ඉතින් කොහොමද යාලුවනේ.. හැකින් ගැන ලිපි ලියන එක චුට්ටකට නතර කරල සුපුරුදු පරිදි තාක්ශනික ලිපියක් පල කරන්නයි අද මම යන්නේ.. ඔයාල දන්නවනේ මගේ බ්ලොග් එකෙන් පුංචි දෙයක් ගැන උනත් ටිකක් බැහැල කතා කරනව කියල. ඇත්තටම මට ඕන උනේ පරිගනකයකට Drivers කොහොමද Install කරන්නේ කියල කියල දෙන්න. ඇත්තටම මට පෙනුන දෙයක් තමයි එතැන ඉගෙන ගන්න කියල මහ ලොකු දෙයක් නැති බව.. ඒ නිසා සියලු කරුනු ආවරනය කරල හිතුන ඉතාම වටිනා ලිපියක් ඔයාලට දෙන්න.
Drivers කියන්නේ මොකක්ද ?
Driver
Ele. එලවනය
Ele. එලවන්නා
Civ. දක්කුව
n. රථය පදවන්නා
n. රථාචාර්ය
n. රියැදුරා
st. සාරථි
Driver කියන වචනයේ තේරුම ඔන්න ඔය විදියට තමා පරිගනක ශබ්ධකෝෂයේ එන්නේ. නිකන් දන්නේ නැති අයට දැන ගන්න දැම්මේ..
කොහොම නමුත් අර්ත දැක්වීමේදී Computer Driver එකක් මෙන්න මේ විදියට මම සරලව ඔයාලට පැහැදිලි කරන්නම්.
සරලව කිව්වොත් යාලුවනේ Driver එකක් කියන්නේ පොඩි Software කෑල්ලක්. මේ කෑල්ලට පුලුවන්කමක් තියෙනව ඔයාගේ Computer එකේ තියෙන Hardware සහ operating system එක, සහ Software අතර අදහස් හුවමාරු කල යුත්තේ එහෙමත් නැත්තන් සම්බන්දතාවයක් ගොඩනගා ගත යුත්තේ කොහොමද කියල කියල දෙන්න.
…Drivers නැත්තන් Software වලට සහ OS එකට අදාල Hardware කොටස හදුනා ගන්න බැරිවෙනව. ඒ නිසා එම Hardware එකෙන් අපට කරන සේවය අපිට දෙන්න බැරිව යනව..
Drivers නැතුව පරිගනකයක වැඩ කරන්නම බැරිද ?
හොද ප්‍රශ්නයක්.. එක මෙහෙයුම් පද්දතියයි,, Hardware ගොඩයි.. ඔව්..! අපි හැමෝම ඉතින් භාවිතා කරන්නේ Windows XP,7,8 වගේ මෙහෙයුම් පද්දතියක්.. මහ ගොඩක් නෑ.. ඒත් Hardware නම් රටේ නැති ජාති, එක එක නම් වලින් තියෙනව. ඒ නිසා එක මෙහෙයුම් පද්දතියකට පුලුවන් කමක් නෑ මුලු ලොකෙම තියෙන Hardware වල Drivers රදාවාගෙන ඉන්න. ඒක ප්‍රායෝගික නෑ.. නමුත් සම්මත කාලීන වැදගත් Driver මෙහෙයුම් පද්දතිය තුල රදවා තියෙනවා..
ඒ නිසා Hardware නිර්මානය කරන අය විසින් හැම විටම Drivers නිකුත් කරන්නේ නෑ.. හැම Device එකකටම.. දැකල තියෙනවද Mouse එකට Drivers එනව. දැකල තියෙනවද Keyboard එකට Drivers එනව.. ඒකට හේතුව ඒව නිර්මානය කරල තියෙන්නේ Stranded Drivers වලට ගැලපෙන විදියට.. නවීන පරිගනක මව්පුවරු නිශ්පාදනයේදිම අදාල OS එකෙන්ම Drivers ස්වයක්‍රීයවම ගන්න විදියට හදනව.. නමුත් ඒ සම්මත Drivers වලට කරන්න පුලුවන් සීමාවට වඩා එහා ගිය Hardware සහිත Motherboard එකක් නම් අනිවාර්යෙන්ම ඒ ඒ Hardware සදහා භාවිතා වන Drivers වෙන වෙනම ලබා දිය යුතුයි.
ඉතින් බොහෝවිට Drivers ගැටලුව මතු වෙන්නේ Windows අලුතෙන් දාපුවහම. සමහර වෙලාවට සමහර පරිගනක 100% ක් Drivers ඉබේම ගන්නව. නමුත් බොහෝ පරිගනක එහෙම නෑ.. ගොඩක්ම ප්‍රශ්නෙ එන්නේ Graphic Drivers වලට සහ Sound Drivers වලට.. මොකද අපිට ඉක්මනටම ඒ ගැටලුව හොදට පෙනෙන සහ දැනෙන නිසා. Graphic Drivers ගන්නේ නැති උනාම Display එක පේන්නෙම නැතුව යන්නෙ නෑ.. හොදට පේනව. නමුත් Window එකක් Move කරන කොට Sharp නෑ. System එකේ ගොඩක් Visual Effects සහය දක්වන්නේ නෑ.. සමහර විට Resolution අපිට අවශය ප්‍රමානයට හදාගන්න බෑ.. ඔය වගේ ගැටලු ගොඩයි.
තව Sound Drivers නැති නිසා පරිගනකයෙන් Sound එක ලබා නොදෙන්න පුලුවන්.. මේ තමා දරුනුම ගැටලු දෙක. ඊලගට අපිට අත් විදින්න පුලුවන් ලොකුම ගැටලුව තමා LAN Drivers නොමැති වීම නිසා අන්තර්ජාලයට පිවිසෙන්න බැරුව යනව.. සමහරු මම දන්නව Internet එකෙන් Drivers හොයා ගන්නම් කියල Windows දාල LAN Driver නැතුව ඇන ගන්න.. ඒ නිසා විශේෂයෙන්ම Desktop PC එකක් නම් "Ethernet Controller" එකේ Drivers එක හොයාගන්න මොකද මේක නැත්තන් Net යන්න බැරි වෙන නිසා.. හැබැයි Dongle වලින් යන අයට නම් ගැටලුවක් නෑ.. ඒකත් මම අවදාරනයෙන් කියා සිටිනව.
කොහොමද අපි Drivers හොයා ගන්නේ ?
හොයන්න ඉස්සෙල්ල බලන්න තමන් ලග තියෙන්නේ මොකක්ද කියල. ඔයාට Computer එකත් සමග බොහෝ විට Drivers CD / DVD ලැබෙනව. මීට අමතරම ඔයා TV card/VGA/Sound Card වගේ දේවල් Extra ගත්තනම් ඒවාටත් Drivers ලැබෙනව. ඉතින් ඒව ටික තියෙනව නම් අමුතුවෙන් බය වෙන්න ඩෙයක් නෑ..
නමුත් Laptop සහ Notebook භාවිතා කරන අය නම් ලොකු අපහසුවක වැටෙනව.. ඒ මොකද මම දන්න තරමින් කිසිම Lap එකකට Drivers CD හෝ DVD ලෙස ලබා දෙන්නේ නෑ.. ඒ නිසා ඔයා අලුතෙන් Lap එකක් ගන්නව නම් ඒ ගන්න අයගෙන් Drivers ටික ඉල්ල ගන්න. මොකද කවද හරි ඔයාට ඕන වෙන නිසා..…අනිත් වැදගත් කරුන තමයි කියන්න තියෙන Laptop හදන සමාගම විසින් තාක්ශනික සහයන් ලබා ගන්න පුලුවන් වෙන්න Website එකක් කරන් යනව.
ඉතින් ඔයාට Drivers හොයාගන්න පුලුවන් තවත් පහසුම ක්‍රමයක් තමයි මේ තාක්ෂනික වෙබ් අඩවියක සහය ලබා ගන්න එක. ඔන්න මම ඉතින් ලංකාවේ ගොඩ දෙනෙක් භාවිතාකරන Brands කීපයකට අදාල නිල වෙබ් අඩවි වල Links දාල තියෙනව.
![]() | |||
---|---|---|---|
දැන් මෙතන ඔයාලගේ Lap එකේ Brand එක නැත්තන් දුක් වෙන්න එහෙම එපා.. මමත් මේ ක්ශනිකව Google වලින් හොයල ගත්තේ.. මම භාවිතා කලේ "HP Laptop Drivers" වගේ සරල Key word එකක්.
ඉතින් lap එකේ Drivers විතරක් නෙමේ Mother Board එකේ Drivers පවා මේ විදියට හොයන්න පුලුවන්. Mother B. එකේ Model එක On වෙන කොට පෙන්නනව. නැත්තන් සමහර විට Board එකේ ගහලත් තියෙනව.
Driver සොයන්න පුලුවන් දැනට තියෙන පහසුම ක්‍රමය තමා Driver සොයා දෙන මෘදුකාංගයක් භාවිතා කිරීම. පලමුව මේ වැඩසටහන මගින් Scan කිරීමක් සිදුකරනව ඔයාගේ පරිගනකයේ මොනාද තියෙන Hardware සහ Drivers අඩුපාඩු කම් තියෙන්නේ මොනවායේද කියල. ඒ අනුව මේ වැඩසටහන මගින් ඊලගට මෙයාලගේ දත්ත පද්දතියකට සම්බන්ද වෙනව. ඉතින් ඒ වැඩේට Internet ඕන වෙනව.. ඊට පස්සේ අඩුපාඩු Drivers ටික ඔයාට Download කරල දෙනව..
මීට අමතරව සමහර Software වලින් Drivers Back UP කිරීමේ පහසු කමක් සපයනව. ඉතින් ඒකත් ගොඩක් වටිනව. මොකද Windows දාන්න ඉස්සෙල්ල එහෙම Backup එකක් දාගත්තම වැඩේ ලේසියි..
…ඔන්න ඔයාලට මම මේ වැඩේටම හරි යන වැඩසටහනක් ගෙනාව. කැමති අය Download කර ගන්න..
ZIP File Password: schoollk
Download :
ඉතින් මේ ලිපිය මම දින දෙක තුනක් තිස්සේ ලියන්නේ හෙමින් සීරුවේ.. මටත් ඉතින් වැඩ ගොඩක් තියෙනව.. ඒ අස්සේ තමා මේ හැම දේම සිදු කරන්නේ.. ඒ වගේම තමයි ඕනම කෙනෙක්ට පුලුවන් මගේ Mobile No. එකට කතාකරල මේ සම්බන්දව මතුවන ගැටලු සාකච්චාකරන්න.
මේ ලිපිය වටිනව කියල හිතෙනව නම් Comment එකක් දන්න අමත කරන්න එපා.
හොඳ ලිපියක්. ප්රයෝජනවත් කරුණු ගොඩක් තියෙනවා.
ReplyDelete123hpprintersetup
ReplyDelete123.hp.com/envy7820
ReplyDelete123.hp.com/setup 3758
ReplyDelete123.hp.com/envy7800
ReplyDelete123.hp.com/setup 2623
ReplyDeletehttps://setup-wireless-printer.com/canon-color-imageclass-mf624cw-wireless-driver-mac/
ReplyDeletecanon pixma ts5060 wireless driver windows
ReplyDeletehp envy 5055 manual
ReplyDeletehp deskjet 2600 driver, hp officejet 5258 driver, hp deskjet 2652 drivers, hp printer driver.
ReplyDeletehp envy 7864 driver, hp envy 7864 driver, hp envy 7864 driver, hp envy 7864 driver, hp envy 7864 driver,
ReplyDeleteClient relationship management software
ReplyDeletewebsite development company los angeles