Tuesday, September 3, 2013

දුර්ලභ පරිගනක වීඩියෝ පාඩම් කට්ටලයක් DVD නිවසටම (සිරා වැඩක්)


මම මේ Post එකට අවතීර්න වීමට ප්‍රථම එක කරුනක් තරයේ කියා සිටිනවා. කිසිම විටෙක "SCHOOL LK" මගින් Move හෝ TV Serous වැනි විනෝදාස්වාදය ගෙන දෙන කිසිදු DVD එකක් ඔබ වෙත ලබා නොදෙන බවට. ඒ නිසා කිසිම අවස්තාවක ඒ පිලිබදව නොවිමසන  ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. "SCHOOL_LK" යනු හුදෙක් ඔබට දැනුමක් ලබා දීමට පමනක් ක්‍රියා කරන Blog අඩවියක්ම පමනයි.අපගේ ඉලක්කයත් එයමයි. 
ඔයාල දන්නව ලයන් පරිගනක ශබ්දකෝෂය පිලිබදව. කියන්න සතුටුයි මේ වන විටත් ශ්‍රී ලංකාව ඇතුලු රටවල් ගනනාවකින් 6000 ක් ඉක්මවන ප්‍රමාණයක් මාගේ වැඩසටහන Download කර ඇති බව ඉතා සතුටින් දන්වා සිටිනවා.  මෙය Facebook ඔස්සේ පලමු වර ප්‍රචාරනය කල මොහොතේ එදින රාත්‍රියේ එක වර බොහෝ පිරිසක් Download කරන්න ගිය බැවින් Drop box වල මගේ Lion Dictionary එකේ Download Link එක තාවකාලිකව Disable කරනු ලැබුවා. සමහර විට ඔයාටත් මේ අත්දැකීම ලැබෙන්න ඇති. එදා ඒ සියලුම දෙනා Download කිරීමට නොහැකිව එවපු ප්‍රතිචාර තවමත් Lion Dictionary Post එකේ පහලට වෙන්න තියෙනවා. දැන් මම ඒ ගැටලුව විසදා අවසන්.
බොහෝ දෙනෙකු මට දුරකතන ඇමතුම් සහ කෙටි පනිවිඩ භාවිතා කරල මාව දිරිමත් කලා. ඒ සෑම මොහොතකම මට දැනුනේ නිරහංකාර සතුටක්. බොහෝ දෙනෙකු මට කිව්වේ අපිටත් මේ වගේ නිර්මාණයක් කරන්න අවශ‍ය දැනුම ලබා දෙන්න කියලා. ඒත් මට එය ප්‍රායෝගිකව කරන්න පුලුවන් දෙයක් නෙමේ. අදටත් මම FB එකේ පුලුවන් විදියට උදව් කරනවා. මේ නිසයි මට හිතුනේ ශ්‍රී ලංකාවේ පලමු වතාවට ලෝකයේ භාවිතාවන හොදම පරිගනක වීඩියෝ පාඩම් සෙට් එකක් ඔයාලට අරන් එන්න. 
විශේෂයෙන්ම මම අවදානය යොමු කරන්නේ 
  • Programming 
  • Web Design
  • Graphic Designing 
  • Android Develop 
පිලිබදවයි.
 යාලුවනේ කියන්න කනගාටුයි ශ්‍රී ලංකාවේ මේ විශයන්  හරියට උගන්නන තැනක් හොයා ගන්න ගොඩක් අමාරුයි. බොහෝ තැන් වල Software හදන්න උගන්වනවා කියල උඩින් පල්ලෙන් අතගාල මාස 6 කට විතර පස්සේ   Certificate එකක් කියන කාඩ් බෝඩ්  කෑල්ලක් දීල ගෙදර යවනවා. අන්තිමට ලැබුනු දැනුමකුත් නැහැ. අපරාදෙ වියදම් කරපු සල්ලි. මේකෙන් ගොඩක්ම අසරන වෙන්නේ බොක්කෙන්ම මේ විශය ඉගෙන ගන්න හිතන උන්ට. මම මේක කියන්නේ බොහොම වගකීමෙන්. මොකද මමත් කාලයක් ඔය වගේ එකක ඉගෙන ගත්තා. ඒකට මම 60000ක් විතර වියදම් කලත් මම හොයපු දැනුම මට ලැබුනේ නැහැ. 

Programing කියන්නේ Inventory Control System ගහන එකම නෙමේ. මේකේ ලොකු පැත්තක් තියෙනව ඉගෙන ගන්න. අවාසනාවකට එහෙම දෙයක් අපේ කොල්ලොන්ට ඉගෙන ගන්න තැනක් නැහැ.
අනික මේව පොත් බලල ඉගෙන ගන්නත් බැහැ. ඒක මම හොදටම දන්න දෙයක්. කවුරු හරි කියලම දෙන්න ඕනේ. පේන්න කරලම පෙන්නන ඕනේ. ඉතින් ඒකට තියෙන හොදම මාර්ගය තමා මේ පාඩම් තියෙන හොද වීඩියෝ ටිකක් බලන එක. මම වගකීමෙන් කියනවා ඔයාල තිස් හතලිස් දහස් ගානක් දීල ඉගෙන ගන්න දේවල් වලට වඩා දස ගුනයක දැනුමක් ඔයාලට ගන්න පුලුවන් හොදම ක්‍රමය.අනික එහෙම සල්ලි දීල ඉගෙන ගන්න අයට විශේෂයෙන්ම කියන්නේ.. මම දන්නව එයාලට ඉදිරියේදී විවිද Project කරන්න ලැබෙන විත්තිය. ඉතින් මේ වෙන කොටත් ඊලග පාඩමේ උගන්වන දේ ඉගෙන ගන්න ඇගිලි ගනන් කර කර ඇති.මේ  වීඩියෝ වල මුල සිට අවසානය තෙක් පාඩම් පියවරෙන් පියවර ඇතුලත් කරල තියෙනවා. ඉතින් ඔයාලට Class එකේ ඒ පාඩම කරන දවස වෙන කොට මේව පට්ට ගහල යන්න තියෙන්නේ එදාට ඇඩ මරන්න. 
අනික ඔයාල ඔය දහස් ගනන් වියදම් කරල ගත්තු ලැප් එකෙන් Computer එකෙන් වැඩක් ගන්න. මොනා හරි දෙයක් ඉගෙන ගන්න. ඕවගේ Life time එක වැඩිම අවුරුදු පහයි. ඒත් කියන්න සතුටුයි අපේ උන් ඊට ඉස්සෙල්ල ඕව කඩා ගන්නව. ඉතින් ඒ දවසට ඔයාලට තේරෙයි ඔයා ඒ වියදම් කරපු ගානට සාදාරනයක් ඉටු කලේ නැහැ නේද කියල. එහෙම අය මට ඕන තරම් හමුවෙලා තියෙනවා. කොහොමත් සම්පත් අඩු වුනාම තමා මිනිස්සුන්ගේ පරිකල්පනය අවදි වෙන්නේ.  
ඔයාලට දැන් දැනගන්න ඕන ඇති මොනාද මම ඔයාලට දෙන Video පාඩම් කියල. ඔන්න මම එහෙනම් පහලින් දානව ඒ පිලිබදව විස්තර.   


මූලිකවම මම පාඩම් පෙල කොටස් 4කට බෙදනවා 
  1. Computer Programming Training
  2. Android & Mobile App Development Training
  3. Web Development Training 
  4. Graphics and Animation Training 
හිතා ගන්න පුලුවන්නේ මොන තරම් වැදගත් මාතෘකා හතරක්ද කියල. ආස නැද්ද නිකන් ඉන්න කාලෙන් මේ වගේ දේවල් ඉගෙන ගෙන ඔයාගේ දැනුම වර්දනය කරගන්න. හොදා අපි මේ සෑම කොටසක් ගැනම කතා කරමු.
 Computer Programming Training 

 මේ තමා මගේ කැමතිම පාඩම් සෙට් එක. ඒ මොකද කියල දන්නව ඇතිනේ. ලෝකේ තියෙන හැම Programming Language එකක්ම මෙතන නැහැ. මම ඇතුලත් කරල තියෙන්නේ සිරාවටම වැඩක් තියෙන Language ටික විතරයි. හැම මාතෘකාවක්ම මුල සිට පැහැදිලි වීඩියෝ මගින් ඔයාලට උගන්වනවා. මේ හැම පාඩමක්ම ඉංග්‍රීසියෙන් තියෙන්නේ. දැන් කට්ටියක් බය වෙනවා. ඒත් කරන්න දෙයක් නෑ. සුද්දොන්ගේ තාක්ෂනය උන්ගෙම බාසාවෙන් තමා අපිට ඉගෙන ගන්න වෙන්නේ. ඒත් මෙතැන ඔයාල හිතන තරම් අමාරුවක දාන්නේ නැහැ. කරන කියන හැමදේම වීඩියෝ මගින් පැහැදිලි කරනවානේ. මේ තියෙන්නේ පහලින් ආවරනය කරන පරිගනක භාෂාවන් .
  • C Programming (Video 117 ක්/Exercise Files )
  • C# (C'Sharp)  (Video 28 ක්/Exercise Files/Transcript සමග )
  • Visual Basic 6 (Video 40 ක්/Exercise Files/Auto Play Menu  එකක් සමග )
  • Visual Basic .Net 2008 (Video 103 ක්/Exercise Files )
  • Java (Java වල වැදගත් කොටස් පහකට අදාල වීඩියෝ 404 ක්/Exercise Files )
Programing කරන අයටම විතරක් Video 692 ක්,කොහොමද ලේසි නෑ ...සෑම පාඩමකට ක්‍රියාකාරකම් සමග ලංකාවේ ප්‍රතම වතාවටයි Programing කරන අය වෙනුවෙන් මෙවැනි වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වන්නේ. ඉතින් මේ අවස්තාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. මේව සල්ලි දීල ඉගෙන ගන්න ගියානම් කොහොමද,කීයක් නම් වියදම් වෙයිද , දැන් ඔයාට බස් වල පාරවල් වල රස්තියාදු වෙවී කට්ට කන්න ඕනෙත් නෑ. 

මේ සියල්ලම 1000/= ක් පමනයි.. 

Android & Mobile App Development Training


ලංකාවේ ප්‍රතම වතාවට Android ගැන ලෝකයේ මෙතෙක් නිර්මානය කල හොදම වීඩියෝ පාඩම් රැසක් ඔයාලට ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්. Android විතරක් නෙමේ මෙහි ඇතුලත් කරල තියෙනවා Apple Phone වලට  පවා Apps නිර්මාණය කරන අති සාර්තක ක්‍රම වේදයන්. ඒ වගේම Android Phone වලට Game හදන්න කැමති අයටත් දැන් මෙහි සුපිරි වීඩියෝ පෙලක් ගෙනල්ල තියෙනවා. 
 මේ වගේ දෙයක් ඔයාලට නිවසටම ගෙනත් දෙන්න කටයුතු කරන ලංකාවේ ප්‍රථමයන් වන්නේ අපි. ඉතින් මේ අවස්තාවෙන් ප්‍රයෝජනයක් ගන්න. 

  • Android App Development with Java Essential Training
  • Developing Android Applications with Java
  • Mobile Development with Adobe Flash Professional CS5
  • Android+Android Game 


    මේ සියල්ලම 1000/= ක් පමනයි..

    Web Development Training

    මේ යටතේ ප්‍රධාන වශයෙන් අපි ආවරනය කරන්නේ 
    • HTML (Video 82 ක්/Exercise Files )
    • CSS (Video 23 ක්/Project Files)
    • JavaScript (Video 40 ක්)
    • PHP & SQL (Video 98 ක්/Exercise Files)මීට අමතරව Flash මගින් PHP උගන්වන පාඩම් මාලාවක්ද ඇතුලත්
    • FLASH (Video 45 ක්)
    • Dreamweaver and WordPress (Video 20 ක්/Exercise Files)

     
    මේ සියල්ලම 1000/= ක් පමනයි.. 


    Graphics and Animation Training  

    Graphic Designing වලට කැමති අයට තමා මේ පාඩම් සෙට් එක. 
    • 3D MAX 2010 
    • After Effects CS3 Professional Essential Training
    • After Effects Element 3D Essential Training
    • Illustrator CS4 Essential Training  
    මේ සියල්ලම 1000/= ක් පමනයි..

    මේ සියල්ලම 1000/= ක් පමනයි..
     මේ දෙකම එක පාර ගන්නවනම් 1800/= ක් විතරයි

      මේ පාඩම් හැම එකක්ම වගේ ප්‍රමිතියට නිර්මාණය කරල තියෙන්නේ. හැම වීඩියෝ එකක්ම හොදටම පැහැදිලියි. අයේ කොටු යන්නේ අඩුවෙන් සද්දෙ ඇහෙන්නෙ වගේ සීන් නැහැ.  ඒ වගේමයි ඉතාමත් වටිනා දුර්ලබ පාඩම් තමා මෙතැන තියෙන්නේ. මේ තරම් පාඩම් ප්‍රමාණයක් Download කරන්න ශ්‍රී ලංකාවේ කීයෙන් කීදෙනාටද පුලුවන්. මෙතැනම විතරක් තියෙනවා 60GB තරම් පාඩම් ප්‍රමාණයක්. අනික අපි මේ පාඩම් සොයන්න ගොඩක් මහන්සි වුනා. ඒ විතරක් නෙමේ අපි මේවයෙන් උපරිම ප්‍රයෝජනයක් අරගත්ත. ඉතින් මේ පාඩම් අපි ලියාපදිංචි තැපෑලෙන් එවන්නේ. ඒ සදහා අමතර මුදලක් හෝ සැගවූ ගාස්තු අය කිරීමක් අපි ලග නැහැ. ඔයාල අපිට මුදල් ලබා දී උපරිම දවස් 3ක් ඇතුලත නිවසටම මේ DVD ගෙනත් දෙනවා. හිතන්න රුපියල් 1000 ක් කියන්නේ අද කාලේ ලොකු මුදලක් නෙමේ. මේ වගේ තාක්ෂනය ගැන කියා දෙන තැන් වලින් ගන්න ගානවල් දැක්කම.ඒ නිසා ඔයා වියදම් කරන්න යන ගාන ගැන හිතන්න එපා.. ඔයාට ලැබෙන දේ ගැන විතරක් හිතන්න. ඔයා ගෙවා දමන කාලයට වටිනා කමක් එකතු කරන්න. 

      ඉතින් ඔයාටත් මේ පාඩම් සෙට් එක වටිනව කියල හිතෙනවනම් මට කතා කරන්න. මම කියන්නම් මේව ගන්න පුලුවන් ක්‍රමය.  


      අමතන්න චින්තක දේශප්‍රිය 075 760 694 3


      9 comments:

      1. එල එල aiya සුපිරි wadak

        ReplyDelete
      2. ‍යා‍ළු‍ව.. DVD ‍ටි‍ක ‍ආ‍ව... thanks ‍ම‍චන්‍.... ‍තා‍ම ‍බැ‍ලු‍වෙ‍නම්‍ ‍නෑ... ‍හොඳ tutorial ‍ටි‍කක්‍ ‍කි‍ය‍ල ‍හි‍තෙ‍න‍ව... Good Luck!

        ReplyDelete
        Replies
        1. අනිවාර්යෙන්ම වැදගත් වෙනව මචන්.. ඒ වගේම මම පාඩම් වලට අමතරව ඔයාට එවපු Software Pack එක ගොඩක් වටිනව. මේ වගේ සෙට් එකක් ලංකාවේ මගෙන් හැර වෙන කාගෙන්වත් හොයා ගන්න වෙන්නෙත් නැහැ.. ගැටලුවක් ආවොත් මට කතා කරන්න. සුබපතනව ඔයාට..

          Delete
      3. "This website/URL has been blocked until further notice either pursuant to Court orders or on the Directions issued by the Department of Telecommunications" kiyala watenne ai

        ReplyDelete
      4. Download Link වල විටින් විට දෝශ ඇතිවෙන්න පුලුවන්. මොකද තවම අපි Use කරන්නේ Free Service නිසා. එහෙම වැඩ නොකරන තත්වයේ තියෙන ලින්ක් ගැන දැනුම් දීමේදී අදාල Post එක සහ ඒ Post එකට අදාල කුමන Link එකද යන්න අපිට පැහැදිලිව ඉදිරිපත් කල යුතුයි. එසේ කලහොත් එය හැකි ඉක්මනින් හදල දෙන්නම්. !

        ReplyDelete
      5. පොදුවේ මම මේ Comment එක දාන්නේ.. කාටවත් ඇගිල්ල දික් කරල නෙමේ. සමහරුන්ට මේ වගේ වැඩ පිලිවෙලක් අපි කරගෙන යන කොට බලන් ඉන්න බෑ.. ඉතින් ඇවිත් පොඩි සද්දයක් එහෙම දාල යනව. එක්කෙනෙක් කියනව මාව CID එකට අල්ලල දෙනවලු.. LOL. මොකටද මාව CID එකට අල්ලල දෙන්නේ.. මම නිකන් අරන් නිකන් දෙන නිසාලු. ඉස්සෙල්ලාම කියන්න ඕනේ මේ කිසි දෙයක් නිකන් නම් මට ලැබුනේ නෑ.. එහෙන කියපු කෙනා පුලුවන් නම් මේ එක tutorial එකක් නිකන් ඉදන් අරන් පෙන්නන්න.. මාව අල්ලල දෙන්න ඉස්සෙල්ල බලන්න ලංකාවේ CD/DVD විකුනන කඩ කීයක් තියෙනවද කියල. ඒ නිසා බොහොම විනීතව කියන්නේ .. ගොනෙක් උනාට නම් කමක් නෑ ඒත් ඉතින් තප්පුලන්න එපා.. එතකොට ගොනෙක් කියල මාට්ටු වෙනව.. he hee :)

        ReplyDelete
      6. sira wedak meke.mage tikath awa. superb!

        ReplyDelete
      7. මමත් කැමතියි වැඩසටහන් ටික ගන්න phon no 1 not work දෙන්න no 1 ka

        ReplyDelete