Thursday, October 10, 2013

මොනවද මේ Driver කියන්නේ.. කියවලම බලන්නකෝ


ඉතින් කොහොමද යාලුවනේ.. හැකින් ගැන ලිපි ලියන එක චුට්ටකට නතර කරල සුපුරුදු පරිදි තාක්ශනික ලිපියක් පල කරන්නයි අද මම යන්නේ.. ඔයාල දන්නවනේ මගේ බ්ලොග් එකෙන් පුංචි දෙයක් ගැන උනත් ටිකක් බැහැල කතා කරනව කියල. ඇත්තටම මට ඕන උනේ පරිගනකයකට Drivers කොහොමද Install කරන්නේ කියල කියල දෙන්න. ඇත්තටම මට පෙනුන දෙයක් තමයි එතැන ඉගෙන ගන්න කියල මහ ලොකු දෙයක් නැති බව.. ඒ නිසා සියලු කරුනු ආවරනය කරල හිතුන ඉතාම වටිනා ලිපියක් ඔයාලට දෙන්න.


Drivers කියන්නේ මොකක්ද ?

Driver
Ele.    එලවනය
Ele.    එලවන්නා
Civ.    දක්කුව
n.    රථය පදවන්නා
n.    රථාචාර්ය
n.    රියැදුරා
st.    සාරථි

Driver කියන වචනයේ තේරුම ඔන්න ඔය විදියට තමා පරිගනක ශබ්ධකෝෂයේ එන්නේ. නිකන් දන්නේ නැති අයට දැන ගන්න දැම්මේ..

කොහොම නමුත් අර්ත දැක්වීමේදී Computer Driver එකක් මෙන්න මේ විදියට මම සරලව ඔයාලට පැහැදිලි කරන්නම්.

සරලව කිව්වොත් යාලුවනේ Driver එකක් කියන්නේ පොඩි Software කෑල්ලක්. මේ කෑල්ලට පුලුවන්කමක් තියෙනව ඔයාගේ Computer එකේ තියෙන Hardware සහ  operating system එක, සහ Software අතර අදහස් හුවමාරු කල යුත්තේ එහෙමත් නැත්තන් සම්බන්දතාවයක් ගොඩනගා ගත යුත්තේ කොහොමද කියල කියල දෙන්න.
…Drivers නැත්තන් Software වලට සහ OS එකට අදාල Hardware කොටස හදුනා ගන්න බැරිවෙනව. ඒ නිසා එම Hardware එකෙන් අපට කරන සේවය අපිට දෙන්න බැරිව යනව..

Drivers නැතුව පරිගනකයක වැඩ කරන්නම බැරිද ?
හොද ප්‍රශ්නයක්.. එක මෙහෙයුම් පද්දතියයි,, Hardware ගොඩයි.. ඔව්..! අපි හැමෝම ඉතින් භාවිතා කරන්නේ Windows XP,7,8 වගේ මෙහෙයුම් පද්දතියක්.. මහ ගොඩක් නෑ.. ඒත් Hardware නම් රටේ නැති ජාති, එක එක නම් වලින් තියෙනව. ඒ නිසා එක මෙහෙයුම් පද්දතියකට පුලුවන් කමක් නෑ මුලු ලොකෙම තියෙන Hardware වල Drivers රදාවාගෙන ඉන්න. ඒක ප්‍රායෝගික නෑ.. නමුත් සම්මත කාලීන වැදගත් Driver මෙහෙයුම් පද්දතිය තුල රදවා තියෙනවා..
ඒ නිසා Hardware නිර්මානය කරන අය විසින් හැම විටම Drivers නිකුත් කරන්නේ නෑ.. හැම Device එකකටම.. දැකල තියෙනවද Mouse එකට Drivers එනව. දැකල තියෙනවද Keyboard එකට Drivers එනව.. ඒකට හේතුව ඒව නිර්මානය කරල තියෙන්නේ Stranded Drivers වලට ගැලපෙන විදියට.. නවීන පරිගනක මව්පුවරු නිශ්පාදනයේදිම අදාල OS එකෙන්ම Drivers ස්වයක්‍රීයවම ගන්න විදියට හදනව.. නමුත් ඒ සම්මත Drivers වලට කරන්න පුලුවන් සීමාවට වඩා එහා ගිය Hardware සහිත Motherboard එකක් නම් අනිවාර්යෙන්ම ඒ ඒ Hardware සදහා භාවිතා වන Drivers වෙන වෙනම ලබා දිය යුතුයි.

ඉතින් බොහෝවිට Drivers ගැටලුව මතු වෙන්නේ Windows අලුතෙන් දාපුවහම.  සමහර වෙලාවට සමහර පරිගනක 100% ක් Drivers ඉබේම ගන්නව. නමුත් බොහෝ පරිගනක එහෙම නෑ.. ගොඩක්ම ප්‍රශ්නෙ එන්නේ Graphic Drivers වලට සහ Sound Drivers වලට.. මොකද අපිට ඉක්මනටම ඒ ගැටලුව හොදට පෙනෙන සහ දැනෙන නිසා. Graphic Drivers ගන්නේ නැති උනාම Display එක පේන්නෙම නැතුව යන්නෙ නෑ.. හොදට පේනව. නමුත් Window එකක් Move කරන කොට Sharp නෑ. System එකේ ගොඩක් Visual Effects සහය දක්වන්නේ නෑ.. සමහර විට Resolution අපිට අවශය ප්‍රමානයට හදාගන්න බෑ.. ඔය වගේ ගැටලු ගොඩයි.
තව Sound Drivers නැති නිසා පරිගනකයෙන් Sound එක ලබා නොදෙන්න පුලුවන්.. මේ තමා දරුනුම ගැටලු දෙක. ඊලගට අපිට අත් විදින්න පුලුවන් ලොකුම ගැටලුව තමා LAN Drivers නොමැති වීම නිසා අන්තර්ජාලයට පිවිසෙන්න බැරුව යනව.. සමහරු මම දන්නව Internet එකෙන් Drivers හොයා ගන්නම් කියල Windows දාල LAN Driver නැතුව ඇන ගන්න.. ඒ නිසා විශේෂයෙන්ම Desktop PC එකක් නම් "Ethernet Controller" එකේ Drivers එක හොයාගන්න මොකද මේක නැත්තන් Net යන්න බැරි වෙන නිසා.. හැබැයි Dongle වලින් යන අයට නම් ගැටලුවක් නෑ.. ඒකත් මම අවදාරනයෙන් කියා සිටිනව.

කොහොමද අපි Drivers හොයා ගන්නේ ?

හොයන්න ඉස්සෙල්ල බලන්න තමන් ලග තියෙන්නේ මොකක්ද කියල. ඔයාට Computer එකත් සමග බොහෝ විට Drivers CD / DVD ලැබෙනව. මීට අමතරම ඔයා TV card/VGA/Sound Card වගේ දේවල් Extra ගත්තනම් ඒවාටත් Drivers ලැබෙනව. ඉතින් ඒව ටික තියෙනව නම් අමුතුවෙන් බය වෙන්න ඩෙයක් නෑ..
නමුත් Laptop සහ Notebook භාවිතා කරන අය නම් ලොකු අපහසුවක වැටෙනව.. ඒ මොකද මම දන්න තරමින් කිසිම Lap එකකට Drivers CD හෝ DVD ලෙස ලබා දෙන්නේ නෑ.. ඒ නිසා ඔයා අලුතෙන් Lap එකක් ගන්නව නම් ඒ ගන්න අයගෙන් Drivers ටික ඉල්ල ගන්න. මොකද කවද හරි ඔයාට ඕන වෙන නිසා..…අනිත් වැදගත් කරුන තමයි කියන්න තියෙන Laptop හදන සමාගම විසින් තාක්ශනික සහයන් ලබා ගන්න පුලුවන් වෙන්න Website එකක් කරන් යනව.
ඉතින් ඔයාට Drivers හොයාගන්න පුලුවන් තවත් පහසුම ක්‍රමයක් තමයි මේ තාක්ෂනික වෙබ් අඩවියක සහය ලබා ගන්න එක. ඔන්න මම ඉතින් ලංකාවේ ගොඩ දෙනෙක් භාවිතාකරන Brands කීපයකට අදාල නිල වෙබ් අඩවි වල Links දාල තියෙනව. 











දැන් මෙතන ඔයාලගේ Lap එකේ Brand එක නැත්තන් දුක් වෙන්න එහෙම එපා.. මමත් මේ ක්ශනිකව Google වලින් හොයල ගත්තේ.. මම භාවිතා කලේ "HP Laptop Drivers" වගේ සරල Key word එකක්.

ඉතින් lap එකේ Drivers විතරක් නෙමේ Mother Board එකේ Drivers පවා මේ විදියට හොයන්න පුලුවන්. Mother B. එකේ Model එක On වෙන කොට පෙන්නනව. නැත්තන් සමහර විට Board එකේ ගහලත් තියෙනව. 



Driver සොයන්න පුලුවන් දැනට තියෙන පහසුම ක්‍රමය තමා Driver සොයා දෙන මෘදුකාංගයක් භාවිතා කිරීම. පලමුව මේ වැඩසටහන මගින් Scan කිරීමක් සිදුකරනව ඔයාගේ පරිගනකයේ මොනාද තියෙන Hardware සහ Drivers අඩුපාඩු කම් තියෙන්නේ මොනවායේද කියල. ඒ අනුව මේ වැඩසටහන මගින් ඊලගට මෙයාලගේ දත්ත පද්දතියකට සම්බන්ද වෙනව. ඉතින් ඒ වැඩේට Internet ඕන වෙනව.. ඊට පස්සේ අඩුපාඩු Drivers ටික ඔයාට Download කරල දෙනව.. 
මීට අමතරව සමහර Software වලින් Drivers Back UP කිරීමේ පහසු කමක් සපයනව. ඉතින් ඒකත් ගොඩක් වටිනව. මොකද Windows දාන්න ඉස්සෙල්ල එහෙම Backup එකක් දාගත්තම වැඩේ ලේසියි..
…ඔන්න ඔයාලට මම මේ වැඩේටම හරි යන වැඩසටහනක් ගෙනාව. කැමති අය  Download කර ගන්න.. 


ZIP File Password: schoollk



 Download  : 








ඉතින් මේ ලිපිය මම දින දෙක තුනක් තිස්සේ ලියන්නේ හෙමින් සීරුවේ.. මටත් ඉතින් වැඩ ගොඩක් තියෙනව.. ඒ අස්සේ තමා මේ හැම දේම සිදු කරන්නේ.. ඒ වගේම තමයි ඕනම කෙනෙක්ට පුලුවන් මගේ Mobile No. එකට කතාකරල මේ සම්බන්දව මතුවන ගැටලු සාකච්චාකරන්න.


මේ ලිපිය වටිනව කියල හිතෙනව නම් Comment එකක් දන්න අමත කරන්න එපා.

Tuesday, October 8, 2013

Facebook සහ Gmail හැක් කරමු (HacKing with CrZy Prof Lesson 03)


මෙය අද්‍යාපනික දැන ගැනීම සදහා පමනක් ලියවෙන ලිපියක් වන අතර සිදුවන අපහසුතා සම්බන්දව වගකීමක් භාරගනු නොලැබේ!!!!!!!!!!!!!!

ගොඩක් දෙනෙක්ට තියෙන පිස්සුවක් තමයි කාගෙ හරි FB එකක් හෝ Gmail එකක් හැක් කිරීමට උත්සහ කරන එක. ඇත්තටම මම දන්න තරමින් Facebook,Gmail වගේ එකක් හැක් කරනව කියන්නේ ඇත්තටම හීනයක්. මොකද ඒතරමටම මේවායේ Security එක වැඩියි. අනික මේවගේ Website හදන්නේ පාරවල් වල ඉබාගාතේ රස්තියාදු ගහන හාල්පාරුවො නෙමේ.. එහෙම මම ජෝක් එකට වගේ කිව්වට ඇත්ත ඒකයි. නමුත් මම දන්න එක දෙයක් තියෙනව.. මේ ආරක්ශක පද්දති හදන්නෙත් මිනිස්සු ඒ වගේම   මේව කඩන්නෙත් මිනිස්සු බව.

එහෙනම් මම මේ මොකක්ද කියන්න යන්නේ.. ඇත්තටම යාලුවනේ ගොඩක් අය Facebook හැක් කර ගන්නේ මේ Facebook පද්දතියේ තියෙන දුර්වල තා නිසා නෙමේ. තමන්ගේ තියෙන දුර්වල තා නිසයි.. ඉතින් මම මේ කරන්න යන්නේ Facebook වල Security එකට ගේමක් දෙන්න නෙමේ..,, ඒක පට්ට සීරියස් වැඩක් බව මට දැන් තේරිල තියෙන්නේ. මම ගේම දෙන්නේ user ට. මම එයාගෙ security එක කඩනව.. එයාව මම ගොනාට අන්දවනවා. මේ වගේ ක්‍රම වලට එක එක නම් කියනව .. අනේ මට ඕව වැඩක් නෑ.. වැඩේ වෙනව නම් එච්චරයි.. He Heeee

හිතන්න ඔන්න ඔයාගෙ යාලුවෙක් ඉන්නව හැකින් පිස්සුව ඉහට ගහපු. ඔන්න මම දැන් ඒ වගේ එකෙක්ට තමා ගේම දෙන්න යන්නේ.. ඔයා හැක් කරන්න ඉලක්ක කරන පුද්ගලයාගේ චරිත ලන්ශන අනුව ඔයා මේ ක්‍රමවේදය ඉතාම ශූක්ෂම ලෙස වෙනස් කරන්න තරම් නුවනක්කාර විය යුතුයි.. ඉස්සෙල්ල මෙන්න මේ මම නිර්මානය කරපු සරල වැඩසටහන පොඩ්ඩක් බලන්නකො.


මොකද හිතෙන්නේ මේක දැක්කම.. FB හැක්කරල password එක අතටම ගෙනත් දෙන වැඩසටහනක් වගේ පේනව නේද.. හිතන්න අර වගේ ගොන් හැකර් කෙනෙක්ට මේ Program එක ලැබුනොත් ඌ ඉස්සෙල්ලම මොකද කරන්නේ.. ඉක්මනට කාමරේ දොරත් වහ ගෙන කාගේ හරි අහින්සකයෙක්ගේ FB ID එක Massage එකක් හරි දාල ඉල්ල ගන්නව. ඊට පස්සෙ වැඩසටහනේ ඉල්ලන පරිදි ඇත්තම තොරතුරු මේකට දාල Fill කරනව. ඒ කියන්නේ හැකා හැකාගෙම FB User ID එකයි Password එකයි මෙතනට ලබා දෙනව.. ඊලගට මොකද වෙන්නේ.. මේ රූපය පොඩ්ඩක් බලන්නකො


මේ වැඩසටහනට පුලුවන් කමක් නැහැ කිසිම විටෙක කාගෙවත් User Name එකක් දුන්න පලියට Password එක ඔයාගෙ අතටම ගෙනත් දෙන්න. ඇත්තටම මේක වියාජ වැඩසටහනක්. ඒත් ඉතින් අන්දන එකත් සුපිරියටම අන්දන්න ඔනේ නිසා Cannot connect to server වගේ පොඩි ටෝකක් දානව.  ඊලගට මෙහෙමත් කියනව.. You inserted a wrong information වගේ සීන් එකක්.. එහෙම දැම්මේ සමහර ආදුනිකයො පලමු වතාවට තමන්ගේ User Name සහ Password දෙන්නේ වියාජ ඒව.. දැන් මේවගේ Massage එකක් දැක්කම මිනිහ හිතනව මේ වැඩසටහන මට ඕන වැඩේ කරල දුන්නේ නැත්තේ මගේ සත්‍ය තොරතුරු නොදුන්න නිසා කියල. ඒ නිසා නැවත වරක් ඇත්තම තොරතුරු දීල ගොනාට ඇන්ද වීමක් සිදුවෙනව. 

ඊලගට මොකද වෙන්නේ.... 

මේ වැඩසටහන මම Program කරල තියෙන්නේ Hack It බොත්තම එබූ සැනින් Text Box වල Fill කරල තියෙන Data ඔයාගේ Email එකට එවන විදියටයි.. මරුනේ.. මේ තියෙන්නේ පල්ලෙහා මම Image එකක් දාල.



ඉතින් මොකද හිතන්නේ මේ ගැන.. ඔයාලට මේ වගේ Tools ඕන තරම් අන්තර්ජාලය තුල හොයා ගන්න පුලුවන්. ඒත් ගොඩක් ඒවා Virus වලින් පුරෝලා. ඉතින් අපි අපේම වැඩසටහනක් හදල කලාම අපිටත් ඇගට හොදයි..
…මේ මම කියල දුන්න තියරියටම Gmail එකක් හැක් කරන්න බැරිද.. පුලුවන්. පුලුවන්.. මෙතනදි ඔයා මොන තරම් කපටි වෙන්න ඕනේද... ඒ තරමටම ඔයා සාර්තක වෙනවා.. කෙල්ලෙක්ගෙ FB එකක් මේ ක්‍රමේට හැක් කරන්න ටිකක් අමාරුයි.. මොකද කෙල්ලොන්ට එච්චරම අමාරුවක් නෑ Account Hack කරන්න. උන්ව අන්දන්න පුලුවන් ඕක තව ටිකක් වෙනස් කරල.. ඒ කොහොමද.. ඔයාලට පුලුවන් මේකට ලස්සන Love Meeter එකක් Set කරන්න.කෙල්ලො හරි ආසයි ඒ වගේ ඒවට. කොල්ලගෙ නමයි කෙල්ලගෙ නමයි දීල බොත්තම එබුවම එයාගේ FB User Name And Password එක ඉල්ලනව. ඊට පස්සෙ මොකක් හරි 1-100 ත් අතර අසම්භාවී විදියට අංකයක් Generate කරල ඒක percentage එකක් විදියට ලබා දෙනවා.. Hee hee . ඒ අස්සෙ ඉතින් මොකද වෙන්නේ කියල දන්නවනේ..


 මම දන්නේ නෑ මේ ලියපු දේවල් කීයෙන් කී දෙනාට තේරෙන්න ඇත්ද කියල.. මේ වැඩසටහනට අදාල සියලුම කේතයන් නොමිලේ මම ඔයාලට දෙනව. හැබැයි මම මේව දෙන්නේ ඔයාලට ඉගෙන ගන්න විතරයි.. නැතුව වැරදි දේවල් වලට යොදාගන්න එපා. එහෙම යොදාගෙන මාව අල්ලල දෙන්නත් එපා. ඔයාට මේ Source Code සම්බන්දයෙන් අපැහැදිලි තැනක් තියෙනව නම් Comment වලින් විතරක් අහන්න. නැතුව මේව ප්‍රසිද්දියේ Call කරල අහන්න එපා.. එහෙම ඒවට මම උත්තර දෙන්නෙත් නෑ.. Programing පිලිබදව ඉගෙන ගන්න කැමති අයට මම හැමදාම කියනව වගේ මගේ Tutorial Pack එක ගන්න කිසි ප්‍රශනයක් නෑ මුල ඉදන්ම තියෙනව. හොදා.. ඔන්න ඉතින් මේ වගේ ලිපියක් අයේ ඉතින් ලොවෙත් නෑ.. මොකද තනිකරම මගේ අදහස් තමා මෙතන තියෙන්නේ. අඩුපාඩු ඇති.. ඒත් කමක් නෑ.. මම කියල තියෙන සිද්දාන්තය තේරුම් ගත්තොත් හොදටම ඇති... 

මෙම වැඩසටහනට අදාල Code VB.NET


Download Project 1MB
http://www.mediafire.com/download/xeddnd9vmzunjed/Facebook%20Hack.zip

Password: crzyprof

වටිනව කියල හිතනවානම් Comment එකක් දාන්න අමතක කරන්න එපා..

ඔයාත් හැකර් කෙනෙක්ද?.. මොන ගොඩේද ඉන්නේ. (HacKing with CrZy Prof Lesson 02)


ඔන්න මම ඔයාලට හැකින් පිලිබදව දිග හරින දෙවන ලිපිය.. යන්නේ කොහෙද ඇහුවම මල්ලෙ පොල් කියල හරියනවද.. ඔයා හැකර් කෙනෙක් වෙනව නම් ඔයා ඒ සදහා යන මාර්ගය ඉස්සෙල්ලා දැන ගන්න ඕනේ.. එහෙම නැත්තන් වෙන්නේ බාගෙට භාවනා කරල සමහර උපාසක සීයල සෝවාන් වෙන්නේ .. ආන්න ඒ වගේ තමා.. පොඩ්ඩක් උඩින් පල්ලෙන් අතගාල මම තමා සිරා හැකර් කිය කිය ලෝකෙට පේන්න කෑ ගහල චාටර් වෙන්න තමා වෙන්නේ.

මම මෙතනදි හැකර් කෙනෙක් ගේ නිර්මාන අවදිය ගැන කියන්න යන්නේ. කිසිම හැකර් කෙනෙක් මව් කුසෙන් එලියට ආපු ගමන් හැකර් කෙනෙක් වෙන්නේ නැහැ. මේවාට සමාජ වටපිටාව සහ ඔහුගේ පල පුරුද්ධ හැම විටම බලපානව. හැකර් කෙනෙක්ගේ අද්‍යන අවදිය මම මේ පහල දාල තියෙන්නේ.

Script kiddie (හැකින් වලට අත්පොත් තබන්නා)



මෙන්න ඉන්නව හැකින් වලට බැහැපු කට්ටිය. වැරදියට හිතන්න එපා.. හිතේ හැකින් තිබ්බට මේ ගොඩට වැටෙන්නේ නැ.. මෙයාලට හැකින් පිලිබදව ලොකු දැනුමක් නෑ.. නමුත් කුතුහලය සහ ආසාව මේ අය ලග නිතරම තියෙනවා . ඒ නිසා නිතර වෙබ් අඩවි වල හැකින් ගැන ලියවෙන ලිපි ආදිය සහ YouTube වගේ ඒවයේ පාඩම් වගේ දේවල් බලල අත්හදා බැලීම් කරන අය. ගොඩක් වෙලාවට මෙයා තව කව්රු හරි හදපු Application තමයි භාවිතා කරන්නේ. ඇයි ලොකු දැනුමක් නෑනේ. ඔයාගෙ යාලුවෙකුත් මේ ගොඩේ කියල හිතෙනව නම් පොඩ්ඩක් පරිස්සම් වෙන්න. මොකද මෙයාල අත්හදා බැලීම් කටයුතු සදහා නිතර තම ලගම මිතුරන්ව තමා භාවිතා කරන්නේ හැක් කරන්න . තේරුනානේ.. සමහර විට මෙයාලට පොඩි Programing දැනුමකුත් තියෙන්න පුලුවන්. එයාලට ඉක්මනටම ඊලග අදියරයට පත් වෙන්න පුලුවන්. ගොඩක් වෙලාවට අපේ සමාජයේ හැකින් දන්නව කියල කෑ ගහන්නේ මේ වගේ අය. ඔන්න මම නම් හැකින් දන්නේ නෑ හොදේ.. මම මේ කියල දෙනව විතරයි. 




Intermediate hackers (මද්‍යම හැකර් වරු )




අනිවාර්යෙන්ම මේවගේ කෙනෙක් ලග Programing,Networking වගේ දේවල් ගැන දැනුමක් තියෙනව. ගොඩක් වෙලාවට මෙයාලට මෙයාලගේම කියල සරල Application එකක් හදාගන්නව. අර Script කොලු ගැටයොන්ට වඩා ඉදිරියෙන්. ඒත් ලොකු දෙයක් කරන්න නම් තාම බැහැ. නිතර අත්හදා බැලීම් කරනව. මොකද තාම මෙයාලත් ඉගෙන ගන්න නිසා.


Elite Hackers (විශිෂ්ඨ හැකර් වරු)






මෙන්න ඉන්නව සිරා හැකර්ල. මෙයාලට එයාලටම ආවේනික හැකින් ක්‍රමවේදයක් තියෙනව. ඒවගේමයි මෙයාල එක එක Tools හදනව Hack කරන්න පුලුවන් වෙන්න. මෙයාලට System එකක් උනත් Crash කරල දාන්න පුලුවන්. අපිත් මේ වගේ තැනකට තමා එන්න ඕනේ. නැතුව Script Kiddie කෙනෙක් වෙලා "මමයි හැකර්" කියල කෑ ගහන එකනම් චාටර්. තව දෙයක් මෙයාලට හොද තාර්කික හැකියාවක් තියෙනව. හරිම කපටියි.. ඒ වගේම උපායශීලියි. දෙයක් කරන්න ඉස්සෙල්ල හොදට Plan කරනව. ආයෙ දෙයක් කලොත් ආපු පාරක් වත් හොයා ගන්න බැරි වෙන්න. 


ඉතින් මේ කරුනු ටික කිව්වෙ ඔයාලට මේ ගැන යම් අවබෝදයක් ලබා දෙන්න මිසක් කිසි කෙනෙක්ව අවතක්සේරුවට පත් කරන්න නෙමේ.. දැන් ඔයාලටම තේරෙනව ඇතිනේ තමන් ඉන්නේ මේ මොන ගොඩේද කියල. මොන ගොඩේ හිටියත් උත්සහය සහ කැපපීම මත ඕන කෙනෙක්ට හැකර් කෙනෙක් වෙන්න පුලුවන්..

…ඔයා මේ විශයට කැමතිනම් හැකිතාක් කියවන්න මේ විශය සම්බන්දව, ඒ වගේම නිතර අත්හදාබැලීම් වල නිරත වෙන්න.. තේරෙනවනේ Programing ගැන දැනුමක් නැතිව මේවට බහින්න එපා. ගොඩ යෑමක් නම් නැහැ. ඒ නිසා ඉස්සෙල්ලම Programing ගැන පොඩ්ඩ පොඩ්ඩ හරි ඉගෙන ගන්න. YouTube සහ වෙබ් අඩවි තියෙනව මේ සදහා. 


ඒ වගේමයි අපේ අයට Programing ඉගෙන ගන්න පුලුවන් තව හොදම ක්‍රමයක් මම හදුන්වල දීල තියෙනව.. ඒ තමා මම ඉගෙන ගත්තු සෑම Video Tutorial එකක්ම මම ඔයාලට සහන මුදලකට දෙන්නේ.ඔක්කොම.. වීඩියෝ 690 පැනල. මේ ලිපිය කියවන්න . . 



ඒවායේ මම ඇතුලත් කරල තියෙනව Programing වලට ඕනේ නවීනතම මෘදුකාංග කට්ටලයකුත්.. මේ ඔක්කොම ඔයාට ගෙදරටම දින දෙකක් ඇතුලත ගෙනත් දෙනව ඔයාගෙ අතටම.
හොදා බල කරන්නේ නෑ.. පුලුවන් අය ගන්න.. 

…ඒවගේමයි.. මේ ලිපිය ඔයාට වැදගත් උනා නම් Comment කරන්න අමතක කරන්නත් එපා.. 


හැකින් ගැන තවත් පාඩමක් ඊලග ලිපියෙන් බලාපොරොත්තු වෙන්න.



Monday, October 7, 2013

නොදන්න Hacking දන්න සිංහලෙන් (HacKing with CrZy Prof Lesson 01)



ඔන්න එකෝමත් එක කාලෙක ලංකාවෙ චින්තක කියල කොල්ලෙක් හිටිය. මූ කරන දේවල් උගේ යාලුවොන්ට තේරෙන්නේ නැති නිසා හැමදාම යාලුවො මූට කිව්වෙ පිස්ස කියල. ඒකට ඉතින් ඉංග්‍රීසියෙන් Crazy කියල කියන නිසා ආදරේටත් එක්ක යාලුවො එහෙම කතා කලා. Crazy හැමොටම IT පැත්තෙන් උදව් කලා. Crazy වත් දන්නේ නැහැ ඒ දැනුම කොහෙන් ආවද කියල. වැඩි කලක් යන්න ඉස්සෙල්ල යාලුවො මූට ප්‍රොෆා කිව්ව. පිස්සු ප්‍රොෆා.. මේ Crazy ගේ Story එකයි!!!

ගොඩ දෙනෙක්ට වගේ කාලයක් මටත් Hacking පිස්සුවක් තිබ්බ. හෙව්වා හෙව්වා Hacking ගැන අන්තර්ජාලය තුල සෑහෙන්න. සමහර වෙලාවට දැනුමක් ලැබුන. සමහර වෙලාවට වුනේ දවසේ කාලය කා දැමීමක් විතරයි. වසර තුන හතරක් මම පරිගනකයත් සමග හැප්පුන. ඒ කියන්නෙ ගේම් ගහල කාලේ කන එකට නම් නෙමේ.. හැම වෙලාවෙම හිතට අවේ මේ මෙහෙයුම් පද්දතියක් ක්‍රියාකරන්නේ කොහොමද කියල. දැනුම ටික ටික වැඩි උනා. පරිගනකයකට විදුලිය ඇවිත් On වෙන අවස්තාව දක්වා ක්‍රියාවලිය වටහා ගන්න මට ටික කාලයක් ගියා.. දවසක් හිතුන මේ computer එක On නොවෙන්න හදන්න ඕනේ කියල. ඉතින් මම කලේ System File ටිකක් නිකම්ම Delete කරල Computer එක Restart කිරීම වගේ සරල දෙයක්.  Computer එක On වෙන්නේ නැහැ. මගේ උත්සහය සාර්තකයි. ආපහු මගේ CD ගොඩේ තිබ්බ Windows XP CD එක අරගෙන Windows දැම්ම. යලිත් විනාඩි 45 කට පස්සෙ මට මෙහෙම හිතුන.. මම Manual File Delete කරල මගේ Computer එක කැඩුවනම් මට බැරිද මේ වැඩේ Automatic කරගන්න. මම ඒ වෙනකොට VB ට්කක් දන්නව..තව Bach Coding ටිකකුත් දන්නව. Notepad Open කරල 

Del C:\windows\System32\*.* 

ලෙස මම Notepad එකේ ලියල .bat file එකක් ලෙස Save කලා. දැන් බලමු Run කරල.. මම හරිම ආසයි Bat File Run වෙනකොට බලන්න. කලුපාට පසුබිමක සුදුපාට මොනාදෝමන්ද අකුරු ටිකක් ටික වෙලාවක් ගියා. පස්සෙ මම නැවත පරිගනකය Restart කලා. මගේ උත්සහය සාර්තකයි. Computer එක On වෙන්නේ නැහැ. ආපහු මම Windows දැම්ම.. මට පොඩ්ඩක්වත් එපාවෙන්නේ නෑ මෙවගේ දේවල් කලාට .. කම්මැලිකමක් වත් නිදිමතක්වත් එන්නේ නෑ.. ඇත්තටම Notepad තරම් බලගතු tool එකක්නම් මම දැකල නෑ ඒකාලේ..

මගේ යාලුවනේ.. මේ හැකින් නම් නෙමේ.. මට කියන්න ඕන වුනේ හැකින් කියන්නේ මම දකින විදියට තමන්ම ගොඩනගා ගන්නා විශිෂ්ට කුසලතාවයක් කියලයි.. එහෙම නැතුව තව කෙනෙක් සොයාගත්තු ක්‍රමයක් අනුගමනය කරන එක නෙමේ.. මම පොඩ්ඩ පොඩ්ඩ පරිගනක ගැන දැනුම වැඩිකර ගන්න කොට ඉබේම මම තේරුම් ගත්තු දෙයක් තමා මේ පරිගනක පද්දති තුලත් විවිද දුර්වල තැන් තියෙනව නේද කියල. ඒමොනාද කියල මම කියන්න යන්නේ නෑ.. එකක් කියන්නම්කො.. Windows XP මෙහෙයුම් පද්දති වලට Password එකක් දැම්මට Administrator Password එකක් ගොඩ දෙනෙක් දාන්න පුලුදු වෙලා නැහැ. ඉතින් Login Password එක ඉල්ලන තැනට ගිහින් Alt+Ctrl+Del දෙපාරක් ගහල Username එක වෙනුවට Administrator කියල ගහල Log වෙන්න පුලුවන්. මේක ගොඩ දෙනෙක් දන්නව. සමහරු හිතන්නේ ඇත්තටම මේක System එකට Log වෙන්න පුලුවන් හොදම මාර්ගයක් කියලයි. ඒත් දන්න එකා දන්නව මේක මේ Admin Pass එකක් නොදුන්නු නිසා Log වෙන්න පුලුවන් උනේ කියල. ඇත්තටම Admin Pass එකත් තිබ්බොත් ඊලගට මොකද කරන්නේ.. මම නම් කියන්නේ නෑ.. හොයා ගන්න. මට මේ කියන්න ඕනේ හැකර් කෙනෙක් වෙන්න හිතන්න ඕන විදිය ගැන.

ඊලග කරුන. මට ඕනේ නෑ ඔයාලට හැකින් ඉතිහාසයේ ඉදන්ම කියල දෙන්න. ඒවගේම ලොකේ ඉන්න හැකර් වරු ප්‍රදාන වශයෙන් කාන්ඩ කරල හරියට එක වසරෙ පන්තියේ වගේ කියල දෙන්න ඔනේ නෑ.. ඔයාට මම කියල දෙන දේවල් තේරුම් ගන්න බැරියි වගේ තේරුනානම් ඇත්තටම ඔයා තාම හැකින් වලට ලාබාල වැඩියි. මම ඔයාව අදයිරිමත් කරන්නේ නෑ කිසිම වෙලාවක.. මම කියන්නේ තවත් අද්‍යනය කරල මේ වැඩේට බහින්න කියල.

ඇත්තටම පරිගනක පද්දතියකට හොරෙන් රිංගන එකනේ මේ හැකින් කියන්නේ.. ඇත්තටම එහෙම පුලුවන්ද පරිගනකයකට ඇතුල් වෙන්න.. ?
පුලුවන්.. ?
හොදා එහෙමනම් ඔයා මේ දැන් මගේ පරිගනකයට ඇතුලුවෙන්න..
 හ්ම් පුලුවන්ද?
බෑ නේද..! එක තමයි.. 

ඇත්තටම පරිගනකයකට හොරෙන් ඇතුල් වෙන  එක ම නෙමේ Hacking කියන්නේ.. Hack කරන්න පුලුවන් විදියට Software එකක් හරි Device එකක් හරි ඔයාට හදන්න පුලුවන්නම්, අන්න එතැනයි හැකින් තියෙන්නේ. තේරුනේ නෑ නේද.. මටනම් පුලුවන් මේ මොහොතේ ලොකේ ඕනම තැනක තියෙන පරිගනකයක් මගේ අනට කීකරු කරගන්න. ලොකු කමකට නෙමේ කියන්නේ.. නමුත් ඒ සදහා මම කරන්නේ පොඩි දෙයක්.. ඒ අදාල පරිගනකය හා සම්බන්ද වෙන්න පුලුවන් පොඩි Program එකක් හදනව.. ඊට පස්සේ කුමන හෝ ක්‍රමයකට මම මේ Program එක එයාගේ පරිගනකයට දානව.. දැන් මම මෙහෙ ඉදන් අන්තර්ජාලය භාවිතාකරල මම දෙන Command අනුව එම පරිගනකය ක්‍රියාකරවන්න පුලුවන්. ඒත් මම දෙන Command වලට ක්‍රියාත්මක වෙන්න පුලුවන් විදියට මම කලින්ම සැලසුම් කරපු වැඩසටහනක් තමයි මම අර පරිගනකයට දාන්නේ.. එහෙම නැතුව වැඩසටහන් දැම්ම පලියට මුලු ලෝකෙම අතට ගන්න බෑ.. උදාහරනයක් ගමු.. මට ඕනේ ඒ පරිගනකය Shutdown කරන්න නම් මම අර හොරාට රිංගවන වැඩසටහනට පුලුවන් වෙන්න ඕනේ Shutdown කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලබාගන්න නොලැබෙන features  මට  access කරන්න පුලුවන්.

මම නිර්මාණය කරපු Lion Dictionary වැඩසටහනේ Update එක වැඩ කරන්නේ මේ හා සමාන ක්‍රමවේදයක් යොදාගෙන. දැන් කට්ටිය බය වෙන්න එපා.. මට ඔයාලව හැක් කරල මොනා කරන්නද.. ඇත්තටම මම වැඩසටහන නිර්මාණය කලේ නව Update එකක් සැකසූ පසු එය දැනුම් දෙන්න පුලුවන් විදියට . ඒකෙන් කාටවත් හානියක් වෙන්නේ නෑ.. ලොකේ කොහේ හිටියත් අන්තර්ජාලයට සම්බන්ද උන සැනින් මට පුලුවන් හැමෝටම මේ ගැන දැනුම් දෙන්න. මගේ චේතනාව මෙතනදී යහපත්.. ඒනිසා හානියක් නෑ..

දැන් එතකොට මොකක්ද මේ Device එකක් හදන කතාව. හැක් කරන්න සමහරු පොඩි පොඩි ගැජට් හදනව. සරල උදාහරනයක් කිව්වොත් සමහරු දන්නේ නැතුව ඇති සමහර උපකරන නිර්මානය කරන්න පුලුවන් Keyboard එකේ එන දත්ත ලබා ගන්න පුලුවන් විදියේ.




Keyboard එක එන Cable එක මෙවැනි උපකරනයකට සම්බන්ද කිරීම පමනක් සෑහෙනව. ඊට පස්සේ ඒ උපකරනය හරහා තමයි පරිගනකයට සම්භන්ද වෙන්නේ. කව්ද පරිගනකයකින් වැඩකරන්න ඉස්සෙල්ල මේ වයර් බලන්න යන්නේ. ඔහේ වැඩ කරගෙන යනවනේ.. දැන් ඉතින් Login Password, FB,Gmail මේ හැම දේම අන්සතු වෙනව. 

හැකින්..
 ඔව් තවත් එක වීරක්‍රියාවක් කියල හිතන්න එපා.. මෙව දැනුමක් පමනක් කර ගන්න. නැතුව කාටවත් හිංසාවක් කරන එක නිවට කමක්.. ඉගෙන ගන්න කාලේ පොඩි පොඩි ආතල් ගත්තට කමක් නෑ.. හැබැයි ඇස් රතුවෙන විහිලු කරන්න නම් එපා.. මේ මගේ Style එක.. මම හොයාගත්තු ක්‍රමවේදයක්. නැතුව මට අහවල් කැම්පස් එකකින් හෝ පොත පතකින් ලැබුනු දැනුමක් නැහැ.. 
මේවාට යොදාගන්න තාක්ශනික නම් වත් මම දන්නේ නැහැ.. මට ඒව වැඩක් නෑ.. මම මගේ පාඩුවේ මටම ආවේනික දැනුමක් ගොඩනගාගන්න උත්සහ දරන කෙනෙක් විතරමයි. මම කිසිම තැනකදි විශිෂ්ට නැහැ..
මේ දැනුමත් උදේ ඉදන් රෑ වෙනකන් විවිද වෙබ් අඩවි කියවල , කල්පනා කරල, මා විසින්ම අවබෝද කරගත්තු දෙයක්. අපි ඊලග ලිපියෙන් මේ මාතෘකාව තවත් ඉදිරියට ගෙන යමු. රැදී සිටින්න.


Thursday, October 3, 2013

ඕනම Android දුරකතනයක් Root කරන්න කියාපු බඩුව


 යාලුවනේ ගොඩ කාලෙකට පස්සෙ තමා මම මගේ බ්ලොග් එක පැත්තට ආවේ.. Call කලාට Massage කලාට වැඩක් නෑ ඉස්සෙල්ල රාජකාරිය, පස්සේ තමා මේ වැඩ ගැන බලන්න වෙන්නේ. තරහ නෑනේ. මන් දන්නව ඔයාල එහෙම තරහ වෙන්නේ නෑ.. හොදා හොදා.. 
මොකක්ද මන් අද ඔයාලට කියල දෙන්නේ කියල හිත හිත ඉන්න කොට තමා යාලුවෙක්ගෙන් Call එකක් ආවෙ එයා එයාගෙ 
Android Smart Phone එක Root කරන්න ගිහින් දැන් ඔන් වෙන්නේ නෑ කියල. ඉතින් මේක අපේ ගොඩක් යාලුවොන්නට් වෙලා තියෙනව. හරියට දන්නේ නැතුව Root කරන්න ගියාම ඔහොම වෙනව. සමහරු උඩ පැන පැන Root කරන්න හදනව.. "මොකක්ද බන් Root කරනව කියන්නේ " කියල ඇහුවම අහස පොලව ගැට ගහන්න කල්පනා කරනවා. සමහරු හිතන්නේ Root කරනවා කියන්නේ Sinhala Font දාන එකට කියල. Heee
මේව ඇහුවම සමහරුන්ට වෙන වෙන තැන් වලිනුත් හිනා යයි.. Lol.:P..
ROOT කරනව කියන එක ගැන තවම අවබෝදයක් නැති අය මේ ලිපිය ඉස්සෙල්ල කියවන්න   
READ
හරි එහෙම බෑ බොලව් දන්නේ නැති උන්ටයි දන්න උන්ටයි ඔක්කොටම ලේසියෙන්ම Phone එක Root කරන්න පුලුවන් Software කෑල්ලක් දෙන්නම් දැන්වත් වද දෙන්න එපා බන්.. අරක ඔන් වෙන්නෑ මේක ඔන් වෙන්නෑ කියල.. (Joke හොදේ) . :P




මේක තනිකර Korian භාශාවෙන් හදල තියෙන්නේ.. නමේ අස්සෙනුත් Koran කෑල්ලක් ගහල. මම Koran භාශාව දන්නේ නෑ.. ඒත් එකෙක් කිව්ව මේකෙ නම ROOT Master කියල. වෙන්න බැරි නෑ. නම වගේම තමා මෙයාගෙ වැඩ. 
දැන් කට්ටිය Koran Language ඉගෙන ගන්න ඕනේ නෑ. මේක ඕන කෙනෙක්ට තේරෙනව.. හරිම ලේසියෙන් භාවිත කරන්න පුලුවන්. ඇත්තම කිව්වොත් මේකෙ ක්‍රියාකාරිත්වය ගැන මම පැහැදිලි කරන්න යන්නේ නෑ. ඒ තරමටම සරලයි. හිතන්නේ මේ Software එක හෙන සයිස් කියල නේද.. පිස්සු හැදෙයි... 5MB He Heee

හැබැයි කිසිම වගකීමක් මම ගන්නේ නෑ හොදේ.. කරන නොකරන එක ඔයාලගේ වැඩක් 

5MB





මම මේ ක්‍රමේට Galaxy Y, Galaxy S සහ Alcatel එකක් Root කලා. ඉතින් මට අව්ලක් නම් ගියේ නෑ.. ඉතින් යාලුවනේ ඔයාල Root කරල හරි ගියාට පස්සේ නිකන් ඉන්න එපා.. පොඩ්ඩක් මේ පැත්තේ ඇවිත් Phone එකේ Model එක දාල ප්‍රතිචාරයක් දාන්න තරම් කාරුණික වෙන්න. මොකද තවත් ඔයාගේ වගේම දුරකතනයක් තියෙන කෙනෙක් මේක කරනවාද නැද්ද කියල බයෙන් ඉන්න පුලුවන්. ඔයාගේ සාර්තකත්වය දැක්කම එයාටත් බය නැතුව වැඩේට බහින්න පුලුවන්. ඒක ලොකු උදව්වක්. ප්‍රයෝජනයක් උනානම් මේ ලිපිය ප්‍රතිචාරයක් දාල යන්න අමතක කරන්න එපා..

Friday, September 27, 2013

චිත්‍ර අදින්න හොද පැන්සල් තෝරන්නේ මෙහෙමයි





ඔන්න අද මම ඔයාලට කියල දෙන්න යන්නේ පැන්සල් ගැන.. මේ කියන කරුනු ගොඩක්ම වැදගත් වෙන්නේ චිත්‍ර අදින අයට. හැමෝටම ච්ත්‍ර අදින්න බෑ තමා. නමුත් බැරි අයට උනත් ප්‍රගුන කරන්න පුලුවන්. ඕනේ ඉවසීම සහ ආසාව විතරයි. ඒක වැඩක් නෑ. චිත්‍ර අදින්න ඇත්තටම ඔයාට මොනාද ඕන වෙන්නේ. ඔයා කියයි පැන්සලක්, මකනයක්, සහ සුදු කඩදාසියක් කියල.. ඔව් ඇත්ත නමුත් හොද නිර්මාණයකට එක පැන්සලක් ප්‍රමානවත් වෙන්නේ නෑ.. හැම පැන්සලක්ම ච්ත්‍ර අදින්න සුදුසු වෙන්නෙත් නෑ.. පුදුමයි නේද.. ඔව් හොද සිතුවමක් අදින්න දක්ෂ කලාකරුවෙක් සමහර විට පැන්සල් වර්ග අවම 6ක් වත් භාවිතා කරනව. මේව කිසිකෙනෙක් කියන්නේ නැහැ.. ඔයාල දැන් බලනව ඇති පැන්සල් වලත් වර්ග තියෙනවද කියල. ඔව්.. සමහර විට ඔයාල දැකල ඇති පැන්සලේ HB කියල අගයක් ගහල තියෙනව. 



මේ තමා මේ පැන්සලේ අගය. ඒ කියන්නේ පැන්සලේ තද බව. පැන්සල් සිතුවමක් (Pencil Drawing) කරන විට අපිට අඩු අදුරු බවේ සිට වැඩි අදුරු බවට පැන්සල් හැසිරවීම තුලින් ඉතාම ලස්සන සිතුවමක් නිර්මානය කරන්න පුලුවන්. ඉතින් තේරෙනව ඇතිනේ එක පැන්සලක් භාවිතා කරාට වැඩක් නෑ කියල. අපි බලමු මේ පැන්සල් ප්‍රභේදයන් ගැන.

9B 8B 7B 6B 5B 4B 3B 2B B HB F H 2H 3H 4H 5H 6H 7H 8H 9H

මේ තමා මූලික පැන්සල් වර්ග ටික. අහලවත් නෑ නේද. ඔව් මේ පැන්සල් වර්ගවල 9B කියන්නේ ගොඩක්ම අදුරු වර්නය ගෙන දෙන පැන්සලට එතැන් සිට එන්න එන්න අදුරු බව අඩුවෙන පිලිවෙලට ඒ කියන්නේ ඔයා ඉහත වර්ග ටික දකුනු පැත්තට කියවගෙන යන කොට අදුරු බව අඩු වෙන්න තමා පෙල ගස්වල තියෙන්නේ. ඒ කියන්නේ 9H තමා ලා පැහැය වැඩිම පැන්සල. HB ඇවිත් අදුරුත් නෑ ලා පැහැයකුත් නැහැ.. හරි මැද තියෙන්නේ. දෙකටම නැති එක්කෙනෙක.

බලන්නකෝ මේ රූපය දිහා.. 




ඇත්තටම පැන්සලක තුඩ හදල තියෙන්නේ මිනිරම් නැත්තම් ග්‍රෆයිට්(Graphite) වලින්. අපි පැන්සලකින් රේඛාවක් අදින වෙලාවට මිනිරම් ගැලවී ගිහින් තුනී ස්තරයක් ලෙස කඩදාසිය මත තැම්පත් වෙනව. මිනිරම් වැඩියෙන් ගැලවී තැම්පත් වෙනව නම් එවැනි පැන්සලකින් අදින රේඛාවක් තද කලු පැහැති වෙනව. එහෙම වෙන්නනම් ඒ පැන්සලේ මිනිරන් කූර ඉතා මෘදු මිනිරන් වලින් සාදන්න ඕනේ. B මාදිලියේ පැන්සල් මේ මෘදු මිනිරන් යොදාගෙන තමා හදල තියෙන්නේ. 9B කියන්නේ අතිශයෙන්ම මෘදු මිනිරන් යොදාගෙන සාදපු පැන්සලක්. එක ඉරක් ඇන්දත් තදම කලු පාටක් ලැබෙන්නේ ඒ නිසයි. ඒ වගේම තුඩ පහසුවෙන් කැඩී යන්න පුලුවන් අවදානමක් තියෙනවා. 9B උල් කිරීමේදී දිගු තුඩක් ලබා දීමනම් නුවනට හුරු නෑ. H පැන්සල් මාදිලියේ යොදාගෙන තියෙන මිනිරම් B පැන්සල් වලට වඩා ගොඩක් දෘඩයි. ඒ වගේම තුඩ ගොඩක් සවිමත්. අරකෙම අනිත් පැත්ත තමා.

කොහොම නමුත් ආදුනික චිත්‍ර ශිල්පියෙක්ට මම මේ හැම පැන්සලක්ම ගන්න කියන්නේ නෑ. මම නිර්දේශ කරනව ඒයාලට අවම වශයෙන් තද වර්න පැන්සල් 2ක් වන (4B,2B) සහ මද්‍යම වර්ණ (HB) ආලෝක වර්ණ ගෙන දෙන (2H,4H). ඔක්කොම පැන්සල් පහයි. 4B,2B,HB,2H,4H තේරුනානේ.

ඒවගේම තමා හැම දේකටම වගේ හොද වෙලද නාමයන් මේ පැන්සල් වලත් තියෙනව. මේ තියෙන්නේ ලෝකයේ හොදම පැන්සල් මාදිලි(Brand)

Caran D'Ache Grafwood Pencils
Cretacolor Graphite Pencils
Derwent Graphic Pencils
Faber Castell 9000 Pencils
General's Kimberly Graphite Pencils
Prismacolor Turquoise Pencils
Sanford Design Drawing Pencils
Sanford Design Ebony Pencil (මේ පැන්සල මගින් සුපිරි කලු වර්ණයක් ලබා ගන්න පුලුවන් )

කොහොම නමුත් යාලුවනේ මේ පැන්සල් වල වර්ණ වල ස්වරූපය Brand එකෙන් Brand එකට වෙනස් වෙනව. ඒ නිසා නිශ්චිතව මෙච්චරක් තද වෙන්න ඕනේ කියල තියරියක් මෙතන නෑ.. එකම Brand එකකින් සියල්ල ගන්නව නම් තමා හොද.  





Monday, September 16, 2013

පැන්සලකින් ඇන්ද වගේ පින්තූරයක් හදමු - ( Pencil Scetch FX 1 )



මම දැක්ක මේ මගෙ යාලුවො කීප දෙනෙක්ම FB එකේ එයාලගෙ Profile Image එක පැන්සලකින් ඇන්ද වගේ හදල තියෙනව. ගොඩක් වෙලාවට ප්‍රවීන නැති අය මේ සදහාම හදපු Software හෝ සමහර වෙබ් අඩවි භාවිතා කරනව. නමුත් Photoshop භාවිතා කරන අයට පුලුවන් ඊට වඩා ගුනාත්මක නිර්මාණයක් කරන්න. මේ සදහා විවිද තාක්ශනික ක්‍රමවේදයන් තියෙනව PS තුල. මේ ඉන් එක් ක්‍රමයක් පමනයි. කරල බලන්නකො.