Thursday, October 25, 2012

File එකක Size එක හකුලන්න කියාපු බඩුව


…File එකක් ලොකු වුනාම අපි මාර කට්ටක්නෙ කන්නේ. Copy කරන්න ගොඩක් වෙලා යනවා, සමහර විට CD දෙක තුනක Write කරන්න වෙනවා , Mail කරන්න අමාරුයි , අපරාදේ නිකන් Hard Disc එකේ ඉඩ යනවා වගේ මෙකී නොකී ගැටලු ගොඩකට අපි මුහුන දෙනවානේ. සියලු සත්වයො නිදුක් වෙත්වා කියලා ඔන්න මම මේකට විසදුමක් දෙන්නයි යන්නේ. File Compress කියන එක අපේ යාලුවන්ට එච්චරම පුදුම සහගත මාතෘකාවක් නෙමේ කියලා මම දන්නවා. File එකක් Zip කලාම ඒකේ Size එක අඩු වෙනවා. ඒ සදහාම විශේෂයෙන් හදපු Software පවා තියෙනවා. ඔය Winzip,Winrar,7zip,KGB වගේ ඒවා වලින් එකක් වත් ඔයාලා අනිවාර්යයෙන් භාවිතා කරලා ඇති. නමුත් ඒ වැඩසටහන් වලටත් වඩා File compress කරන්න පුලුවන් වැඩසටහනක් තමා මම ඔයාලට අද හදුන්වල දෙන්න යන්නේ. නිකන්ම නෙමේ මමත් හොදට අත්හදා බලල වෙනසක් දැක්ක නිසා දෙනවා මිසක් මට මේ වගේ පොඩි සීන් කියල දෙන්න Blog වල Post ලියන්න කැමති නැහැ. මේ Software එක ඇවිල්ලා "UHARC" කියල තමා කියන්නේ. මේක 933 Kb තරමේ පුංචි වැඩසටහනක්. 

නමුත් කරන වැඩනම් පුංචි නැහැ. මොකද මම එහෙම කියන්නේ මෙයා මම දෙන File වලින් ගොඩක් File 50% කට වඩා හකුලල දැම්මා. සමහර ඒව 75% කටත් වඩා හැකිලුවා. 

ඉතින් මට ඔනේ වුනා කාටද හොදටම File Commpress කරන්න පුලුවන් කියල බලන්න. ඒ සදහා මම ඔයාල අපි හැමෝම දන්න Winrar 4.01 වැඩසටහනයි, Windows වල තියෙන Zip File Compress එකයි මම අද ඔයාලට හදුන් වලා දෙන UHARC අතර පොඩි තරගයක් තිබ්බා. වැඩේට මම අසම්භාවිතව තෝරා ගත්ත 8.58 MB ක File එකක් සහ 64.9 MB විශාල Folder එකක් :-P. File එක සදහා මම ගත්තේ MS Accsess වලින් හදපු Database File එකක්. මෙතැනදී මම අවසාන Output එක සදහා File ආකාර 4ක් යොදා ගත්තා. මම කියන දේ ඔයාලට තේරුනාද මන්දා. ඒ File මාදිලි 4 නම් 
  1. Winrar-Zip (Winrar අනුසාරයෙන් නිපදවපු Zip ගොනුව)
  2. Winrar-Rar(Winrar අනුසාරයෙන් නිපදවපු Rar ගොනුව)
  3. Windows-Zip(Windows7 අනුසාරයෙන් නිපදවපු Zip ගොනුව)
  4. UHARC-uha(UHARC අනුසාරයෙන් නිපදවපු uha ගොනුව)
මෙතැනදී කිව යුතු වැදගත්ම දෙයක් තමා UHARC මගින් නිපද වන්නේ uha ගොනුවක් පමනයි. මේ Format එක ඔයාලට එතරම් හුරු පුරුදු නැතත් සමහර Game Install කලාට පස්සේ Command promt Window එකක් මගින් ( අර කලුපාට Window එකක සුදු පාට අකුරු ඉහලට ඇදෙන්නේ )File දිග හරින්නේ මෙන්න මේ ගොනු මාදිලිය තමා. හා හා... ගේම් පස්සේ Install කරන්න පුලුවන් දැන් මේක කියවන්න :-P.    
ඉතින් වැඩේ කාටත් සාදාරන වෙන්න තමා මම කලේ. Winrar වල Compress Leval එක උපරිම වැඩිවෙන්න Settings හැදුවා. Windows වලනම් ඉතින් හදන්න දෙයක් නෑනේ. UHARC වලත් Setting සැලකිය යුතු ප්‍රමානයක් හැදුවා. වැඩේ කරලා බැලින්නම් මගේ ඇස් අදහා ගන්න බැරි උනා. ඔය මම ප්‍රස්තාරයක් ඇසුරෙන් දක්වලා තියෙන්නේ කට්ටිටයේ Compress leval එක තමා. 
පුදුමේ කියන්නේ දෙවන අවස්තාවේදී පෙනෙනා සීග්‍ර බැස්මෙන් පේන්නේ UHARC මගින් අදාල Folder එක 50% කින් නෙමේ 90 කටත් වඩා හකුලා ඇති බවක්. 64.9 MB--> 6MB දක්වා අඩුකලා. 

තව දෙයක්. මෙය එක්තරා විදියක තාක්ශනයක් පමනයි. මෙතැන මහා ප්‍රාතිහාර්යයක් වෙන්නේ නැහැ. අදාල කරුනු සපුරා තිබුනහොත් පමනයි හොද Compress එකක් ඇති වෙන්නේ. නැත්තන් මට ඒ Compress කරපු File එකත් නැවත නැවත Compress කර කර 1Kb ටම බස්සන්න පුලුවන්නේ. හෙම වෙන්නේ නැහැනේ. ඉතින් සමහර File 50% කින් හෝ ඊට වඩා Compress වුනේ නැහැ කියලා මට බනින්න එපා හොදේ. කොහොම නමුත් මේ වැඩෙන්නම් මම හොද Fun එකක් ගත්තා කියල අවසාන වශයෙන් ඔයාලට කියන්න කැමතියි. ඔන්න කැමති කට්ටිය බා ගන්නකෝ. 
ඉතින් මේ ලිපිය කියවලා කාටහරි Winrar ගැන ආසවක් ආවානම් ඔන්න ඒ අය Winrar මෙතැනින් බා ගන්නකො 
Download Winrar 32 & 64 bit cracked version 4.01 2.79 MB
(Virus Scanned!)

Tuesday, October 23, 2012

අපේම කියල Chat කරන වැඩසටහනක් නිර්මානය කරමු.



ඔන්න කස්ටියට පිස්සු හැදෙන පාඩමක් කියාදෙන්න යන්නේ. මේ පාඩමෙන් මම නම් කියල දෙන්න යන්නේ සරල Chat Program එකක් හදා ගන්නා විදිය. නමුත් ටිකක් code එහෙ මෙහෙ කරල ඔනෙනම් Hacking වගේ ගේමක් උනත් දෙන්න පුලුවන්. ඒ කොහොමද කියල දැන ගන්නම ඔනි නම් මේ ලිපි පෙල ඉදිරියට කියවගෙන යන්න. 

Winsock සංකල්පය 
 පරිගණක භාවිතා කරනා ඔයාලා අපි හැමෝම පරිගණක මෘදුකාංග භාවිතා කරනවනේ.ඉතින් මේ අපි භාවිතා කරනා බොහෝ මෘදුකාංග ක්රියාත්මක වන්නට අවශය පරිසරය (Environment ) සකසා ගන්නේ අපේ පරිගනකය තුලමයි. මෙවැනි තනි පරිගනකයක ක්රියාත්මක වෙන standalone application වලට අමතරව දුරස්ත පරිගනකයක සිට ජාලගතව ක්රියාත්මක කල හැකි මෘදුකාංගත් අපි භාවිතා කරනවා. අපි භාවිතා කරන Skype, Teem viewer, Ammy වගේ වැඩසටහන් ඔයාලට මතකද. මේ මෘදුකාංග ජාලගතව තවත් පරිගනකයක් සමග සම්බන්ද වී යම් කාර්යයක් කිරීමට නිර්මාණය කල මෘදුකාංග. ඉතින් මේවගේ මෘදුකාංගයක් ඔයාලට නිර්මානය කරන්න පුලුවන්ද?.අනිවාර්යෙන්ම පුලුවන්. තාක්ශනික පැත්තෙන් ක්රම ගනනාවක් තිබුනත් මම ඔයාලට කියලා දෙන්නේ MS Winsock කියන ක්රමය. 

Winsock පාලකය 
WINSOCK යනු දුරස්තව පවතින පරිගනක දෙකක් හෝ ඊට වෑඩි ගනනක් අතර දත්ත සම්ප්රේශනය කිරීමට Microsoft සමාගම මගින් නිර්මානය කල Module එකකි. මෙහිදී winsock module එක දත්ත හුවමාරු කිරීමට යොදා ගන්නා ක්රම 2ක් තිබේ. 

 1. TCP (Transmission Control Protocol) TCP කියන ක්රමය බොහෝ සෙයින් සමාන වන්නේ දුරකතනයට. ඔබට කාට හෝ දුරකතන ඇමතුමක් ගැනීමට ප්රතම ඔබේ දුරකතනය දුරස්ත දුරකතනය සමග එකිනෙක සම්බන්ද කිටීමක් (Connection) එකක් ප්රතමයෙන් පිහිටුවා ගත යුතුයි. ඒ සදහා අපි අංකයක් භාවිතා කරනවා. අදාල සම්බන්දතාව නිසි පරිදි සැකසුනු පසු ඔබට කතා කිරීමට පුලුවන්. කොටින්ම කියනවනම් TCP කියන්නේ Connection පාදක කොටගත් ක්රියාවලියක්. 

2. UDP (User Datagram Protocol) මෙහිදී යම් දත්තයක් මුදා හැරීමට පලමුව Connection එකක් ගොඩනැගීමට අවශය නැහැ. පරිගනකවලට කැමති පරිදි දත්ත හුවමාරු කල හැක. 

 සරල Chat Application එකක් නිර්මානය කිරීම 
 ඔයාල හොදටම දන්නවනේ Skype මගින් කතා කරන ආකාරය. හොදයි, මගේ හොදම යාලුවෙක්ට මට කතා කරන්න ඔනෙ කියල හිතමුකො. ඒකට මම මගේ පරිගනකයට skype දා ගන්න ඔනේ. එහෙමයි කියල මට මගේ මිතුරට කතා කරන්න පුලුවන් වෙයිද. කවදාවත් නැහැ. මගේ මිතුරත් skype තම පරිගනකයට දා ගන්න ඕනේ. මෙතැනදී මට කියන්න ඕන වුනේ මෙම Skype වැඩසටහන් දෙකක් අතර පනිවිඩ හුවමාරු වන්නේ Server සහ Client කියන පිලිවෙල අනුව බවයි. 

එකිනෙකට දත්ත හුවමාරු වන වැඩසටහන් නිර්මානයේදී මේ server සහ client කියන පදනම මත තමයි අපි මෘදුකාංගය සංවර්දනය කරන්න ඔනේ. තවත් සරලව කිව්වොත් අපිට Application දෙකක් නිර්මානය කරන්න වෙනවා. මෙතැනදී Server application එකක් දුරස්ත පරිගනකයක් මත ක්රියාතමක කරන අතර එම application එකට Winsock port අංකයක් ලබා දෙනවා. එක හරියට නම් තබනවා වගේ වැඩක්. …ඔන්න දැන් එම වැඩසටහන ඇති පරිගනකය සොයාගෙන යන්න පුලුවන් Client Application එකක් තවත් පරිගනකයක ක්රියාත්මක කරනවා. ප්රතමයෙන් දුරස්ත ජාලගත පරිගනකය සොයා ගත යුතුයි. ඒකට අපි server එක සහිත පරිගනකයේ IP Address එක භාවිතා කරනවා.  

ඉතින් මට හිතුනා සරල Chat කිරීමේ වැඩසටහනක් සාදන ආකාරය මේ සමග අමුනන්න. ඇත්තටම මේ video එකේ තියෙන මෙම මූල දර්මය පාවිච්චි කරල දුරස්තව Hack කල හැකි වැඩසටහනක් උනත් හදන එක එච්චර අමාරු වැඩක් නෙමේ.  

මේක මම මෙම බ්ලොග් අඩවියෙන් පලකරන මගේ පලමු Video එක. ඒක නිසා අඩුපාඩු වගයක් තියෙයි. ගනන් ගන්න එපා. වීඩියෝ එක බලලා යාලුවොන්ටත් කියන්න මේ පැත්තේ ඇවිත් යන්න කියලා. ඉස්සරහට වැඩ ගොඩක් කරන්න තියෙනවා. ඔයාලට තියෙන්නේ බලන් ඉන්න විතරයි. මේ ලිපියේ ගුනදොස් තියෙනවනම් Comment එකකින් දන්වන්න. ගැටලු තියෙනවනම් ඒවත් ලියන්න. එහෙනම් ඔං මම ගියා ....







Sunday, October 21, 2012

ඔනෑම Dongle එකක් Unlock කිරීම.


අදාල ක්‍රියාකාරකම් කිරීමට ප්‍රතම සම්පූර්න ලිපිය හොදින් කියවන ලෙස ඉල්ලා සිටිමි!
ද මම ඔයාලට කියල දෙන්න යන්නේ ඉතාම සවිස්තරාත්මකව ඔනෑම Dongle එකක් Unlock කරන්න පුලුවන් ආකාරය ගැන. සාමානයයෙන් ඩොගක් unlock කරන්න ක්‍රම ගොඩාක් තියෙනවා. සමහර ඒවා හරිම ලේසියි. තවත් එවා ටිකක් අමාරුයි. නමුත් ගොඩාක් web,blog අඩවි වල තියෙන්නේ එක ක්‍රමයක් විතරයි. එතකොට මොකද වෙන්නේ.. කට්ටියකට ඒ Trix එක එල කිරි වගේ වැඩ කරද්දී තවත් කට්ටියකට ඒක කර ගන්න බැරිව යනවා. ඉතින් මම මේ ලිපියෙන් කියලා දෙන්න බලා පොරොත්තු වෙන්නේ දන්නෙම නැත් කෙනෙක්ට උනත් පහසුවෙන් ඩොගක් Unlock කරන්න පුලුවන් ක්‍රම කීපයක්. මේ ක්‍රම තමා දැනට ලෝකේ මම දන්න තරමින් පරිගනකයක් යොදා ගෙන Dongle unlock කරන්න පුලුවන් හොදම ක්‍රම ටික.
DC-Unlocker  මගින් Unlock කිරීම 


DOWNLOAD 5.84MB
 DC-Unlocker + Crack (Install කල පසු Crack කරන්න)


          මේකෙන් ඉතාම පහසුවෙන් ඔයාට dongle එකක් unlock කරන්න පුලුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. ඉස්සෙල්ලාම Dongle එකේ දැනට කියාත්මක තත්වයේ පවතින SIM කාඩ් එක ගලවලා වෙනත් SIM එකක් ඇතුලු කරල පරිගනකයට සම්බන්ද කරන්න. දැන් ඔන්න හුටු ගාලා Mobile Partner එක Open වේවි. බලන්න මොකක් හරි Unlock කෝඩ් එකක් ඉල්ලනවද කියලා. නැත්තම් Massage එකක් වැටෙනවද මොකක් හරි. (ඔන්න සමහර අයගෙනම් දන්නෙම නැතුව connect වේවි. ඒ Unlock වෙච්ච හින්ද නම් නෙමේ එයාගේ Dongle එක unlock කරන්න ඔනේ නැති එකක් නිසා. :-D) අර මම ඉස්සෙල්ලා කියපු Massage කතාව ආපු අයට තමා මම මේ කියන්නේ. දැන් Mobile Partner එක Close කරලා දාන්න. Close වුනාට පස්සේ DC-Unlocker Software එක open කරන්න. දැන් එතන තියෙන අත් කාචයක ස්වරූපය ඇති බොත්තම ඔබන්න. එතකොට ඔයාගේ dongle එක සවංක්‍රීයවම එයා සොයා ගනී. (එසේ සොයා ගැනීමට නොහැකි උනොත් ඔයාට මේ ක්‍රමයෙන් ඉදිරියට යෑම නිශ්පල විය හැකියි.) කෝකටත් කියලා මේ ක්‍රමය අත්හදා බලන්න ඉස්සෙල්ලා මේ වෙබ් සයිට් එකට පොඩ්ඩක් ගිහින් බලන්න ඔයාගේ Dongle එක DC-Unlocker Device list එකේ තියෙනවද කියලා.
http://www.dc-unlocker.com/supported_models_1/huawei_1 
හරි මම හිතනවා ඔයාගේ එක හොයා ගත්තා කියලා. දැන් දකුනු පැත්තේ ඉහලින්ම තියෙන Unlock කියන Tab එක යටතේ තියෙන Unlock කියන බොත්තම මත Click කරන්න. එත කොට ඔය මම ඉහත රූපයේ දාලා තියෙන විදියට Text වගයක් ඉහලට යනවා ඔයාට දැක ගන්න පුලුවන් වෙයි. වැඩේ ගොඩ ගියොත් අදාල Text Box එකේ පහලට වෙන්න SIM Lock Status : Unlocked කියල වැටේවි. බැරිවෙලාවත් Unlock Error කියල වගේ පෙන්නුවොත් ඔයා අඩන්න එහෙම එපා :-D. අපි එතකොට පහත ක්‍රමය ඒකියන්නේ Firmware Update කරමු.


වඩාත් පැහැදිලි වෙන්න මේ Video එක බලන්න 






Firmware Update කිරීම මගින් Unlock කිරීම  





 ඉස්සෙල්ලා මම කියල දෙන්නම්කො මේ Firmware (ෆ'ර්ම් වෙයා) කියන්නේ මොකක්ද කියලා. මේක හරියට අපි පරිගනකයේ භාවිතා කරන්නා Windows Operating System එක වගේ තමා. එහෙම කිව්වට එච්චර ලොකු එකක් නම් නෙමේ. firmware එක තියෙන්නේ හැම තිස්සෙම ROM එකක් ඇතුලේ. ඒකියන්නේ පුංචි Chip එකක් ඇතුලේ. මේවා Real-time විදියට Process වෙන්න හදලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ වෙලාවට කරන්න තියෙන දේ ඒ වෙලාවට කරන එකයි. ඉතින් අපේ ඩොන්ගල් ඇතුලෙත් 15Mb විතර පුංචි firmware එකක් තියෙනවා. වැරදියට එහෙම වටහා ගන්න එපා. Mobile Partner එක Firmware එකක් කියලා. ඒක ඇවිත් User,Computer සහ Dongle එක අතර සම්භන්දය ගොඩ නගන්න නිර්මානය කල Software එකක් විතරයි. ඔය Mobile Phone වලට හම්බෙන PC Suite CD එක වගේ. 

මේ Update වීම සදහා සාමාන්යෙන් විනාඩියක් විතර යනවා. ඉතින් ඔය අතර කාලයේ ඔයාගේ Computer එක Off වෙලා,Restart වෙලා හරි Lap එකක් නම් Battery බැස්සොත් හැරි Dongle එක ගල් වෙනවා. ඒක මේ Flash වැඩ කරන අය අතර තියෙන කට වචනයක්. ඒ කියන්නේ අයේ භාවිතයට ගන්න බැරි වෙන්නම Software පැත්තෙන් විනාශ වෙලා යනවාට.  අන්න ඒ අවදානමත් හිතේ තියාගෙනම වැඩේට බහින්න.  Lap එකක් නම් හොදට Charge කරල Desktop PC එකක් නම් UPS එකක් පාවිචි කරලා ඔය මුකුත් නැති අය විනාඩියකට විතර පොඩි අවදානමක් අරගෙන තමා මේ වැඩේට බහින්න ඔනේ.  Computer එකට Software Install කරනවා වගේ Dongle වලට Firmware Update කරන්න බැහැ. මෙතනදි ඇත්තටම සිදුවෙන්නේ Flash කිරීමක්. ඒ කියන්නේ හරියට Pen එකක් Format කරලා මොකක් හරි ඇතුලත් කරනවා වගේ වැඩක්. නමුත් අපිට හිතුමනාපෙට මේවා Update කරන්න බැරි වෙන විදියට අදාල නිශ්පාදක සමාගම Chip එකට Flash Code එකක් දීලා තියෙනවා. ඒ code එක නැත්නම් ඒ Chip එක මත අපිට කිසිවක් ලියන්න දෙන්නේ නැහැ. එහෙනම් ඉස්සෙල්ලා මේ Code එක හොයා ගනිමු. ඒකට අපිට Dongle එකේ IMEI අංකය ඔන වෙනවා. IMEI අංකය Dongle එකේ Box එකේ සහ Dongle එකේ පියන විවුර්ත කල විට දකින්න පුලුවන්.  
  

 ඒකත් කල් තියාම Notepad එකේ ලියාගෙන ඉන්න. දැන් මේ IMEI අංකයේ ගණනය කලාම අපිට Flash Code එක ලබා ගන්න පුලුවන්. ඉතින් අපි දන්නේ නැහැනේ ගනනය කරන්නේ කොහොමද කියලා. අන්න ඒ නිසා අපි මේකට Calculate Software එකක් යොදා ගන්නවා. මම මේ සදහා යොදා ගන්නේ Universal Master Code කියන පුංචි Tool එක. ඉතින් ඔය පහල දාලා තියෙන්නේ ඒක Download කරන්න පුලුවන් Link එක 

 DOWNLOAD 243.71 KB



ඉතින් මේක Run කරද්දි Dongle එක ගහලම තියෙන්න ඔනේ නැහැ. මොකද මෙතන වෙන්නේ Calculate වීමක්නේ. කරන්න ඔනේ උඩින්ම තියෙන Tab 6න් ඔයාගේ Dongle එකට අදාල Tab එක තෝරල පහලින් තියෙන IMEI කියන තැනට ඔයාගේ Dongle එකේ IMEI අංකය දීල Calculate කියන බොත්තම ඔබන එක විතරයි. ටික වේලාවකින් FLASH : කියන තැනටයි Result කියන Text Box එකටයි Code එක ඒවි. දැන් Flash Code එකත් කොහේ හරි ලියා ගෙන වෙනත් SIM එකක් ඇතුල් කරලා Mobile Partner එහෙම Open උනාට පස්සේ Close කරලා Firmware එක Update කරමු. මලා. එතකොට කෝ මේ firmware එක. දෙන්නම් දෙන්නම්. මේ තියෙන්නේ Dialog 2990 ඩොන්ග්ලෙ එකේ (Huawei E153U) Firmware එක.



 මම මේක දෙන්න හේතුව ලංකාවේ ගොඩ දෙනෙක්ට ඔය Unlock කර ගන්න බැරිත් ඔය Dongle එකම නිසා. Dialog මුදියන්සේ තුමා කොල්ලොන්ට ඔකේ ලොක් කඩන්න  බැරිවෙන්නම ලොක්කරල විතරක් නෙමේ උන්ම හදාපු Mobile Partner එකක් ඇතුල්කරලා. එක Spam program එකක්. නිතරම උන්ගේ Add ඒකේ වැටෙනවා. ඒකත් නැති කරන විදිය මම ඉදිරි ලිපියක ලියන්නම්කො. 
 E153U Dongle එකට අදාල firmware එක මෙතැනින් ලබා ගන්න 7.44 MB

 හොදා මම අර උඩින්ම කියල තිබ්බ ටික කරා නම් දැන් අපි Update කරන්න පටන් ගමු. බැරි වෙලාවත් ඔයාගේ Dongle එක E153U වර්ගයේ එකක් නෙමේ නම් ඒ වර්ගයට අදාල firmware එක Google වල Search කරලා  බාගෙනම වැඩේ පටන් ගන්න. මහ දෙයක් නැහැ. අදාල File එක හරියට Setup File එකක් වගේමයි.
නමුත් මේක Run කරන කොට Windows 7 භාවිතා කරන කෙනෙක් නම් Right Click කරලා Run Administrator ලබා දෙන්න.

 ඊට පස්සේ සාමානය Wizard එකක් වගේම තමා ඉස්සරහට යන්න.





 වඩාත් පැහැදිලි වෙන්න මේ Video එක බලන්න 



බැරිවෙලාවත් Error එකක් එහෙම ආවොත් Computer එක Restart කරලා ආපහු වැඩේ පටන් ගන්න ඉස්සරහට යනකොට ඉල්ලයි එක තැනකදී Password කියලා ඉල්ලයි අන්න එතැනට ඔයා කල්තියාම සොයා ගත්තු ඔයාගේ dongle එකේ IMEI අංකයට අදාල Flash Code එක ලබාදෙන්න. දැන් ඔතැන ඉදන් විනාඩියක් විතර යයි. ටික වෙලාවකින් ඔයාට Unlock වෙච්ච Dongle එකක් හම්බවෙයි.



!!! මෙ වැඩෙ ටිකක් විතර අවදානමක් තියෙනව. ඒ නිසා හොද අවදානයක් මේ සදහා ලබා දෙන්න. Unlock කිරීමෙන් අදාල Dongle එකේ Warranty නැති වෙනවා !!!

ඉතින් මම හිතනවා කාලෙකින් මම ලියපු හොද ලිපියක් කියලා. මා දන්නා හැම තොරතුරක්ම වගේ මෙතැනදී මම ලියල තියෙනවා. ඒ වගේම තමයි මම මේ ලිපිය ඔහේ ලියන්නම් වගේ ලිව්වේ නැහැ. සමහර තොරතුරු web site වලට හිහින් හොයා ගත්තු ඒවා. ඒ නිසා මේ ලිපිය මට හදන්න පැය 4 කට වඩා ගත උනා. මම හිතනවා Dongle Unlock කිරීම ගැන ලියපු හොදම ලිපිය කියලා. ඔයාලත් එහෙම හිතනවානම් දාන්න පොඩි Comment එකක් මාව දිරි ගන්වන්නත් එක්ක. තව දෙයක් මීට වඩා හොද ක්‍රමයක් වෙනස් ක්‍රමයක්  ඔයා දන්නවනම් මට කියන්න. ඔයා කැමතිනම් විතරයි.

Tuesday, October 16, 2012

ඔයා හොයන නොම්මර 1 Virus Guard එක Avast වනු නිසැකයි.




පරිගනක වයිරස් කිව්වම ඉතින් ලෝක ප්‍රශ්නයක් තමයි. නමුත් ගොඩදෙනෙක් මේ වයිරස මට්ටු  කරන්න ගිහින් නොසිතූ විරූ ආකාරයට තමාගේ පරිගනකය හොදටොම slow කර ගන්නවා. ඒ මොකක් නිසාවත් නෙමේ, සමහර Antivirus දාගෙන.

සමහරු antivirus එකක් දාන්නේ තමාගේ පරිගනකය ඊට සුදුසුද කියල බලලත් නෙමේ.මම හොදට දැකල තියෙනවා එක් අයෙක් තමාහේ PIII පරිගනකයට (933 Mhz) එකකට Kaspersky 2010 දාගෙන ඩෙගා නටනව :-O .   සමහර අය දැම්මට කිසි නඩත්තුවක් දෙන්නෙ නැහැ. සමහරු antivirus එකක් තම පරිගනකයට install කර ගන්නේ ආසාදනය වෙලා Windows මැරෙන්න  ඔන්න මෙන්න තියෙන පරිගනක වලට. අනේ! අපොයි මම මෙහෙමත් එව කොච්චර නම් දැකල තියෙනවද.. :-)
 ලංකාවෙ ගොඩදෙනෙක් Kaspersky පිලිබද ලොකු විශ්වාසයක් තියාගෙන ඉන්නවා. Kaspersky ඇත්තටම හොද Virus Gard එකක්. නමුත් මම පොදුවෙ මෙහි අඩුපාඩු කිහිපයක් දකිනවා. ඒ නිසා මම පෞද්ගලිකව කැස්පට ආසනෑ. එතැනිනුත් මම ගොඩාක්ම අකමැති මෙයාගෙ Update එක මාර ලොකුයි. සාමාන්යයෙන් Installation file එකට වඩා Update එක ලොකු වෙනවා. මේක අපේ වගේ රටවල් වලට කොහෙත්ම හිතකර තත්වයක් නෙමේ. සතේ සතේ එකතුකරල යන්තන් Reload එකක් දාගෙන 100mb විතර පැකේජ් එකක් active කරගෙන අන්තර්ජාලයේ සිරිනරබන්න යන කට්ටියට පසේ බුදුවරුන්ගෙම පිහිටයි. ඩොග වදින්න විතරයි ඕනේ. සේසතම ඉවර්යි. එකය් මම විශේෂයෙන්ම මෙ කැස්පට කැමති නැත්තේ. මොකද අපි හොදට සල්ලි බාගෙ තියෙන අය නෙමේ.. මම කිව්ව කතාව එතරම්ම ගැටලුවක් නොවන අය කිසි අව්ලක් නෑ දා ගන්න.

අතිත් ගැටලුව තමයි virus G. install කලාම පරිගනකය ගොඩක් slow වෙන එක. මම මේ කියන්නේ බොහෝ antivirus Gard අපිට virus එකකටත් වඩා  වද දෙනවා. සමහර විට computer එකට ලොකු බල පෑමක් එල්ල කරන්නේ virus එක නෙමේ. එක අල්ලන්න දාපු ගාඩ් එක. ඉතින් ගාඩ් එකෙන් වද දෙන කොට සමහර අයට හිතෙනව ගාඩ් එකක් දැම්මට වඩා හොදා නිකන් හිටියනම් කියල.
නමුත් පොදුවේ මම kaspersky වල දකින උතුම් ගුනාංගයකුත් තියෙනවා. හැම විටම අපි එක දේක නරක පැත්ත දකින්න හොද නෑනේ. සමහර වෙලාවට මෙයා virus මගින් ලෙඩ දුන්නු EXE file පිරිසිදු කරල ඒ file එක සුමගට ගන්නට පුලුවන් අපූරු හැකියාවක් Kaspersky ට තියෙනවා. දැන් ඔයාල බලයි මෙයා Avast ගැන කියන්න ඇවිත් මොකාටද මෙ එන්නේ කියල. හරි හරි කියන්නම් කියන්නම් ...

මම Avast භාවිතා කරන්නේ 2008 විතර ඉදන්. අද වෙනකම් Avast මගේ විශ්වාසය කඩල නෑ කිසිම දවසක. Virus එකක් අදුනා ගත්තු ගමන් කාන්තා කටහඩකින් ඒ පිලිබදව මනාව දැනුම් දීමක් කරනු ලැබනවා.  මුල් කාලයේ version එක වගේ නෙමේ. මම මේ වන විට භාවිතා කරන්නේ 7වෙනි සංස් කරනය. නමුත් avast වල ආරම්බය 1988 තරම් දිගු ඉතිහාසයකට දිව යනවා. 2011 වන විටත් මිලියන 165 කට වඩා වැඩි පිරිසක් භාවිතා කරන්නේ Avast බව සමහර විට ඔයාල දන්නේ නැතුව ඇති.මේ වන විට 161,704,839 වැනි Device ප්‍රමානයක් avast ගේ රැක වරනය යටතේ සිටිනවා.


ඒ වගේම තමා ඔයා Avast ඔයාලගේ පරිගනකයට install කලාට පස්සේ ඔයාල ඉන්ටෙර්නෙට් යන WEB Browser එකට Avast Plugin එකක් Install වෙනවා නිකන්ම. ඒ අතරේ පරිගනකයට Google Chrome Web Browser එකත් ඉබේම ස්තාපිත කරන්නේ ඔයාගේ ආරක්ෂාවට. Avast තියෙන පරිගනකයකින් Net යන්න පොඩ්ඩක්වත් බය වෙන්න එපා. හදුනා ගත් ව‍යාදිජනක web Sites 100,333,575 තරම් දැවැන්ත ප්‍රමානයක් Avast මගින් අවහිර කරනවා. වෙබ් අඩවියකට යෑමට පෙර එහි ගුනාත්මක බවේ තක්සේරුවක්ද Avast මගින් ලබා දෙනවා. එම වෙබ් අඩවිය අසභ‍ය එකක්ද නැත්නම් මදයසාර දර්ශන සහිත එකක්ද ආදී එහි ගුනාත්මක බව ඇතුල්වීමට පෙර ඔයාට දැක ගන්න පුලුවන්.


තවත් අපූරු දෙයක් තමා Team viewer ට සමාන දුරස්තව තවත් පරිගනකයක් ආරක්දිතව පාලනය කිරීමට Avast වල අන්තර්ගත Remote Assictenss කියනා සේවාව මගින් කල හැකි වීම.
 හරියටම ශුවර් නැති Software එකක් Run කරන්නට පෙර එක Avast මගින් මැදිහත් වී Open කිරීමක් Auto Sandbox මගින් කරනු ලබයි.

Keybloger වැඩසටහන්ද මේමගින් පහසුවෙන් හදුනා ගන්නට පුලුවන් කමක් තියෙනවා.
ඉතාමත් වැදගත් දෙයක් තමා Avast Android දුරකතන වලටත් සහය දක්වන ආකාරයටත් නිමවා තිබීම.
 ඔයාගේ Android Smart Phone එක කවෘ හරි ඉස්සුවොත් ඔයා Avast Phone එකට දාල තිබ්බොත් හරියටම හොරා ඉන්න තැන Map එකකින් බලා ගන්න පුලුවන්.

කොහොමද වැඩේ. තවත් වඩ කිඩ ගොඩක් මෙයාට කරන්න පුලුවන්. ඔය පහලින් දාලා තියෙන්නේ Avast Mobile Security ගැන පොඩි Video පාරක්.

ඔයාලට මේ ලිපිය වැදගත් වගේ පෙනවනම් මට නොවරදවාම Comment එකක් දාන්න අමතක කරන්න එපා හොදේ. ඒකෙන් මම තවත් දිරිමත් වෙනව විතරක් නෙමේ මගේ අඩු පාඩුවක් තියෙනවනම් හදා ගැනීමක් වෙනවා.

Thursday, October 4, 2012

VB ටිකක් Speed කරමුද


හොදා මගෙ යාලුවොන්ට ගොඩාක් කලෙකින් වීබී පාඩමක් කියා දෙන්නෙ බැරි උනා. එකට තරහ වෙන්න එපා. මට හිතුනා මෙ විදියට අපේ කට්ටියට වීබී උගන්වල වැඩක් නෑ කියල. මමත් මුලුන් හිතුවෙ වීබී මුල සිටම උගන් වන්න. නමුත් මම මෙ දාපු ලිපිත් එක්ක බලන කොට වීබී දන්නෙ නැති කෙනෙක්ට යම් අවබෝදයක් ලබා ගන්න පුලුවන් කියල මම හිතනවා. ඉතුරු ටිල ඔයාලගෙ අතේ තමා තියෙන්නේ. අද අන්තර්ජාලය ගත්තාම යම්තාක් දුරට සින්හලෙන් වීබී  මූලික පාඩම් හොදට ආවරනය කරපු අපේ සහෝදරයන් සිටිනවා. ඉතින් වීබී පිලිබදව හොදට මූලික කොටස් අල්ලා ගන්න ඔයාලට නිකන් ඉන්න ගමන් Google වල සිංහලෙන් වීබී මුල සිට කියා යෙදුමක් යෙදූ විට පහසුවෙන් සොයා ගන්න පුලුවන්.

නමුත් ඔයාල ඕනෑම වෙලාවක වීබී පිලිබදව ගැටලුවක් පැන නැගුනොත් මට ලියන්න. මම අනිවාර්යයෙන් ඒ ගැටලුවට පිලිතුරක් සහිත ලිපියක් පල කරන්න සූදානම්. අවශ‍ය නම් දුරකතනයෙන් උනත් සහය වෙන්න කැමතියි. ඒ ප්‍රසිද්ධියක් ගන්න නෙමේ. මට ඕනේ හැම විටම මම දන්න දෙයක් තියෙනවනම් ඔයාලට කියා දෙන එක.නමුත් ඉතින් දන්නවනෙ. දුරකතන අංකය එක වර ප්‍රසිද්ද කලොත් එක privet bus වලයි මහජනයා නිතරම ගැවසෙන ස්තාන වලයි ලියවෙයි. මම දන්නෙ නැද්ද අපේ සම "හරක්" ගේ වැඩ. විශේෂයෙන්ම මම මෙ කියන්නේ අ.පො.ස සා.පේ IT ලියන කට්ටියට. බොහෝ පාසැල් වල මම දන්නා තරමින් VB පිලිබදව පාඩමක් උගන්වන්නට ගුරුවරුන්ටත් බැහැ. අනේ එහෙම කිව්වට මාගෙත් එක්ක තරහා වෙන්න එපා. අඩුපාඩුවක් තියෙනවනම් හදාගන්න එක කොච්චරනම් වටිනවද. සමහර විට මේ වෙනකොට මෙ ලිපිය කියවන්නේ අපේ රත්තරන් ගුරුවරයෙක් වෙන්න පුලුවන්. ඔය ඕන කෙනෙක්ට මම විවුර්තව ආරාදනා කරනව අද සිට වීබී වල ඔබ මෙතෙක් නොදුටු හපන්කම් පෙන්නන්නට.තාක්ශනය දැන් ගොඩක් දියුනුවෙලා. එදා තනි computer එකක වැඩසටහනක් දුවල වැඩකලාට අද එහෙම නෑනේ. ජාලගතව ක්‍රීයාත්මක වෙන සමූහ මෘදුකාංගවලට ලොකු වටිනා කමක් තියෙනව. Skype ඊට හොද උදා හරනයක්. වැඩි කතා ඕනේ නෑ. ඉස්සරහට එන පාඩම් ඔක්කොම ලංකාවෙ කිසිම වෙබ් අඩවියක නැති ඉතා දුර්ලභ පාඩම් වනවා නිසැකයි.




Thursday, September 27, 2012

Torrent හි බලය IDM එකට පවරමුද.


පේ කස්ටිය ඉතින් film බාන්න, ලොකු ලොකු Software බාන්න හොයා ගන්න අපහසු files බාගන්න බහුලව භාවිතා කරන්නෙ ඉතින් torrent නෙ. torrent හොදා, නමුති ඉතින් ඔකෙ ඉන්න Trackers ලයි seeds ලයි එක්ක හැප්පෙන්න ගියාම file එක භාගන්න කාලේ හරියට කියන්න සක්කරයට වත් බැහැ. ඒක නිසා තමා මම මේ ලිපිය දාන්න හිතුවෙ. අපි හැමෝම දන්නා අදුනන IDM නැත්නම් Internet Downloader Manager මෘදුකාංගය භාවිතා කරල torrent භා ගන්න පුලුවන් කියල ඔයාල ජීවිතේටවත් හිතුවද ? ? .. එහෙම ක්‍රමයක් තියෙනව..

හොදා අපි බලමු මේක කරන්නෙ කොහොමද කියලා.
…ඉස්සෙල්ලාම ඔයාල ඔයාලට ඔන torrent file එක download කර ගන්න. ඔක download කරගන්න ඉතින් IDM ඔනෙ නැහැනේ.



ඔය මම උඩින් දාල තියෙන්නේ මම torrent file එක download කරපු පියවරවල් ටික. දන්නෙම නැති කෙනෙක්ට උනත් තෙරුම් ගන්න එක්ක.


ඉතින් මම file එක හොයා ගන්න ලේසි වෙන්නත් එක්ක desktop එකටම copy කරා. හොදා දැන් ඔයාල http://zbigz.com/  කියන වෙබ් අඩවියට ගිහින් අලුත් account එකක් හදා ගන්න. ඔය මම කහ පාටින් කොටු කරලා තියෙන්නේ. අන්න එතැනින්. ඊට පස්සෙ මම ඔය රතුපාටින් ඊතලයක් දාලා තියෙන තැනින් ඔයාලගෙ torrent file එක browse කරල දෙන්න.

කොහොමත් මෙතැනින් එහාට මහා වැඩක් නැහැ. ටිකක් වෙලා ඔනෙ නම් බලන් ඉන්න වෙවි අදාල file එක cach කරනකන්. ඊට පස්සේ කෙලින්ම download කරන link එක directly දෙනව. IDM එක install කරල තිබ්බොත් ගිනි කසය වගේ භාගන්න පුලුවන්, අයේ ලොවෙත් නැ කියල .. :))

තාම Windows 7 න් Genuine කලේ නැද්ද

අපේ මචන්ලා 90% ක් ම වගේ පාවිචි කරන්නේ හොර windows කොපිනේ.. XP නම් ඉතින් වැඩියෙ කරදරයක් නැති උනාට Windows 7 නම් හරිම දගයි. හෙන ගේමක් දෙන්න ඔනෙ Active කර ගන්න. ඉතින් මමත් windows 7 Genuine කර ගන්න ක්‍රම හොයද්දි තමා පුන්චි පහේ software එකක් හම්බුනේ. සමහර විට ඔයාලත් දැකල ඇති. ඔය පහලින් දාල තියෙන්නේ එකේ Image එකක්. ඔනෙනම් Download කරගන්න. ඔතන මම link එක දැම්ම.

 මෙතනින් ගන්න : http://www.mediafire.com/?63yca5rqpwyu76y

ඉතින් මම ඔකෙන් Desktop PC ගොඩක් Genuine කලා. ඉතින් මමත් හිතුව සෙවන් genuine කරන්න මීට වඩා ජගතෙක් නැ කියල. නමුත් මම වැරදියි. දවසක් ලැපක් උස්සන් ආපු මල්ලි කෙනෙක්ක්ට සෙවන් genuine කරන්න මේකට බැරි උනා. බැරිම තැන මම නෙට් එක පීරල පීරල භාන්ඩෙ හොයා ගත්තා. මම කියන්නෙ නැහැ ඔයාලට මේක download කරන්න කියල.  නමුත් windows 7 genuine කරගන්න තාමත් බැරුව desktop එක කලුකරගෙන ඉන්න අපේ මචන්ලා මේක try කරල බලන්න. මම මේව virus click කරල තමා Upload කරන්නේ. ඒ නිසා පොඩ්ඩක් වත් බය වෙන්න එපා. ප්‍රශ්නයක් උනොත් මට කියන්න. මම දුරකතනයෙන් උනත් ඔන කෙනෙකුට උපදෙස් දෙන්න සූදානම්.

මචන්ලා මතක ඇතුව comment එකක් දා ගෙන යන්න. අව්ලක් ගියොත් ලියන්න.