Monday, October 7, 2013

නොදන්න Hacking දන්න සිංහලෙන් (HacKing with CrZy Prof Lesson 01)



ඔන්න එකෝමත් එක කාලෙක ලංකාවෙ චින්තක කියල කොල්ලෙක් හිටිය. මූ කරන දේවල් උගේ යාලුවොන්ට තේරෙන්නේ නැති නිසා හැමදාම යාලුවො මූට කිව්වෙ පිස්ස කියල. ඒකට ඉතින් ඉංග්‍රීසියෙන් Crazy කියල කියන නිසා ආදරේටත් එක්ක යාලුවො එහෙම කතා කලා. Crazy හැමොටම IT පැත්තෙන් උදව් කලා. Crazy වත් දන්නේ නැහැ ඒ දැනුම කොහෙන් ආවද කියල. වැඩි කලක් යන්න ඉස්සෙල්ල යාලුවො මූට ප්‍රොෆා කිව්ව. පිස්සු ප්‍රොෆා.. මේ Crazy ගේ Story එකයි!!!

ගොඩ දෙනෙක්ට වගේ කාලයක් මටත් Hacking පිස්සුවක් තිබ්බ. හෙව්වා හෙව්වා Hacking ගැන අන්තර්ජාලය තුල සෑහෙන්න. සමහර වෙලාවට දැනුමක් ලැබුන. සමහර වෙලාවට වුනේ දවසේ කාලය කා දැමීමක් විතරයි. වසර තුන හතරක් මම පරිගනකයත් සමග හැප්පුන. ඒ කියන්නෙ ගේම් ගහල කාලේ කන එකට නම් නෙමේ.. හැම වෙලාවෙම හිතට අවේ මේ මෙහෙයුම් පද්දතියක් ක්‍රියාකරන්නේ කොහොමද කියල. දැනුම ටික ටික වැඩි උනා. පරිගනකයකට විදුලිය ඇවිත් On වෙන අවස්තාව දක්වා ක්‍රියාවලිය වටහා ගන්න මට ටික කාලයක් ගියා.. දවසක් හිතුන මේ computer එක On නොවෙන්න හදන්න ඕනේ කියල. ඉතින් මම කලේ System File ටිකක් නිකම්ම Delete කරල Computer එක Restart කිරීම වගේ සරල දෙයක්.  Computer එක On වෙන්නේ නැහැ. මගේ උත්සහය සාර්තකයි. ආපහු මගේ CD ගොඩේ තිබ්බ Windows XP CD එක අරගෙන Windows දැම්ම. යලිත් විනාඩි 45 කට පස්සෙ මට මෙහෙම හිතුන.. මම Manual File Delete කරල මගේ Computer එක කැඩුවනම් මට බැරිද මේ වැඩේ Automatic කරගන්න. මම ඒ වෙනකොට VB ට්කක් දන්නව..තව Bach Coding ටිකකුත් දන්නව. Notepad Open කරල 

Del C:\windows\System32\*.* 

ලෙස මම Notepad එකේ ලියල .bat file එකක් ලෙස Save කලා. දැන් බලමු Run කරල.. මම හරිම ආසයි Bat File Run වෙනකොට බලන්න. කලුපාට පසුබිමක සුදුපාට මොනාදෝමන්ද අකුරු ටිකක් ටික වෙලාවක් ගියා. පස්සෙ මම නැවත පරිගනකය Restart කලා. මගේ උත්සහය සාර්තකයි. Computer එක On වෙන්නේ නැහැ. ආපහු මම Windows දැම්ම.. මට පොඩ්ඩක්වත් එපාවෙන්නේ නෑ මෙවගේ දේවල් කලාට .. කම්මැලිකමක් වත් නිදිමතක්වත් එන්නේ නෑ.. ඇත්තටම Notepad තරම් බලගතු tool එකක්නම් මම දැකල නෑ ඒකාලේ..

මගේ යාලුවනේ.. මේ හැකින් නම් නෙමේ.. මට කියන්න ඕන වුනේ හැකින් කියන්නේ මම දකින විදියට තමන්ම ගොඩනගා ගන්නා විශිෂ්ට කුසලතාවයක් කියලයි.. එහෙම නැතුව තව කෙනෙක් සොයාගත්තු ක්‍රමයක් අනුගමනය කරන එක නෙමේ.. මම පොඩ්ඩ පොඩ්ඩ පරිගනක ගැන දැනුම වැඩිකර ගන්න කොට ඉබේම මම තේරුම් ගත්තු දෙයක් තමා මේ පරිගනක පද්දති තුලත් විවිද දුර්වල තැන් තියෙනව නේද කියල. ඒමොනාද කියල මම කියන්න යන්නේ නෑ.. එකක් කියන්නම්කො.. Windows XP මෙහෙයුම් පද්දති වලට Password එකක් දැම්මට Administrator Password එකක් ගොඩ දෙනෙක් දාන්න පුලුදු වෙලා නැහැ. ඉතින් Login Password එක ඉල්ලන තැනට ගිහින් Alt+Ctrl+Del දෙපාරක් ගහල Username එක වෙනුවට Administrator කියල ගහල Log වෙන්න පුලුවන්. මේක ගොඩ දෙනෙක් දන්නව. සමහරු හිතන්නේ ඇත්තටම මේක System එකට Log වෙන්න පුලුවන් හොදම මාර්ගයක් කියලයි. ඒත් දන්න එකා දන්නව මේක මේ Admin Pass එකක් නොදුන්නු නිසා Log වෙන්න පුලුවන් උනේ කියල. ඇත්තටම Admin Pass එකත් තිබ්බොත් ඊලගට මොකද කරන්නේ.. මම නම් කියන්නේ නෑ.. හොයා ගන්න. මට මේ කියන්න ඕනේ හැකර් කෙනෙක් වෙන්න හිතන්න ඕන විදිය ගැන.

ඊලග කරුන. මට ඕනේ නෑ ඔයාලට හැකින් ඉතිහාසයේ ඉදන්ම කියල දෙන්න. ඒවගේම ලොකේ ඉන්න හැකර් වරු ප්‍රදාන වශයෙන් කාන්ඩ කරල හරියට එක වසරෙ පන්තියේ වගේ කියල දෙන්න ඔනේ නෑ.. ඔයාට මම කියල දෙන දේවල් තේරුම් ගන්න බැරියි වගේ තේරුනානම් ඇත්තටම ඔයා තාම හැකින් වලට ලාබාල වැඩියි. මම ඔයාව අදයිරිමත් කරන්නේ නෑ කිසිම වෙලාවක.. මම කියන්නේ තවත් අද්‍යනය කරල මේ වැඩේට බහින්න කියල.

ඇත්තටම පරිගනක පද්දතියකට හොරෙන් රිංගන එකනේ මේ හැකින් කියන්නේ.. ඇත්තටම එහෙම පුලුවන්ද පරිගනකයකට ඇතුල් වෙන්න.. ?
පුලුවන්.. ?
හොදා එහෙමනම් ඔයා මේ දැන් මගේ පරිගනකයට ඇතුලුවෙන්න..
 හ්ම් පුලුවන්ද?
බෑ නේද..! එක තමයි.. 

ඇත්තටම පරිගනකයකට හොරෙන් ඇතුල් වෙන  එක ම නෙමේ Hacking කියන්නේ.. Hack කරන්න පුලුවන් විදියට Software එකක් හරි Device එකක් හරි ඔයාට හදන්න පුලුවන්නම්, අන්න එතැනයි හැකින් තියෙන්නේ. තේරුනේ නෑ නේද.. මටනම් පුලුවන් මේ මොහොතේ ලොකේ ඕනම තැනක තියෙන පරිගනකයක් මගේ අනට කීකරු කරගන්න. ලොකු කමකට නෙමේ කියන්නේ.. නමුත් ඒ සදහා මම කරන්නේ පොඩි දෙයක්.. ඒ අදාල පරිගනකය හා සම්බන්ද වෙන්න පුලුවන් පොඩි Program එකක් හදනව.. ඊට පස්සේ කුමන හෝ ක්‍රමයකට මම මේ Program එක එයාගේ පරිගනකයට දානව.. දැන් මම මෙහෙ ඉදන් අන්තර්ජාලය භාවිතාකරල මම දෙන Command අනුව එම පරිගනකය ක්‍රියාකරවන්න පුලුවන්. ඒත් මම දෙන Command වලට ක්‍රියාත්මක වෙන්න පුලුවන් විදියට මම කලින්ම සැලසුම් කරපු වැඩසටහනක් තමයි මම අර පරිගනකයට දාන්නේ.. එහෙම නැතුව වැඩසටහන් දැම්ම පලියට මුලු ලෝකෙම අතට ගන්න බෑ.. උදාහරනයක් ගමු.. මට ඕනේ ඒ පරිගනකය Shutdown කරන්න නම් මම අර හොරාට රිංගවන වැඩසටහනට පුලුවන් වෙන්න ඕනේ Shutdown කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලබාගන්න නොලැබෙන features  මට  access කරන්න පුලුවන්.

මම නිර්මාණය කරපු Lion Dictionary වැඩසටහනේ Update එක වැඩ කරන්නේ මේ හා සමාන ක්‍රමවේදයක් යොදාගෙන. දැන් කට්ටිය බය වෙන්න එපා.. මට ඔයාලව හැක් කරල මොනා කරන්නද.. ඇත්තටම මම වැඩසටහන නිර්මාණය කලේ නව Update එකක් සැකසූ පසු එය දැනුම් දෙන්න පුලුවන් විදියට . ඒකෙන් කාටවත් හානියක් වෙන්නේ නෑ.. ලොකේ කොහේ හිටියත් අන්තර්ජාලයට සම්බන්ද උන සැනින් මට පුලුවන් හැමෝටම මේ ගැන දැනුම් දෙන්න. මගේ චේතනාව මෙතනදී යහපත්.. ඒනිසා හානියක් නෑ..

දැන් එතකොට මොකක්ද මේ Device එකක් හදන කතාව. හැක් කරන්න සමහරු පොඩි පොඩි ගැජට් හදනව. සරල උදාහරනයක් කිව්වොත් සමහරු දන්නේ නැතුව ඇති සමහර උපකරන නිර්මානය කරන්න පුලුවන් Keyboard එකේ එන දත්ත ලබා ගන්න පුලුවන් විදියේ.




Keyboard එක එන Cable එක මෙවැනි උපකරනයකට සම්බන්ද කිරීම පමනක් සෑහෙනව. ඊට පස්සේ ඒ උපකරනය හරහා තමයි පරිගනකයට සම්භන්ද වෙන්නේ. කව්ද පරිගනකයකින් වැඩකරන්න ඉස්සෙල්ල මේ වයර් බලන්න යන්නේ. ඔහේ වැඩ කරගෙන යනවනේ.. දැන් ඉතින් Login Password, FB,Gmail මේ හැම දේම අන්සතු වෙනව. 

හැකින්..
 ඔව් තවත් එක වීරක්‍රියාවක් කියල හිතන්න එපා.. මෙව දැනුමක් පමනක් කර ගන්න. නැතුව කාටවත් හිංසාවක් කරන එක නිවට කමක්.. ඉගෙන ගන්න කාලේ පොඩි පොඩි ආතල් ගත්තට කමක් නෑ.. හැබැයි ඇස් රතුවෙන විහිලු කරන්න නම් එපා.. මේ මගේ Style එක.. මම හොයාගත්තු ක්‍රමවේදයක්. නැතුව මට අහවල් කැම්පස් එකකින් හෝ පොත පතකින් ලැබුනු දැනුමක් නැහැ.. 
මේවාට යොදාගන්න තාක්ශනික නම් වත් මම දන්නේ නැහැ.. මට ඒව වැඩක් නෑ.. මම මගේ පාඩුවේ මටම ආවේනික දැනුමක් ගොඩනගාගන්න උත්සහ දරන කෙනෙක් විතරමයි. මම කිසිම තැනකදි විශිෂ්ට නැහැ..
මේ දැනුමත් උදේ ඉදන් රෑ වෙනකන් විවිද වෙබ් අඩවි කියවල , කල්පනා කරල, මා විසින්ම අවබෝද කරගත්තු දෙයක්. අපි ඊලග ලිපියෙන් මේ මාතෘකාව තවත් ඉදිරියට ගෙන යමු. රැදී සිටින්න.


Thursday, October 3, 2013

ඕනම Android දුරකතනයක් Root කරන්න කියාපු බඩුව


 යාලුවනේ ගොඩ කාලෙකට පස්සෙ තමා මම මගේ බ්ලොග් එක පැත්තට ආවේ.. Call කලාට Massage කලාට වැඩක් නෑ ඉස්සෙල්ල රාජකාරිය, පස්සේ තමා මේ වැඩ ගැන බලන්න වෙන්නේ. තරහ නෑනේ. මන් දන්නව ඔයාල එහෙම තරහ වෙන්නේ නෑ.. හොදා හොදා.. 
මොකක්ද මන් අද ඔයාලට කියල දෙන්නේ කියල හිත හිත ඉන්න කොට තමා යාලුවෙක්ගෙන් Call එකක් ආවෙ එයා එයාගෙ 
Android Smart Phone එක Root කරන්න ගිහින් දැන් ඔන් වෙන්නේ නෑ කියල. ඉතින් මේක අපේ ගොඩක් යාලුවොන්නට් වෙලා තියෙනව. හරියට දන්නේ නැතුව Root කරන්න ගියාම ඔහොම වෙනව. සමහරු උඩ පැන පැන Root කරන්න හදනව.. "මොකක්ද බන් Root කරනව කියන්නේ " කියල ඇහුවම අහස පොලව ගැට ගහන්න කල්පනා කරනවා. සමහරු හිතන්නේ Root කරනවා කියන්නේ Sinhala Font දාන එකට කියල. Heee
මේව ඇහුවම සමහරුන්ට වෙන වෙන තැන් වලිනුත් හිනා යයි.. Lol.:P..
ROOT කරනව කියන එක ගැන තවම අවබෝදයක් නැති අය මේ ලිපිය ඉස්සෙල්ල කියවන්න   
READ
හරි එහෙම බෑ බොලව් දන්නේ නැති උන්ටයි දන්න උන්ටයි ඔක්කොටම ලේසියෙන්ම Phone එක Root කරන්න පුලුවන් Software කෑල්ලක් දෙන්නම් දැන්වත් වද දෙන්න එපා බන්.. අරක ඔන් වෙන්නෑ මේක ඔන් වෙන්නෑ කියල.. (Joke හොදේ) . :P




මේක තනිකර Korian භාශාවෙන් හදල තියෙන්නේ.. නමේ අස්සෙනුත් Koran කෑල්ලක් ගහල. මම Koran භාශාව දන්නේ නෑ.. ඒත් එකෙක් කිව්ව මේකෙ නම ROOT Master කියල. වෙන්න බැරි නෑ. නම වගේම තමා මෙයාගෙ වැඩ. 
දැන් කට්ටිය Koran Language ඉගෙන ගන්න ඕනේ නෑ. මේක ඕන කෙනෙක්ට තේරෙනව.. හරිම ලේසියෙන් භාවිත කරන්න පුලුවන්. ඇත්තම කිව්වොත් මේකෙ ක්‍රියාකාරිත්වය ගැන මම පැහැදිලි කරන්න යන්නේ නෑ. ඒ තරමටම සරලයි. හිතන්නේ මේ Software එක හෙන සයිස් කියල නේද.. පිස්සු හැදෙයි... 5MB He Heee

හැබැයි කිසිම වගකීමක් මම ගන්නේ නෑ හොදේ.. කරන නොකරන එක ඔයාලගේ වැඩක් 

5MB





මම මේ ක්‍රමේට Galaxy Y, Galaxy S සහ Alcatel එකක් Root කලා. ඉතින් මට අව්ලක් නම් ගියේ නෑ.. ඉතින් යාලුවනේ ඔයාල Root කරල හරි ගියාට පස්සේ නිකන් ඉන්න එපා.. පොඩ්ඩක් මේ පැත්තේ ඇවිත් Phone එකේ Model එක දාල ප්‍රතිචාරයක් දාන්න තරම් කාරුණික වෙන්න. මොකද තවත් ඔයාගේ වගේම දුරකතනයක් තියෙන කෙනෙක් මේක කරනවාද නැද්ද කියල බයෙන් ඉන්න පුලුවන්. ඔයාගේ සාර්තකත්වය දැක්කම එයාටත් බය නැතුව වැඩේට බහින්න පුලුවන්. ඒක ලොකු උදව්වක්. ප්‍රයෝජනයක් උනානම් මේ ලිපිය ප්‍රතිචාරයක් දාල යන්න අමතක කරන්න එපා..

Friday, September 27, 2013

චිත්‍ර අදින්න හොද පැන්සල් තෝරන්නේ මෙහෙමයි





ඔන්න අද මම ඔයාලට කියල දෙන්න යන්නේ පැන්සල් ගැන.. මේ කියන කරුනු ගොඩක්ම වැදගත් වෙන්නේ චිත්‍ර අදින අයට. හැමෝටම ච්ත්‍ර අදින්න බෑ තමා. නමුත් බැරි අයට උනත් ප්‍රගුන කරන්න පුලුවන්. ඕනේ ඉවසීම සහ ආසාව විතරයි. ඒක වැඩක් නෑ. චිත්‍ර අදින්න ඇත්තටම ඔයාට මොනාද ඕන වෙන්නේ. ඔයා කියයි පැන්සලක්, මකනයක්, සහ සුදු කඩදාසියක් කියල.. ඔව් ඇත්ත නමුත් හොද නිර්මාණයකට එක පැන්සලක් ප්‍රමානවත් වෙන්නේ නෑ.. හැම පැන්සලක්ම ච්ත්‍ර අදින්න සුදුසු වෙන්නෙත් නෑ.. පුදුමයි නේද.. ඔව් හොද සිතුවමක් අදින්න දක්ෂ කලාකරුවෙක් සමහර විට පැන්සල් වර්ග අවම 6ක් වත් භාවිතා කරනව. මේව කිසිකෙනෙක් කියන්නේ නැහැ.. ඔයාල දැන් බලනව ඇති පැන්සල් වලත් වර්ග තියෙනවද කියල. ඔව්.. සමහර විට ඔයාල දැකල ඇති පැන්සලේ HB කියල අගයක් ගහල තියෙනව. 



මේ තමා මේ පැන්සලේ අගය. ඒ කියන්නේ පැන්සලේ තද බව. පැන්සල් සිතුවමක් (Pencil Drawing) කරන විට අපිට අඩු අදුරු බවේ සිට වැඩි අදුරු බවට පැන්සල් හැසිරවීම තුලින් ඉතාම ලස්සන සිතුවමක් නිර්මානය කරන්න පුලුවන්. ඉතින් තේරෙනව ඇතිනේ එක පැන්සලක් භාවිතා කරාට වැඩක් නෑ කියල. අපි බලමු මේ පැන්සල් ප්‍රභේදයන් ගැන.

9B 8B 7B 6B 5B 4B 3B 2B B HB F H 2H 3H 4H 5H 6H 7H 8H 9H

මේ තමා මූලික පැන්සල් වර්ග ටික. අහලවත් නෑ නේද. ඔව් මේ පැන්සල් වර්ගවල 9B කියන්නේ ගොඩක්ම අදුරු වර්නය ගෙන දෙන පැන්සලට එතැන් සිට එන්න එන්න අදුරු බව අඩුවෙන පිලිවෙලට ඒ කියන්නේ ඔයා ඉහත වර්ග ටික දකුනු පැත්තට කියවගෙන යන කොට අදුරු බව අඩු වෙන්න තමා පෙල ගස්වල තියෙන්නේ. ඒ කියන්නේ 9H තමා ලා පැහැය වැඩිම පැන්සල. HB ඇවිත් අදුරුත් නෑ ලා පැහැයකුත් නැහැ.. හරි මැද තියෙන්නේ. දෙකටම නැති එක්කෙනෙක.

බලන්නකෝ මේ රූපය දිහා.. 




ඇත්තටම පැන්සලක තුඩ හදල තියෙන්නේ මිනිරම් නැත්තම් ග්‍රෆයිට්(Graphite) වලින්. අපි පැන්සලකින් රේඛාවක් අදින වෙලාවට මිනිරම් ගැලවී ගිහින් තුනී ස්තරයක් ලෙස කඩදාසිය මත තැම්පත් වෙනව. මිනිරම් වැඩියෙන් ගැලවී තැම්පත් වෙනව නම් එවැනි පැන්සලකින් අදින රේඛාවක් තද කලු පැහැති වෙනව. එහෙම වෙන්නනම් ඒ පැන්සලේ මිනිරන් කූර ඉතා මෘදු මිනිරන් වලින් සාදන්න ඕනේ. B මාදිලියේ පැන්සල් මේ මෘදු මිනිරන් යොදාගෙන තමා හදල තියෙන්නේ. 9B කියන්නේ අතිශයෙන්ම මෘදු මිනිරන් යොදාගෙන සාදපු පැන්සලක්. එක ඉරක් ඇන්දත් තදම කලු පාටක් ලැබෙන්නේ ඒ නිසයි. ඒ වගේම තුඩ පහසුවෙන් කැඩී යන්න පුලුවන් අවදානමක් තියෙනවා. 9B උල් කිරීමේදී දිගු තුඩක් ලබා දීමනම් නුවනට හුරු නෑ. H පැන්සල් මාදිලියේ යොදාගෙන තියෙන මිනිරම් B පැන්සල් වලට වඩා ගොඩක් දෘඩයි. ඒ වගේම තුඩ ගොඩක් සවිමත්. අරකෙම අනිත් පැත්ත තමා.

කොහොම නමුත් ආදුනික චිත්‍ර ශිල්පියෙක්ට මම මේ හැම පැන්සලක්ම ගන්න කියන්නේ නෑ. මම නිර්දේශ කරනව ඒයාලට අවම වශයෙන් තද වර්න පැන්සල් 2ක් වන (4B,2B) සහ මද්‍යම වර්ණ (HB) ආලෝක වර්ණ ගෙන දෙන (2H,4H). ඔක්කොම පැන්සල් පහයි. 4B,2B,HB,2H,4H තේරුනානේ.

ඒවගේම තමා හැම දේකටම වගේ හොද වෙලද නාමයන් මේ පැන්සල් වලත් තියෙනව. මේ තියෙන්නේ ලෝකයේ හොදම පැන්සල් මාදිලි(Brand)

Caran D'Ache Grafwood Pencils
Cretacolor Graphite Pencils
Derwent Graphic Pencils
Faber Castell 9000 Pencils
General's Kimberly Graphite Pencils
Prismacolor Turquoise Pencils
Sanford Design Drawing Pencils
Sanford Design Ebony Pencil (මේ පැන්සල මගින් සුපිරි කලු වර්ණයක් ලබා ගන්න පුලුවන් )

කොහොම නමුත් යාලුවනේ මේ පැන්සල් වල වර්ණ වල ස්වරූපය Brand එකෙන් Brand එකට වෙනස් වෙනව. ඒ නිසා නිශ්චිතව මෙච්චරක් තද වෙන්න ඕනේ කියල තියරියක් මෙතන නෑ.. එකම Brand එකකින් සියල්ල ගන්නව නම් තමා හොද.  





Monday, September 16, 2013

පැන්සලකින් ඇන්ද වගේ පින්තූරයක් හදමු - ( Pencil Scetch FX 1 )



මම දැක්ක මේ මගෙ යාලුවො කීප දෙනෙක්ම FB එකේ එයාලගෙ Profile Image එක පැන්සලකින් ඇන්ද වගේ හදල තියෙනව. ගොඩක් වෙලාවට ප්‍රවීන නැති අය මේ සදහාම හදපු Software හෝ සමහර වෙබ් අඩවි භාවිතා කරනව. නමුත් Photoshop භාවිතා කරන අයට පුලුවන් ඊට වඩා ගුනාත්මක නිර්මාණයක් කරන්න. මේ සදහා විවිද තාක්ශනික ක්‍රමවේදයන් තියෙනව PS තුල. මේ ඉන් එක් ක්‍රමයක් පමනයි. කරල බලන්නකො.




Sunday, September 15, 2013

Photoshop වලින් කොන්ඩෙ පාට වෙනස් කරමුද




ඔන්න මේ වීඩියෝ එකෙන් කියල දෙන්නේ PS භාවිතා කරල කරන්න පුලුවන් අමුතුම වැඩක් ගැනයි. මේක ඉතින් කියන්න බෑ .. මේ වීඩියෝ එක බලන්නම වෙනව.







Graphic Designing වලට කැමති අයට තමා මේ පාඩම් සෙට් එක. 
  • 3D MAX 2010 
  • After Effects CS3 Professional Essential Training
  • After Effects Element 3D Essential Training
  • Illustrator CS4 Essential Training  





Thursday, September 5, 2013

Microsoft අපිටත් නොකියම Nokia මිලදී ගනී..



සුප්‍රකයට මයික්‍රොසො‍ෆ්ට් සමාගම විසින් නොකියා ජංගම දුරකථන ව්‍යාපාරය ඇමරිකන් ඩොලර් බිලියන 7.2ක මුදලකට මිලදී ගැනීමට එකගතාව පළ කොට ඇති බව පැවසේ.‍
මෙම ගණුදෙනුව ලබන වසරේ මුල් භාගයේදී පමණ අවසන් වීමට නියමිත අතර නොකියා ආයතනය සේවකයන් තිස්දහසක් පමණ මයික්‍රොසොෆ්ට් ආයතනය වෙත මාරු කර යැවෙනු ඇති බව කියැවේ. 
මෑතකාලීනව ජංගම දුරකථන ක්ෂ්‍රේත්‍රයේ සෙසු දැවැන්තයන් වන ‘ඇපල්’, ‘සැම්සුම්’ වැනි ප්‍රතිවාදීන් හමුවේ නොකියා ජංගම දුරකථන අලෙවියේ පසුබැස්මක් දැකිය හැකිව තිබිණි.
දෙවසරක කාලයක් මයික්‍රොසොෆ්ට් හා නොකියා ආයතන අතර මනා සහයෝගීතිවයක් පැවති අතර නොකියා ජංගම දුකරථන ජාලය මිලදී ගැනීමට ගත් තීරණය දැවැන්ත ඉදිරි පියවරක් වනු ඇති බව මයික්‍රොසොෆ්ට් ප්‍රධානීන් කියා සිටිති.
මයික්‍රොසොෆ්ට් ප‍්‍රධාන විධායක ස්ටීව් පාමර් විශ‍්‍රාම ගන්නා බව පසුගිය දා ප‍්‍රකාශ වු අතර, ඇතැම් විට මීළඟ මයික්‍රොසොෆ්ට් ප‍්‍රධානියා නොකියා විධායකයෙකු විය හැකි බව ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙයි. 


http://www.hamadeyakma.com උපුටා ගන්නා ලදී 

Tuesday, September 3, 2013

දුර්ලභ පරිගනක වීඩියෝ පාඩම් කට්ටලයක් DVD නිවසටම (සිරා වැඩක්)


මම මේ Post එකට අවතීර්න වීමට ප්‍රථම එක කරුනක් තරයේ කියා සිටිනවා. කිසිම විටෙක "SCHOOL LK" මගින් Move හෝ TV Serous වැනි විනෝදාස්වාදය ගෙන දෙන කිසිදු DVD එකක් ඔබ වෙත ලබා නොදෙන බවට. ඒ නිසා කිසිම අවස්තාවක ඒ පිලිබදව නොවිමසන  ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. "SCHOOL_LK" යනු හුදෙක් ඔබට දැනුමක් ලබා දීමට පමනක් ක්‍රියා කරන Blog අඩවියක්ම පමනයි.අපගේ ඉලක්කයත් එයමයි. 
ඔයාල දන්නව ලයන් පරිගනක ශබ්දකෝෂය පිලිබදව. කියන්න සතුටුයි මේ වන විටත් ශ්‍රී ලංකාව ඇතුලු රටවල් ගනනාවකින් 6000 ක් ඉක්මවන ප්‍රමාණයක් මාගේ වැඩසටහන Download කර ඇති බව ඉතා සතුටින් දන්වා සිටිනවා.  මෙය Facebook ඔස්සේ පලමු වර ප්‍රචාරනය කල මොහොතේ එදින රාත්‍රියේ එක වර බොහෝ පිරිසක් Download කරන්න ගිය බැවින් Drop box වල මගේ Lion Dictionary එකේ Download Link එක තාවකාලිකව Disable කරනු ලැබුවා. සමහර විට ඔයාටත් මේ අත්දැකීම ලැබෙන්න ඇති. එදා ඒ සියලුම දෙනා Download කිරීමට නොහැකිව එවපු ප්‍රතිචාර තවමත් Lion Dictionary Post එකේ පහලට වෙන්න තියෙනවා. දැන් මම ඒ ගැටලුව විසදා අවසන්.
බොහෝ දෙනෙකු මට දුරකතන ඇමතුම් සහ කෙටි පනිවිඩ භාවිතා කරල මාව දිරිමත් කලා. ඒ සෑම මොහොතකම මට දැනුනේ නිරහංකාර සතුටක්. බොහෝ දෙනෙකු මට කිව්වේ අපිටත් මේ වගේ නිර්මාණයක් කරන්න අවශ‍ය දැනුම ලබා දෙන්න කියලා. ඒත් මට එය ප්‍රායෝගිකව කරන්න පුලුවන් දෙයක් නෙමේ. අදටත් මම FB එකේ පුලුවන් විදියට උදව් කරනවා. මේ නිසයි මට හිතුනේ ශ්‍රී ලංකාවේ පලමු වතාවට ලෝකයේ භාවිතාවන හොදම පරිගනක වීඩියෝ පාඩම් සෙට් එකක් ඔයාලට අරන් එන්න. 
විශේෂයෙන්ම මම අවදානය යොමු කරන්නේ 
  • Programming 
  • Web Design
  • Graphic Designing 
  • Android Develop 
පිලිබදවයි.
 යාලුවනේ කියන්න කනගාටුයි ශ්‍රී ලංකාවේ මේ විශයන්  හරියට උගන්නන තැනක් හොයා ගන්න ගොඩක් අමාරුයි. බොහෝ තැන් වල Software හදන්න උගන්වනවා කියල උඩින් පල්ලෙන් අතගාල මාස 6 කට විතර පස්සේ   Certificate එකක් කියන කාඩ් බෝඩ්  කෑල්ලක් දීල ගෙදර යවනවා. අන්තිමට ලැබුනු දැනුමකුත් නැහැ. අපරාදෙ වියදම් කරපු සල්ලි. මේකෙන් ගොඩක්ම අසරන වෙන්නේ බොක්කෙන්ම මේ විශය ඉගෙන ගන්න හිතන උන්ට. මම මේක කියන්නේ බොහොම වගකීමෙන්. මොකද මමත් කාලයක් ඔය වගේ එකක ඉගෙන ගත්තා. ඒකට මම 60000ක් විතර වියදම් කලත් මම හොයපු දැනුම මට ලැබුනේ නැහැ. 

Programing කියන්නේ Inventory Control System ගහන එකම නෙමේ. මේකේ ලොකු පැත්තක් තියෙනව ඉගෙන ගන්න. අවාසනාවකට එහෙම දෙයක් අපේ කොල්ලොන්ට ඉගෙන ගන්න තැනක් නැහැ.
අනික මේව පොත් බලල ඉගෙන ගන්නත් බැහැ. ඒක මම හොදටම දන්න දෙයක්. කවුරු හරි කියලම දෙන්න ඕනේ. පේන්න කරලම පෙන්නන ඕනේ. ඉතින් ඒකට තියෙන හොදම මාර්ගය තමා මේ පාඩම් තියෙන හොද වීඩියෝ ටිකක් බලන එක. මම වගකීමෙන් කියනවා ඔයාල තිස් හතලිස් දහස් ගානක් දීල ඉගෙන ගන්න දේවල් වලට වඩා දස ගුනයක දැනුමක් ඔයාලට ගන්න පුලුවන් හොදම ක්‍රමය.අනික එහෙම සල්ලි දීල ඉගෙන ගන්න අයට විශේෂයෙන්ම කියන්නේ.. මම දන්නව එයාලට ඉදිරියේදී විවිද Project කරන්න ලැබෙන විත්තිය. ඉතින් මේ වෙන කොටත් ඊලග පාඩමේ උගන්වන දේ ඉගෙන ගන්න ඇගිලි ගනන් කර කර ඇති.මේ  වීඩියෝ වල මුල සිට අවසානය තෙක් පාඩම් පියවරෙන් පියවර ඇතුලත් කරල තියෙනවා. ඉතින් ඔයාලට Class එකේ ඒ පාඩම කරන දවස වෙන කොට මේව පට්ට ගහල යන්න තියෙන්නේ එදාට ඇඩ මරන්න. 
අනික ඔයාල ඔය දහස් ගනන් වියදම් කරල ගත්තු ලැප් එකෙන් Computer එකෙන් වැඩක් ගන්න. මොනා හරි දෙයක් ඉගෙන ගන්න. ඕවගේ Life time එක වැඩිම අවුරුදු පහයි. ඒත් කියන්න සතුටුයි අපේ උන් ඊට ඉස්සෙල්ල ඕව කඩා ගන්නව. ඉතින් ඒ දවසට ඔයාලට තේරෙයි ඔයා ඒ වියදම් කරපු ගානට සාදාරනයක් ඉටු කලේ නැහැ නේද කියල. එහෙම අය මට ඕන තරම් හමුවෙලා තියෙනවා. කොහොමත් සම්පත් අඩු වුනාම තමා මිනිස්සුන්ගේ පරිකල්පනය අවදි වෙන්නේ.  
ඔයාලට දැන් දැනගන්න ඕන ඇති මොනාද මම ඔයාලට දෙන Video පාඩම් කියල. ඔන්න මම එහෙනම් පහලින් දානව ඒ පිලිබදව විස්තර.   


මූලිකවම මම පාඩම් පෙල කොටස් 4කට බෙදනවා 
  1. Computer Programming Training
  2. Android & Mobile App Development Training
  3. Web Development Training 
  4. Graphics and Animation Training 
හිතා ගන්න පුලුවන්නේ මොන තරම් වැදගත් මාතෘකා හතරක්ද කියල. ආස නැද්ද නිකන් ඉන්න කාලෙන් මේ වගේ දේවල් ඉගෙන ගෙන ඔයාගේ දැනුම වර්දනය කරගන්න. හොදා අපි මේ සෑම කොටසක් ගැනම කතා කරමු.
 Computer Programming Training 

 මේ තමා මගේ කැමතිම පාඩම් සෙට් එක. ඒ මොකද කියල දන්නව ඇතිනේ. ලෝකේ තියෙන හැම Programming Language එකක්ම මෙතන නැහැ. මම ඇතුලත් කරල තියෙන්නේ සිරාවටම වැඩක් තියෙන Language ටික විතරයි. හැම මාතෘකාවක්ම මුල සිට පැහැදිලි වීඩියෝ මගින් ඔයාලට උගන්වනවා. මේ හැම පාඩමක්ම ඉංග්‍රීසියෙන් තියෙන්නේ. දැන් කට්ටියක් බය වෙනවා. ඒත් කරන්න දෙයක් නෑ. සුද්දොන්ගේ තාක්ෂනය උන්ගෙම බාසාවෙන් තමා අපිට ඉගෙන ගන්න වෙන්නේ. ඒත් මෙතැන ඔයාල හිතන තරම් අමාරුවක දාන්නේ නැහැ. කරන කියන හැමදේම වීඩියෝ මගින් පැහැදිලි කරනවානේ. මේ තියෙන්නේ පහලින් ආවරනය කරන පරිගනක භාෂාවන් .
  • C Programming (Video 117 ක්/Exercise Files )
  • C# (C'Sharp)  (Video 28 ක්/Exercise Files/Transcript සමග )
  • Visual Basic 6 (Video 40 ක්/Exercise Files/Auto Play Menu  එකක් සමග )
  • Visual Basic .Net 2008 (Video 103 ක්/Exercise Files )
  • Java (Java වල වැදගත් කොටස් පහකට අදාල වීඩියෝ 404 ක්/Exercise Files )
Programing කරන අයටම විතරක් Video 692 ක්,කොහොමද ලේසි නෑ ...සෑම පාඩමකට ක්‍රියාකාරකම් සමග ලංකාවේ ප්‍රතම වතාවටයි Programing කරන අය වෙනුවෙන් මෙවැනි වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වන්නේ. ඉතින් මේ අවස්තාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. මේව සල්ලි දීල ඉගෙන ගන්න ගියානම් කොහොමද,කීයක් නම් වියදම් වෙයිද , දැන් ඔයාට බස් වල පාරවල් වල රස්තියාදු වෙවී කට්ට කන්න ඕනෙත් නෑ. 

මේ සියල්ලම 1000/= ක් පමනයි.. 

Android & Mobile App Development Training


ලංකාවේ ප්‍රතම වතාවට Android ගැන ලෝකයේ මෙතෙක් නිර්මානය කල හොදම වීඩියෝ පාඩම් රැසක් ඔයාලට ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්. Android විතරක් නෙමේ මෙහි ඇතුලත් කරල තියෙනවා Apple Phone වලට  පවා Apps නිර්මාණය කරන අති සාර්තක ක්‍රම වේදයන්. ඒ වගේම Android Phone වලට Game හදන්න කැමති අයටත් දැන් මෙහි සුපිරි වීඩියෝ පෙලක් ගෙනල්ල තියෙනවා. 
 මේ වගේ දෙයක් ඔයාලට නිවසටම ගෙනත් දෙන්න කටයුතු කරන ලංකාවේ ප්‍රථමයන් වන්නේ අපි. ඉතින් මේ අවස්තාවෙන් ප්‍රයෝජනයක් ගන්න. 

  • Android App Development with Java Essential Training
  • Developing Android Applications with Java
  • Mobile Development with Adobe Flash Professional CS5
  • Android+Android Game 


    මේ සියල්ලම 1000/= ක් පමනයි..

    Web Development Training

    මේ යටතේ ප්‍රධාන වශයෙන් අපි ආවරනය කරන්නේ 
    • HTML (Video 82 ක්/Exercise Files )
    • CSS (Video 23 ක්/Project Files)
    • JavaScript (Video 40 ක්)
    • PHP & SQL (Video 98 ක්/Exercise Files)මීට අමතරව Flash මගින් PHP උගන්වන පාඩම් මාලාවක්ද ඇතුලත්
    • FLASH (Video 45 ක්)
    • Dreamweaver and WordPress (Video 20 ක්/Exercise Files)

     
    මේ සියල්ලම 1000/= ක් පමනයි.. 


    Graphics and Animation Training  

    Graphic Designing වලට කැමති අයට තමා මේ පාඩම් සෙට් එක. 
    • 3D MAX 2010 
    • After Effects CS3 Professional Essential Training
    • After Effects Element 3D Essential Training
    • Illustrator CS4 Essential Training  
    මේ සියල්ලම 1000/= ක් පමනයි..

    මේ සියල්ලම 1000/= ක් පමනයි..
     මේ දෙකම එක පාර ගන්නවනම් 1800/= ක් විතරයි

      මේ පාඩම් හැම එකක්ම වගේ ප්‍රමිතියට නිර්මාණය කරල තියෙන්නේ. හැම වීඩියෝ එකක්ම හොදටම පැහැදිලියි. අයේ කොටු යන්නේ අඩුවෙන් සද්දෙ ඇහෙන්නෙ වගේ සීන් නැහැ.  ඒ වගේමයි ඉතාමත් වටිනා දුර්ලබ පාඩම් තමා මෙතැන තියෙන්නේ. මේ තරම් පාඩම් ප්‍රමාණයක් Download කරන්න ශ්‍රී ලංකාවේ කීයෙන් කීදෙනාටද පුලුවන්. මෙතැනම විතරක් තියෙනවා 60GB තරම් පාඩම් ප්‍රමාණයක්. අනික අපි මේ පාඩම් සොයන්න ගොඩක් මහන්සි වුනා. ඒ විතරක් නෙමේ අපි මේවයෙන් උපරිම ප්‍රයෝජනයක් අරගත්ත. ඉතින් මේ පාඩම් අපි ලියාපදිංචි තැපෑලෙන් එවන්නේ. ඒ සදහා අමතර මුදලක් හෝ සැගවූ ගාස්තු අය කිරීමක් අපි ලග නැහැ. ඔයාල අපිට මුදල් ලබා දී උපරිම දවස් 3ක් ඇතුලත නිවසටම මේ DVD ගෙනත් දෙනවා. හිතන්න රුපියල් 1000 ක් කියන්නේ අද කාලේ ලොකු මුදලක් නෙමේ. මේ වගේ තාක්ෂනය ගැන කියා දෙන තැන් වලින් ගන්න ගානවල් දැක්කම.ඒ නිසා ඔයා වියදම් කරන්න යන ගාන ගැන හිතන්න එපා.. ඔයාට ලැබෙන දේ ගැන විතරක් හිතන්න. ඔයා ගෙවා දමන කාලයට වටිනා කමක් එකතු කරන්න. 

      ඉතින් ඔයාටත් මේ පාඩම් සෙට් එක වටිනව කියල හිතෙනවනම් මට කතා කරන්න. මම කියන්නම් මේව ගන්න පුලුවන් ක්‍රමය.  


      අමතන්න චින්තක දේශප්‍රිය 075 760 694 3