Monday, August 5, 2013

Lion Dictionary (ලයන් සිංහල ඉංග්‍රීසි පරිගනක ශබ්දකෝෂය)






සිංහල පරිගනක මෘදුකාංග අතරට එකතු වූ නවතම පෙරලිකාර වැඩසටහන වන්නේ ලයන් සිංහල ඉංග්‍රීසි පරිගනක ශබ්දකෝෂය. වචනයක් ලබා දුන්නම එහි අර්තය සොයා දෙනවනම් එයට ශබ්දකෝෂය කියල කිව්වට මම මෙම වැඩසටහන මගින් වචනයක අර්තය සොයා දීමට අමතරව බොහෝපහසුකම් ලබාදීල තියෙනවා. ඒ නිසා වෙනද වගේ program එක Open කරගෙන දගලන්න ඕනේ නැහැ. Lion Dictionary එක පලවෙනි වරට Open කලාම එය System Try එක තුල සැගවෙනවා. ඉතින් ඔයාට හදිස්සියේම වචනයක අර්තය සොයන්න ඕන වුන ගමන් මොකද කරන්න ඕනේ.. කෙලින්ම යතුරු පුවරුවේ F6  එබූ සැනින් Open වෙනවා. ක්ශනිකව වැඩසටහන සගවන්නේත් එහෙමයි. මේක කොච්චරනම් පහසුවක් වෙනවාද කියා හදපු මට වඩා ඔයාලටම තමා තේරෙන්නේ. 
අන්තර්ජාලය පරිහරන කරනකොට වෙබ් අඩවියක නොදන්න වචනයක් දැක්කොත් මේක Open කරන් දගලන්න ඕනේ නැහැ. ඒ වචනය Copy කරන්න. ඔයාගේ Desktop එකේ දකුනු පස පහලින් කුඩා කොටුවක් Open වෙලා Copy කරන ලද වචනයේ අර්තය පෙන්වා ටික වේලාවකින් සැගවී යනවා. ඒවගේම ඔයාලට එකවචනයක් නෙමේ රචනාවක් වුනත් මේකට හොයන්න දෙන්න පුලුවන්. එවිට සමස්ත අර්තය පහලට ලබා දෙනවා. මෙය එක්තරාවිදියක Translate කිරීමකට සමානයි. සමහර අයට ඉංග්‍රීසි වචනයක් කියවන්න දන්නෑ. ඒත් සොයන සෑම වචනයක්ම උච්චාරනය කරල පෙන්වන්න Lion Dictionary එකට පුලුවන්. හිතන්න ඔයාට සෑම ඉංග්‍රීසි වචනයකම අකුරු දන්නවද.. නැහැ නේ.. ටිකක් සංකීර්න දිග වචන නිවැරදිව ලබා දෙන්න බැහැ ඒවායේ අකුරු හරියට දන්නේ නැත්නම්. එත් Lion Dictionary එකේ Auto Search විකල්පය මගින් ඔයා ලබා දෙන සෑම අකුරකටම ආසන්නව යන වචන ලැයිස්තුවක් ඔයාට ලබා දෙනවා. මේක ඇත්තටම Google මගින් යමක් සොයා දෙනවාට බොහෝ දුරට සමානයි. තව දෙයක් තියෙනවා කියන්න. ඔයා සොයන වචනයට අදාල වැඩිදුර විස්තර තොරතුරු ඔයාට සමහර විට ඕනා වෙන්න පුලුවන්. උදා: ඔයා සෙවූයේ human heart යන වචනය වෙන්න පුලුවන්. ඔයාට මීට අදාල රූප සහ තොරතුරු තවදුරටත් ඕනා කරනවා නම් දැන් Lion Dictionary වැඩසටහන එම පහසුකම ඔයාට සලසා දෙනවා. සිංහල වචනයක් පවා සෙවීමේදී ලබා දෙන අකුරක් පාසා ඊට අසන්නම වචන ඔයාට සොයල දෙන නිසාත් වැඩසටහනට ආවේනික වූ සිංහල යතුරුපුවරු ක්‍රමවේදය නිසාත් සිංහල සෙවීමත් පෙරට වඩා පහසුයි. පොඩි ළමයෙක්ට උනත් ආසා හිතෙන විදියට වැඩිදියුනු කරපු අතුරුමුහුනත නිසා වැඩසටහන භාවිතා කරන්න පහසු ගතියක් ලැබෙනවා. 

මෙම වීඩියෝව මගින් ලයන් සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂයේ ක්‍රියාකරිත්වය ඔයාලට දැකගන්න පුලුවන්



 දැනට මෙම වැඩසටහන Windows 7 සහ Windows 8 සදහා පමනක් සහය දක්වනවා. ඉතින් කොහොමත් ඉදිරියේදී ඔය OS දෙක වැඩි වශයෙන් එන නිසා Windows XP සදහා මෙය මම වැඩිදියුනු කරන්න යන්නේ නැහැ. සමහර විට කීපදෙනෙක්ට මේක කනගාටුවට කරුනක් වෙන්නත් පුලුවන්.

ඉතින් මෙම වැඩසටහනේ හොද නරක තීරනය කිරීම ඔබට බාරයි. මගේ උත්සහය කොතරම් සාර්තකද කියල අපි ඉදිරියේදී බලමු. මේ වැඩසටහන සම්පූර්නයෙන්ම ඔයාලට නොමිලේ ලබා දෙන්නේ. ඔයාලට පුලුවන් ඔයාලගේ මිතුරන් මේ පිලිබදව දැනුවත් කරන්න. වචනයකින් හරි ඔයාල මට කරන උපකාරය මිල මුදල් වලට වඩා මට ගොඩක් වටිනවා.

මම කවදත් ඔයාලට ඇහුම්කන් දෙනව යාලුවනේ. Version 1.1.0.0  වලට වෙනස් කම් සිදුකලේ මේ මට එවපු Report එක නිසා. ඔයාට ගොඩක් ස්තූතියි මට අඩුපාඩුව පෙන්නුවට.




dot net framework 4 ඇතුලත් සම්පූර්ණ Setup File එක. 



මෙම වැඩසටහන සදහා dot net framework 4 පරිගනකයට Install කරන්න සිදුවෙනවා. නමුත් මේ වෙන විටත් Dot Net 4 Install කරල තියෙන අයට මේ Setup එක Install කරන්න පුලුවන්.බැරි වෙලාවත් Dot Net නැත්නම් ස්වංක්‍රීය එය Download කරගෙන Install කරනවා. 



ගැටලුවක් ඇතොත් විමසන්න : www.facebook.com/crzyss
                                               TEL: 075-760 694 3
                                               chinthaka.fast@gmail.com


Sunday, August 4, 2013

Lion Dictionary හැදුනේ මෙහෙමයි



ලංකාවට හොද පරිගනක වැඩසටහන් තියෙන්නේ අතලොස්සයි.  ඒ අතරින් මදුර Dictionary එකට මම ගොඩක් ගරු කරනවා. මොකද මට ගොඩාක් උපකාරී වූ වැඩසටහනක්. නමුත් අපි හැමෝම  දන්න දෙයක් තමයි මදුර Unicode වලට සහය දක්වන්නේ නැති විත්තිය. මට Programing පිලිබද ලොකු දැනුමක් නැති කාලේදීත් මට ඒ අඩු පාඩුව ගොඩක් දැනුනා. මොකද සිංහල Unicode වලින් සැදුම් ලත් වචනයක් සොයන්න මේ වැඩසටහනෙන් නොහැකියි. font වලින් කෙමෙන් කෙමෙන් මිනිස්සු දුරස් වෙලා Unicode වලට දැන් හුරුවෙලා. මීට වඩා දියුනු පරිගනක වැඩසටහනක අවශ‍ය තාවය මට එන්නේ ඔතනදී.
2008 වසරේ ඉදන් මම සිංහල ඉංග්‍රීසි Dictionary  එකක් හදන්න කීප වරක්ම උත්සහ කලත් ඒක හරිගියේ නැහැ. එකක් ඒ වෙන කොට මගේ පරිගනක වැඩසටහන් නිර්මානය කිරීමේ දැනුම ගොඩක් අඩු මට්ටමක තිබ්බේ. අනික මේ වැඩසටහන නිර්මානයට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන Data base එකක අඩුව.
මෙහෙම කියන කොට සමහර දෙනෙක්ට මේව නොතේරෙන්නටත් පුලුවන්. කමක් නෑ ..  මම වැඩේ අත හැරියෙ නැහැ. මම Database එකත් කොහොම හරි හොයා ගන්නව. ඒක තනිකරම Text ෆයිල් එකක්. ඒකෙ තියෙන්නේ ඉංග්‍රීසි වචනයට අදාල සිංහල තේරුම විතරයි. උන්නු හැටියට මලත් මොකෝ කියල ලද දෙයින් මම සතුටු වුනා. ඒ අනුව මම 2011 වසරේ DIC PRO (Dictionary Project) කියල තනියම මේක හදන්න පටන් ගන්නවා. Text file එක Line by Line කියවල තමා අපි සොයන වචනයට අදාල අර්තය සපයන්නේ මේ ක්‍රම වේදයේදී. මේ ක්‍රමයෙන් අර්තය ලැබුනට හොයන්න ටිකක් වෙලා යනවා. තත්පර 2ක් 3ක් කියන්නේ මට නම් ලොකු කාලයක්. විවිද ක්‍රම අත්හදා බැලුවා. සමහර ක්‍රම අත්හදා බලන්න මට සති ගනන් ගත වුනා. මේ අතර තුරදී තමයි මට නාමල් සහෝදරයගේ Data Base එක ලැබෙන්නේ. ඇත්තටම එයා එතෙනදී කියලා තිබුනා DB එකේ නම වෙනස් නොකර වැඩක් ගන්න කියලා. ඉතින් මමත් ඒක අකුරටම පිලි පැද්දා. ආපහු මෙච්චර කල් කරපු ඔක්කෝම වැඩ පැත්තක දාල මුල ඉදන්ම ගේමට බැස්සා. දැන් මට පෙරටත් වඩා අත්දැකීම් තියෙනවා. මට ඕන වුනේ අමුතුම විදියේ පහසුකම් සමගින් මෙය නිර්මාණය කරන්න. හැබැයි මට මේ වැඩසටහන කාටවත් දෙන්න උවමනාවක් තිබ්බේ නැහැ. මේක හදලා මගේ වැඩවලට විතරක් තියා ගන්නයි මට ඔනාකලේ. කොහොම හරි 2012 දෙසැම්බර් මාසයේ DIC PRO ආපහු නව තාලයකින් හැදෙනවා. හරියටම  මාස 3ක් ම ගියේ මේකේ Search කරන කොටස ගොඩ නගන්න. මොකද මෙහි සෙවීමේ බොත්තම මගින් වැඩ කීපයක් කරනවා. Single Search, Multi Search,Add to History වගේ කොටස්. මේව ඒටික ගහල ඉවර වෙන කොට නම් මට පොඩි ගැම්මක් ආව. එතැන් සිට මම විවිද Option මේකට එකතු කර කර වැඩි දියුනු කලා. සිංහල ඇතුලත් කිරීමට මම SMS ක්‍රමය යොදා ගන්න තීරනය කලත් එය 100% ක් සාර්තක වුනේ නැහැ. ඒ නිසා තාවකාලිකව ඒක ඉවත් කරල Key Layout එකක් ගැහුව මටම ආවේනික විදියට. මම මුහුන දුන්නු ලොකුම ගැටලුව උනේ සිංහල හැසිරවීම. මොකද පරිගනක වැඩසටහන් තුල අපිට ඔන විදියට සිංහල හසුරවන්න අපහසුයි.
මේ සියලු දේ මා කලේ මගේ රැකියා ස්තානයේ සිට මට ලැබෙන විවේකය උපරිම ලෙස යොදා ගෙන. වචනයකින් වත් සහයක් ගන්න මට මෙහි කිසිවෙක් නැහැ. හැම දේම අන්තර්ජාලයෙන්ම පමනයි. දැන් ඔයාල බලනවා ඇති මම හදල තියෙන්නේ Lion Dictionary කියල , එත් මම කතා කරන්නේ DIC PRO එක ගැන. මම කිව්වනේ මම මේක මගේ ප්‍රයෝජනය, පහසුව සදහා ගොඩ නගපු දෙයක්. ඒත් ඒ තීරනය වෙනස් වෙන්නේ මගේ රැකියා ස්ථානයේ සිටින මගේ මිතුරු මිතුරියන්ගේ බලවත් ඉල්ලීම. එයාල හැමෝම කිව්වේ මේ වගේ වටින දෙයක් ඔයා ලෝකෙටම සගවාගෙන ඉන්නවට වඩා ඔයා මේ Dictionary එක හැමෝටම ලබා දුන්නොත් ඒක ලොකු සේවාවක් වෙයි කියලා. ඒ නිසා තමා අද ඔයාල අතට Lion Dictionary එක මේ විදියට ලැබෙන්නේ. සාමානය මිනිසුන්ට ගැලපෙන විදියට මම මෙහි User Interface එක වැඩිදියුනු කරන්නේ ඊට පසුවයි. Lion Dictionary නමින් නමක් තියල, Settings add කරල මම භාවිතා කරන්නාට වඩාත් පහසු වෙන විදියට මෙය නිර්මානය කලා. Lion Dictionary වලට Update System එකක් මම නිර්මාණය කලා. කාගෙන්වත් අහ ගන්නෙ නැතුව මගේ දැනුම, මගේ පරිකල්පනය යොදා ගෙන ඉතාම සරල Update ක්‍රම වේදයක් නිර්මානය කලා. මගේ උත්සහය දැකපු මගේ මිතුරෙක් මට නොමිලේ Server එකක් ලබා දෙන්නේ මගේම වාසනාවකට. පලමු Update ක්‍රම වේදය ඉවත් කරලා Server එකට ගැලපෙන විදියට ආපහු Code කරා. මෙම වැඩසටහන අවසානයේදී මම අත්හදා බැලුවේ මගේ රැකියා ස්තානයේ මිතුරියන් පිරිසක් මගින්. ඒ වගේම පාසල් යන පොඩි අයව දාලත් මම අත්හදා බැලුවා මෙය කොයි තරම් එයාලට වටහා ගන්න පුලුවන්ද කියලා. ඒ අනුව සුලුසුලු වෙනස් කම් කරලා අවසානයේ ලැබුනු ප්‍රතිපලය තමා මේ. Lion Dictionary අඩුපාඩු නැති වැඩසටහනක් කියල මම කියන්නේ නැහැ කිසිම වෙලාවක. නමුත් මගේ උත්සහය දිහා බලන විට පුංචි නිරහංකාර සතුටක් මගෙ හිතට දැනෙනවා.
…සමහරු මගෙන් අහනව මොකක්ද මචන් ඔයාට මේව කරල ලැබුනේ කියල. නමුත් කවුරු හරි කෙනෙක් මට මේ වැඩසටහන පාවිච්චි කරල,කියන හොද හෝ නරක හෝ ලැබෙන ප්‍රතිචාරය,  මගේ මුලු ආත්මයම සුවපත් කරන සතුටක් වෙනු නිසැකයි. බුදු හාමුදුරුවො කියපු අන්යන්ට උපකාරී කිරීමෙන් අත්වෙන නිරාමිස සුවය මිල මුදල් වලට සම කරන්න කවමදාකවත් බැහැ. ඒ නිසා මම සතුටම පමනක් මේ මගින් බලාපොරොත්තු වෙනවා.
(මේ මගේ සිතට ආපු අදහස්, සිතුවිලි වචනයෙන් ප්‍රකාශකරන්න හරිම ආමරුයි. තේරුනා හරි නැතුව හරි මේ ලිපිය කියෙව්වට ගොඩක් ස්තූතියි !  )

මෙම මෘදුකාංගය මේ තත්වෙට ගෙන එන්න මට උදව්කල මගේ 
ලයන් සාමාජිකයන් 



 Lion Dictionary එකේ Update System එක ගොඩ නැගීමට Server Space එකක අවශය තාවය පැන නැගුනු මොහොතේ මොහු මට කිසිදු පැකිලීමකින් තොරව එය ලබා දී ඒ මොහොතේ මට කලේ ලොකු උපකාරයක්. අද ඔයාලට Lion Dictionary එක මගින් එන සියලු Update Notification වල දත්ත සහ තොරතුරු රදවා තබා ගන්නේ මොහුගේ Server එක තුලයි. 
කමල් ඔබට මගේ ප්‍රණාමය!



අහම්බෙන් මෙන් මට හමුවූ පරිගනක වැඩසටහන් නිර්මාණය සදහා මහත් කැමැත්තක් දක්වන මල්ලි කෙනෙක්. ඒ වගේම Pariganaka Gatalu FB grupe page එකේ Admin වන්නේද මොහු. ප්‍රචාරන කටයුතු වලදී මොහු මට ලබා දුන් සහය අති මහත්.! 

Nilanthi Alakubura


මගේ හිතවතිය මිතුරිය වන නිලන්ති අක්කා ඉංග්‍රීසි භාෂාව පිලිබදව හොද දැනුමක් තියෙන කෙනෙක්. Lion Dictionary එකේ Help Document එක හදන්න වගේම User Agreement එක හදන්න ගොඩක් උපකාර කලා.



වෘතියෙන් දක්ශ ඡායා රූප ශිල්පිනියක් වන මගේ හිතවත් සහෝදරිය දක්ෂ ග්‍රැෆික් නිර්මාණ ශිල්පිනියක්. Lion Dictionary එකේ GUI එක ගොඩ නැගීමේදී සහ ඡායා රූප ගැනීමේදී, සංස්කරන අඩුපාඩු සොයා බැලීමේදී බොහෝ උපකාර කලා.

මීට අමතරව නම් නොකීවත් විවිද අය මට වචනයකින් හරි උපකාර කලා. ඒ වගේන Online Help වල Newton Edirisinghe සහ www.aluth.com වෙබ් අඩවියේ Sameera Kodikara මිතුරන් මෙය මේ තත්වයට ප්‍රසිද්ධ කරන්න උපකාර කලා. එකී නොකී මෙකී හැමෝටම මගේ හෘදයාංගම ස්තූතිය !







Saturday, July 27, 2013

Visual Basic මගින් File එකක් Copy/Past කරමු







මෙම පාඩමේදී ඔන්න මම ඔයාලට කියල දෙනවා File එකක් Copy කරල තව තැනකට අරන් යන්නේ කොහොමද කියල.


Tuesday, July 23, 2013

සියල්ල එක වහලක් යටින් Torch Browser




මේ වෙනකොට ලෝකයේ විශාල පිරිසක් අන්තර්ජාලය භාවිතා කරනවා. ඔයාලත් මමත් අන්තර් ජාලයට පිවිසීම සදහා භාවිතා කරන්නේ මොකක් හරි Web Browser එකක්. Web Browser එක Internet Explorer වෙන්න පුලුවන් Firefox හෝ Chrome නැත්තම් වෙනක් මොකක් හරි වෙන්න පුලුවන්.
ඉතින් අපි අන්තර්ජාලය පරිහරනය කරනා විටදී අපි කරන කාර්යයන් අතර Video Download කරන්න , Torrent බාන්න, මිතුරන් අතර විවිද දේවල් හුවමාරු කරන්න වගේ බොහෝ දේ කරන්න අපි web browser එකට අමතරව තවත් වැඩසටහන් වල සහය හෝ වෙබ් අඩවි වල සහය පතනවා. නමුත් ඔබ අසා තියෙනවද Torch browser එක ගැන. සමහර විට නැතුව ඇති. පෙනුමෙන් Chrome වගේමයි. නමුත් හැකියාවල් වලින් නම් ගොඩක් ඉදිරියෙන්. දැන් අන්තර්ජාලයේ ඔබ නරබන Video එකක් Download කර ගන්න IDM ඔනේ නැහැ. Torch browser එක එක Click කිරීමකින් ඔයාට Video එක Download කරල දෙනව. torrent බාගන්න BitTorrent වත් Utorrent වත් ඔනේ නැහැ. ඒ පහසු කමත් මෙයා ඔයාට ලබා දීල තියෙනව. කොහේ හරි ඔයා දකින පිංතූරයක් වචනයක් හෝ වීඩියෝවක් මිතුරන් අතර හුවමාරු කරන්න කරන්න ඕනේ ඇදගෙන ගිහින් අතහරින එක විතරය්. නැත්තන් වෙනදට මොකද කලේ, FB එකට log වෙලා Link දිග ඇරගෙන, එහෙමත් නැත්තන් දෙතුන් පාරන් Download කරගෙන, Upload කරල එක විකාරයයි නේ. Torch මේ ඔක්කොම බලා ගන්නවා. ඔන්න මම පොඩි Video කෑල්ලකුත් දාල තියෙනවා. කැමති අය පහත Link එකෙන් Download කරගන්න.




Friday, July 19, 2013

Visual Basic 6 Windows 7 වල දුවන කොට අව්ල්ද! මෙන්න විසදුම

R.K.D චින්තක දේශප්‍රිය විසින් ගෙන එන Visual Basic වීඩියෝ පාඩම් මාලාව


Visual Basic 6 පාඩම් 08

R.K.D චින්තක දේශප්‍රිය විසින් ගෙන එන Visual Basic වීඩියෝ පාඩම් මාලාව


සුපුරුදු විදියට ඔන්න VB වල තවත් වීඩියෝ එකක්. VB වලින් ගහන Program එකට Setup එකක් ගහන්නේ කොහොමද.. බලන්න මේ වීඩියෝ එක.


Visual Basic 6 පාඩම් 07

R.K.D චින්තක දේශප්‍රිය විසින් ගෙන එන Visual Basic වීඩියෝ පාඩම් මාලාව

Visual Basic 6 භාවිතා කරල ඉතාම ලේසියෙන් සරල වැඩසටහන් නිර්මානය කරන්න පුලුවන්. මේ වීඩියෝ එකෙන් කියල දෙන්නේ පරිගනකයේ තියෙන පිංතූර බලන වැඩසටහනක් නිර්මානය කරන ආකාරය. කැමතිනම් උත්සහ කරල බලන්න.