක් සොයාගත්තු ක්‍රමයක් අනුගමනය කරන එක නෙමේ.. මම පොඩ්ඩ පොඩ්ඩ පරිගනක ගැන දැනුම වැඩිකර ගන්න කොට ඉබේම මම තේරුම් ගත්තු දෙයක් තමා මේ පරිගනක පද්දති තුලත් විවිද දුර්වල තැන් තියෙනව නේද කියල. ඒමොනාද කියල මම කියන්න යන්නේ නෑ.. එකක් කියන්නම්කො.. Windows XP මෙහෙයුම් පද්දති වලට Password එකක් දැම්මට Administrator Password එකක් ගොඩ දෙනෙක් දාන්න පුලුදු වෙලා නැහැ. ඉතින් Login Password එක ඉල්ලන තැනට ගිහින් Alt+Ctrl+Del දෙපාරක් ගහල Username එක වෙනුවට Administrator කියල ගහල Log වෙන්න පුලුවන්. මේක ගොඩ දෙනෙක් දන්නව. සමහරු හිතන්නේ ඇත්තටම මේක System එකට Log වෙන්න පුලුවන් හොදම මාර්ගයක් කියලයි. ඒත් දන්න එකා දන්නව මේක මේ Admin Pass එකක් නොදුන්නු නිසා Log වෙන්න පුලුවන් උනේ කියල. ඇත්තටම Admin Pass එකත් තිබ්බොත් ඊලගට මොකද කරන්නේ.. මම නම් කියන්නේ නෑ.. හොයා ගන්න. මට මේ කියන්න ඕනේ හැකර් කෙනෙක් වෙන්න හිතන්න ඕන විදිය ගැන.

ඊලග කරුන. මට ඕනේ නෑ ඔයාලට හැකින් ඉතිහාසයේ ඉදන්ම කියල දෙන්න. ඒවගේම ලොකේ ඉන්න හැකර් වරු ප්‍රදාන වශයෙන් කාන්ඩ කරල හරියට එක වසරෙ පන්තියේ වගේ කියල දෙන්න ඔනේ නෑ.. ඔයාට මම කියල දෙන දේවල් තේරුම් ගන්න බැරියි වගේ තේරුනානම් ඇත්තටම ඔයා තාම හැකින් වලට ලාබාල වැඩියි. මම ඔයාව අදයිරිමත් කරන්නේ නෑ කිසිම වෙලාවක.. මම කියන්නේ තවත් අද්‍යනය කරල මේ වැඩේට බහින්න කියල.

ඇත්තටම පරිගනක පද්දතියකට හොරෙන් රිංගන එකනේ මේ හැකින් කියන්නේ.. ඇත්තටම එහෙම පුලුවන්ද පරිගනකයකට ඇතුල් වෙන්න.. ?
පුලුවන්.. ?
හොදා එහෙමනම් ඔයා මේ දැන් මගේ පරිගනකයට ඇතුලුවෙන්න..
 හ්ම් පුලුවන්ද?
බෑ නේද..! එක තමයි.. 

ඇත්තටම පරිගනකයකට හොරෙන් ඇතුල් වෙන  එක ම නෙමේ Hacking කියන්නේ.. Hack කරන්න පුලුවන් විදියට Software එකක් හරි Device එකක් හරි ඔයාට හදන්න පුලුවන්නම්, අන්න එතැනයි හැකින් තියෙන්නේ. තේරුනේ නෑ නේද.. මටනම් පුලුවන් මේ මොහොතේ ලොකේ ඕනම තැනක තියෙන පරිගනකයක් මගේ අනට කීකරු කරගන්න. ලොකු කමකට නෙමේ කියන්නේ.. නමුත් ඒ සදහා මම කරන්නේ පොඩි දෙයක්.. ඒ අදාල පරිගනකය හා සම්බන්ද වෙන්න පුලුවන් පොඩි Program එකක් හදනව.. ඊට පස්සේ කුමන හෝ ක්‍රමයකට මම මේ Program එක එයාගේ පරිගනකයට දානව.. දැන් මම මෙහෙ ඉදන් අන්තර්ජාලය භාවිතාකරල මම දෙන Command අනුව එම පරිගනකය ක්‍රියාකරවන්න පුලුවන්. ඒත් මම දෙන Command වලට ක්‍රියාත්මක වෙන්න පුලුවන් විදියට මම කලින්ම සැලසුම් කරපු වැඩසටහනක් තමයි මම අර පරිගනකයට දාන්නේ.. එහෙම නැතුව වැඩසටහන් දැම්ම පලියට මුලු ලෝකෙම අතට ගන්න බෑ.. උදාහරනයක් ගමු.. මට ඕනේ ඒ පරිගනකය Shutdown කරන්න නම් මම අර හොරාට රිංගවන වැඩසටහනට පුලුවන් වෙන්න ඕනේ Shutdown කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලබාගන්න නොලැබෙන features  මට  access කරන්න පුලුවන්.

මම නිර්මාණය කරපු Lion Dictionary වැඩසටහනේ Update එක වැඩ කරන්නේ මේ හා සමාන ක්‍රමවේදයක් යොදාගෙන. දැන් කට්ටිය බය වෙන්න එපා.. මට ඔයාලව හැක් කරල මොනා කරන්නද.. ඇත්තටම මම වැඩසටහන නිර්මාණය කලේ නව Update එකක් සැකසූ පසු එය දැනුම් දෙන්න පුලුවන් විදියට . ඒකෙන් කාටවත් හානියක් වෙන්නේ නෑ.. ලොකේ කොහේ හිටියත් අන්තර්ජාලයට සම්බන්ද උන සැනින් මට පුලුවන් හැමෝටම මේ ගැන දැනුම් දෙන්න. මගේ චේතනාව මෙතනදී යහපත්.. ඒනිසා හානියක් නෑ..

දැන් එතකොට මොකක්ද මේ Device එකක් හදන කතාව. හැක් කරන්න සමහරු පොඩි පොඩි ගැජට් හදනව. සරල උදාහරනයක් කිව්වොත් සමහරු දන්නේ නැතුව ඇති සමහර උපකරන නිර්මානය කරන්න පුලුවන් Keyboard එකේ එන දත්ත ලබා ගන්න පුලුවන් විදියේ.




Keyboard එක එන Cable එක මෙවැනි උපකරනයකට සම්බන්ද කිරීම පමනක් සෑහෙනව. ඊට පස්සේ ඒ උපකරනය හරහා තමයි පරිගනකයට සම්භන්ද වෙන්නේ. කව්ද පරිගනකයකින් වැඩකරන්න ඉස්සෙල්ල මේ වයර් බලන්න යන්නේ. ඔහේ වැඩ කරගෙන යනවනේ.. දැන් ඉතින් Login Password, FB,Gmail මේ හැම දේම අන්සතු වෙනව. 

හැකින්..
 ඔව් තවත් එක වීරක්‍රියාවක් කියල හිතන්න එපා.. මෙව දැනුමක් පමනක් කර ගන්න. නැතුව කාටවත් හිංසාවක් කරන එක නිවට කමක්.. ඉගෙන ගන්න කාලේ පොඩි පොඩි ආතල් ගත්තට කමක් නෑ.. හැබැයි ඇස් රතුවෙන විහිලු කරන්න නම් එපා.. මේ මගේ Style එක.. මම හොයාගත්තු ක්‍රමවේදයක්. නැතුව මට අහවල් කැම්පස් එකකින් හෝ පොත පතකින් ලැබුනු දැනුමක් නැහැ.. 
මේවාට යොදාගන්න තාක්ශනික නම් වත් මම දන්නේ නැහැ.. මට ඒව වැඩක් නෑ.. මම මගේ පාඩුවේ මටම ආවේනික දැනුමක් ගොඩනගාගන්න උත්සහ දරන කෙනෙක් විතරමයි. මම කිසිම තැනකදි විශිෂ්ට නැහැ..
මේ දැනුමත් උදේ ඉදන් රෑ වෙනකන් විවිද වෙබ් අඩවි කියවල , කල්පනා කරල, මා විසින්ම අවබෝද කරගත්තු දෙයක්. අපි ඊලග ලිපියෙන් මේ මාතෘකාව තවත් ඉදිරියට ගෙන යමු. රැදී සිටින්න.


3 comments: