Wednesday, August 14, 2013

නොම්බර් නැතුව SMS යවමුද? Joke එකට විතරයි හොදේ.



ඔයාට පුලුවන්ද කාට හරි SMS එකක් යවන්න 119 එකෙන් වගේ. එහෙමත් නැත්තන් Mssage එක ලැබෙන කෙනාට කෙලින්න්ම අපිට හිතෙන ඕනම නමක් Type කරල කැමති දෙයක් SMS එකක් මගින් යවන්න. උදාහරනයක් කිව්වොත් මට පුලුවන් ඔයාට මහසෝන වගේ MSG එවන්න. එහෙමත් නැත්තන් Airtel, Dialog, Mobitel ඕන මගුලක්. එහෙමත් නැත්තන් පිට රටකින් එනව වගේ Massage එකක් යවන්නත් පුලුවන්. හිතන්නකො, මෙහෙම Massage යවල ගන්න පුලුවන් Fun එක ගැන. ඒ මොනාද කියල මම කියන්න යන්නේ නම් නැහැ. 

මේ වැඩේට තියෙනවා Web site එකක්. ඉතින් ඔයාට තියෙන්නේ ඒ Site එකට ගිහින් Register වෙන එක විතරයි. මේ වැඩේට සල්ලි ගත්තත් Massage 25 ක් නොමිලේ යවන්න දෙනවා. ඉතින් අපි ඒ SMS 25 න් උපරිම ප්‍රොයෝජනයක් ගමු

…මෙන්න Site එක https://www.smsglobal.com/


පියවර 









ඉතින් Fun එකක් ගත්තු අය Comment පාරක් දාන්න අමතක කරන්න එපා.

Tuesday, August 13, 2013

ඔයාගෙ Phone එක අත්තටම Original ද ?


මේ වැඩිකාලයක් නෙමේ මගේ යාලුවෙක් පිටකොටුවෙන් Galaxy SIII එකක් අරන් ආව. මූට නම් මාර හැපී. ඇයි බන් SIII එකක් මූ අරගෙන තියෙන්නේ පෙට්ටි පිටින් 29 කට. මමත් හොල්මන්. එත් අතට අරන් ටිකක් ඔබල බැලුවම තෙරුනා මේක නම් ආතල් එකට ගහපු Chinis එකක් කියල. 

මම ඉතින් ලේසියෙන් කොල්ලොන්ගේ මොරාල් එක කඩන එකෙක් නෙමේ. මට මොකෝ උට හොද නම්. මමත් ඉතින් බම්ප් එකක් දාල ෆට්ට කිව්ව. නැත්තන් ඌ හිතයි චින්තකය මහ ඉරිසියාකාරය කියල. මම දන්නෙ නැද්ද අපේ එව්න්ගෙ හැටි. හොදා මම අද ඔයාලට කියල දෙන්න යන්නේ මේ Phone එකක IME Code එකකින් කොහොමද එහි ගුනාත්මක භාවය තීරනය කරන්නේ කියලා.ඒ කියන්නේ එක Chines ද නැද්ද කියන එක.
ඇත්තටම ලෝකේ ඕනම නිශ්පාදනයකටම කාන්ඩ අංකයක් දීල තියෙනව. මම මේ කතාකරන්නේ ගමේ හදන ඉදිආප්ප මුල් ගැන නෙමේ හොදේ. ඉතින් මේ කාන්ඩ අංක, ඇග කහනවට දාපුව නෙමේ. හැම අංකයකටම හේතුවක් තියෙනව. අපි මේ ජංගම දුරකතන වල ගුනාත්මක භාවය හොයන්න යන්නේත් මේ කාන්ඩ අංක වල පිහිටෙන්. සාමන්යෙන් දුරකතනයක IMIE code එක ගත්තම අංක 15 කින් තමා හැදිල තියෙන්නේ. 




1) Product code
2) Revision of Material
3) Code Type
4) IMEI
5) Date of Production
6) Location of P roduction


IMEI අංකය හොයා ගන්න පුලුවන් ක්‍රම දෙකක් තියෙනවා. පලමු ක්‍රමය තමයි බැටරිය ගලවල IMEI අංකය ලබා හැනීම,. ඒක කරදරයක් වගේ නම් *#06# Dial කරන්න  

සාමන්යෙන් IMEI Code එකක් මේ වගේ කියල හිතමුකො 

XXXXXXXXXXXXXXX

දැන් ඒකත් පහත ආකාරයට Grape කරන්න පුලුවන්

XX - XXXX - XX - XXXXXX - X 1 .......... 2 ....... 3 ........... 4 ....... 5

1 = No manufacturer

2 = Phone Type

3 = assembly code

4 = Serial No.

5 = Spare


මේ අංක වල 7 වන සහ 8 වන අංක වලින් කියවෙන්නේ දුරකතනය නිශ්පාදය කල රට හෝ Factory Original ද යන්න වග. 

 ඔයාගේ අංකයත් අරගෙන පහත ප්‍රමිතින්ගෙන් යුක්තයි නේද කියල බලන්න 

00 නම් Factory Original                    හොදම බඩු ආයේ කතා දෙකක්         නැහෑ
…01/10/07/70/19/91 Finland                 වඩා හොදයී
…02/20 නම් UAE                                   ගුනාත්මක බවෙන් අඩුයි. චාටර්
…13 නම්                                                  භාවිතයට නුසුදුසුයි. පට්ට චාටර්
…03/30 නම් Korea                                 සාමාන්‍ය හොදයි. අව්ලක් නෑ
…04/40 නම් China                                 සාමාන්‍ය හොදයි.
…05/50 නම්  Brazil,USA,Finland         හොදයි (මන්ත්‍රී  හොදයි ඇමති හොදායි :P)
06/60 නම් China, Mexico                   සාමාන්‍ය හොදයි.
…08/80 නම් Germany                            සාමාන්‍ය හොදයි.


මේ ක්‍රමය සෑම විටකම නිවැරදි නොවෙන්නත් පුලුවන්.




Monday, August 12, 2013

මොකක්ද මේ Rooting කියන්නේ ?





ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි අද මම අවදානයට යොමු කලේ. ඔයත් Android Device එකක් භාවිතා කරපු කෙනෙක් නම් බොහෝ විට මේ ප්‍රශ්නය ඔබට එන්න ඇති. ඒ තමා Root කිරීම. ඇත්තටම මොකක්ද මේ Root කරනව කියන්නේ,මේකෙන් අත්වෙන වාසි සහ අවාසි මොනාද කියල අද මේ ලිපියෙන් මම කියන්නයි යන්නේ.

මොකක්ද මේ ROOT කියන්නේ

ඇත්තටම මේ වචනය අපට මුලින්ම හමුවෙන්නේ UNIX සහ LINUX කියන මෙහෙයුම් පද්ධති තුලයි.මේ යටතේ ඊලගට එන වචනය තමා "Super User" කියන වචනය.
අපි මේ දෙකම පැත්තකට  දාල හැරෙමු  පොඩ්ඩක් Windows පැත්තට. ඔයාල අපි හැමෝම දන්න දෙයක් තමා පරිගනකයක Administrator Account එකකින් Log වෙච්ච කෙනෙක්ට පරිගනකය තුල ඕන දෙයක් කරන්න පුලුවන් බල තලයක් ලැබෙන බව. ඉතින් ඔයාට Software Install කරන්න, File Delete කරන්න , File Move කරන්න, දැනට පවතින Accounts Delete කරන්න, Users Add කරන්න වගේ ගොඩක් දේවල්. නමුත් ඒ පරිගනකයේම Guest Account එකක් යටතේ Log වෙච්ච කෙනෙක්ට මේ හැමදේම කරන්න බලතල පරිගනකය මගින් ලබා දෙන්නෑ. ගොඩක් Internet Cafe වල තියෙන්නේ Guest Accounts වලින් Log වෙන්න.
හොදා දැන් ඔයාල බලනවා ඇති ROOT කිරීමයි User Account අතරෙයි සම්බන්දය මොකක්ද කියල. ඔයා සමහර විට නොදන්නව වුනාට ඔයාගේ Android Phone එක , TAB එක ඔයා මිලදී ගන්න විටම ඔයාට Guest Account එකකට සමාන බලතල තමා ලබා දෙන්නේ. ඔයාව යම්කිසි රාමුවකට හිර කරනවා. දැන් ඔයාට ඕන ඕනා විදියට Phone එකේ System File අතර සැරිසරන්න, ඒවා Edit කරන්න, වගේ දේවල් ඔයාට manufacturer වලදිම තහනම් කරනවා. දැන් අපි බලමු ඇයි එහෙම කලේ කියලා.අපි දන්නවා Phone එකක Hardware පැත්ත වගේම Software පැත්තකුත් තිබෙන විත්තිය. ඉතින් මේ දෙකෙන් එකක් හරි අවුලක් ගියොත් Phone එක හරියට වැඩකරන්නේ නැති වෙන්න පුලුවන්. බලන්න කවුරු හරි කෙනෙක්ට වැරදිලා හරි System File එකක Boot වීමට අවශය File එකක් Delete වුනොත් එහෙමත් නැත්නම් System එකේ ක්‍රියා කාරිත්වයට අවශය කුමක් හෝ File එකක්  Delete  වුනොත් ඒ Device එක වැඩකරන්නේ නැතුව යනව නේද ? , එහෙමත් නැත්නම් Virus එකක් මගින් File වලට බලපෑමක් එල්ල කිරීමේ අවදානමකුත් එනවා. සමහර Program වලට පුලුවන් System File වෙනස් කරන්න. මේ කරුනු නිසා ඇත්ටටම Phone එක ඔයාලගේ භාසාවෙන් කිව්වොත් කැඩෙන්න පුලුවන්. එහෙම ගියොත් නිශ්පාදකයින්ට හැමදාම වෙන්නේ Warranty දිදී ඉන්න තමා.

ඉතින් Root කිරීමෙන් අපට Super User Activate කරගන්න පුලුවන් වෙනවා. දැන් ලොක්ක ඔයා. තවදුරටත් Phone එකට සීමාවල් පනවන්න අයිතියක් නැහැ. ඔයාට ඕනා තරම් නිදහස තියෙනවා ඕන දෙයක් කරන්න.
මේ ලිපියේදී කොහොමද Root කරන්නේ කියල නම් කියන්න යන්නේ නැහැ.


Root කිරීමෙන් අපට අත්වෙන වාසි.

සිංහල Font උපකරනයට දාගන්න පුලුවන් වීම.
…ලාංකිකයෙක් විදියට මට Root කිරීමෙන් අත් වෙච්ච පලමු වාසිය තමා Phone එකට Sinhala Unicode හදාගන්න පුලුවන් වෙච්ච එක. මීට කලින් Opera Mini වගේ විකල්ප භාවිතා කරත් ඒ ඔක්කෝටම වඩා Font එකක් Install කිරීමෙන් Unicode හදා ගැනීම අතිසාර්තකයි. 


Custom Software (ROM’s) භාවිතය
ඇන්ඩ්‍රොයිඩ් උපකරනයක Read Only Memory එක තුල තමා ROM එකක් තැම්පත් කරල තියෙන්නේ. ඇත්තටම මේ ROM එකත් Software එකක් තමයි. ඔයාගේ Device එකේ ඇතුලත පෙනුම, ක්‍රියාකරිත්වය සහ හැකියාවල් පදනම් වන්නේ මේ Rom එක මතයි. ඉතින් ඔයාගේ Phone එක Root කලා නම් දැන් ඔයාට ලස්සන Rom භාවිතා කරන්න පුලුවන්. එමගින් මෙතෙක් ඔයා දැකපු පෙනුම සහ හැකියාවල් දියුනු කරගන්න පුලුවන් වෙනවා.





ඉතින් වැරදියට නම් වටහ ගන්න එපා ROM එකක් කියන්නේ Theme එකක් කියලා. Theme එකකට වඩා එහාට ගිය දෙයක් තමා ROM කියන්නේ. මෙතැනදී performance පවා වෙනස් වෙනවා. ඉතින් Custom Rom දාගන්න කැමති අය මේ Link එකට පිවිසෙන්න.

Kernel, speed, and battery

 සමහර Apps තියෙනවා Android Device සදහා, උපාංගයේ Speed එක වැඩි කරන්න, Batery Life එක වැඩි කරන්න, CPU Overclock කරන්න වගේ ගොඩක් Advance වැඩවලට. මේ Apps කියාත්මක වෙන්නේ Root කරපු උපකරන තුල පමනයි. ඉතින් ඔයා Root කරලනම් තියෙන්නේ ඔයාටත් පුලුවන් මේ පහසු කම අත් විදින්න. 

Custom Themes
මේකත් Custom ROM භාවිතා කරනව වගේ තමයි. සමහර Themes වැඩ කරන්නේ නැහැ Root නොකරපු උපකරන තුල.
Baseband
මේක නම් මම අත්හදා බලල නම් නැහැ. මේ කියන්නේ නම්, Root කරපු Phone එකක Signal Quality එක වැඩි කරගන්න පුලුවන් සිද්දියක්. ඉතින් කරපු කෙනෙක් ඉන්නවනම් මටත් කියල දෙන්න. Signal කිව්වේ Call signal වලටම විතරක් නෙමේ. Radio පවා මේ යටතට අයත්. 

Latest Versions of Android
බොහෝ වෙලාවට Android Phone වල Update සීමාකරනවා. එතකොට පරන අයට අලුත් Update ගැනීමේදී ගැටලුවක්. එත් Root කරපු Device වලට මේක අදාල වන්නේ නැහැ. 



Backup කිරීමේ පහසුකම  

ඔයාගේ උපකරනය Root කරලනම් තියෙන්නේ දැන් ඔයාට පුලුවන් ඔයාගේ Phone එකේ හැම දෙයක්ම Backup කරගන්න. ඔයාල කියයි ඕක කොහොමත් තියෙනවනේ කියලා . නමුත් මම මේ කියන ක්‍රමයේදී ඉතා ගැබුරින් වුනත් Backup කරන්න පුලුවන්. ගොඩක් Android market එකේ තියෙන්නේ උඩින් අතගාල Backup කරන Application. පුලුවන් නම් මේ සදහා Titanium Backup යොදා ගන්න. මේ Link එක මගින් එය ලබා ගන්න පුලුවන්

Unlocking Additional Features
Root කරපු උපකරනයක දැනට පවතින පහසුකම් වලට අමතරව වෙනත් පහසුකම් එක් කිරීමට හැකියාව තියෙනවා. මම සරල උදාහරන දෙකක් කියන්නම්. ඒ තමා WiFi and USB tethering කියන ක්‍රම දෙක. මොකක්ද මේ tethering. ඔයාට පුලුවන් ඔයාගේ පරිගනකයේ පවතින Internet Connection එක USB එක මාර්ගයෙන් Phone එකට ගන්න. ඇත්තටම මෙය කරන්න පුලුවන් Root කල දුරකතනයකම පමනයි. WiFi tethering එකේදී කරන්නේ මෙහෙම දෙයක්. ඔයාට පුලුවන් ඔයාගේ Phone එකේ Internet ඒ Phone එකේම WiFi යොදාගෙන අනිත් අයට ලබා දෙන්න. මරු නේ.. 



 Root කිරීමෙන් අත්වෙන අවාසි

Bricking'
මේක තමා අපිට අත්වෙන ලොකුම අවාසිය. ඒ තමා උපකරනයට ලැබෙන Warranty එක, Root කිරීම නිසා නැතිවෙනවා. ඉතින් මොනා හරි වෙලා Device එක කැඩුනොත් සොරි තමා.

උපාංගයේ ආයුකාලය අඩුවෙන්න පුලුවන්.
…Root කරපු හැම උපකරනයක්ම නෙමේ සමහර උපකරන Root කරල සම්මත තත්වයන්ගෙන් පිට ගිහින් Speed සහ Overclock කිරීම් හේතු කොටගෙන උපකරනයේ ආයුකාලය අඩුවෙන්න පුලුවන්. හැකිතාක් නිශ්පාදන ආයතන පනවල තියෙන සීමාවල් වලට එහා නොයන්න උත්සහ ගන්න.
නිශ්පාදන සමාහමට පුලුවන් ඕනෑනම් ඔයාගේ උපකරනය නිශ්පාදනයේදීම උපරිම වේගයකට ලක් කරල දෙන්න. නමුත් එය දිගුකල් පැවැත්මට නුසුදුසුයි. 

Security
Root කිරීමෙන් දුරකතනයේ හෝ උපකරනයේ ආරක්ශාව ගොඩක් අඩු වෙනවා. පුංචි Application එකකට උනත් පුලුවන් දැන් උපාංගයේ අන්තර්ගතයට පිවිසිලා සියල්ල විනාශ කරන්න. ඔයාගේ තොරතුරු පිට කරන්න.

Root කරන්නේ කොහොමද. 
ඇත්තටම කියන තරම් ලේසි නැහැ. හොද පලපුරුද්දක් නැතිකෙනෙක්ට මම තරයේ කියා සිටිනවා Root කිරීමෙන් වලකින ලෙස. Root කරනා ක්‍රමවේදය දුරකතන මාදිලිය අනුව වෙනස් වෙනවා. ඔයාට පුලුවන් XDA Developer Site එකෙන් ඔයාගේ දුරකතන මාදිලියට අදාලව Root කරන්නේ කොහොමද කියල දැන ගන්න. පිවිසෙන්න මේ Link එකට.තවදෙයක් කියන්න බැරි උනානේ. Root කරපු උපාංගයක් Unroot කරන්නත් පුලුවන්. 

ඉතින් මේ ලිපියේ තියෙනේ මගේ අදහස් සහ දැනුම. මේව ඉගෙන ගන්න සිංහල පත පොත නම් නැහැ හොදේ. මාත් Web කාල, කටු කාල ඉගෙන ගත්තු දේවල් වල සංශිප්තයක් තමා මේ දැම්මෙ. ඉතින් ප්‍රොයෝජනයක් උනානම් ප්‍රතිචාරයක් දක්වන්න අමතක කරන්න එපා හොදේ. අනිත් කරුන තමයි මේ ලිපි මගේ අවසර නැතුව ගෙඩි පිටින් Copy කරල දාන්න එපා කියල මම ඉතා කාරුනිකව ඉල්ලා සිටිනවා. 
ලිපියේ වරදක් ඇතොත් පහදා දෙන්න.


Wednesday, August 7, 2013

Office 2013 Direct බාගන්න (100% ORIGINAL )


මෙන්න තියෙනවා Office 2013. නව විශේෂාංග රැක් සමගින් ඔබවෙත එන Microsoft Office 2013 කෙලින්ම Download කරගන්න. ඔන්න මම පල්ලෙහා දාල තියෙන්වා. 

 -[මේ දෙකම CD Image දෙකක්. ඒ නිසා Download කලාට පස්සේ එක්කො CD එකකට Burn කර ගන්න. එහෙමත් නැත්තන් IMG File එක Extract කරල හරි Mount කරල හරි මොන සෙල්ලමක් දාල හරි Install කර ගන්න. ]-


32 Bit (667Mb)
 
64 Bit (769Mb)
For Activate : DOWNLOAD

Tuesday, August 6, 2013

Software නැතුව YOUTUBE වීඩියෝ DOWNLOAD කරන රහස. (ජංගම දුරකතන වලට වීශේෂයි)


YouTube ගැන මම අමුතුවෙන් කියන්න ඕනා නෑනේ. ඉතින් ගොඩක් අයට තියෙන ගැටලුව තමයි කොහොමද මේ YouTube වල වීඩියෝ එකක් Download කරන්නේ කියල. මම YouTube වීඩියෝ එකක් බාගන්න බැරුව ෆෝන් එකේ කැම් එකෙන් රෙකෝර්ඩ් කරපු අයත් දැකල තියෙනවා. :-P . හරි හරි.. ඕව පැත්තකට දාමුකො.
…ගොඩක් දෙනෙක් youtube Download කරන්න IDM හරි AddOne වගේ Extention තමා Use කරන්නේ. මම අද කියල දෙන්නේ ඔය එකක්වත් නැතුව YouTube වීඩියෝ Download කරන ක්‍රමයක්. මේ ක්‍රමය මම මගේ Android දුරකතනයෙනුත් සාර්තකව අත්හදා බැලුවා. වාසිය කියන්නේ අපි Download කරන File එක ජංගම දුරකතන වල සිට පරිගනක දක්වා ගැලපෙන විදියට විවිද Size වලට හදල දෙන එක. වීඩියෝ ඕනා නැත්තන් MP3 එක උනත් ගන්න පුලුවන්. මෙන්න පියවර.

පියවර 1. 
YouTube ගිහින් ඔයාලට Download කරන්න ඕනා කරන වීඩියෝ එක සොයා ගෙන Play කරන්න. Play වෙන විට YouTube Player එක මත Right Click කර "Copy Video URL" යන්න මත Click කරන්න.


පියවර 2.
ඔයාගේ Web Browser එකේ Address Bar එකේ "www.10youtube.com" ලෙස ලබා දෙන්න. 


පියවර 3. 
ඔයා දැන් 10youtube site එකට ගියානම් URL එක ලබා දෙන තැනක් පහත රූපයේ ලෙස දකින්න පුලුවන්. එතැනට දැනට ඔයා අර කලින් Copy කර ගත්තු URL එක Past කරන්න. 


පියවර 4.


තත්පර 5ක් ඇතුලත ඉහත විදියට Download Page එක ලැබෙයි. සියලු විස්තර ඇතුලත්. කැමති Size එකට Download කර ගනන. 


ඔයාගේ Phone එකේ youtube VIDEO URL එක Copy කරන්න පුලුවන්නම් Phone එකෙත් මේ වැඩේ කරන්න පුලුවන්. 

මීටත් වඩා ලේසි ක්‍රමයක් ඔන්න අපේ යාලුවෙක් පල්ලෙහා දාල තියෙනවා Comment වල. එතනදී ඔයා YouTube වීඩියෝ එක බලන ගමන් Address Bar එකේ www. වලට පසුව ss අකුරු දෙකක් එකතු කරන්න ඕනේ.
උදා: http://www.youtube.com/watch?v=gjxy51vSn0M
ඔය ඉහලින් තියෙන්නේ මම Youtube වල Vedio එක බලන විට Address Bar එකේ තියෙන Link එක.
…ඔයා මේකේ www. එකට පසුව ss දෙකක් එක්කරල Enter කරන්න

…http://www.ssyoutube.com/watch?v=gjxy51vSn0M

නරක නෑ.මේකත් ගොඩක් සාර්තක ක්‍රමයක්. දෙකම උත්සහ කරල බලන්න. අවසානයේ වැඩේ වෙනවනම් එච්චරයි. 

Monday, August 5, 2013

Lion Dictionary (ලයන් සිංහල ඉංග්‍රීසි පරිගනක ශබ්දකෝෂය)






සිංහල පරිගනක මෘදුකාංග අතරට එකතු වූ නවතම පෙරලිකාර වැඩසටහන වන්නේ ලයන් සිංහල ඉංග්‍රීසි පරිගනක ශබ්දකෝෂය. වචනයක් ලබා දුන්නම එහි අර්තය සොයා දෙනවනම් එයට ශබ්දකෝෂය කියල කිව්වට මම මෙම වැඩසටහන මගින් වචනයක අර්තය සොයා දීමට අමතරව බොහෝපහසුකම් ලබාදීල තියෙනවා. ඒ නිසා වෙනද වගේ program එක Open කරගෙන දගලන්න ඕනේ නැහැ. Lion Dictionary එක පලවෙනි වරට Open කලාම එය System Try එක තුල සැගවෙනවා. ඉතින් ඔයාට හදිස්සියේම වචනයක අර්තය සොයන්න ඕන වුන ගමන් මොකද කරන්න ඕනේ.. කෙලින්ම යතුරු පුවරුවේ F6  එබූ සැනින් Open වෙනවා. ක්ශනිකව වැඩසටහන සගවන්නේත් එහෙමයි. මේක කොච්චරනම් පහසුවක් වෙනවාද කියා හදපු මට වඩා ඔයාලටම තමා තේරෙන්නේ. 
අන්තර්ජාලය පරිහරන කරනකොට වෙබ් අඩවියක නොදන්න වචනයක් දැක්කොත් මේක Open කරන් දගලන්න ඕනේ නැහැ. ඒ වචනය Copy කරන්න. ඔයාගේ Desktop එකේ දකුනු පස පහලින් කුඩා කොටුවක් Open වෙලා Copy කරන ලද වචනයේ අර්තය පෙන්වා ටික වේලාවකින් සැගවී යනවා. ඒවගේම ඔයාලට එකවචනයක් නෙමේ රචනාවක් වුනත් මේකට හොයන්න දෙන්න පුලුවන්. එවිට සමස්ත අර්තය පහලට ලබා දෙනවා. මෙය එක්තරාවිදියක Translate කිරීමකට සමානයි. සමහර අයට ඉංග්‍රීසි වචනයක් කියවන්න දන්නෑ. ඒත් සොයන සෑම වචනයක්ම උච්චාරනය කරල පෙන්වන්න Lion Dictionary එකට පුලුවන්. හිතන්න ඔයාට සෑම ඉංග්‍රීසි වචනයකම අකුරු දන්නවද.. නැහැ නේ.. ටිකක් සංකීර්න දිග වචන නිවැරදිව ලබා දෙන්න බැහැ ඒවායේ අකුරු හරියට දන්නේ නැත්නම්. එත් Lion Dictionary එකේ Auto Search විකල්පය මගින් ඔයා ලබා දෙන සෑම අකුරකටම ආසන්නව යන වචන ලැයිස්තුවක් ඔයාට ලබා දෙනවා. මේක ඇත්තටම Google මගින් යමක් සොයා දෙනවාට බොහෝ දුරට සමානයි. තව දෙයක් තියෙනවා කියන්න. ඔයා සොයන වචනයට අදාල වැඩිදුර විස්තර තොරතුරු ඔයාට සමහර විට ඕනා වෙන්න පුලුවන්. උදා: ඔයා සෙවූයේ human heart යන වචනය වෙන්න පුලුවන්. ඔයාට මීට අදාල රූප සහ තොරතුරු තවදුරටත් ඕනා කරනවා නම් දැන් Lion Dictionary වැඩසටහන එම පහසුකම ඔයාට සලසා දෙනවා. සිංහල වචනයක් පවා සෙවීමේදී ලබා දෙන අකුරක් පාසා ඊට අසන්නම වචන ඔයාට සොයල දෙන නිසාත් වැඩසටහනට ආවේනික වූ සිංහල යතුරුපුවරු ක්‍රමවේදය නිසාත් සිංහල සෙවීමත් පෙරට වඩා පහසුයි. පොඩි ළමයෙක්ට උනත් ආසා හිතෙන විදියට වැඩිදියුනු කරපු අතුරුමුහුනත නිසා වැඩසටහන භාවිතා කරන්න පහසු ගතියක් ලැබෙනවා. 

මෙම වීඩියෝව මගින් ලයන් සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂයේ ක්‍රියාකරිත්වය ඔයාලට දැකගන්න පුලුවන්



 දැනට මෙම වැඩසටහන Windows 7 සහ Windows 8 සදහා පමනක් සහය දක්වනවා. ඉතින් කොහොමත් ඉදිරියේදී ඔය OS දෙක වැඩි වශයෙන් එන නිසා Windows XP සදහා මෙය මම වැඩිදියුනු කරන්න යන්නේ නැහැ. සමහර විට කීපදෙනෙක්ට මේක කනගාටුවට කරුනක් වෙන්නත් පුලුවන්.

ඉතින් මෙම වැඩසටහනේ හොද නරක තීරනය කිරීම ඔබට බාරයි. මගේ උත්සහය කොතරම් සාර්තකද කියල අපි ඉදිරියේදී බලමු. මේ වැඩසටහන සම්පූර්නයෙන්ම ඔයාලට නොමිලේ ලබා දෙන්නේ. ඔයාලට පුලුවන් ඔයාලගේ මිතුරන් මේ පිලිබදව දැනුවත් කරන්න. වචනයකින් හරි ඔයාල මට කරන උපකාරය මිල මුදල් වලට වඩා මට ගොඩක් වටිනවා.

මම කවදත් ඔයාලට ඇහුම්කන් දෙනව යාලුවනේ. Version 1.1.0.0  වලට වෙනස් කම් සිදුකලේ මේ මට එවපු Report එක නිසා. ඔයාට ගොඩක් ස්තූතියි මට අඩුපාඩුව පෙන්නුවට.




dot net framework 4 ඇතුලත් සම්පූර්ණ Setup File එක. 



මෙම වැඩසටහන සදහා dot net framework 4 පරිගනකයට Install කරන්න සිදුවෙනවා. නමුත් මේ වෙන විටත් Dot Net 4 Install කරල තියෙන අයට මේ Setup එක Install කරන්න පුලුවන්.බැරි වෙලාවත් Dot Net නැත්නම් ස්වංක්‍රීය එය Download කරගෙන Install කරනවා. 



ගැටලුවක් ඇතොත් විමසන්න : www.facebook.com/crzyss
                                               TEL: 075-760 694 3
                                               chinthaka.fast@gmail.com


Sunday, August 4, 2013

Lion Dictionary හැදුනේ මෙහෙමයි



ලංකාවට හොද පරිගනක වැඩසටහන් තියෙන්නේ අතලොස්සයි.  ඒ අතරින් මදුර Dictionary එකට මම ගොඩක් ගරු කරනවා. මොකද මට ගොඩාක් උපකාරී වූ වැඩසටහනක්. නමුත් අපි හැමෝම  දන්න දෙයක් තමයි මදුර Unicode වලට සහය දක්වන්නේ නැති විත්තිය. මට Programing පිලිබද ලොකු දැනුමක් නැති කාලේදීත් මට ඒ අඩු පාඩුව ගොඩක් දැනුනා. මොකද සිංහල Unicode වලින් සැදුම් ලත් වචනයක් සොයන්න මේ වැඩසටහනෙන් නොහැකියි. font වලින් කෙමෙන් කෙමෙන් මිනිස්සු දුරස් වෙලා Unicode වලට දැන් හුරුවෙලා. මීට වඩා දියුනු පරිගනක වැඩසටහනක අවශ‍ය තාවය මට එන්නේ ඔතනදී.
2008 වසරේ ඉදන් මම සිංහල ඉංග්‍රීසි Dictionary  එකක් හදන්න කීප වරක්ම උත්සහ කලත් ඒක හරිගියේ නැහැ. එකක් ඒ වෙන කොට මගේ පරිගනක වැඩසටහන් නිර්මානය කිරීමේ දැනුම ගොඩක් අඩු මට්ටමක තිබ්බේ. අනික මේ වැඩසටහන නිර්මානයට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන Data base එකක අඩුව.
මෙහෙම කියන කොට සමහර දෙනෙක්ට මේව නොතේරෙන්නටත් පුලුවන්. කමක් නෑ ..  මම වැඩේ අත හැරියෙ නැහැ. මම Database එකත් කොහොම හරි හොයා ගන්නව. ඒක තනිකරම Text ෆයිල් එකක්. ඒකෙ තියෙන්නේ ඉංග්‍රීසි වචනයට අදාල සිංහල තේරුම විතරයි. උන්නු හැටියට මලත් මොකෝ කියල ලද දෙයින් මම සතුටු වුනා. ඒ අනුව මම 2011 වසරේ DIC PRO (Dictionary Project) කියල තනියම මේක හදන්න පටන් ගන්නවා. Text file එක Line by Line කියවල තමා අපි සොයන වචනයට අදාල අර්තය සපයන්නේ මේ ක්‍රම වේදයේදී. මේ ක්‍රමයෙන් අර්තය ලැබුනට හොයන්න ටිකක් වෙලා යනවා. තත්පර 2ක් 3ක් කියන්නේ මට නම් ලොකු කාලයක්. විවිද ක්‍රම අත්හදා බැලුවා. සමහර ක්‍රම අත්හදා බලන්න මට සති ගනන් ගත වුනා. මේ අතර තුරදී තමයි මට නාමල් සහෝදරයගේ Data Base එක ලැබෙන්නේ. ඇත්තටම එයා එතෙනදී කියලා තිබුනා DB එකේ නම වෙනස් නොකර වැඩක් ගන්න කියලා. ඉතින් මමත් ඒක අකුරටම පිලි පැද්දා. ආපහු මෙච්චර කල් කරපු ඔක්කෝම වැඩ පැත්තක දාල මුල ඉදන්ම ගේමට බැස්සා. දැන් මට පෙරටත් වඩා අත්දැකීම් තියෙනවා. මට ඕන වුනේ අමුතුම විදියේ පහසුකම් සමගින් මෙය නිර්මාණය කරන්න. හැබැයි මට මේ වැඩසටහන කාටවත් දෙන්න උවමනාවක් තිබ්බේ නැහැ. මේක හදලා මගේ වැඩවලට විතරක් තියා ගන්නයි මට ඔනාකලේ. කොහොම හරි 2012 දෙසැම්බර් මාසයේ DIC PRO ආපහු නව තාලයකින් හැදෙනවා. හරියටම  මාස 3ක් ම ගියේ මේකේ Search කරන කොටස ගොඩ නගන්න. මොකද මෙහි සෙවීමේ බොත්තම මගින් වැඩ කීපයක් කරනවා. Single Search, Multi Search,Add to History වගේ කොටස්. මේව ඒටික ගහල ඉවර වෙන කොට නම් මට පොඩි ගැම්මක් ආව. එතැන් සිට මම විවිද Option මේකට එකතු කර කර වැඩි දියුනු කලා. සිංහල ඇතුලත් කිරීමට මම SMS ක්‍රමය යොදා ගන්න තීරනය කලත් එය 100% ක් සාර්තක වුනේ නැහැ. ඒ නිසා තාවකාලිකව ඒක ඉවත් කරල Key Layout එකක් ගැහුව මටම ආවේනික විදියට. මම මුහුන දුන්නු ලොකුම ගැටලුව උනේ සිංහල හැසිරවීම. මොකද පරිගනක වැඩසටහන් තුල අපිට ඔන විදියට සිංහල හසුරවන්න අපහසුයි.
මේ සියලු දේ මා කලේ මගේ රැකියා ස්තානයේ සිට මට ලැබෙන විවේකය උපරිම ලෙස යොදා ගෙන. වචනයකින් වත් සහයක් ගන්න මට මෙහි කිසිවෙක් නැහැ. හැම දේම අන්තර්ජාලයෙන්ම පමනයි. දැන් ඔයාල බලනවා ඇති මම හදල තියෙන්නේ Lion Dictionary කියල , එත් මම කතා කරන්නේ DIC PRO එක ගැන. මම කිව්වනේ මම මේක මගේ ප්‍රයෝජනය, පහසුව සදහා ගොඩ නගපු දෙයක්. ඒත් ඒ තීරනය වෙනස් වෙන්නේ මගේ රැකියා ස්ථානයේ සිටින මගේ මිතුරු මිතුරියන්ගේ බලවත් ඉල්ලීම. එයාල හැමෝම කිව්වේ මේ වගේ වටින දෙයක් ඔයා ලෝකෙටම සගවාගෙන ඉන්නවට වඩා ඔයා මේ Dictionary එක හැමෝටම ලබා දුන්නොත් ඒක ලොකු සේවාවක් වෙයි කියලා. ඒ නිසා තමා අද ඔයාල අතට Lion Dictionary එක මේ විදියට ලැබෙන්නේ. සාමානය මිනිසුන්ට ගැලපෙන විදියට මම මෙහි User Interface එක වැඩිදියුනු කරන්නේ ඊට පසුවයි. Lion Dictionary නමින් නමක් තියල, Settings add කරල මම භාවිතා කරන්නාට වඩාත් පහසු වෙන විදියට මෙය නිර්මානය කලා. Lion Dictionary වලට Update System එකක් මම නිර්මාණය කලා. කාගෙන්වත් අහ ගන්නෙ නැතුව මගේ දැනුම, මගේ පරිකල්පනය යොදා ගෙන ඉතාම සරල Update ක්‍රම වේදයක් නිර්මානය කලා. මගේ උත්සහය දැකපු මගේ මිතුරෙක් මට නොමිලේ Server එකක් ලබා දෙන්නේ මගේම වාසනාවකට. පලමු Update ක්‍රම වේදය ඉවත් කරලා Server එකට ගැලපෙන විදියට ආපහු Code කරා. මෙම වැඩසටහන අවසානයේදී මම අත්හදා බැලුවේ මගේ රැකියා ස්තානයේ මිතුරියන් පිරිසක් මගින්. ඒ වගේම පාසල් යන පොඩි අයව දාලත් මම අත්හදා බැලුවා මෙය කොයි තරම් එයාලට වටහා ගන්න පුලුවන්ද කියලා. ඒ අනුව සුලුසුලු වෙනස් කම් කරලා අවසානයේ ලැබුනු ප්‍රතිපලය තමා මේ. Lion Dictionary අඩුපාඩු නැති වැඩසටහනක් කියල මම කියන්නේ නැහැ කිසිම වෙලාවක. නමුත් මගේ උත්සහය දිහා බලන විට පුංචි නිරහංකාර සතුටක් මගෙ හිතට දැනෙනවා.
…සමහරු මගෙන් අහනව මොකක්ද මචන් ඔයාට මේව කරල ලැබුනේ කියල. නමුත් කවුරු හරි කෙනෙක් මට මේ වැඩසටහන පාවිච්චි කරල,කියන හොද හෝ නරක හෝ ලැබෙන ප්‍රතිචාරය,  මගේ මුලු ආත්මයම සුවපත් කරන සතුටක් වෙනු නිසැකයි. බුදු හාමුදුරුවො කියපු අන්යන්ට උපකාරී කිරීමෙන් අත්වෙන නිරාමිස සුවය මිල මුදල් වලට සම කරන්න කවමදාකවත් බැහැ. ඒ නිසා මම සතුටම පමනක් මේ මගින් බලාපොරොත්තු වෙනවා.
(මේ මගේ සිතට ආපු අදහස්, සිතුවිලි වචනයෙන් ප්‍රකාශකරන්න හරිම ආමරුයි. තේරුනා හරි නැතුව හරි මේ ලිපිය කියෙව්වට ගොඩක් ස්තූතියි !  )

මෙම මෘදුකාංගය මේ තත්වෙට ගෙන එන්න මට උදව්කල මගේ 
ලයන් සාමාජිකයන් 



 Lion Dictionary එකේ Update System එක ගොඩ නැගීමට Server Space එකක අවශය තාවය පැන නැගුනු මොහොතේ මොහු මට කිසිදු පැකිලීමකින් තොරව එය ලබා දී ඒ මොහොතේ මට කලේ ලොකු උපකාරයක්. අද ඔයාලට Lion Dictionary එක මගින් එන සියලු Update Notification වල දත්ත සහ තොරතුරු රදවා තබා ගන්නේ මොහුගේ Server එක තුලයි. 
කමල් ඔබට මගේ ප්‍රණාමය!



අහම්බෙන් මෙන් මට හමුවූ පරිගනක වැඩසටහන් නිර්මාණය සදහා මහත් කැමැත්තක් දක්වන මල්ලි කෙනෙක්. ඒ වගේම Pariganaka Gatalu FB grupe page එකේ Admin වන්නේද මොහු. ප්‍රචාරන කටයුතු වලදී මොහු මට ලබා දුන් සහය අති මහත්.! 

Nilanthi Alakubura


මගේ හිතවතිය මිතුරිය වන නිලන්ති අක්කා ඉංග්‍රීසි භාෂාව පිලිබදව හොද දැනුමක් තියෙන කෙනෙක්. Lion Dictionary එකේ Help Document එක හදන්න වගේම User Agreement එක හදන්න ගොඩක් උපකාර කලා.



වෘතියෙන් දක්ශ ඡායා රූප ශිල්පිනියක් වන මගේ හිතවත් සහෝදරිය දක්ෂ ග්‍රැෆික් නිර්මාණ ශිල්පිනියක්. Lion Dictionary එකේ GUI එක ගොඩ නැගීමේදී සහ ඡායා රූප ගැනීමේදී, සංස්කරන අඩුපාඩු සොයා බැලීමේදී බොහෝ උපකාර කලා.

මීට අමතරව නම් නොකීවත් විවිද අය මට වචනයකින් හරි උපකාර කලා. ඒ වගේන Online Help වල Newton Edirisinghe සහ www.aluth.com වෙබ් අඩවියේ Sameera Kodikara මිතුරන් මෙය මේ තත්වයට ප්‍රසිද්ධ කරන්න උපකාර කලා. එකී නොකී මෙකී හැමෝටම මගේ හෘදයාංගම ස්තූතිය !