Sunday, December 4, 2011


ජංගම දුරකතනයකින් සිංහල වෙබ් පිටු අතර සැරිසරමු.

තමන්ගෙම මව් බසින් අන්තර්ජාලය පමනක් නොව පරිගනකය පවා පරිහරනය කල හැකිනම් කොතරම් පහසුවක්ද. කඩ්ඩෙන් දෙක තුන දුන්නත් අනේ! බොක්කට හොදට වදින්නේ සිංහලනෙ. මටත් මෙ ගැටලුව ගොඩ කාලෙක ඉදන් තියෙන්නේ. ඉතින් මම මේ ගැන ටිකක් බැහැල හොයද්දී තමා මේක දැක්කේ.
සිංහ UNICODE සහිත වෙබ් අඩවියකට ඔයා ඇතුලු උනොත් පහසුවෙන්ම සිංහල අකුරු දැක බලා ගැනීමට පුලුවන්. ඉස්පිලි පාපිලි නම් ටිකක් මොංගල් විදියට පෙනුනත් කියවන්න නම් පුලුවන්.
මෙකට ඉතින් ඉස්සෙල්ලම කරන්න ඔනේ Opera mini Mobile Application එක ඔයාගෙ Phone එකට Install කර ගන්න. මෙක Web Browser එකක්. www.operamini.com වෙබ් අඩවියෙන් බාගත කර ගන්න.




ඉහත පෙනෙනුයේ මගෙ දුරකතනයට Install කරල තියෙන Opera mini App එක.
මෙහි Address Bar එක තුල " config: " යනුවෙන් type කරන්න.


ඊට පස්සේ ඔන්න ඔය පහල තියෙන විදියට ඔයාලට දැක ගන්න පුලුවන්. එම පිටුවේ පහලටම යන විට Use bitmap font complex scripts යනුවෙන් සදහන් ඇති තැනක් හමුවේ. එහි ඉස්සරහ " No " යනුවෙන් සදහන්ව ඇත. එයට " Yes " යනුවෙන් ලභාදෙන්න. ඉන්පසුව පහල වම් පැත්තේ තියේවි Save යනුවෙන් බොත්තමක්. එය ක්රියත්මක කරන්න


 දැන් Back යන්න. බලන්න සිංහල වෙබ් පිටුවකට ගිහින්. ඔන්න ඉතින් මාත් ඉස්සෙල්ලාම
මගෙ Blog අඩවියට ඇතුලු උනා. ඔය පහල තියෙන්නේ අපූරුවට. ඉතින් යද්දී Comment එකකුත් දාගෙනම යන්න. ඒක මට සෑහෙන්න වටිනවා.



පහසුවෙන් CD Burn කරන්න ASHAMPOO BURNING STUDIO

ඔන්න ඉස්සර නම් අපිට CD Burn කරන්න තිබ්බේ Nero. දැන් මම කියන Software එක ඔයාල එක පාරක් භාවිතා කරොත් ඔයාලා අයෙ කවදාකවත්Nero භාවිතාකරන එකක් නැහැ. ASHAMPOO BURNING STUDIOමෘදුකාංගය 80MB විතර වෙනවා. සාමාන්යයෙන් Nero ගෙත් 500MB ඉක්මවා යනවා.නමුත්  ASHAMPOO BURNING STUDIO ගත්විට Nero ගෙන් කරන්න පුලුවන් හැමදෙයක්ම මෙයාටත් කරන්න පුලුවන්. විශේෂයෙන්මBlu-ray Disc පවාBurn කරන්න මෙයාට පුලුවන්. ඔයාලට ඕනෑ කරන ගීත,වීඩියෝ හා පිංතූර ඉතා පහසුවෙන් කරගන්න ඔයාලට පුලුවන්.System Backup හදා ගන්න Covers සහ Labels නිර්මානය කරන්න Audio Rip කරන්න Disc Image හදා ගන්න, Burn කරන්න මේ මෘදුකාංගයට හැකියාවක් තියෙනවා. ඊට අමතරව ඉතා සිත් ඇද ගන්නා ආකාරයට මෙහි Animation යොදා තිබීමද දැකිය හැක.

ලියන වචනය කතා කරවන Nanospeak 2011
Nanospeak 2011 කියන්නේ පුංචි Tool එකක්. මෙහි ඔයාල ඉංග්රීසියෙන් වගන්ති පෙලක් ලබා දුන් පසු ඒවා ඉතාම සුපැහැදිලි ආකාරයට උච්චාරනය කරනවා. මීට අමතරව ඔයාල දුන් වගන්ති පෙල තවත් භාෂා 11 කට පරිවර්තනය කිරීමේ හැකියාවකුත් මෙය සතුයි.
  1. Danish
  2. Dutch
  3. English
  4. Finnish
  5. French
  6. German
  7. Italian
  8. Polish
  9. Portuguese
  10. Spanish
  11. Swedish
මෙය ක්රියාත්මක වීමට අවශ් අවම පහසුකම වන්නේ පරිගනකය අන්තර්ජාලය සමග සම්බන්ද කර තබීමය. ඔයාලත් මේක Download කරන් මේකේ හොද නරක අපිට දන්වල එවන්න කියල මම බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා.